මාස් ඇක්ටිව් 23 වන සිංගර් කුසලානය දිනා ගනී

වෙළඳ සේවා ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන 23 වන සිංගර් කුසලාන ‘ඒ’ කොටසේ පිලිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරගයේදී කොමර්ෂල් ක්‍රෙඩිට් පිල පරදවා කඩුලූ එකකින් ජය ලබා මාස් ඇක්ටිව් පිල ශූරතාවය දිනා ගැනීමට අද (31 වැනිදා) සමත්විය. මෙම තරගය වෙළද සේවා ක‍්‍රීඩාංගණයේදී පැවැත්විය.

 

පෙරදින රාත‍්‍රියේ පැවති වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම ප‍්‍රමාදවූ අතර එක් පිලකට  ඕවර 22 කට සීමා විය.

 

කාසියේ වාසිය දිනු මාස් ඇක්ටිව් පිල මුලින්ම පන්දුවට පහරදීමට කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට ආරාධනා කළ අතර ඔව්හු ඕවර 19 කදී සියලූ දෙනා දැවී ලකුණු 128 ක් රැස් කිරීමට සමත්වූහ. පිතිකරුවන් හට සාර්ථක වීමට ඉඩ නොදුන් සචිත් පතිරණ ලකුණු 23 කට කඩුලූ 5 ක් සහ ඉසුරු උදාන ලකුණු 22 කට කඩුලූ 3 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

ලකුණු 129 ක ඉලක්කයක් හඹා ගිය මාස් ඇක්ටිව් පිල  ඕවර 18.4 කදී කඩුලූ 9 ක් දැවී තම ඉලක්කය පසු කිරීමට සමත්විය.

 

මාස් ඇක්ටිව් පිල ලීග් සහ පිලිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරතා දෙකම දිනා ගැනීමට සමත්විය

 


තරගයේ වීරයා : ඉසුරු උදාන (මාස් ඇක්ටිව්)
තරගාවලියේ හොදම පිතිකරු : ප‍්‍රිමෝෂ් පෙරේරා (සම්පත් බැංකුව)
තරගාවලියේ හොදම පන්දු යවන්නා : ලසිත් මාලිංග (මාස් ඇක්ටිව්)
තරගාවලියේ වීරයා : භාණුක රාජපක්ෂ (ජෝන් කීල්ස්)

 

කොමර්ෂල් ක්‍රෙඩිට් පිල –  ඕවර 19 කදී සියලූ දෙනා දැවී ලකුණු 128
(කුසල් මෙන්ඩිස් 39, උපුල් තරංග 28, චතුරංග ද සිල්වා 21, සචිත් පතිරණ 23/5, ඉසුරු උදාන 22/3)

 

මාස් ඇක්ටිව් පිල –  ඕවර 18.4 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 133
(ඇංජලෝ පෙරේරා නොදැවී 32, දිල්ශාන් මුණවීර 26, ඉසුරු උදාන නොදැවී 14, චතුරංග ද සිල්වා 11/4, මාලින්ද පුෂ්පකුමාර 24/2, සුරාජ් රංදිව් 38/2)

 

ඩිල්ෂාන් හොඳම එක්දින පිතිකරුවන් 10 අතරට

 

 

 


අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් තවමත් සිවුවැනි ස්ථානයේ රැඳී සිටී. තුන් ඉරියව් ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේදීත් තිලකරත්න ඩිල්ෂාන්ට දෙවැනි ස්ථානයත් ඇන්ජලෝ මැතිව්ස්ට තුන්වැනි ස්ථානයත් හිමිවී තිබේ.

 

මැතිව්ස් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 20 වැනි ස්ථානයේද පන්දු යනන්නන් ශ්‍රේණිගත කිරීමේ 19 වැනි ස්ථානයේද පසු වෙයි. ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රබලතම වේග පන්දු යවන්නා ලෙස සැලකෙන ලසිත් මාලිංග පන්දු යවන්නන් අතර 33 වැනි ස්ථානයට වැටී තිබේ. අජන්ත මෙන්ඩිස් 66 වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ.

 

දකුණු අප‍්‍රිකානු පිලෙ ප‍්‍රවේගකාරී පිතිකරු ඒ. බී. ඩිවිලියර්ස් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ රැදී සිටින අතර ඉන්දීය පිතිකරු විරාට් කෝලි දෙවැනි ස්ථානයේ පසු වෙයි.

 

ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන ක‍්‍රීඩක මිචෙල් ස්ටාක් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසු වන අතර කොදෙව් ක‍්‍රීඩක සුනිල් නරේන් දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

 

එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම
       
ස්ථා.  පිතිකරු රට ප‍්‍ර.ල.
       
