මලික් – අක්මාල් පාකිස්තානයට ජය ගෙනෙති

ආසියානු කුසලාන තරගාවලියේ 6 වැනි තරගය ලෙස එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශයේ මීර්පූර්හි ශ්රේ බංග්ලා කී‍්‍රඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානය සමත් විය.

 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 93 කදී ලකුණු 114 ක නොබිඳුන සම්බන්ධතාවක් ගොඩනැගූ සොයිබ් මලික් (නොදැවී 63) සහ උමාර් අක්මාල් (නොදැවී 50) පාකිස්තාන කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

 

පන්දු 49 කදී වාර්තා වූ සොයිබ් මලික්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 46 කදී වාර්තා වූ උමාර් අක්මාල්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

 

පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව 17 ක් වන විට මුල් පිතිකරුවන් තිදෙනාම (මොහොමඞ් හෆීස්, සර්ජීල් ඛාන් සහ කුරාම් මන්සූර්) ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට වේග පන්දු යවන කී‍්‍රඩක අම්ජාඞ් ජාවෙද් සමත් විය.

 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ශයිමන් අන්වර් පන්දු 42 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 46 ක් රැස්කළේය.

 

හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට නායක අහමඞ් ජාවෙද් (නොදැවී 27) සහ මුහම්මද් උස්මාන් (21) සමත් විය.

 

එක්සත් අරාබි එමීර් ඉනිමේ අවසන්  ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ අහමඞ් ජාවෙද් සිය ඉනිම හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 කින් අලංකාර කළේය.

 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඞ් අමීර්  ඕවර 4 ක් යවා එක් නිලකුණු  ඕවරයක්ද සමගින් ලකුණු 6 කට කඩුලූ 2 ක් දවාගැනීමට සමත් විය.

 

එක්සත් අරාබි එමීර් පිල –  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 129
(ශයිමන් අන්වර් 46, මුහම්මද් උස්මාන් 21, අහමඞ් ජාවෙද් නොදැවී 27, මොහොමඞ් අමීර් 6/2, මොහොමඞ් ඉර්ෆාන් 30/2)

 

පාකිස්තානය –  ඕවර 18.4 කදී කඩුලූ 3 ක් දැවී 131
(උමාර් අක්මාල් නොදැවී 50, සොයිබ් මලික් නොදැවී 63, අම්ජාඞ් ජාවෙද් 36/3)

 

 

- 036

 

බංග්ලාදේශය ලකුණු 23 කින් ශ්‍රී ලංකාව පරදවයි

බංග්ලාදේශය 
මොහොමඞ් මිතුන් – ක.මු.කළා ප. මැතිව්ස්  0
සෞම්‍ය සාකර් – ඇ. මැකිව්ස් ප. කුලසේකර  0
සබීර් රහමන් – ඇ. ජයසූරිය ප. චමීර  80
මුෂ්ෆිකුර් රහීම් – දුවද්දී දැවී ගියා  4
ශකීබ් අල් හසන් – ඇ. චන්දිමාල් ප. චමීර  32
මහුමුදුල්ලා – නොදැවී  23
නුරුල් හසන් – ඇ. මැතිව්ස් ප. චමීර  2
මෂ්රාෆි මෝර්ටාසා – දුවද්දී දැවී ගියා  2
අතිරේක (ව. 2, නි. 1, බ. 1) 4
එකතුව ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී  147
කඩුලු වැටීම
1-0 (මිතුන්), 2-2(සාකර් ), 3-26 (මුෂ්ෆිකුර්), 4-108 (රහමන්)
5- 123 (අල් හසන්), 6-140 (නුරුල් හසන්), 7-147 (මෝර්ටාසා)
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ
ටස්කින් අහමඞ්, අල් අමීන් හොසේන්, මුෂ්ෆිෂුර් රහමන්
පන්දු යැවීම
ඇන්ජලෝ මැතිව්ස්  3-0-8-1  
නුවන් කුලසේකර  4-0-44-1  
තිසර පෙරේරා 1-0-14-0  
ශෙහාන් ජයසූරිය  3-0-21-0  
රංගන හේරත්  4-0-24-0  
තිලකරත්න ඩිල්ශාන්  1-0-5-0  
දුෂ්මන්ත චමීර  4-0-30-2-3 නි . 1 ව. 2 
ශ්‍රී ලංකාව
දිනේෂ් චන්දිමාල් – ඇ. ටස්කින් ප. මහමුදුල්ලා 37
තිලකරත්න ඩිල්ෂාන් – ඇ. සෞම්‍ය ප. ශකිබ්  12
ෂෙහාන් ජයසූරිය – ස්ට. නුරුල් හසන් ප. අල් හසන්  26
ඇන්ජලෝ මැතිව්ස් – ඇ. අල් හසන් ප. හොසේන්  12
තිසර පෙරේරා – ක.මු.කළා ප. මුෂ්ෆිෂුර් රහමන් 4
මිලින්ද සිරිවර්ධන – ඇ. සබීර් ප. මෝර්ටාසා 3
දසුන් ශානක – ඇ. මුෂ්ෆිකර් රහීම් ප. හොසේන්  14
චාමර කපුගෙදර – නොදැවී  12
නුවන් කුලසේකර – ඇ. සෞම්‍ය ප. හොසේන්  0
දුෂ්මන්ත චමීර – නොදැවී  1
අතිරේක (ව-3) 3
එකතුව ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී  124
කඩුලු වැටීම

1-20(ඩිල්ෂාන්), 2-76 (චන්දිමාල්), 3-78 (ජයසූරිය), 4-85 (පෙරේරා), 5-92 (සිරිවර්ධන), 6-102 (මැතිව්ස්), 7-116 (ශානක), 8-117 (කුලසේකර)

