රාජස්ථාන් – බැංගලෝර් තරගය වැස්සට සේදි යයි


ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 29 වැනි තරගය ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර බැංගලෝර්හි එම්. චින්නස්වාමි කී‍්‍රඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා විසඳුමකින් තොරව අවසන් විය.

 

ජයග‍්‍රහණය සඳහා රාජස්ථාන රෝයල්ස් පිලට ලකුණු 201 ක ඉලක්කයක් හිමිවුවද, දිගින් දිගටම වර්ෂාව ඇද වැටීම නිසා තරගය නැවත ආරම්භ කිරමට නොහැකි විය.

 


පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 200 ක් ලබාගත්තේය.  

 

එහිදී බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඒ. බී. ඩිවිලියස් පන්දු 45 කදී ලකුණු 57 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගිනි.

 

අවසන්  ඕවර කිහිපයේදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ සෆ්රාස් ඛාන් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 45 ක් රැස්කළේය.


 
බැංගලෝර් පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කි‍්‍රස් ගේල් (10) සහ විරාට් කෝලි (01) මුළු ලකුණු සංඛ්‍යාව 19 වන විට පිටියෙන් ඉවත් කිරීමට ටිම් සවුති සමත් විය.

 

කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට ආරාධනා කර සිටියේය.

 


රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල – ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 200
(ඒ. බී. ඩිවිලියස් 57, මන්දීප් සිං නොදැවී 27, දිනෙෂ් කාර්තික් 27, සෆ්රාස් ඛාන් නොදැවී 45, ටිම් සවුති 32/2)

 

 

- 036

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 7 ක තියුණු ජයක්


සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (29) පැවැති තරගයෙන් ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 7 ක ජයක් ලැබීමට සමත් විය.

 

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල මෙම ජයග‍්‍රහණයත් සමග 2-0 ක් ලෙස තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය හිමිකර ගත්තේය.

 

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය අත්හිටුවන විට පාකිස්තානු ‘ඒ’ පිල ඕවර 40 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 213 ක් ලබා සිටියේය. ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඒ වන විට ජයග‍්‍රහණය සඳහා ලකුණු 221 ක් රැස්කර සිටිය යුතුය.

 

ෂෙහාන් ජයසූරිය යැවූ 40 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ශෆාර් ගොහාර් 7 වැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග ශ‍්‍රී ලංකාව පළමු වරට පෙරමුණට පැමිණි අතර 41 වැනි  ඕවරය යැවීමට වේග පන්දු යවන දුෂ්මන්ත චමීර කැඳවීමත් සමඟ තරගය අත්හිටුවීමට විනිසුරුවෝ තීරණය කළහ.

 

එම කඩුල්ල දැවී නොගියේය නම් පාකිස්තානු පිලට ඕවර 40 කදී අවශ්‍ය වන්නේ ලකුණු 206 ක් වන අතර ඒ අනුව ලකුණු 8 ක ජයක් හිමිවේ.

 

පාකිස්තානු පිල 32 වැනි ඕවරය අවසන් වන විට කඩුලූ 2 කට ලකුණු 189 ක් රැස්කරමින් පෙරමුණේ පසු වූ අතර  ඕවර අටක් තුළ ලකුණු 24 කට කඩුලූ 5 ක් බි`ද වැටීමෙන් පරාජය වැඳ ගැනීමට සිදුවිය.

 

තරිඳු කෞෂාල් ලකුණු 44 කට කඩුලූ 3 ක් දවා ගනිමින් ජයග‍්‍රහණයට මාර්ගය සකස් කළේය. නායක ෆාවාඞ් අලාම් (65) සහ කුරාම් මන්සූර් (69) තෙවැනි කඩුල්ලට ලකුණු 125 ක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ආහ.

 

කුරාම් මන්සූර් පන්දු 90 කදී හතේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 69 ක් ලබා සිටියදී සිවුවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

 

ෆාවාඞ් අලාම් පන්දු 74 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 65 ක් රැස් කළේය. පාකිස්තානු ආරම්භක පිතිකරුවන් වේගවත් ආරම්භයක් ගොඩනගමින් සිටියදී දුෂ්මන්ත චමීර ක‍්‍රියාත්මක වෙමින් ලකුණු 54 කට කඩුලූ 2 ක් බවට පත්කිරීමට සමත් විය.

 

පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් කුසල් පෙරේරා පන්දු 110 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 110 ක් ලබා සිටියදී ලකුණු වේගය වැඩි කිරීමට යෑමේදී දැවී ගියේය.

