හේරත් හදිසියේ ගෙදර එයි

නවසීලන්තයේදී දැන් පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වී සිටි ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම දඟ පන්දු යවන්නා වන රංගන හේරත් පෞද්ගලික හේතුවක් නිසා නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. හේරත්ගේ සමීප ඥාතියකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වේ.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු පුහුණු තරගය ලබන 9 වැනිදා පැවැත්වෙන නිසා ලබන 3 වැනිදා වන විට ඔහු නැවත නවසීලන්තය බලා යා යුතුය.

පළමු තුන්දින තරගයේ විසඳුමක් නෑ

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ බංග්ලාදේශ වයස 19 න් පහළ පිල අතර තරග දෙකකින් සමන්විත තුන්දින ක‍්‍රිකට් තරගාවලියේ රංගිරි අඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගය විසදුමකින් තොරව අවසන් විය. තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද (30) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ යොවුන් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 289 ක් ලබා ලකුණු 70 ක් ඉදිරියෙන් සිටියේය.

ශී‍්‍ර ලංකා යොවුන් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සලිදු උෂාන් පන්දු 254 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 77 ක් රැස් කළේය.

ශද්මන් ඉස්ලාම් පන්දු 167 කදී හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් රැස්කරමින් තරගයේ ඉහළතම ලකුණු ලාභියා බවට පත්විය.

ශ්‍රී ලංකා යොවුන් පිලේ පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක නිෂාන් පීරිස් ලකුණු 91 කට කඩුලූ 4 ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල පළමු ඉනිම 216
(කවීන් බණ්ඩාර 22, සලිදු උෂාන් 77, චරිත් අසලංක 16, මාලිංග අමරසිංහ 26, සමූ අෂාන් 18, රවි`දු තිලකරත්න 25, අසිත ප‍්‍රනාන්දු 23, මෙහෙඩි හසන් 65/3, නිහදුෂාමන් 55/5)

බංග්ලාදේශ වයස 19 න් පහළ පිල පළමු ඉනිම කඩුලූ 8 ට 289
(යසිෆ් හසන් 19, ශද්මන් ස්ලාම් 56, ජෙයිරෂ් ශීක් නොදැවී 100, මෙහෙඩි හසන් 41, නිහදුෂාමන් 29, නිෂාන් පීරිස් 91/4, රවි`දු තිලකරත්න 58/2)

විදුලි පංකාවෙන් තණතීරුව වියළයි

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ බංග්ලාදේශ වයස 19 න් පහළ පිල අතර තරග දෙකකින් සමන්විත තුන්දින ක‍්‍රිකට් තරගාවලියේ රංගිරි අඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයේ අවසන් දිනය වූ අද (30 වැනිදා) තණතීරුව වියළා ගැනීමට විදුලි පංකා සහ අධිසැර විදුලි ආලෝක ප‍්‍රභව යොදාගන්නා ලදි.

බ‍්‍රහස්පතින්දා රාති‍්‍රයේ වැටුණු වර්ෂාව හේතුවෙන් රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේ තණතීරුව තෙමුණු අතර අවසන් දිනය වූ අද තරගය ආරම්භ කිරීම ප‍්‍රමාද විය. තණතීරුව වියළා තරගය ආරම්භ කිරීමට කී‍්‍රඩාංගණ බලධාරීන් දැඩි උත්සාහහයක් ගත් නමුත් තරගයේ විසඳුමක් ලබාගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් විදුලි පංකා යොදාගනිමින් තණතීරුව වියළීමට ගත් උත්සාහය පිළිබඳව බංග්ලාදේශ කී‍්‍රඩකයෝ විමතියෙන් බලා සිටියහ.

