මේ නියඟයට හේතුව වගකීම් කර ඇරීමයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඇත්තේ තවත් දවස් 3 ක් පමණි. උණුසුම එන්න එන්නම ඉහළ යයි.

 

‘අපි දිනන්නෙමු’යි දෙපිලේම අය වහසි බස් දොඩති. එවන් පසුබිමක සභාපති තනතුර සඳහා තරග වදින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතා සමග 2016 ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වීමේ පසුබිම, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ වත්මන් තත්ත්වය සහ කි‍්‍රකට් කී‍්‍රඩාව වත්මන් තත්ත්වයෙන් මුදවාලීමට ඔවුන් තුළ පවතින සැලසුම් පිළිබඳව කළ පිළිසඳරක දෙවැනි කොටස මෙසේ සටහන් වෙයි.

 

ජාතික පුහුණුකරුවා සම්බන්ධයෙන් තියෙන අර්බුදය තමයි පුද්ගලයන් හිගකම. ලංකාවේ ඉන්න පුහුණුකරුවන් අතුරින් අපේ ජාතික පුහුණුකරුවා වෙන්න පුළුවන් අය ඉන්නේ තුන් හතර දෙනයි.

 

1995 දී ඩැව්නෙල් වට්මෝර් මහතාගේ අයැදුම්පත බැලූවේත් මමයි. එතකොට මම උප සභාපති විතරක් නෙමේ පුහුණු කමිටුවේත් සභාපති. ඒත් එදා ඉඳල අවුරුදු 20 ක් ගිහිල්ලත් පුහුණුකරුවන්ගේ අංශයෙන් අපි ඒ තරම් දුර ගිහිල්ලා නෑ. ඒ සඳහා අපි කරන්න  ඕන ආයෝජනයන් අපි කරල මදි. හැබැයි මහේල, සංගා සහ ඒ හා සමාන තවත් ගොඩක් කී‍්‍රඩකයන් එළියට ඇවිල්ල තියෙනවා. හතුරුසිංහලා බිහිවෙලා තියෙනවා ඒ කිට්ටුවට එන්න. අපි ඒඅ යටත් කිසියම් තාක්‍ෂණික සහයෝගයක් දුන්නොත් ඒ අයත් අපට අවශ්‍ය තැනට එයි. ඒත් ඒක සැලසුම් ඇතිව කරන්න ඕන

 

ප‍්‍රශ්නය : ශී‍්‍ර ලංකාවේ පාසල් කි‍්‍රකට් ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් ඔබේ අවධානය කොහොමද ?

 

පිළිතුර : පාසල් කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ පුංචි පුංචි වෙනස් කම් කිහිපයක් නම් කරන්න තියෙනවා. ඒත් පාසල් කි‍්‍රකට් සංගමයට තමන්ගේ වැඩ කොටස කරගෙන යන්න පූර්ණ නිදහස දෙන්න  ඕනේ.

 

ඉස්සරකාලේ  ඕස්ටේ‍්‍රලියාවේ සහ එංගලන්තයේදී කරපු පර්යේෂණයකින් අපි හොයාගත්තා අපේ 13 න් පහළ සහ 15 න් පහළ වේග පන්දු යවන්නන්  ඕවර 14 ක් 15 ක් එකදිගට දානවා. එතකොට අපි දැක්ක දේ තමයි අවුරුදු 16 නැත්නම් 17 වෙනකොට ඒ දරුවගේ ඉළ ඇට කැඩිලා, ඇදවෙලා විවිධ ආබාධ වලට ලක්වෙන එක. ඒ නිසා අපි ඒ පර්යේෂණ වාර්තාව ගෙන්නලා පාසල් කි‍්‍රකට් සංගමයට කිව්වා කුඩා කාලයේ වේග පන්දු යවන්නකුට එක පන්දු යැවීමේ වාරයකදී  ඕවර 6 කට වඩා යවන්න දෙන්න එපා. තරගයේ විවේක කාලයන් දෙකක් අතර  ඕවර 15 කට වඩා යවන්න දෙන්නත් එපා කියලා.

 

අපි එහෙම කිව්වේ කී‍්‍රඩකයා ආරක්‍ෂා කරගන්න. ඒ ගොල්ලන් ඒ උපදේශය ඒ වෙලාවේ පිළිගත්තා. පස්සේ අපි 17 න් පහළ වෙනකොට  ඕවර 2 ක් 3 ක් වැඩි කළා. 19 න් පහළ වෙනකොට දරුවන් තව ටිකක් මෝරලා නිසා දවසට  ඕවර 18 ක් දාගන්න පුළුවන්. ඒත් ඉස්සර එහෙම නෙමේ. එක පන්දු යවන්නෙක් එක පැත්තක් අල්ලගෙන පන්දු යවනවා.. ඕවර 25 යි නැත්නම් 30 යි. එතකොට අවුරුදු 16-17 වෙනකොට එයා ගෙවිලා ඉවරයි. ඒ එක්කම යම් විදියකින් එයාගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදී වුණොත් පාදය පතිත කරන ආකාරය වැරදුණොත්, අවුරුදු 23 නැත්නම් 24 වෙනකොට කොඳු ඇට පේලිය දිගේම ආබාධ එනවා.

 

ඒ නිසා අපි පාසල් කි‍්‍රකට් සංගමයට කිසියම් උපදෙස් මාලාවක් දුන්නා. ඒක ඒ ගොල්ලන් පිළිගත්තා. ඒ වගේ දැන් අපි දෙදින තරග කී‍්‍රඩා කරනවා මදි. ඒ ප‍්‍රමාණය වැඩි කරන්න  ඕන. දෙදින තරග මීට වඩා ව්‍යාප්ත කරලා පුළුවන් නම් ඉල්ලීමක් කරන්න වෙනවා පන්දු රකින්නන් රැඳවීමේදී සීමා යොදන්න කියලා.
පිට ඉන්න පැත්තේ පන්දු රකින්නන් 7 ක් දාලා පා ඉන්න පැත්තෙන් 2 ක් දාලා පා ඉන්න එල්ලයේ පන්දු යවමින් හිටියාම පන්දු යවන්නා හැදෙන්නෙත් නෑ.

 

පිතිකරුවා හැදෙන්නෙත් නෑ. එත් අපි 5 ට 4 අනුපාතයට කී‍්‍රඩකයන් රඳවලා කී‍්‍රඩා කරනවා නම් පන්දු යවන්නාටත් කඩුලූ දවාගන්න නම් එක එක විදිහේ වෙනස් කම් කරන්න වෙනවා. පිතිකරුවාටත් අභියෝගයක් තියෙනවා කී‍්‍රඩකයන් අතර පරතරය තෝරාගෙන ලකුණු ලබාගන්න. වැඩි පුර තනි ලකුණු කරා යන්න. මේකෙන් කී‍්‍රඩකයාත් හැදෙනවා. කී‍්‍රඩාවත් හැදෙනවා. මේ නිසා වඩාත් දක්‍ෂ කී‍්‍රඩකයා රැුකගන්න අපි වැඩ කරන්න  ඕන.

 

අපි ලෝක කුසලාන තරගාවලි දෙකක් ජයගන්න තුරුත් අපේ කී‍්‍රඩාව ආරක්‍ෂා වුණේ මේ පාසල් කි‍්‍රකට් පද්ධතිය නිසයි. ඒක හොඳයි. ඒත් ඒක තාක්‍ෂණයත් එක්ක වැඩිදියුණු වෙන්න  ඕනේ.

 

ප‍්‍රශ්නය : ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් කවුරුන් දස්කම් දැක්වූවත් ඒ සෑම දෙනාම පාසල් වියේදී පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයන් වශයෙන් දස්කම් දැක්වූ අයමයි. මේ කී‍්‍රඩකයන් සියලූ දෙනාම ඔප මට්ටම් කරන්නේ පාසල් වල සිටින පුහුණුකරුවන්ය කියන එක මෙහි යථාර්ථයයි. ඒත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සේවක මණ්ඩලයේ ඉන්න 229 දෙනාගෙන් 60 කට වැඩි පිරිසක් වන පුහුණුකරුවන්ට කරන්න දෙයක් තියෙනවාද ?

 

පිළිතුර : අපේ සැලැස්ම අනුව, ජාතික කණ්ඩායම, ශී‍්‍ර ලංකා ‘එ්’ කණ්ඩායම සහ ජාතික පුහුණු කඳවුරු, ඒ කියන්නේ (19 න් පහළ සහ 17 න් පහළ නැත්නම් 15 න් පහළ) සඳහා වන පුහුුණුකරුවන් හැර වෙනත් කිසිම පුහුණුකරුවෙක් අපි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඇතුළේ තියාගන්නේ නෑ. අනෙක් සියලූ දෙනාම අපි දිස්ති‍්‍රක් හෝ පළාත් වෙත අනුයුක්ත කරනවා.

 

දිස්ති‍්‍රක් හෝ පළාත් පුහුණුකරුවන් කි‍්‍රකට් ආයතනය ඇතුළේ ඉන්න  ඕන නෑ. ඒක දිස්ති‍්‍රක් සංගමයේ නැත්නම් පළාත් කි‍්‍රකට් සංගමයේ වැඩක්. ඔවුන් වගකියන්නේ ඒ ඒ් ආයතන වලටයි. ඒ ගොල්ලෝ කොළඹ ඉඳන් වැටුප් අරගෙන, මොණරාගල, අම්පාර නැත්නම් බදුල්ලෙ ගිහිල්ලා, ඒත් නැත්නම් යාපනයට ගිහිල්ලා වැඩ කළාට දිස්ත‍්‍රික් හෝ පළාත් සංගම් වලට වගකියන්නේ නෑ.

 

දිස්ති‍්‍රක් සංගමය කියන්නේ අපේ උප පරිපාලන ඒකකයි. අපි දිස්ති‍්‍රක් සංගම් 22 ඉතාමත් ශක්තිමත් කරනවා. ඒ අයට අවශ්‍ය ෆැක්ස්, දුරකතන, අන්තර්ජාල හෝ විද්යුත් ලිපින පහසුකම් සේරම දෙනවා. හැම දිස්ති‍්‍රක්කයෙම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ දිස්ති‍්‍රක් කාර්යාලයක් අපි හදනවා.
 

 

ප‍්‍රශ්නය : මෙවර කි‍්‍රකට් නිලවරණයේ ඡන්ද ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔබ දකින හොඳ සහ නරක දේ මෙනවාද ?

 

පිළිතුර : මම දැක්ක හොඳ දෙයක් තමයි ප‍්‍රථම වතාවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාවට බලයක් දීල තියෙනවා. ඉස්සර නිලවරණයක් තියෙන්න තිබ්බහම ව්‍යවස්ථාව සත පහකට ගණන්ගත්තේ නෑ. කි‍්‍රකට් සභාපතිවරයෙක් ඊට කලින් අවුරුදු දෙකක් විධායක කමිටුවේ ඉන්න  ඕන කියල නියමයක් තියෙනවා. ඒක ව්‍යවස්ථාවේ තියෙනවා. ඒකට අපි ගරු කරන්න  ඕන. ඒ නිසා පළමුවෙනි වතාවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ව්‍යවස්ථාවටත් කී‍්‍රඩා නීතියටත් කිසියම් හයියක් දීපු නිලවරණයක්.

 

කොහොම වුණත් සමහර අයගේ ඡන්ද බලය සම්බන්ධයෙන් විවිධ ගැටළු තියෙනවා. ඒ නිසා ඡුන්දය හිමි සාමාජිකයන්ගේ නෛතිකභාවය පිළිබඳ හොයල බලල කිසියම් පිරිසිදු කිරීමක් කළා නම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද සමහර සංගම් වල නෛතිකභාවය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙනවා.
 

 

ප‍්‍රශ්නය : හැමෝම කියනවා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි කියලා. මේක අවසන් වරට වෙනස් කළේ 2003 දි. මේ පරණ ව්‍යවස්ථාවෙම එල්ලිලා ඉන්නේ ඇයි ?

 

පිළිතුර : වර්තමාන කී‍්‍රඩා නීතියේ වෙනස්කම් එක්ක මේ ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම සංශෝධනය කරන්න වෙනවා. උදාහරණයක් වශයෙන් කී‍්‍රඩා නීතියේ තියෙනවා පාසල් නියෝජිතයන් දෙදෙනෙක් පැමිණිය යුතුයි කියලා. අපේ ව්‍යවස්ථාවෙ තවම දෙන්නෙක්ට අවසර දීල නෑ. ඒක හදන්න  ඕන. ඒත් අපි කී‍්‍රඩා නීතියට ගරු කරලා, ආරාධනා මත දෙන්නෙක් තියාගෙන ගමන යනවා.

 

පසුගිය කාලයේ පුංචි පුංචි වෙනස්කම් ගොඩක් වුණා. ඒවා අනුයුක්ත කරන්නම වෙනවා.
 

 

ප‍්‍රශ්නය : මේ ඡන්ද ව්‍යාපාරය දිහා බැලූවාම එකම පිරිස දෙපිළට බෙදී ගිය බවක් පෙනෙන්න තියෙනවා. ඡන්ද ප‍්‍රතිඵලය මොකක් වුණත් දැනට ඉන්න ප‍්‍රතිවාදීන් එක්ක ඡුන්දයෙන් පස්සේ එකට වැඩකරන්න සිදුවෙයිද?