 

කුසල් පෙරේරා පිට පිටම දෙවැනි ශතකය පන්දු 102 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 2 ක් සමගින් සම්පූර්ණ කිරීමට සමත් විය. කුසල් අර්ධ ශතකය පන්දු 52 කදී ලබා ගත්තේය. කුසල් මෙම ඉනිම පුරාම පරිනථ පිතිකරුවකුගේ පිතිහරඹයක් ප‍්‍රදර්ශනය කළ අතර කුසල් ලකුණු 100 සම්පූර්ණ කරන විට එකේ ලකුණු 28 ක් එකතු කරගෙන තිබුණි.

 

කුසල් සහ අෂාන් තෙවැනි කඩුල්ලට ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉනිම ශක්තිමත් කළහ. ධනුෂ්ක ගුණතිලක පන්දු 50 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 33 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

 

කුසල් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක දෙවැනි කඩුල්ලට ලකුණු 77 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. ෂෙහාන් ජයසූරිය පන්දු 43 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 21 ක් ලබා සිටියදී ෆාවාඞ් අලාම් රැකගත් දක්‍ෂ උඩ පන්දුව හේතුවෙන් පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

 

පාකිස්තානු ‘ඒ’ පිලේ නායක ෆාවාඞ් අලාම් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ‍්‍රී ලංකා පිලට ආරාධනා කළේය. ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට පළමු තරගයට ක‍්‍රීඩා කළ 11 දෙනාම මෙම තරගයට ද වෙනසකින් තොරව ක‍්‍රීඩා කළේය.

 

පාකිස්තානු ‘ඒ’ පිලට මුක්තාර් අහ්මඞ්, තබීෂ් ඛාන් සහ ශෆාර් ගොහාර් කැඳවා සිටින අතර පළමු තරගයට ක‍්‍රීඩා කළ බිලාවල් බට්ටි, ඉමාද් වසිම් සහ ශෂුබ් අහ්මඞ් මෙම තරගයෙන් ඉවත් කර තිබුණි. තෙවැනි සහ අවසන් එක්දින තරගය මැයි මස 2 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 


ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 265
(කුසල් පෙරේරා 110, ෂෙහාන් ජයසූරිය 21, ධනුෂ්ක ගුණතිලක 33, අෂාන් ප‍්‍රියංජන් 25, අසේල ගුණරත්න 23, මීර් හම්ෂා 49/2, ශියාවුල් හක් 63/3, තබීෂ් ඛාන් 55/3)

 


පාකිස්තානු ‘ඒ’ පිල  ඕවර 40 කදී කඩුලූ 7 ක් දැවී 213
(මුක්තාර් අහ්මඞ් 20, ඉස්රා උල්හා 29, කුරාම් මන්සූර් 69, ෆාවාඞ් අලාම් 65, දුෂ්මන්ත චමීර 36/2, ෂෙහාන් ජයසූරිය 31/2, තරිඳු කෞෂාල් 44/3)

 

පාකිස්තානය කඩුලූ 1 ට 227 යි


සංචාරක පාකිස්තානු පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කුල්නාහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (29) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල පළමු ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 227 ක් රැස්කර සිටියේය.

 

දිනය අවසන් වන විට මොහොමඞ් හෆීෂ් (නොදැවී 137) සහ අෂාර් අලී (නොදැවී 65) පන්දුවට පහර දෙමින් සිටිති.

 

මොහොමඞ් හෆීෂ් පන්දු 179 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 137 ක් ලබා සිටින අතර මෙය හෆීෂ්ගේ 8 වැනි ටෙස්ට් ශතකයයි.

 

පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 236 ක් රැස්කර සිටි බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 332 කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත් වූහ.

 


බංග්ලාදේශ පිල පළමු ඉනිම  ඕවර 120 කදී සියලූ දෙනා දැවී 332
(තමිම් ඉක්බාල් 25, ඉම්රුල් කායිස් 51, මොමිනුල් හක් 80, මහුමුදුල්ලා 49, ශකීබ් අල් හසන් 25, මුෂ්ෆිකුර් රහීම් 32, සෞම්‍ය සර්කර් 33, වහබ් රියාස් 55/3, මොහොමඞ් හෆීෂ් 47/2, ෂුල්ෆිකාර් බාබාරා 99/2, යසීර් ෂා 86/3)

 

පාකිස්තානු පිල පළමු ඉනිම  ඕවර 58 කදී කඩුලූ 1 ට 227
(මොහොමඞ් හෆීෂ් නොදැවී 137, සමි අස්ලාම් 20, අෂාර් අලී නොදැවී 65)

 


- 048

 

ක‍්‍රිකට් අතුරු කමිටුව ප‍්‍රධාන වියදම් නවතයි

මූල්‍ය අර්බුදයකට යාම වැළැක්වීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සියලූම ප‍්‍රධාන වියදම් නතර කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් අතරුැ කමිටුව තීරණය කර තිබේ. එසේ වුවත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට අත්‍යාවශ්‍ය පහසුකම් වන ගෘහස්ථ පුහුණු ශාලාවක් සහ පිහිනුම් තටාකයක් කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීමටද ශ්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුව තීරණය කර තිබේ.