එංගලන්ත පිල අවසන් තරගයට

 

‘කාල්ටන් මිඞ්’ තුන්කොන් එක්දින තරගාවලියේ මුල් වටයේ අවසන් තරගය ලෙස ඉන්දියාව සහ එංගලන්තය අතර අද (30 වැනිදා) පර්ත්හිදී පැවැති තරගයෙන් කඩුලූ 3 ක ජයක් ලැබූ එංගලන්ත පිල තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

 

ලකුණු 201 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිල පන්දු 19 ක් ඉතිරිව තිබියදී කඩුලූ 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර එංගලන්ත ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 140 කදී ලකුණු 125 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජේම්ස් ටේලර් (82) සහ ජොස් බට්ලර් (67) තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

 

පන්දු 122 කදී වාර්තා වූ ටේලර්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 78 කදී වාර්තා වූ බට්ලර්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිල  ඕවර 48.1 ක් අවසානයේ සියලූදෙනා දැවී ලකුණු 200 ක් ලබාගත් අතර ඉන්දීය පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 120 කදී ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ශිකර් ධවාන් (38) සහ අජන්ක්‍යා රහනේ (73) සමත් වූහ.

 

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රහනේ, සිය අර්ධ ශතකයට හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් අලංකාර කළේය.

 

ස්ටීවන් ෆින් එංගලන්ත පිල වෙනුවෙන් ලකුණු 36 කට කඩුලූ 3 ක් දවාගත් අතර මුයින් අලී, කි‍්‍රස් වොක්ස් සහ ස්ටුවර්ට් බෝඞ් කඩුලූ 2 බැගින් දවාගනිමින් ඉන්දීය ඉනිම සුණුවිසුනු කළහ.

 

කාසියේ වාසිය දිනූ එංගලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය පිලට ආරාධනා කර සිටියේය.

 

ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අවසන් මහ තරගය පෙබරවාරි මස 1 වැනිදා පර්ත්හිදී පැවැත්වීමට නියමිතය.

 

ඉන්දියාව –  ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 200
(ශිකර් ධවාන් 38, අජන්ක්‍යා රහනේ 73, මහේන්ද්‍ර සිං දෝනි 17, ස්ටීවන් ෆින් 36/3, මොයින් අලී 35/2, කි‍්‍රස් වොක්ස් 47/2, ස්ටුවර්ට් බෝඞ් 56/2)

 

ඕස්ටේ‍්‍රලියාව –  ඕවර 46.5 කදී කඩුලූ 7 ක් දැවී 201
(මුයින් අලී 17, ජේම්ස් ටේලර් 82, ජොස් බට්ලර් 67, ස්ටුවට් බිනී 33/3, මෝහිත් ශර්මා 36/2)

පර්ත් ස්කෝර්චර්ස් බිග් බෑෂ් ශූරතාව දිනයි

 

බිග් බෑෂ් විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව පිට පිටම දෙවැනි වරටත් දිනාගැනීමට පර්ත් ස්කෝර්චර්ස් පිල සමත් විය. ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරා නුවර පැවැති අවසන් මහ තරගයේදී සිඞ්නි සික්සර්ස් පිල කඩුලූ 4 කින් පරාජය කරමින් පර්ත් ස්කෝර්චර්ස් පිල ශූරතාවට හිමිකම් කීවේය.

 

අවසන් තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය පර්ත් ස්කෝර්චර්ස් පිල අවසන් පන්දුවේදී ජයග‍්‍රාහී ලකුණ රැස්කරමින් පේ‍්‍රක්ෂකයන් උද්දාමයට පත්කිරීමට සමත් වූහ.

 

ඕස්ටේ‍්‍රලියාවෙන් බිහිවූ ප‍්‍රබල වේග පන්දුයවන්නකු වූ බ්‍රෙට් ලී, සිඞ්නි සික්සර්ස් පිල වෙනුවෙන් අවසන්  ඕවරය යැවීමට පැමිණි අතර පර්ත් ස්කෝර්චර්ස් පිලට තරගය ජය ගැනීම සඳහා එම  ඕවරයේදී ලකුණු 8 ක් රැස්කිරීමට නියමිතව තිබිණ.

