සංගා – තිරිමාන්න එංගලන්තය දණගස්වති

 

කුමාර් සංගක්කාර (නොදැවී 117) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 139) දෙදෙනාගේ අති විශිෂ්ට පිතිහරඹය නිසා නවසීලන්තයේ වෙලින්ටන් නුවරදී අද (1 වැනිදා) පැවැති ලෝක කුසලාන කි‍්‍රකට් තරගයේදී එංගලන්තයට එරෙහිව කඩුලූ 9 ක දැවැන්ත ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් විය. මෙම ජයත් සමගින් තවත් ප‍්‍රසාද ලකුණු 2 ක් එකතු කරගත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ප‍්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය තහවුරු කරගත්හ.

 

ලකුණු 310 ක ඉලක්කයක් ඉතාමත් සාර්ථක ලෙසින් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම  ඕවර 47.2 කදී කඩුල්ලක් දැවී ලකුණු 312 ක් ලබාගත් අතර ළහිරු තිරිමාන්න අලංකාර හයේ පහරකින් තරගය අවසන් කළේය.

 

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 212 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ මෙම පිතිකරුවන් දෙදෙනා එංගලන්ත පන්දු යවන්නන් සමග සෙල්ලම් කරමින් වෙලින්ටන් නුවර වෙස්ට්පැක් කී‍්‍රඩාංගණයේදී හිතූ හිතූ ආකාරයෙන් ලකුණු ලබාගත්හ.

 

සිය පළමු වැනි ලෝක කුසලාන ශතකය ලබාගත් ළහිරු තිරිමාන්න ඒ සඳහා පන්දු 142 කට මුහුණ දුන් අතර හතරේ පහර 13 කින් සහ හයේ පහරකින් එය හැඩවැඩ කළේය. සිය 23 වැනි එක්දින ශතකය ලබාගත් සංගක්කාරගේ පන්දු පන්දු 85 ඉනිම හතරේ පහර 11 කින් සහ හයේ පහර දෙකකින් අලංකාර විය.

 

ලකුණු 310 ක අභියෝගාත්මක ඉලක්කයක් කරා යාමේ අරමුණ ඇතිව ඉනිම ඇරඹූ ඩිල්ෂාන් සහ තිරිමාන්න දෙදෙනා එංගලන්ත පිලේ ප‍්‍රබලතම පන්දු යවන්නන් දෙදෙනා වන ජේම්ස් ඇන්ඩසන් සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් හමුවේ පළමු  ඕවර 3 දී තරමක් විමසිලිමත් වූ නමුත් එතැන් සිට අවස්ථාවෝචිත පහර නිර්මාණය කරමින්  ඕවර 19 ක් තුළදී ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ඩිල්ෂාන් සිය අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියද තිිරිමාන්න පන්දු 58 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර ඊට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

 

තිිරිමාන්න මෙන්ම ඩිල්ෂාන්ද ලකුණු ලබාගත්තේ එන එන විදිහට හිතූමතේ දඩබ්බර පහර ගැසීමෙන් නොවේ. පිටියේ හිදැස් බලා පන්දුව යැවීමට හැකිවන පරිදි, කි‍්‍රකට් පොතේ සටහන් සම්මත පහර, අවස්තාවෝචිතව වෙනස් කරගනිමිනි. ඔවුන් දෙදෙනාගේ ඉනිමේ අලංකාරය එයයි.

 

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පළමු කඩුල්ල වෙනුවෙන් මෙතෙක් පැවැති ශතක සම්බන්ධත සංඛ්‍යාව 5 කි. ඉන් දෙකකටම ඩිල්ෂාන් සහ තිරිමාන්න හිමිකම් කියන අතර නවසීලන්ත ආරම්භක පිතිකරු යුගළය වන බ්‍රෙන්ඩන් මැකලම් සහ මාටින් ගප්ටිල් තවත් ශතක සම්බන්ධතා දෙකකට හිමිකම් කියති. අනෙක් සම්බන්ධතාව එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙනි.

 

පන්දු යවන්නන් සිවු දෙනකුගෙන් පමණක් කී‍්‍රඩා කිරීමේ ආදීනව හරි අපූරුවට ශී‍්‍ර ලංකා පිලට කියා දුන් එංගලන්ත පිතිකරුවෝ  ඕවර 50 ක් නිමාවේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 309 ක් ලබා ගත්හ. එංගලන්ත ඉනිමේ 42 වැනි  ඕවරය නිමා වූයේ කඩුලූ 4 කට 214 ක්ව තිබියදීය. එහෙත් අවසන්  ඕවර 8 දී ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 95 ක් උදුරා ගත් ජෝ රූට්, ජේම්ස් ටේලර්, ජොස් බට්ලර් සහ කි‍්‍රස් වෝක්ස් තම පිලේ ලකුණු සංඛ්‍යාව 309 දක්වා ඔසවා තැබූහ.

 

එංගලන්ත පිල ලකුණු 300 සීමාවෙන් ඔබ්බට කැඳවාගෙන ගිය ජෝ රූට් ලෝක කුසලාන තරගයකදී එංගලන්තය වෙනුවෙන් ශතකයක් ලබාගත් ලාබාළතම පිතිකරුවා (අවුරුදු 24 යි) වෙමින් විශිෂ්ට ලකුණු 121 ක් ලබාගත්තේය. පන්දු 108 කට මුහුණ දුන් රූට් ඒවායින් 15 ක් හතරේ සීමාවෙන් එපිටට යැවූ අතර එකක් සීමාවට ඉහළින් පියාඹා ගියේය.

 

සෑම තරගයකදීම වාගේ අද තරගයේදීත් ගිලිහුණු උඩපන්දුවක් ශී‍්‍ර ලංකා පිලට සරදම් කරමින් සිටි අතර ජෝ රූට් ලකුණු 2 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් ස්ලිප්හි සිටි මහේල ජයවර්ධන අතින් ගිළිහී යන විට ලකුණු පුවරුව කියැවුණේ  ඕවර 14 කදී කඩුලූ 2 කට 75 ක් වශයෙනි. එතැන් සිට පසුපස නොබැලූ ජෝ රූට් දුර්වල පන්දු තෝරා බේරා ගනිමින් තමන්ට රිසි පරිදි ලකුණු ලබාගත්තේය.

 

පිතිකරුවන්ගේ ප‍්‍රහාරාත්මක  ඕවර 5 දී අනගි ප‍්‍රයෝජන ගත් ජෝ රූට් සහ ජේම්ස් ටේලර් දෙදෙනා ඉනිමේ 35 වැනි  ඕවරය අවසන් වන විට කඩුලූ 4 කට 161 ක්ව තිබූ එංගලන්ත ලකුණු පුවරුවට  ඕවර 5 කදී ලකුණු 42 ක් එක් කළහ.

 

මෙම  ඕවර 5 යැවීමට නායක මැතිව්ස් පන්දු යවන්නන් සිවු දෙනකු යොදාගැනීමෙන් කියැවුණේ ශී‍්‍ර ලංකා පන්දු යැවීමේ තිබූ අඩු ලූහුඬු කම් මිස අනෙකක් නොවේ. සෑම  ඕවරයකදීම පන්දු යවන්නන් මාරු කළ නමුත් රූට් සහ ටේලර් දෙදෙනාගේ ප‍්‍රහාරය නතර කළ නොහැකි වූ අතර ඔවුන් දෙදෛනා දවාගැනීමටද නොහැකි විය. පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක් එක්කළ රූට් සහ ටේලර් දෙදෙනා ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 66 ක් පමණි.

