ශර්මා – ධම්මික ගැටෙති

 


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ඉන්දීය වේග පන්දු යවන ක‍්‍රීඩක ඉෂාන්ත් ශර්මා සහ ධම්මික ප‍්‍රසාද් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

 

ධම්මික ප‍්‍රසාද් ඉනිමේ 76 ඕවරයේ පළමු පන්දු දෙක ඉශාන්ත් ශර්මා වෙත බවුන්සර් පන්දු ලෙස යැවූ අතර තෙවැනි පන්දුවට ශර්මා ලකුණක් දිවයන අතරතුරදී හිස පෙන්වමින් ධම්මිකට කිසියම් දෙයක් ප‍්‍රකාශ කළේය. එහිදී නැවතත් පන්දු යැවීමේ සීමාවට ගමන් කරමින් සිටි ධම්මික, ශර්මා අසළට ගොස් ප‍්‍රතිචාර දැක්වීය. විනිසුරුවන් ශර්මා සහ ධම්මික දෙපළ අතර ගැටුමට මැදිහත්ව සිටියදී දිනේ්ෂ් චන්දිමාල්, ශර්මාගේ ඇගේ හැප්පීමෙන් සිද්ධිය තව දුරටත් ඇදී ගියේය.

 

එහිදී විනිසුරුවෝ චන්දිමාල්ට අවවාද කර ඉවත් කළ අතර ඇන්ජලෝ මැතිව්ස් මැදිහත් වී සිද්ධිය අවසන් කළේය.
 

ධම්මික ප‍්‍රසාද් ඉන් පසුව ශර්මාට යැවූ පන්දුව ද බවුන්සර් පන්දුවක් ලෙස යොමු කළ අතර එය සීමා ඉර පසු කළ නිපන්දුවක් ලෙස විනිසුරු සටහන් කළේය. එම  ඕවරයේ අවසන් පන්දුවේදී රවිචන්ද්‍රන් අෂ්වින් දැවී යෑමෙන් ඉනිම අවසන් විය. ඉනිම අවසන් වීමත් සමග පන්දු යවන්නාගේ අන්තයේ සිටි ඉෂාන්ත් ශර්මා ක‍්‍රීඩාගාරය වෙත වේගයෙන් දිවගිය අතර ධම්මික ප‍්‍රසාද් විනිසුරුගෙන් කැප් තොප්පිය සහ අව් කණ්නාඩිය ලබාගෙන ක‍්‍රීඩාගාරය දක්වාම ශර්මාගේ පසු පසින් දිව ගිය ආකාරය දැකගත හැකිවිය.

 

ශ‍්‍රී ලංකා පළමු ඉනිමේදී ඉශාන්ත් ශර්මා දිගින් දිගටම බවුන්සර් පන්දු යවමින් යම් යම් දේ ප‍්‍රකාශ කිරීම නිසා ධම්මික ප‍්‍රසාද් සහ රංගන හේරත් ඔහු සමග බහින් බස්වීම් ඇති විය.

 

 

ශ‍්‍රී ලංකාව ලකුණු 319 ක් පසු පසින්

 

සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (31)  පස්වරුවේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය අත්හිටුවන විට ලකුණු 386 ක ඉලක්කය හඹායන ශ‍්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 67 ක් රැස්කර සිටියේය.

 

ශ‍්‍රී ලංකාව කඩුලූ 7 ක් අතැතිව තවත් ලකුණු 319 ක් පසු පසින් සිටියි. තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන හෙට (01 වැනිදා) ඕවර 98 ක් යැවීමට නියමිතය.

 

ශ‍්‍රී ලංකාව ලකුණු 386 ක ඉලක්කයට පැමිණ ජය ලැබුවහොත් එය ශ‍්‍රී ලංකාව සිවුවැනි ඉනිමේදී හඹාගොස් ජය ලබාගන්නා ඉහළතම ලකුණු සංඛ්‍යාව වේ. දකුණු අප‍්‍රිකාවට එරෙහිව 2006 වසරේ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී ලකුණු 352 ක් හඹාගොස් ලැබූ ජය මේ දක්වා සිවුවැනි ඉනිමේ ඉහළතම ජයග‍්‍රහණය වේ.

 

සිවුවැනි දිනය අවසන් වන විට කෞෂාල් සිල්වා (නොදැවී 24) සහ නායක ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 22) පන්දුවට පහර දෙමින් සිටියහ.  

 

දිනේෂ් චන්දිමාල් (18) තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වීමත් සමග ලකුණු 21 කට කඩුලූ 3 ක් බවට පත්විය. උපුල් තරංග (0) සහ දිමුත් කරුණාරත්න (0) ලකුණු නොලබා දැවීමෙන් ආරම්භයේ සිටම ඉන්දියාව වාසිය හරවා ගත්තේය.  

 

මෙහිදී උපුල් තරංගගේ දැවී යෑමේ විනිසුරු තීරණය අවාසානාවන්ත එකක් බවට රූපවාහිනි පුනරූපණ තහවුරු කළේය. ඉන්දීය පිල දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 274 ක් රැස්කරමින් ලකුණු 385 ක ඉදිරියට පැමිණියේය. ධම්මික ප‍්‍රසාද් (69/4) සහ නුවන් ප‍්‍රදීප් (62/4) කඩුලූ 4 බැගින් දවා ගැනීමට සමත් වූහ.