 

එම  ඕවරයේ පළමු පන්දු 3 දී ලකුණු 7 ක් රැස්කිරීමට මයිකල් කාබෙරි සමත් වුවද, සිව්වැනි සහ පස්වැනි පන්දු වලදී පිට පිට කඩුලූ දෙකක් දවාගත් බ්‍රෙට් ලී තරගය නැවතත් දෙපිළටම විවෘත කළේය.

 

තරගයේ අවසන් පන්දුවට මුහුණදීම සඳහා පිටියට පැමිණි යසර් අර්ෆර්ට එම පන්දුවට පහරක් ගැසීමට නොහැකි විය. පහරක් නොගැසුව ද පිතිකරුවන් දෙදෙනා ලකුණක් කරා පැති මාරු කරගැනීමට පෙර තමා වෙත ඇදී ආ පන්දුව කඩුල්ල වෙත යොමු කිරීමට සිඞ්නි සික්සර්ස් පිලේ කඩුලූ රකින කී‍්‍රඩක රයන් කාර්ටස් අසමත් වීම නිසා තරගයේ ජය පර්ත් ස්කෝර්චර්ස් පිලට හිමිවිය.

 

පර්ත් ස්කෝර්චර්ස් පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ෂෝන් මාෂ් (73) සහ මයිකල් ක්ලිංගර් (33) සමත් වූ අතර පන්දු 59 කදී වාර්තා වූ ෂෝන් මාෂ්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

 

බ්‍රෙට් ලී සිය අවසන් විස්සයි20 තරගයට සහභාගී වෙමින් ලකුණු 25 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

පළමුවෙන් පන්දුවට පහරදුන් සිඞ්නි සික්සර්ස් පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී 147 ක් ලබාගත් අතර එහිදී අගනා පිතිහරඹයක නිරත වූ නායක මොයිසස් හෙන්රික්ස් පන්දු 57 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 77 ක් රැස්කළේය.

 

පර්ත් ස්කෝර්චර්ස් පිල, බිග් බෑෂ් ඉතිහාසයේ වැඩිම වාර ගණනක් අවසන් මහ තරගයට පැමිණි කණ්ඩායම ලෙස වාර්තා පෙතට ඇතුළත්ව සිටින අතර තරගාවලිය ආරම්භ කළ වසරේ සිට මෙතෙක් සිවුවරක් අවසන් තරගය දක්වා පැමිණ තිබේ.

 

සිඞ්නි සික්සර්ස් පිල –  ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 147
(නික් මැඩින්සන් 19, මොයිසස් හෙන්රික්ස් 77, රයන් කාර්ටර්ස් 35)

 

පර්ත් ස්කෝර්චර්ස් පිල –  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 148
(ෂෝන් මාෂ් 73, මයිකල් ක්ලිංගර් 33, ඇඩම් වෝගස් 20, බ්‍රෙට් ලී 25/3, නේදන් ලයන් 34/2)

036

ශ්‍රී ලංකා පිල ලකුණු 34 කින් ජයගනී

 

ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ වෙලින්ටන්හිදී අද (29) පැවැති හත්වැනි සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 34 ක ජයක් ලැබීය. නවසීලන්තය 4-2 ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගත්තේය.

 

ජයග‍්‍රහණය සදහා ලකුණු 288 ක ඉලක්කය හඹාගිය නවසීලන්ත ඉනිම  ඕවර 45.2 කදී ලකුණු 253 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

 

නුවන් කුලසේකර (55/2), ශාමින්ද එරංග (34/2) සහ දුෂ්මන්ත චමීර (60/2) කඩුලූ දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ.

 

ලූක් රොන්චි පන්දු 42 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 47 ක් රැුස්කරමින් වැටී තිබූ ඉනිමට ශක්තියක් එකතු කළේය.

 

ලකුණු 141 ට කඩුලූ 6 ක් වැටී තිබියදී ලූක් රොන්චි සහ ඩැනියල් විටෝරි (35) 7 වැනි කඩුල්ලට ලකුණු 74 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණයට ලඟා වියහැකි මට්ටමකට රැගෙන ආහ.

 

නායක කේන් විලියම්සන් පන්දු 83 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 54 ක් රැස් කළේය.

