බ්ලූම්ෆීල්ඩ් පිලට ලකුණු 2 ක ජයක්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ක‍්‍රිකට් තරගාවලියේ අද (30 වැනිදා) පැවැති තරගයකදී හලාවත මේරියන්ස් පිල පරදවා ඩක්වත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 2 කින් ජයගැනීමට බ්ලූම්ෆීල්ඞ් පිල සමත්විය. මෙම තරගය කටුනායක නිදහස් වෙළද කලාපීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.


පෙරදින රාති‍්‍රයේ ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය මදක් ප‍්‍රමාද වූ අතර එක් පිලකට  ඕවර 47 කට සීමා විය.


කාසියේ වාසිය දිනූ හලාවත මේරියන්ස් පිල මුලින්ම පන්දුවට පහරදීමට බ්ලූම්ෆීල්ඞ් පිලට ආරාධනා කළ අතර ඔවුන් කිසිවකු නොදැවී  ඕවර 6 කට ලකුණු 30 ක් ලබා සිටිනවිට වර්ෂාව ඇද හැලීම හේතුවෙත් තරගය ටික වේලාවකට නතර කරන්නට සිදුවිය.


යලිත් ආරම්භවූ තරගය එක් පිලකට  ඕවර 38 කට සීමා විය.


බ්ලූම්ෆීල්ඞ් පිලට  ඕවර 38 අවසානයේදී කඩුලූ 9 ක් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 169 ක් පමණි.


ඩක්වත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 174 ක ඉලක්කයක් හඹා ගිය හලාවත මේරියන්ස් පිලට වර්ෂාව  හේතුවෙන් තරගය නතර කරනවිට  ඕවර 22 කදී කඩුලූ 3 ක් දැවී ලබා ගතහැකිවූයේ ලකුණු 84 ක් පමණි.


හලාවත මේරියන්ස් පිලට  ඕවර 22 අවසානයේදී ඩක්වත් ලූවිස් න්‍යාය අනුව ජයග‍්‍රහණය සදහා ලකුණු 87 ක් අවශ්‍යව තිබුනද ඔවුන් ලබා තිබූයේ ලකුණු 84 ක් පමණි.

 

බ්ලූම්ෆීල්ඞ් –  ඕවර 38 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 169
(ප‍්‍රිමෝෂ් පෙරේරා 42, අදීශ නානායක්කාර නොදැවී 27, දේශාන් ඩයස් 25, නිමේෂ් පෙරේරා 17/2, සාරංග රාජගුරු 21/2, දිනුක් හෙට්ටිආරච්චි 32/2)

 

හලාවත මේරියන්ස් –  ඕවර 22 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 84
(භාණුක රාජපක්ෂ 39, කසුන් විදුර නොදැවී 34, විශ්ව ප‍්‍රනාන්දු 14/2)

එස්.එස්.සී පිලට කඩුලූ 6 ක ජයක්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ක‍්‍රිකට් තරගාවලියේ අද (30 වැනිදා)  පැවැති තරගයකදී මූවර්ස් පිල පරදවා කඩුලූ 6 ක ජයක් ලබාගැනීමට එස්.එස්.සී පිල සමත්විය. මෙම තරගය මූවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.


පෙරදින රාති‍්‍රයේ ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය ප‍්‍රමාදවී ආරම්භවූ අතර එක් පිලකට  ඕවර 37 කට සීමා විය.


කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් මූවර්ස් පිල ලකුණු 160 කට සීමා කිරීමට එස්.එස්.සී පන්දු යවන්නෝ සමත්වූහ. මහේල උඩවත්ත (78) අර්ධ ශතකයක් ලබා ගත් අතර ලක්ෂාන් ජයසිංහ ලකුණු 27 කට කඩුලූ 7 ක් ලබා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුයේය.


ලකුණු 161 ක ඉලක්කයක් හඹා ගිය එස්.එස්.සී පිල  ඕවර 35.3 කදී කඩුලූ 4 ක් දැවී තම ඉලක්කය පසු කිරීමට සමත්විය. කෞශාල් සිල්වා (57) අර්ධ ශතකයක් ලබා ගත්තේය.