 

පිළිතුර : පැහැදිළිවම මේ ඡන්දය මම දිනනවා. ඒ ගැන මට අබමල් රේණුවක සැකයක් නෑ. මම නිලවරණයකට ඉදිරිපත වෙන්නෙ නෑනෙ පරදිනවා නම්. මම පැහැදිළිවම ජයග‍්‍රණය කරනවා.

 

මම වර්තමානයේ දරන දේශපාලන තනතුර මොකක්ද? නිතරගෙයෙන් තේරීපත්වුණ නියෝජ්‍ය කතානායක. ඒ නිසා ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුව තුළ 224 දෙනෙක්ට සාධාරණව, මධ්‍යස්ථව වැඩකරන්න බැඳිලා ඉන්නවා. ඒ නිසා මේ රටේ කි‍්‍රකට් වල සුබසිද්ධිය සඳහා, කි‍්‍රකට් වලට සහයෝගය දක්වන  ඕනම කෙනෙකුට ආරාධනා කරල එකතු වෙලා වැඩ කරන්න මට පුළුවන්. ඒකේ කිසිම ප‍්‍රශ්නයක් නෑ.

 

ප‍්‍රශ්නය : මෙවර ඡන්දය දිනුවොත් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් ඔබ ඉදිරිපත් කරන සැලැස්ම කුමක්ද ?

 

පිළිතුර : මගේ ඉහත පිළිතුරු වලත් අපේ සැලසුම් ගැන ගොඩාක් තිබුණා. ඒත් සියල්ලම එකට කැටිකරලා කියනවා නම් අපේ එකම අරමුණ ශී‍්‍ර ලංකාවේ සිටින සියලූම දක්‍ෂ කී‍්‍රඩකයන්ටත් පුද්ගලයන්ටත් ශී‍්‍ර ලංකාව නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ඇති කිරීමයි. අපි ගන්නා හැම තීන්දුවකම පදනම ඒකයි.
 

 

ප‍්‍රශ්නය : ජාතික කණ්ඩායමේ පුහුණුකරු සම්බන්ධ ප‍්‍රශ්නය විසඳා ගන්නේ කොහොමද?

 

පිළිතුර : අපි දැනට තුන් දෙනෙක්ට කතාකරලා තියෙනවා. අපිට සති 7 ක් වගේ කාලයක් තියෙන්නේ විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියට යන්න. ඒ නිසා විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියට යන්න අපට කෙටි කාලීන සැලැස්මක් තියෙනවා. දීර්ඝ කාලීනව නම් අවම වශයෙන් අවුරුදු 3 කට වත් කෙනෙක් ගේන්න  ඕන.

 

අනෙක් කාරණය තමයි දීර්ඝකාලීනව අපේ ජාතික පිලට ගේන්න සුදුසු පුහුණුකරුවෙක් මේ වෙලාවේ නිකම් ඉන්න විදිහක් නෑ. මොකද ඉල්ලූම තියෙන කෙනෙක්නේ අපි හොයන්නේ. ඒ වගේ කෙනෙක් මේ වෙලාවේ ගිවිසමකයි ඉන්නේ.

 

ඒ වගේ කෙනෙක් ගේන්න නම් එක්කෝ ගිවිසුම අවසන් වෙලා තියෙන්න  ඕනේ. නැත්නම් ගිවිසුම කඩලා අපිත් එක්ක එන්න  ඕනේ. මට මාස 4 ක් 5 ක් වත් තිබුණා නම් මම ඒක මේවෙන කොටත් කරලා. එත් දැන් වෙලා මදි. ඒක නිසා අපි හොඳ කෙනෙක් හොයාගෙන යනවා. එයා සමහර විට විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්.

 

මේ දෙක අතර දෝලනය වෙමින් අපි ඔවුන් සමග කතාබහ කරනවා. කොහොම වුණත් විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කරන්න අපට සැලසුමක් තියෙනවා. එතැනද පුහුණුකරුවා සම්බන්ධයෙන් ගන්නා කි‍්‍රයාමාර්ගය උපක‍්‍රමශීලීව ගත යුතුයි.
 

 

ප‍්‍රශ්නය : ශී‍්‍ර ලංකා කණ්ඩායමට වඩාත් සුදුසු වන්නේ විදේශීය පුහුණුකරුවෙක් කියන අදහසට එරෙහිව තවත් මත තියෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

 

ප‍්‍රශ්නය : මෙතන තියෙන්නේ කී‍්‍රඩා සමාජ ලැදියාවන් නෙමේ. අපේ ජාතික පුහුණුකරුවා සම්බන්ධයෙන් තියෙන අර්බුදය තමයි පුද්ගලයන් හි`ගකම. ලංකාවේ ඉන්න පුහුණුකරුවන් අතුරින් අපේ ජාතික පුහුණුකරුවා වෙන්න පුළුවන් අය ඉන්නේ තුන් හතර දෙනයි.

 

1995 දී ඩැව්නෙල් වට්මෝර් මහතාගේ අයැදුම්පත බැලූවේත් මමයි. එතකොට මම උප සභාපති විතරක් නෙමේ පුහුණු කමිටුවේත් සභාපති. ඒත් එදා ඉඳල අවුරුදු 20 ක් ගිහිල්ලත් පුහුණුකරුවන්ගේ අංශයෙන් අපි ඒ තරම් දුර ගිහිල්ලා නෑ. ඒ සඳහා අපි කරන්න  ඕන ආයෝජනයන් අපි කරල මදි. හැබැයි මහේල, සංගා සහ ඒ හා සමාන තවත් ගොඩක් කී‍්‍රඩකයන් එළියට ඇවිල්ල තියෙනවා. හතුරුසිංහලා බිහිවෙලා තියෙනවා ඒ කිට්ටුවට එන්න. අපි ඒඅ යටත් කිසියම් තාක්‍ෂණික සහයෝගයක් දුන්නොත් ඒඅ යත්අපට අවශ්‍ය තැනට එයි. ඒත් ඒක සැලසුම් ඇතිව කරන්න  ඕන
 

 

ප‍්‍රශ්නය : 2016 වසරේදී ශී‍්‍ර ලංකාවේ ජාත්‍යන්තර තරග වැඩිකරගැනීමේ අවස්ථාවක් තියෙනවාද ?

 

පිළිතුර : අපේ ඉදිරි තරග සැලැස්ම ගත්තොත් 2023 විතර වෙනකම් අපට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරගාවලි (ලෝක කුසලාන තරගාවලි) ශී‍්‍ර ලංකාවේදී සංවිධානය කිරීමේ අවස්ථාව ගිළිහිලා ගිහින් තියෙනවා. අන්තිම එක තියලත් දැන් අවුරුදු 3 ක් වෙනවා. අපි නිය`ගයක ඉන්නේ. මේ ගැන හරියට සාකච්ඡා කරලා සැලසුම් යොදලා නෑ.

 

සාමාන්‍යයෙන් අන්තර්ජාතික තරගාවලි සැලැස්මක් හදන්න අඩුම වශයෙන් අවුරුදු 3 ක් විතර යනවා. දැන් මේ නියඟය ඇතිවෙන්න හේතුව මීට අවුරුදු දෙකකට තුනකට ඉහතදී මේව කර ඇරලා හිටපු නිසයි. ඒ නිසා මේ හිස්තැන් පුරවන්න අපට මහන්සි වෙන්න වෙයි. අපට ලංකාවෙන් පිට ගිහින් සෙල්ලම් කරන්න පුළුවන්. ඒත් මේ තියෙන හිදැස් පුරවන්න තියෙන හොඳම ක‍්‍රමය තමයි පුළුවන් තරම් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමටයි ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායමටයි අවස්ථාව දීම. ඒකෙන් තමයි අපේ ජාතික කණ්ඩායම දියුණු කරගන්න පුළුවන් වෙන්නේ.

 

අවස්ථාව : මෙතෙක් දුන් පිළිතුරු වලට අමතරම ඔබට කියන්නට යම් දෙයක් තියෙනවා නම් මෙන්න අවස්ථාව

 

ප‍්‍රතිචාරය : මම හිතනවා ලංකාවෙ කි‍්‍රකට් කී‍්‍රඩාවට අවශ්‍ය පරිවර්තනය කරන්න අපට අවුරුදු 3 ක කාලයක් නිදහස දුන්නොත් ආදායම වැඩිකරල, ගෞරවාන්විත විදිහ ට කී‍්‍රඩකයන්ගේ අභිමානය ආරක්‍ෂා කරලා, රටේ කීර්තිය ආරක්‍ෂා කරලා ලෝකයේ ප‍්‍රබලතම කි‍්‍රකට් කණ්ඩායමක් හදන්න අවශ්‍ය නායකත්වය දෙන්න මට පුළුවන් කියලා. ඒ නායකත්වය දීමට අවස්ථාවන් අවුරුදු 10 කින් තිබිලා නෑ. ඒ නිසා ලෝක කී‍්‍රඩාවේ, ආසියාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් පෙනී ඉන්න අය බොහොම අවංකව බලාපොරොත්තු වෙනවා මට ඒ නායකත්වය ලැබේවි කියලා.

 

මම බොහොම කැමැත්තෙන් ඒ වෙනුවෙන් කැපවෙන්න බලාපොරොත්තු වෙනවා.

 

මේ පරිහානියට හිටපු ක‍්‍රීඩා ඇමැති වගකිව යුතුයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඇත්තේ තවත් දවස් 3 ක් පමණි. උණුසුම එන්න එන්නම ඉහළ යයි.

 

‘අපි දිනන්නෙමු’යි දෙපිලේම අය වහසි බස් දොඩති. එවන් පසුබිමක සභාපති තනතුර සඳහා තරග වදින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු ලේකම්වරයා වන නිශාන්ත රණතුංග මහතා සමග 2016 ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වීමේ පසුබිම, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ වත්මන් තත්ත්වය සහ කි‍්‍රකට් කී‍්‍රඩාව වත්මන් තත්ත්වයෙන් මුදවාලීමට ඔවුන් තුළ පවතින සැලසුම් පිළිබඳව කළ පිළිසඳරක දෙවැනි කොටස මෙසේ සටහන් වෙයි.

ප‍්‍රශ්නය : ඔබ කියනවා ශී‍්‍ර ලංකාවේ පාසල් පද්ධතියෙන් තමයි කි‍්‍රකට් කී‍්‍රඩකයන් බිහිකරන්නේ කියලා. එහෙනම් දැනට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සේවයේ නියුතු සේවකයන් 229 දෙනාගෙන් 60 කට වැඩි පිරිසක් වන පුහුණුකරුවන්ට කරන්නට දෙයක් තියෙනවාද ?

 

පිළිතුර : පාලක මණ්ඩලයේ පුහුණුකරුවන්ගෙන් දිස්ති‍්‍රක් මට්ටමේ තමයි පුහුණුකරුවන් වැඩි පිරිසක් ඉන්නේ. දිස්ති‍්‍රක්ක 23 ම පුහුණුකරුවන් ඉන්නවා. සමහර දිස්ති‍්‍රක්ක වල පුහුණුකරුවන් දෙතුන් දෙනෙක් ඉන්නවා. කොළඹ වගේ ප‍්‍රදේශවල. කි‍්‍රකට් ආයතනයේ ඉන්න පුහුණුකරුවන් කරන්නේ පාසල් කී‍්‍රඩකයන්ගේ තරග නරඹලා, දක්‍ෂ කී‍්‍රඩකයන් සංචිත ගතකරන එකයි. ඒකෙන් තමයි අවුරුදු 17 න් පහළ සහ අවුරුදු 19 න් පහළ වගේ ජාතික සංචිත වලට කී‍්‍රඩකයන් ගෙන එන්නේ. මේක හරියට මැණික් ගරනවා වගේ වැඩක්. දක්‍ෂ කී‍්‍රඩකයන් දැකලා, ඔවුන් තෝරාගෙන, හරි මගට යැවීමට තමයි ඔවුන් ඉන්නේ.

 

ඊට අමතරව අපේ කාන්තා කි‍්‍රකට් කී‍්‍රඩාවත් තියෙනවා. කාන්තා කි‍්‍රකට් කී‍්‍රඩාව සඳහාත් පුහුණුකරුවන් පිරිසක් වෙන් කරලා ඉන්නවා. අපේ කි‍්‍රකට් විද්‍යායතනයට පුහුණුකරුවන් ඉන්නවා. වේග පන්දු යවන්නන්ගේ සංචිතයට පුහුණුකරුවන් ඉන්නවා. පිතිහරඹ පුහුණුකරුවන් ඉන්නවා. පන්දු රැකීමේ පුහුණුකරුවන් ඉන්නවා.

 

මේ කට්ටිය ඔක්කොම එකතු වුණාම තමයි 60 ක් විතර වෙන්නේ. මා හිතන්නේ නෑ මේක වැඩි ප‍්‍රමාණයක් කියලා.

 

ප‍්‍රශ්නය : මෙවර කි‍්‍රකට් නිලවරණයේ ඡන්ද ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔබ දකින හොඳ සහ නරක දේ මෙනවාද ?