 

රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 58 ක් රැස්කරමින් ඉන්දීය පිලට මෙම තත්ත්වයට පැමිණීමට අනගි දායකත්වයක් සැපයීය. ශ‍්‍රී ලංකා පන්දු රකින්නන් වෙතින් උඩ පන්දු කීපයක් ගිලිහි ගිය අතර පන්දු රැකීම මීට වඩා හොද තත්ත්වයක තිබුණේ නම් තරගයේ පාලනයට නතුකර ගැනීමේ හැකියාව තිබුණි.  

 

ස්ටුවට් බිනි ලකුණු 49 ක් ලබා සිටියදී ධම්මික ප‍්‍රසාද් හමුවේ දිවා විවේකයෙන් පසු පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. ස්ටුවට් බිනිගේ පන්දු 62 ක ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය. රෝහිත් ශර්මා පන්දු 72 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 50 ක් ලබා සිටියදී දැවී ගියේය. සිවුවැනි දිනයේ පළමු කඩුල්ල ලෙස නායක විරාට් කෝලි ලකුණු 21 ක් ලබා නුවන් ප‍්‍රදීප්ගේ පන්දුවකට දැවී ගියේය.

 

ස්ටුවට් බිනි ලකුණු 25 ක් ලබා සිටියදී රංගන හේරත්ගේ පන්දුවට ඉදිරියට පැමිණ පහර දීමට යෑමේදී ලැබුණු පහසු ස්ටම්ප් කිරීමේ අවස්ථාව කුසල් පෙරේරා වෙතින් ගිලිහි යෑම ශ‍්‍රී ලංකාවට දැඩි පාඩුවක් බවට පත්විය. එය සාර්ථාක කළේ නම් ලකුණු 99 කට කඩුලූ 5 ක් බවට පත්වේ.  

 

තෙවැනි දිනයේ ක‍්‍රීඩාව අවසන් කරන විට ඉන්දීය පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 21 ක් රැස්කර සිටියේය.

 

 

 

ස්මිත් වැඩ බලන නායකයා වෙයි


එංගලන්තයේ විස්සයි20 තරග ඉතිහාසයේ දුර්වල වාර්තාවකට හිමිකම් කියන ඔස්ටේ‍්‍රලියාව අද (31 වැනිදා) රාතී‍්‍රයේ කාඩිෆ් පිටියේ දී මෙවර එංගලන්ත සංචාරයේ එකම විස්සයි20 තරගයට සහාගිවන්නේ එංගලන්ත භූමියේදී විස්සයි20 තරග පරාජය වීමේ හූනියම මකා දැමීමේ අරමුණ ඇතිවය.

පසුගිය දශකය පුරා එංගලන්තයේදී විස්සයි20 ජාත්‍යන්තර තරග 8කට කී‍්‍රඩා කර ඇති  ඕස්ටේ‍්‍රලියාවට ජයගත හැකිවූයේ එකම තරගයක් පමණි. තරග 6 ක් පරාජයට පත්වූ අතර තරගයක් විසඳුමකින් තොරව නිමාවට පත්විය.

ලද එකම ජයග‍්‍රහණයත් ලැබුණේ ඒරන් ෆින්ච්ට පින්සිදු වන්නටය. මේ ආරම්භක පිතිකරුවා එදා සවුත්හැම්ප්ටන් කි‍්‍රඩාංගණය දෙවනත් කරමින් ලකුණු 156 ක් රැස් කොට ලෝක වාර්තාවක් තැබුවේය. ඒ මීට වසර දෙකකට පෙරය.

මෙවර ඔස්ටේ‍්‍රලියාව තරග වදින්නේ ඒ වාර්තාව තැබූ ඔවුන්ගේ විස්සයි20 නිත්‍ය නායකයා නොමැතිවය. ඔහු පාදයක් බිඳ ගැනීම නිසා විවේක ගනිමින් සිටී.

ඒ නිසා ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පණ පොවන්නේ නවක කි‍්‍රඩක ජෝ බර්න්ස්ය.

අයර්ලන්තය සමග පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති ඔහුගේ මංගල එක්දින තරගයේ දී ලකුණු 69ක් රැස් කිරීමට බර්න්ස් සමත්විය. මයිකල් ක්ලාක්ගෙන් පසුව

ඔස්ටේ‍්‍රලියානු ටෙස්ට් හා එක්දින කණ්ඩායම්වල නායකත්වයට පත් ස්ටීවන් ස්මිත් ඒරන් ෆින්ච්ගේ ආබාධය නිසා අද තරගයේ දී වැඩ බලන නායකයා ලෙස කටයුතු කරයි.

 ඕස්ටේ‍්‍රලියාව ඔවුන්ගේ ආරම්භක පිතිකරුවකු ලෙස ෂේන් වොට්සන් තෝරා ගැනීමට ද පුළුවන. තරග වාර්තා බැලීමේ දී  ඕස්ටේ‍්‍රලියාවේ වඩාත්ම සාර්ථක ආරම්භක පිතිකරුවන් අතරේ දෙවැනි තැන පසුවන්නේ ඔහුය.  

තරග 32 ක දී ලකුණු 955 ක් ලබා ඇති වොට්සන්ගේ ප‍්‍රහාරාත්මක වේගය විස්මිතය. 2009 දී පළමුවරට විස්සයි20 තරග වරම් ලැබූ දිනයේ සිටම වොට්සන්ගේ ප‍්‍රහාරාත්මක වේගය එය 151.10 කි.

