‘රෙඞ් බුල්’ සරසවි කි‍්‍රකට් තරග ඇරඹෙයි

උසස් අධ්‍යාපන ආයතන කි‍්‍රකට් කණ්ඩායම් අතර වාර්ෂිකව පැවැත්වෙන ‘රෙඞ් බුල්’ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 8 ක් තේරී සිටිති.

 

මේ වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ‘රෙඞ්බුල් කැම්පස් ක‍්‍රිකට්’ ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන ශ‍්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැත්වෙන දේශීය තරගාවලියේ පළමු වටයේ තරග පසුගියදා කොළඹ තර්ස්ටන් විදුහල් පිටියේදී පැවැත්විණි.

 

කාලගුණයෙන් බාධා පැමිණීම නිසා ඒ. එන්. සී. පිල සහ එන්. එස්. බී. එම්. කණ්ඩායම් අතර තරගය පසුවට කල්දමන ලද අතර මෙම තරගාවලියේ පසුගිය වසරේ ශී‍්‍ර ලංකා ශුරයන් වන අයි. සී. බී. ටී. සහ පසුගිය වසරේ අනුශුරයන් වන ආර්. අයි. සී. පිල සෘජුවම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

 

අර්ධ අවසන් පූර්ව වටයේ තරග සැප්තැම්බර් මස 05 හා 06 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

 

මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකා ශූරතාව දිනාගන්නා කණ්ඩායම ලබන ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වෙන රෙඞ් බුල් ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් වීම සඳහා සුදුසුකම් ලබනු ඇත. සිවුවැනි වරටත් පැවැත්වෙන මෙම ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අපි‍්‍රකාව, ශී‍්‍ර ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල උසස් අධ්‍යාපන ආයතන වලින් කණ්ඩායම් ඉදිරිපත් කෙරේ.


සම්පූර්ණ තරගාවලිය සඳහා මෙම රටවලින් ඉදිරිපත් වන උසස් අධ්‍යාපන ආයතන කණ්ඩායම් සංඛයාව 200 ඉක්මවයි.

 


පෙර අර්ධ අවසන් වටයේ තරග ප‍්‍රතිඵල

  • ඒ. සී. බී. ටී. කණ්ඩායම විසින් සිනෙක් කණ්ඩායම ලකුණු 57 කින් පරාජය කරන ලදි.
  • අයි. අයි. එච්. ඊ. කණ්ඩායම විසින් ඒ. පී. අයි. අයි. ටී. කණ්ඩායම ලකුණු 13 කින පරාජය කරන ලදි.
  • කේ. ඞී. යූ. කණ්ඩායම විසින් ඔස්ටන් කණ්ඩායම ලකුණු 19 කින් පරාජය කරන ලදි.
  • එස්. එල්. අයි. අයි. ටී. කණ්ඩායම විසින් වී. එච්. ඊ. කණ්ඩායම කඩුලූ 4 කින් පරාජය කරන ලදි.
  • බී. එම්. එස්. කණ්ඩායම විසින් අයි. අයි. ටී. පිල කඩුලූ 6 කින් පරාජය කරන ලදි.

නවසීලන්තය ධෛර්යවත් සටනක


එංගලන්තය සහ නවසීලන්තය අතර ලීඞ්ස් හී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ සෙනසුරාදා (30 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම ක‍්‍රීඩා කරන එංගලන්තය කඩුලූ 05 ක් දැවී ලකුණු 253 ක් ලබා සිටියේය. ඒ අනූව නවසීලන්ත පළමු ඉනිම පසුකර යෑමට එංගලන්තය තවත් ලකුණු 97 ක් ලබා ගත යුතුවේ.

 

දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ එංගලන්ත ආරම්භක පිතිකරු ඇඩම් ලෙත් නවසීලන්ත පිල දැඩි වෙහෙසකට පත් කිරීමට සමත් විය. 27 හැවිරිදි වමත් පිතිකරුවකු වන ඇඩම් ලෙත් නොතිබූ ලකුණක් ලබාගැනීමට යාමේදී ටේ‍්‍රන්ට් බෝල්ට් විසින් පන්දුව අහුලා කඩුලූ රකින ක‍්‍රීඩක ලූක් රොන්කිට යොමු කිරීමෙන් දුවද්දී දැවී යන විට ඔහු පන්දු 212 කදී හතරේ පහර 15 ක් සමග ලකුණු 107 ක් ලබා සිටියේය.

 

යෝක්ෂයර් ප‍්‍රාන්තය නියෝජනය කරන ඇඩම් ලෙත් පළමු කඩුල්ල සඳහා නායක ඇලිස්ටෙයාර් කුක් සමග පන්දු 354 කදී ලකුණු 177 ක සබඳතාවක් පිහිටුවීමට සමත් විය. එම සබඳතාව නවසීලන්තයට එරෙහිව එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනකු පිහිටවූ සිව්වැනි හොඳම සබඳතාව වේ.

 

නායක ඇලිස්ටෙයාර් කුක් මිනිත්තු 226 ක් කඩුල්ල රැක ගන්නා අතරවාරයේ පන්දු 187 කදී හතරේ පහර 12 ක් සමග ලකුණු 75 ක් ලබා සිටියදී මාර්ක් ක්‍රෙග්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමට වරදට හසුව පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. එය ඇලිස්ටෙයාර් කුක් ලබාගත් 28 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙස සටහන් වද්දී එංගලන්ත ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා ලෙසද ඔහු පෙරමුණ ගත්තේය.

 

ඇලිස්ටෙයාර් කුක් විසින් බිද දමනු ලැබුවේ ටෙස්ට් තරග 118 කදී ශතක 20 ක් සමග ලකුණු 8900 ක් එකතු කරගෙන සිටි  ග‍්‍රැහැම් ගුච්ගේ වාර්තාවයි.