1 ඒ. බී. ඩිවිලියර්ස්  දකුණු අප‍්‍රිකාව 900
2 විරාට් කෝලි ඉන්දියාව 804
3 කේන් විලියම්සන් නවසීලන්තය 788
4 තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකාව 781
5 හෂීම් අම්ලා  දකුණු අප‍්‍රිකාව 776
6 මහේන්ද්‍ර සිං දෝනි  ඉන්දියාව 741
7 ශීකර් ධවාන් ඉන්දියාව 730
8 රොස් ටේලර් නවසීලන්තය 728
9 ග්ලේන් මැක්ස්වෙල්   ඕස්ටේ‍්‍රලියාව  717
10 ෆෆ් ඩූ ප්ලෙසිස්  දකු-ණු අප‍්‍රිකාව  715
10 කුවින්ටින් ඞී කොක්  දකුණු අප‍්‍රිකාව  715
       
දෙපිලේ සෙසු පිතිකරුවන්ගේ ශ්‍රේණිගත ස්ථාන
       
20 ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව 646
37 මාලන් සැමුවෙල්ස්  බ.ඉ.කො. 571
44 ඩැරන් බ‍්‍රාවෝ බ.ඉ.කො. 547
49 ඔන්ඩි‍්‍ර රසල්  බ.ඉ.කො. 539
63 කුසල් පෙරේරා  ශ්‍රී ලංකාව 503
68 ජොන්සන් චාල්ස්  බ.ඉ.කො. 496
70 දිනේෂ් චන්දිමාල්  ශ්‍රී ලංකාව  492
       
එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම
       
ස්ථා.  පන්දු යවන්නා රට ප‍්‍ර.ල.
       
1 මිචෙල් ස්ටාක්  ඕස්ටේ‍්‍රලියාව 713
2 සුනිල් නරේන්  බ.ඉ.කො. 709
3 ටෙ‍්‍රන්ට් බෝල්ට්  නවසීලන්තය 705
4 සකීබ් අල් හසන්  බංග්ලාදේශය 690
5 ඉම්රාන් තහිර්  දකුණු අප‍්‍රිකාව 688
6 ඬේන් ස්ටේන්  දකුණු අප‍්‍රිකාව 682
7 මිචෙල් ජොන්සන්  ඕස්ටේ‍්‍රලියාව 672
8 මොනේ මොර්කල්  දකුණු අප‍්‍රිකාව  666
9 සයිඞ් අජ්මාල් පාකිස්තානය 655
10 රවිචන්ද්‍රන් අෂ්වින් ඉන්දියාව 640
       
දෙපිලේ සෙසු පන්දු යවන්නන්ගේ් ශ්‍රේණිගත ස්ථාන
       
17 සචිත‍්‍ර සේනානායක ශ්‍රී ලංකාව 595
19 ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව 581
22 ජේසන් හෝල්ඩර්  බ.ඉ.කො. 566
23 රවී රාම්පෝල් බ.ඉ.කො. 560
33 ලසිත් මාලිංග ශ්‍රී ලංකාව 535
37 ජෙරමි ටේලර්  බ.ඉ.කො. 523
49 තිලකරත්න ඩිල්ෂාන්  ශ්‍රී ලංකාව 485
61 ඔන්ඩි‍්‍ර රසල්  බ.ඉ.කො. 473
66 අජන්ත මෙන්ඩිස්  ශ්‍රී ලංකාව 465
       
එක්දින තුන් ඉරියව් ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීම  
       
ස්ථා.  පන්දු යවන්නා රට ප‍්‍ර.ල.
       
1 හකීබ් අල් හසන්  බංග්ලාදේශය 418
2 තිලකරත්න ඩිල්ෂාන්  ශ්‍රී ලංකාව 379
3 ඇන්ජලෝ මැතිව්ස්  ශ්‍රී ලංකාව 375

 

කෙටි යෙදුම්: ස්ථා. – ස්ථානය, ප‍්‍ර.ල. – ප‍්‍රසාද ලකුණු

 

- 048

ශ්‍රී ලංකාව ඉහළ නගින්න නම් 3-0 ක ජයක්

 


බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුවහොත් මේ වන විට ප‍්‍රසාද ලකුණු 103 ක් ලබා සිටින ශී‍්‍ර ලංකාවට තවත් ප‍්‍රසාද ලකුණු දෙකක් ලබා ගනිමින් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 105 ක් දක්වා ඉහළ නංවා ගැනීමේ අවස්ථාව තිබේ.

 

ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග 2-1 කින් තරගාවලිය ජයගත්තද දෙපිලේම ප‍්‍රසාද ලකුණු වල වෙනසක් සිදු නොවේ. දෙපිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඉරිදා (01) දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ.