අළුබඳුන ටෙස්ට් තරගමාලාව අතරතුර දී ඔස්ටේ‍්‍රලියානු තේරීම් කමිටුව විසින් නොසළකා හැරිය වොට්සන් කණ්ඩායමට එක්වූයේ අයර්ලන්තය සමග පැවැති එක්දින තරගයේදීය. එදා ඔහු පන්දු 25 කදී නොදැවී ලකුණු 26 ක් ලබා ගත්තේය.

 ඕස්ටේ‍්‍රලියාව හා එංගලන්තය මේ විස්සයි20 තරගයකට කී‍්‍රඩා කරන්නේ මාස ගණනාවකට පසුවය. එංගලන්තය පසුගිය මාස 12 ටම කී‍්‍රඩා කළේ මෑතකදී නවසීලන්තය සමග පැවැති තරගයටය.  ඕස්ටේ‍්‍රලියාව පසුගිය වසරේ නොවැම්බර් මාසයෙන් පසුවය.

 ඕස්ටේ‍්‍රලියාව මේ තරගයට දඟපන්දු යවන කැමරොන් බෝයිස්ව ගෙන්වා ගෙන ඇත. ඔහු සැතපුම් දහස් ගණනක් දුර ගෙවමින් මේ පැමිණ ඇත්තේ විස්සයි20 තරගයට කි‍්‍රඩා කිරීමට පමණි.

එංගලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට ඔහු ඇතුලත් කර නැත. තුන් ඉරියව් කී‍්‍රඩක මාකස් ස්ටොයිනිස් ද කණ්ඩායමේ සිටී.

එංගලන්ත පිතිකරු ලැයිස්තුවේ ජෝ රූට්ද නැත. ඔහු විවේක ගන්වා තිබීම නිසා මුයින් අලීට ඉහළින් කි‍්‍රඩා කිරීමට අවස්ථාවක් ලැබි තිබේ. කෙසේ වෙතත් මුයින් අලි යනු අහුලාගත් ආරම්භක පිතිකරුවකු නොවේ.

පසුගිය වසරේ බංග්ලාදේශයේදී පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදීත් එංගලන්ත පි්ලේ ආරම්භක පිතිකරුවා වූයේ මුයින් අලිය.

ටෙස්ට් තරගමාලාවට එක්වී සිටි මාක් වුඞ් ද විවේක ගන්වා ඔවුන් තුන් ඉරියව් කී‍්‍රඩක කි‍්‍රස් වෝක්ස් විස්සයි:20 සංචිතයට එක්කර තිබේ. කෙසේ වෙතත් බෙන් ස්ටෝක්ස්, ස්ටීවන් ෆින් සහ ජොස් බට්ලර් කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ඔයින් මෝගන්ගේ නායකත්වයෙන්තරග වදින එංගලන්ත පිලට වේගයෙන් පන්දුවට පහරදිය හැකි ඇලෙක්ස් හේල්ස්, ජේසන් රෝයි සහ ඩේවිඩ් විලීද කී‍්‍රඩා කරති.

නැට්වෙස්ට් විස්සයි20 ප‍්‍රාන්ත තරගාවලියේ දී පන්දු 40 කින් ලකුණු 100ක රැස් කිරීමට මෑතකදී ඩේවිඩ් විලී සමත්විය. ෆින්ගේ පන්දු ප‍්‍රහාරය පෙරදැරි කරගත් එංගලන්ත පන්දු යැවීමේ බලඈණියට ආදිල් රශීඞ් සහ මුයින් අලීගෙන් හොඳ සේවයක් ලැබෙනු ඇතැයිද විශ්වාස කෙරේ.

 

ඉන්දියාව ලකුණු 132 ක් ඉදිරියෙන්


සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (30) පස්වරුවේ වර්ෂාව හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 21 ක් රැස්කර සිටියේය. දිනය අවසන් වන විට ඉන්දීය පිල කඩුලූ 7 ක් අතැතිව ලකුණු 132 ක් ඉදිරියෙන් සිටියේය.

 

නායක විරාට් කෝලි (නොදැවී 01) සහ රෝහිත් ශර්මා (නොදැවී 14) පන්දුවට පහර දෙමින් සිටිති. ලෝකේෂ් රාහුල් (02) මෙම තරගයේදී දෙවැනි වරටත් පන්දුව නිදැල්ලේ යැවීමට ගොස් දැවී යෑම කැපී පෙනේ. ධම්මික ප‍්‍රසාද් යැවූ දෙවැනි පන්දුවේදී පළමු ඉනිමේ ශතකයක් රැස්කළ චෙටේස්වාර් පුජාරා පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු නොලබා දැවී ගියේය.

 

ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 201 ක් රැස් කළේය.

 

කුසල් පෙරේරා (55) සහ රංගන හේරත් (නොදැවී 47) හත්වැනි කඩුල්ලට ලකුණු 79 ක අනගි සම්බන්ධතාවක් පවත්වමින් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අපහසුතාවෙන් ශී‍්‍ර ලංකා පිල ගලවා ගැනීමට සමත් වූහ. රංගන හේරත් පන්දු 84 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 49 ක් ලබා සිටියදී අවාසනාවන්ත අයුරින් දැවී යෑමෙන් සිය දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය අහිමිවිය.

 

කුසල් සිය පළමු ටෙස්ට් ඉනිම මතක සටහනක් බවට පත්කරමින් පන්දු 56 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 55 ක් රැස් කරමින් ශී‍්‍ර ලංකා පිලේ ගෞරවය රැුකගැනීමේ කොටස්කරුවකු බවට පත්විය.