 

පිළිතුර : කි‍්‍රකට් පරිපාලනයට කි‍්‍රකට් කී‍්‍රඩකයන්ම සම්බන්ධ වීම වඩාත් හොඳයි කියලා සාමාජිකත්වය තේරුම් අරන් තියෙනවා. අද අපේ කණ්ඩායම දිහා බැලූවොත් අර්ජුන රණතුංග, නිලන්ත රත්නායක සහ මම, අපේ මුල් හය දෙනාගෙන් තුන්දෙනෙක්ම ජාතික කණ්ඩායමට කී‍්‍රඩා කරලා තියෙනවා. ඊට අමතරව අසංග සෙනෙවිරත්න, හිරන්ත පෙරේරා සහ ඊස්ට්මන් නාරාංගොඩ යන තුන් දෙනාම පළමු පෙළ තරග වලට කී‍්‍රඩා කරලා තියෙනවා.

 

ඒ වගේම පරිපාලනමය වශයෙන් බැලූවොත් අපේ ඉන්න කණ්ඩායමේ අසංග සෙනෙවිරත්න, හිරන්ත පෙරේරා, ඊස්ට්මන් නාරංගොඩ සහ මමත් පෞද්ගලික අංශයේ ප‍්‍රධාන විධායක තනතුරු දැරූ අය. අපේ භාණ්ඩාගාරික වශයෙන් ඉදිරිපත් වන ඊස්ට්මන් නාරංගොඩ මහතා බැංකුකරුවකු වශයෙන් වසර 35 ක 40 ක පළපුරුද්දක් ඇති කෙනෙක්.

 

ඒ වගේම කි‍්‍රකට් පැත්තෙන් සහ රජයේ පාර්ශ්වයෙන් බැලූවොත් දේශපාලනික වශයෙන් අර්ජුන රණතුංග මහතාගේ (වරාය සහ නාවික කටයුතු ඇමති) හයියත් අපට ලැබෙනවා.
 

 

ප‍්‍රශ්නය : මෙවර නිලවරණය සම්බන්ධයෙන් සිදුවන අකටයුතුකම් කිසිවක් ඔබ දකිනවාද ?

 

පිළිතුර : අකටයුතුකම් සම්බන්ධයෙන් නම් චෝදනා තියෙනවා. ඒත් ඒ සියල්ලටම වඩා වැදගත් වෙන්නේ ඡන්දය පැවැත්වීමයි. මීට මාස 9 කට කලින් අපේ හිටපු කී‍්‍රඩා ඇමතිවරයා මේ කරපු දේ නිසා අපේ කී‍්‍රඩාව ඉතාමත් පහළ තත්ත්වයකට වැටිලා තියෙනවා.

 

අද එක්දින සහ ටෙස්ට් තරග අපි නවසීලන්තයටත් පරදිනවා. ඉතින් මා හිතන්නේ මොන පාර්ශ්වය ආවත්, සාමාජිකත්වයට මේ අවස්ථාව ලබා දීම ඉතාමත් වැදගත් කියලයි. 2015 මාර්තු මාසයේදී තිබුණ ශ්‍රේණිගත කිරීම් සහ අද වෙනකොට පවතින ශ්‍රේණිගත කිරීම් දිහා බැලූවාම අපේ කී‍්‍රඩාව ගමන් කරලා තියෙන්නේ ඉහළට පහළටද කියලා හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. ඡුන්දයක් යනකොට දෙපැත්තෙන්ම විවිධ චෝදනා එනවා. ඒත් සාමාජිකත්වයට මේ දුන්න අවස්ථාවයි වැදගත් වෙන්නේ.
 

 

ප‍්‍රශ්නය : අපේ කි‍්‍රකට් කී‍්‍රඩාව පහළට වැටුණේ හිටපු කී‍්‍රඩා ඇමතිවරයාගේ මොන විදිහේ පියවර නිසාද ?

 

පිළිතුර : හිටපු කී‍්‍රඩා ඇමතිවරයාගේ කාලයේ අපේ කි‍්‍රකට් කී‍්‍රඩාවට හිටපු දක්‍ෂයෝ කීප දෙනෙක් අයින් වුණා. අපේ හිටපු තේරීම් කමිටු නිලධාරීන් වන සනත් ජයසූරිය සහ හෂාන් තිලකරත්න ජාතික කණ්ඩායමේ නායකයෝ දෙන්නෙක්. ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ 1996 ලෝක කුසලාන කණ්ඩායමේ කී‍්‍රඩකයෙක්. එරික් උපශාන්ත ජාත්‍යන්තර වර්ණ දිනාගත් කී‍්‍රඩකයෙක්. මාවන් අතපත්තු සහ චමින්ද වාස් වගේ අයත් කිසියම් හේතු මත අයින් කරලා තියෙනවා. ඒ ගත්ත තීරණ නිසා කී‍්‍රඩාවේ විශාල පසුබෑමක් ඇතිවෙලා තියෙනවා. කී‍්‍රඩාව මේ තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් එතුමා (හිටපු කී‍්‍රඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා) කිසියම් වගකීමක් ගත යුතුයි.

 

මගේ දැනුම හැටියට නම් දේශීය පුහුණුකරුවෙක්ද විදේශීය පුහුණුකරුවෙක්ද කියන එකට වඩා අපි බලන්න  ඕනේ වැඬේට සුදුසුස්සා කවුරුන්ද කියන එකයි. අපේත් දක්‍ෂ කී‍්‍රඩකයන් ඉන්නවා. ටෙස්ට් තරග 100 ක් එක්දින තරග 200 ක් 250 ක් ගහපු. ඔවුන්ට කි‍්‍රකට් පුහුණුකිරීම් සම්බන්ධයෙන් දැනුමක් තියෙනවා. සමහර අය තමන් හොඳ පුහුණුකරුවන් කියලා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඒ නිසා මා හිතනවා අපේ අයටත් ඒ අවස්ථාව දිය යුතුයි කියලා.
 

 

ප‍්‍රශ්නය : හැමෝම කියනවා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි කියලා. මේක අවසන් වරට වෙනස් කළේ 2003 දි. මේ පරණ ව්‍යවස්ථාවෙම එල්ලිලා ඉන්නේ ඇයි ?

 

පිළිතුර : ව්‍යාවස්ථාව වෙනස් කරන්න  ඕන නම් ඒක සාමාජිකත්වය එක්ක සාකච්ඡ කරලා එකේ තියෙන ප‍්‍රශ්නය මොකක්ද කියලා හඳුනාගෙන ඒකට පිළියමක් යොදන්න  ඕන. එහෙම නැතිව වෙනස් කිරීම සාධාරණ නැහැ. විශේෂයෙන්ම අපේ සාමාජිකයෝ කි‍්‍රකට් කී‍්‍රඩාව ගෙනිච්චේ නැත්නම් ඒකේ විශාල බලපෑමක් කි‍්‍රකට් කී‍්‍රඩාවට තියෙනවා.

 

සමහර කට්ටිය සාමාජිකයන්ව දකින්නේ ඡන්ද කාලෙට විතරයි. නමුත් කි‍්‍රකට් කී‍්‍රඩාව පවත්වාගෙන යාමටත් ඔවුන්ගෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා. ඒ සියලූ දෙනාටම මූල්‍යමය පහසුකම් නැතත්, ගම් මට්ටමින්, දිස්ත‍්‍රික්ක මට්ටමින් හෝ තමන්ගේ කී‍්‍රඩා සමාජ මට්ටමින් ’ඔවුන් විශාල සේවයක් කරනවා.
 

 

ප‍්‍රශ්නය : මේ ඡන්ද ව්‍යාපාරය දිහා බැලූවාම එකම පිරිස දෙපිළට බෙදී ගිය බවක් පෙනෙන්න තියෙනවා. ඡුන්ද ප‍්‍රතිඵලය මොකක් වුණත් දැනට ඉන්න ප‍්‍රතිවාදීන් එක්ක ඡන්දයෙන් පස්සේ එකට වැඩකරන්න සිදුවෙයිද?

 

පිළිතුර : මේ ඡන්දයේදී අපේ ජයග‍්‍රහණය ගැන අපට දැඩි විශ්වාසයක් තියෙනවා. ඒත් සාමාජිකත්වය අනික් පාර්ශ්වයේ අයවත් පිළිගත්තොත් ඒකට අපි ගරුකළ යුතුයි. සභාපති තනතුර මම දිනලා තරගාවලි කමිටුවේ හෝ විනිසුරු කමිටුවේ සභාපති වශයෙන් අනෙක් පැත්තේ කෙනෙක් ආවොත් අපි එයාවත් පිළිගන්න  ඕනා. ඒත් මම දකින විදිහට නම් සාමාජිකත්වයේ සම්පූර්ණ සහයෝගය අපට තියෙනවා.
 

 

ප‍්‍රශ්නය : මෙවර ඡන්දය දිනුවොත් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් ඔබ ඉදිරිපත් කරන සැලැස්ම කුමක්ද ?

 

පිළිතුර : අපි දිනුවට පස්සේ විවිධ අංශ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. කි‍්‍රකට් සම්බන්ධයෙන් සහ පරිපාලනය සම්බන්ධයෙන් විශේෂ දැනුමක් තියෙන අයගෙන් සමන්විත කමිටුවක් පත්කරලා ඔවුන්ට ඒ ගැන විශේෂ අධ්‍යයනයක් ලබාගන්න අවස්ථාව දෙන්න අපි කටයුතු කරනවා. මූල්‍යමය පැත්තෙන් ඉදිරි අවුරුදු 4-5 සම්බන්ධයෙන් සාමාජිකත්වයට විශේෂ අවබෝධයක් ඇතිකරලා ඒ සඳහා ඔවුන් දායක කරගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡුා කරනවා.

 

කෙටි කාලීන වශයෙන් අපට තියෙන අභියෝගය තමයි විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය සඳහා හොඳ කණ්ඩායමක් සූදානම් කරගැනීම. ඒ වගේම සමහර කී‍්‍රඩකයන් ගැන තියෙන ප‍්‍රශ්න නිරාකරණය කරගැනීමට අවශ්‍ය කටයුතු කිරීම.

 

දිස්ති‍්‍රක් මට්ටමෙන් කී‍්‍රඩාව නගා සිටුවීම සඳහාත් දිගු කාලීන සැලැස්මක් හදන්න  ඕන. සෑම දිස්ති‍්‍රක්කයකට කි‍්‍රකට් මධ්‍යස්ථානයක් ඇති කරලා කී‍්‍රඩාව නගා සිටුවන්න  ඕන. දැනට අපේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ ලොකුම ශක්තිය තමයි මේ කී‍්‍රඩා සමාජ. ඒත් මේ කී‍්‍රඩා සමාජ හැම එකකටම අවශ්‍ය පහසුකම් සියල්ලම නෑ. ඉතිරි කී‍්‍රඩා සමාජත් ඒ තත්ත්වයට ගේන්න අපි කටයුතු කරනවා.

 

පාසල් කි‍්‍රකට් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කරනවා. ඒ එක්කම කාන්තා කි‍්‍රකට් කී‍්‍රඩාව දියුණු කරන්න බාලිකා පාසල් වල කි‍්‍රකට් කී‍්‍රඩාව ආරම්භ කරන්න වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරනවා. පැරණි කි‍්‍රකට් කී‍්‍රඩකයන් වෙනුවෙන් කිසියම් අරමුදලක් ඇතිකරනවා. සමහර කී‍්‍රඩකයන්ට අද බෙහෙත් ගන්නවත් බැරි තත්ත්වයක් තියෙනවා. ඒ වගේ කෙටි කාලීන සහ දිගු කාලීන වැඩ සටහන් කිහිපයක් කි‍්‍රයාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
 

 

ප‍්‍රශ්නය : ජාතික කණ්ඩායමේ පුහුණුකරු සම්බන්ධ ප‍්‍රශ්නය විසඳා ගන්නේ කොහොමද?

 

පිළිතුර : අපි පත්වෙලා මාසයක් ඇතුළත ඒ සඳහා වැඩසටහනක් ඉදිරිපත් කරනවා. ජාතික කණ්ඩායමට පුහුණුකරුවන් තෝරා ගැනීම  සම්බන්ධයෙන් පැරණි කී‍්‍රඩකයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරලා ඒ හරහා ඉතාමත් ඉක්මනින් පුහුණුකරු තෝරා ගන්නයි අපේ බලාපොරොත්තුව.
 

 

ප‍්‍රශ්නය : ශී‍්‍ර ලංකා කණ්ඩායමට වඩාත් සුදුසු වන්නේ විදේශීය පුහුණුකරුවෙක් කියන අදහසට එරෙහිව තවත් මත තියෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

 

පිළිතුර : මගේ දැනුම හැටියට නම් දේශීය පුහුණුකරුවෙක්ද විදේශීය පුහුණුකරුවෙක්ද කියන එකට වඩා අපි බලන්න  ඕනේ වැඬේට සුදුසුස්සා කවුරුන්ද කියන එකයි. අපේත් දක්‍ෂ කී‍්‍රඩකයන් ඉන්නවා. ටෙස්ට් තරග 100 ක් එක්දින තරග 200 ක් 250 ක් ගහපු. ඔවුන්ට කි‍්‍රකට් පුහුණුකිරීම් සම්බන්ධයෙන් දැනුමක් තියෙනවා. සමහර අය තමන් හොඳ පුහුණුකරුවන් කියලා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඒ නිසා මා හිතනවා අපේ අයටත් ඒ අවස්ථාව දිය යුතුයි කියලා.
 