 

ඉනිම ආරම්භයේ සිටම තමන්ගේ ලකුණු වේගය  ඕවරයකට ලකුණු 5 සීමාවට එපිටින් රඳවාගත් එංගලන්ත පිතිකරුවෝ 10 වැනි  ඕවරය නිමා වන විට කඩුලූ 1 ක් දැවී ලකුණු 62 ක් ලබා සිටියද 11 වැනි  ඕවරය සහ 30 වැනි  ඕවරය අතර යැවුණු  ඕවර 20 දී ඔවුනට ලබාගත හැකිවූයේ ලකුණු 85 ක් පමණි. මෙම  ඕවර වලදී සාර්ථක පන්දු යැවීමක යෙදුණු තිලකරත්න ඩිල්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා එංගලන්ත පිතිකරුවන් තරමක් දුරට පාලනය කරගැනීමට සමත් වූහ.

 

කණ්ඩායමේ එකම දග පන්දු යවන්නා වන රංගන හේරත් පන්දුව අතට ගැනීමටත් කලියෙන් එක දිගට  ඕවර 5 ක් යැවූ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 15 ක් පමණක් දෙමින් ගැරී බැලන්ස් දවාගත්තේ තමන්ගේ වම් පසට පැන රැුකගත් උඩපන්දුවකිනි. එය ඩිල්ෂාන්ගේ 100 වැනි එක්දින කඩුල්ලද විය.

 

අද සිය 311 වැනි එක්දින තරගයට සහභාගි වෙමින් සිටින, ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායකයකුද වන  ඩිල්ෂාන්, එක්දින තරග වලදී ලකුණු 9586 ක් ලබා සිටින අතර එක්දින ලකුණු 10,000 ක් ලබාගත් සාමාජිකයන් අතරට පිවිසීම සඳහා ඔහුට  ඕනෑ වන්නේ තවත් ලකුණු 414 ක් පමණි. එක්දින ලකුණු 10,000 ක් ලබාගත් පිතිකරුවන්ගේ සමාජයේ වත්මන් සාමාජික සංඛ්‍යාව 10 ක් වන අතර ඉන් තිදෙනෙක්ම ශී‍්‍ර ලාංකිකයෝ වෙති.

 

ජෝ රූට් සහ නායක ඔයින් මෝගන් එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක් එක්කළ නමුත් ඒ සඳහා පන්දු 85 ක් වැයවීමෙන් එංගලන්ත ලකුණු වේගය අඩාළ වුවද සිය කඩුලූ රැකගනිමින් අවසන් කොටසේදී ප‍්‍රහාරය සඳහා ඔව්හු ඒවා ඉතිර කරගත්හ.

 

තරගය පුරාම සාර්ථක පන්දු යැවීමක යෙදෙමින් සිටි තිසර පෙරේරාගේ 8 වැනි  ඕවර (ඉනිමේ 45 වැන්න) සෙල්ලමකට ගත් ජෝ රූට් එම  ඕවරයේදී හයේ පහර දෙකක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 25 ක් ලබාගත්තේය.

 

වෙනදා ප‍්‍රහාරාත්මක පිතිකරුවකු වන නමුත් ඔයින් මෝගන් පන්දු 47 කදී ලබාගත්තේ ලකුණු 27 ක් පමණි. මෝගන් අත දිගහැරීමට සූදානම් වෙනවාත් සමගම බැක්වර්ඞ් පොයින්ට් හි සිටි තිලකරත්න ඩිල්ෂාන් අති විශිෂ්ට ගනයේ උඩපන්දුවක් රැකගනිමින් මෝගන්ගේ ඉනිමට තිත තැබීය.

 

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ශී‍්‍ර ලංකා පිල මෙන්ම එංගලන්ත කණ්ඩායමද මීට පෙර පැවැති තරග වලදී සහභාගි වූ කී‍්‍රඩකයන් 11 දෙනා සමගින් මෙම තරගයට පිවිස සිටිති. ශී‍්‍ර ලංකා පිල බංග්ලාදේශයට එරෙහිව මෙල්බර්න් නුවරදී තරග කළ අතර එංගලන්තය ස්කොට්ලන්ත පිලට එරෙහිව මෙම කී‍්‍රඩාංගණයේදීම තරග කර තිබිණ.

 

 

 

 

දෙපිලම කාසියේ දෙපැත්තම බලති

 

‘කි‍්‍රකට් කී‍්‍රඩාව අවිනිශ්චිතයි’ යන්න පරණ කතාවකි. එහෙත් ඒ පරණ කතාවේ සදාතනික වටිනාකමක් ඇතැයි  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේ  ඕක්ලන්ඞ් නුවරදී අද (27 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගය බැලූ  ඕනෑම කෙනෙකුට සිතෙනු ඇත.

 

තවත් පන්දු කිහිපයක් එහා මෙහා වුණානම්, නැතහොත්  ඕස්ටේ‍්‍රලියානු පිලට තවත් ලකුණු 10 ක් එක්වුණා නම් මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ කෙරුම්කාරයන් බවට පත්ව සිටින නවසීලන්ත පිලට තමන්ගේ ගෙමිදුලේදීම අත්විය හැකි ඉරණම බලාගන්නට තිබිණ.

 

එවන් තත්ත්වයක් තිබියදී පසුගිය වසරේදී දිගින් දිගටම එංගලන්ත පිල පරාජය කිරීමේ තැටිය ප‍්‍රතිවාදනය කිරීමෙන් ඵලක් නැති බව ශී‍්‍ර ලංකා කණ්ඩායම හොඳින් දනී. එබැවින් එංගලන්තයට එරෙහිව හෙට (1 වැනිදා) නවසීලන්තයේ වෙලින්ටන් නුවරදී පැවැත්වෙන ලෝක කුසලාන තරගයට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායම සූදානම් වන්නේ තමන්ගේ ගෙදර වැඩ හොඳින් කරගෙන යාමටය.

 

තරගයට පෙර පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී වචන හංගා ගෙන කතා කළ ශී‍්‍ර ලංකා පුහුණුකරු මාවන් අතපත්තු මහතා, තමන්ගේ උපක‍්‍රම උවමනාවෙන්ම සගවාගෙන සිටියේ මාස 7 ක් ඇතුළත 12 වතාවක් තරග කළ කණ්ඩායමකට එරෙහිව ඒවා ඉතාමත් වටිනා බැවිනි. එබැවින් හෙට තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම දග පන්දු යවන්නන් දෙදෙනකු සමග කී‍්‍රඩා කළහොත් එය පුදුමයට කරුණක් නොවේ.

 

තරගය පැවැත්වෙන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාවට මෙන්ම රග්බි සහ වෙනත් කී‍්‍රඩාවන් සඳහාත් යොදා ගන්නා නවසීලන්තයේ කලාපීය කී‍්‍රඩාංගණය හෙවත් ‘වෙස්ට් පැක්’ කී‍්‍රඩාංගණයේදීය. මෙම තරගය සඳහා මෙම කී‍්‍රඩාංගණය යොදාගෙන ඇත්තේ එහි නරඹන්නන් 35,000 කට වැඩි පිරිසකට ආසන පහසුකම් ඇති බැවිනි.