 

ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 103 ක් ලබා එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානයේ පසු වන අතර බටහිර ඉන්දීය කොදෙව් පිල ප‍්‍රසාද ලකුණු 88 ක් ලබා අටවැනි ස්ථානයේ පසු වෙයි.

 

බටහිර ඉන්දීය කොදෙව් පිල තරගාවලිය 3-0 කින් ජය ලැබුවහොත් ප‍්‍රසාද ලකුණු 5 ක් ලබා ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 93 ක් දක්වා ඉහළ නංවා ගැනීමේ අවස්ථාව තිබෙන අතර තරගාවලිය 2-1 කින් ජයගතහොත් කොදෙව්වන්ට හිමිවන ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 3 කි. එවැනි ප‍්‍රතිපලයකදී ශී‍්‍ර ලංකා පිලට ප‍්‍රසාද ලකුණක් අඩුවී එය 102 ක් ලෙසින් සටහන් වනු ඇත.

 

වසර 2017 සැප්තැම්බර් මාසය දක්වා පැවැත්වෙන එක්දින අන්තර්ජාතික තරග වල ප‍්‍රතිඵල අනුව අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම සිටින කණ්ඩායම් 8 පමණක් 2019 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.

 

2017 සැප්තැම්බර් මාසයේදී අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව 9 වැනි ස්ථානයේ සිට 12 වැනි ස්ථානය දක්වා සිටින කණ්ඩායම් 4 සහ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ලෝක කි‍්‍රකට් ලීගයේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් අතර පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ කඩයිම් තරගාවලිය 2018 දී පැවැත්වේ. එයින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙකක් පමණක් 2019 එංගලන්තයේදී සහ වේල්සයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගනු ඇත.

 

 

එක්දින අන්තර්ජාතික ක‍්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම

 

ස්ථා.  රට ප‍්‍ර.ල.
1  ඕස්ටේ‍්‍රලියාව 127
2 ඉන්දියාව 114
3 දකුණු අප‍්‍රිකාව 112
4 නවසීලන්තය 109
5 ශ්‍රී ලංකාව 103
6 එංගලන්තය 100
7 බංග්ලාදේශය 96
8 බ.ඉ.කොදෙව් 88
9 පාකිස්තානය 88
10 සිම්බාබ්වේ 46
11 අයර්ලන්තය 46
12 අෆ්ගනිස්තානය 45

 

කෙටි යෙදුම්: ස්ථා. – ස්ථානය, ප‍්‍ර.ල. – ප‍්‍රසාද ලකුණු

 

- 048

රංගිරි දඹුල්ලට ගෘහස්ථ කි‍්‍රකට් පුහුණු තීරුවක්

වසර ගණනාවක් තිස්සේ නොසලකා හැර තිබූ රංගිරි දඹුල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ ගෘහස්ථ කි‍්‍රකට් පුහුණු තීරුවක් ඉදිකිරීමට සඳහා අද (30 වැනිදා) පෙරවරුවේදී  මුල්ගල් තැබීමට නියමිතය.


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පූර්ණ වියදමින් ඉදිකෙරෙන මෙම ගෘහස්ථ කි‍්‍රකට් පුහුණු තීරුවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි සහ කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් අද (30 වැනිදා)  පෙරවරු 10.00 ට මෙම මුල්ගල තැබීමට නියමිතව තිබිණ.

 

ජයග‍්‍රහණයේ සතුට භූමිකම්පාවෙන් කිඳී යයි

පසුගිය සඳුදා පකිස්තානයේ සිදුවු දරුණු භූමිකම්පාවකින් ජීවිතක්ෂයට පත්වූ සහ අතුරුදන් වූ පිරිස වෙනුවෙන් දැඩි කණගාටුව පළ කරන පකිස්තාන් ක‍්‍රිකට් නායක මිස්බා උල් හක් ඇතුළු කළමණාකාරීත්වය විපතට පත්වූවන්ට සහන සැලසීමට ඉදිරිපත් වන බවද පවසයි.


පකිස්තාන් ක‍්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එංගලන්තය සමග ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියකට සහභාගි වෙමින් සිටියදී මෙම භූමිකම්පාව සිදුවී තිබේ. භූමිකම්පාව සිදුවූයේ එංගලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් පකිස්තානය ලකුණු 178 කින් ජය ගත් පසුගිය 26 වැනිදාය.