 

ප‍්‍රශ්නය : 2016 වසරේදී ශී‍්‍ර ලංකාවේ ජාත්‍යන්තර තරග වැඩිකරගැනීමේ අවස්ථාවක් තියෙනවාද ?

 

පිළිතුර : අනාගත තරග සැලැස්ම යටතේ 2016 වසරේදී ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන්නේ තරගාවලි දෙකක් පමණයි. නමුත් මා හිතනවා වෙනත් තරගාවලි අවලංගු වීමෙන් හෝ වෙනත් හේතුවකින් තරගාවලියක් ලබාගැනීමේ අවස්ථාවක් අපට ලැබෙයි කියලා.

 

අවස්ථාව : මෙතෙක් දුන් පිළිතුරු වලට අමතරව ඔබට කියන්නට යම් දෙයක් තියෙනවා නම් මෙන්න අවස්ථාව

 

ප‍්‍රතිචාරය : අපි ඉදිරිපත් කරලා තියෙන්නේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක්. මේකෙදි කී‍්‍රඩා සමාජ වලට සම්බන්ධ සමහර අය තමන්ගේ පෞද්ගලික වාසියට දේවල් කරගන්නවා. ඒ නිසා මේ වෙලාවේ තමන්ගේ වාසියට ගැති නොවී තමන්ගේ සංගමය නැත්නම් කී‍්‍රඩා සමාජය වෙනුවෙන් පෙනී සිටිමින් අපේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කියා මා ඉල්ලා සිටිනවා. අනෙක් අයටත් අපි ආරාධනා කරනවා. එහෙම නොවුණොත් වෙන්නේ මේකේ ඉන්න ව්‍යාපාරිකයන් තමයි මේ කි‍්‍රකට් ඡන්ද වලදි ප‍්‍රයෝජන ගන්නේ.

 

ශ‍්‍රී ලංකා පිල කඩුලූ 8 කින් ජය ලබයි

ශ‍්‍රී ලංකා පිල සහ නවසීලන්ත පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ නෙල්සන්හිදී අද (31) පැවැති තෙවැනි තරගයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලූ 8 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.


ශ‍්‍රී ලංකාව ලැබූ මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලිය 2-1 ක් බවට පත්විය.


ශ‍්‍රී ලංකා පිල ලකුණු 277 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 46.2 කදී කඩුලූ 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.


ළහිරු තිරිමාන්න පන්දු 103 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 87 ක් රැස්කරමින් තරගය අවසන් කිරීමට සමත් විය. මෙම අර්ධ ශතකය තිරිමාන්නගේ 16 වැනි එක්දින අර්ධ ශතකය වේ.


තිලකරත්න ඩිල්ෂාන් ජ්‍යෙෂ්ඨතම පිතිකරුගේ වගකීම ඉටු කරමින් පන්දු 92 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 91 ක් රැුස් කළේය. මෙය ඩිල්ෂාන්ගේ 47 වැනි එක්දින අර්ධ ශතකයයි.


තිලකරත්න ඩිල්ෂාන් සහ ළහිරු තිරිමාන්න දෙවැනි කඩුල්ලට ලකුණු 111 ක අගනා සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පෙනෙන මානයට ගෙන ඒමට සමත් වූහ.


යොවුන් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ජයග‍්‍රහණයට මාවත සකස්කර දෙමින් වේගවත් ආරම්භයක් ලබාදීමට සමත් විය. ධනුෂ්ක පන්දු 45 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 65 ක් රැුස්කරමින් සිය පළමු එක්දින අර්ධ ශතකය රැුස් කළේය.  


ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 191 කදී නවසීලන්ත ප‍්‍රබලතම පිතිකරුවන් දවා ගැනීමට සමත් වුවද පසු පෙළ පිතිකරුවන් මර්ධනය කිරීමට අසමත්වීම හේතුවෙන් ලකුණු 276 ක් දක්වා යෑමේ අවස්ථාව උදාවිය.


ටිම් සව‍්‍රති පන්දු 4 කින් හතරේ පහරක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 18 ක් රැස් කළේය.


දුෂ්මන්ත චමීර අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 38 කට කඩුලූ දෙකක් දවා ගත්තේය. නවක පාද`ග පන්දු යවන ක‍්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 55 කට කඩුලූ දෙකක් දවා ගත්තේය.  


කේන් විලියම්සන් පන්දු 73 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 59 ක් රැුස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.


දෙවැනි තරගයේදී වාර්තාගත ඉනිමක් ක‍්‍රීඩා කළ මාටින් ගප්ටිල් පන්දු 28 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 30 ක් ලබා සිටියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවකට තිලකරත්න ඩිල්ෂාන් රැුකගත් විශිෂ්ට උඩපන්දුව නිසා පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.


නවසීලන්ත තාවකාලික නායක කේන් විලියම්සන් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

 

ලකුණු පුවරුව


නවසීලන්ත පිල


මාටින් ගප්ටිල් – ඇ. ඩිල්ෂාන් ප. චමීර    30
ටොම් ලෙතම් – ඇ. ප‍්‍රදීප් ප. වැන්ඩසේ    42
කේන් විලියම්සන් – ඇ. චමීර ප. සිරිවර්ධන     59
රෝස් ටේලර් – ඇ. මැතිව්ස් ප. වැන්ඩසේ     0
හෙන්ද්‍රි නිකොල්ස් – ප. චමීර    20
මිචෙල් සෑන්ට්නර් – දුවද්දී දැවී ගියා     38
ලූක් රොන්චි – ඇ. කපුගෙදර ප. ප‍්‍රදීප්     7
ඩග් බ්‍රේස්වෙල් – ඇ. සේනානායක ප. ප‍්‍රදීප්     30
ඇඩම් මිල්නේ – නොදැවී     17
ටිම් සව‍්‍රති – නොදැවී    18
අතිරේක    15
එකතුව  ඕවර 50 යේදී කඩුලූ 8 ක් දැවී     276


පන්දුවට පහර නොදුන් පිතිකරු:
මිචෙල් මැක්ලෙනගන්


පන්දු යැවීම:
නුවන් ප‍්‍රදීප්: 10-0-55-2, දුෂ්මන්ත චමීර: 10-0-38-2, තිලකරත්න ඩිල්ෂාන්: 8-1-43-0, නුවන් කුලසේකර: 5-0-31-0, ඇන්ජලෝ මැතිව්ස්: 2-0-17-0, ජෙෆ්රි වැන්ඩසේ: 10-1-55-2, මිලින්ද සිරිවර්ධන: 5-0-33-1


ශ‍්‍රී ලංකා පිල


ධනුෂ්ක ගුණතිලක – ඇ. ටේලර් ප. මැක්ලෙනගන්    65
තිලකරත්න ඩිල්ෂාන් – දුවද්දී දැවී ගියා     91
ළහිරු තිරිමාන්න – නොදැවී     87
දිනේෂ් චන්දිමාල් – නොදැවී     27
අතිරේක    7
එකතුව  ඕවර 46.2 කදී කඩුලූ 2 ක් දැවී    277

පන්දුවට පහර නොදුන් පිතිකරුවන්:
ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, නුවන් කුලසේකර, නුවන් ප‍්‍රදීප්, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩසේ


කඩුලූ වැටීම:
1-98(ගුණතිලක), 2-209(ඩිල්ෂාන්)


පන්දු යැවීම:
ටිම් සව‍්‍රති: 6-0-44-0, ඇඩම් මිල්නේ: 6-0-50-0, ඩග් බ්‍රේස්වෙල්: 6.2-0-45-0, මිචෙල් මැක්ලෙනගන්: 9-0-39-1, මිචෙල් සෑන්ට්නර්: 10-0-59-0, කේන් විලියම්සන්: 8-0-38-0, මාටින් ගප්ටිල්: 1-0-2-0


- 048

 

ඒ.අයි.ඒ ශූරතාවය එන්.සී.සී පිලට

අන්තර් සාමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී කෝල්ට්ස් පිල පරදවා ලකුණු 77 කින් ජයගත් එන්.සී.සී පිල ඒ.අයි.ඒ ශූරතාවය දිනා ගැනීමට අද (30 වැනිදා) සමත්විය. මෙම තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.


කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් එන්.සී.සී පිල කඩුලූ 8 ක් දැවී ලකුණු 255 ක් ලබාගැනීමට සමත්විය. ඇන්ජලෝ පෙරේරා (50) අර්ධ ශතකයක් ලබාගත්තේය. පිට දඟ පන්දුයවන දිල්රුවන් පෙරේරා ලකුණු 28 කට කඩුලූ 6 ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරතවිය.


ලකුණු 256 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කෝල්ට්ස් පිලට සියලූදෙනා දැවී ලබාගත හැකිවූවේ ලකුණු 178 ක් පමණි. ප‍්‍රථම  ඕවරයේදී ලකුණු දෙකකට කඩුලූ තුනක් බිද වැටුණු පසු හතරවන කඩුල්ල සදහා ලකුණු 105 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට හෂාන් දුමිදු (72) සහ ඇන්ජලෝ ජයසිංහ (50) සමත්වූහ.


කෝල්ට්ස් පිලට එරෙහිව යැවූ ප‍්‍රථම පන්දුවාරයේම ශෙහාන් ප‍්‍රනාන්දු, සදීර සමරවික‍්‍රම සහ ශෙහාන් ජයසූරිය දවා ගනිමින් කඩුලූ ත‍්‍රිත්වයක් ලබා ගැනීමට ෆර්වීස් මහරූෆ් සමත්විය.


ලකුණු පුවරුව

 

එන්.සී.සී කණ්ඩායම

 

නිරෝෂන් දික්වැල්ල – ස්ට. සමරවික‍්‍රම ප. දිල්රුවන් පෙරේරා 49
උපුල් තරංග – ප. දිල්රුවන් පෙරේ 34
සදුන් වීරක්කොඩි – ඇ. ප‍්‍රනාන්දු ප. ජයරත්න 11
නිමේෂ ගුණසිංහ – ඇ. සමරවික‍්‍රම ප. දිල්රුවන් පෙරේරා 1
ඇන්ජලෝ පෙරේරා – ඇ. ප‍්‍රියමාල් පෙරේරා ප. දිල්රුවන් පෙරේරා 50
ජෙහාන් මුබාරක් – ඇ. ජයසිංහ ප. ප‍්‍රභාත් ජයසූරිය 17
ෆර්වීස් මහරූෆ් – ඇ. ජයසිංහ ප. දිල්රුවන් පෙරේරා 34
ඉසුරු උදාන – ඇ. ප‍්‍රනාන්දු ප. දිල්රුවන් පෙරේරා 25
තරිදු කෞශාල් – නොදැවී 15
අනුක් ප‍්‍රනාන්දු – නොදැවී 13
අතිරේක – 6
එකතුව  ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 255


පන්දුවට පහර නොදුන් පිතිකරුවාඃ
චාමීකර එදිරිසිංහ


කඩුලූ වැටීමඃ
1-86 (දික්වැල්ල), 2-91 (තරංග), 3-97 (ගුණසිංහ), 4-102 (වීරක්කොඩි), 
5-132 (මුබාරක්), 6-187 (මහරූෆ්), 7-187 (උදාන), 8-224 (පෙරේරා)


පන්දු යැවීමඃ
ඉෂාන් ජයරත්නඃ 8-0-73-1, චතුපම ගුණසිංහඃ 5-0-30-0, දිල්රුවන් පෙරේරාඃ 10-1-28-6,
ශෙහාන් ජයසූරියඃ 7-0-47-0, අකිල ධනංජයඃ 10-2-32-0, ප‍්‍රභාත් ජයසූරියඃ 10-0-44-1

 

කෝල්ට්ස් කණ්ඩායම

 

සදීර සමරවික‍්‍රම – ප. මහරූෆ් 1
ශෙහාන් ප‍්‍රනාන්දු – ඇ. ප‍්‍රනාන්දු ප. මහරූෆ් 0
හෂාන් දුමිදු – දුවද්දී දැවී ගියා 72
ශෙහාන් ජයසූරිය – ඇ. දික්වැල්ල ප. මහරූෆ් 0
ඇන්ජලෝ ජයසිංහ – ඇ සහ ප. 50
ප‍්‍රියමාල් පෙරේරා – ප. ප‍්‍රනාන්දු 23
දිල්රුවන් පෙරේරා – ප. උදාන 5
ඉෂාන් ජයරත්න – ඇ. දික්වැල්ල ප. ප‍්‍රනාන්දු 5
චතුපම ගුණසිංහ – දුවද්දී දැවී ගියා 0
අකිල ධනංජය – ඇ. උදාන ප. එදිරිසිංහ 9
ප‍්‍රභාත් ජයසූරිය – නොදැවී 6
අතිරේක – 7
එකතුව  ඕවර 45 කදී සියලූ දෙනා දැවී 178


කඩුලූ වැටීමඃ
1-2 (ප‍්‍රනාන්දු), 2-2 (සමරවික‍්‍රම), 3-2 (ශෙහාන් ජයසූරිය), 4-107 (ජයසිංහ), 
5-149 (දුමිදු), 6-156 (දිල්රුවන් පෙරේරා), 7-160 (දිල්රුවන් පෙරේරා), 
8-160 (ගුණසිංහ), 9-166 (ජයරත්න), 10-178 (ධනංජය)

 

පන්දු යැවීමඃ
ෆර්වීස් මහරූෆ්ඃ 1.2-0-2-3, ඉසුරු උදානඃ 5-0-23-1, අනුක් ප‍්‍රනාන්දුඃ 3-0-20-2,
චාමීකර එදිරිසිංහඃ 10-1-37-1, ජෙහාන් මුබාරක්ඃ 6.4-0-26-0, 
ඇන්ජලෝ පෙරේරාඃ 10-0-34-1, තරිදු කෞශාල්ඃ 9-1-35-0

 

 

අමීර්ට එරෙහි පෙත්සමක් අධිකරණයෙන් ඉවතට

 


වසර 5 ක තරග තහනමකින් අනතුරුව නැවතත් පාකිස්තාන කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද මොහොමඞ් අමීර් නැවතත් පාකිස්තානු කණ්ඩායමට කැඳවීම වළක්වාලීම සඳහා නියෝගයක් නිකුත් කරන්න’යි ඉදිරිපත් වූ පෙත්සමක් නිෂ්ප‍්‍රභා කිරීමට පාකිස්තානු අධිකරණය කටයුතු කර තිබේ.