පන්දුවට පහර නොදුන් පිතිකරුවා
රංගන හේරත්
පන්දු යැවීම
ටස්කින් අහමඞ් 3-0-19-0  
අල් අමීන් හොසේන් 4-0-34-3  
ශකීබ් අල් හසන්  4-0-21-2 ව – 1
මුෂ්ෆිෂුර් රහමන් 4-0-19-1 ව – 1
මෂ්රාෆි මෝර්ටාසා 3-0-17-1 ව – 1
මහුමුදුල්ලා 2-0-14-1  
තරගයේ වීරයා – සබීර් රහමන්

ආසියානු කුසලාන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස මීර්පූර්හිදී අද (28) පැවැති තරගයේදී සත්කාර බංග්ලාදේශ පිල ලකුණු 23 කින් ශ‍්‍රී ලංකා පිල පරාජය කිරීමට සමත් විය.

 

ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ විස්සයි20 තරගයකදී පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර දෙරට අතර පැවැති තරග හතරම ශ්‍රී ලංකාව ජය ලබා සිටියේය.

 

ලකුණු 148 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිලට  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 124 ක් පමණි.

 

ශ්‍රී ලංකා පිල 11 වැනි ඕවරයේ අවසන් පන්දුව වන විට කඩුල්ලක් දැවී ලකුණු 76 ක් ලබා සිටිය ද 15 වැනි  ඕවරය අවසන් වන විට ලකුණු 92 කට කඩුලූ 5 ක් බවට පත්වීමෙන් තරගයේ වාසිය බංග්ලාදේශය වෙතට මාරුවිය.

 

දිනේෂ් චන්දිමාල් පන්දු 37 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 37 ක් රැස් කළේය.

 

තිලකරත්න ඩිල්ෂාන් පන්දු 9 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 12 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

 

දිනේෂ් චන්දිමාල් දෙවැනි පන්දුවේදී ලබා දුන් පහසු උඩ පන්දුව සෞම්‍ය සර්කාර් වෙතින් ගිලිහි නොගියේ නම් ලකුණු පුවරුව මීට වඩා වෙනස්වීමට ද ඉඩ තිබුණි.


දුෂ්මන්ත චමීර දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 30 කට කඩුලූ 3 ක් දවා ගැනීමට සමත් විය.

 

ඇන්ජලෝ මැතිව්ස් අනගි පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 3 කදී ලකුණු 8 ක් පමණක් ලබා දෙමින් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

 

මහුමුදුල්ලා අවසන්  ඕවර කීපයේදී ලකුණු වේගය වැඩි කරමින් පන්දු 12 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 23 ක් රැස් කළේය.

 

සබීර් රහමන් (80) සහ ශකීබ් අල් හසන් (32) සිවුවැනි කඩුල්ලට පන්දු 67 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමත් තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

 

සබීර් රහමන් පන්දු 54 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 80 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

 

බංග්ලාදේශ පිලේ ප‍්‍රබලතම පිතිකරුවකු වන හිටපු නායක මුෂ්ෆිකුර් රහීම් පන්දු 9 කදී ලකුණු 4 කට දුවද්දී දැවී යෑම ශ්‍රී ලංකා පිලට ප‍්‍රසාද දීමනාවක් බිදු විය.

 

නුවන් කුලසේකර දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ප‍්‍රවේගකාරී පිතිකරු සෞම්‍ය සර්කාර්ගේ ඉනිම පන්දු 3 කට සීමා කරමින් බංග්ලාදේශ පිල සසල කිරීමට සමත් විය.

 

ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීම ආරම්භ කරමින් දෙවැනි පන්දුවේදී මොහොමඞ් මිතුන් (0) පිටියෙන් ඉවත් කරමින් හො`ද ආරම්භයක් ලබා ගත්තේය.

 

ශ්‍රී ලංකා පිලේ නිත්‍ය නායක ලසිත් මාලිංගගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ගැටලූව හේතුවෙන් මෙම තරගයෙන් ඉවත්ව සිටින අතර මෙහිදී නායකයා ලෙස උප නායක ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරයි. මාලිංගගේ ස්ථානයට තිසර පෙරේරා කැඳවා තිබුණි.

බංග්ලාදේශ පිලේ නායක මෂ්රාෆි මොර්ටාෂා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

 


- 048

 

 

 

 

ශ්‍රී ලංකාව ලකුණු 23 කින් බංග්ලාදේශයට පරදි

මෙම තරගය පරාජය වීම නිසා තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවට සහ පාකාස්තානයට එරෙහිව පැවැත්වන ඉතිරි තරග දෙක අනිවාර්යෙන්ම ජයගත යුතුවේ.

 

බංග්ලාදේශයට ලකුණු 23 ක ජයක්…

 

මේ දක්වා බංග්ලාදේශයට එරෙහිව තරග 5 කට සහභාගී වී ඇති ශ්‍රී ලංකාව ඉන් පරාජයට පත්වූ පළමු තරගය මෙයයි.

 

ඕවර 20 කදී 124/8 – අල් අමීන් හුසේන්ගේ පන්දුවක් අවසන් ඕවරයේ පස්වැනි පන්දුවට චාමර කපුගෙදරගෙන් හයේ පහරක්.

 

ඕවර 19.3 කදී 117/8 – අල් අමීන් හුසේන්ගේ පන්දුවක් හමුවේ සෞම්‍ය සර්කාර් අතට උඩ පන්දුවක් දෙමින් නුවන් කුලසේකර ලකුණු ලබාගැනීමට පෙර දැවී යයි.

 

ඕවර 19.1 කදී 116/7 – අල් අමීන් හුසේන්ගේ පන්දුවක් හමුවේ මුෂ්ෆිකුර් රහීම් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 14 ක් ලබා සිටි දසුන් ශානක දැවී යයි.

