බෙල් නියම තැනදී සීනුව හඬවයි


ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ දිග පළල මැන බැලීමේ කදිම පරීක්ෂණයක් බවට පත්වූ මෙවර අළුබඳුන ටෙස්ට් තරගමාලාවේ තුන්වැනි තරගයේ තවත් දින දෙකක්ම ඉතිරිව තිබියදීම විශිෂ්ට අයුරින් කඩුලූ 8 කින් ජයගැනීමට සත්කාරක එංගලන්තය සමත්විය. තරගමාලාවේ වාසිය තරගයෙන් තරගයට දෙපැත්තට දෝලනය වන අතර තුන්වැනි ටෙස්ට් තරගයේ ජයග‍්‍රහණයත් සමග එංගලන්තය මේ වන විට 2-1 කින් ලෙසින් තරගාවලියේ පෙරමුණට පැමිණ සිටී.

 

ඔස්ටේ‍්‍රලියානුවන් දුන් ලකුණු 121 ක පහසු ඉලක්කය හඹා ගිය එංගලන්තය කඩුලූ 2 ක් පමණක් දැවී තරගය ජයගනිමින් නිදහස් මනසින් යුතුව අද පස්වරුවේ තේ පානයට එක්වූහ.

 

එංගලන්ත පිල ජයමාවත ඔස්සේ කැඳවාගෙන ගියේ ලෝඞ්ස් ටෙස්ට් තරගය නිමාවනවිට පිට පිට දෙවැනි වරටත් අසාර්ථක පිතිකරුවකු වීම නිසා කණ්ඩායමෙන් දොට්ට දැමීමට ආසන්නයේ සිටි ඉයන් බෙල්ය. ඔහු පළමු ඉනිමේ දීත් අගනා අර්ධ ශතකයක් වාර්තා කළ අතර දෙවැනි ඉනිමේ දී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 65 කි. ඔස්ටේ‍්‍රලියානුවන්ගේ දෙවැනි ඉනිම සුණවිසුණු කොට කඩුලූ 6ක්ම බිඳ දැමූ ස්ටීවන් ෆින් තරගයේ වීරයා ලෙසින් සම්මානයට පාත‍්‍ර විය.

 

සදානුස්මරණය කළ හැකි ආකාරයෙන් නැවතත් අළුබඳුන ටෙස්ට් තරගමාලාවේ පෙරමුණ ගැනීමේ නොතිත් ආසාවෙන් පෙලූණු එංගලන්තය අද උදෑසන බර්මින්හැම් හී එජ්බැස්ටන් කී‍්‍රඩාංගණයට පැමිණියේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙනය.

 

ටෙස්ට් තරගමාලාවේ පෙරමුණ ගැනීමේ ඉලක්කය සුළු එකක් බවට පත්කරගැනීම එකම අභිලාෂය වී තිබිණි. ඒ වනවිට ඔස්ටේ‍්‍රලියාව සිය සම්ප‍්‍රදායික ප‍්‍රතිවාදියාට වඩා ඉදිරියෙන් සිටියේ ලකුණු 23 කින් පමණි. ඉතිරිව තිබුණේ තවත් කඩුලූ 3 කි.

 

එහෙත් එංගලන්තයේ ජයග‍්‍රහණය දිවා ආහාරය ආසන්න වනතුරු පමාකිරීමට සමත්වූ ඔස්ටේ‍්‍රලියානු අගපෙළ පිතිකරුවෝ ඒ අතරතුර කාලයේ තවත් ලකුණු 97 ක් සිය දෙවැනි ඉනිමට එකතු කළහ. ඔවුන්ගේ ඉනිම නිමාවට පත්වූයේ අවසන් කඩුල්ල ලෙස මිචෙල් ස්ටාක් දැවීයාමත් සමගිනි.

 

මේ වේගපන්දු යවන්නා අද සිය සටන්කාමී පිිතිහරඹ දක්ෂතා පෙන්නුම් කරමින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 58කි. ඊට පෙර පීටර් නෙවිල් ලකුණු 59 කින් ඔස්ටේ‍්‍රලියානු ඉනිම ශක්තිමත් කිරීමට සමත්විය. ඉන් නොනැවතී මේ දෙදෙනා එක්ව 8 වැනි කඩුල්ලට ලකුණු 64 ක සම්බන්ධතාවක් ද ගොඩනැගීමට සමත්වූහ.

 

එංගලන්තය ටෙස්ට් තරගමාලාවේ පෙරමුණ ගැනීමේ තීරණාත්මක තරගයෙන් ජයගැනීමට ලකුණු 121 ක ඉලක්කය හඹා යාමේ මෙහෙයුම ඇරැඹුයේ දිවා ආහාරයට ඔන්න මෙන්න කියා තිබියදීය.

 

අද තරගයෙන් එංගලන්තය ජයගනු ලැබුවත් දෙවැනි දිනයේ පාදයේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව සිටි ජේම්ස් ඇන්ඩර්සන්ට මේ ආබාධය නිසා ලබන මස 6 වැනිදා ටෙ‍්‍රන්ට්බි‍්‍රජ් හි ඇරැඹෙන සිවුවැනි ටෙස්ට් තරගය අහිමිවීමෙන් එංගලන්ත කඳවුරේ තරමක උණුසුම් ස්වභාවයක් දක්නට තිබේ.

 

එංගලන්ත ජයග‍්‍රහණයට මං විවර කරමින් ඔස්ටේ‍්‍රලියානුවන්ගේ පළමු ඉනිමෙන් කඩුලූ 6ක් උදුරාගත් සමත්වූ ජේම්ස් ඇන්ඩර්සන්ගේ අඩුව පුරවාලිය හැකි වන්නේ කාටදැයි එංගලන්ත තේරීම් කමිටු නිලධාරීහු මේ වන විටත් කල්පනා කරමින් සිටිති.

 


ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම – 136යි  
(කි‍්‍රස් රොජර්ස් 52, ජේම්ස් ඇන්ඩර්සන් 47/6, කි‍්‍රස් බ්‍රෝඞ් 44/2,  ස්ටීවන් ෆින් 38/2)

 

එංගලන්තය පළමු ඉනිම – 281 යි
(ඇලිස්ටෙයාර් කුක් 34, ඉයන් බෙල් 53, ජෝ රූට් 63, මුයින් අලී 59, ස්ටුවර්ට් බ්‍රෝඞ් 31, ජොස් හැස්ල්වුඞ් 74/3, නේදන් ලියොන් 36/3යි)

 

ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම – 265 යි.
(ඬේවිඞ් වෝනර් 77, පීටර් නෙවිල් 59, මිචෙල් ස්ටාක් 58, ස්ටීවන් ෆින් 79/6යි)

 

එංගලන්තය දෙවැනි ඉනිම – කඩුලූ 2ක් දැවී ලකුණු 124යි.
(ඉයන් බෙල් නොදැවී 65යි)

 


- 077

දෙවැනි දිනය වැස්සට සේදෙයි

 


බංග්ලාදේශය සහ දකුණු අප‍්‍රිකාව අතර ඩකා මීර්පූර් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (31 දා) වර්ෂාව හේතුවෙන් එකදු පන්දු  ඕවරයක් හෝ යැවීමට නොහැකිව දෙවැනි දිනයේ තරගය අතහැර දැමීමට තීරණය කර තිබේ.