 

ඇලිස්ටෙයාර් කුක් මේ වන විට ශතක 27 ක් සමග ලකුණු 8944 ක් ලබා ගෙන තිබේ. එහි සාමාන්‍ය 46.82 ක් ලෙස සටහන් වේ.

 

නවසීලන්ත පිලට වඩා මන්දගාමී ලකුණු ලබා ගැනීමක නිරත වූ එංගලන්ත පිල  ඕවර 72 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 215 ක් ලබා සිටියේය. එහෙත් නවසීලන්තය  ඕවර 72 ක් අවසනදී කඩුලූ 9 ක් දැවී ලකුණු 350 ක් ලබා සිටියේය.


 
තරගයේ පළමු දිනය නිමා වන විට කඩුලූ 8කට ලකුණු 297 ක් ලබා සිටි නවසීලන්ත පිලේ අවසන් පිතිකරුවෝ දෙදෙනා දෙවැනි දිනයේදී තවත් ලකුණු 53 ක් ලබා ගැනීමට සමත් වූහ. නවසීලන්යේ නව වැනි කඩුල්ල ලකුණු 310 දී දැවී ගියද අවසන් කඩුල්ලට ලකුණු 43 ක සබඳතාවක් එක් කිරීමට මාර්ක් ක්‍රෙග් සහ ටේ‍්‍රන්ට් බෝල්ට් දෙදෙනා සමත් වූහ. එහිදී ඉනිම නිමා වන තෙක් නොදැවී සිටි මාර්ක් ක්‍රෙග් මිනිත්තු 75 කදී පන්දු 63 කට මුහුණදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමග ලකුණු 41 ක් ලබා ගත්තේය.

 

 

නවසීලන්තය පළමු ඉනිම – ඕවර 72.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 350 යි.
(ටොම් ලෙතම් 84, රෝස් ටේලර් 20, බ්‍රෙන්ඩන් මැකලම් 41, ලූක් රොන්කි 88, මාර්ක් ක්‍රෙග් නොදැවී 41,  ජේම්ස් ඇන්ඩසන් 43/2 , ස්ටුවර්ට් බ්‍රෝඞ් 109/5, බෙන් ස්ටෝක්ස්  71/1, මාර්ක් වුඞ් 62/2 යි.)

 

එංගලන්තය පළමු ඉනිම – ඕවර 88 කදී කඩුලූ 05 ට ලකුණු 253 යි.
(ඇඩම් ලෙත් 107, ඇලිස්ටෙයාර් කුක් 75,  ගැරී බැලන්ස් 29, ටේ‍්‍රන්ට් බෝල්ට් 63/2,  ටිමි සවුති 62/1, මාර්ක් ක්‍රෙග් 38/1 යි.)

 

ෂේන් වෝන්

”ඔහු තරමක් සැරයි. හැබැයි හොඳයි”
”කණ්ඩායමෙන් ගන්න  ඕන දේ ඔහු හරියටම ගනීවි. ශ‍්‍රී ලංකා පිලේ පුහුණුකරුවා ලෙස ඔහු එම කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරගයට ගෙන ගියා. ඔහු එය විශිෂ්ට ලෙස ඉටු කළා. ඒ වගේම ක‍්‍රීඩාව ගැන වෙනස් දෘෂ්ඨිකෝණයකින් බලන, එංගලන්තයෙන් පිට කෙනෙක්ව තෝරාගැනීම ඔවුන්ගේ කණ්ඩායමට සුබවාදී එකක් වේවි”

 


- එංගලන්ත පිලේ පුහුණුකරු තනතුර සඳහා ටෙ‍්‍රවර් බේලිස් මහතා තෝරා ගැනීම සම්බන්ධයෙනි

බේලිස්ට ඕස්ටේ‍්‍රලියාවෙන් සහතික පිට සහතික


අළුබඳුන තරගාවලිය අත ළඟ තිබියදී එංගලන්ත පිලට ඔස්ටේ‍්‍රලියානු පුහුණුකරුවකු පත් කරගැනීම සම්බන්ධයෙන් දැන් විවිධ මත පළවන්නට පටන්ගෙන තිබේ. ජාතිකත්වයට වඩා ක‍්‍රිකට් දර්ශනයට අනුව යමින් මේ තෝරාගැනීමට කළ බව එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂ ඇන්ඩෲ ස්ට්‍රෝස් මහතා ඉතා පැහැදිලිව කියා සිටියේය.

 

තමා යොවුන් ටෙස්ට් පිතිකරුවකු ලෙසින් සිටියදී කි‍්‍රකට් ක‍්‍රීඩාවේ විශිෂ්ට දියුණුවක් අත්කරගැනීම සඳහා සැළකිය යුතු දායකත්වයක් ලබාදුන් හිටපු පුහුණුකරුවකු වන ඩන්කන් ෆ්ලෙචර්ගේ ප‍්‍රතිරූපය බේලිස් මහතා තුළින් දකින බව ඇන්ඩෲ ස්ට්‍රෝස් මහතා කීවේය. එංගලන්ත පිලේ පුහුණුකරු ලෙස 1999 දී පත්වන විට ෆ්ලෙචර් මහතා 51 වන වියේ පසුවිය. නව පුහුණුකරු ටෙ‍්‍රවර් බේලිස් මහතා දැන් පසුවන්නේ 52 වියේය.

 

බේලිස් මහතා ගැන හොඳින්ම දන්නා ඔස්ටේ‍්‍රලියානුවන් කියන්නේ ඔහු බීර බොමින්, තොරතෝංචියක් නැතිව ක‍්‍රිකට් ගැන කතා කරනවා වගේම ස්වයං තීරණ ගැනීමට ක‍්‍රීඩකයන්ට ඉඩදීමෙන් ඔවුන්ගේ හොඳම දස්කම් මතු කරගැනීමට හැකිවන බව විශ්වාස කරන ජාතියේ මිනිසකු කියාය. ඇන්ඩෲ ස්ට්‍රෝස් මහතාට අවශ්‍ය වී තිබුණේ ද ඔය  ටිකමය.