 

ඕවර 19 කදී 116/5 – මුස්තාෆිසුර් රෙහෙමාන්ගේ සිව්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

 

ඕවර 18 කදී 111/5 – අල් අමීන් හුසේන්ගේ තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට දසුන් ශානකගෙන් හයේ පහරක්.

 

ඕවර 17.1 කදී 92/6 – අල් අමීන් හුසේන්ගේ පන්දුවක් හමුවේ සකීබ් අල් හසන් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 12 ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස් දැවී යයි.

 

ඕවර 17 කදී 102/5 – මුස්තාෆිසුර් රෙහෙමාන්ගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

 

ඕවර 16 කදී 98/5 – සකීබ් අල් හසන්ගේ සිව්වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

 

ඕවර 15 කදී 92/5 – මෂ්රෆි මොටාසාගේ පන්දුවක් හමුවේ සබීර් රෙහෙමාන් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 3 ක් ලබා සිටි මිලින්ද සිරිවර්ධන දැවී යයි.

 

ඕවර 14 කදී 88/4 – මුස්තාෆිසුර් රෙහෙමාන්ගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

 

ඕවර 13.2 කදී 85/4 – මුස්තාෆිසුර් රෙහෙමාන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 4 ක් ලබා සිටි තිසර පෙරේරා දැවී යයි.

 

ඕවර 13 කදී 84/3 – මෂ්රෆී මොටාසාගේ පන්දුවක් හමුවේ තිසර පෙරේරා ලබාදුන් උඩ පන්දුව ටස්කින් අහමඩ් අතින් ගිලිහෙයි.

 

ඕවර 12 කදී 79/3 – සකීබ් අල් හසන්ගෙන් සාර්ථක පන්දු යැවීමක්. මේ වන විට ලකුණු 15 කට කඩුලු 2 යි.

 

ඕවර 11.3 කදී 77/3 – සකීබ් අල් හසන්ගේ වයිඩ් පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුවීම නිසා ලකුණු 26 ක් ලබා සිටි ෂෙහාන් ජයසූරිය දැවී යයි.

 

ඕවර 11 කදී 76/2 – මහමදුල්ලාගේ පන්දුවක් හමුවේ ටස්කින් අහමඩ් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 37 ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල් දැවී යයි.

 

මහමදුල්ලාගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ෂෙහාන් ජයසූරියගෙන් හයේ පහරක්.

 

ඕවර 10 කදී 66/1 – සකීබ් අල් හසන්ගේ දෙවැනි ඕවරයේදී ලකුණු 6 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා පිතිකරැවෝ සමත් වෙති.

 

ඕවර 9 කදී 60/1 – මහමදුල්ලාගේ පළමු ඕවරයටද ලකුණු 4 ක් පමණයි.

 

ඕවර 8 කදී 56/1 – ටස්කින් අහමඩ්ගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

 

ශ්‍රී ලංකාව ලකුණු 50 සීමාව ඉක්මවා යයි. (දිනේස් චන්දිමාල් නොදැවී 25 සහ ෂෙහාන් ජයසූරිය නොදැවී 14)

 

ඕවර 7 කදී 52/1 – නායක මෂ්රෆි මොටාසාගේ පළමු ඕවරයේ පළමු පන්දුවටම චන්දිමාල්ගෙන් හතරේ පහරක්.

 

ඕවර 6 කදී 44/1 – මුෂ්ෆිකුර් රෙහෙමාන්ගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට චන්දිමාල්ගෙන් හතරේ පහරක්

 

ඕවර 5 කදී 38/1 – අල් අමීන් හුසේන්ගේ ‍තෙවැනි ඕවරයේදී ෂෙහාන් ජයසූරියගෙන් හයේ පහරක් සහ චන්දිමාල්ගෙන් හතරේ පහරක්.

 

ඕවර 4 කදී 26/1 – සකීබ් අල් හසන්ගේ පළමු ඕවරයේ සිව්වැනි පන්දුවට ෂෙහාන් ජයසූරියගෙන් හතරේ පහරක්.

 

ඕවර 3.1 කදී 20/1 – සකීබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ සෞම්‍ය සර්කාර් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 12 ක් ලබා සිටි තිලකරත්න ඩිල්ෂාන් දැවී යයි.

 

ඕවර 3 කදී 20/0 – ටස්කින් අහමඩ්ගේ දෙවැනි ඕවරයේ පළමු සහ සිව්වැනි පන්දු වලට ඩිල්ෂාන්ගෙන් හතරේ පහර 2 ක්.

 

ඕවර 2 කදී 9/0 – අල් අමීන් හුසේන්ගේ පන්දුවක් හමුවේ තිලකරත්න ඩිල්ෂාන් ලබාදුන් උඩ පන්දුව මහමදුල්ලා අතින් ගිලිහෙයි. 

 

ඕවර 1 කදී 4/0 - ටස්කින් අහමඩ්ගේ පළමු ඕවරයේ අවසන් පන්දුවට චන්දිමාල්ගෙන් හතරේ පහරක්.

 

ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි පන්දුවේදී ටස්කින් අහමඩ්ගේ පන්දුවක් හමුවේ දිනේෂ් චන්දිමාල් ලබාදුන් උඩ පන්දුව සෞම්‍ය සර්ක්ර් අතින් ගිලිහෙයි.

 

ශ්‍රී ලංකාවට ලකුණු 148 ක ඉලක්කයක්.

 

ඕවර 20 කදී 145/6 – ලකුණු 2 ක් ලබා සිටි නායක මෂ්රෆී මොටාසා බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවේදී දුවද්දී දවාගැනීමකට හසු කරගැනීමට දිනේෂ් චන්දිමාල් සමත් විය.