 

පෙර දිනයේ සන්ධ්‍යාවේ සිට මීර්පූර් ක‍්‍රීඩාංගණය සහ ඒ අවට ඇද හැලූනු වර්ෂාව හේතුවෙන් අද දිනයේ තරගය පැවැත්වීමට නොහැකි බව කලින්ම තීරණය කළ විනිසුරුවරු ප.ව. 12.00 ට තරගයේ දෙවැනි දිනය අතහැර දැමූහ. ඒ අනූව චිතගොං හී පැවැති පළමු ටෙස්ට් තරගයේ සම්පූර් දින දෙකක්ම වර්ෂාවට සේදී ගිය අතර මෙම තරගයේදී දැනට එක් දිනක් වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීම නිසා මෙවර තරගාවලිය ජයපරාජයෙන් තොරව අවසන් වන ලකුණු පහළ වී තිබේ.

 

යම් හෙයකින් මෙම තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් දකුණු අප‍්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගයක් විසඳුමකින් තොරව නිමාකර ගැනීමට බංග්ලාදේශය සමත් වූ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්වේ. මෙම තරගාවලියට පෙර පැවැති ටෙස්ට් තරගාවලි හතරම බංග්ලාදේශය 2-0 ක් ලෙස පරාජය කිරීමට දකුණු අප‍්‍රිකාව සමත්ව තිබුණි.

 

අද දිනයේදී දකුණු අපි‍්‍රකානු සහ බංග්ලාදේශ කණ්ඩායම් දෙකම ක‍්‍රීඩාංගණයට නොපැමිණ ඇති අතර හෙට දිනයේදීද වැසි ඇතිවීමේ අවස්ථාවක් ඇති බව බංග්ලාදේශ කාලගුණ වාර්තා පෙන්වා දෙයි.

 

කෙසේ වෙතත් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන බංග්ලාදේශය සිය පළමු ඉනිම සඳහා කඩුලූ අටක් දැවී ලකුණු 246 ක් ලබා සිටී. පළමු දිනයේදී බංග්ලාදේශයේ කඩුලූ තුනක් දවා ගත් දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන්නා වූ ඬේල් ස්ටේන් සිය 400 වැනි ටෙස්ට් කඩුල්ලද මෙම තරගයේදී සනිටුහන් කිරීමට සමත් විය.

 


බංග්ලාදේශය – පළමු ඉනිම පන්දු  ඕවර 88.1 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 246 යි.
(ඉම්රුල් කේයිස් 30, මොමිනුල් හක් 40, මහමුදුල්හා 35, මුස්ෆිකුර් රහීම් 65, සකීබ් අල් හසන් 35, ඬේල් ස්ටේන් 30/3, ජේ. පී. ඩුමිනි 27/3 යි.)

 


 – 033

කෝඩුකාරයන්ගේ අභීත නැඟිටීම

 

විස්සයි:20 අන්තර්ජාතික තරග ක්ෂේත‍්‍රයේ ලෝක ශූරයන් ලෙසත්, ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළින්ම සිටින කණ්ඩායම ලෙසත් තවමත් වැජඹෙන ශී‍්‍ර ලංකා කණ්ඩායමට ප‍්‍රසාද ලකුණු 5 ක් අහිමි වූයේ පාකිස්තානය හමුවේ ඊයේ (30 වැනිදා) ලද පරාජය හේතුවෙනි.


වසර තුනකට ඉහතදී (2012) ශී‍්‍ර ලංකාවේදී පැවැති වි:20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පරාජය වූ නමුත් එදා සිට අද දක්වාම විස්සයි:20 ශ්‍රේණිගත ලයිස්තුවේ පෙරමුණ ගෙන සිටින ශී‍්‍ර ලංකා පිල 2014 අපේ‍්‍රල් මාසයේදී ලෝක කුසලාන අවසන් මහ තරගය ජයගැනීමෙන් පසුව සහභාගි වූ දෙවැනි විස්සයි:20 තරගය මෙයයි.


කිසිදු සැකයකින් තොරවම, ඊයේ තරගයට සහභාගි වූ කී‍්‍රඩකයන් 11 දෙනාගෙන් එම තරගය ජයගතහැකිව තිබිණ. පාකිස්තානු ඉනිමේ 15 වැනි  ඕවරය දක්වා දක්නට ලැබුණු විධිමත් පන්දු යැවීමත් ශී‍්‍ර ලංකා පිතිකරු ලයිස්තුවේ අංක 7 පිතිකරුවා දක්වා කළ සටන්කාමී පිතිහරඹයත් දෙස බැලූ විට එය පැහදිළිවම පෙනෙන්නට තිබිණ.


කෝඩුකාර බිනුර ප‍්‍රනාන්දු සිය පළමු  ඕවර 2 දී පාකිස්තානු පිතිකරුවන් ලකුණු 10 කට සීමා කළේය. අනෙක් කෝඩුකාර පන්දු යවන්නා වූ ජෙෆ්රි වැන්ඩසේ ශී‍්‍ර ලංකා පිලේ හොඳම පන්දු යවන්නා වෙමින් සිය  ඕවර 4 දී පාකිස්තානු පිතිකරුවන් ලකුණු 25 කට ඇද බැඳ තබාගත්තේ තමන් හමුවේ එකම හතරේ පහරක් හෝ ගැසීමට පාකිස්තානුවන්ට අවසර නොදෙමිනි.


සිය මංගල අන්තර්ජාතික තරගයට (ටෙස්ට්, එක්දින හෝ වි:20* සහභාගි වූ දකුණත් පා දඟපන්දු යවන්නා දැක්වූයේ විස්මිත දස්කමකි. මක්නිසාද යත් මෙය ‘හිතුවක්කාරයන්ගේ කි‍්‍රකට්’ හෙවත් විස්සයි:20 තරගයක් වූ බැවිනි.


15 වැනි  ඕවරය නිමා වන විට පාකිස්තානු ලකුණු පුවරුව කියැවුණේ කඩුලූ 3 ට 116 ක් ලෙසින් වුවද අවසන්  ඕවර 5 දී පාකිස්තානුවෝ ලකුණු 59 ක් උදුරා ගත්හ. කඩුලූ 7 ක් අතැතිව සිටින විට වි:20 තරගයක අවසන්  ඕවර 5 දී එවන් ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීම අරුමයක් නොවේ. එහෙත් ඒ අවස්ථාවේදී තමන් පන්දු යැවීමට බාරගැනීම වැරදීමක් බවත් තමන් නිසි ඉලක්කයට පන්දු යැවීමට උත්සාහ කළද එය අසාර්ථක වූ බවත් නායක ලසිත් මාලිංග පිළිගනී.


”ප‍්‍රධානතම හේතුව තමයි අවසන්  ඕවර 5 ඇතුළත මගේ  ඕවර දෙකක් තිබුණා. මා පෞද්ගලිකවම හොඳින් පන්දු යැව්වේ නෑ.”
”ලකුණු 175 ක් කරා යන්න ඒක ප‍්‍රධාන හේතුවක් වුණා” යයි මාලිංග තරගයෙන් අනතුරුව පැවසීය.


මාලිංග එසේ කීවද පන්දු යැවීමේ හැකියාව ඇති තිලකරත්න ඩිල්ෂාන්, මිලින්ද සිරිවර්ධන සහ ධනංජය ද සිල්වා තිදෙනාගෙන්ම ප‍්‍රයෝජනයක් නොගැනිණ.