 

මේ සියල්ල අතර බේලිස් මහතා ගැන හොඳම සහතිකය දුන්නේ හිටපු ක‍්‍රීඩක ෂේන් වෝන්ය.

 

”ඔහු තරමක් සැරයි. හැබැයි හොඳයි”
”කණ්ඩායමෙන් ගන්න  ඕන දේ ඔහු හරියටම ගනීවි. ශ‍්‍රී ලංකා පිලේ පුහුණුකරුවා ලෙස ඔහු එම කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරගයට ගෙන ගියා. ඔහු එය විශිෂ්ට ලෙස ඉටු කළා. ඒ වගේම ක‍්‍රීඩාව ගැන වෙනස් දෘෂ්ඨිකෝණයකින් බලන, එංගලන්තයෙන් පිට කෙනෙක්ව තෝරාගැනීම ඔවුන්ගේ කණ්ඩායමට සුබවාදී එකක් වේවි” යයි ෂේන් වෝන් මහතා කියා තිබිණ.

 

බේලිස් මහතාගේ ක‍්‍රමය නිතරම තිතට වැඩ කළ එකකි.
ඔහු පුහුණුකරු ලෙස කටයුතු කළ වැඩි අවස්ථා ගණනකදී අදාළ කණ්ඩායම ජයග‍්‍රහණයේ මුදුනටම යාමට සමත්විය. ඔහු නිවුසවුත් වේල්ස් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළ 2004 හා 2014 දෙවතාවේදීම එම කණ්ඩායම ෂෙෆීල්ඞ් පළිහ දිනාගත්තේය.

 

කල්කටා නයිට් රයිඩර්ස් පිල දෙවරක් අයි. පී. එල්. ශූරතාව අත්කර ගත්තේ ඔහුගේ පුහුණුකාරීත්වය යටතේය. එමෙන්ම 2012 බිග් බෑෂ් කුසලානය  සිඞ්නි සික්සර්ස් පිල දිනාගත්තේද බේලිස් මහතා පුහුණුකරුවාව සිටියදීය.
 


ශ‍්‍රී ලංකා කණ්ඩායම 2011 ලෝක කුසලාන තරගමාලාවේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබද්දී කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේද ඔහුය. පසුගිය වසරේ ඔස්ටේ‍්‍රිලියානු පිලේ නිත්‍ය පුහුණුකරු ඩැරන් ලීමන් කෙටි විවේකයක් ලබා කණ්ඩායමෙන් ඈත්ව සිටිද්දී ඔහුගේ ස්ථානයේ තාවකාලිකව කටයුතු කළ බේලිස් දකුණු අප‍්‍රිකාව සමග පැවැති විස්සයි20 තරගාවලියේ ශූරතාව දක්වා කණ්ඩායම රැුගෙන යාමට සමත්විය. ඔහු සිය කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීමේ දී ඇන්ඩෲ ස්ට්‍රෝස් මහතා මේ සියලූ කාරණා කාරණා ගැන සැළකිලිමත් වී ඇති බවක් පෙනේ. බේලිස්ගේ සුදුසුකම් පත‍්‍රය වෙත ඇන්ඩෲ ස්ට්‍රෝස් මහතාගේ සිත ඇදී ගියේ එක්දින තරග අංශයේ ඔහුගේ සතු මේ විශිෂ්ට වාර්තාවටය.

 

කොහොමවුණත් බේලිස් මහතා එංගලන්ත පිලේ පාලනය සියතට ගැනීමට නියමිතව ඇත්තේ නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගමාලාව නිමාවට පත්වීමෙන් පසුවය. එතෙක් කණ්ඩායමේ වැඩි බරක් ඉසිලීමට සහය පුහුණුකරු පෝල් ෆාබ්‍රේස්ට සිදුවනු ඇත. ඔස්ටේ‍්‍රලියානු පුහුණුකරුගේ සේවා කාලයේ පළමු ඉලක්කය වී ඇත්තේ අළුබඳුන ටෙස්ට් තරගමාලාවයි. ඒ කියන්නේ ඔහුගේ මුල්ම කාර්යභාරය ඔහුගේම රට පරාජයට පත්කිරීමය.

 

ලබන මස මුල් භාගයේ දී එංගලන්තයට පැමිණි වහාම ඔහු නායක ඇලිස්ටෙයාර් කුක් සමග එක්ව අළුබඳුන ටෙස්ට් තරගමාලාව ජයගැනීමේ ක‍්‍රමවේදයක් පිළිබඳව කල්පනා කරනු ඇත. ඒ සම්බන්ධයෙන් කරමින් ඔස්ටේ‍්‍රලියානු පිලේ පුහුණුකරු ඩැරන් ලීමන් මහතා පැවැසුවේ බේලිස් මහතා එංගලන්ත පිලේ පුහුණුකරු ධූරය බාර ගැනීම නිසා ‘අළුබඳුන’ තරගමාලාව ඉතා තියුණු සටනක් විය හැකි බවයි.

 

මෙහිදී වඩාත් සැලකිල්ලට ලක්කළ යුතු කාරණය වන්නේ ‘අළුබඳුන’ තරගමාලාවට එක්වනු ඇතැයි සැලකෙන ඔස්ටේ‍්‍රලියානු පිලේ ක‍්‍රීඩකයන් 9 ක්ම නිවුසවුත් වේල්ස්  ප‍්‍රාන්ත පිලේ බේලිස් යටතේ ක‍්‍රීඩා කළ අය වීමයි. මීට අමතරව ෂේන් වොට්සන් ද බේලිස් මහතා යටතේ දකුණු අප‍්‍රිකාව සමග පැවැති විස්සයි20 තරගාවලියට එක්වී සිටියේය.