”අපි එංගලන්තය පරාජය කරමින් ලකුණ 178 ක ජයක් ලැබුවත් ඒක සමරන්න අවස්ථාවක් නැහැ. ජයග‍්‍රහණයෙන් අපේ ක‍්‍රීඩකයන් විශ්මයට පත්වුවත් ඔවුන්ගේ සිත යොමු වූයේ භූමිකම්පාවෙන් අසරණ වුවන්ට සහන සලසන්නෙ කොහොමද කියන එක පිළිබඳවයි” යයි පකිස්තාන් ටෙස්ට් ක‍්‍රිකට් නායක මිස්බා පවසයි.


ඇෆ්ගනිස්ථානය සහ උතුරු බටහිර පකිස්තානය අතර සිදුවූ මෙම භූමිකම්පාව රිට්ටර් මාපක 7.5 ක විශාලත්වයකින් යුත් බව වාර්තා වේ.

 

මෙම භූමිකම්පාවෙන් 304 දෙනෙක්  ස්ථිර වශයෙන්ම ජීවිතක්ෂයට පත්වී ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. තවත් 1600 කට වැඩි පිරිසක් එහිදී තුවාල ලබා ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.


කෙසේ වෙතත් පකිස්තාන් ආපදා කළමනාකරණ බලධාරීන්ගේ වාර්තාව අනූව මෙම භූමිකම්පාවෙන් 228 ක් පමණ ජීවිතක්‍ෂයට පත්වන්නට ඇතැයි විශ්වාස පළකර තිබේ.


”අපි දරුණු ලෙස මේ භූමිකම්පාවෙන් ශෝකයට පත්ව සිටිනවා. මෙහිදී මිය ගිය අයගේ හිතුවතුන් සහ ඥාතීන්ට අපගේ හෘදයාංගම ශෝකය පළ කරනවා.” යයි පවසා ඇති පකිස්තාන් ක‍්‍රිකට් කළමනාකරු ඉන්ටිකාබ් අලාම් මහතාතම කණ්ඩායමේ සියලූම ක‍්‍රීඩකයන් මේ සිදුවීමෙන් ජයග‍්‍රහණය භූක්ති නොවිඳ දැඩි සේ කම්පාවට පත්ව සිටි බවද පැවසීය.


- 033

 

පිළිමළුන් පිටුදැකීමේ අවසන් තරගය 31 දා

වෙළද සේවා ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන 23 වන සිංගර් කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මාස් ඇක්ටිව් පිල සහ කොමර්ෂල් ක්‍රෙඩිට් පිල අතර ලබන 31 වැනිදා වෙළද සේවා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


මාස් ඇක්ටිව් පිල ජෙහාන් මුබාරක් විසිනුත් කොමර්ෂල් ක්‍රෙඩිට් පිල උපුල් තරංග විසිනුත් මෙහෙයවනු ලබති.


පිලිමළුන් පිටුදැකීමේ තරග පසුගිය දා (21 වැනිදා) ආරම්භවූ අතර මාස් ඇක්ටිව් කණ්ඩායම ලීග් තරගාවලියේ ශූරතාවය දිනාගත් හෙයින් අර්ධ අවසාන තරගය සදහා නිතරගයෙන් තේරී පත්විය.


පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී සෙලාන් බැංකු පිල පරදවා ලකුණු 67 කින් ජය ගැනීමට ජෝන් කීල්ස් පිලත් දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේදී මාස් යුනිචෙලා පිල පරදවා කඩුලූ 3 කින් ජය ගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් පිලත් තෙවන අර්ධ අවසන් පූර්ව තරගයේදී හැටන් නැෂනල් පිල පරදවා කඩුලූ 5 කින් ජය ගැනීම සම්පත් බැංකු පිලත් සමත්විය.


පළමු අර්ධ අවසන් තරගයේදී ජෝන් කීල්ස් පිල පරදවා ලකුණු 142 කින් ජයගත් කොමර්ෂල් ක්‍රෙඩිට් පිල අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.


දෙවන අර්ධ අවසන් තරගයේදී මාස් ඇක්ටිව් පිල සහ සම්පත් බැංකු පිල තරග වැදීමට සිටියද වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමූ අතර ලීග් තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායම වූ හෙයින් මාස් ඇක්ටිව් පිල අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට වාසනාව හිමි විය.

 

මාස් ඇක්ටිව් කණ්ඩායමඃ
ජෙහාන් මුබාරක් (නායක), ඩිල්ෂාන් මුණවීර, උදාර ජයසුන්දර, කිත්රුවන් විතානගේ, සචිත‍්‍ර සේරසිංහ, ධනංජය ද සිල්වා, සචිත් පතිරණ, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, ඉසුරු උදාන,  සමීර ද සොයිසා, ඇංජලෝ පෙරේරා, ඇන්ඩි සොලමන්, චරිත් ජයම්පති, තිලකරත්න සම්පත්.