 

 ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් කී‍්‍රඩාංගණයේ මෙන්ම ‘වෙස්ට් පැක්’ කී‍්‍රඩාංගණයේ ඇත්තේත් කි‍්‍රකට් තරග පැවැත්වෙන අවස්ථාවලදී ගෙනැවිත් සවිකරන කෘතිම තණතීරුවකි. මෙවන් කෘතිම තණතීරු බොහෝ විට ශී‍්‍ර ලංකාවේ පිතිකරුවන්ට සහ විශේෂයෙන්ම දග පන්දු යවන්නන්ටත් වාසිදායක වන අවස්ථා එමට තිබේ. එහෙත් මේවායේ වැඩිපුර ඇත්තේ දග කැවීම නොව පන්දුව ඉපිළීමයි.

 

එවන් තණතීරුවකදී, සචිත‍්‍ර සේනානායක වැනි උස පන්දු යවන්නකුට සාර්ථක ප‍්‍රතිඵල නෙළා ගත හැකිය. ඇරත් අංක 7 පිතිකරුවා ලෙසින් කණ්ඩායමට එක්ව සිට තුවාල ලබා ඉවතට ගිය ජීවන් මෙන්ඩිස් සහ සචිත‍්‍ර සේනානායක දෙදෙනාගෙන් අවසන්  ඕවර කිහිපය තුළ ලබාගත හැකි සේවය සලකා බලන කල්හි සේනානායකට වඩාත් වැදගත් යමක් කළ හැකිය.

 

පිටියේ ඉතාමත් කාර්යබහුල පන්දු රකින්නකු වන සචිත‍්‍ර සේනානායක කිසිදු තර්කයකින් තොරවම මෙන්ඩිස්ට වඩා ඉදිරියෙන් සිටින පන්දු යවන්නෙකි. පිතිහරඹයේදීත් පන්දු යවන්නන්ට රිදෙන තරමේ පහර කිහිපයක් ගැසීමටද සේනානායකට පුළුවන.

 

මාවන් අතපත්තු අද සවස කී ආකාරයෙන් පිතිකරුවන්ට තමන්ගේ පහර කරා යාමට නිදහස දෙන්නේ නම් දිමුත් කරුණාරත්න වෙනුවට දිනේෂ් චන්දිමාල් යොදවා ගත හැකිය. චන්දිමාල් යනු තමන්ගේ තරම පෙන්වූ, පළපුරුදු කී‍්‍රඩකයෙකි. එහෙත් පසුගිය කාලයේ කිසියම් උපදෙසක් හෝ කිහිපයක් නිසා චන්දිමාල් තමන්ගේ සුපුරුදු පහර කරා නොයන තත්ත්වයක් දක්නට තිබිණ.

 

කෙසේ වෙතත් තමන්ගේ පහර කරා යමින් ලකුණු ලබාගැනීම පිතිකරුවා සතු වගකීමක් මිස වෙනත් අයකුට චෝදනා කළ හැකි ඉසව්වක් නොවේ.

”අප හැම වෙලාවේම කී‍්‍රඩකයකුගේ ස්වාභාවික දක්‍ෂතා අගය කරනවා. දිරිමත් කරනවා”

 

”ඒක තාක්‍ෂණය සම්බන්ධ ප‍්‍රශ්නයක් නෙමේ. තමන් දන්න දේ, තමන්ට හුරු පුරුදු දේ මැද්දට ගිහිල්ලා බය නැතිව, අසාර්ථක නොවී, කි‍්‍රයාත්මක කරන්න කාටහරි පුළුවන් නම් අපි ඔහුව නිතරම දිරිමත් කරනවා” යයි මාවන් අතපත්තු අද පස්වරුවේ වෙලින්ටන් නුවරදී පැවසීය.

 

මේ අනුව හෙට තරගයේදී ජීවන් මෙන්ඩිස් වෙනුවට සචිත‍්‍ර සේනානායකත්, දිමුත් කරුණාරත්න වෙනුවට දිනේෂ් චන්දිමාල්වත් යොදවන්නේ නම් පිතිකරු අනුපිළිවෙලේ අංක 8 දක්වා විශ්වාසය තැබිය හැකිය. ඒ සමගම කණ්ඩායම තුළ වේග පන්දු යවන්නෝ සිවු දෙනෙක් (ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්) සහ දග පන්දු යවන්නෝ තිදෙනෙක් (රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, තිලකරත්න ඩිල්ෂාන්* සිටිති. එය ඉතාමත් සමබර කණ්ඩායමකි.

 

මේ කාසියේ එක් පැත්තකි. කාසියේ අනෙක් පැත්තේ හැඩරුව මෙසේය.
තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ වෙලින්ටන් නුවර බැවින් දග පන්දු යවන්නන්ට වැඩි වාසියක් අපේක්‍ෂා කළ නොහැකිය. හරියටම සතියකට ඉහතදී නවසීලන්ත පිල විසින් එංගලන්ත කණ්ඩායම ලකුණු 123 කට දවාලූයේත් මෙම කී‍්‍රඩාංගණයේදී ටිම් සවුතී පන්දුව දෝලනය කරමින් කළ වික‍්‍රමය හේතුවෙනි.

 

එම තත්ත්වයන් සැලකිල්ලට ගතහොත් හෙට තරගයේදී යොදගත යුතු පන්දු යවන්නා වන්නේ සචිත‍්‍ර සේනානායක නොව දුෂ්මන්ත චමීරයි. දුෂ්මන්ත චමීර ගැන එංගලන්ත කී‍්‍රඩකයන් වැඩිපුර නොදන්නා නිසාත් දුෂ්මන්තට අවස්ථාව ලැබීමට ඉඩ තිබේ.

 

පන්දු යවන්නන් තේරීමේදී තවත් කාරණාවක් ගැන සැලකිල්ල යොමු කළ යුතුය. වෙලින්ටන් නුවර ප‍්‍රධාන කි‍්‍රකට් කී‍්‍රඩාංගණ දෙකින් බේසින් රිසව් කී‍්‍රඩාංගණය කඳු වලල්ලකින් වටවුණ බේසමක් වැනි තැනක පිහිටා තිබෙන නමුත් හෙට තරගය පැවැත්වෙන වෙස්ට්පැක් කී‍්‍රඩාංගණය පිහිටියේ මුහුද අද්දරය.

 

ෆිට්ස්රෝයි බොක්කත්, වෙලින්ටන් වරායත් හරහා පැමිණ අවට කඳු වළල්ලේ වැද කැරකී එන සුළගේ වේගයද පන්දුව දෝලනය කිරීමේදී පන්දු යවන්නන්ට මහත් පිටුවහලකි. එවන් තත්ත්වයක් යටතේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සිවුවැනි වේග පන්දු යවන්නා පිළිබඳව කල්පනා කළහොත් දුෂ්මන්ත චමීරට අවස්ථාව ලැබෙනු ඇත.