 

අළු බඳුන තරගාවලියේ පළමු තරගය ලබන ජූලි මස 8 වැනිදා කාඩිෆ් නුවරදී ආරම්භ කෙරෙන අතර එංගලන්ත පිල ඒ සඳහා නිසි පරිදි සූදානම් කිරීමට බේලිස් මහතාට ඇති තරම් කාලය තිබේ.

 

 

වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා චරිත් අසලංක


 

පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවූ ‘සිංගර්’ කුසලාන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ (2014/15) ‘සිංගර් පාසල් ක‍්‍රිකට් සම්මාන 2015’ ජයසංකේත ප‍්‍රදානෝත්සවයේ ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චරිත් අසලංක ශූරතා දෙකක් දිනා ගැනීමට සමත් විය.

 

චරිත් ‘වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා’ සහ දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩක යන සම්මාන දෙක දිනා ගත්තේය.

 

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අවිෂ්ක ප‍්‍රනාන්දු ‘වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා’ අනු ශූරතාව සහ දක්‍ෂතම පිතිකරු යන සම්මාන දෙකම දිනා ගත්තේය. මහනුවර ත‍්‍රිත්ව විදුහල ලීග් තරගාවලියේ ශූරතාව දිනාගත් අතර අනුශූරතාව කොළඹ තර්ස්ටන් විදුහලට හිමිවිය.

 

කොළඹ ඩිලාසාල් විදුහල පසුගිය වසරේ නැගී එන පාසල් කණ්ඩායම ලෙස සම්මාන හිමිකර ගත්තේය.

 

සම්මාන උළෙලට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලෝක ශූර ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ද, විශේෂ ආරාධිත අමුත්තා ලෙස ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි යන මහත්වරු සහභාගි වූහ.

 


පළමු කොටසේ විශේෂ සම්මාන

වසරේ පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා
ශූරතාව – චරිත් අසලංක (ගාල්ල රිච්මන්ඞ් විදුහල), අනුශූරතාව – අවිෂ්ක ප‍්‍රනාන්දු (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල)

 

දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා
ශූරතාව – චරිත් අසලංක (ගාල්ල රිච්මන්ඞ් විදුහල), අනුශූරතාව – සචින්ත පීරිස් (කුරුණෑගල මලියදේව විදුහල)

 

දක්‍ෂතම පිතිකරු
ශූරතාව – අවිෂ්ක ප‍්‍රනාන්දු (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල), අනුශූරතාව – අකිල් ඉන්හම් (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල)

 

දක්‍ෂතම පන්දු යවන්නා
ශූරතාව – දිලීප ආකාෂ් (කඳාන මැසිනොද් විදුහල), අනුශූරතාව – තරිඳු රත්නායක (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල)

 

දක්‍ෂතම පන්දු රකින්නා
ශූරතාව – කවිඳු රත්නායක (මහනුවර ධර්මරාජ විදුහල), අනුශූරතාව – ජම්මික ධරණ (කොළඹ ලූම්බිණි විදුහල)

 

සීමිත  ඕවර අවසන් තරගයේ විරයා: සමූ අෂාන් (කොළඹ ආනන්ද විදුහල)
විස්සයි20 අවසන් තරගයේ විරයා: තුළිණ ඩිල්ෂාන් (කොටහේන ශාන්ත බෙනඩික් විදුහල)

 

පළමු කොටසේ ලීග් තරගාවලිය
ශූරතාව – මහනුවර ත‍්‍රිත්ව විදුහල, අනුශූරතාව – කොළඹ තර්ස්ටන් විදුහල, තෙවැනි ස්ථානය – කොළඹ ලූම්බිණි විදුහල, සිවුවැනි ස්ථානය – මීගමුව ශාන්ත පීතර විදුහල සහ පස්වැනි ස්ථානය – ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල

 

සීමිත ඕවර තරගාවලිය
ශූරතාව – කොළඹ ඞී. එස්. සේනානායක විදුහල, අනුශූරතාව – කොළඹ ආනන්ද විදුහල

 

විස්සයි20 තරගාවලිය
ශූරතාව – කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, අනුශූරතාව – බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ තෙවැනි ස්ථානය – ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල

 

වසරේ නැගී එන කණ්ඩායම – කොළඹ ඩිලාසාල් විදුහල  

 


 

 

 

 

 

 

 

 

 


ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතා අතින් දක්‍ෂතම පිතිකරු ශූරතාව අවිෂ්ක ප‍්‍රනාන්දු කුසලාන ලබාගත් අවස්ථාව.

 

 

 

 

 

 

 

 

 

 

 

ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතා අතින් දක්‍ෂතම පන්දු රකින්නා ශූරතාව කාවින්ද රත්නායක කුසලාන ලබාගත් අවස්ථාව.