 

කොළඹ 7 මේට්ලන්ඞ් පෙදෙසේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී ඊයේ (28) සවස පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

 

”අපේ අරමුණ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ පහසුකම් වැඩිදියුණු කරමින් ක‍්‍රිකට් ක‍්‍රීඩාව දියුණු තලයකට ගැනීම පමණයි. ගාල්ල, පල්ලේකැලේ, දඹුල්ල සහ හම්බන්තොටත් මෙවැනිම පුහුණු පහසුකම් ඇති කිරීම අත්‍යාවශ්‍ය වුණත් මේ වෙලාවේ අපි උත්සාහ කරන්නේ අඩු තරමේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීවත් ඒ පහසුකම් සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමටයි” යයි වෙත්තමුණි මහතා මෙම පුවත්පත් සාකච්ඡුාවේදී පැවැසීය.

 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීම නිසා අන්තර් ජාතික ක‍්‍රිකට් සභාවෙන් ශ්‍රී ලංකාවට ගෙවිය යුතු මුදල් නවතා තිබෙන බව මේ වන විටත් දැනුම් දී තිබේ. එහෙත් ක‍්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා පෙරේදා (27) ප‍්‍රකාශ කළේ ක‍්‍රිකට් ආයතනයේ කටයුතු පවත්වා ගෙන යාම සඳහා ඩොලර් ලක්ෂ තුනක ණය මුදලක් දීමට අන්තර් ජාතික ක‍්‍රිකට් සභාව එකඟ වූ බවයි.

 

මේ අතර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දේශීය තරග ව්‍යූහය වඩාත් ශක්තිමත් කිරීම සඳහා මේ දිනවල සැලසුම් සකස් කෙරෙමින් පවතී. හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන, සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රධාන වැඩ කොටසක් කරන අතරම අදාළ සැලසුම් පිළිබඳ ශ්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුව සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සාමාජිකත්වය අතර විශේෂ සාකච්ඡවක් තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතය.

 

 

ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තුවක් නෑ

 

සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (29) සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල මාතරදී පැවැති පළමු තරගයෙන් කඩුලූ 8 ක ජයක් ලබමින් 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ රැදී සිටියි.

 

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට මෙම තරගයේදී ද පළමු තරගයට ක‍්‍රීඩා කළ 11 දෙනාම ක‍්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් කඵවිතාරණ මහතා ඊයේ (28) පස්වරුවේ පුහුණු සැසියෙන් පසුව පැවසීය.

 

කණ්ඩායමේ සූදානම පිළිබදව අදහස් දක්වමින් කඵවිතාරණ මහතා මෙසේ පැවසීය.  

 

”කණ්ඩායමේ ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි බලාපොරොත්තු තියාගමු පළමු තරගයට ක‍්‍රීඩා කළ කණ්ඩායම ක‍්‍රීඩා කරයි කියලා. මොකද තරග ජයග‍්‍රහණය කිරීම වැදගත් ඒ වගේම ඒ කණ්ඩායම හැටියට ක‍්‍රීඩකයන්ට අවස්ථාව බාදීමත් වැදගත්”

 

”ක‍්‍රීඩකයන් මොන තත්ත්වයේ ද ඉන්නේ, දුන්න අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්ත ද, ජාතික කණ්ඩායමට යන්න සුදුසු ද, අද සියයක් ගහලා හෙට මොකද කරන්නේ කියලා ගොඩක් දෙවල් බලන්න තියෙනාව”

 

”වේග පන්දු යවන්නන් තිදෙනා ඒ විදියටම ක‍්‍රීඩා කරයි. මේ තරගයෙන් පසුව කණ්ඩායමේ වෙනසක් කිරීම පිළිබදව බලනවා. සදකැන්, බිනුර, ධනංජය ද සිල්වා යන ක‍්‍රීඩකයන් ඉන්නවා. කණ්ඩායමේ සිටීමෙන් ද ඔහුන්ට හොද අත්දැකීම් ලැබෙනවා.

 

පළමු තරගයේ ජයග‍්‍රහණයෙන් පසුව කණ්ඩායමේ මානසික තත්ත්වය පිළිබදව කඵවිතාරණ මහතා මෙසේ අදහස් දැක්වීය.  