 

ඕවර 19.2 කදී 140/6 – දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ඇන්ජලෝ මැතිව්ස් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 2 ක් ලබා සිටි නරුල් හසන් දැවී යයි.

 

ඕවර 19 කදී 139/5 – කුලසේකරගේ අවසන් ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 16 ක් රැසකිරීමට මහමදුල්ලා සමත් වෙයි.

 

ඕවර 18 කදී 125/5 – චමීරගේ තෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

 

පිටියට පැමිණි නවක පිතිකරුවා නරුල් හසන්.

 

ඕවර 17.2 කදී 123/5 – දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ දිනේෂ් චන්දිමාල් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 32 ක් ලබා සිටි සකීබ් අල් හසන් දැවී යයි.

 

ඕවර 17 කදී 119/4 – කුලසේකරගේ තෙවැනි ඕවරයට සකීබ් අල් හසන්ගෙන් සහ මහමදුල්ලාගෙන් හතරේ පහර 2 ක්.

 

ඕවර 16 කදී 108/4 – දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ෂෙහාන් ජයසූරිය අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 80 ක් ලබා සිටි සබීර් රෙහෙමාන් දැවී යයි.

 

ඕවර 15 කදී 97/3 – හේරත්ගේ අවසන් ඕවරයේ අවසන් පන්දුවට සබීර් රෙහෙමාන්ගෙන් හතරේ පහරක්.

 

ඕවර 14 කදී 90/3 – දුෂ්මන්ත චමීරගේ පලමු පන්දුවටම සබීර් රෙහෙමාන්ගෙන් හතරේ පහරක්.

 

රංගන හේරත් වෙනුවට පන්දු යැවීම සදහා දුෂ්මන්ත චමීර කැදවයි.

 

ඕවර 13 කදී 84/3 – ෂෙහාන් ජයසූරියගේ තෙවැනි ඕවරයට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 17 ක් රැස්කිරීමට සබීර් රෙහෙමාන් සමත් වෙයි.

 

සබීර් රෙහෙමාන් පන්දු 38 කදී හයේපහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

 

ඕවර 12 කදී 67/3 - හේරත්ගේ තෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

 

ඕවර 11 කදී 62/3 - ඩිල්ෂාන්ගේ පළමු ඕවරයට ලකුණු 5 ක් රැස්කිරීමට බංග්ලාදේශ පිතිකරැවෝ සමත් වෙති.

 

ෂෙහාන් ජයසූරිය වෙනුවට තිලකරත්න ඩිල්ෂාන් පන්දු යැවීම සදහා කැදවයි.

 

ඕවර 10 කදී 57/3 - හේරත්ගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි. බංග්ලාදේශ පිලේ ලකුණු රැස්කිරීමේ වේගය තරමක් අඩාල වී ඇති බව පෙනේ.

 

ඕවර 9 කදී 53/3 - ෂෙහාන් ජයසූරිය දක්ෂ පන්දු යැවීමක. ඔහුගේ දෙවැනි ඕවරයටද එක් ලකුණක් පමණයි.

 

බංග්ලාදේශ පිල ලකුණු 50 සීමාව ඉක්මවා යයි. (සබීර් රෙහෙමාන් නොදැවී 39 සහ සකීබ් අල් හසන් නොදැවී 9)

 

ඕවර 8 කදී 52/3 - රංගන හේරත්ගේ පළමු ඕවරයේ 5 වැනි පන්දුවට සකීබ් අල් හසන්ගෙන් හතරේ පහරක්.

 

පන්දු යැවීම සදහා රංගන හේරත් කැදවයි.

 

ඕවර 7 කදී 44/3 - ෂෙහාන් ජයසූරියගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි.

 

පන්දු යැවීම සදහා ෂෙහාන් ජයසූරිය කැදවයි.

 

ඕවර 6 කදී 41/3 - තිසර පෙරේරාගේ පළමු ඕවරයේදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 14 ක් රැස්කිරීමට සබීර් රෙහෙමාන් සමත් වෙයි. 

 

ඕවර 4.5 කදී 26/3 – ලකුණු 4 ක් ලබා සිටි මුෂ්ෆිකුර් රහීම් දුවද්දදි දවාගැනීමමකට හසුකරගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වෙයි.

 

ඕවර 4 කදී 24/2 - කුලසේකරගේ දෙවැනි ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 18 ක් රැස්කිරීමට සබීර් රෙහෙමාන් සමත් වෙයි. 

 

ඕවර 3 කදී 6/2 - නවක පිතිකරුවා මුෂ්ෆිකුර් රහීම්. මැතිව්ස්ගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

 

ඕවර 2 කදී 2/2 - කුලසේකරගේ පළමු ඕවරයටද එක් ලකුණක් පමණයි.

 

ඕවර 1.3 කදී 2/2 – නුවන් කුලසේකරගේ පන්දුවක් හමුවේ මැතිව්ස් අතට උඩපන්දුවක් දෙමින් සෞම්‍ය සර්කාර් ලකුණු ලබාගැනීමට පෙර දැවී යයි. 

 

ඕවර 1 කදී 1/1 - මැතිව්ස්ගේ පළමු ඕවරයට එක් ලකුණක් පමණයි.

 

ඕවර 0.2 කදී 1/1 – ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු මොහොමඩ් මිතුන් ලකුණු ලබාගැනීමට පෙර දැවී යයි.

 

යහපත් ශාරීරික යෝග්‍යතාවයක නොසිටීම නිසා ලසිත් මාලිංග අද තරගයට ක්‍රීඩා නොකරන අතර ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

 

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම තෝරගනී.

 

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්.