 

මේ තරගය පැවැත්වෙන්නේ ශී‍්‍ර ලංකාවට වඩා ඉතාමත් වෙනස් තත්ත්වයන් යටතේ බවත් ඒ ගැන නිසි අවධානය යොමුකර ඇතිද යන්න  ගැනත් කළ විමසීමේදී මාවන් අතපත්තු දුන්නේ අධි අවධාරණය කළ පිළිතුරකි.

 

”සත්තකින්ම…අපි ඒ ගැන හොඳ අවධානයකින් ඉන්නේ” යයි ශී‍්‍ර ලංකා පුහුණුකරුවා පැවසීය.

 

අනෙක් අතට එංගලන්ත පන්දු යැවීමේ බලඇණියද කිසි සේත්ම අවතක්සේරු කළ නොහැකිය. ඇරත් එංගලන්ත පන්දු යවන්නන් මේ වන විට සිටින්නේත් තුවාල ලද ව්‍යෘඝ‍්‍රයන් මෙනි. විශේෂයෙන්ම පන්දුව දෝලනය වන වටාපිටාවක ජේම්ස් ඇන්ඩසන්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ස්ටීවන් ෆින්, කි‍්‍රස් ජෝර්ඞ්න් සහ කි‍්‍රස් වෝක්ස් සමග ගනුදෙනුව පහසු නොවේ.

 

පිතිකරුවන් ගෙන බැලූවද එංගලන්තය වඩාත් සමබර කණ්ඩායමකි. ඉයන් බෙල්, ගැරී බැලන්ස් සහ ජෝ රූට් වැනි සම්මත පිතිකරුවන් සමග මොයින් අලි, ජොස් බට්ලර්, ඔයින් මෝගන් සහ ඇලෙක්ස් හේල්ස් වැනි ප‍්‍රහාරකයෝද එංගලන්තය සතුව සිටිති.

 

කොයි අතින් ගෙන බැලූවත් දෙපිලම කරට කරය. දෙපිලම සිය අවසන් 11 දෙනා තෝරා ගැනීම සඳහා කාසියේ දෙපැත්තම බලමින් සිටිති.

 

අතීත කතා ඇවැසි නොවේ. මුත්තයියා මුරලිදරන් කියන්නාක් මෙන් හෙට දිනයේ හොඳින් පන්දු යවන කණ්ඩායම තරගයෙන් ජයගනු ඇත.

 


ශී‍්‍ර ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග, දිමුත් කරුණාරත්න, සචිත‍්‍ර සේනානායක, රංගන හේරත්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, දුෂ්මන්ත චමීර, තිසර පෙරේරා, සුරංග ලක්මාල් සහ දිනේෂ් චන්දිමාල්,

 

එංගලන්ත සංචිතය
ඔයින් මෝගන් (නායක), ඉයන් බෙල්, මොයින් අලී, ගැරී බැලන්ස්, ජෝ රූට්, ජේම්ස් ටේලර්, ජොස් බට්ලර්, කි‍්‍රස් වෝක්ස්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ස්ටීවන් ෆින්, ජේම්ස් ඇන්ඩසන්, රවී බොපාරා, ඇලෙක්ස් හේල්ස්, කි‍්‍රස් ජෝර්ඞ්න් සහ ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල්

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වෙලින්ටන් නුවර වරාය අසළම පිහිටි වෙස්ට් පැක් කී‍්‍රඩාංගණය (දම් පැහැයෙන් තිතකින් දැක්වේ) කඳු වල්ලකින් වටවී තිබෙන ආකාරය

 

මාවන් අතපත්තු

”ඔහු ඒ බව පිත්තෙන්ම අපට කියා දීලා තියෙනවා. ඔහුගේ සංඛ්‍යාත්මක දත්ත ඒ බව සනාථ කරනවා….තරංග කණ්ඩායමට  ඕනෑ කියලා අපට හිතුණොත් පිතිකරු ලයිස්තුවේ අංක 1 සිට 7 දක්වා  ඕනෑම තැනකින් ඔහු පිටියට පිවිසිය හැකියි”

 

 
- උපුල් තරග පිතිකරු ලයිස්තුවේ  ඕනෑම තැනකින් පිටියට එවීම සම්බන්ධයෙන්

පන්දුව දෝලනය වුණොත් හැමෝම අමාරුවේ – මාවන්

 


ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පසුගිය වසරේදී පැවැති එක්දින තරගාවලි දෙකේදීම ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයගත් නමුත් හෙට (1 වැනිදා) එංගලන්ත පිලට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන තරගය අලූත්ම තරගයක් බවත් තමන් ඒ බව මනාව තේරුම් ගනිමින් ඊට සූදානම් වී සිටින බවත් ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරු මාවන් අතපත්තු මහතා පවසයි.

 

ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී පසුගිය බ‍්‍රහස්පතින්දා බංග්ලාදේශ පිලට එරෙහිව පැවැති දිවා/රාතී‍්‍ර තරගයට  සහභාගි වීමෙන් පසුව මෙල්බර්න් සිට නවසීලන්තයේ වෙලින්ටන් නුවර බලා පියාසර කළ ශී‍්‍ර ලංකා පිල ඉතා වෙහෙසකර තත්ත්වයයෙන් පසුවීම නිසා අද (28 වැනිදා) පුහුණුවීම් කිරීමෙන් වැළකී සිටියේය.

 

මෙම නගර දෙක අතර ගමන්  කාලයට අමතරව හිටි අඩියේම පැය දෙකකින් ඉදිරියට යාමටත් ශී‍්‍ර ලංකා පිලට සිදුවිය.

 

”මේක වෙනස් තරගයක්….වෙනස් තරගාවලියක්…..වෙනස් අකාරයේ පීඩනයක්”
”අපි ඒ සේරම වටහාගෙනයි ඉන්නේ…හැබැයි අපේ කී‍්‍රඩකයන් වෙහෙස කරවන්නේ නැතිව තරගාවලට ඉදිරිපත් කරවීමත් වැදගත්”යයි මාවන් අතපත්තු අද පස්වරුවේ වෙලින්ටන් නුවරදී පැවසීය.

 

ඇෆ්ඝනිස්ථානයට සහ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග දෙකම ජයගත් නමුත් ශී‍්‍ර ලංකා පිලේ පන්දු රැුකීම නම් පුහුණුකරුවාගේ නොසතුටට හේතු වී තිබේ. විශේෂයෙන්ම උඩපන්දු රැුකීමේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් පෙන්නුම් කරන දුර්වලතා සම්බන්ධයෙන් මාවන් අතපත්තු මහත් කණස්සල්ලට පත්ව සිටී.