කෙසේ වෙතත් මාලිංග පැවසූ පරිදිම, විස්සයි:20 තරගයකදී ලකුණු 175 ක් යනු ලබාගත හැකි ලකුණු සංඛ්‍යාවකි. ලකුණු 13 කට කඩුලූ 3 ) ක් දැවී ගොස් තිබියදී, කෝඩුකාරයන් වූ ධනංජය ද සිල්වා (පන්දු 32 කදී ලකුණු 31) සහ මිලින්ද සිරිවර්ධන (පන්දු 18 කදී ලකුණු 35 යි) ධෛර්යවත් විලාසයෙන් ඉලක්කය හඹා ගියද ඉලක්කයට ලකුණු 29 ක් මෙපිටින් සිට පරාජය පිළිගන්නට ඔවුනට සිදුවිය.


තරගය පරාජය වූවද මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න නොසිටි කණ්ඩායමක් වෙනුවෙන් කෝඩුකාරයන්ට ලැබුණු අවස්ථාවේදී ඔවුන් කළ අභීත නැ`ගිටීමක් ලෙස මෙම තරගය හැඳින්විය හැකිය.


පරාජය ලකුණු 29 කිනි. එහෙත් කුසල් සහ ඩිල්ෂාන් සුපුරුදු පරිදි කි‍්‍රයාත්මක වූයේ නම් එය පන්දු යවන්නන් හා කරනු ලබන  ඕවර 2 ක ගනුදෙනුවකි.


තමන් දන්නා කි‍්‍රකට් කී‍්‍රඩාව නිදහසේ කරගෙන යාමට කුසල්ට නිදහස දී ඇතැයි මාලිංග කීවද සෑම පන්දුවකටම එකම ආකාරයට පහරදිය නොහැකි බව කුසල් වටහාගත යුතුව තිබේ. නැතිනම් කිසිවකු විසින් ඔහුට ඒ බව තේරුම්කර දිය යුතුව ඇත. නිදහස කාටත් අගනේ වුවද වල්බූරු නිදහසකින් ඇතිවන දෙයක් නැත.


අනෙක් අතට, නිරන්තරයෙන්ම, මේ ආකාරයට කුසල් දැවී යාමෙන් සිදුවන්නේ සහායක ආරම්භක පිතිකරුවා අනවශ්‍ය පීඩනයකට නතුවීමත් කණ්ඩායමේ මූලික සැලසුම අවුල් වී දෙවැනි හෝ තුන්වැනි සැලසුමට යාමට සිදුවීමත් මිස අනෙකක් නොවේ. මූලි සැලසුම පසෙක ලා අතිරේක සැලසුම් වලට යාම ජයග‍්‍රහණය උගසට තැබීමකි.


පසුගිය දශක හතර පහ දෙස ආපසු හැරී බැලූවොත් ශී‍්‍ර ලංකාවට අංක 3, 4 හෝ 5 ස්ථාන සඳහා කී‍්‍රඩා කළ හැකි පිතිකරුවන්ගෙන් හි`ගයක් නැත. එවන් තත්ත්වයක් තිබියදී ඇන්ජලෝ මැතිව්ස් අංක 5 ස්ථානයට කැඳවීමත් තරමක් විමතිය දනවන්නකි.


පසුපෙළ පිතිකරුවන් මනා ලෙස හසුරුවා ගනිමින් කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන යාමට මැතිව්ස් උපන් හපනෙකි. එබැවින් පිතිකරු ලයිස්තුවේ ඇන්ජලෝ මැතිව්ස්ට හිමි ස්ථානය කෙරේ නැවත වරක් අවධානය යොමුකරන්නේ නම් ඔහුගෙන් වැඩි මෙහෙවරක් ගත හැකිය.


කි‍්‍රකට් තරගයක් සඳහා කණ්ඩායමක් තේරීම පහසු කාර්යයක් නොවේ. එය බොහෝ විට අවදානම ඇතිව කරනු ලබන මනෝමය කී‍්‍රඩාවකි. එහි ජය මෙන්ම පරාජයද රැුඳී තිබේ. තේරීම් සම්බන්ධයෙන් විවේචනය කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. අරමුණ සිතන්නට යමක් ඉතිරි කිරීමයි.


විස්සයි:20 අන්තර්ජාතික තරගවලට වැඩි වශයෙන් සහභාගි නොවන බැවින් හැකි ඉක්මනින් සුපුරුදු දස්කම් අතරට නොපැමිණියහොත් වසර 3 කට පසුව සිය කිරුළ අහිමි කරගැනීමේ අවදානමකටද ශී‍්‍ර ලංකා පිල මුහුණ දී සිටී.

 

 

 

මා හොඳින් පන්දු යැව්වේ නෑ – මාලිංග

 

කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (30) පැවැති පළමු විස්සයි20 ක‍්‍රිකට් තරගයේදී තමන්ගේ දුර්වල පන්දු යැවීම නිසා පාකිස්තානු පිලට ලකුණු 175 ක් රැස්කරමින් ප‍්‍රබල තත්ත්වයකට පැමිණීමේ අවස්ථාව ලැබුණු බව ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක ලසිත් මාලිංග පැවසීය.

 

දෙවැනි සහ අවසන් විස්සයි20 තරගය අද (01) ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ. විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය රාත‍්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.

 

ශ්‍රී ලංකාව පළමු තරගයෙන් ලකුණු 29 ක පරාජයක් ලැබූ අතර එහිදී නායක ලසිත් මාලිංගගේ  ඕවර හතරේදී ලකුණු 46 ක් රැස්කිරීමට පාකිස්තානු පිතිකරුවෝ සමත් වූහ. එහිදී මාලිංග යැවූ ඉනිමේ 17 වැනි සහ 19 වැනි ඕවර දෙකට පමණක් ලකුණු 22 ක් රැස්කර තිබුණි. තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී මාලිංග වැඩි දුරටත් මෙසේ අදහස් පළ කළේය.

 

‘‘විස්සයි20 තරගයකදී අවසන් ඕවර පහේදී වේගයෙන් පන්දුවට පහර දෙන්න උත්සහ කරනවා. ප‍්‍රධානතම හේතුව අවසන් ඕවර පහ ඇතුළත මගේ ඕවර දෙකක් තිබුණා. මම පෞද්ගලිකව හොදට පන්දු යැව්වේ නෑ. ඒක තමයි ලකුණු 175 ක් කරා යන්න ප‍්‍රධානතම හේතුව වුණේ’’

 

චාමර කපුගෙදර පිතිකරු ලැයිස්තුවේ ඉදිරියට පැමිණියේ නම් මීට වඩා ප‍්‍රයෝජනයක් ගැනීමේ අවස්ථාව තිබුණේ යැයි සිතෙන්නේද යන ප‍්‍රශ්නයට මාලිංග මෙසේ පිළිතුරු සැපයීය.