බදුරලිය පිලට පළමු ඉනිමේ ජයක්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාවය සදහා පැවැත්වෙන තරග වටයේදී හලාවත මේරියන්ස් සහ බදුරලිය කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් තොරව අද (28 වැනිදා) අවසන්විය. මෙම තරගය නිදහස් වෙළ`ද කළාපීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

හලාවත මේරියන්ස් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 242 ක් ලබාගත්තේය. සාලිය සමන් (82) සහ තීක්ෂිල ද සිල්වා (65) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ.

 

දකුණතින් වේගපන්දු යවනකසුන් රාජිත ලකුණු 68 කට කඩුලූ 7 ක් බිද හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.

 

බදුරලිය කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 385 ක් රැුස්කිරීමට සමත්විය. නදීර නාවල පන්දු 229 කදී හතරේ පහර නවයක් සහ හයේ පහරක් සමගින් ලකුණු 119 ක් ලබාගත් අතර සමින් කදනආරච්චි (88) සහ හසන්ත ප‍්‍රනාන්දු (70) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ.

 

පස්වන කඩුල්ල සදහා ලකුණු 138 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට නදීර නාවල සහ හසන්ත ප‍්‍රනාන්දු සමත්වූහ.

 

පිටදඟ පන්දු යවන මදුක ලියනපතිරණගේ ලකුණු 113 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

හලාවත මේරියන්ස් කණ්ඩායම දෙවන ඉනිමට ලකුණු 290 ක් ලබාගත්තේය.

 

අශේන් සිල්වා (96) සහ රුක්ෂාන් ප‍්‍රනාන්දු (59) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ. දකුණතින් වේගපන්දු යවන කසුන් රාජිත ලකුණු 94 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

බදුරලිය කණ්ඩායමට ජයග‍්‍රහණය සදහා ඕවර 10 කදී ලකුණු 148 ක් ලබාගැනීමට අවශ්‍යවුවද සිය දෙවන ඉනිමට ලබාගත හැක්වූයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 81 ක් පමණී.

 


හලාවත මේරියන්ස් – පළමු ඉනිම –  ඕවර 46.1 කදී සියලූදෙනා දැවී 242
(සාලිය සමන් 82, තීක්ෂිල ද සිල්වා 65, භානුක රාජපක්ෂ 30, කසුන් රාජිත 86/7, ඉම්රාන් අලී 65/2)

 

බදුරලිය – පළමු ඉනිම –  ඕවර 121.2 කදී සියලූදෙනා දැවී 385
(නදීර නාවල 119, සමින් කදනආරච්චි 88, හසන්ත ප‍්‍රනාන්දු 70, කසුන් රාජිත 22, මදුක ලියනපතිරණගේ 113/5, සාලිය සමන් 73/3)

 

හලාවත මේරියන්ස් – දෙවන ඉනිම – ඕවර 82.4 කදී සියලූදෙනා දැවී 290
(අශේන් සිල්වා 96, රුක්ෂාන් ප‍්‍රනාන්දු 59, භානුක රාජපක්ෂ 43, මදුක ලියනපතිරණගේ 43, කසුන් රාජිත 94/5, ලස්සන පෙරේරා 25/2, ඉමේෂ් උදයංග 76/2)

 

බදුරලිය – දෙවන ඉනිම – ඕවර 10 කදී කඩුලූ 3 ක් දැවී 81
(ඉම්රාන් බට් 40, ලස්සන පෙරේරා නොදැවී 24)

 

යුද හමුදා පිලට කඩුලූ 7 ක ජයක්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාවය සදහා පැවැත්වෙන තරග වටයේදී සැරසන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලූල 7 ක ජයක් අතරකර ගැනීමට යුද හමුදා කණ්ඩායම අද (28 වැනිදා) සමත්විය. මෙම තරගය බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

 යුද හමුදා පිල පළමු ඉනිමට ලකුණු 272 ක් ලබාගත්තේය. ජනිත් සිල්වා (නොදැවී 65), රවින්ද්‍ර පල්ලේගුරුගේ (65) සහ මංජුල ද සොයිසා (51) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ.

 

ලකුණු 157 කට කඩුලූ 9 ක් දැවී අසීරූ අවස්ථාවක සිටි අතර දසවන කඩුල්ල සදහා ලකුණු 115 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ජනිත් සිල්වා සහ රවින්ද්‍ර පල්ලේගුරුගේ සමත්වූහ.

 

සැරසන්ද් පළමු ඉනිම ලකුණු 113 කට සීමා කිරීමට යුද හමුදා පන්දුයවන්නෝ සමත්වූහ. වමතින් දගපන්දු යවන රවින්ද්‍ර පල්ලේගුරුගේ ලකුණු 14 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.

 

යුද හමුදා පිලට වඩා ලකුණු 159 ක් පිටුපසින් සිටි සැරසන්ස් පිල පිට පිට දෙවන වතාවටත් පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර සිය දෙවන ඉනිමේදී ලකුණු 253 ක් රැස්කිරීමට සමත්විය.

 

ලකුණු 95 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි යුද හමුදා පිල කඩුලූ 3 ක් දැවී එම ඉලක්කය පසුකිරීමට සමත්විය.

