කොදෙව් කාන්තාවෝත් අවසන් තරගයට එති

විස්සයි20 කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් නවසීලන්තය පරදවා ලකුණු 6 ක තියුණු ජයක් අත්කරගත් බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩිකාවෝ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

 


ජයග‍්‍රහණය සඳහා ලකුණු 144 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැුස්කරගත හැකිවූයේ ලකුණු 137 ක් පමණි. නවසීලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණිය වූ සාරා මැක්ග්ලේෂන් පන්දු 30 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 38 ක් රැස්කළාය.


සොෆී ඬේවින් පන්දු 14 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 22 ක් සහ ඇමී ස්ටර්ත්වෙයිට් පන්දු 29 කදී හතරේ පහරක් සමගින් ලකුණු 24 ක් බැගින් රැුස්කිරීමට සමත් වුවද, ඔවුන්ට නවසීලන්ත කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැුගෙන යෑමට නොහැකි විය.


කොදෙව් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ස්ටෙෆ්නි ටේලර්  ඕවර 4 ක් යවා ලකුණු 26 කට කඩුලූ 3 ක් දවාගත්තාය.


පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරභයක නිරත වූ බි‍්‍රට්නි කූපර් පන්දු 48 කදී ලකුණු 61 ක් රැුස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.


නායිකා ස්ටෙෆ්නි ටේලර් (25* සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බි‍්‍රට්නි කූපර්, ඞීන්ඩ‍්‍රා ඩොටින් (20* සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් කොදෙව් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවාය.


 ඕවර 4 ක් යවා ලකුණු 22 කට කඩුලූ 4 ක් දවාගත් සොෆී ඬේවින් නවසීලන්ත කණඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූවාය.


බටහිර ඉන්දීය කොදෙව් පිල –  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 143
(හේලි මැතිව්ස් 16, ස්ටෙෆ්නි ටේලර් 25, බි‍්‍රට්නි කූපර් 61, ඞීන්ඩ‍්‍රා ඩොටින් 20, සොෆී ඬේවින් 22/4)


නවසීලන්ත පිල –  ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 137
(සොෆී ඬේවින් 22, සාරා මැක්ග්ලේෂන් 38, ඇමී සටර්ත්වෙයිට් 24, ස්ටෙෆ්නි ටේලර් 26/3)

-036

 

මහේල ජයවර්ධන

”ලෝකයේ ඉතාමත් සාර්ථක කී‍්‍රඩකයන් ගෙන්වා ගැනීමේ සම්ප‍්‍රදායක් සමර්සෙට් කී‍්‍රඩා සමාජයට තියෙනවා. ඒ විශිෂ්ටයන්ගේ ලයිස්තුවට එක්වීමට මාත් කළ හැකි හැම දේම කරනවා”

 

- සමර්සෙට් පිලට එක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන්

 

මහේල සමර්සෙට් පිලට එක්වෙයි

ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන එංගලන්්තයේ විස්සයි:20 තරගාවලිය වෙනුවෙන් සමර්සෙට් පිලට එක්වීමට ගිවිසුම් අත්සන් කර තිබේ. මෙවර එංගලන්ත ගිම්හානයේදී පැවැත්වෙන විස්සයි:20 තරග 14 න් 12 කට මහේල ජයවර්ධන කී‍්‍රඩා කිරීමට නියමිතය.


මහේල සමග සමර්සෙට් පිලට එක්වීමට කොදෙව් පිලේ ආරම්භක පිතිකරු කි‍්‍රස් ගේල්ද එකග වී තිබේ.
මහේල මේ වන විට එංගලන්ත පිලේ පිතිහරඹ උපදේශකවරයා ලෙසින් කටයුතු කරමින් සිටී.


”ඒ වගේ පළපුරුද්දක් තියෙන විශිෂ්ට කී‍්‍රඩකයෙක් ඉන්නකොට හැකිි ඉක්මනින් එයාව අපි අතට ගන්න  ඕනෑ” යයි සමර්සෙට් පිලේ අධ්‍යක්‍ෂ මැතිව් මේනාර්ඞ් සමර්සෙට් කි‍්‍රකට් සමාජයේ නිල වෙඞ් අඩවියට පවසා තිබිණ.


”කිසිම සැකයක් නෑ. මහේල කියන්නේ අති විශිෂ්ට කී‍්‍රඩකයෙක්. ඔහු පිටියේ හතර වටෙන්ම ලකුණු ලබාගන්නවා….ඒ වගේම  ඔහු නියම වෘත්තිකයෙක්. ඒ නිසා පිටියේදී වගේම ඉන් පිටතදීත් ඔහු අපේ කී‍්‍රඩකයන්ට ඉතාමත් හොඳ උත්තේජනයක් වේවි” යයිද මැතිව් මේනාර්ඞ් පවසා තිබේ.


ටෙස්ට් සහ එක්දින ලකුණු 12,000 ක් ඉක්මවා රැුස්කරගෙන ඇති මහේල ජයවර්ධන, විස්සයි:20 අන්තර්ජාතික තරග 55 කදී ලකුණු 1493 ක් ලබා ඇත.


”ලෝකයේ ඉතාමත් සාර්ථක කී‍්‍රඩකයන් ගෙන්වා ගැනීමේ සම්ප‍්‍රදායක් සමර්සෙට් කී‍්‍රඩා සමාජයට තියෙනවා. ඒ විශිෂ්ටයන්ගේ ලයිස්තුවට එක්වීමට මාත් කළ හැකි හැම දේම කරනවා” යයි මහේල ජයවර්ධන පවසා තිබිණ.


බටහිර ඉන්දීය පිලේ සිටි අති විශිෂ්ට පිතිකරුවකු වූ ශී‍්‍රමත් විවියන් රිචඞ්ස් මෙන්ම එංගලන්තයෙන් බිහිවූ අති විශිෂ්ට තු-න් ඉරියව් කී‍්‍රඩකයකු වන ඉයන් බොතම් කී‍්‍රඩා කළේත් සමර්සෙට්  පිලටය.


විස්සයි:20 ලෝක කුසලාන තරග වලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කිරිමේ ලෝක වාර්තාව උසුලන්නේද මහේලය. ඒ තරග 31 කදී ලකුණු 1016 ක් රැස්කරමිනි.

 

ඉන්දියාව පරදා කොදෙව්වෝ අවසන් තරගයට

කඩුලු 7 කින් ඉන්දීයව පරාජය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගනී.

 

පන්දු 51 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලෙන්ඩ්ල් සිමන්ස් නොදැවී ලකුණු 81 ක් රැස්කළ අතර පන්දු 20 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ඇන්ඩ්‍රි රසල් නොදැවී ලකුණු 43 ක් රැස්කළේය.

 

ඕවර 19 කදී 196/3 - විරාට් කෝලිගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට හතරේ පහරක් සහ සිව්වැනි පන්දුවට හයේ පහරක් ගැසූ ඇන්ඩ්‍රි රසල් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යයි.

 

20 වැනි ඕවරය යැවීම සඳහා විරාට් කෝලි කැඳවයි.

 

තරගය ජයගැනීම සඳහා කොදෙව් පිල පන්දු 6 කදී තවත් ලකුණු 8 ක් රැස්කළ යුතුය.

 

ඕවර 19 කදී 185/3 - රවින්ද්‍ර ජදේජාගේ අවසන් ඕවරයේ පස්වැනි පන්දුවට හයේ පහරක් ගැසූ ඇන්ඩ්‍රි රසල්ගෙන් අවසන් පන්දුවට හතරේ පහරක්.

 

19 වැනි වැනි ඕවරය යැවීම සඳහා රවින්ද්‍ර ජදේජා කැඳවයි.

 

තරගය ජයගැනීම සඳහා කොදෙව් පිල පන්දු 12 කදී තවත් ලකුණු 20 ක් රැස්කළ යුතුය.

 

ඕවර 18 කදී 173/3 - ජස්ප්‍රිත් බුම්රාගේ අවසන් ඕවරයේ සිව්වැනි පන්දුවට හයේ පහරක් ගැසූ ලෙන්ඩ්ල් සිමන්ස්ගෙන් අවසන් පන්දුවට හතරේ පහරක්.

 

තරගය ජයගැනීම සඳහා කොදෙව් පිල පන්දු 18 කදී තවත් ලකුණු 32 ක් රැස්කළ යුතුය.

 

ඕවර 17 කදී 161/3 - අශීෂ් නේරාගේ තෙවැනි ඕවරයේ සිව්වැනි පන්දුවට ඇන්ඩ්‍රි රසල්ගෙන් හයේ පහරක්.

 

17 වැනි වැනි ඕවරය යැවීම සඳහා අශීෂ් නේරා කැඳවයි.