 

රෝස් ටේලර් ලකුණු 11 ක් ලබා තෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමඟ නවසීලන්ත ඉනිම සසළ විය.

 

ටොම් ලෙතම් සිවුවැනි  ඕවරයේ තෙවැනි පන්දුවේදී ලකුණු 6 කට දැවී ගිය අතර නවසීලන්ත පිලට පළමු අධිවේගී  ඕවර 10 යේදී රැුස්කළ හැකි වූයේ ලකුණු 34 ක් පමණි.

 

නුවන් කුලසේකර යැවූ නවසීලන්ත ඉනිමේ පළමු පන්දුවේදී මාටින් ගප්ටිල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

 

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සිය 21 වැනි එක්දින ශතක ලෙස පන්දු 105 කදී හතරේ පහර 14 ක් සමගින් නොදැවී ලකුණු 113 ක් රැස්කිරීමට සමත් විය.

 

සංගක්කාර ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පැමිණීමට තවත් ලකුණු 12 ක් පමණක් පසු පසින් සිටියි. සංගක්කාර මේ වන විට තරග 397 කදී ලකුණු 13,693 ක් රැස්කරමින් තෙවැනි ස්ථානයේ පසු වෙයි.

 

ඕස්ටේ‍්‍රලියානු හිටපු නායක රිකි පොන්ටිං තරග 375 කදී ලකුණු 13,704 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවෙයි.

 

ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් තරග 463 කදී ශතක 49 ක් සහ අර්ධ ශතක 96 ක් සමගින් ලකුණු 18,426 ක් රැස්කරමින් එක්දින ලකුණු ලාභීන් අතර පළමු ස්ථානය හිමිකර ගෙන සිටියි.

 

අංක 5 පිතිකරු ලෙස පිටියට පිටිසි සීකුගේ ප‍්‍රසන්නට රැුස්කළ හැකි වූයේ ලකුණක් පමණි. අධිවේගී  ඕවර තුළදී සීකුගේ පිතිකරු ලැයිස්තුවේ ඉදිරියට ගෙන එමින් දිනේෂ් චන්දිමාල් පසු පසට තල්ලූ කිරීමෙන් ශ‍්‍රී ලංකාවට පහසුවෙන් ලකුණු 300 ට යෑමට තිබූ අවස්ථාව බිලි දුන්නේය.

 

මහේල ජයවර්ධන ලකුණු 14 ක් ලබා සිටියදී ටිම් සවුතිගේ පන්දුවක් තර්ඞ් මෑන් කළාපයට ස්ථානගත කිරීමට යෑමෙන් කඩුලූ රකින ක‍්‍රීඩක ලූක් රොන්චි උඩ පන්දුවක් රැකගැනීමෙන් දැවී ගියේය.

 

තිලකරත්න ඩිල්ෂාන් මෙම තරගාවලියේ තවත් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 98 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 81 ක් ක් දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්විය. මෙය ඩිල්ෂාන්ගේ 42 වැනි එක්දින අර්ධ ශතකයයි.

 

තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර දෙවැනි  කඩුල්ලට ලකුණු 104 ක සම්බන්ධතාවක් පවත්වමින් නවසීලන්ත පිලේ සියලූම සැළසුම් සුණු විසුණු කිරීමට සමත් වූහ.

 

ළහිරු තිරිමාන්න පන්දු 41 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 30 ක් ලබා කොරි ඇන්ඩසන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.  

 

ශ‍්‍රී ලංකා පිලේ තාවකාලික නායක ළහිරු තිරිමාන්න කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

 

කුමාර් සංගක්කාර තරගයේ වීරයා සෙ ද, කේන් විලියම්සන් තරගාවලියේ වීරයා ලෙස ද, සම්මාන හිමිකර ගත්තේය.

 

ආබාධයකට ලක්ව සිටින ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයෙන් ද ඉවත්ව සිටියේය.

 

මෙම සංචාරය අතරමගදී එක්වූ පා ද`ග පන්දු යවන සීකුගේ ප‍්‍රසන්න සහ වේග පන්දු යවන දුෂ්මන්ත චමීර මෙම තරගයට ක‍්‍රීඩා කළහ.