 


යුද හමුදාව – පළමු ඉනිම –  ඕවර 79.3 කදී සියලූදෙනා දැවී 272
(ජනිත් සිල්වා නොදැවී 65, රවින්ද්‍ර පල්ලේගුරුගේ 65, මංජුල ද සොයිසා 51, සීක්කුගේ ප‍්‍රසන්න 21, බුද්ධික සංජීව 92/4, අලංකාර අසංක 31/2, රනිල් ධම්මික 42/2, සචිත‍්‍ර පෙරේරා 81/2)

 

සැරසන්ස් – පළමු ඉනිම –  ඕවර 56.5 කදී සියලූදෙනා දැවී 113
(මොහොමඞ් අස්ලම් 32, ඉෂාන් පීරීස් 29, රවින්ද්‍ර පල්ලේගුරුගේ 14/5, සීක්කුගේ ප‍්‍රසන්න 36/2)

 

සැරසන්ස් – දෙවන ඉනිම –  ඕවර 110 කදී සියලූදෙනා දැවී 253
(ගමිදු අමරසිංහ 45, ඉෂාන් පීරීස් 37, හර්ෂ කුරේ 35, ගීත් කුමාර 34, රනිල් ධම්මික නොදැවී 28, සංගීත් කුරේ 21, දුෂාන් විමුක්ති 37/3, ජනිත් ද සිල්වා 50/2, සීක්කුගේ ප‍්‍රසන්න 51/2, රවින්ද්‍ර පල්ලේගුරුගේ 67/2)

 

යුද හමුදාව – දෙවන ඉනිම –  ඕවර 16.3 කදී කඩුලූ 3 ක් දැවී 95
(අසේල ගුණරත්න නොදැවී 37, සුලාන් ජයවර්ධන 32)

 

බ්ලූම්ෆීල්ඩ් පිලට පළමු ඉනිමේ ජයක්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාවය සදහා පැවැත්වෙන තරග වටයේදී වරාය අධිකාරිය සහ බ්ලූම්ෆීල්ඞ් කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය. මෙම තරගය පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිමට ලකුණු 477 ක් රැස්කිරීමට සමත්විය. ඩිල්ෂාන් මුණවීර පන්දු 98 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර පහක් සමගින් වේගවත් ලකුණු 114 ක් රැස්කරගත් අතර ළහිරු මදුශංක (130) සහ දේශාන් ඩයස් (108) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

 

හයවන කඩුල්ල සදහා ලකුණු 231 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ළහිරු මදුශංක සහ දේශාන් ඩයස් සමත්වූහ.

 

වරාය අධිකාරී පිල පළමු ඉනිමේදී ලකුණු 214 කට සීමාකිරීමට බ්ලූම්ෆීල්ඞ් පන්දුයවන්නෝ සමත්වූහ. වනිදු හසරංග (87) අර්ධ ශතකයක් ලබාගත්තේය. දක්ෂ පන්දුයැවීමක නිරතවූ උපුල් ඉන්ද්‍රසිරි ලකුණු 70 කට කඩුලූ 5 ක් සහ ඩිල්ෂාන් මුණවීර ලකුණු 45 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත්වූහ.

 

බ්ලූම්ෆීල්ඞ් පළමු ඉනිමට වඩා ලකුණු 263 ක් පිටුපසින් සිටි වරාය අධිකාරී පිල පිට පිට සිය දෙවන ඉනිම ඇරඹූ අතර දිනය අවසන් වනවිට කඩුලූ 9 ක් දැවී ලකුණු 251 ක් ලබා සිටියේය. ප‍්‍රශාන් වික‍්‍රමසිංහ (96) සහ ගයාන් මනීෂාන් (69) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ. වමතින් දගපන්දු යවන චතුර රන්දුණු ලකුණු 70  කට කඩුලූ 5 ක් බිද හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

වරාය අධිකාරී පිලේ අවසන් කඩුල්ල දවාගැනීමට බ්ලූම්ෆීල්ඞ් පිලට නොහැකීවීම හේතුවෙන් ඉනිමක ජයක් ලබාගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය.

 


බ්ලූම්ෆීල්ඞ් – පළමු ඉනිම –  ඕවර 112.4 කදී සියලූදෙනා දැවී 477
(ළහිරු මදුශංක 130, ඩිල්ෂාන් මුණවීර 114, දේශාන් ඩයස් 108, ආලෝක අමරසිරි 26, ප‍්‍රිමෝෂ් පෙරේරා 20, චමින්ද බණ්ඩාර 118/3, මදුශංක ඒකනායක 50/2)

 

වරාය අධිකාරිය – පළමු ඉනිම –  ඕවර 50.5 කදී සියලූදෙනා දැවී 214
(වනිදු හසරංග 87, ගිහාන් රූපසිංහ 27, ප‍්‍රශාන් වික‍්‍රමසිංහ 25, අශාන් පි‍්‍රයන්ජන් 24, යොහාන් ද සිල්වා 20, උපුල් ඉන්ද්‍රසිරි 70/5, ඩිල්ෂාන් මුණවීර 45/4)

 

වරාය අධිකාරිය – දෙවන ඉනිම –  ඕවර 87 කදී කඩුලූ 9 ක් දැවී 251
(ප‍්‍රශාන් වික‍්‍රමසිංහ 96, ගයාන් මනීෂාන් 69, රනේෂ් පෙරේරා 29, චතුර රන්දුණු 70/5, ඩිල්ෂාන් මුණවීර 55/2, උපුල් ඉන්ද්‍රසිරි 71/2)

 

එස්.එස්.සී පිලට ලකුණු 52 ක ජයක්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේදී සී.සී.සී කණ්ඩායමට එරෙහිව ලකුණු 52 ක ජයක් අත්කර ගැනීමට එස්.එස්.සී කණ්ඩායම අද (28 වැනිදා) සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

එස්.එස්.සී පිල පළමු ඉනිමට කඩුලූ 6 ක් දැවී ලකුණු 595 රැස්කර ඉනිම අත්හිටූවීය.

 

පිට පිට දෙවන වතාවටත් පන්දු 318 කදී හතරේ පහර 27 ක් සහ හයේ පහරක් සමගින් ද්විත්ව ශතකයක් රැස් කිරීමට කෞෂාල් සිල්වා සමත්විය. මිනෝද් භානුක පන්දු 166 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර හතරක් සමගින් ලකුණු 120 ක් සහ කවිදු කුලසේකර පන්දු 145 කදී හතරේ පහර හතක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 104 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

 

තෙවැනි කඩුල්ල සදහා ලකුණු 222 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට කෞෂාල් සිල්වා සහ මිනෝද් භානුක සමත්වූ අතර සිව්වන කඩුල්ල සදහා ලකුණු 181 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට කෞෂාල් සිල්වා සහ කවිදු කුලසේකර සමත්වූහ.