 

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමඃ
උපුල් තරංග (නායක), චාමර කපුගෙදර, සුරාජ් රංදීව්, ඉමේෂ් උදයංග, චතුරංග ද සිල්වා, විශ්ව ප‍්‍රනාන්දු, මාලින්ද පුෂ්පකුමාර, ළහිරු මදුෂංක, ශෙහාන් ජයසූරිය, ළහිරු ගමගේ, කුසල් මෙන්ඩිස්, මනෝජ් සරත්චන්ද්‍ර, දිල්හාන් කුරේ, ප‍්‍රසාද් ඩයස්, සනිත ද මෙල්, කාවීන්ද සිල්වා

 

කොදෙව් පිල ලකුණු 43 කින් ජය ලබයි

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ පිල අතර කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී අද (29) පැවැති පුහුණු එක්දින ක‍්‍රිකට් තරගයෙන් කොදෙව් පිල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 43 ක ජයක් ලැබීමට සමත් විය.


ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ පිල ජයග‍්‍රහණය ස`දහා ලකුණු 319 ක ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියදී පස්වරු 3.45 ට පමණ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය අත්හිටුවීය.


තරගය අත්හිටුවන විට සභාපතිවරයාගේ පිල  ඕවර 21 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 103 ක් රැුස්කළ සිටියේය. ඩක්වත් ලූවිස් න්‍යායට අනුව  ඕවර 21 කදී කඩුලූ තුනක් දැවී ජයග‍්‍රහණය ස`දහා ලකුණු 147 ක් රැුස්කර සිටිය යුතුව තිබුණි.


නායක ළහිරු තිරිමාන්න පන්දු 48 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 41 ක් රැුස් කළේය.  


කාලොස් බ‍්‍රැත්වෙයිට් (113) සහ ඇන්ද්‍රි රසල් (89) අටවැනි කඩුල්ලට ගොඩනැගූ දැවැන්ත සම්බන්ධතාව නිසා පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල  ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 318 ක් රැුස් කළේය.


කොදෙව් පිල ලකුණු 109 කට කඩුලූ 7 ක් දැවී අවධානම් තත්ත්වයක සිටියදී කාලොස් බ‍්‍රැත්වෙයිට් (113) සහ ඇන්ද්‍රි රසල් (89) අටවැනි කඩුල්ලට ලකණු 193 ක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැුගෙන ඒමට සමත් වූහ.


මෙම ලකුණු 193 ක සම්බන්ධතාව පන්දු 99 කදී රැුස්කිරීම කැපී පෙනෙන සිද්ධියක් බවට පත්විය.


කාලොස් බ‍්‍රැත්වෙයිට් පන්දු 58 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 7 ක් සමගින් ලකුණු 113 ක් රැුස් කිරීමට සමත් විය.


ඇන්ද්‍රි රසල් පන්දු 54 කදී හතරේ සහ හයේ පහර 6 බැගින් ලකුණු 89 ක් රැස් කළේය.


යොවුන් වේග පන්දු යවන ක‍්‍රීඩක බිනුර ප‍්‍රනාන්දු ලකුණු 71 කට කඩුලූ 3 ක් දවා ගැනීමට සමත් විය.

 


ලකුණු පුවරුව


බටහිර ඉන්දීය කොදෙව් පිල


ඇන්ඩි ෆ්ලෙචර් – ඇ. කපුගෙදර ප. උදාන    11
ජෙන්සන් චාල්ස් – ඇ. කුසල් මෙන්ඩිස් ප. උදාන    7
ඩැරන් බ‍්‍රාවෝ – ඇ. ගුණතිලක ප. සීකුගේ     24
මාලන් සැමුවෙල්ස් – ඇ. කුසල් මෙන්ඩිස් ප. තිසර     19
ජොනතන් කාටර් – ක. මූ. කළා ප. රන්දීව්    6
ඩිනේෂ් රැුම්ඞීන් – ක. මූ. කළා ප. සීකුගේ     13
ජේසන් හෝල්ඩර් – දුවද්දී දැවී ගියා    15
ඇන්ද්‍රි රසල් – ඇ. තිසර ප. බිනුර     89
කාලොස් බ‍්‍රැත්වෙයිට් – ඇ. කපුගෙදර ප. බිනුර     113
සුනිල් නරේන් – ඇ. ෂෙහාන් ප. බිනුර     9
රවී රාම්පෝල් – නොදැවී     0
අතිරේක    12
එකතුව  ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී     318