 

ඕවර 16 කදී 151/3 - ජස්ප්‍රිත් බුම්රාගේ තෙවැනි ඕවරයේ  තෙවැනි පන්දුවට හතරේ පහරක් ගැසූ ලෙන්ඩ්ල් සිමන්ස්ගෙන් අවසන් පන්දුවට හයේ පහරක්.

 

16 වැනි වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රිත් බුම්රා කැඳවයි.

 

ඕවර 15 කදී 138/3 - හර්දීක් පාණ්ඩ්‍යාගේ අවසන් ඕවරයේදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 18 ක් රැස්කිරීමට ඇන්ඩ්‍රි රසල් සහ ලෙන්ඩ්ල් සිමන්ස් සමත් වෙති.

 

15 වැනි වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා කැඳවයි.

 

ලෙන්ඩ්ල් සිමන්ස් පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

 

ඕවර 14 කදී 120/3 - විරාට් කෝලිගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි.

 

පන්දුවට පහරදීමට පැමිණි නවක පිතිකරුවා ඇන්ඩ්‍රි රසල්.

 

ඕවර 13.1 කදී 116/3 – විරාට් කෝලිගේ පන්දුවක් හමුවේ රෝහිත් ශර්මා අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 52 ක් ලබා සිටි ජොන්සන් චාල්ස් දැවී යයි.

 

14 වැනි ඕවරය යැවීම සඳහා මඳ වේග පන්දු යවන ක්‍රීඩක විරාට් කෝලි කැඳවයි.

 

ඕවර 13 කදී 116/2 - රවින්ද්‍ර ජදේජාගේ තෙවැනි ඕවරයේ තෙවැනි සහ අවසන් පන්දු වලට ලෙන්ඩ්ල් සිමන්ස්ගෙන් හතරේ පහර 2 ක්.

 

ජොන්සන් චාල්ස් පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

 

ඕවර 12 කදී 104/2 - හර්දීක් පාණ්ඩ්‍යාගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ජොන්සන් චාල්ස්ගෙන් හතරේ පහරක්.

 

ඕවර 11 කදී 97/2 - රවින්ද්‍ර ජදේජාගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවට හයේ පහරක් ගැසූ ලෙන්ඩ්ල් සිමන්ස්ගෙන් තෙවැනි පන්දුවට හතරේ පහරක්.

 

11 වැනි වැනි ඕවරය යැවීම සඳහා රවින්ද්‍ර ජදේජා කැඳවයි.

 

ඕවර 10 කදී 84/2 - හර්දීක් පාණ්ඩ්‍යාගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට හයේ පහරක් ගැසූ ජොන්සන් චාල්ස්ගෙන් තෙවැනි පන්දුවට හතරේ පහරක්.

 

ඕවර 9 කදී 72/2 - රවිචන්ද්‍රන් අෂ්වින්ගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවට හයේ පහරක් ගැසූ ජොන්සන් චාල්ස්ගෙන් තෙවැනි පන්දුවට හතරේ පහරක්.

 

ඕවර 8 කදී 59/2 - හර්දීක් පාණ්ඩ්‍යාගේ පළමු ඕවරයේ පස්වැනි පන්දුවට ජොන්සන් චාල්ස්ගෙන් හතරේ පහරක්.

 

අටවැනි වැනි ඕවරය යැවීම සඳහා මඳ වේග පන්දුයවන ක්‍රීඩක හර්දීක් පාණ්ඩ්‍යා කැඳවයි.

 

ඕවර 7 කදී 51/2 - රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවට ලෙන්ඩ්ල් සිමන්ස්ගෙන් හතරේ පහරක්.

 

හත්වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දුයවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අෂ්වින් කැඳවයි.

 

ඕවර 6 කදී 44/2 - රවින්ද්‍ර ජදේජාගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවට ලෙන්ඩ්ල් සිමන්ස්ගෙන් හයේ පහරක්.

 

හයවැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දුයවන ක්‍රීඩක රවින්ද්‍ර ජදේජා කැඳවයි.

 

ඕවර 5 කදී 32/2 - අශීෂ් නේරාගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ලෙන්ඩ්ල් සිමන්ස්ගෙන් හතරේ පහරක්.

 

ඕවර 4 කදී 28/2 - ජස්ප්‍රීත් බුම්රාගේ දෙවැනි ඕවරයේ පළමු සහ දෙවැනි පන්දු වලට ජොන්සන් චාල්ස්ගෙන් හතරේ පහර 2 ක්.

 

පන්දුවට පහරදීමට පැමිණි නවක පිතිකරුවා ලෙන්ඩ්ල් සිමන්ස්.

 

ඕවර 3 කදී 19/2 – අශ්ෂ් නේරාගේ පන්දුවක් හමුවේ අජින්ක්‍යා රහනේ අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 8 ක් ලබා සිටි මාලන් සැමුවෙල්ස් දැවී යයි.

 

ඕවර 2 කදී 14/1 - ජස්ප්‍රීත් බුම්රාගේ පළමු ඕවරයේ තෙවැනි සහ අවසන් පන්දු වලට මාලන් සැමුවෙල්ස්ගෙන් හතරේ පහර 2 ක්.

 

පන්දුවට පහරදීමට පැමිණි නවක පිතිකරුවා මාලන් සැමුවෙල්ස්.

 

ඕවර 1.1 කදී 6/1 – ජස්ප්‍රීත් බුම්රාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ලකුණු 5 ක් ලබා සිටි ක්‍රිස් ගේල් දැවී යයි.

 

දෙවැනි ඕවරය යැවීම සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීත් බුම්රා කැඳවයි.

 

ඕවර 1 කදී 6/0 - අශීෂ් නේරාගේ පළමු ඕවරයේ පස්වැනි පන්දුවට ක්‍රිස් ගේල්ගෙන් හතරේ පහරක්.

 

පළමු ඕවරය යැවීම සඳහා වේග පන්දු යවන ක්‍රීඩක අශීෂ් නේරා කැඳවයි.

 

කොදෙව් ඉනිම ඇරඹීම සඳහා ක්‍රිස් ගේල් සහ ජොන්සන් චාල්ස් පිටියට පිවිසෙති.

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 193 ක් රැස්කළ යුතුය.

 

පන්දු 47 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 89 ක් රැස්කිරීමට විරාට් කෝලි සමත් වෙයි.

 

ඕවර 20 කදී 192/2 - ඩ්වේන් බ්‍රාවෝගේ අවසන් ඕවරයේ පස්වැනි පන්දුවට විරාට් කෝලිගෙන් හතරේ පහරක්.

 

ඕවර 19 කදී 180/2 - ඇන්ඩ්‍රි රසල්ගේ අවසන් ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 19 ක් රැස්කිරීමට විරාට් කෝලිගෙන් සමත් වෙයි.

 

19 වැනි ඕවරය යැවීම සඳහා ඇන්ඩ්‍රි රසල් කැඳවයි.

 

ඕවර 18 කදී 161/2 - ඩ්වේන් බ්‍රාවෝගේ තෙවැනි ඕවරයේ සිව්වැනි සහ අවසන් පන්දු වලට විරාට් කෝලිගෙන් හතරේ පහර 2 ක්.

 

18 වැනි ඕවරය යැවීම සඳහා ඩ්වේන් බ්‍රාවෝ කැඳවයි.

 

විරාට් කෝලි පන්දු 33 කදී හතරේ පහර 6 ක් සමගින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

 

ඕවර 17 කදී 150/2 - කාර්ලෝස් බ්‍රැත්වෙයිට්ගේ අවසන් ඕවරයේ පළමු පන්දුවට මහේන්ද්‍ර සිං දෝනිගෙන් හතරේ පහරක්. සිව්වැනි සහ අවසන් පන්දු වලට විරාට් කෝලිගෙන් හතරේ පහර 2 ක්.

 

ඕවර 16 කදී 133/2 - ඇන්ඩ්‍රි රසල්ගේ තෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

 

පන්දුවට පහරදීමට පැමිණි නවක පිතිකරුවා නායක මහේන්ද්‍ර සිං දෝනි.

 

ඕවර 15.3 කදී 127/2 – ඇන්ඩ්‍රි රසල්ගේ පන්දුවක් හමුවේ ඩ්වේන් බ්‍රාෙවා් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 40 ක් ලබා සිටි අජින්ක්‍යා රහනේ දැවී යයි.

 

16 වැනි ඕවරය යැවීම සඳහා ඇන්ඩ්‍රි රසල් කැඳවයි.

 

ඕවර 15 කදී 127/1 - කාර්ලෝස් බ්‍රැත්වෙයිට්ගේ තෙවැනි ඕවරයේ සිව්වැනි පන්දුවට විරාට් කෝලිගෙන් හතරේ පහරක්.

 

15 වැනි ඕවරය යැවීම සඳහා කාර්ලෝස් බ්‍රැත්වෙයිට් කැඳවයි.