 

‘‘තරග තුනක් තියෙනවා පළමු තරගය හොදින් ක‍්‍රීඩා කරා කියලා අපිට සූදානම සහ හිතන ආකාරය වෙනස් කරන්නේ නෑ. එදා ක‍්‍රීඩා කළ ආකාරය ගැන කණ්ඩායම හොද විශ්වාසයකින් ඉන්නවා. ඒ තරගයේදීත් අපේ සුඵ සුඵ අඩුපාඩු තිබුණා එවා හදාගෙන ඉස්සරහයට යා යුතුයි”

 

”පාකිස්කානු කණ්ඩායම පළමු තරගයට වඩා හොදින් දෙවැනි තරගය ක‍්‍රීඩා කරයි. පළමු තරගයේදී ඔවුන්ට තණතිරුව සහ පරිසරය ගැන හො`ද අවබෝදයක් තිබුණේ නෑ. නමුත් පාකිස්තානු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කීප දෙනෙක් ඉන්නවා. මේ තරගය ජය ලබා තරගාවලිය ජය ගන්න බලාපොරොත්තු වෙනවා.

 

”කුසල් පසුගිය තරගයේදී හොදින් ක‍්‍රීඩා කළා. ඔහුගේ අබාධය දැන් සුවයි. අපි ඔහුගෙන් දිගින් දිගටම ලකුණු කරයි කියලා බලාපොරොත්තු වෙනවා”

 

පාකිස්තානු කණ්ඩායම ඊයේ පස්වරුවේ පුහුණු සැසියට සහභාගි වූ අතර එහිදී එම කණ්ඩායමේ නිලධාරියකු පැවසුවේ පළමු තරගයට ක‍්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් පමණ විය හැකි බවයි.

 

ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින සංචිතය:
අෂාන් ප‍්‍රියංජන් (නායක), ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, කිත්රුවන් විතානගේ, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, ළහිරු මධුසංඛ, තරිදු කෞෂාල්, ලක්‍ෂාන් සදකැන්, ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර, බිනුර ප‍්‍රනාන්දු සහ නිසල තාරක

 

පාකිස්තානු ‘ඒ’ එක්දින සංචිතය:
ෆාවාඞ් අලාම් (නායක), උමීර් අමීන් (උප නායක), කුරාම් මන්සූර්, උමීන් සිද්දික්, අලී වකාස්, ඉම්මාද් වසිම්, ශෆාර් ගොහාර්, ශෂුබ් අහ්මඞ්, මීර් හම්ෂා, බිලාවල් බට්ටි, මොහොමඞ් රිස්වාන්, මුක්තාර් අහ්මඞ්, සාද් නසීම්, එසාන් අදිල්, ඉස්රාර් උල්හා සහ තබීෂ් ඛාන්

 

මහේල ජයවර්ධන

ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියා සහ එංගලන්තය නැත්නම් දකුණු අපි‍්‍රකාව වගේ රටවල් අපට වඩා අඩු තරග සංඛ්‍යාවක් කී‍්‍රඩා කරන්නේ. ඒත් ඔවුන්ගේ තරගකාරීත්වය අපට වඩා බොහෝම ඉහළයි….ඒ හින්දා අපිත් දින හතරේ තරග ආරම්භ කරන්න  ඕනේ. මේකට හොඳම ක‍්‍රමය පළාත් තරගාවලිය නැවත ආරම්භ කිරීමයි. එහෙම නැතිව ඉදිරියට යන්න බෑ”


- දේශීය තරග අතරට සිවුදින තරග එක් කිරීම සම්බන්ධයෙන්

 

සිදත් වෙත්තමුණි

”කී‍්‍රඩකයන්ට ලැබෙන ජාතික කොන්ත‍්‍රාත්තුවලට කිසියම් වටිනාකමක් තියෙන්න  ඕනෑ. ඒ වගේම ඒ කොන්ත‍්‍රාත්තු එන එන හැම කෙනාටම නෙමේ..හොඳම කී‍්‍රඩකයන්ට ලැබෙන්නත්  ඕනෑ…ඒ නිසා ජාතික කොන්ත‍්‍රාත්තු කිසියම් ප‍්‍රමාණයකින් අඩු කරන්නටත් අපි තීරණය කළා”


- කී‍්‍රඩකයන්ගේ ජාතික කොන්ත‍්‍රාත්තු අඩු කිරීම සම්බන්ධයෙන්

 

දේශීය කි‍්‍රකට් තරගාවලි අතරට සිවුදින තරග

 

ශී‍්‍ර ලංකාවේ දේශීය කි‍්‍රකට් තරගාවලිය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව වයස 19 න් පහළ කී‍්‍රඩකයන් පවා සිවුදින තරග වලට හුරුකරවීමේ නව සැලැස්මක් කි‍්‍රයාත්මක කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වෙයි. ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධනගේ සැලැස්මක් අනුව සකස්කරනු ලබන නව සැලසුම් මගින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ වෘත්තීමය ස්වරූපය වඩාත් ඉහළ නැංවීමටත් කි‍්‍රකට් කී‍්‍රඩාව මෙරට පිළිගත් වෘත්තියක් බවට පත්කිරීමටත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අදහස් කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතා පැවසීය.