කඩුලූ වැටීම:
1-21(ෆ්ලෙචර්), 2-22(චාල්ස්), 3-56(සැමුවෙල්ස්), 4-69(කාටර්), 5-85(බ‍්‍රාවෝ), 6-96(රැම්ඩින්), 7-109(හෝල්ඩර්), 8-302(රසල්), 9-314(බ‍්‍රැත්වෙයිට්), 10-318(නරේන්)


පන්දු යැවීම:
බිනුර ප‍්‍රනාන්දු: 9.4-0-71-3, ඉසුරු උදාන: 10-2-69-2, තිසර පෙරේරා: 10-0-77-1, ෂෙහාන් ජයසූරිය: 4-0-16-0, සුරාජ් රන්දීව්: 5-0-20-1, සීකුගේ ප‍්‍රසන්න: 10-0-60-2

 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ පිල


කුසල් මෙන්ඩිස් – ඇ. ෆ්ලෙචර් ප. රසල්     32
ධනුෂ්ක ගුණතිලක – ඇ. රැුම්ඞීන් ප. රාම්පෝල්     13
ළහිරු තිරිමාන්න – ප. හෝල්ඩර්     41
ෂෙහාන් ජයසූරිය – නොදැවී     5
චාමර කපුගෙදර – නොදැවී    5
අතිරේක    7
එකතුව  ඕවර 21 කදී කඩුලූ 3 ක් දැවී     103


පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
දසුන් ශානක, තිසර පෙරේරා, සීකුගේ ප‍්‍රසන්න, සුරාජ් රන්දීව්, ඉසුරු උදාන, බිනුර ප‍්‍රනාන්දු


කඩුලූ වැටීම:
1-26(ගුණතිලක), 2-81(කුසල් මෙන්ඩිස්), 3-98(තිරිමාන්න)


පන්දු යැවීම:
රවී රාම්පෝල්: 5-0-25-1, ජේසන් හෝල්ඩර්: 5-0-32-1, කාලොස් බ‍්‍රැත්වෙයිට්: 3-1-6-0, අන්ද්‍රි රසල්: 4-0-20-1, සුනිල් නරේන්: 4-0-16-0


048

 

තිසර පුහුණු තරගයට නම්කරයි


සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ පිල අතර පුහුණු එක්දින ක‍්‍රිකට් තරගය කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී හෙට (29 වැනිදා) පැවැත්වේ. මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ පිලේ නායකයා ලෙස ළහිරු තිරිමාන්න කටයුතු කරයි.

 

කොදෙව් පිලට එරෙහිව ලබන 01 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට සහභාගි වන සංචිතයට ඇතුළත්ව සිටින ධනුෂ්ක ගුණතිලක සහ ෂෙහාන් ජයසූරිය ද මෙම තරගයට ක‍්‍රීඩා කරති. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා එක්දින සංචිතයට ඇතුළත් නොවන තිසර පෙරේරාද මෙම තරගයට කැඳවා තිබේ.

 

මෙම තරගයේදී දක්වන දස්කම් අනුව කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි:20 තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිලේ ස්ථානයක් සොයාගැනීමට තිසරට අවස්ථාවක් දී තිබෙන බවද දැනගන්නට ඇත.

 

කොදෙව් ටෙස්ට් සංචිතයට ඇතුළත් නොවූ ප‍්‍රබල දඟ පන්දු යවන ක‍්‍රීඩක සුනිල් නරේන් මෙම තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතය. නරේන් පන්දු යැවීමේ ඉරියව් පිළිබද ගැටලූවක් හේතුවෙන් පසුගිය මාස කීපයේ ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටියේය.

 


ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ පිල:

 

ළහිරු තිරිමාන්න (නායක), ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ෂෙහාන් ජයසූරිය, චාමර කපුගෙදර, දසුන් ශානක, තිසර පෙරේරා, සීකුගේ ප‍්‍රසන්න, සුරාජ් රන්දීව්, ඉසුරු උදාන, බිනුර ප‍්‍රනාන්දු, ළහිරු මධුසංඛ, ලක්‍ෂාන් සදකැන්, අකිල ධනංජය සහ ළහිරු මිලන්ත

 


- 036

 

කාන්තා කි‍්‍රකට් පිල නවසීලන්තයට

 

තවත් වසර දෙකකින් (2017) පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග මාලාවේදී නවසීලන්තයට එරෙහි තරගාවලියට සහභාගි වීම සදහා ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ඊයේ (27) රාත‍්‍රී දිවයිනෙන් පිටත්ව ගියේය.

 

මෙම තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම ශෂිකලා සිරිවර්ධනට හිමිවී තිබේ. මෙම තරගාවලියට එක්දින තරග 5 ක් සහ විස්සයි20 තරග 3 ක් අතුළත් වේ. පළමු එක්දින තරගය නොවැම්බර් මස 3 වැනිදා ලින්කන්හිදී පැවැත්වීමට නියමිතය.