 

සී.සී.සී කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 430 ක් ලබාගැනීමට සමත්විය. වොෂාන්ත සිල්වා (නොදැවී 80), ලසිත් අබේරත්න (78) සහ නිෂාම් මසාහීර් (75) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූහ. දකුණතින් වේගපන්දු යවන කසුන් මදුශංක ලකුණු 82 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්විය.

 

සිව්වන කඩුල්ල සදහා ලකුණු 124 ක සම්බන්ධතාවයන් පැවැත්වීමට ලසිත් අබේරත්න සහ නිෂාම් මසාහීර් සමත්වූහ.

 

එස්.එස්.සී දෙවන ඉනිමද කඩුලූ 4 ක් දැවී ලකුණු 237 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. දිමුත් කරුණාරත්න (නොදැවී 70) සහ මිනෝද් භානුක (69) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූ අතර ලක්ෂාන් සදකැන් ලකුණු 70 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.

 

ලකුණු 403 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී දෙවන ඉනිමට ලබාගත හැකිවූයේ ලකුණු 350 ක් පමණී. රොන් චන්ද්‍රගුප්ත පන්දු 148 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර හතරක් සමගින් ලකුණු 140 ක් ලබාගත්තේය. නිෂාම් මසාහීර් (80) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්විය.

 

සිව්වන කඩුල්ල සදහා ලකුණු 162 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට රොන් චන්ද්‍රගුප්ත සහ නිෂාම් මසාහීර් සමත්වූහ.

 

දෑතින්ම පන්දුයවන තරිඳු රත්නායක ලකුණු 106 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 


එස්.එස්.සී – පළමු ඉනිම – ඕවර 133 කදී කඩුලූ 6 ක් දැවී 595
(කෞෂාල් සිල්වා 225, මිනෝද් භානුක 120, කවිදු කුලසේකර නොදැවී 104, දිමුත් කරුණාරත්න 48, ධනුෂ්ක ගුණතිලක 35, කසුන් මදුශංක 32, අකිල ජයසුන්දර 112/3)

 

සී.සී.සී – පළමු ඉනිම –  ඕවර 87.4 සියලූදෙනා දැවී 430
(වොෂාන්ත සිල්වා නොදැවී 80, ලසිත් අබේරත්න 78, නිෂාම් මසාහීර් 75, සචිත් පතිරණ 49, කුසල් මෙන්ඩිස් 42, රොන් චන්ද්‍රගුප්ත 40, ලක්ෂාන් සදකැන් 24, කසුන් මදුශංක 82/5, ධනුෂ්ක ගුණතිලක 77/2)

 

එස්.එස්.සී – දෙවන ඉනිම – ඕවර 34.4 කදී කඩුලූ 4 ක් දැවී 237
(දිමුත් කරුණාරත්න නොදැවී 70, මිනෝද් භානුක 69, ධනුෂ්ක ගුණතිලක 43, කවිදු කුලසේකර නොදැවී 20, තිළිණ කණ්ඩම්බි 20, ලක්ෂාන් සදකැන් 70/4)

 

සී.සී.සී – දෙවන ඉනිම –  ඕවර 76.5 සියලූදෙනා දැවී 350
(රොන් චන්ද්‍රගුප්ත 140, නිෂාම් මසාහීර් 80, ලසිත් අබේරත්න 31, ලක්ෂාන් සඳකැන් නොදැවී 30, තරිඳු රත්නායක 106/5, තිළිණ කණ්ඩම්බී 57/2, ධනුෂ්ක ගුණතිලක 72/2)

 

 

මූවර්ස් පිලට පළමු ඉනිමේ ජයක්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේදී ගාල්ල සහ මූවර්ස් කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය. මෙම තරගය ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

ගාල්ල කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 300 ක් රැස්කරගත් අතර හර්ෂ විතාන (84) සහ දමිත හුණුකුඹුර (51) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ. සනිත ද මෙල් ලකුණු 53 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත්විය.

 

මූවර්ස් කණ්ඩායම පළමු ඉනිමට කඩුලූ 9 ක් දැවී ලකුණු 579 ක් රැස්කර ඉනිම අත්හිටුවීය. මහේල උඩවත්ත පන්දු 333 කදී හතරේ පහර 20 ක් සමගින් ලකුණු 205 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැන්වීය. ඔහු මෙම තරගාවලියේදී ලබාගත් දෙවන ද්විත්ව ශතකය මෙය වෙයි. මීට පෙර වරාය අධිකාරී කණ්ඩායමට එරෙහිව සී.සී.සී ක‍්‍රීඩාංගණයේදී ද්විත්ව ශතකයක් ලබාගැනීමට සමත්විය.

 

ඉරෝෂ් සමරසූරිය පන්දු 202 කදී හතරේ පහර නවයක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 108 රැස්කරගත් අතර සචිත‍්‍ර සේරසිංහ අර්ධ ශතකයක් (89) ලබාගැනීමට සමත්විය.

 

දෙවන කඩුල්ල සදහා ලකුණු 164 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට මහේල උඩවත්ත සහ ඉරෝෂ් සමරසූරිය සමත්වූ අතර තෙවන කඩුල්ල සදහා ලකුණු 222 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට මහේල උඩවත්ත සහ සචිත‍්‍ර සේරසිංහ සමත්වූහ.