 

කොළඹ 7, මෙට්ලන්ඞ් පෙදෙසේ, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී ඊයේ (28 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡුාවකදී සිදත් වෙත්තමුණි මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

 

ශී‍්‍ර ලංකාවේ දේශීය කි‍්‍රකට් කී‍්‍රඩාවේ වත්මන් සැකිල්ල වන අන්තර් සමාජ තරගාවලිය පවත්වාගෙන යමින්ම, නව වෙනස්කම් කිරීමටත්, කී‍්‍රඩා කරනු ලබන තරග සංඛ්‍යාව නොව කි‍්‍රකට් තරග වල පවතින තරගකාරීත්වය වැඩි කිරීම තමන්ගේ උත්සාහය බවත් වෙත්තමුණි මහතා වැඩිදුරටත් පැවසීය.

 

දේශීය කි‍්‍රකට් කී‍්‍රඩාවේ තත්ත්වය ඉහළ දැමීමේ තවත් පියවරක් වශයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කී‍්‍රඩකයන් සමග ඇතිකරගන්නා ගිවිසුම් සංඛ්‍යාව සීමා කිරීමටත් ගිවිසුම් වලට බැඳී සිටින කී‍්‍රඩකයන්ගේ ගෙවීම් ඉහළ දැමීමටත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුව සාකච්ඡුා කර තිබේ.  

 

”කී‍්‍රඩකයන්ට ලැබෙන ජාතික කොන්ත‍්‍රාත්තුවලට කිසියම් වටිනාකමක් තියෙන්න  ඕනෑ. ඒ වගේම ඒ කොන්ත‍්‍රාත්තු එන එන හැම කෙනාටම නෙමේ..හොඳම කී‍්‍රඩකයන්ට ලැබෙන්නත්  ඕනෑ”

 

”ඒ නිසා ජාතික කොන්ත‍්‍රාත්තු කිසියම් ප‍්‍රමාණයකින් අඩු කරන්නටත් අපි තීරණය කළා” යයිද වෙත්තමුණි මහතා පැවසීය.

 

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වාර්ෂිකව කී‍්‍රඩක කොන්ත‍්‍රාත්තු 100 කට මඳක් වැඩි සංඛ්‍යාවක් සඳහා ගිවිසුම් අත්සන් කරයි. ඇතැම් වසර වලදී කොටස් 4 කින්ද තවත් වසර වලදී කොටස් 5 කින්ද කී‍්‍රඩකයන්ට වාර්ෂික ගිවිසුම් ප‍්‍රදානය කෙරේ.

 

එසේ වුවත් පසුගිය වසර කිහිපයේදී පැවැති අන්තර් පළාත් තරගාවලි කිහිපය සඳහා තෝරා ගන්නා ලද්දේ කී‍්‍රඩකයන් 75 ත් 90 ත් අතර සංඛ්‍යාවක් පමණි. එහිදී කොන්ත‍්‍රාත් ලබාගත් කී‍්‍රඩකයෝ කිහිප දෙනෙක්ම තරගාවලියෙන් ඉවතට විසිවී තිබිණ.

”අපේ පළමු කාර්යය කි‍්‍රකට් කී‍්‍රඩාව දියුණු කිරීමයි. කි‍්‍රකට් කී‍්‍රඩාව දියුණු කිරීම පමණයි”

 

”අපට  ඕනෑ කරන්නේ සෑම තලයකදීම කි‍්‍රකට් කී‍්‍රඩාව දෙස වඩාත් සුබවාදී දෘෂ්ටිකෝණයක් බැලීමේ ප‍්‍රවණතාවක් ඇතිකිරීමටයි. ඒක අන්තර් සමාජ, අන්තර් පළාත් හෝ අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාව වෙන්න පුළුවන්..ඒත් ඒ හැම තැනකදීම එතැනින් ඉහළට නගින්න පුළුවන් තත්ත්වයක් තියෙන්න  ඕනෑ” යයිද වෙත්තමුණි මහතා පැවසීය.