 

ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් තේරීමේ තරග මාලාවේ දකුණු අප‍්‍රිකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් යන තරගාවලි තුනකට සහභාගි වී ඇති අතර එම තරගාවලි තුනේදීම ශී‍්‍ර ලංකාව පරාජය විය. මෙම තරගාවලිය සිවුවැනි තරගාවලිය වේ.

 

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු කණ්ඩායම් හතර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන අතර අවසන් කණ්ඩායම් හතරට නැවතත් සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වීමට සිදුවේ. ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් අටකට සහභාගි වීමට අවස්ථාව ලැබේ.  

 


ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම

 

ශෂිකලා සිරිවර්ධන (නායිකාව), චමරි අතපත්තු (උප නායිකාව), ප‍්‍රසාදිනී වීරක්කොඩි, ඩිලානි මනෝදර, ඉනෝකා රණවීර, අමා කාංචනා, මධුරි සමුදිකා, නිපුනි හංසිකා, අචිනි කුලසූරිය, ශ්‍රීපාලි වීරක්කොඩි, හසිනි පෙරේරා, අනුෂිකා සංජීවනී, නිලක්‍ෂි ද සිල්වා, චමරි පොල්ගම්පොළ සහ සුගන්දිකා දසනායක

 


තරග කාලසටහන

නොවැ. 3 – පළමු එක්දින තරගය ලින්කන්හිදී
නොවැ. 5 – දෙවැනි එක්දින තරගය ලින්කන්හිදී
නොවැ. 7 – තෙවැනි එක්දින තරගය ලින්කන්හිදී
නොවැ. 10 – සිවුවැනි එක්දින තරගය ලින්කන්හිදී
නොවැ. 13 – පස්වැනි එක්දින තරගය ක‍්‍රයිස්චර්ච්හිදී
නොවැ. 15 – පළමු විස්සයි20 තරගය ක‍්‍රයිස්චර්ච්හිදී
නොවැ. 20 – දෙවැනි විස්සයි20 තරගය නෙල්සන්හිදී
නොවැ. 22 – තෙවැනි විස්සයි20 තරගය නෙල්සන්හිදී

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සංචාරයට පිටත්ව යෑමට පෙර සමූහ ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ගැලවීම පෙනි පෙනී එංගලන්තය පරදී

එංගලන්ත පිල පරාජයෙන් බේරා ගැනීම සඳහා සටන්කාමී පිති හරඹයක නිරත වූ අදිල් රෂීඞ් (61) ගේ තීරණාත්මක කඩුල්ල දවා ගත් යෂීර් ෂා ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් පකිස්තානයට ලකුණු 178 ක ජයක් අත්කර දීමට ඊයේ (26 වැනිදා) සමත් විය. ඒ අනූව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පකිස්තානය පෙරමුණ ගත්තේය.

 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 491 ක දැවැන්ත අභියෝගයක් පසු පස හඹා ගිය එංගලන්ත පිලට එම ඉලක්කය ජය ගැනීම අපහසු බව වටහා ගනිමින් අවසන් දිනයේ පන්දු  ඕවර 90 ක් ක‍්‍රීඩා කිරීමට සැලසුම් සකස් කළේය. තරගය විසඳුමකින් තොරව අවසන් කර ගැනීම සඳහා එංගලන්ත පිල විශිෂ්ට සටනක් දුන්නද දිනය අවසන් කිරීමට තවත් පන්දු 39 ක් (ඕවර 6.3 ක්) තිබියදී එංගලන්ත පිලේ අවසන් කඩුල්ල දවා ගැනීමට යෂීර් ෂා සමත් විය.

 

තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට ලකුණු 130 කට කඩුලූ 3 ක් දැවී ගිය එංගලන්ත පිල අවසන් දිනයේදී පන්දු 540 ක් තුළදී කඩුලූ හතක් රැුක ගැනීමේ අභියෝගයට මුහුණ දුන්නේය. ඊයේ දිවා ආහාරය වන විට එංගලන්තය කඩුලූ හයකට ලකුණු 187 ක් ලබා සිටි අතර අවසන් පිතිකරුවන් සිව් දෙනා තරගය අවසන් විමට විනාඩි කිහිපයක් දක්වා සටන ඇදගෙන යාමට සමත් වූහ.