 

23 හැවිරිදි අමීර්, 2010 වසරේ එංගලන්තයේදී පැවැති ටෙස්ට් තරගාවලියක් අතරතුර ඔට්ටුකරුවන්ගේ උපදෙස් මත හිතාමතාම නිපන්දු යැවීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්වූ පාකිස්තාන කී‍්‍රඩකයන් තිදෙනාගෙන් අයෙකි.

 

එවකට පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරූ සල්මන් බට් සහ වේගපන්දු යවන කී‍්‍රඩක මොහොමඞ් අසීෆ් එලෙස වරදකරුවන් බවට පත්වූ අනෙක් කී‍්‍රඩකයන් දෙදෙනාය. මොවුන් තිදෙනාටම බි‍්‍රතාන්‍යයේදී මාස 6 බැගින් වූ සිර දඬුවම් විඳීමට සිදුවිය.

 

මොහොමඞ් අමීර් ඔහුගේ දඬුවම් කාලය ගෙවා නිම කර නැවත ජාතික කණ්ඩායමට එක්වීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් විවිධ අදහස් පළවූ අතර මොහොමඞ් අමීර් නැවත ජාතික කණ්ඩායමට කැඳවීමට එරෙහිව තහනම් නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් නීතිඥවරයකු විසින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබිණ. අද (30 වැනිදා) පාකිස්තානු අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කරන ලද්දේ මෙම පෙත්සමයි.

 

පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නීති උපදේශක ටෆාසුල් රිස්වි මහතාට අනුව විනිසුරු සහීඞ් බිලාල් මහතා මෙම පෙත්සම නිෂ්ප‍්‍රභා කර තිබේ.

 

මොහොමඞ් අමීර් මේ වන විට ඔහුගේ දඬුවම් කාලය නිමා කර ඇති බැවින් රටේ ව්‍යවස්ථාවට අනුව ඔහුට නැවත කණ්ඩායට එක්වීමට සාධාරණ අයිතියක් ඇති බව ටෆාසුල් රිස්වි මහතා ඒ. එෆ්. පී. පුවත් සේවයට පවසා ඇත.

 

”කෙසේ වුවත් මින් මත්තටත් ඔහුට අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ සහ පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලයේ විමර්ශනාත්මක ඇස් ඉදිරියේ කී‍්‍රඩා කිරීමට සිදුවන බව අපි අධිකරණයට දැනුම් දුන්නා” වැඩිදුරටත් අඳහස් දැක්වූ රිස්වි මහතා කියා සිටියේය.

 

ලබන මාසයට යෙදී ඇති නවසීලන්ත සංචාරයේදී කණ්ඩායමට එක්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පාකිස්තාන තේරීම් කමිටුව මොහොමඞ් අමීර්ව මේ දින වලදී ශාරීරික යෝග්‍යතා කඳවුරකටද ඇතුළත් කර තිබේ. පාකිස්තාන පළමු පෙළ තරග වලදී සහ බංග්ලාදේශ පී‍්‍රමියර් ලීග් තරගාවලියේදී ඔහු පෙන්නුම් කළ ආක‍්‍රමණශීලි කී‍්‍රඩා විලාශය ඔහුව නැවත කණ්ඩායමට එක්කර ගැනීමට ප‍්‍රධානම හේතුව බවට පත් වී ඇති බව වාර්තා වේ.

 

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරග 3 සහ විස්සයි20 තරග 2 සඳහා කී‍්‍රඩා කරන පාකිස්තාන සංචිතය ඉදිරි දින දෙක තුළදී නම් කිරීමට නියමිතය.

 


- 036

 

බිලියන 15 හරියට ආයෝජනය කළාද ?

 

 

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඇත්තේ තවත් දවස් 4 ක් පමණි. උණුසුම එන්න එන්නම ඉහළ යයි.

 

‘අපි දිනන්නෙමු’යි දෙපිලේම අය වහසි බස් දොඩති. එවන් පසුබිමක සභාපති තනතුර සඳහා තරග වදින එහි හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතා සමග 2016 ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වීමේ පසුබිම, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ වත්මන් තත්ත්වය සහ කි‍්‍රකට් කී‍්‍රඩාව වත්මන් තත්ත්වයෙන් මුදවාලීමට ඔවුන් තුළ පවතින සැලසුම් පිළිබඳව කළ පිළිසඳරක් මෙසේ සටහන් වෙයි.

 

 


ප‍්‍රශ්නය : පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක කියන්නේ නිර්පාක්‍ෂික, බොහොම මධ්‍යස්ථ භූමිකාවක්. ඒ වගේ තනතුරක් දරමින් සිටියදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තනතුර සඳහා නිලවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කළේ ඇයි ?

 

පිළිතුර : මාස තුන හතරකට විතර ඉස්සර වෙලා ඉඳන් අපි සාකච්ඡා කළා කි‍්‍රකට් කී‍්‍රඩාවේ දරුණු කඩාවැටීමක් තිබෙනවා කියලා. කී‍්‍රඩාවේ විතරක් නෙමේ පරිපාලනය පැත්තෙනුත් විශාල කඩා වැටීමක් තියෙනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපතිවරුන්, නැත්නම් තනතුරු දැරූ අය විදිහට අපි ඒ ගැන කතා කළා.

 

සභාපති තනතුරු වල හිටපු ජයන්ත ධර්මදාස, මොහාන් ද සිල්වා, අර්ජුන රණතුංග වගේ අයත් එක්ක අපි කතාකළා. සිදත් වෙත්තමුණි මහත්මයා එක්කත් කතා කළා. කතාකරලා ඇහැව්වා මොනවාද කරන්න පුළුවන් කියලා.

 

දැන් නිලවරණයක් තියන්න කියලා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් කියලා තියෙනවනේ. ඒ නිසා අපි කල්පනා කළා හොඳ කණ්ඩායමක් දාලා, සැලැස්මක් හදලා, අවුරුදු තුන හතරකින් මේක ආයෙමත් හරි මාවතට ගන්න ඕන කියලා. ඒ ගැන කතාකරපු වෙලාවේ ඔක්කොමලගේ ඉල්ලීමක් තිබ්බා මේ වෙලාවේ මම සභාපති තනතුරට ආවනම් හොඳයි කියලා. දැනට අවුරුදු 10 ක විතර කාලයක් මම පරිපාලනයේ ඉඳලා නැති නිසා ඔවුන් කිව්වේ නැවතත් කි‍්‍රකට් පරිපාලනයට එන්න කාලය හොඳයි කියලයි. ඒක තමයි ඉල්ලීම වුණේ.

 

පස්සේ මම ජයන්ත (ධර්මදාස) මහත්මයාට ඉල්ලීමක් කළා උප සභාපති වෙන්න. මොහාන්ගෙන් ඉල්ලීමක් කළා ලේකම් වෙන්න කියලා. මොකද අපි තුන්දෙනාම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඡන්දයෙන් පත්වෙලා හිටපු සභාපතිවරු. පස්සේ අපි තවත් කණ්ඩායම හැදුවා. මතිවානන් මහතා උප සභාපති තනතුරටත්, ෂම්මි සිල්වා මහතා භාණ්ඩාගාරික තනතුරටත්, රවීන් වික‍්‍රමරත්න මහතා උප ලේකම්වරයා ලෙසත් තෝරා ගෙන කණ්ඩායමක් හැදුවා.

 

ඒ කණ්ඩායම හැදුවෙත් කිසියම් සැලැස්මක් පදනම් කරගෙනයි. ජාත්‍යන්තර කී‍්‍රඩාව, දේශීය කී‍්‍රඩාව, සංවර්ධනය, පරිපාලනය, මූල්‍යමය සහ සන්නිවේදනය කියන කොටස් හය ඉලක්ක කරගෙනයි ඒ කණ්ඩායම හැදුවේ. ඒක තමයි අපේ ජාතික සැලැස්ම.

 

මාව මිනිස්සු අඳුරගත්තෙත් කි‍්‍රකට් කී‍්‍රඩාවේ පරිපාලන නිලධාරියෙක් හැටියට මම දේශපාලනයට එන්නෙත් මම ඊට පස්සෙ. ඒ නිසා මේ වැටිච්ච කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් පෙනී සිටීම මගේ වගකීමක් හැටියටයි දැක්කෙ.

 

 

ප‍්‍රශ්නය : හිටපු සභාපතිවරයකු හැටියට, විශේෂයෙන්ම අවුරුදු 10 ක් විතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පරිපාලන කටයුතු වලින් ඈත්වෙලා හිටපු කෙනෙක් හැටියට, වර්තමානයේ පවතින පරිපාලන ව්‍යූහය ගැන මොනවගේ අදහසක්ද ඔබට තියෙන්නේ?

 

පිළිතුර : පසුගිය අවුරුදු 10 ගත්තොත් රුපියල් බිලියන, මිලියන නෙමේ…, බිලියන 15 කට වඩා ආදායමක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ලැබිලා තියෙනවා. ඒත් අපේ ආදායමට අනුරූපව අපි වියදම් කරලා තියෙනවා හරිද? ඒවා නිවැරදි තැන්වල ආයෝජනය කරලා තියෙනවාද කියන ප‍්‍රශ්නය ඇතිවෙනවා.

 

ඊළඟට…. අපි අපේ ප‍්‍රමුඛතා හඳුනාගෙන තිබෙනවාද? ජාතික කණ්ඩායම සකස් කරගැනීම සඳහා පැවැත්වෙන තරගාවලි ටික හරිද? ඒවා ගැන අරන් තිබෙන තීන්දු තීරණ හරිද?

 

මේ වගේ දේශීය කි‍්‍රකට් කී‍්‍රඩාව, ජාත්‍යන්තර තලයේ කී‍්‍රඩාව, ඒ හැම එකේම අර්බුදයක් තමයි මම දකින්නේ. මොකද හේතුව..අපි අන්තිමට කි‍්‍රකට් ආයතනයේ වසර 5 ක ව්‍යාපාර සැලැස්මක් හැදුවේ 2003 දි විතර. ඒ වෙලාවේ අපි කළේ හිටපු නායකයන්, පුහුණුකරුවන්, විනිශ්චයකරුවන්, තණතීරු සැලසුම්කරුවන් විතරක් නෙමේ මාධ්‍යවේදීන් පවා එක්කාසු කරලා දවස් දෙකක වැඩමුළුවක් තියලා තමයි ඒ පස් අවුරුදු ව්‍යාපාර සැලැස්ම හැදුවේ.ඒක ආයෙමත් හදන්න වෙලා තියෙනවා.

 


ප‍්‍රශ්නය : මෙවර ඔබ ඒකට මුල පුරන්නේ කොහොමද ?

 

පිළිතුර : ඡන්දෙ ඉවර වෙලා මාස දෙකක් ඇතුළත දවස් දෙකකවත් වැඩමුළුවක් තියලා අදහස් අරගෙන  ඕනා. ඊට පස්සේ අවසන් ලියකියවිලි හදලා, අදාළ බලධාරීන් එක්ක සාකච්ඡ කරල, අපේ‍්‍රල් මාසේ වෙනකොට විශේෂ මහ සභා රැස්වීමක් තියල ඒක අනුමත කරගන්න ඕන. විශේෂ මහ සභා රැස්වීමක් තියල අනුමත කළායින් පස්සේ එක එක කාලෙට එන අයට ඒක වෙනස් කරන්න බෑ.

 

කී‍්‍රඩා ඇමතිතුමාගෙත් ආශිර්වාදය අරගෙන, විශේෂ මහ සභා රැස්වීමකින් අපේ මීළඟ වසර 5 සැලැස්ම අනුමත කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.

 


ප‍්‍රශ්නය :  ඔබ කියනවා පසුගිය අවුරුදු 10 ඇතුළත රුපියල් බිලියන 15 ක විතර ආදායමක් ආවා. ඒත් ඒවා නිවැරදි ආකාරයෙන් ආයෝජනය වෙලා නෑ කියලා. ඒත් දැන් ඔබ සමග එකතු වෙලා ඉන්න අය අතරෙ ඉන්නවා හිටපු සභාපතිවරු දෙන්නෙක්ම. විශේෂයෙන් ජයන්ත ධර්මදාස මහතා ඡුන්දයෙන් තේරී පත්වූ සභාපතිවරයෙක් වෙලාත් හිටියා අතුරු කමිටු සභාපති වරයකු වශයෙනුත් කටයුතු කළා. ඉතින් මේ ලැබුණ මුදල් නිසි පරිදි ආයෝජනය වෙලා නැත්නම් ඒ අයම නේද ඒකට වගකියන්න ඕන?