 

මෙම තත්ත්වය ඇති කිරීමේ මූලික සූදානමක් වශයෙන් අන්තර් කී‍්‍රඩා සමාජ පළමු පෙළ තරගයක් සඳහා කී‍්‍රඩකයකුට ගෙවන ලබන මුදල රුපියල් 2500 සිට 7500 දක්වා ඉහළ දැමීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුව සූදානම් වෙයි. ඊට සමානුපාතිකව අන්තර් පළාත් තරගාවලි සඳහා සහභාගි වන කී‍්‍රඩකයන්ගේද ගෙවීම් වැඩි කෙරේ.

 

මේ අතරම කි‍්‍රකට් කී‍්‍රඩාවේ කුසලතා පමණක් නොව, කී‍්‍රඩකයකු වශයෙන් තිබිය යුතු වෙනත් කුසලතාද හැකි ඉක්මනින් දියුණු කිරීමට තමන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මානව සම්පත් සංවර්ධන අංශයට දැනුම් දී ඇතැයි ද වෙත්තමුණි මහතා වැඩිදුරටත් පැවසීය.

 

”‘අනේ  ඕනෑම වේග පන්දු යවන්නකුට මුහුණ දෙන්නම්. ඒත් මාධ්‍ය සාකච්ඡවකට නම් යන්න බෑ’ කියල කී‍්‍රඩකයෙක් මාත් එක්කම කියල තියෙනවා”

 

”ඒත් කී‍්‍රඩකයෙක් වුණාම ඒ තත්ත්වයට මුහුණ දෙන්නත් ඉගෙන ගන්න  ඕනා. ඇරත් අද දවසේ පරිගණකයක් පාවිච්චි කරන්න සෑම කෙනෙක්ම ඉගෙන ගන්න ඕනෑ. එහෙම නැතිව හෙට දවසේ ඉදිරියට යන්න බෑ”යයි පැවසු වෙත්තමුණි මහතා මැයි මස පළමු සතියේ සිටම එම වැඩපිළිවෙල ආරම්භ කිරිමට මානව සම්පත් අංශයට උපදෙස් දී ඇතැයිද පැවසීය.

 

ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන මෙම පුවත් පත් සාකච්ඡුාවට එක්වෙමින් පවසා සිටියේ  ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, එංගලන්තය සහ ඉන්දියාව වැනි රටවල පළමු පෙළ කි‍්‍රකට් කී‍්‍රඩාව ලෙසින් සැලකෙන්නේ දින 4 තරග වුවත් ශී‍්‍ර ලංකාවේ පළමු පෙළ තරග වශයෙන් සැලකෙන්නේ දින 3 තරග බවයි. එබැවින් වයස 19 න් පහළ අවධියේ සිටම ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩකයන් සිවුදින තරග වලට හුරු කරවිය යුතු බවද මහේල ජයවර්ධන පැවසීය.

 

”මාත් කී‍්‍රඩා සමාජ තරග වලට කී‍්‍රඩා කරලා තමයි ජාතික කණ්ඩායමට කී‍්‍රඩා කරන්න ආවේ. මම කී‍්‍රඩා සමාජ තරග වලට එරෙහිව කතාකරනවා කියලා වරදවා තේරුම්ගන්න එපා”

 

”අපි මේ හැම වෙනස්කමක්ම කරන්න  ඕනේ කී‍්‍රඩා සමාජ තරග ආරක්‍ෂා කරගෙනයි. එහෙම නැතිව වේගයෙන් දියුණු වන අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාව සමග අපට ඉදිරියට යන්න බෑ” යයිද මහේල ජයවර්ධන පැවසීය.

 

”ඔබ නිකම් ගණනය කරලා බලන්න  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියා සහ එංගලන්තය නැත්නම් දකුණු අපි‍්‍රකාව වගේ රටවල් අපට වඩා අඩු තරග සංඛ්‍යාවක් කී‍්‍රඩා කරන්නේ. ඒත් ඔවුන්ගේ තරගකාරීත්වය අපට වඩා බොහෝම ඉහළයි”

 

”ඒ හින්දා අපිත් දින හතරේ තරග ආරම්භ කරන්න ඕනේ. මේකට හොඳම ක‍්‍රමය පළාත් තරගාවලිය නැවත ආරම්භ කිරීමයි. එහෙම නැතිව ඉදිරියට යන්න බෑ” යයිද මේ වන විට අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සම්පූර්ණයෙන්ම සමුගෙන සිිටින මහේල ජයවර්ධන පැවසීය.