 

දිවා ආහාරයෙන් පසුව එංගලන්ත අවසන් පිතිකරුවන් සිව්දෙනා තට්ටු දමමින් තරගය බේරා ගැනීමේ සටනක නියැලෙද්දී එක් අන්තයක සිටි අදිල් රෂීඞ් පකිස්තානුවන්ගේ ජයග‍්‍රාහී බලාපොරොත්තු කෙමෙන් කෙමෙන් ඈත් කරවමින් සිටියේය. සිය දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී පළමු ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් අදිල් රෂීඞ් පැය හතරකට ආසන්න කාලයක් කඩුල්ල රැක ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

 

එංගලන්ත දෙවැනි ඉනිමේ වැඩිම පන්දු සංඛ්‍යාවක් කඩුල්ල රැක ගත් ක‍්‍රීඩකයා වූ අංක අට පිතිකරු අදීල් රෂීඞ් මිනිත්තු 239 ක් කඩුල්ල රැුක ගන්නා අතරවාරයේ පන්දු 172 කට මුහුණ දුන්නේය. ඔහුගේ අර්ධ ශතකය සඳහා හතරේ පහර හතක්ද ඇතුළත් විය.

 

අවසානය කෙසේ වනු ඇතිදැැයි අවිනිශ්චිත තත්ත්වයක් තිබූ මෙම තරගයේ එංගලන්ත දෙවැනි ඉනිමේ 137 වැනි  ඕවරයේ තුන්වැනි පන්දුව කඩුල්ලෙන් එළියට දග කැවීමට යෂිර් ෂා සමත් වෙද්දී ඊට ඉදිරි පාදයේ පහරක් ගැසූ රෂීඞ් කවර්ස් හි සිටි සුල්ෆිකර් බාබර් අතට උඩපන්දුවක් දීමත් සමග තරගයට කෙළවර විය.

 

පකිස්තානුවන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් වැඩි බර දග පන්දු යවන්නන්ගේ කරමත පැටවීමට මිස්බා උල්හක් පියවර ගත්තේය. එංගලන්ත දෙවැනි ඉනිමට යැවූ පන්දු  ඕවර 137.3 න්  ඕවර 98.3 ක්ම දග පන්දු යවන්නන් ක‍්‍රියාත්මක කරද්දී ඉන්  ඕවර 88.3 ක්ම සුල්ෆිකර් බාබර් සහ යෂීර් ෂා විසින් යවන ලදී. ඔවුන් දෙදෙනා ලකුණු 140 කදී කඩුලූ හතක් බෙදා ගත්හ.

 

අවසන් දිනයේ එංගලන්තය බේරා ගැනීමේ ප‍්‍රධාන පිතිකරු බවට පත්ව සිටි ජෝ රූට් දිවා ආහාරයට පෙරම දිනයේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

 

පන්දු 171 ක් කඩුල්ල රැක ගත් ජෝ රූට් හතරේ පහර හයක් සමග 16 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා දැවී යන විට 2015 වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවා බවටද පත්ව සිටියේය. ජෝ රූට් මෙම වසරේ ඉනිම 22 කදී ලකුණු 1278 ක් ලබා තිබෙන අතර එහි සාමාන්‍ය 67.87 ක් ලෙස සටහන් වේ. එම ලැයිස්තුවේ දෙවැනි තැන පසුවන එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් ඉනිම 22 කදී ලකුණු 1245 ක් ලබා තිබේ.

 

ජෝ රූට් එංගලන්තය වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් ලකුණු 3000 සීමාව පසු කළ පිතිකරුවා බවට පත්වූ අතර ඔහු ඉනිම 62 කදී එම දස්කම දැක්වීමට සමත් විය. ජෝ රූට් විසින් බිඳ දමනු ලැබුවේ කෙවින් පීටර්සන් ඉනිම 63 කදී ලබාතිබු ටෙස්ට් ලකුණු 3000 වාර්තාවයි.

 

එංගලන්ත පිතිකරුවන් අවසන් දිනයේදී මුහුණ දුන් පන්දු 483 න් පන්දු 322 ක්ම අවසන් පිතිකරුවන් සිව්දෙනා විසින් මුහුණ දීම විශේෂත්වයක් විය.

 

පකිස්තානයට අවශ්‍යම කඩුලූ පහක් ඉනිම දෙකේදි දවාගත් වහබ් රියාස් තරගයේ වීරයා ලෙස නම් කෙරුණි.

 

පකිස්තානය – පළමු ඉනිම 378

 

එංගලන්තය – පළමු ඉනිම 242

 

පකිස්තානය – දෙවැනි ඉනිම කඩුලූ 6ට ලකුණු 354

 

එංගලන්තය – දෙවැනි ඉනිම පන්දු  ඕවර 137.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 312
(ඉයන් බෙල් 46, ජෝ රූට් 71, අදිල් රෂීඞ් 61, ස්ටුවර්ට් බ්‍රෝඞ් 30, මාර්ක් වුඞ් 29)

 

-033