 

ඡායාරූප: ශාන්ත රත්නායක

අර්ජුන රණතුංග

”අපි හරි වාසනාවන්තයි. අපිට ලැබුණ පුහුණුකරුවෝ සල්ලිවලට පුහුණු කරපු අය නොවෙයි. ලයනල් මෙන්ඩිස් මහත්තා මගේ ගුරුවරයා. මෙන්ඩිස් සහෝදරයෝ, වෑන් සිල්වා මහත්තයා, ජේ. එස්. සිල්වා මහින්දේ මේවගේ පුහුණුකරුවො අපිට ක‍්‍රිකට් ක‍්‍රීඩාව පමණක් උගන්වන්න නොමෙයි හිටියේ. ඒ පුහුණුකරුවෝ හුගක් දේවල් ඉගැන්වුවා”

 

”මට මතකයි ලයනල් මෙන්ඩිස් සර් බැට්එක අරගෙන ඇවිදින්නේ කොහොමද කියලා අපට ඉගැන්වුවා. කෑම මේසෙ කෑම කන හැටි ඉගැන්වුවා…..මට ඉංග‍්‍රීසි කථා කරන්න බෑ ඒ දවස්වල වැරදුණාම එක හදලා ඒකත් ඉගැන්වුවා. පුහුණුකරුවා කියන්නේ පිත්තයි බෝලෙයි දක්‍ෂතාව කියලා දෙන කෙනෙක් නොවෙයි..එතනින් ඔබ්බට ගිය කෙනෙක්”

 

 


-  ‘සිංගර්’ පාසල් ක‍්‍රිකට් සම්මාන ප‍්‍රදානෝත්සවයේදී

කි‍්‍රකට් ව්‍යාපාරයක් වීම මා අනුමත කරන්නේ නෑ – අර්ජුන


ක‍්‍රිකට් ක‍්‍රීඩාව මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත් නොකර ගන්නා ලෙසත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ව්‍යාපාරයක් බවට පත්කිරීම කිසිවිටක අනුමත නොකරන බවත් 1996 ලෝක ශූර ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක සහ වර්තමාන වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා මහතා පැවසීය.

 

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පසුගියදා පැවැති ‘සිංගර් පාසල් ක‍්‍රිකට් සම්මාන ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් රණතුංග මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

 

”අපි ක‍්‍රිකට් ගහන කාලෙයි අද ක‍්‍රිකට්වලයි ලොකු වෙනසක් තියෙනවා. අද ක‍්‍රිකට් ක‍්‍රීඩාව ව්‍යාපාරයක් බවට පත්කරලා තියෙනවා. මම ඒකට කිසිදාක අතක් උස්සන කෙනෙක් නෙමෙයි”

 

”ක‍්‍රිකට් ක‍්‍රීඩාව කියන එක පසුගිය කාලේ ක‍්‍රීඩාවකට වඩා ඔබ්බට ගිහින් දේශපාලනීකරනය වෙලා මේ රටේ ජනප‍්‍රිය එහෙමත් නැත්නම් ආගම බදු ක‍්‍රීඩාව පේ‍්‍රක්‍ෂකයන්ගෙන් ඈත් වෙලා තියෙනවා. ඒකට ප‍්‍රධාන හේතුව වෙලා තියෙන්නේ පහුගිය කාලේ අපි ක‍්‍රිකට් ගෙනගිය පැත්ත හැරි නෑ”

 

”සිදත් වෙත්තමුණි මහත්තයා කිව්වේ 1975 මේ වගේම සම්මාන ලබාගත්තා කියලා. මමත් 1980 මේ වගේම බ්ලේසර් ඇදලා ටයි එකක් දාලා පාසල් ක‍්‍රීඩකයා හැටියට කුසලානයක් ගත්තා. ඒ කාලයේ ආනන්දෙ බ්ලේසර් පහක් නැත්නම් හයයි තිබුණෙ. අද සමහර කොළඹින් පිට පාසල් දරුවො දිහා බලන විට අපිට සතුටු වෙන්න පුළුවන්”

 

”මේ පුතාලට මම දෙන එකම උපදෙස තමයි කවදාවත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ව්‍යාපාරයක් කර ගන්න එපා. කවදාවත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සල්ලි හම්බකරන්න කරන්න එපා. මේ ක‍්‍රීඩාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්”

 

”මේක ජීවිතයට බලපාන දෙයක් බවට පත්කර ගන්න. අද ලෝකෙ උඩම තලයේ ඉන්න කෙනා හෙට දුර්වල වෙලා පහළටම වැටෙන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම ජය පරාජය දෙකම විදින්න ඉගෙන ගන්න ඕනේ. මේවගේ ක‍්‍රීඩාවක් ව්‍යාපාරයක් බවට පත්කිරීම මම නම් කිසිදවසක අනුමත කරන්නේ නෑ”


”අපේ ක‍්‍රිකට් සංස්කෘතියක් තිබුණා. පිට රටවලින් ඉගෙන ගත්තු ඒවා නෙවෙයි.

 

සතාසිවම් මහත්තයාලගේ, එස්. ඊ. ජී. සේරම්ලාගේ, මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන්, දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, සිදත් වෙත්මුණි, අරවින්ද ද සිල්වා මේ අපි හැමදෙනාටම ක‍්‍රිකට් ඉතිහාසයක් තිබුණා. ඒකේ ක‍්‍රිකට් සංස්කෘතියක් තිබුණා. පිට රටවල් ක‍්‍රිකට් ගහන දිහා බලලා අපි ඒකෙන් ඉගෙන ගන්න හැදුවේ නෑ. අපි කරේ අපේ ක‍්‍රිකට් දියුණු කරගෙන අපේ දක්‍ෂතා දියුණු කරගෙන තමයි අද ඉන්න තත්ත්වෙට ගෙනත් තියෙන්නේ”

 

”පහුගිය කාලේ ඉතාමත් කණගාටුවෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව දිහා බලාගෙන හිටියා. ක‍්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ සභාපතිතුමා කිව්වා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණ හතරක් එකම තැනක හදන්න ඉතාමත්  ඕනකමින් බලාගෙන ඉන්වලූ. මම 2008 ක‍්‍රිකට් ආයතනයේ ඉන්න විට පාසල්වල සියලූම පුහුණුකරුවන්ට වැඩමුළුවක් තියලා 1000 කට ආසන්න පුහුණුකරුවන්ට සහතිකයක් ලබා දුන්නා. මම පාසල් ක‍්‍රිකට් සංගමයට කිව්වා එම පුහුණු සහතිකය නැතුව කිසිම පුහුණුකරුවකුට ක‍්‍රීඩාංගණයට බහින්න දෙන්න එපා කියලා”