 

‘‘චාමර කපුගෙදර කැඳවන්න ප‍්‍රධාන හේතුව තමයි අංක හය හෝ හත ස්ථානයේ පන්දුවට පහරදීලා අවසන් පන්දු වාරවලදී ලොකු පහරවල් ලබා ගැනීම. පිතිකරුවන් එක එක ස්ථානවල රැඳවීමේදී සැලැස්මක් තිබුණා. අපිට ඇන්ජලෝ මැතිව්ස් හිටියා, ඒ වගේම එක්දින තරගාවලියේ දස්කම් දක්වා තිබුණු මිලින්ද සිරිවර්ධන හිටියා. ඒ නිසා මිලින්දව ඉහළට දාන එක හොඳයි කියලා හිතුණා. ඔහු ඇත්තටම හොඳයි කියන එක පෙන්නුවා’’

 

‘‘පිතිකරු ලැයිස්තුව ගත්තම අවස්ථාකූලව අවශ්‍ය දේ පිළිබඳව බලන්න  ඕනේ. කපුගෙදර අපිට අවශ්‍ය දේ කරලා දුන්නා’’ මිලින්ද සහ ධනංජය පන්දු යැවීමට යොදා නොගැනීම පිළිබඳව කළ විමසුමේදී මාලිංග මෙසේ අදහස් දැක්වීය.  

 

‘‘පාකිස්තානු පිල එක්දින තරගාවලියේදී දඟ පන්දු යවන්නන්ට ඉක්මනින් පහර දෙනවා අපි දැක්කා. ඒ වගේම පාකිස්තානු පිලේ දකුණත් පිතිකරුවන් ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් සිටියා. මිලින්ද සිරිවර්ධන ඇත්ත වශයෙන්ම භාවිතා කළේ පිතිකරුවකු ලෙයසි. ඒ වගේම තිසර පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් හොඳින් පන්දු යවමින් සිටියා. මම තරගය සැලැසුම්කළ ආකාරයට ඒ දෙපළට පන්දුව දෙන්න අවස්ථාවක් ලැබුණෙ නෑ’’

 

ආරම්භක පිතිකරුවන් දෙපළ සහ ඇන්ජලෝ මැතිව්ස් අසාර්ථක වීම පිළිබඳව මාලිංග මෙසේ අදහස් දැක්වීය.

 

‘‘ඇන්ජලෝ කොතරම් දක්‍ෂ ක‍්‍රීඩකයෙක්ද කියලා අපි හැමෝම දන්නවා. තරගයක් ඉවර කරන්න පුළුවන් ක‍්‍රීඩකයෙක් ඒ වගේම තරග ඉවර කරලා පෙන්නපු ක‍්‍රීඩකයෙක්. ධනංජය ද සිල්වා පැත්තක් ආරක්‍ෂා කරමින් සිටියදී ලකුණු වේගය වැඩි කරන්න තමයි ඒ තීරණය ගන්න අත්තේ. ඒක වැරදුණා’’

 

‘‘කුසල් කියන්නේ වේගයෙන් පහර දෙන ක‍්‍රීඩකයෙක්, අපි ඔහුට නිදහසේ පහර දෙන්න අවස්ථාව දීලා තියෙනවා. ඩිල්ෂානුත් දක්‍ෂ විස්සයි20 ක‍්‍රීඩකයෙක් අවාසනාවට පළමු ඕවර තුන තුළ කඩුලූ තුනක් දැවී ගියා’’

 

චන්දිමාල් සහ තිරිමාන්න සංචිතයෙන් ඉවත්කිරීමට මාලිංග සම්බන්ධ වූ බවට හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා විදෙස් මාධ්‍යයකට කළ ප‍්‍රකාශය පිළිබඳව මාලිංග සිය අදහස මෙසේ ප‍්‍රකාශ කළේය.

 

‘‘මම දැනට ජාතික කණ්ඩායමේ වසර 10 ක් ක‍්‍රීඩා කරනවා. ඉතින් මම නොයෙකුත් තේරීම් කමිටු සභාපතිවරුන් සමඟ වැඩකටයුතු කරලා තියෙනවා. එක එක්කෙනාගේ දැකීම අනුව අත්දැකීම් අනුව අදහස් ප‍්‍රකාශකිරීමේ හැකියාව තියෙනවා. මම ඒකට ගරු කරනවා. විවේචනය කරන්න අවස්ථාව තිබෙනවා. මම ඒකටත් ගරු කරනවා. නමුත් අපි නව තේරීම් කමිටු සභාපති සමඟ සාකච්ඡ කරලා තමයි මේ තීරණය ගත්තේ’’

 

‘‘අපිට ලෝක කුසලානයට තරග 10 ක් පමණ තියෙන්නේ. මට තරග 10 යේදීම ක‍්‍රීඩකයන් බලන්න උවමනාවක් නෑ. තරග හතරක් පහක් ඇතුළත එළියේ ඉන්න ක‍්‍රීඩකයන් මොන තත්ත්වයේද කියලා දැනගන්නයි  ඕනේ. තිරිමාන්නත් චන්දිමාලූත් 2010 සිට විස්සයි20 පිලට ක‍්‍රීඩා කරලා තියෙනවා. ඔවුන්ගේ දක්‍ෂතා මම දන්නවා පෞද්ගලිකව, මම දන්නවා ඔවුන් කොච්චර හොඳද කියන එක ගැන’’


‘‘ඔවුන් දෙදෙනා ඉවත් කිරීමේ කිසිම සැලැස්මක් නෑ. සමහර විට එළියේ ඉන්න ක‍්‍රීඩකයන් ඊට වඩා හොඳ වෙන්න පුළුවන්. මම මීට වඩා දුර්වල වෙන්න පුළුවන්.

 

මට වඩා හොඳ පන්දු යවන්නෙක් එන්න පුළුවන්. මම ඒක තේරීම් කමිටුවට බාරදීලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් වෙනුවෙන් අපි කොච්චර කාලයක් ක‍්‍රීඩා කරයිද කියන එකට සහතිකයක් දෙන්න අමාරුයි’’

 

අද පැවැත්වෙන දෙවැනි තරගයේදී සෙසු ක‍්‍රීඩකයන්ටත් අවස්ථාව ලබා දෙන්නේද යන ප‍්‍රශ්නයේදී මෙවනි අදහසක් පළවිය.

 

‘‘අපි බලන්නේ ක‍්‍රීඩකයන්ට සාධාරණයක් ඉටු කරන්න. එක තරගයක්දීලා එලියට දැම්මොත් ක‍්‍රීඩකයටත්, ශ්‍රී ලංකා ක‍්‍රිකට්වලටත් වැදගත් කමක් නෑ. එක තරගයකින් ක‍්‍රීඩකයකුගේ දක්‍ෂතාව මනින්න බෑ. මට එක තරගයක් දීලා එළියට දැම්මනන් මට මොකක් වෙයිද කියලා හිතන්න බෑ. ලෝක කුසලානයට හොඳ කණ්ඩායමක් හදලා දිගු ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ’’

 

ශී‍්‍ර ලංකාවට ප‍්‍රසාද ලකුණු 5 ක් අහිමිවෙයි

පාකිස්තානයට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ඊයේ (30 වැනිදා) පැවැති පළමුවැනි විස්සයි:20 තරගයේදී අත්වූ පරාජයත් සමගින් වි:20 අන්තර්ජාතික කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ප‍්‍රසාද ලකුණු 5 ක් ශී‍්‍ර ලංකා පිලට අහිමි විය.

 

විස්සයි:20 අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවේ වත්මන් ලෝක ශූරයන් වන ශී‍්‍ර ලංකා කණ්ඩායම ශ්‍රේණිගත ලයිස්තුවේ තවමත් පෙරමුණ ගෙන සිටියද ඔවුන් සතුව තිබූ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 135 සිට 130 දක්වා පහළ බැස තිබේ.