 

මූවර්ස් –  ඕවර 33.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 160
(මහේල උඩවත්ත 78, ඉරෝෂ් සමරසූරිය 24, ලක්ෂාන් ජයසිංහ 27/7)

 

එස්.එස්.සී –  ඕවර 35.3 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 165
(කෞශාල් සිල්වා 57, තිළිණ කණ්ඩම්බි නොදැවී 37, රමේෂ් මෙන්ඩිස් නොදැවී 28, මිනොද් භාණුක 26, සචිත‍්‍ර සේරසිංහ 29/2)

බදුරලියට ලකුණු 53 ක ජයක්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ක‍්‍රිකට් තරගාවලියේ අද (30 වැනිදා) පැවැති තරගයකදී ගාල්ල පිල පරදවා ලකුණු 53 කින් ජයගැනීමට බදුරලිය පිල සමත්විය. මෙම තරගය මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.


කාසියේ වාසිය දිනූ ගාලූ පිල මුලින්ම පන්දුවට පහරදීමට බදුරලිය පිලට ආරාධනා කළ අතර ඔවුන් ලකුණු 218 කට සීමා කිරීමට ගාල්ල පන්දු යවන්නෝ සමත්වූහ. සමීන් කඳනආරච්චි (62) සහ හසන්ත ප‍්‍රනාන්දු (58) අර්ධ ශතක රැස් කරගැනීමට සමත්වූහ.


ලකුණු 219 ක ඉලක්කයක් හඹා ගිය ගාලූ පිලට සියලූ දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 165 ක් පමණි. කසුන් රාජිත ලකුණු 37 කට කඩුලූ 5 ක් සහ ඉමේෂ් උදයංග ලකුණු 28 කට කඩුලූ 4 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

බදුරලිය –  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 218
(සමීන් කඳනආරච්චි 62, හසන්ත ප‍්‍රනාන්දු 58, ඉමේෂ් උදයංග 24, චරිත් අසලංක 40/4)

 

ගාල්ල –  ඕවර 42.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 165
(තිලකරත්න සම්පත් 70, චරිත බුද්ධික 25, චාමර සිල්වා 20, කසුන් රාජිත 37/5, ඉමේෂ් උදයංග 28/4)

කෝල්ට්ස් පිලට කඩුලූ 6 ක ජයක්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ක‍්‍රිකට් තරගාවලියේ අද (30 වැනිදා) පැවැති තරගයකදී රාගම පිල පරදවා කඩුලූ 6 ක ජයක් ලබාගැනීමට කෝල්ට්ස් පිල සමත්විය. මෙම තරගය තර්ස්ටන් විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.


මුලින්ම පන්දුවට පහරදුන් රාගම පිල ලකුණු 158 කට සීමා කිරීමට කෝල්ට්ස් පන්දු යවන්නෝ සමත්වූහ. ශශ‍්‍රීක පුස්සේගොල්ල (නොදැවී 55) අර්ධ ශතකයක් ලබා ගත්තේය.


ලකුණු 159 ක ඉලක්කයක් හඹා ගිය කෝල්ට්ස් පිල  ඕවර 35 කදී කඩුලූ 4 ක් දැවී තම ඉලක්කය පසු කිරීමට සමත්විය. හෂාන් දුමිඳු (නොදැවී 53) අර්ධ ශතකයක් ලබා ගත්තේය.

 

රාගම –  ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 158
(ශශ‍්‍රීක පුස්සේගොල්ල නොදැවී 55, චානක විජේසිංහ 24, සංක රමේෂ් 29/3, ප‍්‍රභාත් ජයසූරිය 22/2)

 

කෝල්ට්ස් –  ඕවර 35 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 160
(හෂාන් දුමිඳු නොදැවී 53, ශෙහාන් ප‍්‍රනාන්දු 40, අකිල ධනංජය 24)

බරිසාල් බුල්ස් කණ්ඩායමට ලකුණු 33 ක ජයක්

 

බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 13 වැනි තරගය වූ බරිසාල් බුල්ස් කණ්ඩායම සහ චිතගොං වයිකින්ස් කණ්ඩායම අතර මිර්පූර්හි ශ්රී බංග්ලා කී‍්‍රඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 33 ක ජයක් අත්කර ගැනීමට බරිසාල් බුල්ස් කණ්ඩායම සමත් විය.

 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය චිතගොං වයිකින්ස් කණ්ඩායමට  ඕවර 19.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 137 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ කෙවොන් කූපර් ඕවර 4 ක් යවා ලකුණු 28 කට කඩුලූ 3 ක් දවාගනිමින් තරගයේ වීරයා බවට පත්විය.