 

”මම එක දවසක් කොළඹින් පිට යන කොට පාසල් ක‍්‍රිකට් ගහනවා බලන් හිටියා. මම දැක්කා ඒ දරුවන්ට උගන්වන දේ. මම එදා තීරණය කරා මම කවදා හරි ක‍්‍රිකට් ආයතනයට ආවොත් පුහුණුකරුවන් මුලින් හදලා ඉන්න  ඕනේ කියලා”

 

”අපි හරි වාසනාවන්තයි. අපිට ලැබුණ පුහුණුකරුවෝ සල්ලිවලට පුහුණු කරපු අය නොවෙයි. ලයනල් මෙන්ඩිස් මහත්තා මගේ ගුරුවරයා. මෙන්ඩිස් සහෝදරයෝ, වෑන් සිල්වා මහත්තයා, ජේ. එස්. සිල්වා මහින්දේ මේවගේ පුහුණුකරුවො අපිට ක‍්‍රිකට් ක‍්‍රීඩාව පමණක් උගන්වන්න නොමෙයි හිටියේ. ඒ පුහුණුකරුවෝ හුගක් දේවල් ඉගැන්වුවා”

 

”ෆෝවඞ් ඩිපෙන්ස් එකයි, බැක්ෆුට් ඩිපෙන්ස් එකයි හදන එක නෙමෙයි පුහුණුකරුවන්ගේ වගකීම. මට මතකයි ලයනල් මෙන්ඩිස් සර් බැට්එක අරගෙන ඇවිදින්නේ කොහොමද කියලා ඉගැන්වුවා. කෑම මේසෙ කෑම කන හැටි ඉගැන්වුවා. මට ඉංග‍්‍රීසි කථා කරන්න බෑ ඒ දවස්වල. වැරදුණාම එක හදලා ඒකත් ඉගැන්වුවා. පුහුණුකරුවා කියන්නේ පිත්තයි බෝලෙයි දක්‍ෂතාව කියලා දෙන කෙනෙක් නොවෙයි” එතනින් ඔබ්බට ගිය කෙනෙක්. ඒ නිසා පුහුණුකරුවන්ට ලොකු වගකීමක් තියෙනවා. පාසලේදී හැදුවේ නැත්නම් ජාත්‍යන්තර තලයට එනවිට හදාගන්නට අමාරු වෙනවා” යැයි රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.

 

මෙම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතා සහභාගි විය.  

 

ඡායාරූපය – ශාන්ත රත්නායක

ක‍්‍රීඩාංගණ එපා, ක‍්‍රීඩකයන් හදන්න – අර්ජුන රණතුංග


විනයගරුක පාසල් ක‍්‍රිකට් කණ්ඩායම් බිහි නොකරන්නේ නම් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තබා ගත නොහැකි බව හිටපු ටෙස්ට් ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි.

 

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පසුගියදා පැවැති ‘සිංගර්’ පාසල් ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින් අර්ජුන රණතුංග මහතා එසේ පැවසීය.

 

වසර 19 කට ඉහතදී කි‍්‍රකට් ලෝක කුසලානය ශී‍්‍ර ලංකාවට දිනා දුන් හිටපු නායකයා වැඩිදුරටත් පැවසුවේ ක‍්‍රීඩාංගණ සෑදීමට වඩා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ ආකල්ප යහපත් තත්ත්වයට ගෙන ඒම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

 

”පසුගිය කාලේ අපි ආයෝජනය කළේ ක‍්‍රීඩකයින්ට නෙවෙයි…මට මතකයි, මා එදා කිව්වා ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණ අපට අවශ්‍යතරම් තියෙනවා කියලා”


”නමුත් දේශපාලකයින්ගේ නම් ගහන්න, අලූතින් ක‍්‍රීඩාංගණ හදලා, ක‍්‍රිකට් පාලක මණ්ඩලය බංකොලොත් කළා. අපිට ඇත්තටම අවශ්‍ය වුණේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණ නෙවෙයි…. රුපියල් බිලියන ගණන් වියදම් කරලා ක‍්‍රීඩාංගණ හැදුවට වැඩක් නෑ අපි ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ හදන්නේ නැතිනම්” යයිද රණතුංග මහතා එම උත්සවයේදී පැවසීය.

 

තමන්ගේ මෑත කාලීන අත්දැකීමක් විස්තර කළ රණතුංග මහතා මෙසේද පැවසීය.
”මෙතැන ඉන්න දරුවන්ට මම ඉතා පැහැදිලිව කියනවා. කවදාවත් සල්ලිවලට ක‍්‍රීඩා කරන්න හදන්න එපා”

 

”මම දවසක් එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයට ඇවිදින්න ගියා. ඒ වෙලාවේ එස්. එස්. සී. ක‍්‍රීඩා සමාජයට පැමිණි දරුවෝ දෙන්නෙක් එතැන ඉන්න නිලධාරියකුගෙන් යමක් අහනවා මට ඇහුණා.”

 

”මම ඇවිදින එක නවත්වලා ඒ සාකච්ඡුාව ළඟට ගියා. මං ඇහුවා මොනවද ඒ ළමයි දෙන්නා කිව්වේ කියලා. එතකොට එස්. එස් සී. කී‍්‍රඩා සමාජයේ නිලධාරියා මට කිව්වා එස්. එස්. සී. ක‍්‍රීඩා සමාජයට ක‍්‍රීඩා කරන්න කීයක් ගෙවනවද කියලා ඒ ළමයි ඇහුවා කියලා”

 

”ඒ වෙලාවේ මම කියපු වචන මට දැන් මෙතැන කියන්න බෑ. මං කිව්ව කණට දෙකක් දීලා එළියට දාන්න කියලා. දැන් මෙතැන ඉන්න දරුවන්ට මම කියන්නේ මෙන්න මේ තත්ත්වයට වැටෙන්න එපා කියලයි” යයිද රණතුංග මහතා පැවසීය.