 

නවසීලන්ත පිලේ නායක බ්‍රෙන්ඩන් මැකලම් මෙම තරගයට ක‍්‍රීඩා නොකරන අතර උප නායක කේන් විලියම්සන් නායකයා ලෙස කටයුතු කළේය.

 

ලකුණු පුවරුව

පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට නැවතත් සිංගර් අනුග‍්‍රහය

සිංගර් ශ්‍රී ලංකා සමාගම පිට පිටම දෙවැනි වරටත් පාසල් ක‍්‍රිකට් සංගමයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා බවට පත්ව සිටියි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වර්තමාන දියුණුවේ දැවැන්ත කොටස්කරුවකු වන සිංගර් සමාගම පසුගිය වසරේ සිට පාසල් ක‍්‍රිකට් සංගමයට වසර තුනක් දක්වා අනුග‍්‍රහය දැක්වීමට එකඟතාව පළ කර තිබුණි.

 

මෙවර අනුග‍්‍රහය නිලවශයෙන් පිරිනැමීම පසුගියදා කොළඹ වෙළෙද සේවා ක‍්‍රිකට් සංගම් මූලස්ථානයේ පැවැත්විණි. 

 

පාසල් ක‍්‍රිකට් සංගමය වාර්ෂිකව සංවිධානය කරන වයස 13 න්, 15 න්, 17 න් සහ 19 න් පහළ තරගාවලිවලට සිංගර් සමාගම අනුග‍්‍රහය දක්වයි. ඊට අමතරව සිංගර් සමාගම අඩු පහසුකම් ඇති පාසල් රැසකට ද අනුග‍්‍රහය දක්වීමට සූදානමින් සිටියි. 

 

ශ්‍රී ලංකාවේ විශාලතම පාසල් තරගාවලිය පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස් කාණ්ඩ හතරේ ක‍්‍රිකට් තරගාවලි වන අතර මෙයට තරග 8000 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ. මෙම වයස කාණ්ඩ තරගාවලි හතරට පාසල් කණ්ඩයම් 1900 කට අධික සංඛ්‍යාවක් සහභාගි වීම කැපී පෙනේ.  

 

මෙවර වයස 19 න් පහළ තරගාවලියේදී ‘සිංගර්’ සමාගමේ යෝජනාවකට අනුව සතියේ දක්‍ෂතම ක‍්‍රීඩකයෙක් තෝරා සම්මාන පිරිනැමීමට ද නියමිතය.

 

අනුග‍්‍රහ පිරිනැමීමේ අවස්ථාවට සහභාගි වූ සිංගර් සමාගමේ වෙළෙද අධ්‍යක්‍ෂ කුමාර් සමරසිංහ මහතා පැවසුවේ මෙම තරගාවලියේ ජනප‍්‍රියම ක‍්‍රීඩකයන් තේරීමක් සිදුනොවන බවත් සතියකට දක්‍ෂතම ක‍්‍රීඩකයකු තේරීමට කටයුතු කරන බවත්ය. 

 

”මෙහිදී අපි ක‍්‍රීඩකයන්ගේ දක්‍ෂතාවට අවස්ථාව දෙනවා. ජනප‍්‍රිය ක‍්‍රීඩකයන් තේරීමට වෙනත් පාර්ශව කටයුතු කරනවා” යැයි සමරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

 

බංග්ලාදේශය තරගාවලිය ජයගනී

ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ බංග්ලාදේශ වයස 19 න් පහළ පිල අතර පැවැති පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය 32 කින් ජය ලැබීමට බංග්ලාදේශ ක‍්‍රීඩකයෝ අද (25) සමත් වූහ.

කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී අද පැවැති පස්වැනි තරගයෙන් බංග්ලාදේශ පිල ලකුණු 14 ක ජයක් ලැබීය. ලකුණු 213 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් පිල  ඕවර 48.5 කදී ලකුණු 198 කට සීමා කිරීමට බංග්ලාදේශ යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ. 