 

සුලෙයිමන් බෙන්ගේ ඕවර 4 දී ලකුණු 36 කට කඩුලු නෑ. 

 

ඕවර 14 කදී 120/1 - සුලෙයිමන් බෙන්ගේ අවසන් ඕවරයේ පළමු පන්දුවට විරාට් කෝලිගෙන් හතරේ පහරක්.

 

ඕවර 13 කදී 109/1 - ඩ්වේන් බ්‍රෙවා්ගේ දෙවැනි ඕවරයේ සිව්වැනි පන්දුවට විරාට් කෝලිගෙන් හතරේ පහරක්.

 

13 වැනි ඕවරය යැවීම සඳහා ඩ්වේන් බ්‍රෙවා් කැඳවයි.

 

ඕවර 12 කදී 98/1 - සුලෙයිමන් බෙන්ගේ තෙවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

 

12 වැනි ඕවරය යැවීම සඳහා සුලෙයිමන් බෙන් කැඳවයි.

 

ඕවර 11 කදී 91/1 - කාර්ලෝස් බ්‍රැත්වෙයිට්ගේ දෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

 

11 වැනි ඕවරය යැවීම සඳහා කාර්ලෝස් බ්‍රැත්වෙයිට් කැඳවයි.

 

සැමුවෙල් බද්රිගේ ඕවර 4 දී ලකුණු 26 කට කඩුලු 1 යි.

 

ඕවර 10 කදී 86/1 - සැමුවෙල් බද්රිගේ අවසන් ඕවරයේ පස්වැනි පන්දුවට අජින්ක්‍යා රහනේගෙන් හතරේ පහරක්.

 

ඕවර 9 කදී 76/1 - ඩ්වේන් බ්‍රාෙවා්ගේ පළමු ඕවරයේ පස්වැනි පන්දුවට විරාට් කෝලිගෙන් හතරේ පහරක්.

 

විරාට් කොලි දුවද්දී දවාගැනීමට තිබූ අවස්ථා 2 ක්ම කඩුලු රකින ක්‍රීඩක ඩිනේෂ් රැම්ඩින් අතින් ගිළිහී යයි.

 

නමවැනි ඕවරය යැවීම සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ඩ්වේන් බ්‍රාෙවා් කැඳවයි.

 

ඕවර 8 කදී 66/1 - සැමුවෙල් බද්රිගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

 

පන්දුවට පහරදීම සඳහා පැමිණි නවක පිතිකරුවා විරාට් කෝලි.

 

ඕවර 7.2 කදී 62/1 – සැමුවෙල් බද්රිගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ලකුණු 43 ක් ලබා සිටි රොහිත් ශර්මා දැවී යයි.

 

හත්වැනි ඕවරය යැවීම සඳහා සැමුවෙල් බද්රි කැඳවයි. 

 

ඕවර 7 කදී 62/0 - සුලෙයිමන් බෙන්ගේ දෙවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

 

හත්වැනි ඕවරය යැවීම සඳහා සුලෙයිමන් බෙන් කැඳවයි.

 

ඕවර 6 කදී 55/0 - ඇන්ඩ්‍රි රසල්ගේ දෙවැනි ඕවරයේදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 20 ක් රැස්කිරීමට රොහිත් ශර්මා සමත් වෙයි.

 

හයවැනි ඕවරය යැවීම සඳහා ඇන්ඩ්‍රි රසල් කැඳවයි.

 

ඕවර 5 කදී 35/0 - සැමුවෙල් බද්රිගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට අජින්ක්‍යා රහනේගෙන් හතරේ පහරක්.

 

පස්වැනි ඕවරය යැවීම සඳහා සැමුවෙල් බද්රි කැඳවයි.

 

ඕවර 4 කදී 26/0 - සුලෙයිමන් බෙන්ගේ පළමු ඕවරයේ සිව්වැනි සහ පස්වැනි පන්දු වලට රොහිත් ශර්මාගෙන් හතරේ පහර 2 ක්.

 

සිව්වැනි ඕවරය යැවීම සඳහා වමතින් පන්දු යවන ක්‍රීඩක සුලෙයිමන් බෙන් කැඳවයි.

 

ඕවර 3 කදී 15/0 – කාර්ලෝස් බ්‍රැත්වෙයිට්ගේ පළමු ඕවරයේ පළමු පන්දුවට රොහිත් ශර්මාගෙන් හයේ පහරක්.

 

තෙවැනි ඕවරය යැවීම සඳහා මඳ වේග පන්දු යවන ක්‍රීඩක කාර්ලෝස් බ්‍රැත්වෙයිට් කැඳවයි.

 

ඕවර 2 කදී 6/0 – සැමුවෙල් බද්රිගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි.

 

දෙවැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක සැමුවෙල් බද්රි කැඳවයි.

 

ඕවර 1 කදී 2/0 – ඇන්ඩ්‍රි රසල්ගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි.

 

පළමු ඕවරය යැවීම සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල් කැඳවයි.

 

ඉන්දීය ඉනිම ඇරඹීම සඳහා රොහිත් ශර්මා සහ අජින්ක්‍යා රහනේ පිටියට පිවිසෙති.

 

කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායමේ නායක ඩැරන් සැමී පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

 

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්.
 

සිමන්ස් අයි. පී. එල්. වාසිය ප‍්‍රයෝජනයට ගනී

අයි. පී. එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිලේ ආරම්භක පිතිකරුවා ලෙසින් කටයුතු කරන ලෙන්ඞ්ල් සිමන්ස්ගේ විශිෂ්ට පිතිහරඹය නිසා විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවට එරෙහිව කඩුලූ 7 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම්  ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය.

 

අවසන්  පූර්ව තරගය මුම්බායි නුවර වැන්කඬේ කී‍්‍රඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව අද (31 වැනිදා) පැවැත්විණ.

ලකුණු 193 ක ඉලක්කයක් කරා යාමට තිබියදී, කොදෙව් පිලේ විශාලතම බලාපොරොත්තු දෙක වූ කි‍්‍රස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් අපේක්‍ෂා කළාටත් කළින් දැවී ගිය නමුත් සටන්කාමී පිතිහරඹයක නිරතවූ ජොන්සන් චාල්ස්් සහ ලෙන්ඞ්ල් සිමන්ස් දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 66 කින් ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් පිල ජය මාවතට කැඳවාගෙන ආහ.

ලකුණු 116 දී විරාට් කෝලි යැවූ පළමු පන්දුවෙන්ම ජොන්සන් චාල්ස් දැවී ගිියද සිමන්ස්ට එක්වූ ඔන්ඩි‍්‍ර රසල් පන්දු 20 කදී ලකුණු 43 ක් ලබාගනිමින් තරගය අවසන් කළේ විරාට් කෝලිට ගැසූ දැවැන්ත හයේ පහරකිනි.

ඉන්දියාව
අජින්ක්‍යා රහනේ – ක.මු. කළා ප. බද්‍ර‍්‍රි 43
රෝහිත් ෂර්මා – ඇ. බ‍්‍රාවෝ ප. රසල් 40
විරාට් කෝලී – නොදැවී 89
මහේන්ද්‍ර සිං දෝනි – නොදැවී 15
අතිරේක (ව-2, පා-1, නි-2) 5
එකතුව ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී  192
කඩුලු වැටීම
1 – 62 (රෝහිත් ෂර්මා), 2 – 128 (අජින්ක්‍යා රහනේ)
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ
සුරේෂ් රයිනා, මනිෂ් පාන්ඩේ, හර්දීක් පාණ්ඩ්‍යා, රවින්ද්‍ර ජදේජා, රවිචන්ද්‍රන් අශ්වින්, අශීෂ් නේරා, ජස්පී‍්‍රට් බුම්රා.
පන්දු යැවීම
ඇන්ඩි‍්‍ර රසල් 4-0-47-1 ව-1, නි-1
සැමුවෙල් බද්‍ර‍්‍රි 4-0-26-1 ව-1
කාලෝස් බ‍්‍රැත්වයිට් 4-0-38-0  
සුලෙයිමෙන් බෙන් 4-0-36-0  
ඩිවේන් බ‍්‍රාවෝ 4-0-44-0 නි-1
බටහිර ඉන්දීය කොදෙව්
ජොන්සන් චාල්ස් – ඇ. ෂර්මා ප. කෝලී 52
ක‍්‍රිස් ගේල් – ප. බුම්රා 5
මාලන් සැමුවෙල්ස් – ඇ. රහනේ ප. නේරා 8
ලෙන්ඞ්ල් සිමන්ස් – නොදැවී 83
ඇන්ඩි‍්‍ර රසල් – නොදැවී 43
අතිරේක (පා-3, නි-2) 5
එකතුව ඕවර 18.5 කදී කඩුලු 4 ක් දැවී  196
කඩුලු වැටීම
1-6 (ක‍්‍රිස් ගේල්), 2-19 (මාලන් සැමුවෙල්ස්), 3-116 (ජොන්සන් චාල්ස්)
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ
දිනේෂ් රැම්දීන්, ඩිවේන් බ‍්‍රාවෝ, ඩැරන් සැමී, කාලෝස් බ‍්‍රැත්වයිට්, සැමුවෙල් බද්‍ර‍්‍රි, සුලෙයිමෙන් බෙන්'
පන්දු යැවීම
අශීෂ් නේරා 4-0-25-1  
ජස්පී‍්‍රට් බුම්රා 4-0-42-1  
රවින්ද්‍ර ජදේජා 4-0-48-0  
රවිචන්ද්‍රන් අශ්වින් 2-0-20-0 නි-1
හර්දීක් පාණ්ඩ්‍යා 4-0-43-0 නි-1
විරාට් කෝලී 1.4-0-15-1  
තරගයේ වීරයා – ලෙන්ඞ්ල් සිමන්ස