 

තරගය ආරම්භ කිරීමට පොරතුව ප‍්‍රසාද ලක-ුණු 114 ක් ලබා ශ්‍රේණිගත ලයිස්තුවේ පස්වැනි ස්ථානයේ සිටි පාකිස්තානු කණ්ඩායම ඊයේ (30 වැනිදා) ලබාගත් ජයග‍්‍රහණයත් සමගින් ප‍්‍රසාද ලකුණු 3 ක් එකතු කරගනිමින් මේ වන විට ප‍්‍රසාද ලකුණු 117 ක් ලබා සිටී.

 

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර හෙට (1 වැනිදා) පැවැත්වෙන දෙවැනි වි:20 තරගය ජයගතහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 133 දක්වා වැඩිකරගැනීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා පිලට තිබෙන නමුත් යම් හෙයකින් හෙට තරගයත් ජයගැනීමට පාකිස්තානු පිල සමත් වුවහොත් ප‍්‍රසාද ලකුණු 120 ක් ලබා ශ්‍රේණිගත ලයිස්තුවේ 3 වැනි ස්ථානය අත්කරගැනීමට පාකිස්තානුවන්ට හැකිවනු ඇත.

 

එසේ වුවහොත් ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 126 ක් දක්වා පහළ බසින බැවින් ඉතා නුදුරේදීම ශ්‍රේණිගත ලයිස්තුවේ අංක 1 ස්ථානය අහිමි වීමේ අවදානමකට ශී‍්‍ර ලංකා පිල ලක්වෙයි.

 

කෙසේ වෙතත් ලයිස්තුවේ දෙවැනි ස්ථානය හිමි  ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 122 ක් වන බැවින් ශී‍්‍ර ලංකා පිලේ අංක 1 ස්ථානයට අද තරගයේ ප‍්‍රතිඵලයෙන් තර්ජනයක් නැත.

 

විස්සයි:20 ප‍්‍රසාද ලකුණු පුවරුව
(30 වැනිදා පැවැතිතරගයෙන් පසු)
ස්ථානය කණ්ඩායම ප‍්‍ර.ලකුණු
1 ශී‍්‍ර ලංකාව 130
2  ඕස්ටේ‍්‍රලියාව 122
3 ඉන්දියාව 118
4 බටහිර ඉන්දීය කොදෙව් 117
5 පාකිස්තානය 117
6 දකුණු අපි‍්‍රකාව 111
7 නවසීලන්තය 107
8 එංගලන්තය 103
9 ඇෆ්ඝනිස්ථානය 77
10 බංග්ලාදේශය 73
11 හොං කොං 72
12 ස්කොට්ලන්තය 66

එජ්බැස්ටන් පිටිය පන්දු යවන්නන්ගේ අණට නතුවෙයි

 

එජ්බැස්ටන් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ දී පැවැත්වෙන අළුබඳුන තුන්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ආරම්භ වූයේ මිචෙල් ජොන්සන් එක්  ඕවරයක් තුළ කඩුලූ දෙකක් දවාලීමේ පෙරළිකාර සිදුවීමත් සමගය. එහෙත් අද දිනය නිමාවට පත්වූයේ දෙපිලේහිම ලකුණු ලබාගැනීමේ වේගයට වඩා කඩුලූ බිඳවැටීමේ වේගය වැඩි කරමිනි. අද දිනයේ දෙපිලේම කඩුලූ 14 ක්ම බිඳ වැටිණි.


දිනය අවසන් වනවිට සිය දෙවැනි ඉනිම කී‍්‍රඩා කරමින් සිටින  ඕස්ටේ‍්‍රලියාව ඉදිරියෙන් පසුවන්නේ ලකුණු 23 කින් පමණි. ඔවුන්ට තවත් ඉතිරිව ඇත්තේ ද කඩුලූ 3 ක් පමණි.


දැන් මේ තරගයේ වැඩිම වාසිය අතැතිව සිටින එංගලන්තය පසුවන්නේ හෙට සිවුවැනි දිනයේ දිවා ආහාරයට පෙර තරග 2-1 කින් තරගාවලියේ පෙරමුණ ගැනීමේ අභිලාෂයෙනි.


පෙරදිනයේ තරගය නවත්වන විට ලකුණු 133 කට කඩුලූ 3 ක් බිඳ වැටී තිබූ එංගලන්ත පළමු ඉනිම අද උදෑසන එහෙම පිටින්ම අවුල් කොට දැමුවේ ජොන්සන්ය.


දිවා ආහාරය වනවිට ලකුණු 221 කට කඩුලූ 7 ක් බිඳ වැටී තිබූ එංගලන්ත ඉනිම පිළිසකර කළ මුයින් අලී සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් 8 වැනි කඩුල්ලට අගනා ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. අලි ලකුණු 59 කින් දායකත්වය දෙද්දී බ්‍රෝඞ් ලකුණු 31 ක් රැස් කරමින් ඊට කදිම උත්පේ‍්‍රරකයක් සැපයුවේය. ඒ අනුව එංගලන්ත ඉනිම නිමාවට පත්වූයේ ඔස්ටේ‍්‍රලියාවට වඩා ලකුණු 145 ක වාසියක් ද සමගිනි.


පෙර ඔස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිමේ ප‍්‍රබලතම පිතිකරු යුගලය වූ කි‍්‍රස් රොජර්ස් සහ ස්ටීවන් ස්මිත් වේලාසනින්ම කී‍්‍රඩාගාරයට හරවා යැවීමට ද එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.


එක් අන්තයකින් පිතිකරුවන් දැවීයද්දී ඬේවිඞ් වෝනර් සිය සුපුරුදු ප‍්‍රහාරාත්මක පිතිහරඹයේ නිරතවෙමින් පන්දු 62 කින් ලකුණු 77 ක් රැස් කළේ බල බලා සිටියොත් කිසිවක්ම නැතිවන බැවිනි.


ඔස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිම වූව ද එය  ඔවුන්ගේ පළමු ඉනිමට දෙවැනි නොවූ එකකි. රොජර්ස් සහ ස්මිත්ගේ දැවීයාමෙන් පසුව යළි නැගී සිටීමට වෙර දරමින් සිටි මැදපෙළ පිතිකරුවන් බිමට සමතලා කොට දැමූ ස්ටීවන් ෆින් ඉනිම නිමාවීමටත් පෙර ඔහුගේ කඩුලූ 5 සම්පූර්ණ කොට තිබිණි.


 ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් පිලක් අළු බඳුන තරගයකදී සිය ඉනිම දෙකේදීම ලකුණු 100 ක් ලබාගැනීමට පොරතුව කඩුලූ 5 ක් අහිමි කරගත්තේ වසර 43 කට පසුවය. 1972 ලීඞ්ස් ටෙස්ට් තරගයේදීත් එවැන්නක් සිදුවී තිබිණ.


ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම – 136
(කි‍්‍රස් රොජර්ස් 52, ජේම්ස් ඇන්ඩර්සන් 47/6, කි‍්‍රස් බ්‍රෝඞ් 44/2,  ස්ටීවන් ෆින් 38/2)


එංගලන්තය පළමු ඉනිම – 281
(අලෙස්ටෙයාර් කුක් 34, ඉයන් බෙල් 53, ජෝ රූට් 63, මුයින් අලී 59, ස්ටුවර්ට් බ්‍රෝඞ් 31, ජොස් හේස්ල්වුඞ් 74/3, නේදන් ලයන් 36/3)


ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම – කඩුලූ 7ක් දැවී 168
(ඬේවිඞ් වෝනර් 77, පීටර් නෙවිල් නොදැවී 37, ස්ටීවන් ෆින් 45/5)

 

-077

 

බංග්ලාදේශයෙන් සටන්කාමී ආරම්භයක්

බංග්ලාදේශය සහ දකුණු අප‍්‍රිකාව අතර ඩකා හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම ක‍්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශය කඩුලූ 8 ක් දැවී ලකුණු 246 ක් ලබා සිටියේය.


කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහිදී පස්වැනි පන්දු  ඕවරයේ තුන්වැනි පන්දුවේදීම බංග්ලාදේශ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල්ව පිටියෙන් ඉවත් කළ ඬේල් ස්ටේන් 400 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගත්තේය.


ලොව අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකදී කඩුලූ 400 දවා ගත් පන්දු යවන්නා වන්නේ ලොව වැඩිම ටෙස්ට් කඩුලූ ලාභියා වන මුත්තයියා මුරලිදරන් වන අතර ඔහු සහභාගි වූ 72 වැනි ටෙස්ට් තරගයේදී එම දස්කම සම්පූර්න කිරීමට මුරලිදරන් සමත් විය.


ඬේල් ස්ටේන් වේගවත්ම කඩුලූ 400 දවා ගත් පන්දු යවන්නන් අතර දෙවැනි තැනට පත්වූයේ  ශ‍්‍රීමත් රිචඞ් හැඞ්ලි සමග සමතැනට පත්වෙමිනි. ඔවුන් දෙදෙනාම 80 වැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් කඩුලූ 400 කඩයිම පසුකර ගියේය.


ලොව ටෙස්ට් කඩුලූ 400 ක් දවාගත් 13 වැනි පන්දු යවන්නා වශයෙන් ඬේල් ස්ටේන් ඉතිහාස ගත වෙද්දී එම දස්කම කළ දෙවැනි දකුණු අප‍්‍රිකානු පන්දු යවන්නා බවටද ඔහු පත්විය. ඬේල් ස්ටේන්ට පෙර කඩුලූ 400 ක් දවාගත් දකුණු අප‍්‍රිකානු පන්දු යවන්නා වූයේ ෂෝන් පොලොක්ය. ඔහු ටෙස්ට් ක‍්‍රීඩාවෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 108 කදී කඩුලූ 421 ක් දවා ගෙන තිබුණි.


ඬේල් ස්ටේන් සිය 400 වැනි ටෙස්ට් කඩුල්ල තමා සහභාගි වූ 80 වැනි ටෙස්ට් තරගයේදී දවා ගැනීමත් සමග ලොව හොඳම පන්දු යැවීමේ සාමාන්‍යක් සහිතව කඩුලූ 400 සීමාව ලබාගත් ලොව සිව්වැනි පන්දු යවන්නා බවටද පත්විය.


ස්ටේන්ගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 22.48 ක් ලෙස සටහන් වේ. ඔහුට ඉදිරියෙන් හොඳම සාමාන්‍යක් සහිතව කඩුලූ 400 දවා ගත් පන්දු යවන්නන් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩක කර්ට්ලි ඇම්බ්‍රොස් (20.99), ඔස්ටේ‍්‍රලියාවේ ග්ලෙන් මැක්ග‍්‍රාත් (21.64) සහ නවසීලන්තයේ ශ‍්‍රීමත් රිචඞ් හැඞ්ලි (22.29) යන පන්දු යවන්නෝ වෙති. එම ලැයිස්තුවේ පස්වැනි තැන පසුවන මුරලිදරන් සිය කඩුලූ 400 දවා ගැනීමේදී කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 22.72 ක් ලෙස සටහන් කරගෙන තිබේ.


බංග්ලාදේශ පිතිකරුවන්ව පාලනය කළ ඬේල් ස්ටේන් සහ ජේ.පී ඩුමිනි දෙදෙනා එකතුව කඩුලූ හයක් දවා ගන්නා අතරවාරයේ ලබා දී තිබුණේ ලකුණු 57 ක් පමණි.


පළමු ටෙස්ට් තරගයේදී බංග්ලාදේශ මුල් පෙළේ පිතිකරුවෝ සිව්දෙනෙක් අර්ධ ශතක ලබා ගත්තද මෙම තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූයේ නායක මුස්ෆිකුර් රහීම් (65) පමණි. රහීම් 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා පස්වැනි කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 125 කදී හතරේ පහර හතක් සිය ඉනිමට අන්තර්ගත කර තිබුණි.


බංග්ලාදේශය – පළමු ඉනිම ඕවර 88.1 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 246

(ඉම්රුල් කේයිස් 30, මොමිනුල් හක් 40, මහමුදුල්හා 35, මුස්ෆිකුර් රහීම් 65, සකීබ් අල් හසන් 35, ඬේල් ස්ටේන් 30/3, ජේපී ඩුමිනි 27/3)


-033

 

පාකිස්තානයට ලකුණු 29 ක පහසු ජයක්

සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී ලකුණු 29 ක පහසු ජයක් ලබාගැනීමට පාකිස්තානය අද (30 වැනිදා) සමත් විය. මෙම තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්විණ.

 


ලකුණු 176 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා පිලට  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 146 ක් පමණි.

 


මිලින්ද සිරිවර්ධන නැවතත් අවස්ථානුකූල ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 18 කින් ලකුණු 35 ක් ලකුණු පුවරුවට එකතු කළේය. මිලින්දගේ ඉනිම හතරේ පහර 3 කින් සහ හයේ පහර 2 කින් වර්ණවත් වෙද්දී පාකිස්තානු පිල සසළ වූ බව පෙනුණි.


චාමර කපුගෙදර පන්දු 16 කදී හතරේ පහරක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 31 ක් රැස්කළ අතර අනෙක් අන්තයෙන් කපුගෙදරට සහය දැක්වීමට පිතිරුවකු සිටීයේ නම් පරාජය මීට වඩා තුනී කර ගැනීමේ අවස්ථාව තිබුණි.


සිය මංගල අන්තර්ජාතික තරගයට සහභාගි වූ ධනංජය ද සිල්වා පන්දු 32 කදී ලකුණු 31 ක් රැුස්කරමින් ශී‍්‍ර ලංකා පිල ජයමාවතට ගැනීමට බලවත් උත්සාහයක් ගත්තේය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 23 ක් ලබා 10 වැනි  ඕවරයේ අවසන් පන්දුවේදී දැවී යෑමත් සමග ලකුණු 55 කට කඩුලූ 4 ක් බවට පත්විය.


ශ‍්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් වූ කුසල් පෙරේරා (04) සහ තිලකරත්න ඩිල්ෂාන් (06) දෙවැනි  ඕවරයේ පස්වැනි පන්දුවේදී මුඵ ලකුණු සංඛ්‍යාව 13 ක්ව තිබියදී පිටියෙන් ඉවත් කරමින් පාකිස්තානය ජයග‍්‍රහණයට මුල පිරුවේය.