 

පුවත් පත් සාකච්ඡව පැවැත්වූ වෙලින්ටන් නුවර බේසින් රිසව් කී‍්‍රඩාංගණයේදීම පැවැති ටෙස්ට් තරගයකදී උඩපන්දුවක් ගිලිහී යාම නිසා ටෙස්ට් තරගයක් පරාජය වූ ආකාරය සිහිපත් කළ ශී‍්‍ර ලංකා පුහුණුකරුවා ඒ සම්බන්ධයෙන් වැඩිදුර අවධානය යොමු කළ යුතු යයිද පැවසීය. (ශී‍්‍ර ලංකා /එංගලන්ත ලෝක කුසලාන තරගය පැවැත්වෙන්නේ මෙම කී‍්‍රඩාංගණයේ නොව වෙලින්ටන් කලාපීය කී‍්‍රඩාංගණය හෙවත් වෙස්ට්පැක් කී‍්‍රඩාංගණයේදීය)

 

”එහෙම කිව්වා වුණත්, අප පන්දු රැකීමේදී ඉතාමත් විශිෂ්ට දස්කම් පෙන්නපු අවස්ථාත් තියෙනවා. ඒ වගේම අසාර්ථක වුණ වෙලාවලූත් තියෙනවා”

 

”ඒත් මේ වගේ දීර්ඝ චාරිකා වලදී වඩාත් වැදගත් වෙන්නේ හැම දෙයක්ම නිසි පරිදි සමබරව පවත්වාගෙන යාමයි…ඇරත් අපේ කී‍්‍රඩකයන් හැම කෙනාවම වගේ නිතරම ප‍්‍රබෝධයෙන් තියන්නත් අප උත්සාහ කරනවා” යයිද මාවන් අතපත්තු වැඩිදුරටත් පැවසීය.

 

එක්දින අන්තර්ජාතික තරග වල වත්මන් ස්වරූපය අනුව පිතිකරුවෝ තනි ඉනිමකදී ලකුණු 200 ත් ඉක්මවා ලබාගනිති. එබැවින් වත්මන් එංගලන්ත පිලේ  ඕනෑම පිතිකරුවකු මෙන්ම පන්දු යවන්නකු තමන්ට තර්ජනයක් විය හැකි බවත් තමන් ඒ පිළිබඳව සම්පූර්ණ අවධානයෙන් පසුවන බවත් මාවන් අතපත්තු කියයි.

 

අංක 8 පිතිකරුවා (බොහෝ විට තිසර පෙරේරා) එදා ඇෆ්ඝනිස්ථානු පිලට එරෙහිව පන්දුවට පහර දුන් ආකාරයට සෑම තරගයකදීම පන්දුවට පහර දීම ශී‍්‍ර ලංකා පිලේ අපේක්‍ෂාවයි. එවන් පිතිකරුවකු එම ස්ථානය සඳහා තෝරාගෙන ඇත්තේ එම කාර්යයේ ඇති සුවිශේෂී වගකීම සහ වැදගත්කම හේතුවෙනි.

 

ඒ කෙසේ වෙතත් තිසර පෙරේරා සිය  ඕවර 10 යැවීමට සූදානම් විය යුතු බවත්  ඕනෑම තරගයකදී ඔහුට  ඕවර 10 ක් යවමින් තමන්ගේ වගකීම ඉටුකිරීමට තරම් ශක්තියක් ඇති, සැබෑ තුන් ඉරියව් කී‍්‍රඩකයකු යයි කණ්ඩායම විශ්වාස කරන බවත් මාවන් අතපත්තු කියයි.

 

සෑම ලෝක කුසලාන තරගාවලියකදීම වඩාත් වැදගත් වන්නේ අවශ්‍ය අවස්ථාවේදී තමන්ගේ දස්කම් උපරිම තලයට ගැනීමයි. එහෙත් ලෝක කුසලාන තරගාවලියක සෑම තරගයක්ම ඉතාමත් වැදගත් තරගයකි. මක්නිසාද යත් මූලික වටයේදී දස්කම් අනුව ලබාගන්නා ප‍්‍රසාද ලකුණු මත අර්ධ අවසන් පූර්ව වටයේදී මුණගැසෙන ප‍්‍රතිවාදියා තීරණය වන බැවිනි.

 

බොහෝ පැති වලින් බලනා කල්හි එංගලන්තය සමබර කණ්ඩායමක් බව මාවන් අතපත්තු කියයි. එහෙත් මේ දක්වා සිදුවී ඇති සිදුවීම් දෙස බලන කල්හි එංගලන්තයට ඒ සිදුවීම් සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

 

”එහෙම වුණත් පසුගියදා  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති තුන්කොන් තරගාවලියේ අවසන් මහ තරගයට ඔවුන් සුදුසුකම් ලබාගත්තා. එංගලන්තය පැත්තෙන් බලන කල එය ඔවුන්ට හොඳ දෙයක්”

 

”ඔවන්ගේ කණ්ඩායමේ ඉතාමත් හොඳ පිතිකරුවන් ඉන්නවා. පිතිකරුවන් අසාර්ථක වුණොත් ඒ වෙනුවෙන් බර කරට ගන්න පුළුවන් ඉතාමත් හොඳ වේග පන්දු බලඇණියක් ඉන්නවා” යයිද මාවන් අතපත්තු මහතා පැවසීය.

 

පසුගිය සතියේදී එංගලන්ත – නවසීලන්ත තරගයේදී ටිම් සවුතී පන්දුව දෝලනය කළ ආකාරයට මෙම තරගයේදීත් පන්දුව දෝලනය වනු ඇතැයි එංගලන්ත නායක ඔයින් මෝගන් ඊයේ අනාවැකියක් කීවේය. එහෙත් මාවන් ඒ ගැන කරදර නොවේ.

 

”අපේ නෙමෙයි, කොයි කණ්ඩායමේ වුණත්, කිසිම පිතිකරුවෙක් කැමති වෙන්නේ නෑ පන්දුව දෝලනය වෙනවාට… ඒ ටිම් සවුතිගේ හැකියාවයි….ඒත් ඒ ආකාරයට පන්දුව දෝලනය කරන්න හැම පන්දු යවන්නාටම බෑ”


” ඒ කොහොම වුණත්, පන්දුව දෝලනය වෙනවා නම් පිතිකරුවන්ට ටිකක් අමාරුවේවි” යයි පැවසූ ශී‍්‍ර ලංකා පුහුණුකරුවා…උපුල් තරංග නැවතත් කණ්ඩායමට කැඳවා තිබෙන්නේ පිතිකරු ලයිස්තුවේ  ඕනෑම තැනකින් පන්දුවට පහර දීමට ඔහුට තිබෙන හැකියාව ගැනත් සලකා බැලීමෙන් පසුව බවද ප‍්‍රකාශ කළේය.

 

”ඔහු ඒ බව පිත්තෙන්ම අපට කියා දීලා තියෙනවා. ඔහුගේ සංඛ්‍යාත්මක දත්ත ඒ බව සනාථ කරනවා….තරංග කණ්ඩායමට ඕනෑ කියලා අපට හිතුණොත් පිතිකරු ලයිස්තුවේ අංක 1 සිට 7 දක්වා  ඕනෑම තැනකින් ඔහු පිටියට පිවිසිය හැකියි” යයිද මාවන් අතපත්තු පැවසීය.

 

ඉන්දියාව අපරාජිත බව රැකගනී

 

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ 21 වැනි තරගය ලෙස එක්සත් අරාබි එමීර් පිල සහ ඉන්දියාව අතර අද (28 වැනිදා)  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත්හිදී පැවැති ‘ඒ’ කාණ්ඩයේ දිවා රාති‍්‍ර තරගයෙන් කඩුලූ 9 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.