අයි. පී. එල්. තරගාවලියේදී මුම්බායි පිල වෙනුවෙන් කී‍්‍රඩා කිරීමේ වාසිය උපරිම වශයෙන් ප‍්‍රයෝජනයට ගත් ආරම්භක පිිතිකරු සිමන්ස් 20 වැනි  ඕවරය දක්වාම පිටියේ රැුඳෙමින් පන්දු 51 කදී ලකුණු 82 ක් ලබාගන්නේ හතරේ පහර 7 කින් සහ දැවැන්ත හයේ පහර 5 කින් සිය ඉනිම සරසමිනි.

අද  දිනයේ මහත් වාසනාවන්තයකු වූ සිමන්ස් දෙවතාවකදීම දැවී ගියද ඒ දෙවතාවේදීම මුහුණ දුන්නේ නිපන්දුවලට වීම නිසා පිටියේ රැුඳී සිටීමේ වරම් හිමිවිය. තුන්වැනි වතාවේදී සිමන්ස් ගැසූ පහරකින් ඉහළ ගිය පන්දුව හතරේ සීීමාව අසළදිම රෝහිත් ෂර්මා විසින් උඩපන්දුවක් ලෙසින් රැුකගනු ලැබීමෙන් පසුව එය විරාට් කෝ්ලි වෙත වීසි කරන ලදින් සිමන්ස් දැවී ගිය බව නරඹන්නෝ සිතූහ.

එහෙත් පන්දුව රෝහිත් ෂර්මාගේ අතේ තිබියදීම ඔහුගේ පාදය හතරේ සීමාවේ ගැටිම හේතුවෙන් සිමන්ස්ට ලකුණු 6 ක් ලැබුණා පමණක් නොව තවදුරටත් පිටියේ රැුඳී සිටීමටත් අවස්ථාව ලැබිණ.

කොදෙව් පිලට ජයග‍්‍රහණය වෙනුවෙන් අවසන්  ඕවරයේදී ලකුණු 8 ක් ලබාගත යුතුව තිබුණු අතර එම  ඕවරය යැවීම විරාට් කෝලිටම පැවරිණ. එහි පළමු පන්දු දෙකටම ලබාගත්තේ ලකුණක් පමණකි. තුන්වැනි පන්දුව හතරේ සීමාවෙන් එපිටට යැවූ ඔන්ඩි‍්‍ර රසල්ගේ පිත්තටම ලැබුණු සිවුවැනි පන්දුව නරඹන්නන් අතරට පියාඹා ගියේය.

ලකුණක් පමණක් ලබා සිටියදී ඉතාමත් පහසුවෙන් විරාට් කෝලි දුවද්දී දවාගත හැකිව තිබුණ නමුත් එම අවස්ථාව මගහැරගත් හෙයින් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කඩුලූ 2 ක් දැවී ලකුණු 192 ක් ලබාගැනීමට ඉන්දියානුවෝ සමත් වූහ.

ඉන්දීය ඉනිමේ 9 වැනි  ඕවරය යවමින් සිටි ඞ්වේන් බ‍්‍රාවෝ නිපන්දුවක් යැවීමේ හිලව්වට නිදහස් පහරක් ගැසීම සඳහා තවත් පන්්දුවක් යැවීමට බ‍්‍රාවෝට සිදුවිය. බ‍්‍රාවෝ විසින් යවන ලද එම පන්දුවට පහරක් ගැසීමට නොහැකිි වූ නමුත් ඒ වන විට ලකුණක් පමණක් ලබා සිටි කෝලි ඉදිරියට දිව ආවේය.

පන්දුව රැුකගත් කඩුුලූ රකින්නා එය කඩුල්ලට දමා ගැසුවද පහර වැරදී ගියේය. තමන් වෙතට ඇදී එන පන්දුව අහුලාගත් ඞ්වේන් බ‍්‍රාවෝ අනෙක් අන්තයෙන් එය කඩුල්ලට දමා ගසද්දීත් විරාට් කෝලි සීමාවෙන් ඉවත සිටියද දෙවැනි වතාවේදීත් පන්දුව කඩුල්ල අසළින්ම ඇදීගියේය. කොදෙව්වන්ට පවා කෝලිගේ වාසනාවේ තරම වටහාගත නොහැකි විය.

පන්දු 33 කින් විරට් කෝලි සිය අර්ධ ශතකය සම්පූර්ණ කරන විට ඔහුගේ ඉනිමට ඇතුළත්ව තිබුණේ හතරේ පහර 5 ක් පමණි. කෙසේ වෙතත් කොදෙව්වන්ගේ පන්දු රැුකීම අපේක්‍ෂා නොකළ තරමට දුර්වල වී තිබුණ හෙයින් ඉන් අනගි ප‍්‍රයෝජන ගත් ඉන්දියානුවෝ 11 වැනි  ඕවරයේ සිට 20 වැනි  ඕවරය දක්වා තවත් ලකුණු 106 ක් එක්කරගත්හ.

තරග 5 කදී ලකුණු 273 ක් ලබා සිිටින කෝලි මෙවර විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ්දී දැවී ගොස් ඇත්තේ දෙවතාවකදී පමණි. ලෝක කුසලාන තරගාවලියේදී ඉනිමකදී කෝලි ලකුණු 136.50 ක රඳවාගන්නා විට තරග 5 කදී ලකුණු 89 ක් ලබාගත් ඉන්දීය නායකයා දැවී ගොස් ඇත්තේද එකම තරගයකදී පමණි. ඔහුගේ ඉනිමක සාමාන්‍යය 89.00 කි.

කාසියේ වාසිය දිනාාගත් කොදෙව් නායක ඩැරන් සැමී කිසිදු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිට ආරාධනා කළේය. ඉන්දීය පිල ඉතාමත් බරපතළ තීරණයක් ගනිමින් ෂිකාර් ධවාන් වෙනුවට අජින්ක්‍යා රහනේ ආරම්භක පිතිකරුවා ලෙස යොදාගත්තේය.

ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා සහ අජින්ක්‍යා රහනේ එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැංවූයේ ඉන්දීය පසුපෙළ පිතිකරුවන්ට ලකුණු සැණකෙළියේ යාමට මාවත විවර කරමිනිි.

රහනේ 10 වැනි  ඕවරය නිමා වන විට පන්දු 23 කදී නොදැවී ලකුණු 29 ක් ලබා සිටියද වඩාත් වැදගත් වූයේ නිරායාසයෙන් පහර කරා යන පිතිකරුවකු වන රෝහිත් ෂර්මා නිතරම පිතිකරු අන්තයට කැඳවමින් රහනේ ඔහුට දුන් සහයෝගයයි.

කඩුලූ අතර දිවීමේදී රහනේ නිතරම පන්දුව පැමිණෙන අන්තයට දිවගියේ අවදානමට මුුහුණ දෙමිනි. රෝහිත් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි විරාට් කෝලි ආරක්‍ෂා කරගැනීමටද රහනේ එම ප‍්‍රතිපත්තියම අනුගමනය කළේය.

රහනේ දැවීගියේ හතරේ සීමාව අසළ සිටි ඞ්වේන් බ‍්‍රාවෝ රැුකගත් විශිෂ්ට උඩපන්්දුවකිනි. ඒ වන විට පන්දු 35 කදී ලකුණු 40 ක් ලබා සිටියේය.

 

නවසීලන්තයට සුපුරුදු අපලයම

එංගලන්ත පිලට කඩුලු 7 ක පහසු ජයක්.

 

‍ජොස් බට්ලර් පන්දු 17 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 32 ක් රැස්කරයි.

 

ඕවර 17.1 කදී 159/3 - මිචෙල් සන්ට්නර්ගේ ‍අවසන් ඕවරයේ පළමු පන්දුවට හයේ පහරක් ගැසූ ජොස් බට්ලර් එංගලන්ත කණ්ඩායම අවසන් මහ තරගයට ‍රැගෙන යයි.