ෂොයිබ් මලික් පන්දු 31 කදී හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 46 ක් රැස්කරමින් පාකිස්තානු ඉනිම සාර්ථකව අවසන් කළේය.


අවසන්  ඕවරය යැවූ බිනුර ප‍්‍රනාන්දු ෂොයිබ් මලික් (46) පන්දු යවන්නාගේ අන්තයෙන් දුවද්දී දවා ගැනීමට හසුකර ගත්ත ද ශ‍්‍රී ලංකා විනිසුරු රැුන්මෝ මාටිනස් එය තෙවැනි විනිසුරුට යොමු නොකළේය. ඒ පිළිබදව තිලකරත්න ඩිල්ෂාන් විනිසුරුවරයාගෙන් විමසා සිටි ආකාරය දැකගත හැකි විය.


උමාර් අක්මාල් පන්දු 24 කදී හතරේ සහ හයේ පහර 3 බැගින් ඇතුළත් කරමින් ලකුණු 46 ක් රැස්කිරීමට සමත් විය. ෂොයිබ් මලික් සහ උමාර් අක්මාල් පන්දු 45 කදී සිව්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 81 ක සම්බන්ධතාව නිසා පාකිස්තානයට ලකුණු 175 ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාගත හැකිවිය.


තිසර පෙරේරා සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 30 කට කඩුලූ දෙකක් දවා ගැනීමට සමත් විය. බිනුර ප‍්‍රනාන්දු යැවූ ඉනිමේ 16 වැනි  ඕවරයට උමාර් අක්මාල් ගැසූ හයේ පහර දෙකක් සමගින් ලකුණු 17 ක් එක්වීමෙන් පාකිස්තානු පිලට ප‍්‍රබල තත්ත්වයකට ඒමට මග විවර කර ගත්තේය.


අහමඞ් ශෙෂාඞ් පන්දු 38 කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 46 ක් රැස් කළේය.

 

ශෙෂාඞ් ලකුණු 34 ක් ලබා සිටියදී තිසර පෙරේරා යැවූ ඉනිමේ 10 වැනි  ඕවරයේ අවසන් පන්දුවට ලෝන්  ඕෆ්හි පන්දු රකිමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් රැකගත් උඩ පන්දුව බිම පතිතවූ බවට පුනරූපන මගින් සනාථ වීමෙන් කඩුල්ල රැදී සිටීමේ අවස්ථාව උදාවිය.  


ප‍්‍රවේගකාරී පිතිකරු මොහොමඞ් හෆීෂ් පන්දු 14 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 17 ක් ලබා සිටියදී තිසර පෙරේරාගේ පන්දුවකට ඉහළින් පහර ගැසීමට යෑමෙන් දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.


අහමඞ් ශෙෂාඞ් සහ මොහොමඞ් හෆීස් දෙවැනි කඩුල්ලට පන්දු 33 කදී ලකුණු 42 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.


පාකස්තානු පිලේ නායක සහිඞ් අෆ්රිඩි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.


මෙම තරගයේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මිලින්ද සිර්වර්ධන, ධනංජය ද සිල්වා, බිනුර ප‍්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩසේ විස්සයි20 ජාත්‍යන්තර වරම් හිමිකර ගත්හ. ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර සංචිතයට ඇතුළත්ව සිටිය ද අවසන් 11 දෙනාට ඇතුළත් නොවීම කැපී පෙනෙන සිද්ධියකි.


දෙරට අතර දෙවැනි සහ අවසන් විස්සයි20 තරගය අනිද්දා (01) ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

 

ලකුණු පුවරුව  

 

 
පාකිස්තානය  
මුක්තාර් අහමඞ් – ඇ. සහිඞ් අෆ්රිඩි ප. ඇන්ජලෝ මැතිව්ස්  2
අහමඞ් ශෙෂාඞ් – ඇ. ලසිත් මාලිංග ප. තිසර පෙරේරා 46
මොහොමඞ් හෆීෂ් – ඇ. කිත්රුවන් විතානගේ ප. තිසර පෙරේරා  17
ෂොයිබ් මලික් – නොදැවී  46
උමාර් අක්මාල් – ක. මූ. කළා ප. ලසිත් මාලිංග 46
සහිඞ් අෆ්රිඩි – ප. බිනුර ප‍්‍රනාන්දු 8
අනවර් අලී – නොදැවී 0
අතිරේක 10
එකතුව  ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී  175
 
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:   
ඉමාද් වසීම්, මොහොමඞ් ඉර්ෆාන්, මොහොමඞ් රිස්වාන්, සොහෙල් තන්වීර් 
   
කඩුලූ වැටීම:  
1-10(මුක්තාර් අහමඞ්), 2-52(මොහොමඞ් හෆීෂ්), 3-83(අහමඞ් ශෙෂාඞ්), 4-164(උමාර් අක්මාල්), 5-175(සහිඞ් අෆ්රිඩි)
   
පන්දු යැවීම:  
බිනුර ප‍්‍රනාන්දු: 4-0-38-1, ඇන්ජලෝ මැතිව්ස්: 4-0-33-1, ලසිත් මාලිංග: 4-0-46-1, ජෙෆ්රි වැන්ඩසේ: 4-0-25-0, තිසර පෙරේරා: 4-0-30-2   
   
ශ‍්‍රී ලංකාව  
කුසල් පෙරේරා – ඇ. සහිඞ් අෆ්රිඩි ප. අන්වර් අලී 4
තිලකරත්න ඩිල්ෂාන් – ඇ. මොහොමඞ් රිස්වාන් ප. සොහෙල් තන්වීර් 6
ධනංජය ද සිල්වා – ඇ. අහමඞ් ශෙෂාඞ් ප. ෂොයිබ් මලික් 31
කිත්රුවන් විතානගේ – ප. සොහෙල් තන්වීර් 1
ඇන්ජලෝ මැතිව්ස් – ප. ඉමාද් වසීම් 23
මිලින්ද සිරිවර්ධන – ඇ. අන්වර් අලී ප. සොහෙල් තන්වීර්  35
චාමර කපුගෙදර – නොදැවී  31
තිසර පෙරේරා – ඇ. මොහොමඞ් රිස්වාන් ප. අන්වර් අලී 2
බිනුර ප‍්‍රනාන්දු – නොදැවී 8
අතිරේක 5
එකතුව  ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී  146
   
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ලසිත් මාලිංග, ජෙෆ්රි වැන්ඩසේ 
   
කඩුලූ වැටීම:  
1-4(කුසල් පෙරේරා), 2-13(තිලකරත්න ඩිල්ෂාන්), 3-19(කිත්රුවන් විතානගේ), 4-55(ඇන්ජලෝ මැතිව්ස්), 5-92(ධනංජය ද සිල්වා), 6-116(මිලින්ද සිරිවර්ධන), 7-121(තිසර පෙරේරා) 

 

පන්දු යැවීම:

අන්වර් අලී: 4-0-27-2, සොහෙල් තන්වීර්: 4-0-29-3, මොහොමඞ් ඉර්ෆාන්: 4-0-25-0, සහිඞ් අෆ්රිඩි: 4-0-31-0, ඉමාද් වසීම්: 3-0-21-1, ෂොයිබ් මලික්: 1-0-9-1

 

තරගයේ වීරයා: සොහේල් තන්වීර්

බංග්ලාදේශ ඉහළ යාමේ උත්සාහයක


බංග්ලාදේශය සහ දකුණු අප‍්‍රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (30 දා) ඩකා හී පිහිටි ශ්‍රී බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය දෙරට අතර පැවැත්වෙන 10 වැනි ටෙස්ට් තරගය ලෙසද සටහන් වේ.