 

පිළිතුර : අපි හැමෝම වගකියන්න  ඕන. අපි ඇඟිල්ල දික්කරන්න හොඳ නෑ එක්කෙනෙක්ට. සුඛිත මුදිත හොඳම කාලෙ මගේ කාලෙ විතරයි කියලා මම කියන්න නරකයි. මට ඉතුරු වෙලා තියෙන්නෙ අවුරුදු 20 ක කි‍්‍රකට් අත්දැකීමක්.

 

මම 1995 උප සභාපති. එතකොට මම අවුරුදු 20 කට කලින් කි‍්‍රකට් පාලක මණ්ඩලේ උප සභාපති වෙලා තියෙන්නෙ.

 

‘‘අපට ලොකු උවමනාවක් තිබුණා උසස් දස්කම් මධ්‍යස්ථානයක් වෙනුවෙන් හොඳ ආයෝජනයක් කරන්න. ඒත් බැරිවුණා. ‘හෝක් අයි’, ජෛවයාන්ත‍්‍රණවිද්‍යාව, එක්ස් කිරණ යන්ත‍්‍ර ආධාරයෙන් කෙරෙන නිරීක්‍ෂණ වගේම කී‍්‍රඩකයන්ගේ පන්දු යැවීමේ හෝ පිතිහරඹ ඉරියව්ව සම්පූර්ණයෙන්ම රූගත කරලා ඒක විශ්ලේෂණාත්මකව බලමින් දුර්වල තැන් සොයා ගැනීම වගේ දේවල් වෙනුවෙන් කිසියම් ආයෝජනයක් කළ යුතුයි’’

 

අවුරුදු 20 ක් කියන්නේ ජීවිතේ ලොකු කාලයක්. ඉතින් මගේ අත්දැකීම් වල හොඳ හෝ නරක තැන් හරිගිය තැන්, වැරදුණු තැන්, අන්තර්ජාතික කි‍්‍රකට් සභාව, ඩැරල් හෙයාර්, මුත්තයියා මුරලිදරන්, ලෝක කුසලාන දිනපුවා (1996), පැරදුන අවස්ථා (1999), කණ්ඩායම් නායකයො, උප නායකයො, පුහුණුකරුවො ආදී මේ සියලූ දේ සහ සියලූ දෙනා එක්කම නානා විධ ප‍්‍රශ්න ගැටළු මැද්දෙ ලබාගත් අත්දැකීම් තමයි මට තියෙන්නෙ. ඉතින් ඒ තියන අත්දැකීම් එක්ක, අපට පුළුවන් අඩුවෙන්ම වැරදි කරල කි‍්‍රකට් කී‍්‍රඩාව බේරගන්න.

 

අපි ඉස්සරහට ගන්න තීන්දු සම්බන්ධයෙන් වුණත් යම් යම් අවස්ථාවල හිතෙයි මේවා මෙහෙම නොවුණා නම් හොඳයි කියල. අපටම වුණත් ඉදිරියේදී එහෙම හිතෙන්න පුළුවනි. නමුත් අපේ කණ්ඩායමට තියෙන අත්දැකීම් කාත් එක්කවත් සංසන්දනය කරන්න බෑ. මොකද පරිපාලනය සම්බන්ධයෙන් මගේ සහ මගෙත් එක්න ඉන්න කණ්ඩායමේ අයගේ අත්දැකීම් අති විශාලයි. සභාපතිවරුම තුන්දෙනෙක් මෙතන ඉන්නවානේ. ජයන්තයි මමයි ආසියානු කි‍්‍රකට් කවුන්සිලයේත් සභාපතිවරුන් වෙලා ඉඳලා තියෙනවා.

 

එතකොට අත්දැකීම් එක්ක සංසන්දනය කරන්න පුළුවන් කණ්ඩායමක් අපට එදිරිව නැහැ.

 

 


ප‍්‍රශ්නය : හිටපු සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස මහතා සහ මොහාන් ද සිල්වා මහතා, (මොහාන් ද සිල්වා මහතා ලේකම්වරයකු මෙන්ම උප සභාපතිවරයකු වශයෙන්ද කටයුතු කර තිබේ) ඔබලාගේ සාකච්ඡ මේසයට ගෙනෙන විශේෂ අදහස් මොනවාද ?

 

පිළිතුර : අපි හැමෝටම විවිධ අදහස් හා විවිධ අත්දැකීම් තියෙනවා. ජාතික කණ්ඩායම සහ අන්තර්ජාතික තරග සම්බන්ධයෙන් විශාල වගකීමක් ජයන්ත මහත්මයාට දෙන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. දූෂණයෙන් වංචාවෙන් තොරව, යහපත් පරිපාලනයක් ගොඩනැංවීමේ වගකීම දෙන්න බලාපොරොත්තු වෙන්නේ මොහාන්ද ද සිල්වා මහතාට. දේශීය කි‍්‍රකට් කී‍්‍රඩාව ගැන සම්පූර්ණ වගකීම දෙන්න බලාපොරොත්තු වෙනවා මතිවානන් මහතාට.

 

මූදල් උපදේශක කමිටුවක් පත්කරලා ඒකට නුස්කි මොහොමඞ් මහතාගේ සේවය ලබාගන්න බලාපොරොත්තු වෙනවා. භාණ්ඩාගාරික ෂම්මි සිල්වා මහතාට සිද්ධ වෙනවා නුස්කි මොහොමඞ් මහත්තයාත් එක්ක එකට ඉඳගෙන මූල්‍ය කටයුතු ගැන බලන්න.

 

 


ප‍්‍රශ්නය : මෙවර නිලවරණයේදී විශාල තරගයක් තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ. දෙපාර්ශ්වයේම අය කියනවා අපි තමයි දිනන්නේ කියලා. මේ නිලවරණය ජයගැනීම සම්බන්ධයෙන් ඔබේ පාර්ශ්වයට තබෙන විශ්වාසනීයත්වය කොයි වගේද ?

 

පිළිතුර : 1995 ඉඳන් කි‍්‍රකට් පරිපාලනය ගැන මට තියෙන අත්දැකීම් අනුව සංසන්දනාත්මකව මට තරගයක් දෙන්න ඉදිරිපත් වෙන කවුරුත් මෙතන නෑනෙ. ඒත් මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. මා කියනවා මම 2/3 ක ජයක් ලබනවා කියලා.

 

 


ප‍්‍රශ්නය : මෙවර ප‍්‍රතිවාදී අපේක්‍ෂකයා ඔබේ උප සභාපතිවරයාගේ හිටපු ලේකම්. ඒ වගේම ඔබගේ උප සභාපතිවරයාගේ සහෝදරයාත් ප‍්‍රතිවාදී පිලේ. මේ තරග වදින්නේ එකම කණ්ඩායමක් දෙකට බෙදිලා වගෙයි පෙනෙන්න තියෙන්නේ. මේ වගේ තත්ත්වයක් ඇති වුණාම ඡන්ද බෙදී යාම බලපාන්නේ කොහොමද?


පිළිතුර : මමනෙ ඡන්ද ඉල්ලන්නෙ. මිනිස්සු ඡන්ද දෙන්නෙ මටනෙ. මා ගැන තියෙන විශ්වාසය මතනෙ. එතැනදි එක එක්කෙනාට ඇවිල්ලා මැදින් හිටගන්න බෑ. තමන් ඡන්දෙ ඉල්ලනවා නම් තමන්ට උදව් කරයි. ඒත් මම කිව්ව පළියට තව කෙනෙක්ට ඡන්දෙ දෙන්නෙ නෑනෙ. මේ කි‍්‍රකට් ඡුන්දෙදි එහෙම කරන්න බෑ.

 

මිනිස්සු ගරු කරයි. විශ්වාසය තියයි. ඒත් ඡන්දය ප‍්‍රකාශ කරන්නේ මටනෙ. ඒ නිසා මට පැහැදළිවම 2/3 ක බලයක් ලබාගන්න පුළුවන්. දැනටමත් පාලක කී‍්‍රඩා සමාජ 29 න් 17 ක ඡන්ද දෙකම මට දෙන්න කියන විධානය ඒ ඒ කී‍්‍රඩා සමාජ වලින් තම තමන්ගේ නියෝජිතයන්ට දැනුම් දීලා තියෙනවා. දිස්ති‍්‍රක්ක 22 න් දිස්ති‍්‍රක්ක 12 කම ඡන්දයත් ඒ විදිහටම තමයි. තව ටිකයි තියෙන්නේ.

 

මේවා මගේ කයිවාරු නෙමේ. ඡන්දය මට දෙන්න කියලා තම තමන්ගේ ඡන්ද නියෝජිතයන්ට ඒ ඒ කී‍්‍රඩා සමාජ වලින් කරපු විධානයන්.

 

 


ප‍්‍රශ්නය : මීට පෙර සභාපතිවරයා වශයෙක් කටයුතු කළ කාලයේදී කරගන්න බැරිවුණ දේවල් තියෙනවාද ?

 

පිළිතුර : අපට ලොකු උවමනාවක් තිබුණා උසස් දස්කම් මධ්‍යස්ථානයක් වෙනුවෙන් හොඳ ආයෝජනයක් කරන්න. ඒත් බැරිවුණා. ‘හෝක් අයි’, ජෛවයාන්ත‍්‍රණවිද්‍යාව, එක්ස් කිරණ යන්ත‍්‍ර ආධාරයෙන් කෙරෙන නිරීක්‍ෂණ වගේම කී‍්‍රඩකයන්ගේ පන්දු යැවීමේ හෝ පිතිහරඹ ඉරියව්ව සම්පූර්ණයෙන්ම රූගත කරලා ඒක විශ්ලේෂණාත්මකව බලමින් දුර්වල තැන් සොයා ගැනීම වගේ දේවල් වෙනුවෙන් කිසියම් ආයෝජනයක් කළ යුතුයි. ජාතික කණ්ඩායම නියෝජනය කරන කී‍්‍රඩකයකුගේ වුණත් වරින් වර දස්කම් පහළ වැටෙනවා. මේ තත්ත්වය මහේල ජයවර්ධන නැත්නම් කුමාර් සංගක්කාර වගේ අයටත් පොදුයි. ඒත් ඒඅ ය ඒවා හදාගෙන එනවා.

 

ඒත් මේ විදිහට කී‍්‍රඩකයන්ගේ දස්කම් හිටි අඩියේම පහත වැටුණාම ඔවුන් නැවතත් යථා තත්ත්වයට ගන්න පුළුවන් වෙන්නේ සති දෙකෙන්ද?, මාස දෙකෙන්ද නැතිනම් මාස 4 න්ද? ඔවුන් පැය දෙකකින් ඒ තත්ත්වයට ගන්න පුළුවන් නම් හොඳයි නේ. ඉතින් මේ තලයේ අයගේ අඩුපාඩුවක් වුණාම කවුද හොයන්නේ? කවුද හොයල බලල අවශ්‍ය උපදෙස් දෙන්නේ? එහෙම එකක්, එහෙම තැනක් නෑ.


ඒක නිසානේ එක්දින ජාත්‍යන්තර තරගයක ඉනිමක් ඕවර 8 කදී ඉවර වෙන්නේ.

 

ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩකයන් ඉතාමත් දක්‍ෂයි. සහජ හැකියාවන් ස්වභාවිකම උරුම කරගන්නා කී‍්‍රඩකයන් අපට ඉන්නවා. ඒත් ඒ කී‍්‍රඩකයන් මේ කී‍්‍රඩාවට නිසි පරිදි හැඩගැහෙන්න  ඕනෑ. පන්දුවට පහර දෙන්න, පන්දුයවන්න, පන්දු රකින්න, ඒ වගේම විවිධ දේශගුණික තත්ත්වයන් වලට ඔවුන් අනුගත වෙන්න  ඕනෑ. ඒ අනුගත විමට අනුරූපව තමයි තාක්‍ෂණය වෙනස් වෙන්නේ. මහේලගෙයි සංගාගෙයි වෙනස මෙන්න මේකයි.

 

මේ වගේ අයට අඩුපාඩුවක් ඇතිවුණාම ඔවුන් හරි පාරට දාන්න අපේ මේ ඉන්න පුහුණුකරුවන්ට බෑ.

 

තාක්‍ෂණික වශයෙන් අපට උසස් දස්කම් මධ්‍යස්ථානයක් නෑ. පුද්ගලයන් වශයෙන් අපට උසස් පුහුණුකරුවන් නෑ. ජාතික මට්ටටමේදී අපේ කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් ගතයතු පියවර අරන් නෑ. නිකම් බොරුවක් කරලා තියෙන්නේ. මේ රටේ ජාතික මට්ටමේ කි‍්‍රකට් කී‍්‍රඩාව විනාශ කරල තියෙන්නේ.

 

ඒ නිසා ඉස්සරවෙලාම උසස් දස්කම් මධ්‍යස්ථානයේ අවශ්‍යතාව හඳුනාගෙන ඒ වෙනුවෙන් ආයෝජනය කළ යුතුමයි.