 

17 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් සන්ට්නර් කැඳවයි.

 

ඕවර 17 කදී 153/3 - ඉෂ් සෝධිගේ අවසන් ඕවරයේදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 බැගින් ලකුණු 22 ක් රැස්කිරීමට ජොස් බට්ලර් සහ ජෝ රූට් සමත් වෙති.

 

17 වැනි ඕවරය යැවීම සඳහා ඉෂ් සෝධි කැඳවයි.

 

ඕවර 16 කදී 131/3 – ග්‍රාන්‍ට් එලියට්ගේ තෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ජොස් බට්ලර්ගෙන් හත‍රේ පහරක්.

 

16 වැනි ඕවරය යැවීම සඳහා ග්‍රාන්‍ට් එලියට් කැඳවයි.

 

ඕවර 15 කදී 124/3 – මිචෙල් සන්ට්නර්ගේ ‍තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

 

15 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් සන්ට්නර් කැඳවයි.

 

ඕවර 14 කදී 121/3 – මිචෙල් මැක්ලෙනගන්ගේ ‍තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

 

14 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් මැක්ලෙනගන් කැඳවයි.

 

ඕවර 13 කදී 117/3 – ඉෂ් සෝධිගේ ‍තෙවැනි ඕවරයේ අවසන් පන්දුවට ජෝ රූට්ගෙන් හත‍රේ පහරක්.

 

පන්දුවට පහරදීම සඳහා පැමිණි නවක පිතිකරුවා ජොස් බට්ලර්.

 

ඕවර 12.2 කදී 110/3 – ඉෂ් සෝධිගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ඔයින් මෝගන් ලකුණු ලබා ගැනීමට පෙර දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා පැමිණි නවක පිතිකරුවා නායක ඔයින් මෝගන්.

 

පන්දු 44 කදී වාර්තා වූ ජේසන් රෝයිගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් විය.

 

ඕවර 12.1 කදී 110/2 – ඉෂ් සෝධිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ලකුණු 78 ක් ලබා සිටි ජේසන් රෝයි දැවී යයි.

 

ඕවර 12 කදී 110/1 – ඇඩම් මිලන්ගේ ‍තෙවැනි පස්වැනි පන්දුවට ජෝ රූට්ගෙන් හත‍රේ පහරක්.

 

12 වැනි ඕවරය යැවීම සඳහා ඇඩම් මිලන් කැඳවයි.

 

ඕවර 11 කදී 103/1 – ඉෂ් සෝධිගේ දෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

 

11 වැනි ඕවරය යැවීම සඳහා ඉෂ් සෝධි කැඳවයි.

 

ඕවර 10 කදී 98/1 – ග්‍රාන්ට් එලියට්ගේ දෙවැනි පස්වැනි පන්දුවට ජේසන් රෝයිගෙන් හ‍යේ පහරක්.

 

ඕවර 9 කදී 88/1 – මිචෙල් සන්ට්නර්ගේ දෙවැනි සිව්වැනි පන්දුවට ජේසන් රෝයිගෙන් හතරේ පහරක්.

 

පන්දුවට පහරදීම සඳහා පැමිණි නවක පිතිකරුවා ජෝ රූට්.

 

ඕවර 8.2 කදී 82/1 – මිචෙල් සන්ට්නර්ගේ පන්දුවක් හමුවේ කොලින් මුන්රෝ අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 20 ක් ලබා සිටි ඇලෙක්ස් හේල්ස් දැවී යයි.

 

නමවැනි ඕවරය යැවීම සඳහා මිචෙල් සන්ට්නර් කැඳවයි.

 

ඕවර 8 කදී 79/0 – ග්‍රාන්ට් එලියට්ගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි.

 

අටවැනි ඕවරය යැවීම සඳහා වේග පන්දුයවන ක්‍රීඩක ග්‍රාන්ට් එලියට් කැඳවයි.

 

පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ජේසන් රෝයි සිය අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

 

ඕවර 7 කදී 75/0 – ඉෂ් සෝධිගේ පළමු ඕවරයේ සිව්වැනි පන්දුවට ජේසන් රෝයිගෙන් හතරේ පහරක්.

 

හත්වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දුයවන ක්‍රීඩක ඉෂ් සෝධි කැඳවයි.

 

ඕවර 6 කදී 67/0 – මිචෙල් මැක්ලෙනගන්ගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ජේසන් රෝයිගෙන් හතරේ පහරක්.

 

හයවැනි ඕවරය යැවීම සඳහා මිචෙල් මැක්ලෙනගන් කැඳවයි.

 

ඕවර 5 කදී 60/0 – මිචෙල් සන්ට්නර්ගේ පළමු ඕවරයේ තෙවැනි සහ සිව්වැනි පන්දු වලට ජේසන් රෝයිගෙන් පිට පිට හතරේ පහර 2 ක්.

 

පස්වැනි ඕවරය යැවීම සඳහා දඟ පන්දුයවන ක්‍රීඩක මිචෙල් සන්ට්නර් කැඳවයි.

 

ඕවර 4 කදී 49/0 – ඇඩම් මිලන්ගේ දෙවැනි ඕවරයේ සිව්වැනි පන්දුවට ඇලෙක්ස් හේල්ස්ගෙන් හතරේ පහරක් සහ අවසන් පන්දුවට ජේසන් රෝයිගෙන් හයේ පහරක්.

 

ඕවර 3 කදී 36/0 – මිචෙල් මැක්ලෙනගන්ගේ පළමු ඕවරයේ සිව්වැනි පන්දුවට ඇලෙක්ස් හේල්ස්ගෙන් හයේ පහරක් සහ අවසන් පන්දුවට ජේසන් රෝයිගෙන් හතරේ පහරක්.

 

තෙවැනි ඕවරය යැවීම සඳහා වේග පන්දුයවන ක්‍රීඩක මිචෙල් මැක්ලෙනගන් කැඳවයි.

 

ඕවර 2 කදී 23/0 – ඇඩම් මිලන්ගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවට ජේසන් රෝයිගෙන් හතරේ පහරක්.

 

දෙවැනි ඕවරය යැවීම සඳහා වේග පන්දුයවන ක්‍රීඩක ඇඩම් මිලන් කැඳවයි.

 

ඕවර 1 කදී 16/0 – කෝරි ඇන්ඩර්සන්ගේ පළමු ඕ‍වරයේදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 16 ක් රැස්කිරීමට ජේසන් රෝයි සමත් වෙයි.

 

පළමු ඕවරය යැවීම සඳහා වේග පන්දුයවන ක්‍රීඩක කෝරි ඇන්ඩර්සන් කැඳවයි.

 

එංගලන්ත ඉනිම ආරම්භ කිරීම සඳහා ඇලෙක්ස් හේල්ස් සහ ජෙසන් රෝයි පිටියට පිවිසෙති.

 

තරගය ජය ගැනීම සඳහා එංගලන්ත කණ්ඩායම ලකුණු 154 ක් රැස්කළ යුතුය.

 

ඕවර 20 කදී 153/7 – ‍එක් ලකුණක් ලබා සිටි මිචෙල් මැක්ලෙනගන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට බෙන් ස්ටොක්ස් සමත් විය.

 

පන්දුවට පහරදීම සඳහා පැමිණි නවක පිතිකරුවා මිචෙල් මැක්ලෙනගන්.

 

ඕවර 19.2 කදී 150/7 – ‍බෙන් ස්ටොක්ස්ගේ පන්දුවක් හමුවේ ක්‍රිස් ජෝදාන් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 7 ක් ලබා සිටි මිචෙල් සන්ට්නර් දැවී යයි.

 

ඕවර 19 කදී 150/6 - ක්‍රිස් ජෝදාන්ගේ අවසන් ඕවරයේ පස්වැනි පන්දුවට මිචෙල් සන්ට්නර්ගෙන් හතරේ පහරක්.

 

ඕවර 18 කදී 141/6 - බෙන් ස්ටොක්ස්ගේ තෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

 

පන්දුවට පහරදීම සඳහා පැමිණි නවක පිතිකරුවා මිචෙල් සන්ට්නර්.

 

ඕවර 17.4 කදී 139/6 – ‍බෙන් ස්ටොක්ස්ගේ පන්දුවක් හමුවේ ක්‍රිස් ජෝදාන් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 28 ක් ලබා සිටි කෝරි ඇන්ඩර්සන් දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා පැමිණි නවක පිතිකරුවා ග්‍රාන්ට් එලියට්.

 

ඕවර 17.3 කදී 139/5 – ‍බෙන් ස්ටොක්ස්ගේ පන්දුවක් හමුවේ ඩේවිඩ් විලී අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 3 ක් ලබා සිටි ලුක් රොන්කි දැවී යයි.