 

ඉන්දීය පිලට මෙම සම්බන්ධතාව මහත් හිසරදයක් වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස වේග පන්දු යවන ඉශාන්ත් ශර්මා අවස්ථා කීපයකදීම පිතිකරුවන් සමග වාදවලට පැටලූණු ආකාරය දැකගත හැකිවිය. ඉෂාන්ත් ශර්මා ලකුණු 54 කට කඩුලූ 5 ක් දවා ගැනීමට සමත් විය. ධම්මික ප‍්‍රසාද් ලකුණක් ලබා සිටියදී ඉෂාන්ත් ශර්මාගේ පන්දුවක් වම් අත් වැදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වුවද 8 වැනි කඩුල්ල බිද වැටීමෙන් පසුව නැවතත් පන්දුවට පහර දීමට පැමිණියේය.

 

ළහිරු තිරිමාන්න දිවා විවේකයෙන් පසුව දෙවැනි පන්දුවේදී ලකුණු නොලබා දැවී ගියේය. දිමුත් කරුණාරත්න ලකුණු 11 ක් ලබා දිවා විවේකයට පෙර පන්දුවේදී පස්වැනි කඩුල්ල ලෙස කඩුල්ල පූජා කළේය. දිමුත්, ස්ටුවට් බිනිගේ පන්දුවට එළවා පහරක් ගැසීමට යෑමෙන් දෙවැනි ස්ලිප් ක‍්‍රීඩකයාට උඩ පන්දුව ලබා දුන්නේය.  

 

නායක ඇන්ජලෝ මැතිව්ස් (01) සිවුවැනි කඩුල්ල ලෙස මුඵ ලකුණු සංඛ්‍යාව 45 දී දැවී යෑමත් සම`ග ශ‍්‍රී ලංකා පිල අසීරු තත්ත්වයකට පත්විය.

 

දිනේෂ් චන්දිමාල් ඉනිම ගොඩනගමින් සිටියදී පන්දු 27 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 23 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වදරට හසුව දැවී ගියේය. කෞෂාල් සිල්වා, උමේෂ් යාදේව්ගේ ඉහළ නැගි පන්දුව නිදැල්ලේ යැවීමට ගොස් පන්දුව පිත්තේ වැදී කඩුල්ලේ වැදීමෙන් ලකුණු 3 කට දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

 

කුමාර් සංගක්කාරගේ ස්ථානයට කැදවූ උපුල් තරංග (04) ආරම්භක පිතිකරු ලෙස පැමිණිය ද දෙවැනි ස්ලිප්හි සිටි ලෝකේෂ් රාහුල්ට පහසු උඩ පන්දුවක් ලබාදීමෙන් දැවී ගියේය. තරගයේ තෙවැනි දිනය වූ අද පෙරවරුවේ ඕවර 5 ක් තුළදී ඉන්දීය ඉනිම ලකුණු 312 කට සීමා විය.

 

චෙටේස්වාර් පුජාරා ගැලවුම්කරු බවට පත්වෙමින් පන්දු 289 කදී හතරේ පහර 14 ක්  සමගින් නොදැවී ලකුණු 145 ක් රැස් කිරීමට සමත් විය. ධම්මික ප‍්‍රසාද්, ඉන්දීය පිතිකරුවන්ට තර්ජනයක් බවට පත්වෙමින් ලකුණු 100 කට කඩුලූ 4 ක් දවා ගත්තේය.  

 

හෙට (31) තරගයේ සිවුවැනි දිනයයි.

ඕස්ටේ‍්‍රලියාවට පහසු ජයක්


කි‍්‍රකට් කී‍්‍රඩාවේ නවයුගයක් ඇරැඹූ ඔස්ටේ‍්‍රලියාව ඊයේ අයර්ලන්තයට එරෙහිව පැවැති එක්දින තරගයෙන් ඩක්වර්ත් ලූවිස් ක‍්‍රමවේදයට අනුව ලකුණු 23 ක ජයක් අත්කර ගත්තේය.

 

බෙල්ෆාස්ට් හී පැවැති මේ  තරගය අමු අමුවේ වර්ෂාවට හසුවූ එකකි. මුල සිටම වර්ෂාව ඇද හැලීම නිසා තරගය ප‍්‍රමාද වී ආරම්භ වූයේ පැයකුත් මිනිත්තු 45ක ප‍්‍රමාදයකිින් පසුවය.

 

කාසියේ වාසිය දිනූ  ඕස්ටේ‍්‍රලියාව පළමුව පන්දුවට පහරදීමේ වාරය උදාකරගත්තේය.  ඕස්ටේ‍්‍රලියාවේ නව ආරම්භක යුගලය වන ඬේවිඞ් වෝනර් සහ සිය මංගල එක්දින තරගයට වරම් ලැබූ ජෝ බර්න්ස් එක්ව පළමු කඩුල්ලට ලකුණු 139 ක සම්බන්ධතාවක් ගොඩ නැගීම ජයග‍්‍රහණයට හේතු විය.

 

අයර්ලන්ත පන්දු යවන්නන් මෙල්ල කළ බර්න්ස් හතරේ පහර 7 කුත්, හයේ පහරකුත් එල්ල කරමින් කී‍්‍රඩාලෝලීන් අමන්දානන්දයට පත් කළේය. වෝනර් ද ඔහුට දෙවැනි නොවීය. ඔහු හතරේ පහර 7 කින් සහ හයේ පහර 3 කින් අයර්ලන්ත පන්දු යවන්නන්ට සංග‍්‍රහ කළේය.