 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 103 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව  ඕවර 18.5 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

 

ඉන්දීය පිලේ පළමු කඩුල්ල ලෙස ලකුණු 14 ක් ලබා සිටි ශිකර් ධවාන් පිටියෙන් ඉවත් කිරීමට මොහොමඞ් නවීඞ් සමත් වූ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 74 කදි ලකුණු 75 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගෙඩනැගූ රෝහිත් ශර්මා (නොදැවී 57) සහ විරාට් කෝලි (නොදැවී 33) සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

 

පන්දු 55 කදී වාර්තා වූ රෝහිත් ශර්මාගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය.

 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් පිලට  ඕවර 31.3 කදී සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 102 ක් පමණි.

 

එක්සත් අරාබි එමීර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශයිමන් අන්වර් පන්දු 49 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණ් 35 ක් රැස්කළේය. පිතිකරුවන් 8 දෙනෙකුම ලකුණු 10 සීමා ඉක්මවා යෑමට පෙර දැවීයාම එක්සත් අරාබි එමීර් පිලට විශාල පාඩුවක් විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 25 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය.

 


එක්සත් අරාබි එමීර් පිල –  ඕවර 31.3 කදී සියලූ දෙනා දැවී 102
(කුරාම් ඛාන් 14, ශයිමන් අන්වර් 35, රවිචන්ද්‍රන් අෂ්වින් 25/4, උමේෂ් යාදව් 15/2, රවින්ද්‍ර ජදේජා 23/2)

 

ඉන්දියාව –  ඕවර 18.5 කදී කඩුල්ලක් දැවී 104
(රෝහිත් ශර්මා නොදැවී 57, ශිකර් ධවාන් 14, විරාට් කෝලි නොදැවී 33)

 

 

- 036

 

 

නවසීලන්තය කඩුල්ලකින් ඕස්ටේ‍්‍රලියාව පරදවයි

 

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ 20 වැනි තරගය ලෙස  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර අද (28 වැනිදා)  ඕක්ලන්ඞ්හිදී පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට නවසීලන්තය සමත් විය.


 
ජයග‍්‍රහණය සඳහා ලකුණු 152 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිල, ඕවර 23.1 ක් අවසානයේ කඩුලූ 9 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

 

එහිදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 24 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 50 ක් රැස්කළේය.

 

මැකලම්ගේ ඉනිම නිමා කිරීමට පැට් කමින්ස් සමත් වීමත් සමගම රොස් ටේලර් එක් ලකුණකටත්, ග‍්‍රාන්ට් එලියට් ලකුණු ලබාගැනීමට පෙරත් පිටියෙන් ඉවත් කිරීමට මිචෙල් ස්ටාර්ක් සමත් විය.

 

ලකුණු 79 කට නවසීලන්ත කඩුලූ 4 ක් දැවී තිබියදී 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කේන් විලියම්සන් (නොදැවී 45) සහ කෝරි ඇන්ඩසන් (26) සමත් වූහ.

 

ඇන්ඩසන්ගේ දැවී යෑමෙන් අනතුරුව නැවතත් කි‍්‍රයාත්මක වූ මිචෙල් ස්ටාර්ක් සහ පැට් කමින්ස්, ලකුණු 15 ක් තුළ නවසීලන්ත පිලේ තවත් පිතිකරුවන් සිව්දෙනෙක් ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවූහ.

 

කෙසේ වුවත් තරගය අවසන් වන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් කේන් විලියම්සන්, අවසන් පිතිකරු ටෙ‍්‍රන්ට් බෝල්ට් සමග එක්ව නවසීලන්ත පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය. නවසීලන්ත පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ මිචෙල් ස්ටාර්ක්,  ඕවර 9 ක් යවමින් ලකුණු 28 කට කඩුලූ 6 ක් දවාගැනීමට සමත් විය.

 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියානු පිලට  ඕවර 32.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 151 ක් ලබාගත්තේය.    ඕස්ටේ‍්‍රලියානු පිලේ වැඩිම ලකුණු ලාභියා වූ බ‍්‍රැඞ් හැඞ්න් පන්දු 41 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළේය.

 

ඬේවිඞ් වෝනර් (34) සහ ෂේන් වොට්සන් (23) එක්ව  ඕස්ටේ‍්‍රලියානු පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ.  

 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටෙ‍්‍රන්ට් බෝල්ට්  ඕවර 10 ක් යවා ලකුණු 27 කට කඩුලූ 5 ක් දවාගනිමින්  ඕස්ටේ‍්‍රලියානු පිල අසරණ තත්ත්වයකට ඇද දැමුවේය. ඕස්ටේ‍්‍රලියානු පිලේ පිතිකරුවන් 5 දෙනෙකු සහ නවසීලන්ත පිලේ පිතිකරුවන් 6 දෙනෙකු ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවීයාමද මෙම තරගයේදී කැපීපෙනෙන සිදුවීමක් විය.


ඕස්ටේ‍්‍රලියාව –  ඕවර 50 කදී සියලූ දෙනා දැවී 151
(ඒරන් ෆින්ච් 14, ඬේවිඞ් වෝනර් 34, ෂේන් වොට්සන් 23, බ‍්‍රැඞ් හැඞ්න් 43, ටෙ‍්‍රන්ට් බෝල්ට් 27/5, ඩැනියෙල් විටෝරි 41/2, ටිම් සවුති 65/2)

නවසීලන්තය –  ඕවර 23.1 කදී කඩුලූ 9 ක් දැවී 152
(බ්‍රෙන්ඩන් මැකලම් 50, කේන් විලියම්සන් නොදැවී 45, කෝරි ඇන්ඩසන් 26)

 

 

 

 

 

එංගලන්තයට එරෙහි තරගය අවදානම්

 

දැන් දැන් ශී‍්‍ර ලංකා කණ්ඩායමට වෙතින් දකින්නට ලැබෙන සටන්කාමීත්වයට මම කැමැත්තෙමි. මෙවර ලෝක කුසලාන තරගමාලාවේ නවසීලන්තය සමග පැවැති තරගයේදී ශී‍්‍ර ලංකා පිල මන්දගාමී ආරම්භයක් ලබා ගත් නමුත් ඉන් පසුව කී‍්‍රඩාකළේ කාණ්ඩයේ වැඩිපුර අවධානයට ලක් නොවූ ඇෆ්ගනිස්තානය හා  බංග්ලාදේශය සමගය.

 

ඇෆ්ගනිස්තාන තරගයේ දී මහේල ජයවර්ධන හා ඇන්ජෙලෝ මැතිව්ස් අතර ඇතිවූ අනර්ඝ සම්බන්ධතාව නිසා කණ්ඩායම පරාජයෙන් මුදවා ගැනීමට හැකි විය.

 

අමාරුවෙන් ලබාගත්තත් දිනුම යනු දිනුමකි. එය කඩුලූ 10 කින් දිනාගත්තත්, එක් කඩුල්ලකින් දිනා ගත්තත් වෙනසක් නැත. බංග්ලාදේශයට එරෙහි තරගයේ සාර්ථකත්වය අපේ කණ්ඩායමේ අධිෂ්ඨානය හොඳින් ඉස්මතුවීමක් ලෙස මම දකිමි.