බංග්ලාදේශ නායක මුස්ෆිකුර් රහීම් පවසන්නේ මෙම තරගය ජය ගැනීම සඳහා තම කණ්ඩායම උපරිම ශක්තිය යොදවන බවයි.


‘‘අපි අවසන් ටෙස්ට් තරගයේදී පෙන්නුවා හොඳින් පස්දින තරග ක‍්‍රීඩා කරන්න පුලූවන් කියලා. අපි ක‍්‍රීඩා කරන්නෙ ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම සමග. නමුත් දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ කඩුලූ විස්සක් දවා ගන්න පුලූවන් පන්දු යවන්නන් අපිට ඉන්නවා. අපි බලන්නෙ ටෙස්ට් ශ්‍රේණියේ අට වැනි ස්ථානයට පත් වෙන්න. කොහොම හරි මේ තරගය අපිට ජය ගන්න පුලූවන් වුණොත් ශ්‍රේණියේ ඉහළ යන්න ලකුණු ටිකක් ලබා ගන්න පුලූවන්.

 

අපි හොඳ මානසිකත්වයකින් තමයි මේ තරගයට සහභාගි වන්නේ.’’ යනුවෙන් බංග්ලාදේශ නායකයා පවසයි.


මෙවර තරගාවලියේ දෙරට අතර චිතගොං නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගය අයහපත් කාලගුණය හේතුවෙන් විසඳුමකින් තොරව නිමා විය. ටෙස්ට් තරගාවලියේ ජය ගැනීමට නම් මෙම තරගයේ ජය දෙපිලටම තීරණාත්මක සාධකයක් වී තිබේ.


වසර 2002 වසරේ සිට දෙරට අතර ඇරඹි ටෙස්ට් තරග ඉතිහාසයේ මෙතෙක් පැවැති තරගාවලි හතරම 2-0 ක් ලෙස ජය ගැනීමට දකුණු අප‍්‍රිකාව සමත් විය.


වසර හතකට පසුව බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලියකට සහභාගි වන දකුණු අප‍්‍රිකාව චිතගොං නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී පසුබෑමකට ලක්ව පළමු ඉනිමේදී බංග්ලාදේශයට වඩා පිටුපසින් සිටියේය. එය  බංග්ලාදේශය පළමු ඉනිමේදී දකුණු අප‍්‍රිකාව අභිබවා ගිය පළමු අවස්ථාව වූ අතර දෙරට අතර විසඳුමකින් තොරව නිමා වු පළමු ටෙස්ට් තරගයද එය විය.


දෙවැනි ඉනිමේදී දකුණු අපි‍්‍රකානුවන් නැවතත් දස්කම් අතරට අවතීර්ණ වූ නමුත් වර්ෂාව හේතුවෙන් තරගය අතරමග අතහැර දමන්නට සිදුවිය.


මීට පෙර බංග්ලාදේශය සමග බංග්ලාදේශයේදී සහභාගි වූ සෑම තරගාවලියක්ම ජය ගෙන සිටි දකුණු අප‍්‍රිකාව මෙවර පැවැති විස්සයි විස්ස තරගාවලිය 2-0 ක් ලෙස ජය ගත්තද එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පරාජය වීම හේතුවෙන් හෙට ඇරඹෙන ටෙස්ට් තරගය ජයගෙන ගෞරවය රැුක ගැනීමට දැඩි සටනක නිරත වනු ඇත.


ශ්රීආ බංග්ලා කී‍්‍රඩාංගණයේදී බංග්ලාදේශය සහභාගි වන 14 වැනි ටෙස්ට් තරගය මෙය වන අතර එහිදී ජය ගැනීමට සමත්ව ඇත්තේ එක් ටෙස්ට් තරගයක් පමණි. ඒ පසුගිය 2014 වසරේ සිම්බාබ්වේ කණ්ඩායම පරදා කඩුලූ 3 ක ජයක් ලබමිනි. දකුණු අප‍්‍රිකාව 2008 වසරේදී මෙම ක‍්‍රීඩාංගණයේදී බංග්ලාදේශය පරදා කඩුලූ පහක ජයක් ලැබීමට සමත්ව තිබේ.


දකුණු අප‍්‍රිකානු නායක හසීම් අම්ලා පවසන්නේ තම කණ්ඩායමේ සිටි ප‍්‍රබල ක‍්‍රීඩකයන් තිදෙනකු නොමැතිව ටෙස්ට් තරගවලට සහභාගි වීම නිසා දකුණු අප‍්‍රිකානු ටෙස්ට් කණ්ඩායමට අලූත් මුහුණු කිහිපයක් එක්ව තිබෙන බවයි.


‘‘අපේ හිටපු ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයන් වන ගේ‍්‍රම් ස්මිත්, ජැක් කලීස් සහ ඇල්විරෝ පීටර්සන් නොමැතිව තමයි අපිට දැන් ටෙස්ට් තරගවලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන්නෙ. කොහොම හරි අපි පසුගිය කාලයේ හොඳින් ටෙස්ට් තරවලදී ක‍්‍රීඩා කළා. මගේ නායකත්වය යටතේ  පළමු ටෙස්ට් තරවලිය ජය ගත්තේ ශ‍්‍රී ලංකාවට එරෙහිවයි. මීට වඩා ගොඩක් වෙනස් තැනක තමයි ඒ ටෙස්ට් තරගාවලිය ජය ගත්තේ.’’


අවසන් වසර අටක නවයක සිට දකුණු අප‍්‍රිකාව නිතරම ජයග‍්‍රාහී මට්ටමේ තබා ගත්තු ක‍්‍රීඩකයන් වත්මන් කණ්ඩායමේ නොසිටියත් දැන් ඉන්න ක‍්‍රීඩකයන්ටත් එම ජයග‍්‍රාහී ගමන දිගින් දිගටම පවත්වා ගන්න හැකි වෙතැයි තමා විශ්වාස කරන බවද දකුණු අප‍්‍රිකානු නායකයා වැඩිදුරටත් පැවසීය.


බංග්ලාදේශ කණ්ඩායම


ටමීම් ඉක්බාල්, ඉම්රුල් කේයිස්, මොමිනුල් හක්, මුස්ෆිකුර් රහීම් (නායක), සකීබ් අල් හසන්, මහමුදුල්හා, ලෙට්ටන් ඩෑෂ්, තයිජුල් ඉස්ලාම්, ජුබායිර් හොසේන්, මොහොමඞ් ෂෙහිඞ්, මුස්ටාෆිවුර් රහමන්


දකුණු අප‍්‍රිකානු කණ්ඩායම


ස්ටේන් වැන් ෂිල්, ඞීන් එල්ගා, ෆෆ් ඩු ප්ලෙසි, හසීම් අම්ලා (නායක), ජේපී ඩුමිනි, ටෙම්බා බවුමා. ඩැනී විලාස්, වර්නන් ෆිලැන්ඩර්, සයිමන් හාමර්, ඬේල් ස්ටේන් සහ මොර්න් මෝර්කල්