 

ශී‍්‍ර ලංකාවට ආවේණික වූ ක‍්‍රිකට් සංස්කෘතියක් තිබෙන බවත් එම කි‍්‍රකට් සංස්කෘතිය නැතිභංගස්ථාන නොකළ යුතු බවත් රණතුංග මහතා ඉල්ලා සිටී.
”එංගලන්තේ ක‍්‍රීඩකයෝ කරන්නේ මොනවද?  ඕස්ටේ‍්‍රලිියාවේ ක‍්‍රීඩකයෝ කරන්නේ මොනවද? අපිත් ඒවා කරන්න  ඕනද?…ඒ අය පච්ච කෙටුවම අපිත් ඒක කරන්න  ඕනද?”

 

”මං දකින්නේ මෙන්න මෙතනයි අපේ වැරැුද්ද. ඒ වැරැද්ද ක‍්‍රීඩකයන්ගේ නෙවෙයි පාලකයින්ගේ. පාලකයින් ක‍්‍රීඩකයින්ව විනයගරුකව හැදුවොත් කවදාවත් ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ”

 

”මතක තියා ගන්න, අපි හැමෝටම ලොක්කො වෙන්න බෑ. අද වෙලා තියෙන්නේ හැමෝම ලොක්කෝ වෙන්න හදනවා.  ක‍්‍රීඩාව විනාශ වීමට ඒකත් හේතුවක්”


”විනයගරුක පාසල් ක‍්‍රිකට් කණ්ඩායම් අපි හැදුවේ නැතිනම් අපේ ක‍්‍රිකට් ගැන තියෙන බලාපොරොත්තු ඉෂ්ඨ වෙන එකක් නෑ” යැයිද හිටපු නායක අර්ජුන රණතුංග මහතා මෙම උත්සවයේදී පැවසීය.

 

ලේතම් – රොන්කි දෙදෙනාගෙන් සවිමත් මුක්කුවක්

හෙඩින්ග්ලි  ලීඞ්ස් ක‍්‍රීඩාංගණයට විටින් විට ඇද හැලූනු වර්ෂාව හේතුවෙන් නවසීලන්තය සහ එංගලන්තය අතර ආරම්භ වූ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය පන්දුවාර 65 කට පමණක් සීමා වුවද පළමුව ලකුණු රැස් කළ නවසීලන්ත පිල දිනය (29 දා) නිමා වන විට කඩුලූ 08 ක් දැවී ලකුණු 297 ක් ලබා සිටියේය.

 

නවසීලන්තයට එරෙහිව පිට පිටම ටෙස්ට් තරග තුනක් ජයගෙන සිටින එංගලන්තය මෙම තරගයේදී කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දු යැවීම තෝරා ගත්තේය. පළමු තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 134 ක් පිටුපසින් සිටි එංගලන්තය අවසානයේදී ලකුණු 124 ක ජයක් ලබා තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටිමින් මෙම තරගයට අවතීර්ණ විය.

 

නවසීලන්ත ඉනිමේ තුන්වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදීම ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගත් ජේම්ස් ඇන්ඩසන් සිය 400 වැනි ටෙස්ට් කඩුල්ල සනිටුහන් කළේය. කි‍්‍රකට් ක‍්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තයේ පන්දු යවන්නකු ටෙස්ට් කඩුලූ 400 ක් දවා ගත් පළමු අවස්ථාව ලෙසද එය සටහන් වේ.

 

කඩුලූ 400 ක් දවා ගත් ලොව 12 වැනි පන්දු යවන්නා ලෙස ජේම්ස් ඇන්ඩසන් ඉතිහාසයට එකතු විය.

 

ටෙස්ට් කඩුලූ 400 ක් දවා ගත් ලොව නව වැනි වේග පන්දු යවන්නා වන්නේද 32 හැවිරිදි ජේම්ස් ඇන්ඩසන්ය. ජේම්ස් ඇන්ඩසන්ට පෙර ලොව කඩුලූ 400 සීමාව ඉක්මවූ පන්දු යවන්නන් වන්නේ මුත්තයියා මුරලිදරන් (8-00), ෂේන් වෝන් (708), අනිල් කුම්බල් (619), ග්ලෙන් මැග‍්‍රාත් (563), කර්ට්නි වෝල්ෂ් (519),  කපිල් දේව් (434), ශ‍්‍රීමත් රිචඞ් හැඞ්ලි (431), ෂෝන් පොලොක් (421), වසීම් අක‍්‍රම් (414), හර්බජාන් සිං (413) සහ කර්ට්ලි ඇම්බ්‍රෝස් (405) යන වේග පන්දු යවන්නෝ වෙති.

 

ජේම්ස් ඇන්ඩසන් 400 වැනි ටෙස්ට් කඩුල්ල ලබා මිනිත්තු පහක් ගතවීමට පෙරම සිය 401 වැනි කඩුල්ල ලෙස නවසීලන්තයේ අංක 3 පිතිකරු කෙන් විලියම්සන්ව පිටියෙන් ඉවත් කළේය. විලියම්සන් මුහුණ දුන් දෙවැනි පන්දුවේදීම කඩුලූ රකින්නාට උඩපන්දුවක් දී දැවී යන විට නවසීලන්ත පළමු කඩුලූ 2 ලකුණු 2 කදී බිද වැටිණි.