 

22 වැනි ඕවරයේ දී බර්න්ස් දැවී ගියේ ඕස්ටේ‍්‍රලියානු ඉනිම ලකුණු 139 දක්වා ඉහළට ඔසවා තැබීමෙන් පසුවය. ඒ වනවිට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 69 කි.

 

එය  ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් මංගල එක්දින ඉනිමේ දී පිතිකරුවකු ලැබූ 7 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව විය. එම ලැයිස්තුවේ පෙරමුණේ සිටින්නේ මීට වසර දෙකකට පෙර පන්දුවක් හිසෙහි වැදීමෙන් ජීවිතයෙන් සමුගත් ආරම්භක පිතිකරු ෆිල් හියුස්ය. ඔහු ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැති සිය මංගල එක්දින තරගයේ දී ලැබූ ලකුණු 112 ක් ලබාගත්තේය.

 

තරගය  ඕවර 47 කට සීමාවූවත් වරින් වර වර්ෂාව ගෙන දුන් බාධාව නිසා   ඕස්ටේ‍්‍රලියානු ඉනිම   ඕවර 40.2 කදී නතර කෙරිණි. කඩුලූ 6 ක් දැවී ඔවුන් ලැබූ ලකුණු 222 හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්තයේ ඉලක්කය වර්ෂාව නිසා දෙවතාවක්ම වෙනස් කෙරිණි. මුලින් එය තිබුණේ  ඕවර 27 කදී ලකුණු 195 ක ඉලක්කයක් ලෙසිනි. අවසන් වතාවේ දී අයර්ලන්තයට ලැබුණේ  ඕවර 24 කදී ලකුණු 181 ක ඉලක්කයකි.

 

නීල්  ඕ’බ‍්‍රයන් සහ එඞ් ජොයිස් එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනැගුවත් තරගයේ පාලනය නිතරම තිබුණේ ඔස්ටේ‍්‍රලියානුවන් අතය.  ඕ’බ‍්‍රයන් සහ ජෝයිස් අතර සම්බන්ධතාව ගොඩනැගුණේ මුල් කඩුලූ දෙක ලකුණු 7 දී බිඳවැටුණාට පසුවය.

 

නේදන් කූල්ටර් නයිල් ලකුණු 13 කට අයර්ලන්තයේ පිතිකරුවන් තිදෙනකු දවාගත් අතර පැට් කමින්ස්, මිචෙල් ස්ටාක් සහ ග්ලෙන් මැක්ස්වෙල් අතර කඩුලූ 2 බැගින් බෙදී ගියේ සත්කාරක අයර්ලන්තයේ ඉනිම  ඕවර 23.4 කදී ලකුණු 157 කට සීමා කරමිනිි.

 

 ඕස්ටේ‍්‍රලියානු පිල දැන් එංගලන්තය සමග පැවැත්වෙන එකම විස්සයි20 තරගයට එක්වීමට කාඩිෆ් බලා පිටත්යනු ඇත. දෙපිල අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

 


ඔස්ටේ‍්‍රලියාව  ඕවර 40.2 කදී කඩුලූ 6ක් දැවී ලකුණු 222යි
(ජෝ බර්න්ස් 69, ඬේවිඞ් වෝනර් 84, ස්ටීවන් ස්මිත් 21, ශේන් වොට්සන් නොදැවී 26, ටිම් මුර්ටාග් 45/2)

 

අයර්ලන්තය – ඕවර 23.4 කදී ලකුණු 157 යි
(එඞ් ජෝයිස් 44, නීල්  ඕ’බ‍්‍රයන් 45, ස්ටුවර්ට් තොම්සන් 24 මිචෙල් ස්ටාක් 34/2, නේදන් කූල්ටර් නයිල් 13/3, පැට් කමින්ස් 19/2, ග්ලෙන් මැක්ස්වෙල් 41/2)

 


 – 077

දකුණු අපි‍්‍රකානුවෝ එක්දින තරගාවලිය ජයගනිති

 


දකුණු අප‍්‍රිකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඩර්බන් හිදී පැවැති තුන්වැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 62 ක ජයක් ලැබූ දකුණු අප‍්‍රිකාව තරගාවලිය ජයගැනීමට සමත් විය.

 

මීට මාස පහකට පෙර ඔස්ටේ‍්‍රලියාවේදී ලෝක ක‍්‍රිකට් අනුශූරයන් වූ නවසීලන්ත පිල ලද මෙම පරාජයත් සමග එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අතරේ සිව්වැනි ස්ථානය දක්වා පහළ වැටුණි. නවසීලන්තය ලබා ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 109 කි. තරගාවලිය ආරම්භ වීමට පෙර සිව්වැනි ස්ථානයේ සිටි දකුණු අප‍්‍රිකාව මෙම තරගාවලි ජයත් සමග ප‍්‍රසාද ලකුණු 110 ක් සමග තෙවැනි ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණියේය.

 

ඩර්බන් තරගයේදී ජයග‍්‍රහණය වෙනුවෙන් ලකුණු 284 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත පිලට පන්දුවාර 49.2 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 221 ක් පමණි. තරගාවලියේදී 1-1 ක් ලෙස සමතැන් ගෙන සිටි දකුණු අප‍්‍රිකාව සහ නවසීලන්ත කණ්ඩායම් දෙකම ඩර්බන් ක‍්‍රීඩාංගණයට පිවිසියේ තරගාවලිය ජයගැනීමේ අපේක්‍ෂාවෙනි.