 

චිතගොං වයිකින්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නයීම් ඉස්ලාම් පන්දු 40 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 38 ක් රැස්කළේය. එහිදී තිලකරත්න ඩිල්ෂාන් පන්දු 12 කින් ලකුණු 19 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

 

පළමුවෙන් පන්දුවට පහරදුන් බරිසාල් බුල්ස් කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ මහමදුල්ලා පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළේය. වේගවත් පිතිහරඹයක නිරත වූ සීක්කුගේ ප‍්‍රසන්න පන්දු 20 කදී ලකුණු 36 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය.


චිතගොං වයිකින්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඞ් අමීර් සහ සියාවුර් රෙහෙමාන් කඩුලූ 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.

 


බරිසාල් බුල්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 170
(මෙහෙදි මරූෆ් 28, මහමදුල්ලා 51, සීක්කුගේ ප‍්‍රසන්න 36, කෙවොන් කූපර් නොදැවී 21, මොහොමඞ් අමීර් 20/2, සියාවුර් රෙහෙමාන් 24/2)


 
චිතගොං වයිකින්ස් කණ්ඩායම –  ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී 137
(ටී. එම්. ඩිල්ෂාන් 19, නයීම් ඉස්ලාම් 38, මොහොමඞ් අමීර් 20, කෙවොන් කූපර් 28/3, අල් අමීන් හුසේන් 34/2)

 

- 036

තිලංග – ජයන්ත පාර්ශවය 3 වැනිදා නාමයෝජනා දෙයි

 


ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයට තිලංග – ජයන්ත පාර්ශවයේ නාමයෝජනා දෙසැම්බර් මස 3 වැනිදා පෙරවරුවේ බාරදීමට නියමිත බව එම පාර්ශවයේ නියෝජිතයකු ‘ලංකාදීප’යට පැවසීය.

 

එම පාර්ශවයේ නාමයෝජනා එහි නීති නිලධාරීහු එදින ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන් චන්ද්‍ර මහතාට බාරදීමට නියමිතය. නාමයෝජනා බාරදීමේ අවස්ථාවට එම පාර්ශවයේ ප‍්‍රධාන නිලධාරීන් වන තිලංග සුමතිපාල, ජයන්ත ධර්මදාස ඇතුළු නිලධාරීන් සහභාගි නොවන බව ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

 

හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතා උප සභාපති ධූරයට නාමයෝජනා බාරදීමට සූදානමින් සිටියි. උප සභාපති ධූරයට තරග කිරීමට නියමිතව සිටි ශම්මි සිල්වා මහතා වෙනත් තනතුරකට තරග කිරීමට සූදානම් වන බව වාර්තා වේ.  

 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දීර්ඝතම කාලයක් භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කළ නුස්කි මොහොමඞ් මහතා මෙවර නිලවරණයේදී තරග නොකළ ද ඒ මහතා එම පාර්ශවයෙන් මූල්‍ය කමිටු උපදේශකවරයා ලෙස කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ. එම පාර්ශවය නාමයෝජනා බාරදීමෙන් පසුව එදින පෙරවරු 11.00 ට එස්.එස්.සී. හිදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

 

සභාපති ධූරය සදහා ඉදිරිපත්වීමට නියමිතව සිටි පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා නාමයෝජනා ඉදිරිපත් නොරනු ඇති බවට ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ.

 

මෙවර නිලවරණයට තරග කරන අනෙක් පාර්ශවය වන ‘රණතුංග’ පාර්ශවය පසුගිය 26 වැනිදා සභාපති, ලේකම් සහ උප ලේකම් යන තනතුරුවලට නාමයෝජනා බාරදුන්නේය. එම පාර්ශවයේ සෙසු නාමයෝජනා හෙට හෝ අනිද්දා බාර දීමට ඉඩ තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන ජනවාරි මස 3 වැනිදා පැවැත්වේ. නාමයෝජනා බාර ගැනීම පසුගිය 24 වැනිදා ආරම්භ වූ අතර දෙසැම්බර් මස 4 වැනිදා අවසන් වීමට නියමිතය.