 

 

සංගා දැවීගියත් සරේ පිල සටනේ

එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගාවලියේ සරේ ප‍්‍රාන්ත පිල සහ එසෙක්ස් ප‍්‍රාන්ත පිල අතර ලන්ඩන්හිදී පැවැත්වෙන සිවුදින තරගයේදී සරේ ප‍්‍රාන්ත පිල නියෝජනය කරන ශ‍්‍රී ලංකා පිතිකරු කුමාර් සංගක්කාර, දෙවැනි ඉනිමේදී ලකුණු 43 ක් ලබා සිටියදී ග‍්‍රැහැම් නේපියර්ගේ පන්දුවක් හමුවේ නික් බ‍්‍රවුන් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

 

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 270 ඉක්කයක් හඹායන සරේ ප‍්‍රාන්ත පිල තෙවැනි දිනය නිමා විට කඩුලූ 8 ක් ඇතැතිව එසෙක්ස් ප‍්‍රාන්ත පිලට වඩා ලකුණු 175 ක් පසුපසින් සිටියේය.

 

නික් බ‍්‍රවුන් (143) සහ ඩැනියෙල් ලෝරන්ස් (161) එසෙක්ස් ප‍්‍රාන්ත පිල වෙනුවෙන් ශතක ලබාගැනීමට සමත් වූහ. නික් බ‍්‍රවුන්ගේ ඉනිමට හතරේ පහර 26 ක් ඇතුළත් වූ අතර ඩැනියෙල් ලෝරන්ස්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 17 ක් ඇතුළත් විය.

 

කාසියේ වාසිය දිනූ එසෙක්ස් ප‍්‍රාන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සරේ ප‍්‍රාන්ත පිලට ආරාධනා කර සිටි අතර පළමු ඉනිම වෙනුවෙන් ඔවුන්ට සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 340 ක් පමණි.

 


සරේ ප‍්‍රාන්ත පිල පළමු ඉනිම – සියලූ දෙනා දැවී 340
(රෝරි බර්න්ස් 78, සෆාර් අන්සාරි 18, කුමාර් සංගක්කාර 52, කෙවින් පීටර්සන් 32, ස්ටීවන් ඬේවිස් 81, ගැරී විල්සන් 46, ග‍්‍රැහැම් නේපියර් 63/3, ජෙසී රයිඩර් 78/3, මොන්ටි පනේසාර් 51/2)

 

එසෙක්ස් ප‍්‍රාන්ත පිල පළමු ඉනිම – කඩුලූ 8 ක් දැවී 610
(නික් බ‍්‍රවුන් 143, ජේක් මයික්ලෙබර් 61, ඩැනියෙල් ලෝරන්ස් 161, ජෙම්ස් ෆොස්ටර් 23, ජෙසී රයිඩර් 57, ග්‍රෙග් ස්මිත් නොදැවී 50, ග‍්‍රැහැම් නේපියර් 73, සෆාර් අන්සාරි 149/4)

 

සරේ ප‍්‍රාන්ත පිල දෙවැනි ඉනිම – කඩුලූ 2 ක් දැවී 95
(රෝරි බර්න්ස් නොදැවී 41, කුමාර් සංගක්කාර 43)

 


- 036

 

15 න් පහළ සිංගර් කුසලාන කි‍්‍රකට් I කොටසේ තරග මැයි 13 දා සිට

කණ්ඩායම් 81 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ 15 න් පහළ වයස් කාණ්ඩයේ I කොටසේ තරග මැයි මස 13 වැනිදා ආරම්භ වේ.

ඉකුත් වසරේ (2014) පැවැති තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත් වූ අතර අනුශූරතාව හිමිකර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය. එම වසරේදී වයස 15 න් පහළ II කාණ්ඩයේ අවසන් පූර්ව වටය දක්වා පැමිණි හලාවත ශාන්ත මරියා විදුහල මෙවර II කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.

පළමු වටයේදී තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 81, කාණ්ඩ 11 ක් යටතේ තරග වදින අතර ඉන් කණ්ඩායම් 40 ක් දෙවැනි වටයට තෝරාගනු ලැබේ.

දෙවැනි වටයේදී කාණ්ඩ 8 ක් යටතේ එම කණ්ඩායම් 40 තරග වදින අතර ඉන් සෑම කාණ්ඩයකම පළමු සහ දෙවැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම් 16 පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත.


පළමු වටයට සහභාගී වන කණ්ඩායම්

‘ඒ’ කාණ්ඩය -
කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් (ඒ) කණ්ඩායම, මාරවිල ෂේවියර් විදුහල, හලාවත ශාන්ත මරියා විදුහල, කොළඹ ඉසිපතන (ඒ) කණ්ඩායම, වෙන්නප්පුව ශාන්ත ජොෂප් වාස් විදුහල, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල, මීගමුව මාරිස්ටෙලා විදුහල, ගම්පහ බණ්ඩාරනායක විදුහල, රාගම බැසිලිකා විදුහල