 

ඉහළම තලයේ කී‍්‍රඩකයන් අපට දැන් ඉන්නේ 20 යි නම් ඒ වෙනුවට 40 ක් ඉන්න  ඕනේ. අංක 4 පිතිකරුවා අසාර්ථක වෙනකොට එතැනට ගේන්න තවත් කෙනෙක් ඉන්න ඕනේ. මේ ආදේශක කී‍්‍රඩකයාත් අනෙක් කී‍්‍රඩකයා තරමටම, කරට කර දස්කම් දක්වන, කී‍්‍රඩකයෙක් වෙන්න ඕනේ.

 

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම බලන්න. මෙල්බර්න් ටෙස්ට් තරගයේදී (බටහිර ඉන්දීය පිලට එරෙහිව) ශතක 4 යි. ඊට කලින් පැවැති තරගයේදී ශතකයක් ලබාගත් පිතිකරුවාව කණ්ඩයමෙන් ඉවත් කර තිබුණත් ආදේශක කී‍්‍රඩකයා ඒ තරමටම දස්කම් දක්වනවා.

 

ඒ වගේ තරගකාරීත්වයක් ඇතිවෙන්නේ උසස් දස්කම් මධ්‍යස්ථානයක් එක්කයි. ඒකට අපි ආයෝජනය කරන්නම  ඕනෑ. අපිත් එතෙන්ට යන්න  ඕනෑ. සංගා මහේල කණ්ඩායමේ ඉන්න වෙලාවෙ, උසස් දස්කම් මධ්‍යස්ථානයක් වෙනුවෙන් ඔවුන්ගෙන් ප‍්‍රයෝජන ගත්තේ නෑ.

 


මතුසම්බන්ධයි…

 

(ඡායාරූපය – ශාන්ත රත්නායක)

පාසල් කි‍්‍රකට් පද්ධතියට වැඩි අවධානයක් ඕනෑ


 

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඇත්තේ තවත් දවස් 4 ක් පමණි. උණුසුම එන්න එන්නම ඉහළ යයි.

 

‘අපි දිනන්නෙමු’යි දෙපිලේම අය වහසි බස් දොඩති. එවන් පසුබිමක සභාපති තනතුර සඳහා තරග වදින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු ලේකම්වරයා වන නිශාන්ත රණතුංග මහතාත් එහි හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතාත් සමග 2016 ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වීමේ පසුබිම, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ වත්මන් තත්ත්වය සහ කි‍්‍රකට් කී‍්‍රඩාව වත්මන් තත්ත්වයෙන් මුදවාලීමට ඔවුන් තුළ පවතින සැලසුම් පිළිබඳව කළ පිළිසඳරක් මෙසේ සටහන් වෙයි.


 

ප‍්‍රශ්නය : වසර හයකට අසන්න කාලයක් (2009 සිට 2015 ජනවාරි දක්වා) ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම්වරයාව සිටි ඔබට හදිසියේම සභාපති තනතුර  ඕනෑ කළේ ඇයි?

 

පිළිතුර : මම කි‍්‍රකට් කී‍්‍රඩාව කළාට පස්සේ මම හැම තිස්සේම කි‍්‍රකට් පරිපාලනයට සම්බන්ධ වුණා. ආනන්ද විද්‍යාලයේත් ‘ආනන්ද කි‍්‍රකට් වින්ග්’ කියන එක පටන් ගත්තේත් අපි තමයි. ඊට අමතරව මා කී‍්‍රඩා කරපු කෝලට්ස් කී‍්‍රඩා සමාජයේත් අවුරුදු 15 ක් උපසභාපති වෙලා  හිටියා. කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් ලබාගත්ත දේ වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවට ආපසු දෙයක් දෙන්න මම හැම තිස්සේම ඉදිරිපත් වුණා.


 
එහිදී 2009 දී ඞී. එස්. ද සිල්වා මහත්මයා මට ආරාධනා කළා කි‍්‍රකට් අතුරු කමිටුවට සම්බන්ධ වෙන්න කියලා. ඒක කි‍්‍රකට් කී‍්‍රඩාවේ පරිපාලනය සම්බන්ධයෙන් ගොඩාක් ප‍්‍රශ්න තිබුණ කාලයක්. විශේෂයෙන්ම ලෝක කුසලාන තරගාවලි දෙකක් පෙනෙන තෙක් මානයේ සිටියදී.

 

කී‍්‍රඩාව පැත්තෙන් අපි දියුණු වෙන ගමන්ම 2011 සස 2012 වසරවල පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලි දෙකටම අපි සූදානම් විය යුතු වුණා. ඒවට ලෑස්ති වෙලා, රට වෙනුවෙනුත්, කී‍්‍රඩාව වෙනුවෙනුත් අවශ්‍ය කටයුතු කරන්න අපට ලොකු උවමනාවක් තිබුණා. ඒ හින්දා තමයි මා ඒ අවස්ථාවේදි ඊට සම්බන්ධ වුණේ. ඒ කටයුතු ඉදිරියට ගෙනියන්න තමයි මේ පාර සභාපති හැටියට තරග කරන්න තීරණය කළේ.

 

 

ප‍්‍රශ්නය : ඒ කියන්නේ ලේකම්වරයා හැටියට ඉන්න කාලේදී ඔබට කරගන්න බැරිවෙච්ච දේවල් තියෙනවාද ?

 

පිළිතුර : මා කි‍්‍රකට් පරිපාලනයට ආවට පස්සේ, මා හිටපු කාලය තුළ, ලෝක කුසලාන තරගාවලියක් ජයගන්න (වි:20 ලෝක කුසලාන – 2014) අපට පුළුවන් වුණා. ලෝක කුසලාන තරගාවලි දෙකක (එක්දින ලෝක කුසලාන තරග – 2011 සහ විස්සයි:20 ලෝක කුසලාන – 2012) අපි අනුශූරයෝ වුණා. 2015 මාර්තු මාසයේ 31 වැනිදා අපේ ඡන්ද අයිතිය අයින් කරලා කි‍්‍රකට් අතුරු කමිටුවක් පත්කරන වෙලාවේ, අපි හිටියේ වි:20 ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 ස්ථනයේ. අපි ටෙස්ට් වල හිටියේ 2 වැනි ස්ථානයේ. අපි එක්දින තරග ශේ්‍ණිගත කිරීම් වල හිටියේ 3 වැනි ස්ථානයේ. ඒ තත්ත්වයට අපි කි‍්‍රකට් කී‍්‍රඩාව ගෙනාවා.

 

ඊට අමතරව ලංකාව තුළත් ලංකාවෙන් පිටතදීත් පරාජය කරන්න අපට පුළුවන් උනා. ආසියානු කුසලාන තරගාවලි දෙකක් ජයගන්න අපිට හැකියාව ලැබුණා. අපිට එංගලන්තයට ගිහිල්ල එංගලන්තය පරාජය කරන්නත් පුළුවන් වුණා. ඒ තමයි අපි කි‍්‍රකට් කී‍්‍රඩාව පැත්තෙන් ලබාගත් ජයග‍්‍රහණ.

 

ඒවාට මම සම්පූර්ණ ගෞරවය ලබාගන්නවා නෙමෙයි. ඒත් කි‍්‍රකට් පරිපාලනයේදී දක්‍ෂ කී‍්‍රඩකයන් සම්බන්ධ කරගෙන අපට ඒ ගමන යන්න පුළුවන් වුණා. ඒ වගේම අපි බැලූවොත් කි‍්‍රකට් පරිපාලනය සම්බන්ධයෙන්, අපි පරිපාලනයට එනකොට කි‍්‍රකට් පාලක මණ්ඩලයේ වැඩකටයුතු සිදුවෙමින් තිබුණේ පෞද්ගලික බූදලයක් හැටියටයි. විශේෂයෙන්ම ටෙන්ඩර් පටිපාටි තිබ්බේ නෑ. අපි ඒවා හරියට ස්ථාපිත කළා.

 

 

ප‍්‍රශ්නය : 2009 ඔබලා කි‍්‍රකට් අතුරු කමිටුවට එන්නේ ඔබේ සහෝදරයා වන අර්ජුන රණතුංග මහතා (2008) කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපති වරයා වෙලා හිටියට පස්සෙනේ….? ඔහු මේ පාර ඔබේ කණ්ඩායමේ උප සභාපති තනතුරක් වෙනුවෙන් තරග කරනවා නේද ?

 

පිළිතුර : අර්ජුන අවුරුද්දක් තමයි ඒ තනතුරේ වැඩ කළේ. අර්ජුන ඒ කාලයේ පටන් ගත්ත වැඩ සටහන තමයි අපට ස්ථාපිත කරන්න වුණේ. අර්ජුන ඒවා පටන් අරන් මාස 7 ක් 8 ක් යනකොට ප‍්‍රශ්න ඇතිවෙලා එයාට යන්න වුණා. පරිපාලනමය වශයෙන් අපි ටෙන්ටර් පටිපාටි, මූල්‍ය ප‍්‍රතිපත්ති හදලා 2010 වෙනවිට ඒවා ස්ථාපිත කරන්න අපට පුළුවන් වුණා.

 

ඊට අමතරව මූල්‍යමය පැත්තෙන් වසර 2011 සහ 2012 වෙනකොට, (උපාලි ධර්මදාස මහතාගේ කාලය වෙනකාට) අපි මූල්‍යමය පැත්ත සියයට හයසියයකින් (600%) වැඩිකළා.

 

 

ප‍්‍රශ්නය : ඔබ කියනවා ඒ කාලයේ නියමිත ටෙන්ඩර් පටිපාටි ස්ථාපිත කළා කියලා. ඔය කියන්නේ 2009 සහ 2010 කාලවකවානුව. ඔය කාලයේ තමයි ලෝක කුසලාන තරගාවලි වෙනුවෙන් කී‍්‍රඩාංගණ හදන්න, ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණය නවීකරණය කරන්නත් සූරියවැව සහ පල්ලෙකැළේ කී‍්‍රඩාංගණ අලූතින් ඉදි කරන්නත් කොන්ත‍්‍රාත්තු බාර දෙන්නේ. ඒත් ඔය කොන්ත‍්‍රාත්තු වල ගෙවීම් සම්බන්ධයෙන් තවමත් ප‍්‍රශ්න තියෙනවා නේද ?

 

පිළිතුර : ඔව්. ඒකට හේතු වුණේ මූලිකවම අපට තිබ්බේ ලෝක කුසලාන තරග 12 යි. නමුත් පාකිස්තානයේ තරග නොපැවැත්වීමට තීරණය වීමත් සමගම තරග 4 ක් වැඩි වෙනවා. ඒ නිසා තවත් පිට්ටනියක් හදන වගකීම අපේ පිට පැවරුණා. ඒ වෙනකොට අපේ තිබුණ මූල්‍යමය සම්පත් අනව, පිට්ටනියක් හදන්න තරම් මූල්‍ය සම්පත් අපේ පාලක මණ්ඩලයට තිබුණේ නෑ. ඒ හින්දා අපි ඒ තත්ත්වය ගැන රජය සමග සාකච්ඡා කළා.

 

‘‘ඒක කෙටි කාලයක්. ඒ වගේ කෙටි කාලයක් තුළ ටෙන්ඩර් පටිපාටි කි‍්‍රයත්මක කළා නම් ඒක අපට කරගන්න හම්බවෙන්නේ නෑ, ඒකට යන කාලයත් එක්ක. ඒ වගේම අපට තිබුණ මූල්‍යමය අපහසුතාත් එක්ක. ඒ නිසා අපි රජය සමග සාකච්ඡා කරලා, රජයේ ආයතනය වල අනුග‍්‍රහය යටතේ ඒ දේවල් කරන්න ලැබීම නිසා තමයි අපට අති සාර්ථක ලෝක කුසලාන තරගාවලි දෙකක් පවත්වන්න හැකිවුණේ.’’

 

 

රජයේ අදහසක් තිබ්බා කී‍්‍රඩාංගණ හදන්න අවශ්‍ය පහසුකම් සපයන්න. ඔවුන් ඒ සඳහා අපට උදව් කළා. විශේෂයෙන්ම ඔවුන් ඒක කළේ කැබිනට් පති‍්‍රකාවක් මගින්.

 

මේ කී‍්‍රඩාංගණ හදලා ඉවර කිරීමේ වගකීම අපට තිබ්බා. අපි දැක්කා ඉන්දියාවේ කල්කටා නුවරත් තරග පවත්වන්න බැරි තත්ත්වයක් තිබුණා.

 

ලංකාවේ සාමාන්‍යයෙන් පැවැත්වෙන තරගාවලියක් වගේ නෙමෙයි. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරගාවලියක් සංවිධානය කිරීමේදී ඔවුන්ගේ තත්ත්ව පාලනයන්ට වගේම නිර්දේශ වලට යටත් වෙන්න සිදු වෙනවා. උදාහරණයකට කියනවා නම් මාධ්‍ය කුටියේ 400 කට අසුන් ගන්න පුළුවන් වෙන්න  ඕනේ. අඩුම ගානේ නරඹන්නන් 40,000 ක් වත් කී‍්‍රඩාංගණයකට එක්කාසු කරන්න පුළුවන් කම තියෙන්න  ඕනේ. ආලෝක තත්ත්වය ලක්ස් 2200 ට වත් තියෙන්න  ඕනේ…ඒ වගේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරගාවලිවල තරග සම්බන්ධයෙන් යම් යම් නිර්දේශ තියෙනවා.