 

ඕස්ටේ‍්‍රලියානුවෝ දිවා/රාතී‍්‍ර ටෙස්ට් තරගය දිනති

 


ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර ඇඩිලේඞ්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී  පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන්  ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 3 ක විශිෂ්ට ජයක් ලැබීය.  ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ පළමු දිවා/රාත‍්‍රී තරගය ජය ගත් කණ්ඩායම ලෙස ඉතිහාසයට එක් වු ස්ටීවන් ස්මිත් ප‍්‍රමුඛ  ඕස්ටේ‍්‍රලියානු පිල ‘චැපල් -හැඞ්ලි’ කුසලානය හිමිකර ගත්තේ තරගාවලිය 2-0 ක් ලෙස ජය ගනිමිනි.

 

බි‍්‍රස්බේන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට  ඕස්ටේ‍්‍රලියාව සමත් වු අතර පර්ත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය.

 

අවසන් වරට 2011 වසරේදී දෙරට අතර පැවැති ‘චැපල් -හැඞ්ලි’ කුසලාන ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස ජය පැරදුමෙන් තොරව නිම වී තිබේ. අද නිමාවට පත්වූ තෙවැනි ටෙස්ට් තරගයේදී නවසීලන්ත දෙවැනි ඉනිම ලකුණු 208 කට සීමා කළ ඕස්ටේ‍්‍රලියානුවෝ  තරගයේ දින දෙකක් සම්පුර්ණයෙන්ම ඉතිරිව තිබියදීම ලකුණු 187 ක ජයග‍්‍රාහී ඉලක්කයක් පාදාගත්හ.

 

වේග පන්දු යවන්නන්ට හිතකර වු තණතීරුවක ක‍්‍රීඩා කිරීමේ වාසියෙන් උපරිම ප‍්‍රයෝජන ගත් නවසීලන්ත පන්දු යවන්නන් ද  ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන්ට ගෙන දුන්නේ දැඩි පීඩනයකි. ඕස්ටේ‍්‍රලියාව සිය ජයග‍්‍රාහී ඉලක්කය සපුරා ගැනීමේදී කඩුලූ හතක්ම බිද වැටුණ අතර ඉන් කඩුලූ පහකම හිමිකරුවා වුයේ ටෙ‍්‍රන්ට් බෝල්ට්ය.

 

ඕස්ටේ‍්‍රලියාවේ වේගපන්දු යවන ක‍්‍රීඩක ජෝෂ් හේසල්වුඞ් සිය හොදම පන්දු යැවීම වාර්තා කරමින් නවසීලන්ත අපේක්‍ෂ බිඳ දැමුවේ ලකුණු 70 කට කඩුලූ හයක් දවාගනිමිනි. හේසල්වුඞ්, තරගයේ වීරයා සම්මානය ලැබීය.

 

නවසීලන්තය මෙන්ම  ඕස්ටේ‍්‍රලියාවේද දෙවැනි ඉනිම්වලදී කිසිදු පිතිකරුවෙකුට ලකුණු 50 සීමාව පසු කිරීමට නොහැකි විය.

 

මෙම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ රොෂාන් මහනාම මහතා මෙම තරගයෙන් පසුව අන්තර්ජාතික තරග තීරක ධුරයෙන් විශ‍්‍රාම ගැනීමට නියමිතව බැවින් තරගය අවසානයේදී ඔහුට විශේෂ ත්‍යාගයක් පිරිනැමිණ.

 


නවසීලන්තය පළමු ඉනිම – ඕවර 65.2 කදී සියලූ දෙනා දැවී 202


ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම – ඕවර 72.1 කදී සියලූ දෙනා දැවී 224
(ස්ටීව් ස්මිත් 53, පීටර් නෙවිල් 66, නේතන් ලයන් 34, මිචෙල් ස්ටාක් නොදැවී 24, ටෙ‍්‍රන්ට් බොල්ට් 41/2, ඩග් බ්‍රේස්වෙල් 18/3, මාර්ක් ක්‍රෙග් 53/2)


නවසීලන්ත දෙවැනි ඉනිම – ඕවර 62.5 කදී සියලූ දෙනා දැවී 208
(මාටින් ගප්ටිල් 17, රෝස් ටේලර් 32, බ්‍රෙන්ඩන් මැකලම් 20, මිචෙල් සැට්නර් 45, මාර්ක් ක්‍රෙග් 15, ඩග් බ්‍රේස්වෙල් නොදැවී 27, ජෝෂ් හේසල්වුඞ් 70/6, මිචෙල් මාෂ් 59/3)


ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම – ඕවර 51 කදී කඩුලූ 7 ක් දැවී 187
(ඬේවිඞ් වෝනර් 35, ඇඩම් වොග්ස් 28, ෂෝන් මාෂ් 49, මිචෙල් මාෂ් 28, ටෙ‍්‍රන්ට් බොල්ට් 60/5)

 


- 090

 

බ්ලූම්ෆීල්ඞ් – බදුරලිය තරගය විසඳුමක් නැතිව අවසන්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ක‍්‍රිකට් තරගාවලයේ ඊයේ (28 වැනිදා) පැවැති සැරසන්ස් සහ ද්‍රවිඩ සංගම් පිල අතර තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. මෙම තරගය පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

 

කාසියේ වාසිය දිනූ ද්‍රවිඩ සංගම් පිල මුලින්ම පන්දුවට පහරදීමට සැරසන්ස් පිලට ආරාධනා කළ අතර ඔවුන් ලකුණු 238 කට සීමා කිරීමට ද්‍රවිඩ සංගම් පන්දු යවන්නෝ සමත්වූහ.

 

තෙවැනි කඩුල්ල සදහා ලකුණු 187 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට හර්ෂ කුරේ (92) සහ උමේෂ් කරුණාරත්න (නොදැවී 96) සමත්වූහ. සැරසන්ස් ඉනිම අවසන්වීමත් සමගම වර්ෂාව ඇද හැලීම හේතුවෙන් ද්‍රවිඩ සංගම් ඉනිම අතහැර දැමීමට සිදුවිය.

 


සැරසන්ස් –  ඕවර 50 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 238
(උමේෂ් කරුණාරත්න නොදැවී 96, හර්ෂ කුරේ 92, චරිත් ජයම්පති 54/2)

මහරූෆ්ගේ වෑයම අපතේ යයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ක‍්‍රිකට් තරගාවලයේ ඊයේ (28 වැනිදා) පැවැති කෝල්ට්ස් සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. මෙම තරගය කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

 

කාසියේ වාසිය දිනූ එන්.සී.සි පිල මුලින්ම පන්දුවට පහරදීමට කෝල්ට්ස් පිලට ආරාධනා කළ අතර තරගයේ 42 වන ඕවරය යවනවිට වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරගය තරගය අතහැර දැමීමට සිදුවිය.

 

ඕවර 6.3 කදී ලකුණු 23 කට කඩුලූ 5 ක් බිඳ හෙළමින් පන්දුවෙන් දස්කම් දක්වන්නට ෆර්වීස් මහරූෆ් සමත්විය.

 


කෝල්ට්ස් –  ඕවර 41.3 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 125
(ප‍්‍රියමාල් පෙරේරා 52, සදීර සමරවික‍්‍රම 24, සංක රමේෂ් 20, ෆර්වීස් මහරූෆ් 23/5, චාමිකර එදිරිසිංහ 12/2)

 

බ්ලූම්ෆීල්ඞ් – බදුරලිය විසඳුමකින් තොරයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (28 වැනිදා) පැවැති බ්ලූම්ෆීල්ඞ් සහ බදුරලිය කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. මෙම තරගය බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

 

කාසියේ වාසිය දිනූ බදුරලිය පිල මුලින්ම පන්දුවට පහරදීමට බ්ලූම්ෆීල්ඞ් පිලට ආරාධනා කළ අතර ඔවුන් ලකුණු 238 කට සීමා කිරීමට බදුරලිය පන්දු යවන්නෝ සමත්වූහ.

 

බ්ලූම්ෆීල්ඞ් ඉනිම අවසන්වීමත් සමගම වර්ෂාව ඇද හැලීම හේතුවෙන් බදුරලිය ඉනිම අතහැර දැමීමට සිදුවිය.

 


බ්ලූම්ෆීල්ඞ් –  ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 238
(ප‍්‍රිමෝෂ් පෙරේරා 66, දේශාන් ජයවර්ධන 51, නිපුන් කරුණානායක 31, දිල්හාන් කුරේ 26, කසුන් රාජිත 57/3, ලස්සන පෙරේරා 25/2, ඉමේෂ් උදයංග 33/2)