 

දිනය නිමාවනවිට ගාල්ල කණ්ඩායම දෙවන ඉනිමට කඩුල්ල 5 ක් දැවී ලකුණු 234 ක් රැස්කිරීමට සමත්විය. නිසල් රන්දික (61) සහ නවිදු නිර්මාල් (නොදැවී 50) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ. විමුක්ති පෙරේරා ලකුණු 49 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත්විය.

 


ගාල්ල – පළමු ඉනිම –  ඕවර 103.3 කදී සියලූදෙනා දැවී 300
(හර්ෂ විතාන 84, දමිත හුණුකුඹුර 51, රුමේෂ් බුද්ධික 30, නිසල් රන්දික 29, සනිත ද මෙල් 53/3, චතුරංග ද සිල්වා 30/2, විමුක්ති පෙරේරා 71/2, මාලින්ද පුෂ්පකුමාර 94/2)

 

මූවර්ස් – පළමු ඉනිම –  ඕවර 157.4 කදී කඩුලූ 9 ක් දැවී 579
(මහේල උඩවත්ත 205, ඉරෝෂ් සමරසූරිය 108, සචිත‍්‍ර සේරසිංහ 89, ශානුක දුලාජ් නොදැවී 42,  ඕෂද ප‍්‍රනාන්දු 37, කෞශල්‍ය ගජසිංහ 21, ගයාන් සිරිසෝම 163/3, සුරාජ් රංදීව් 172/3, චරිත බුද්ධික 71/2)

 

ගාල්ල – දෙවන ඉනිම –  ඕවර 77 කදී කඩුලූ 5 ක් දැවී 234
(නිසල් රන්දික 61, නවිදු නිර්මාල් නොදැවී 50, හර්ෂ විතාන 34, රුමේෂ් බුද්ධික 29, දමිත හුණුකුඹුර 25, චාමර සිල්වා 25, විමුක්ති පෙරේරා 49/3)

 

රාගම පිලට පළමු ඉනිමේ ජයක්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේදී රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගය ජය පරාජෙයන් තොරව අද (28 වැනිදා) අවසන්විය. මෙම තරගය පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

 

එන්.සී.සී කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 417 ක් රැස්කර ගැනීමට සමත්විය.

 

වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කල සදුන් වීරක්කොඩි පන්දු 128 කදී හතරේ පහර 20 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 130 ක් ලබාගැනීමට සමත්විය. ජෙහාන් මුබාරක් (91) සහ උපුල් තරංග (60) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ.

 

පළමු කඩුල්ල සදහා ලකුණු 183 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සදුන් වීරක්කොඩි සහ උපුල් තරංග සමත්වූහ.

 

වමතින් දගපන්දු යවන සහන් නානායක්කාර ලකුණු 80 කට කඩුලූ 6 ක් බිද හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්විය.

 

රාගම පළමු ඉනිමට ලකුණු 647 ක් රැස්කිරීමට සමත්විය. රොෂේන් සිල්වා පන්දු 361 කදී හතරේ පහර 18 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 225 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය. උදාර ජයසුන්දර ලකුණු 96 ක් ලබා සිටියදී තරිදු කෞෂාල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීගියේය.

 

ළහිරු තිරිමාන්න (68), තිලක්ෂ සුමනසිරි (54) සහ සහන් නානායක්කාර (61) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ.

 

පළමු කඩුල්ල සදහා ලකුණු 107 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට උදාර ජයසුන්දර සහ තිලක්ෂ සුමනසිරිත් සිව්වන කඩුල්ල සදහා ලකුණු 107 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ළහිරු තිරිමාන්න සහ රොෂේන් සිල්වාත් අටවන කඩුල්ල සදහා ලකුණු 132 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට රොෂේන් සිල්වා සහ සහන් නානායක්කාර  සමත්වූහ.

 

එන්.සී.සී කණ්ඩායම දිනය නිමාවනවිට දෙවන ඉනිමට කඩුලූ 3 ක් දැවී ලකුණු 312 ක් ලබාගැනීමට සමත්විය. වේගවත් ඉනිමක් ක‍්‍රීඩාකරමින් පන්දු 113 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර  හයක් සමගින් ලකුණු 139 ක් ලබාගැනීමට උපුල් තරංග සමිත්විය.

 

දෙවන කඩුල්ල සදහා ලකුණු 103 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට උපුල් තරංග සහ පවන් වික‍්‍රමසිංහ සමත්වූහ.

 


එන්.සී.සී – පළමු ඉනිම –  ඕවර 97.1 කදී සියලූදෙනා දැවී 417
(සදුන් වීරක්කොඩි 130, ජෙහාන් මුබාරක් 91, උපුල් තරංග 60, ඉසුරු උදාන 38, අනුක් ප‍්‍රනාන්දු 36, ෆර්වීස් මහරූෆ් 22, සහන් නානායක්කාර 80/6, චතුර පීරීස් 93/2, අමිල අපෝ්න්සු 105/2)

 

රාගම – පළමු ඉනිම –  ඕවර 191.2 කදී සියලූදෙනා දැවී 647
(රොෂේන් සිල්වා නොදැවී 225, උදාර ජයසුන්දර 96, ළහිරු තිරිමාන්න 68, සහන් නානායක්කාර 61, තිලක්ෂ සුමනසිරි 54, ළහිරු මිලන්ත 47, සචින්ත පීරීස් 97/3, ඉසුරු උදාන 63/2, තරිදු කෞෂාල් 223/2)

 

එන්.සී.සී – දෙවන ඉනිම –  ඕවර 44 කදී කඩුලූ 3 ක් දැවී 312
(උපුල් තරංග 139, ඇන්ජලෝා පෙරේරා නොදැවී 51, පවන් වික‍්‍රමසිංහ 40, ජෙහාන් මුබාරක් නොදැවී 39, සදුන් වීරක්කොඩි 32)