 

18 වැනි ඕවරය යැවීම සඳහා බෙන් ස්ටොක්ස් කැඳවයි.

 

ඕවර 17 කදී 136/4 - ක්‍රිස් ජෝදාන්ගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

 

පන්දුවට පහරදීම සඳහා පැමිණි නවක පිතිකරුවා ලුක් රොන්කි.

 

ඕවර 16.2 කදී 134/4 – ක්‍රිස් ජෝදාන්ගේ පන්දුවක් හමුවේ ඔයින් මෝගන් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 6 ක් ලබා සිටි රොස් ටේලර් දැවී යයි.

 

17 වැනි ඕවරය යැවීම සඳහා ක්‍රිස් ජෝදාන් කැඳවයි.

 

ඕවර 16 කදී 133/3 - ලියෑම් ප්ලන්කට්ගේ අවසන් ඕවරයේ පස්වැනි පන්දුවට කෝරි ඇන්ඩර්සන්ගෙන් හයේ පහරක්.

 

ඕවර 15 කදී 121/3 - ආදිල් රෂීඩ්ගේ අවසන් ඕවරයේ අවසන් පන්දුවට කෝරි ඇන්ඩර්සන්ගෙන් හතරේ පහරක්.

 

ඕවර 14 කදී 111/3 - ලියෑම් ප්ලන්කට්ගේ තෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

 

පන්දුවට පහරදීම සඳහා පැමිණි නවක පිතිකරුවා රොස් ටේලර්.

 

ඕවර 13.2 කදී 107/3 – ලියෑම් ප්ලන්කට්ගේ පන්දුවක් හමුවේ මුයින් අලී අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 46 ක් ලබා සිටි කොලින් මුන්රෝ දැවී යයි.

 

14 වැනි ඕවරය යැවීම සඳහා ලියෑම් ප්ලන්කට් කැඳවයි.

 

ඕවර 13 කදී 106/2 - මුයින් අලීගේ දෙවැනි ඕවරයේ සිව්වැනි පන්දුවට කෝරි ඇන්ඩර්සන්ගෙන් හතරේ පහරක්.

 

ඕවර 12 කදී 99/2 – ආදිල් රෂීඩ්ගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවට කොලින් මුන්රෝගෙන් හතරේ පහරක්.

 

ඕවර 11 කදී 92/2 – මුයින් අලීගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි.

 

පන්දුවට පහරදීම සඳහා පැමිණි නවක පිතිකරුවා කෝරි ඇන්ඩර්සන්.

 

ඕවර 10.3 කදී 91/2 – මුයින් අලීගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් ලකුණු 32 ක් ලබා සිටි ‍ කේන් විලියම්සන් දැවී යයි.

 

11 වැනි ඕවරය යැවීම සඳහා දඟ පන්දුයවන ක්‍රීඩක මුයින් අලී කැඳවයි. 

 

ඕවර 10 කදී 89/1 – බෙන් ස්ටොක්ස්ගේ දෙවැනි ඕවරයේ පළමු සහ පස්වැනි පන්දු වලට කොලින් මුන්රෝගෙන් හතරේ පහර 2 ක්.

 

ඕවර 9 කදී 78/1 – ආදිල් රෂීඩ්ගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට කොලින් මුන්රෝගෙන් හයේ පහරක් සහ සිව්වැනි පන්දුවට කේන් විලියම්සන්ගෙන් හතරේ පහරක්.

 

ඕවර 8 කදී 66/1 – බෙන් ස්ටොක්ස්ගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවට කේන් විලියම්සන්ගෙන් හයේ පහරක්.

 

අටවැනි ඕවරය යැවීම සඳහා වේග පන්දුයවන ක්‍රීඩක බෙන් ස්ටොක්ස් කැඳවයි. 

 

ඕවර 7 කදී 55/1 – ආදිල් රෂීඩ්ගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි.

 

හත්වැනි ඕවරය යැවීම සඳහා දඟ පන්දුයවන ක්‍රීඩක ආදිල් රෂීඩ් කැඳවයි. 

 

ඕවර 6 කදී 51/1 – ලියෑම් ප්ලන්කට්ගේ දෙවැනි ඕවරයේ ‍දෙවැනි, තෙවැනි සහ සිව්වැනි පන්දු වලට කොලින් මුන්රෝගෙන් පිට පිට හතරේ පහර 3 ක්.

 

ඕවර 5 කදී 38/1 – ක්‍රිස් ජෝදාන්ගේ දෙවැනි ඕවරයේ  සිව්වැනි පන්දුවට කේන් විලියම්සන්ගෙන් හතරේ පහරක්.

 

ඕවර 4 කදී 31/1 – ලියෑම් ප්ලන්කට්ගේ පළමු ඕවරයේ සිව්වැනි පන්දුවට කේන් විලියම්සන්ගෙන් හතරේ පහරක්.

 

සිව්වැනි ඕවරය යැවීම සඳහා වේග පන්දුයවන ක්‍රීඩක ලියෑම් ප්ලන්කට් කැඳවයි.

 

ඕවර 3 කදී 23/1 – ඩේවිඩ් විලීගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට කොලින් මුන්රෝගෙන් හතරේ පහරක්.

 

පන්දුවට පහරදීම සඳහා පැමිණි නවක පිතිකරුවා කොලින් මුන්රෝ.

 

ඕවර 2.1 කදී 17/1 – ඩේවිඩ් විලීගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 15 ක් ලබා සිටි මාටින් ගප්ටිල් දැවී යයි.

 

ඕවර 2 කදී 17/0 – ක්‍රිස් ජෝදාන්ගේ පළමු ඕවරයේ  පස්වැනි පන්දුවට මාටින් ගප්ටි‍ල්ගෙන් හතරේ පහරක්.

 

දෙවැනි ඕවරය යැවීම සඳහා වේග පන්දුයවන ක්‍රීඩක ක්‍රිස් ජෝදාන් කැඳවයි.

 

ඕවර 1 කදී 11/0 – ඩේවිඩ් විලීගේ පළමු ඕවරයේ පළමු සහ පස්වැනි පන්දු වලට මාටින් ගප්ටි‍ල්ගෙන් හතරේ පහර 2 ක්.

 

පළමු ඕවරය යැවීම සඳහා වේග පන්දුයවන ක්‍රීඩක ඩේවිඩ් විලී කැඳවයි.

 

නවසීලන්ත ඉනිම ආරම්භ කිරීම සඳහා කේන් විලියම්සන් සහ මාටින් ගප්ටිල් පිටියට පිවිසෙති.

 

එංගලන්ත පිල:
ඔයින් මෝගන්, මුයින් අලී, ජෝස් බට්ලර්, ඇලෙක්ස් හේල්ස්, ක‍්‍රිස් ජොර්ඩන්, ලියෑම් ප්ලන්කට්, අදිල් රෂීඞ්, ජෝ රූට්, ජෙසන් රෝයි, බෙන් ස්ටොක්ස්, ඬේවිඞ් විලි

 

නවසීලන්ත පිල:
කේන් විලියම්සන්, කොරී ඇන්ඩසන්, ග‍්‍රාන්ට් එලියට්, මාටින් ගප්ටිල්, රෝස් ටේලර්, මිචෙල් මැග්ලිනගන්, ඇඩම් මිල්නේ, කොලින් මුන්රෝ, ලූක් රොන්චි, මිචෙල් සෑන්ට්නර්, ඉෂ් සෝදි

 

කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝගන් පළමුවෙන් පන්දුවට පමහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කර සිටියේය.

 

විස්සයි20 ලෝක කුසලාන තරග‍ාවලියේ නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්.