 

කාසියේ වාසිය දිනා ගත් දකුණු අප‍්‍රිකානු නායක ඒ.බී ඩිවිලියර්ස් පළමුව පන්දුවට පහරදීම තෝරා ගත්තේය. එහිදී දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට ජයග‍්‍රාහී ආරම්භයක් ලබාදුන් මෝර්නි වැන් වික් සහ හසීම් අම්ලා පන්දු 121 කදී ලකුණු 89 සාර්ථක සබඳතාවක් ගොඩනැංවීමට සමත් වූහ.

 

දකුණු අපි‍්‍රකාවේදීම උපත ලබා ඇති නමුත් මේ වන විට නවසීලන්තය වෙනුවෙන් කී‍්‍රඩා කරන ග‍්‍රාන්ට් එලියට් දකුණු අප‍්‍රිකානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා ක‍්‍රීඩාගාරයට යැවීමත් සමග ලකුණු 134 ක් වන විට දකුණු අප‍්‍රිකානු පිලේ පළමු කඩුලූ තුන අහිමි විය. අනතුරුව සිව්වැනි කඩුල්ල සඳහා නායක ඒබී ඩිවිලියර්ස් සහ ඬේවිඞ් මිලර් පන්දු 60 කදී ලකුණු 86 ක සබඳතාවක් පිහිටුවමින් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම ප‍්‍රබල තැනකට ඔසවා තැබීමට සමත් වූහ.

 

දකුණු අප‍්‍රිකානු නායකයා පන්දු 48 කදී හතරේ පහර අටක් සහ හයේ පහරක් සමග 47 වැනි අර්ධ ශතකය ලබා සිව්වැනි කඩුල්ලට පිටියෙන් ඉවත් විය.

 

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඒ.බී. ඩිවිලියර්ස් කළ පිති හරඹය නිසා තරගයේ වීරයා සම්මානය ඔහුට හිමිවිය. තරග තුනේදී දෙපිලේම පිතිකරුවන් අතරින්  වාර්තා කළ එකම ශතකය (124) හසීම් අම්ලා විසින් වාර්තා කිරීම සහ තරගාවලිය පුරාවටම ලකුණු 176 ක් ලබා ගැනීම හේතුවෙන් තරගාවලියේ වීරයා සම්මානය හසීම් අම්ලාට හිමිවිය.

 

ජයග‍්‍රාහී ඉලක්කය හඹා යෑමට පිවිසි නවසීලන්ත පිලේ පළමු කඩුල්ල ලකුණු 18 ක්ව තිබියදී බිද වැටුණද දෙවැනි කඩුල්ල සඳහා ටොම් ලෙතම් සහ නායක කෙන් විලියම්සන් පන්දු 115 කදී ලකුණු 84 ක සබඳතාවක් පවත්වමින් නවසීලන්ත පිල සටනක් දිය හැකි තැනකට ගෙන ඒමට සමත් වූහ. එහෙත් නවසීලන්ත පිලේ මැද පෙළ කඩුලූ හයක් ලකුණු 55 කදී බිද වැටීම නිසා නවසීලන්ත පිලට හිස එසවිය නොහැකි විය.

 


දකුණු අප‍්‍රිකාව පන්දු  ඕවර 50 කදී කඩුලූ 7 ට ලකුණු 283 යි
(මෝන් වැන් වික් 58, හසීම් අම්ලා 44, ඒ.බී. ඩිවිලියර්ස් 64, ඬේවිඞ් මිලර් 36, ෆර්හාන් බෙහාර්දීන් 40, බෙන් වීලර් 71/3, ග‍්‍රන්ට් එලියට් 41/2 යි.)

 

නවසීලන්තය පන්දු ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 221 යි
(ටොම් ලෙතම් 54, කේන් විලියම්සන් 39, ජෝජ් වෝකර් 21, ග‍්‍රාන්ට් එලියට් 20, කොලින් මුන්රෝ 35, රබඩා 33/2, ඩෙවිඞ් වීස් 58/3, ඉම්රාන් තහීර් 36/2 යි.)

 


- 033

ඉන්දියාව කඩුලූ 8 ට 292 යි

තරගයේ අවසන් භාගයේදී වර්ෂාව හරස්වීම හේතුවෙන් වේලාසනින්ම අද දිනත් තරගය අවසන් කිරීමට සිදුවිය.


අටවන කඩුල්ල සදහා ලකුණු 104 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට චෙටේස්වාර් පුජාරා සහ අමිත් මිෂ්රා සමත්විය.


තම ටෙස්ට් දිවියේ 3 වන අර්ධ ශතකය ලබා ගත් අමිත් මිෂ්රා, රංගන හේරත්ගේ පන්දුවකට ඉදිරියට පැන ප‍්‍රහාරයක් එල්ල කිරීමට යෑමේදී කුසල් ජනිත් විසින් ස්ටම්ප් කිරීමකට හසුකර ගන්නා ලදී.

සටන්කාමී පිතිහරඹයක යෙදෙමින් සිටින චෙටේස්වාර් පුජාරා, තේ පානයට ඔන්න මෙන්න තිබියදී සිය ශතකය ලබාගත්තේ පන්දු 214 කට මුහුණදීමෙන් අනතුරුවය. ඔහුගේ ඉනිමට හතරේ පහර 9 ක් ඇතුළත් වූවත් පුජාරා හතරේ පහරක් ගැසීමේ සංඛ්‍යාතය ආසන්න වශයෙන්  ඕවර 4 කට එකකි.