‘බී’ කාණ්ඩය -
කොළඹ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල, කොළඹ වෙස්ලි විදුහල් (ඒ) කණ්ඩායම, කොළඹ මහානාම විදුහල් (ඒ) කණ්ඩායම, පාදුක්ක සිරි පියරත්න මහ විදුහල, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් (ඒ) කණ්ඩායම, කොළඹ ශාන්ත ජොෂප් විදුහල් (ඒ) කණ්ඩායම, කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල, කොළඹ සුසමයවර්ධන මහ විදුහල, කොළඹ වේළුවන විද්‍යාලය  

‘සී’ කාණ්ඩය -
කොළඹ සහිරා විදුහල (ඒ) කණ්ඩායම, කොළඹ ආනන්දු විදුහල් (ඒ) කණ්ඩායම, කොළඹ රාජකීය විදුහල් (ඒ) කණ්ඩායම, පන්නිපිටිය ධර්මපාල විදුහල් (ඒ) කණ්ඩායම, කෝට්ටේ ආනන්ද ශ‍්‍රස්ත‍්‍රාලය, මහරගම ජනාධිපති විදුහල් (ඒ) කණ්ඩායම, දෙහිවල එස්. ද එස්. ජයසිංහ මහ විදුහල, මොරටුව වේල්ස් කුමර විදුහල් (ඒ) කණ්ඩායම, පිළියන්දල මැදි විදුහල

‘ඞී’ කාණ්ඩය -
කෝට්ටෙ ජනාධිපති විදුහල් (ඒ) කණ්ඩායම, කොළඹ නාලන්දා විදුහල් (ඒ) කන්ඩායම, කළුතර සිරිකුරුස විදුහල, පානදුර ශාන්ත ජෝන් විදුහල, නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල් (ඒ) කන්ඩායම, වාද්දුව මැදි විදුහල, පානදුර ශ්‍රී සුමංගල විදුහල, කොළඹ ලූම්බිණි විදුහල් (ඒ) කන්ඩායම

‘ඊ’ කාණ්ඩය -
වත්තල ශාන්ත අන්තෝනි විදුහල, කොට්ටාව ධර්මපාල විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල් (ඒ) කණ්ඩායම, රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද විදුහල, කොළඹ කේරි විදුහල් (ඒ)  කණ්ඩායම, යක්කල චන්ද්‍රජෝති මහ විදුහල, පානදුර රාජකීය විදුහල, කළුතර තිස්ස මැදි විදුහල

‘එෆ්’ කාණ්ඩය -
කොළඹ අශෝක විදුහල (ඒ) කණ්ඩායම, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් (ඒ) කණ්ඩායම, කැලණිය ගුරුකුළ විදුහල, කඳාන ද මැසිනොද් විදුහල් (ඒ) කණ්ඩායම, කොළඹ ඞී. එස්. සේනානායක විදුහල් (ඒ) කණ්ඩායම, කොළඹ ශාන්ත පීතර විදුහල් (ඒ) කණ්ඩායම, මොරටු විද්‍යාලය, කළුතර විද්‍යාලය
 
‘ජී’ කාණ්ඩය -
කුරුණෑගල මලියදේව විදුහල් (ඒ) කණ්ඩායම, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල, මහනුවර කිංග්ස්වුඞ් විදුහල, මහනුවර ධර්මරාජ විදුහල් (ඒ) කණ්ඩායම, මාතලේ ශාන්ත තෝමස් විදුහල් (ඒ) කණ්ඩායම, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් (ඒ) කණ්ඩායම, කෑගල්ල ශාන්ත මරියා විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල

‘එච්’ කාණ්ඩය -
ඉබ්බාගමුව මැදි විදුහල, මහනුවර ති‍්‍රත්ව විදුහල් (ඒ* කණ්ඩායම, කුරුණෑගල ශාන්ත ආනා විදුහල, කුරුණෑගල මලියදේව ආදර්ෂ විදුහල, පොලොන්නරුව රාජකීය විදුහල, කෑගලූ විද්‍යාලය, මහනුවර ශ්‍රී සුමංගල විදුහල, සඳලංකා මැදි විදුහල

‘ජේ’ කාණ්ඩය -
අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල, මාතර රාහුල විදුහල, මාතර ශාන්ත සර්වේෂස් විදුහල, ගාල්ල රිච්මන්ඞ් විදුහල, මීපාවල අමරසූරිය විදුහල, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල, දෙබරවැව ජාතික පාසල

‘කේ’ කාණ්ඩය -
කරන්දෙණිය මැදි විදුහල, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල, රත්ගම දේවපතිරාජ විදුහල, මාතර ශාන්ත තෝමස් විදුහල, ගාල්ල මහින්ද විදුහල, ගාල්ල ශාන්ත ඇල්වීෂියස් විදුහල, බලපිටිය රේවත විදුහල


- 036