එංගලන්තය අවසන් මහ තරගයට එයි

නවසීලන්තය 
මාටින් ගප්ටිල් – ඇ. බට්ලර් ප. විලී  15
කේන් විලියම්සන් – ඇ. සහ ප. අලි 32
කොලින් මුන්රෝ – ඇ. අලි ප. ප්ලන්කට්  46
කොරී ඇන්ඩසන් – ඇ. ජෝර්ඩන් ප. ස්ටොක්ස් 28
රොස් ටේලර් – ඇ. මෝගන් ප. ජෝර්ඩන්  6
ලූක් රොන්කි – ඇ. විලී ප. ස්ටොක්ස් 3
ග‍්‍රාන්ට් එලියට් – නොදැවී  4
මිචෙල් සෑන්ට්නර් – ඇ. ජෝර්ඩන්  7
මිචෙල් මැග්ලිනගන් – දුවද්දී දැවී ගියා  1
අතිරේක (අ-1, පා-4, ව-6) 11
එකතුව ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී  153
කඩුලු වැටීම
1-17 (ගප්ටිල්), 2-91 (විලියම්සන්), 3-107 (මුන්රෝ), 4-134 (ටේලර්), 5-139 (රොන්කි), 6-139 (ඇන්ඩර්සන්), 7-150 (සෑන්ට්නර්), 8-153 (මැග්ලිනගන්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ඇඩම් මිල්නේ, ඉෂ් සෝදි
පන්දු යැවීම
ඬේවිඞ් විලි 2-0-17-1  
ක‍්‍රිස් ජොර්ඩන් 4-0-24-1 ව-2
ලියම් ප්ලන්කට් 4-0-38-1 ව-1
අදිල් රෂීඞ් 4-0-33-0 ව-2
බෙන් ස්ටොක්ස් 4-0-26-3 ව-1
මුයින් අලී 2-0-10-1  
එංගලන්තය 
ජෙසන් රෝයි – ප. සෝදි  78
ඇලෙක්ස් හේල්ස් – ඇ. මුන්රෝ ප. සෑන්ට්නර්  20
ජෝ රූට් – නොදැවී  27
ඔයින් මෝගන් – ක.මු.කළා සෝදි  0
ජෝස් බට්ලර් – නොදැවී  32
අතිරේක (ව-1, පා-1) 2
එකතුව ඕවර 17.1 කදී කඩුලු 3 ක් දැවී  159
කඩුලු වැටීම
1-82 (හේල්ස්), 2-110 (රෝයි), 3-110 (මෝර්ගන්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ
මුයින් අලී, ක‍්‍රිස් ජොර්ඩන්, ලියම් ප්ලන්කට්, අදිල් රෂීඞ්, බෙන් ස්ටොක්ස්, ඬේවිඞ් විලි
පන්දු යැවීම
කොරී ඇන්ඩසන්  1-0-16-0  
ඇඩම් මිල්නේ 3-0-27-0  
මිචෙල් මැග්ලිනගන් 3-0-24-0  
මිචෙල් සෑන්ට්නර් 3.1-0-28-1 ව-1
ඉෂ් සෝදි 4-0-42-2  
ග‍්‍රාන්ට් එලියට්  3-0-21-0  
තරගයේ වීරයා – ජෙසන් රෝයි

හයවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පිළිමඵන් පිටු දැකීමේ වටය ආරම්භ කරමින් දිල්ලිහි ෆෙරෝෂ්ෂා කොට්ලා ක‍්‍රීඩාංගණයේ අද (30) රාත‍්‍රී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්ත ක‍්‍රීඩකයෝ කඩුලූ 7 කින් නවසීලන්තය පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූහ.

එංගලන්තය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වේ. එංගලන්තය මීට පෙර බටහිර ඉන්දීය කොදෙව්හිදී 2010 වසරේ පැවැති තෙවැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.

නවසීලන්තය පළමු වටයේ තරග හතරම ජය ලැබුව ද සුපුරුදු පරිදි අවසන් පූර්ව තරගයේදී තරගාවලියෙන් ඉවතට විසිවිය.

එංගලන්ත පිතිකරුවෝ ලකුණු 154 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 17.1 කදී කඩුලූ 3 ක් පමණ් දැවී සම්පූර්ණ කළහ.

ජෝස් බට්ලර් (නොදැවී 32) සහ ජෝ රූට් (නොදැවී 27) සිවුවැනි කඩුල්ලට පන්දු 29 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් පවත්වමින් පන්දු 17 ක් ඉතිරි කරමින් තරගය අවසන් කළහ.

ජෝස් බට්ලර් පන්දු 17 කදී ලකුණු 32 ක් රැස් කරමින් හයේ පහරකින් තරගය අවසන් කිරීම කැපී පෙනුණි.

ජේසන් රෝයි සුපිරි ඉනිමක් ක‍්‍රියාත්මක කරමින් පන්දු 44 කදී ලකුණු 78 ක් රැස්කර දෙවැනි කඩුල්ල ලෙස දැවී යන විට සිය වගකීම  ඕනවාටත් වඩා උපරිමයෙන් ඉටු කර තිබුණි.

ජේසන් රෝයිගේ පිත්තෙන් ගිලිහුණු හතරේ පහර 11 සහ හයේ පහර 2 කට ක‍්‍රීඩාංගණයට රැස්ව සිටි 40,000 කට ආසන්න පේ‍්‍රක්‍ෂකයෝ ප‍්‍රීතියෙන් ඉපිළි ගියහ.

නායක ඔයින් මෝගන් පළමු පන්දුවේදීම දැවී යෑමෙන් ලකුණු 110 කට කඩුලූ 3 ක් බවට පත්වුවද සෙසු පිතිකරුවන්නට ඉලක්කය වෙත සෙමින් යෑමට ජේසන් රෝයි පරිසරය නිර්මාණය කර තිබුණි.

එංගලන්ත ආරම්භක පිතිකරුවන් වන ජේසන් රෝයි සහ ඇලෙක්ස් හේල්ස් (20) වේගවත් ආරම්භයක් ලබා දෙමින් පන්දු 50 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් පත්වමින් ජයග‍්‍රහණයට ශක්තිමත් අඩිතාලමක් දැමූහ.

එංගලන්ත පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිලට අවසන්  ඕවර පහට ලකුණු 32 ක් පමණක් ලබා දෙමින් තරගයේ වාසිය නතුකර ගැනීමෙන් ජයග‍්‍රහණයට දොර විවෘත විය.

ක‍්‍රිස් ජොර්ඩන් යැවූ 17 වැනි  ඕරයට ලකුණු 3 ක් සහ බෙන් ස්ටොක්ස් යැවූ 18 වැනි  ඕවරයට ලකුණු 5 ක් පමණක් එකතු වෙමින් කඩුලූ දෙකක් බිඳ වැටීමෙන් නවසීලන්තයට ලකුණු 180 කට යෑමට තිබූ පහසු අවස්ථාව ඇහිරී ගියේය.

නවසීලන්ත ඉදිරි පෙළ පිතිකරුවෝ පළමු  ඕවර 10 යේදී ලකුණු 89 ක් රැස්කිරීමට සමත් වූවද මැද පෙළ සහ පසු පෙළ කිසිඳු පිතිකරුවකු ලොකු ඉනිමක් ක‍්‍රීඩා කිරීමට අපොහොසත් වීමෙන් ලකුණු 153 කට සීමා වීමට සිදුවිය.

කොලින් මුන්රෝ, එංගලන්ත පන්දු යවන්නන් අනපේක්‍ෂිත ප‍්‍රහාරයකට ලක්කරමින් පන්දු 32 කින් ලකුණු 46 ක් රැස් කළ අතර මුන්රෝගේ ඉනිමට හතරේ පහර 7 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

කොලින් මුන්රෝ සහ කේන් විලියම්සන් දෙවැනි කඩුල්ලට පන්දු 50 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් පැවැත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ආහ.

ලියම් ප්ලන්කට් යැවූ ඉනිමේ හයවැනි  ඕවරයට කොලින් මුන්රෝ පිට පිටම ගැසූ හතරේ පහර තුනත් සමගින් ලකුණු 14 ක් එකතු වීමෙන් පන්දු 34 කදී ලකුණු පුවරුව ලකුණු 50 ක් බවට පත්විය.

ප‍්‍රවේගකාරී පිතිකරු මාටින් ගප්ටිල් පන්දු 12 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 15 ක් ලබා සිටියදී ඬේවිඞ් විලිගේ පන්දුවකට වේගවත් පහරකට යෑමෙන් පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

එංගලන්ත පිලේ නායක ඔයින් මෝගන් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර හෙට (31) පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජය ලබන කණ්ඩායම සහ එංගලන්තය අතර අවසන් මහ තරගය කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක‍්‍රීඩාංගණයේදී ලබන ඉරිදා (03 වැනිදා) පැවැත්වීමට නියමිතය.

 

 

අයි. පී. එල්. වාසිය ඉන්දියාවටද කොදෙව්වන්ටද ?

හයවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සත්කාර ඉන්දීය පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර දෙවැනි අවසන් පූර්ව තරගය මුම්බායිහි වැන්කඬේ ක‍්‍රීඩාංගණයේදී හෙට (31) පැවැත්වේ. තරගය විදුලි ආලෝකය මාධ්‍යයේ රාත‍්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගයට මේ වන විට සමස්ත ලෝකයම අවධානය යොමු කර තිබේ.
කොදෙව් ක‍්‍රීඩකයන් රැසක් ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට (අයි.පී.එල්.) සහභාගි වීමෙන් ඉන්දීය පරිසරය පිළිබඳව හොඳ දැනුමකින් පසුවීම ඉන්දියාවට විශාල අභියෝගයක් බවට පත්ව තිබේ.