ඉවසීම මැනවින් ප‍්‍රගුණ කර තිබූ මෙම ධෛර්යවත් දකුණත් පිතිකරුවා ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් හමුවේ නොසැළී සිය කඩුල්ල රැකගත්තේ දවාගැනීමට අවස්ථාවක් හො නොදෙමිනි.


දිවා ආහාරය සහ තේ පානය අතරතුරේදී ලකුණු 101 ක් ලබාගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත් වූ නමුත් කඩුලූ තුනක් බිඳ වැටිණ.


තමන්ගේ කී‍්‍රඩා සමාජ පිටිය වන එස්. එස්. සී. පිටියේදීම කී‍්‍රඩා කරන ධම්මික ප‍්‍රසාද් මෙම තරගය ආරම්භයේ සිටම ඉතාමත් සාර්ථක පන්දුයැවීමක නිරතව සිටී.

තරමක් තණකොළ සහිත තණතීරුවක පන්දුව දෙපසටම දෝලනය කරන ධම්මික පිතිකරුවන්ට නිරන්තර තර්ජනයක් වෙමින් තේ පානය වන විට ලකුණු 51 කට කඩුලූ 4 ක් දවාගෙන සිටියේය.


තරගයේ පළමු දිනය වූ ඊයේ ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව නිසා යැවිය හැකිවූයේ  ඕවර 15 ක් පමණි. ඒ වන විට ඉන්දීය පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 50 ක් ලබා සිටියේය.


අද පෙරවරු 9.45 ට තරගය ආරම්භ කරමින් යවන ලද පළමු  ඕවරයේදීම කඩුල්ල මුවා කිරීමේ ඉල්ලීම් දෙකකින් ධම්මික ප‍්‍රසාද්ගෙන් කඩුල්ල බේරාගත් විරාට් කෝලිට ලබාගත හැකිවූයේ තවත් ලකුණු 4 ක් පමණි.


ප‍්‍රසාද්ගෙන් පන්දුව ඉල්ලා ගත් ඇන්ජලෝ මැතිව්ස්, පිට ඉන්නට යාන්තමින් එපිටින් පතිත කළ පන්දුවකට පහරක් ගැසීම සඳහා ඉන්දීය නායකයා පෙළඹමින් කෝලිගේ ඉනිම ලකුණු 18 කට සීමා කළේය.


මෙම අවස්ථාවේදී පිටියට පිවිසි රෝහිත් ෂර්මාගේ ඉනිම කෙටි කිරීමට හැකිවූයේ නම් කෝඩුකාර නමන්  ඕජා පිටියට කැඳවාගෙනැවිත් ඔහු පීඩනයට ලක්කිරීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට අවස්ථාව තිබිණ. එවන් තත්ත්වයක් තිබියදීත් ධම්මික ප‍්‍රසාද්ගෙන් ලකුණක් ලබාගන්නා රෝහිත් ෂර්මා, වමතින් දග පන්දු යවන රංගන හේරත්ගේ පන්දුවක් නුවන් ප‍්‍රදීප්ගේ හිසට ඉහළින් හතරේ සීමාවට යවමින් සිය විශ්වාසනීයත්වය ගොඩනගා ගත්තේය.


රෝහිත් ෂර්මා සහ පුජාරා අතර පැවැති සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 55 ක් වෙද්දී නැවතත් කි‍්‍රයාත්මක වූ ධම්මික ප‍්‍රසාද් පන්දුවක් රෝහිත් ෂර්මාගේ පිත්තේ වැදී උපුල් තරංග වෙත ඇදී යාමට සලස්වමින් සිවුවැනි කඩුල්ල ලකුණු 119 දී බිම දැම්මේය.
 

ඡායාරූපය – ශාන්ත රත්නායක

සංගක්කාර ගොල්ෆ් පිටියට පිවිසෙයිද ?


අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් සමුගත් කුමාර් සංගක්කාර ගොල්ෆ් කී‍්‍රඩාව වෙත යොමු කිරිම තමන්ගේ අභිප‍්‍රාය බව කුමාර් සංගක්කාරගේ පියා වන ක්ෂේම සංගක්කාර මහතා හෙළිදරව් කරයි. කුමාර් සංගක්කාර ටෙස්ට් පිටියෙන් සමුගැනීම සම්බන්ධයෙන් ‘ඉන්දියන් එක්ස්ප‍්‍රස්’ පුවත්පතට පමණක් සීමාවූ විශේෂ ලිපියක් ලියමින් කෂේම සංගක්කාර මහතා මේ බව හෙළිදරව් කර තිබේ.

 

කුමාර් සංගක්කාර කුඩා කාලයේ සිටම ඔහුගේ පියාණන් වන ක්ෂේම සංගකක්කාර මහතා (ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකි) සිය පුතණුවන්ගේ ජීවිතය හැඩගැස්වීමේලා අති විශාල කාර්යභාරයක් කළ තැනැත්තෙකු වශයෙන් ප‍්‍රකටය.

 

”ඔහුට නව අභියෝගයක් මා සූදානම් කරලා තියෙනවා. ඔහු ඒ අභියෝගය බාරගනීවි කියලා මා හිතනවා”

 

”ඔහු බැරෑරුම් ලෙසින් ගොල්ෆ් කී‍්‍රඩාවට අත තියයි කියලා මා බලාපොරොත්තු වෙනවා. ඔහුගේ හැකියාවන් සහ හුරුවූ දෑත් ඔහුව ඒ ක්ෂේත‍්‍රයේ ගොඩාක් කල් රඳවාගෙන සිටීවි” යයි ක්ෂේම සංගක්කාර මහතා ‘ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත් පතට ලියා තිබිණ.