 

ඇන්ඩසන්ගේ පන්දු හමුවේ අසීරු තත්ත්වයකට පත්ව සිටි නවසීලන්ත පිලේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ටොම් ලෙතම් සහ රොස් ටේලර් එක්ව පන්දු 74 කදී ලකුණු 66 ක් එක් කළහ. පන්දු 27 කදී හතරේ පහර හතරක් සමග ලකුණු 20 ක් ලබ සිටි රෝස් ටේලර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගත් ස්ටුවර්ට් බ්‍රෝඞ් නවසීලන්තයේ තෙවැනි කඩුල්ල බිම දැම්මේය.

 

නවසීලන්තය වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කිරීමට ටොම් ලෙතම් (84) සහ ලූක් රොන්කි සමත් වූහ. ආරම්භක පිතිකරු ටොම් ලෙතම් මිනිත්තු 224 ක් කඩුල්ල රැක ගනිමින් පන්දු 180 කදී හතරේ පහර 13 ක් සිය ඉනිමට ඇතුළත් කිරීමට සමත් විය.

 

මංගල ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කළ ලූක් රොන්කි පන්දු 70කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර තුනක් සමග ලකුණු 88 ක් ලබා ගත්තේය.

 

මංගල ටෙස්ට් තරගයේදී ඉහළම ප‍්‍රහාරාත්මක වේගයක් සහිතව අර්ධ ශතකයක් ලබා ගත් පිතිකරු ලැයිස්තුවේ දෙවැනි තැනට ලූක් රොන්කි සමත් විය. ඔහුගේ ප‍්‍රහාරාත්මක වේගය 125.71 ක් ලෙස සටහන් විය. එහි පළමු තැන පසුවන  ටිම් සවුති මංගල ටෙස්ට් තරගයේදී එංගලන්තයට එරෙහිව 2008 වසරේදී 192.50 ක වේගයෙන් ලකුණු 77 ක් ලබා ගෙන තිබේ. ලකුණු 144 කට කඩුලූ පහක් බිද වැටී තිබූ නවසීලන්ත ඉනිමට සවිමත් මුක්කවක් ගැසූ ලූක් රොන්කි සහ ටොම් ලෙතම් එකතුව හයවැනි කඩුල්ලට ලකුණු 120 ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූහ.

 

අංක පහ පිිතිකරු ලෙස පිටියට පිවිසි නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් විස්සයි විස්ස තරගයක මෙන් පිතිහරඹයේ යෙදෙමින් පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර හයක් සමග ලකුණු 41 කට දැවී ගියේය.

 

 

නවසීලන්තය පළමු ඉනිම – ඕවර 65 කදී කඩුලූ 08 ක් දැවී ලකුණු 297 යි.
(ටොම් ලෙතම් 84, රෝස් ටේලර් 20, බ්‍රෙන්ඩන් මැකලම් 41, ලූක් රොන්කි 84, ජේම්ස් ඇන්ඩසන් 43/2 , ස්ටුවර්ට් බ්‍රෝඞ් 83/3, බෙන් ස්ටොක්ස්  43/1)

 


 – 033

පාකිස්තානය 2-0 ක් ලෙස පෙරමුණ ගනී

 

සංචාරක සිම්බාබ්වේ පිල සහ පාකිස්තාන පිල අතර ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගණයේදී දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තාන පිල ඊයේ (29 වැනිදා) සමත් විය.

 

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද පාකිස්තාන පිල සමත් විය.

 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 269 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන පිල පන්දු 16 ක් ඉතිරිව තිබියදී කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ ආරම්භක පිතිකරු අසාර් අලී පන්දු 104 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 102 ක් රැස්කරමින් පාකිස්තාන පිලේ ජයග‍්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය.

 

පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 60 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ හැරිස් සොහේල් (නොදැවී 52) සහ ශොයිබ් මලික් (නොදැවී 36) පාකිස්තාන පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

 

පන්දු 49 කදී වාර්තා වූ සොහේල්ගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 2-0 කදී වාර්තා වූ මලික්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

 

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල  ඕවර 50 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 268 ක් රැස්කළේය. අගනා පිතිහරඹයක නිරත වූ සිකන්දර් රාසා, අද දිනයේදී සිය  දෙවැනි එක්දින ශතකය (නොදැවී 100) ලබාගත්තේ පන්දු 84 කිනි. ඔහුගේ වේගවත් ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

 

පන්දු 100 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 99 ක් රැස්කළ ආරම්භක පිතිකරු චමූ චිබාබා සිම්බාබ්වේ පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

 

වහබ් රියාස් සහ යසීර් ෂා කඩුලූ 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. කාසියේ වාසිය දිනූ පාකිස්තාන පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ පිලට ආරාධනා කර සිටියේය. මෙම තරගයට සිම්බාබ්වේ පිලේ නිත්‍ය නායක එල්ටන් චිගම්බූරා කී‍්‍රඩා නොකළ කණ්ඩායමේ නායකයා ලෙස හැමිල්ටන් මසකඞ්සා කටයුතු කළේය.

 

තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය හෙට (31 වැනිදා) ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

 


සිම්බාබ්වේ පිල –  ඕවර 50 කදී කඩුලූ 7 කට 268
(චමූ චිබාබා 99, හැමිල්ටන් මසකඞ්සා 18, සිකන්දර් රාසා නොදැවී 100, යසීර් ෂා 40/2, වහබ් රියාස් 55/2)

 

පාකිස්තාන පිල –  ඕවර 47.2 කදී කඩුලූ 4 කට 269
(අසාර් අලී 102, සෆ්රාස් අහමඞ් 22, මෙහොමඞ් හෆීස් 15, අසාද් ෂෆීක් 39, හැරිස් සොහේල් නොදැවී 52, ශොයිබ් මලික් නොදැවී 36, ගේ‍්‍රම් කී‍්‍රමර් 52/2)

 


- 036