 

මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ දී පැවැති එම තරගයේදී ළහිරු තිරිමාන්න, තිලකරත්න ඩිල්ෂාන් හා කුමාර් සංගක්කාර නැවතත් සිය කුසලතා මැනවින් මුවහත් කර ගත්හ. එය එක්වරම ප‍්‍රතිවාදී කණ්ඩායම්වලට අනතුරු අඟවන ස්වරූපයක් ගෙන තිබේ. ආබාධයකට ලක්වූ තුන්ඉරියව් කී‍්‍රඩක ජීවන් මෙන්ඩිස් වෙනුවට ආරම්භක පිතිකරු උපුල් තරංග කණ්ඩායමට එක්වීමත් කණ්ඩායමේ පිතිහරඹ පෙළගැස්ම නිවැරිදි මාවතට ප‍්‍රවිශ්ඨ වීමකි.

 

ලෝක කුසලානය වැනි කැපී පෙනෙන තරගමාලාවකින් ඉවත් වීමට කිසිදු ක‍්‍රීඩකයකු කැමැති නැත. එහෙත් ජීවන් මෙන්ඩිස්ට එම ඉරණමට මුහුණදීමට සිදුවිය. එහෙත් ඇත්ත වශයෙන්ම දඟපන්දු යැවීමේ තුන්ඉරියව් කී‍්‍රඩකයකු වශයෙන් ජීවන් මෙන්ඩිස්  ඕස්ටේ‍්‍රලියාවට ගෙන යාම වටකුරු සිදුරකට හරි හතරැස් ඇබයක් ගැසීමට උත්සාහ කළාක් වැනිය.

 

වසර කිහිපයක ලත් අත්දැකීම් ඇති කැපී පෙනෙන කී‍්‍රඩකයකු හැටියට තරංග පළමු අවස්ථාවේදීම කණ්ඩායමට ඇතුළත් කරගත්තා නම් එය කණ්ඩායම තවත් සමබර පෙනුමක් දෙන ආකාරයේ තෝරා ගැනීමක් විය හැකිව තිබිණ. ඒ සියල්ල මැද  එංගලන්තයට එරෙහි තරගය මැතිව්ස්ගේ කණ්ඩායමට සෑම අතින්ම අනතුරුදායක තරගයකි.

 

පන්දුව දෝලනය වීම අඩුබැවින්  ඕස්ටේ‍්‍රලියානු භූමියේ ස්වභාවය ශී‍්‍ර ලංකාවේ පිතිකරුවන්ට හොඳින් ගැලපේ. එහි දී ලැබෙන පන්දුවේ අතිරේක ඉපිළීමට සාර්ථකව මුහුණදීමට ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට හැකිය. එහෙත් එංගලන්ත තරගය සඳහා නැවතත් නවසීලන්තය බලා යාමට සිදුවීම (විශේෂයෙන් බංග්ලාදේශය හා එංගලන්තය තරගවලට දින දෙකක් ඇතුළත) නම් හොඳ දෙයක් නොවේ.

 

කොහොම වුණත්  ඕස්ටේ‍්‍රලියාව හා නවසීලන්තය හමුවේ පරාජයට පත්වීමෙන් පසුව එංගලන්තයද ජයග‍්‍රහණයේ පිපාසයෙන් පෙළෙමින් සිටී. හෙට (ඉරිදා) තරගය පැවැත්වෙන වෙලින්ටන් නුවර වෙලින්ටන් කලාපීය (වෙස්ට්පැක්) කී‍්‍රඩාංගණයට ඔවුන් පැමිණෙන්නේ දෙවැනි වතාවටය. මීට පෙර මෙම කී‍්‍රඩාංගණයේදීම ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරගය ජයගැනීමට එංගලන්තය සමත් විය.

 

හෙට (ඉරිදා) පැවැත්වෙන තරගය ජයගන්නේ හොඳින්ම පන්දු යවන කණ්ඩායම බවට කිසිදු සැකයක් නැත. දරුණු පරාජයන් දෙකකින් පසුව, එංගලන්තයේ වේගපන්දු බලඇණිය ගැන ප‍්‍රශ්නයක් පැන නැගී තිබේ. එහෙත් ඇත්තම කියනවානම් ශී‍්‍රි ලංකාවේ වේගපන්දු යවන්නෝද දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටිති.

 

මෙල්බර්න් පිටියේ දී දුටු ලොකුම සුබවාදී කරුණ වන්නේ නව පන්දුවෙන් ලසිත් මාලිංග වැඩ පෙන්වීමය. ඔහු නැවත පරණ තාලෙට හැඩගැසී ඇති සෙයකි. එය ඔහු දස්කම් අතරට පැමිණීමේ අවශ්‍යතාව දැනී තිබුණු කණ්ඩායමට හොඳ නිමිත්තකි.

 

පසුගිය වසරේදී ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය තරග කළ අවස්ථා දෙකේදී සිදුවූ දේ සම්බන්ධයෙන්  ඕනෑවට වඩා සිතන්නට යාමේ උගුලට ශී‍්‍ර ලංකා පිල මේ වතාවෙදී නොවැටෙනු ඇතැයි මම කල්පනා කරමි. ශී‍්‍ර ලංකාවේදී පැවැති එම තරගමාලාවෙන් ශී‍්‍ර ලංකාව තරග 4-2 කින් ජය ලැබීය. එමෙන්ම එය අපේ කණ්ඩායමේ කොල්ලන්ට පී‍්‍රතිමත් මතක සටහනක්ද විය.

 

එදා එසේ නමුත් ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක කී‍්‍රඩා කරන හෙට තරගයේ දී ඒවා සිහිපත් කිරීමෙන් කිසි වැඩකට නැත. ඒ තරගමාලාවේ දී එංගලන්තය දගපන්දු යවන්නන් හමුවේ දුෂ්කරතාවට පත්විය. නමුත් නවසීලන්තයේ ස්වභාවයට අනුව මඳවේග පන්දු යවන්නන්ගේ දස්කම් මත සාර්ථකත්වය රැුඳී ඇතැයි කිව හැකිය.

 

සියල්ල රැුඳී ඇත්තේ මාලිංග ප‍්‍රමුඛ වේගපන්දු යවන්නන් මතය. රංගන හේරත් සමග සචිත‍්‍ර සේනානායක දමා එකිනෙකට වෙනස් හැකියාවන් පරීක්ෂණයට භාජනය කළ යුතුය. හේරත්ගෙන් තරගයට වැඩි සහයක් ලබාගත හැකිවනු ඇත. එහෙත් ඩිල්ෂාන්ට වඩා පන්දුව දඟකවන වෙනත් කී‍්‍රඩකයකු යොදා ගැනීමෙන් එය තවත් සාර්ථක කරගත හැකිය.

 

හෙට තරගයේ දී මොනවා වුණත් කණ්ඩායම් දෙකම අර්ධ අවසන් පුර්ව වටයට යාමේ සූදානමින් පසුවෙති. නමුත් මම විශ්වාස කරන්නේ ජයග‍්‍රහණය වඩා වැදගත් බවයි. මන්දයත් ‘ඒ’ කාණ්ඩයේ ඉදිරියෙන් සිටිමින් මූලික තරග නිමාකරන කණ්ඩායම්වලට  අර්ධ අවසන් පුර්ව වටයේ දී ලෝක කුලානයේ වත්මන් හිමිකරු වන ඉන්දියාව සමග තරග කිරීමෙන් වැළකී සිටිය හැකිය. මට පෙනෙන ආකාරයට ඉන්දියාව‘බී’ කාණ්ඩයේ පෙරමුණට පත්වනු ඇත.