ප‍්‍රවේගකාරී පිතිකරු ක‍්‍රිස් ගේල්, තුන් ඉරියව් ක‍්‍රීඩක ඞ්වේන් බ‍්‍රාවෝ සහ නායක ඩැරන් සැමී අයි.පී.එල්. තරගාවලියේ සුපිරි තරු බවට පත්ව සිටිති. ඒ හේතුවෙන් සත්කාරත්වයේ වාසිය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට ලැබෙන්නේ දැයි සැක සහිතය.  

ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව තරගයේදී ඉන්දීය ප‍්‍රවේගකාරී පිතිකරු විරාට් කෝලි ලකුණු අතරට පැමිණීම සමස්ත ඉන්දියාව උද්දාමයට පත්කර තිබේ. දඟපන්දු යවන රවිචන්ද්‍රන් අෂ්වින් කෙරෙහි ද ඉන්දීය පිල දැඩි බලාපොරොත්තු තබා සිටියි.

ඉන්දීය ප‍්‍රවේගකාරී පිතිකරු යුවරාජ් සිං, ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව තරගයේදී ආබාධයකට ලක්වීම නිසා තරගාවලියෙන් ඉවත්වීම දැඩි පාඩුවක් බවට පත්ව තිබේ. යුවරාජ්ගේ ස්ථානයට මනීෂ් පාණ්ඬේ සංචිතයට කැඳවා සිටියි.   

සත්කාර ඉන්දීය පිල පළමු වටයේ පළමු තරගයේදී නවසීලන්තය හමුවේ පරාජයට පත්ව දැඩි පසුබෑමකට ලක්ව අවසන් තරගයේදී  ඕස්ටේ‍්‍රලියාව පරාජය කරමින් හිස එසවීය. ඉන්දීය පිල පළමු වටයේ තරග තුනක් ජය ලබා දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්විය.

දකුණු අප‍්‍රිකාවේදී 2007 වසරේ පැවැති පළමු විස්සයි20 ලෝක කුසලානයේ ශූරයන් වූ ඉන්දියාව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව මෙය වේ. බංග්ලාදේශයේදී 2014 වසරේ පැවැති පස්වැනි ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ‍්‍රී ලංකාව හමුවේ පරාජය වීමෙන් ඉන්දියාවට අනු ශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

බටහිර ඉන්දීය කොදෙව් පිල විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ අවසන් පූර්ව වටයට පැමිණි සිවුවැනි අවස්ථාව මෙය වේ. කොදෙව්වෝ මීට පෙර 2009, 2012 සහ 2014 යන තරගාවලි තුනේදී අවසන් පූර්ව වටයට පැමිණි අතර 2012 වසරේ සත්කාර ශ‍්‍රී ලංකා පිල පරාජය කරමින් ශූරයන් බවට පත්විය.

බටහිර ඉන්දීය කොදෙව් පිල මෙවර පළමු කාණ්ඩයේ ක‍්‍රීඩා කරමින් එංගලන්තය, දකුණු අප‍්‍රිකාව සහ ශ‍්‍රී ලංකාව පරාජය කරමින් එම කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගත්තේය. කොදෙව් පිල පළමු වටයේ අවසන් තරගයේදී ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්විය.

ඉන්දියාව ප‍්‍රසාද ලකුණු 127 ක් ලබා අන්තර්ජාතික ක‍්‍රිකට් සභා විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින අතර බටහිර ඉන්දීය කොදෙව් ප‍්‍රසාද ලකුණු 120 ක් ලබා තෙවැනි ස්ථානයේ පසු වෙයි.

පස්වැනි විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර වැන්කඬේ ක‍්‍රීඩාංගණයේදී හෙට (31) පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.   

 

ඉන්දීය සංචිතය:
මහේන්ද්‍ර සිං දෝනි (නායක), රෝහිත් ශර්මා, ශීකර් ධවාන්, විරාට් කෝලි, සුරේෂ් රයිනා, මනීෂ් පාණ්ඬේ, හර්ද්‍රික් පාණ්ඞ්යා, රවීන්ද්‍ර ජඬේජා, රවිචන්ද්‍රන් අෂ්වින්, ජස්ප‍්‍රිට් බුම්රා, අෂීෂ් නෙහෙරා, හර්බජාන් සිං, මොහොමඞ් ශමි, පවන් නිගී සහ අජින්‍යා රහනේ

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය:
ඩැරන් සැමී (නායක), සැමුවෙල් බද්‍රි, සුලෙයිමෙන් බෙන්, කාලෝස් බ‍්‍රැත්වයිට්, ඞ්වේන් බ‍්‍රාවෝ, ජොනතන් චාල්ස්, ලිඞ්ල් සිමන්ස්, ක‍්‍රිස් ගේල්, ජේසන් හෝල්ඩර්, ඈෂ්ලි නර්ස්, දිනේෂ් රැම්ඞීන්, ඇන්ද්‍රි රසල්, මාලන් සැමුවෙල්ස්, එවින් ලූවිස්, ජෙරමි ටේලර්

 

ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවෝ සිවුවැනි වරටත් අවසන් මහ තරගයට එති

පස්වැනි කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙස  ඕස්ටේ‍්‍රලියා කාන්තා පිල සහ එංගලන්ත කාන්තා පිල අතර ෆෙරෝෂ් ෂා කොට්ලා ක‍්‍රීඩාංගණයේදී අද (30) පස්වරුවේ පැවැති තරගයෙන්  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවෝ ලකුණු 05 ක තියුණු ජයක් ලබමින් පිට පිටම සිවුවැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.

ඕස්ටේ‍්‍රලියාව විස්සයි20 ලෝක කුසලාන පහේදී අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ සිවුවැනි අවස්ථාව මෙය වේ. ඕස්ටේ‍්‍රලියාව ආසන්තම විස්සයි20 ලෝක කුසලාන තරගාවලි තුන වන 2010, 2012 සහ 2014 යන වසරවලදී පිට පිටම ශූරතා දිනා ගැනීමට සමත්ව සිටියි.

එංගන්තය 2009 වසරේ පළමු තරගාවලියේ ශූරතාව දිනාගත් අතර 2012 සහ 2014 වසරවලදී  ඕස්ටේ‍්‍රලියාව හමුවේ පරාජයට පත්වීමෙන් අනු ශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 133 ක ඉලක්කය හඹාගිය නවසීලන්ත පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 127 ක් පමණි.

එංගලන්ත පිලට අවසන් ඕවරයේදී ලකුණු 13 ක් රැස්කිරීමට බාර වුවද රැස්කළ හැකි වූයේ ලකුණු 7 ක් පමණි.  

එංගලන්ත පිල පළමු  ඕවර 10 අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 67 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවුවද අවසන් ඕවර 5 තුළදී ලකුණු 36 කට කඩුලූ 4 ක් දැවී යෑමෙන් පරාජය වැළද ගැනීමට සිදුවිය.

ලෝක කාන්තා ක‍්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩිකාවක් වන චාලට් එඞ්වඞ්ස් සහ ටමී බියුමන්ට් ලකුණු 67 ක ආරම්භක සම්බන්ධතාවක් පවත්විමන් ජයග‍්‍රහණයට ශක්තිමත් අඩිතාලමක් දැමූහ.

මෙම ලෝක කුසලාන තරගාවලිය චාලට් එඞ්වඞ්ස්ගේ අවසන් තරගාවලිය වීම හේතුවෙන් පරාජයෙන් පසුව ඇය හැඩූ ආකාරය දැකගත හැකි විය.

ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ ඉහළතම ලකුණු ලාභිනිය බවට පත්වෙමින් මැග් ලනින් පන්දු 50 කදී නොදැවී ලකුණු 55 ක් රැස් කිරීමට සමත් වූවාය. මැග් ලනින් තරගයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස ද සම්මාන ලැබූවාය.

ඕස්ටේ‍්‍රලියානු පිල  ඕවර 15 ක් අවසන් වන විට කඩුලූ 3 කට ලකුණු 98 ක් ලබා සිටිය ද, අවසන් ඕවර පහේදී ලකුණු 34 ක් පමණක් රැස්කිරීම නිසා ලකුණු 132 කට සීමා විය.   

එංගලන්ත පිලේ නායිකා චාලට් එඞ්වඞ්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට  ඕස්ටේ‍්‍රලියානු පිලට ආරාධනා කළාය.   


ඕස්ටේ‍්‍රලියානු කාන්තා පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 132
(අලිස්සා හේල්ස් 25, එල්සි විල්ලානි 19, මැග් ලනින් 55, ඇලෙක්ස් බ්ලැවෙල්ස් 11, නතාලි ස්සීවර් 22/2)

එංගලන්ත කාන්තා පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 127
(චාලට් එඞ්වඞ්ස් 31, ටමී බියුමන්ට් 32, කැතිරිනා බි‍්‍රන්ට් 11, සාරා ටේලර් 21, මිගන් ස්චුට් 15/2)