 

ඒ වගකීම අපට තිබ්බා. ඒක කෙටි කාලයක්. ඒ වගේ කෙටි කාලයක් තුළ ටෙන්ඩර් පටිපාටි කි‍්‍රයත්මක කළා නම් ඒක අපට කරගන්න හම්බවෙන්නේ නෑ, ඒකට යන කාලයත් එක්ක. ඒ වගේම අපට තිබුණ මූල්‍යමය අපහසුතාත් එක්ක. ඒ නිසා අපි රජය සමග සාකච්ඡුා කරලා, රජයේ ආයතනය වල අනුග‍්‍රහය යටතේ ඒ දේවල් කරන්න ලැබීම නිසා තමයි අපට අති සාර්ථක ලෝක කුෂලාන තරගාවලි දෙකක් පවත්වන්න හැකිවුණේ.

 

 


ප‍්‍රශ්නය : ඒ වෙලාවේ රජයෙන් ඊට ආධාර ලැබුණාද ?

 

පිළිතුර : ඔව් රජයෙන් තමයි ඒවාට අදාළ ලියකියවිලි අනුමත කරලා ඒ දේවල් කරන්න උපකාර කළේ.

 

 

ප‍්‍රශ්නය : මේ කී‍්‍රඩාංගණ හදන්න රජයෙන් මුදල් දුන්නාද ?

 


පිළිතුර :නෑ මුදල් දුන්නේ නෑ. ඒත් කිසිම රටක කී‍්‍රඩාංගණ හදන්න මුදල් දෙන්නේ නෑ පාලක මණ්ඩල වලින්. අපි බැලූවොත් බංග්ලාදේශයේ ලෝක කුසලාන තරග සඳහා කී‍්‍රඩාංගණ ඉදිකරන්න මුදල් දුන්නේ ඒ රටේ රජයෙන්. ඒ නිසා කී‍්‍රඩාංගණ ඉදිකිරීම සමබන්ධයෙන් රජයේ දායකත්වය ලැබිය යුතුයි. විශේෂයෙන්ම අවුරුදු 30 ක යුද්ධය නිමා වූවායින් පස්සේ රජයට අවශ්‍යතාවක් තිබ්බා රටේ ප‍්‍රතිරූපය ඉහළ නංවන්න. ඒ සඳහා ලෝක කුසලාන තරගාවලිය අපට ඉතාමත් වැදගත් වුණා.

 

ඒ කාලය තුළ විදේශීය සංචාරකයන් මේ රටට ආවා. රටට ආදායම් ගලාගෙන ආවා. පාලක මණ්ඩලයට ආදායම් ලැබුණේ නැති වුණාට, රටට, විශේෂයෙන්ම හෝටල් වලට, ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට, ආහාර පාන සකස්කරන්නන්ට සහ වෙළෙඳුන් ඇතුළු තවත් බොහෝ පිරිස් වලට මුදල් ලැබුණා. ඒ කැපවීම තමයි රජය අපට ලබාදුන්නේ.

 

 

ප‍්‍රශ්නය :
ඔබ කියන්නේ මේ කී‍්‍රඩාංගණ හදන්න රජයෙන් මුදල් දුන්නේ නෑ කියලද ?

 

අපි ඉන්න කාලේ දුන්නේ නෑ. ඒත් ඊට පස්සේ කිසියම් මුදල් ප‍්‍රමාණයක් දීල තිබ්බා. මම හිටපු නැති කාලවල. අපි හිටපු කාලේ මුදල් දුන්නේ නෑ.

 

 

ප‍්‍රශ්නය :
ඔබ හිටපු නැති කාලයේ කිව්වේ….?

 

පිළිතුර : කෙටි කාලයක් තිබ්බා පාලක මණ්ඩලය මුදල් අහේනියකට මුහුණ දුන්න කාලයක්. උපාලි ධර්මදාස මහතා සහ ප‍්‍රකාශ් ෂාෆ්ටර් මහතා හිටපු කාලය..ඒවා පිට්ටනි හදන්න නෙමේ. නමුත් රජය මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුම්වත් කරල, ඒක ගෙවීම සඳහා කිසියම් වැඩ පිළිවෙලක් ආරම්භ කළා.

 

 

ප‍්‍රශ්නය : මෙවර නිලවරණයේදී විශාල තරගයක් තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ. දෙපාර්ශ්වයේම අය කියනවා අපි තමයි දිනන්නේ කියලා. මේ නිලවරණය ජයගැනීම සම්බන්ධයෙන් ඔබේ පාර්ශ්වයට තබෙන විශ්වාසනීයත්වය කොයි වගේද ?

 

පිළිතුර : අපට ඡන්දය දෙන්නේ සාමාජිකයෝ. සාමාජිකයන්ට කිසියම් පැහැදීමක් තියෙනවා අපි මේ දක්වා කරලා තියෙන දේවල් සම්බන්ධයෙන්. ඔවුන්ගේ තියෙන ඉල්ලීම නිසා තමයි මම මෙවර ඡන්දයේදී සභාපති තනතුරට ඉදිරිපත් වුණේ. මේ ඡන්දයේදී පාලක මණ්ඩලයේ ඡන්ද 147 ක් තියෙනවා. ඒකෙන් ඡන්ද 96 කට වඩා ප‍්‍රමාණයක් ලබාගන්න මට පුළුවන් කියා මට විශ්වාසයක් තියෙනවා.

 

 

ප‍්‍රශ්නය :  මේ වතාවේ කණ්ඩායම් බෙදී ගිහින් තියෙන විදිහ දිහා බැලූවාම ඔබගේ ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ උප සභාපති තනතුරකට තරග කරන්නේ ඔබේ හිටපු සභාපතිවරයා. ඒ සභාපතිවරයා යටතේ ඔබ ලේකම් විදිහට කටයුතු කරන විට කරගන්න බැරිවුණ දේවල් තියෙනවාද ?

 

පිළිතුර :
කරගන්න බැරිවුණ දේවල් වලට වඩා යම් යම් දේවල් තිබුණා වඩාත් ප‍්‍රමුඛත්වය දිය යුතු. අපි ඉදිරි වැඩ පිළිවෙලක් ලෑස්ති කරලා තියෙනවා වැඩි අවධානය යොමු කළ යුතු. විශේෂයෙන්ම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩාව. ඒකට වඩාත් හොඳ මූල්‍ය පහසුකම් දිය යුතුයි.

 

ලංකාවේ පාසල් පද්ධතියෙන් තමයි කි‍්‍රකට් කී‍්‍රඩකයන් බිහි කරන්නේ. අවුරුදු 9 ඉඳන් 19 වෙනකම් කී‍්‍රඩකයන් බිහිකරන්නේ පාසල් පද්ධතියෙන්. නමුත් කිසිම රජයකින් හෝ කිසිම අධ්‍යාපන අමාත්‍යංශයකින් හෝ කී‍්‍රඩා අමාත්‍යංශයකින් පාසල් වල කි‍්‍රකට් කී‍්‍රඩාවට මුදල් වෙන්කරන්නේ නෑ. මේ සම්බන්ධයෙන් අපි දැඩි අවධානයක් යොමු කරනවා. අර්ජුන රණතුංග ඇමතිතුමා ඉදිරිපත් වෙලා තියෙනවා පාසල් කි‍්‍රකට් ක්ෂේත‍්‍රය ගැන වැඩි අවධානයක් යොමුකරලා, පාසල් කි‍්‍රකට් සංගමයත් එක්ක එකතු වෙලා, පාසල් කි‍්‍රකට් කී‍්‍රඩාව මීට වඩා ඉදිරියට ගෙන යන්න පුළුවන් වැඩ පිළිවෙළක් ඇතිකරන්න.

 

මං හිතන්නේ ඒ වගේ දේකින් කි‍්‍රකට් කී‍්‍රඩාවට ඉදිරියේදී විශාල වාසි අත්වේවි. විශේෂයෙන්ම වඩාත් හොඳ කි‍්‍රකට් කී‍්‍රඩකයන් බිහිකරගන්න.


මතු සම්බන්ධයි…

 

(ඡායාරූපය – ඉෂංක සුනිමල්)

නවසීලන්ත වි:20 නායකයා විලියම්සන්

 

ශ්‍රී ලංකා පිලට එරෙහිව ලබන ජනවාරි මස පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කේන් විලියම්සන් පත්කර තිබේ. ආබාධයකට ලක්ව සිටින හෙයින් විස්සයි20 පිලේ නායක බ්‍රෙන්ඩන් මැකලම් මෙම සංචිතයට ඇතුළත්ව නැත.


 
මෙම වසරේ මැයි මස සිට ආබාධයකට ලක්ව සිටි තුන් ඉරියව් ක‍්‍රීඩක කොරී ඇන්ඩසන්ද මෙම විස්සයි20 තරගාවලිය සඳහා කැඳවා තිබේ. ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී හයේ පහරකින් නවසීලන්තයට ජය ගෙනආ ග‍්‍රාන්ට් එලියට් ද විස්සයි20 සංචිතයට කැඳවා සිටියි.  

 

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි20 තරග දෙක ජනවාරි මස 7 සහ 10 දෙදින පැවැත්වේ.

 


නවසීලන්ත විස්සයි20 සංචිතය:

කේන් විලියම්සන් (නායක), කෝරී ඇන්ඩසන්, ටෙ‍්‍රන්ට් බෝල්ට්, ග‍්‍රාන්ට් එලියට්, මාටින් ගප්ටිල්, මිචෙල් මැක්ලෙනගන්, ඇඩම් මිල්න්, කොලින් මුන්රෝ, ලූක් රොන්කි, මිචෙල් සෑන්ට්නර්, ඉෂ් සෝදි, ටිම් සවුති, රොස් ටේලර්

 

- 048

තුවාල ලත් මැකලම් හෙට තරගයෙන් ඉවතට

 

සංචාරක ශ්‍රී ලංකා පිල සහ නවසීලන්ත පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය නෙල්සන්හිදී හෙට (31) පැවැත්වේ. දිවා තරගයක් වන මෙම තරගය නවසීලන්ත වේලාවෙන් පෙරවරු 11.00 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් අලූයම 3.30 ට ආරම්භ වීමට නියමිතය.  

 

නවසීලන්ත පිලේ නායකයා වන ප‍්‍රවේගකාරී පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් ආබාධයකට ලක්ව සිටීම නිසා මෙම තරගයට සහභාගි නොවන අතර කේන් විලියම්සන් මෙම තරගයේදී නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය. ප‍්‍රබල පිතිකරු කේන් විලියම්සන් සහ වේග පන්දු යවන ඇඩම් මිල්න් කැඳවීමත් සමඟ නවසීලන්ත පිල තවත් ශක්තිමත් වී තිබේ.  

 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි එක්දින තරගයේදී පන්දුව හතරේ සීමාවට යා නොදී වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී බිමදිගේ ඇදීගිය මැකලම්, දැන්වීම් පුවරු පෙළේ වැදී තුවාල ලැබීය.

 

ශ්‍රී ලංකා පිල පළමු තරග දෙකම පරාජයට පත්ව සිටීම නිසා තරගාවලිය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරගය ජය ලැබීම අනිවාර්ය වී තිබේ.

 

මෙම තරගයේදී කිත්රුවන් විතානගේ මැද පෙළ පිතිකරුවකු ලෙස කණ්ඩායමට කැඳවීමේ සූදානමක්ද තිබෙන බව වාර්තා වේ. මෙම තරගයේදී තිලකරත්න ඩිල්ෂාන්ගේ සහයක ආරම්භක පිතිකරු වෙනස්වීමේ ඉඩකඩ ඇති බවද වාර්තා වේ. ධනුෂ්ක ගුණතිලක පළමු තරග දෙකේදීම ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ අතර තිරිමාන්න අංක තුන ස්ථානයේ පන්දුවට පහර දුන්නේය.

 

ශ්‍රී ලංකා පිල නෙල්සන් තණතීරුවේ එක දඟ පන්දු යවන්නකු සමඟ තරගයට පැමිණීමට තීරණය කර තිබේ. ඒ අනුව ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමෙන් ඉවතට විසිවේ.

 

වේග පන්දු යවන ක‍්‍රීඩක ටිම් සවුති නැවතත් එක්දින සංචිතයට කැඳවා සිටින අතර සවුති අවසන් තරග දෙකට ක‍්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.  

 


ශ්‍රී ලංකා එක්දින සංචිතය:

ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කිත්රුවන් විතානගේ, දිනේෂ් චන්දිමාල්, මිලින්ද සිරිවර්ධන, ධනුෂ්ක ගුණතිලක, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, නුවන් ප‍්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, චාමර කපුගෙදර සහ ජෙෆ්රි වැන්ඩසේ

 


නවසීලන්ත එක්දින සංචිතය:

මාටින් ගප්ටිල්, ටොම් ලෙතම්, කේන් විලියම්සන්, රෝස් ටේලර්, හෙන්ද්‍රි නිකොල්ස්, මිචෙල් සෑන්ට්නර්, ලූක් රොන්චි, ඩග් බ්‍රේස්වෙල්, ඇඩම් මිල්නේ, ටිම් සව‍්‍රති, මිචෙල් මැක්ලෙනගන්, ඉෂ් සෝදි, මැතිව් හෙන්ද්‍රි, ජෝර්ජ් වෝකර්

 

 

- 048