 

මට සිතෙන ආකාරයට අනිකුත් කණ්ඩායම් කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාව පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුන්ගේ වාසනාව උරගා බලනු ඇත.

 

මේ මොහොතේදී සිය පිතිහරඹ ශක්තියෙන් භයානකම කණ්ඩායම බවට ඉන්දියාව පත්වී සිටී.  2011 ඔවුන් අපට එරෙහිව තරග වැදුණු ආකාරයටම මෙවරත් පිතිකරුවන්ගේ ස්ථාවර බවක් දෝනිගේ පිලේ පෙනෙන්නට තිබේ.

 

මෙවර තරගමාලාවට පෙර  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති ටෙස්ට් හා එක්දින තරගවලදී දැඩි ලෙස දුෂ්කරතාවට පත්වූ ඉන්දියාව දැන් ඊට හාත්පසින්ම වෙනස් පෙනුමක් ගෙන ඇත. ‘ඒ’ කාණ්ඩයෙන් සිවුවැන්නා ලෙස මූලික තරගවටය නිමාකරන කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාව සමග තරග වැදීමට සිදුවනු ඇත.

 

ඉතින් හෙට තරගය ‘ඒ’ කාණ්ඩයේ තුන්වැන්නා තීරණය කරන්නකි. එහෙත් තවත් සතියකට පසුව පැවැත්වෙන  ඕස්ටේ‍්‍රලියා තරගයේදීත් ජය ලැබිය හැකිනම් ශී‍්‍ර ලංකා පිලට දෙවැනි තැන වුවත් ගත හැකිය. එය නොකළ හැකි දෙයකුත් නොවේ.

 


- අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල වෙබ් අඩවිය අනුග‍්‍රහයෙනි

වාර්තා පොත අලූතින් ලියන ඩිවිලියස්ගේ පිත්ත


ඕස්ට්‍රේලියාවේ සිඞ්නි නුවරදී අද (27 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පන්දු රකින්නන් නරඹන්නන් බවට පත්කරමින් පන්දු 66 කදී ලකුණු 162 ක් රැස්කළ ඒ. බී. ඩිවිලියස්, එක්දින ජාත්‍යන්තර තරගයකදී කී‍්‍රඩකයෙක් රැස්කළ වේගවත්ම ලකුණු 150 වාර්තාවට හිමිකම් කීමට සමත් විය.

 

පන්දු 30 කදී ලකුණු 50 සීමාව පසු කළ ඩිවිලියස්, පන්දු 52 කදී ලකුණු 100 සීමාවද, පන්දු 64 කදී ලකුණු 150 සීමාවද පසුකරමින් එම වාර්තාව තමන් සතු කරගත්තේය. මෙය ඩිවිලියස්ගේ හොඳම එක්දින ඉනිම වන අතර පන්දු 66 කදී වාර්තා වූ ඊට දැවැන්ත හයේ පහර 8 ක් සහ හතරේ පහර 17 ක් ඇතුළත් විය.

 

අද දිනයේදී ඩිවිලියස් බිඳ දැමුවේ 2011 වසරේදී බංගලාදේශයට එරෙහිව ඩකා නුවර පැවැති තරගයකදී පන්දු 83 කින් ලකුණු 150 සීමාව පසුකරමින්  ඕස්ටේ‍්‍රලියාවේ ෂේන් වොට්සන් පිහිටුවා තිබූ වාර්තාවයි. පන්දු 96 කදී ලකුණු 185 ක් රැස්කරමින් ෂේන් වොට්සන් එම වාර්තාව පිහිටුවා තිබිණ.

 

එහි තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ සනත් ජයසූරියට හිමිවී තිබෙන අතර ඔහු 2006 වසරේදී එංගලන්තයට එරෙහිව ලීඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයකදී පන්දු 99 කින් ලකුණු 152 ක් රැස් කරගෙන තිබේ.

 

ඒ අනුව මේ වන විට එක්දින ජාත්‍යන්තර තරගවල වේගවත්ම අර්ධ ශතකය, වේගවත්ම ශතක සහ වේගවත්ම ලකුණු 150 යන ලෝක වාර්තා තුනේම හිමිකරුවා වීමට ඩිවිලියස් සමත්ව සිටියි.

 

ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය පන්දු 17 කදී වාර්තා කර තිබූ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව කොදෙව් පිලට එරෙහිව පන්දු 16 කදී ඩැහැගත් ඩිවිලියස්, එම ඉනිමේදීම පන්දු 31 කදී ශතකයක් ලබාගනිමින් නවසීලන්තයේ කෝරි ඇන්ඩසන් පන්දු 36 කදී වාර්තා කර තිබූ වේගවත්ම ශතකයේ වාර්තාවද බිඳ දැමීමට සමත් විය.

 

මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 181 කට සහභාගි වී ඇති ඩිවිලියස් එහිදී ඉනිම් 174 ක් තුළ ලකුණු 7514 ක් රැස්කිරීමට සමත්ව සිටියි. ඊට ශතක 19 ක් සහ අර්ධ ශතක 43 ක් ඇතුළත් වේ. ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 51.82 ක් වන අතර පන්දුවට පහරදීමේ වේගය 96.94 ක් ලෙස දැක්වේ.  

 

දකුණු අපි‍්‍රකාව දෙවැනි තැනට පැනගනී

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ‘බී’ කාණ්ඩයෙන් තරග කරන කණ්ඩායම් අතරේ පහළට වැටී සිටි දකුණු අපි‍්‍රකානුවෝ කොදෙව් පිලට එරෙහිව අද (27 වැනිදා) පැවැති තරගයේදී ලබාගත් දැවැන්ත ජයත් සමගින් ප‍්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි තැනට පැනගත්හ.

 

ලෝක කුසලාන 2015 – ප්‍රසාද ලකුණු පුවරුව
2015.02.27 දා – දකුණු අප්‍රිකා / කොදෙව් තරගය නිමා වීමෙන් පසු
‘ඒ‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ. ශු.ල.වේ.  ප්‍ර.ලකුණු 
නවසීලන්තය 3 3 0 3.586           6.00
ශ්‍රී ලංකාව 3 2 1 0.047           4.00
ඕස්ට්‍රේලියාව 2 1 0 1 2.220           3.00
බංග්ලාදේශය 3 1 1 1 0.130           3.00
ඇෆ්ගනිස්ථානය 3 1 2 -0.760           2.00
එංගලන්තය 3 1 2 -1.415           2.00
ස්කොට්ලන්තය 3 0 3 -1.735                –  
 
‘බී‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ. ශු.ල.වේ.  ප්‍ර.ලකුණු 
ඉන්දියාව 2 2 0 2.060           4.00
දකුණු අප්‍රිකාව 3 2 1 1.260           4.00
අයර්ලන්තය 2 2 0 0.338           4.00
බටහිර ඉන්දීය කොදෙව් 4 2 2 -0.313           4.00
සිම්බාබ්වේ 3 1 2 -0.827           2.00
එක්සත් අරාබි ජනපදය 2 0 2 -0.175  – 
පාකිස්තානය 2 0 2 -2.260  –