සලිදු උෂාන් පන්දු 89 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 53 ක් රැුස්කරමින් ශී‍්‍ර ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. 

බංග්ලාදේශ වයස 19 න් පහළ පිල – ඕවර 50 යේදී කඩුලූ 9 ට 212 
(හොසේන් සන්ටෝ 92, ශකීර් හසන් 42, අසිත ප‍්‍රනාන්දු 50/3, මාලිංග අමරසිංහ 20/3)

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල – ඕවර 48.5 කදී සියලූ දෙනා දැවී 198 
(ලසිත් ලක්‍ෂාන් 42, සලි`දු උෂාන් 53, අවිෂ්ක ප‍්‍රනාන්දු 24, චාමික කරුණාරත්න 25, මෙහෙඩි හසන් 32/2, සලේ අහ්මඞ් 48/3, සන්ජිට් සහ 33/2, මොහොමඞ් යසිෆුයිඩින් 31/2)

කී‍්‍රඩා ඇමැති දැක ක‍්‍රිකට් සභාපති විස්මයට

කී‍්‍රඩා ඇමැති නවීන් දිසානායක මහතා එම ධුරයට පත්වීමෙන් පසු පළමු වරට සිකුරාදා (23) මෙට්ලන්ඞ් පෙදෙසේ ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට පැමිණ එහි සභාපති ජයන්ත ධර්මදාස මහතා මුණගැසුණු බව වාර්තා වේ.

 

සිකුරාදා දහවල් කි‍්‍රකට් ආයතන මූලස්ථානය ඉදිරිපිට පැවැති ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට සුබ පැතීමේ උත්සවයට සහභාගිවීමට පැමිණි ඇමැතිවරයා කි‍්‍රකට් මූලස්ථානය තුළට පැමිණෙන තුරුත් කි‍්‍රකට් නිලධාරින් ඒ පිළිබඳව දැන නොසිටි බව ද කි‍්‍රකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි.

 

කී‍්‍රඩා ඇමැතිවරයා පිළිගැනීමට කි‍්‍රකට් මූලස්ථානයේ ප‍්‍රධාන දොරටුව අබියස දී මල්මාලා සූදානම් කර තිබුණත් නොදන්වා පැමිණීම හේතුවෙන් ඇමැතිවරයාට ඒවා පැළඳවීමට සිදුවූයේ කි‍්‍රකට් මූලස්ථානයෙන් පිටව යන අතර බවද දැන ගන්නට ලැබිණ.

 

ඇමැතිවරයා අනපේක්ෂිත අවස්ථාවක සභාපතිවරයාගේ කාමරය ඉදිරිපිට සිටිනු දැකීමෙන් සභාපතිවරයා විමතියට පත්ව තිබේ. අනතුරුව ඇමැතිවරයා ඔහු හා සුළු වේලාවක් සභාපති කාමරයේ කතාබහ කරමින් සිට කි‍්‍රකට් මූලස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී එහි සේවිකාවන් කීප දෙනෙකු පැමිණ මල් මාලා පළඳවා තිබේ.

 

කි‍්‍රකට් මූලස්ථානයෙන් එළියට පැමිණි ඇමැතිවරයා අනතුරුව ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට සුබපැතීමේ උත්සවයට එක්වෙමින් මේ වනවිට නවසීලන්තයේ ගත කරන ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ”ස්කයිප්” තාක්ෂණය ඔස්සේ සිය සුබපැතුම් පිරිනමා තිබේ.

 

කී‍්‍රඩා ඇමැතිවරයා කි‍්‍රකට් මූලස්ථානයේ ඉහළ මාලයට පැමිණෙන තුරුත් එහි නිලධාරින් නොදැන සිටීමට හේතුවක් වී ඇත්තේ ඇමැතිවරයා පරිවාර රථ හෝ ආරක්ෂකයන් නොමැතිව සිය නිල රථය පමණක් යොදා ගනිමින් උත්සවයට පැමිණීම බවද වැඩිදුරටත් දැන ගන්නට ඇත.