 

”ඔහු මේ වන විටත් දශක දෙකකට ආසන්න කාලයක් වෘත්තීය කී‍්‍රඩකයෙක් වෙලා හිටියා. ඒ තරගකාරී අරමුණු හා හැගීම් ලේසියෙන් මැකී යන්නේ නෑ…ගොල්ෆ් කී‍්‍රඩාව ඔහුට ඒ අවස්ථාව සපයා දෙනවා විතරක් නොවේ ඔහුට තවත් වසර 30 ක් විතර ඒ කී‍්‍රඩාවේ රැඳී සිටින්නත් පුළුවන්”

 

”එහිදී (ගොල්ෆ් කී‍්‍රඩාවේදී) වයස කුමක්ද කියන එක ප‍්‍රශ්නයක් නෙමේ” යයිද ක්ෂේම සංගක්කාර මහතා ‘ඉන්දියන් එක්ස්ප‍්‍රස්’ පුවත්පතට ලියු ලිපියේ සටහන් වී තිබිණ.

ශ්‍රී ලංකා – ඉන්දීය තෙවැනි ටෙස්ට් තරගය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පළමු දිනය වැස්සට සේදෙයි

 

සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (28) ආරම්භ වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා දිවා විවේකයට පෙර තරගය අත්හිටුවීමට සිදුවිය. විනිසුරුවෝ පස්වරු 3.55 ට පමණ පළමු දිනයේ ක‍්‍රීඩාව අවසන් කිරීමට තීරණය කළහ.  

 

පස්වරු 3.40 ට පමණ නැවතත් පොද වර්ෂාව ඇද හැලීමෙන් නැවතත් ක‍්‍රීඩාංගණය ආවරණය කළේය.

 

ප‍්‍රධාන ලකුණු පුවරුව ප‍්‍රදේශයේ ක‍්‍රීඩාංගයේ මැද සහ හතරේ සීමාව අසළ තෙත බරිත තත්ත්වයක් පැවතීම හේතුවෙන් පළමු දිනයේ ක‍්‍රීඩාව නතර හැර දැමීමට සිදුවිය.

 

තේ විවේකය වන විට ක‍්‍රීඩාංගණය ආවරණය කර තිබූ සියලූම ආවරණ ඉවත්කර විනිසුරුවෝ පස්වරු 3.30 ට ක‍්‍රීඩාංගණය පරීක්‍ෂා කළහ. තරගය අත්හිටුවන විට පළමුව පන්දුවට පහර දෙන ඉන්දීය පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 50 ක් රැස්කර සිටියේය. චෙටේස්වාර් පුජාරා (නොදැවී 19) සහ විරාට් කෝලි (නොදැවී 14) පන්දුවට පහර දෙමින් සිටියහ.

 

පෙරවරු 11.15 ට පමණ දැඩි වර්ෂාවක් ඇද හැලූණු අතර ක‍්‍රීඩාංගණය සම්පූර්ණයෙන් ආවරණය කරන විට ස්ථාන කීපයකම ජලය එකතු වී තිබූ ආකාරය දැකගත හැකි විය.

 

නායක විරාට් කෝලි ලකුණු 4 ක් ලබා සිටියදී නුවන් ප‍්‍රදීප් යැවූ ඉනිමේ 8 වැනි  ඕවරයේ දෙවැනි පන්දුවට කඩුලූ රකින කුසල් පෙරේරාට ලබාදුන් පහසු උඩපන්දුව රැකගත්තේ නම් ශ‍්‍රී ලංකාවට විශාල වාසියක් බවට පත්වේ. නුවන් ප‍්‍රදීප් ආරම්භයේ සිට ආක‍්‍රමණශීලි පන්දු යැවීමක නිරත වෙමින් අජින්ක්‍යා රහනේ ලකුණු 8 කට සීමා කරමින් දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කළේය.

 

ධම්මික ප‍්‍රසාද් යැවූ දිනයේ දෙවැනි පන්දුව ලෝකේෂ් රාහුල් (02) නිදැල්ලේ යැවීමට සැලැස්සුව ද පන්දුව කඩුල්ල සොයා යෑමත් සමග බලාපොරොත්තු නොවූ ආකාරයට රාහුල් දැවී ගියේය.   ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය පිලට ආරාධනා කළේය.

 

මෙම තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ප‍්‍රවේගකාරි පිතිකරු කුසල් පෙරේරා ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ 130 වැනි ක‍්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් හිමිකර ගත්තේය. කුසල්, කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

 

හිටපු ටෙස්ට් ක‍්‍රීඩක සහ වර්තමාන ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා කුසල්ට නිල වශයෙන් ටෙස්ට් හිස්වැස්ම ප‍්‍රදාන කළේය.ශ‍්‍රී ලංකා පිලේ වෙනස්කම් තුනක් කරමින් නුවන් ප‍්‍රදීප්, උපුල් තරංග සහ කුසල් පෙරේරා කණ්ඩායමට කැඳවා තිබුණි.

 

ටෙස්ට් පිටියෙන් සමුගත් කුමාර් සංගක්කාර වෙනුවට උපුල් තරංග කැඳවා සිටින අතර ජෙහාන් මුබාරක් සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමෙන් ඉවත්කර තිබේ. ඉන්දීය පිලට චෙටේස්වාර් පුජාරා සහ නාමන් ඕජා කැඳවා සිටිති.

 

තරගයේ දෙවැනි දිනය වන හෙට (29) තරගය පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතය.