19 න් පහළ ක‍්‍රිකට් නායකයා – චරිත්

බංග්ලාදේශය වයස 19 න් පහළ පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී මේ මාසයේ පැවැත්වෙන තුන්දින සහ එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම තේරීම සදහා නම් කර ඇති 31 දෙනකුගෙන් යුත් සංචිතයේ නායකයා ලෙස ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චරිත් අසලංක නම් කර තිබේ.

 

මෙම සංචිතයට ගාල්ල රිච්මන්ඞ් විදුහලේ ක‍්‍රීඩකයන් තිදෙනකු ඇතුළත්ව සිටිති. මොරටුව ශාන්ත සෙබස්තියන්, කොළඹ ඞී. එස්. සේනානායක, කොළඹ ආනන්ද, කොළඹ ඉසිපතන, කුරුණෑගල මලියදේව, මහනුවර ත‍්‍රිත්ව, කොළඹ රාජකීය සහ යාපනය ශාන්ත ජෝන් යන විදුහල්වලින් ක‍්‍රීඩකයන් දෙදෙනා බැගින් මෙම සංචිතයට ඇතුළත්ව සිටිති.  

 

මෙම තරගාවලියට තුන් දින තරග දෙකක් සහ එක්දින තරග පහක් ඇතුළත් වේ. බංග්ලාදේශ පිල මේ මස 15 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.  

 

 


ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය:
චරිත් අසලංක (නායක – ගාල්ල රිච්මන්ඞ් විදුහල), අවිෂ්ක ප‍්‍රනාන්දු (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල), කවීන් බණ්ඩාර (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල), සහන් ආරච්චිගේ (කොළඹ ආනන්ද විදුහල), ලසිත් ලක්‍ෂාන් (මාතර ශාන්ත තෝමස් විදුහල), චෙනුත වික‍්‍රමසිංහ (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල), අකිල් ඉන්හම් (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල), කුසල් ලක්තිළිණ (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල), ශලිදු උෂාන් (කොළඹ ඉසිපතන විදුහල), වනිදු හසරංග (ගාල්ල රිච්මන්ඞ් විදුහල), නුෂාන් වීරසිංහ (මහනුවර ත‍්‍රිත්ව විදුහල), සමූ අෂාන් (කොළඹ ආනන්ද විදුහල), තනුක දාබරේ (කොළඹ ලූම්බිණි විදුහල), රමේෂ් නිමන්ත (මාතර ශාන්ත සර්වේශස් විදුහල), කමිදු මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඞ් විදුහල), විෂාද් රන්දික (කොළඹ ඉසිපතන විදුහල), පසිදු ඉසිර (ගුවන් හමුදාව), අරවින්ද අකුරුගොඩ (මරදාන ශාන්ත ජෝශප් විදුහල), රවිදු තිලකරත්න (එන්.සී.සී.), දමිත් සිල්වා (කුරුණෑගල මලියදේව විදුහල), නිෂාන් පීරිස් (මීගමුව ශාන්ත පීතර විදුහල), දුවිදු තිලකරත්න (මහනුවර ත‍්‍රිත්ව විදුහල), ළහිරු කුමාර (මහනුවර ත‍්‍රිත්ව විදුහල), අසිත ප‍්‍රනාන්දු (කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල), කේෂාන් විජේරත්න (කුරුණෑගල මලියදේව විදුහල), චාමික කරුණාරත්න (කොළඹ රාජකීය විදුහල), මාලිංග අමරසිංහ (කොළඹ නාලන්දා විදුහල), හිමේෂ් රාමනායක (කොළඹ රාජකීය විදුහල), තිලාන් නිමේෂ් (මොරටුව වේල්ස් කුමර විදුහල), ඩවරක සීලන් (යාපනය ශාන්ත ජෝන් විදුහල) සහ එස්. ජේ. ෆ්ලෙමින් (යාපනය ශාන්ත ජෝන් විදුහල)

මෙල්බර්න් ටෙස්ට් තරගය විසඳුමකින් තොරයි

සංචාරක ඉන්දීය පිල සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන තරග 4 කින් සමන්විත බෝඩර් – ගවස්කර් කුසලාන ටෙස්ට් තරගමාලාවේ ජය තරගයක් ඉතිරිව තිබියදීම  ඕස්්ටේ‍්‍රලියාවට හිමිකරදෙමින්  මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ පැවැති තුන්වැනි ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය. විසඳුමකින් තොරව මේ තරගය නිමාවට පත්වීමත් සමගම තරගාවලියේ පළමු තරග දෙක ජයගත්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ‘බෝඩර් – ගවස්කර්’ කුසලානය යළි අත්පත් කරගැනීමට සමත්විය.

ඕවර 70 කදී ලකුණු 384 ක අසීරු ඉලක්කයක් හඹායාමේ අරමුණ ඇතිව, දිවා ආහාරයට පසුව පිටියට පිවිසි ඉන්දීය පිල, තරගය නතරකර දමන විට කඩුලූ 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 174 කි.  ඒ වන විට තරගයේ ඉතිරිව තිබුණේ  ඕවර 4 ක් පමණි.

තේ පානය සඳහා තරගය නතර කරන විට ඉන්දීය පිල කඩුලූ 8ක් අතැතිව ජයග‍්‍රහණය සඳහා ලකුණු 280 ක් පසුපසින් සිටි අතර එතෙක් පන්දුවට හොඳින් මුහුණදුන් විරාට් කෝලී තේ පානයෙන් පසුව රයන් හැරිස් යැවූ පළමු  ඕවරයේ පළමු පන්දුවෙන්ම දැවීගියේය. අනතුරුව තරගයේ ජයග‍්‍රහණය කරා යාම පසෙක දැමූ ඉන්දීය පිල ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරිම කැපී පෙනුණි.

සිය මංගල ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන ලෝකේෂ් රාහුල් අනපේක්ෂිත ලෙස අංක 3 පිතිකරු ලෙස උසස්වීමක් ලබා දී පිටියට යැවීමට ඉන්දීය දෙවැනි ඉනිමේදී නායක මහේන්ද්‍ර සිං දෝනි ගත් තීරණයද යම් තරමක ආන්දෝලනාත්මක එකකි. තවමත් 22 හැවිරිදි මේ පිතිකරුවා ඉන්දීය පළමුපෙළ තරගබිමේ දි ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ ද පළමු ඉනිමේදී ද ඔස්ටේ‍්‍රලියානු වේගපන්දු යවන්නන්ට එතරම් සාර්ථකව මුහුණ දුන්නේ නැත.

මැදපෙළ පිතිකරුවකු ලෙස පිටියට පැමිණි ඔහු පළමු ඉනිමේ දී රැුස් කළේ ලකුණු 3 ක් පමණි. මිචෙල් ජොන්සන් යැවූ ඊළඟ  ඕවරයේ දී රාහුල් එක් ලකුණකට දැවී යාමෙන් පසුව විරාට් කෝලි හා මුරලි විජේ අතර සම්බන්ධතාවක් ගොඩනැගිමට ඉඩ ලබා නොදුන්  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් 9 වැනි  ඕවරයේ දී විජේගේ කඩුල්ල දවාගන්නා විට ඉන්දීය පිලේ ලකුණු පුවරුව දිස්වුයේ 15 ක් ලෙසිනි.

අනතුරුව පළමු ඉනිමේ දී විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගූ කෝලි හා අජින්ක්‍යා රහානේ එක්ව ඉන්දීය ඉනිම තේ පානය වනතුරු ඇදගෙන ගියහ. ඒ අතරතුර කෝලි ඔහුගේ අර්ධ ශතකය ලබාගත්තේය.

ඊයේ තරගය නතර කරනවිට කඩුලූ 7 කට ලකුණු 261 ක් ලබා සිටි  ඕස්ටේ‍්‍රලියාවට පිල අද උදෑසන ලබාගැනීමට හැකිවූයේ ලකුණු 57 ක් පමණි. ඒ අතරතුර කාලයේ කඩුලූ දෙකක් බිඳ දැමීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.

අද තරගයේ ආරම්භයේ සිටම වරින් වර වර්ෂාවෙන් බාධා පැමිණි අතර ඉෂාන්ත් ෂර්මා යැවූ දිනයේ පළමු  ඕවරයේ තුන්වැනි පන්දුව යැවීමත් සමග වර්ෂාව පතිත වූ අතර සිය  ඕවරයේ ඉතිරි පන්දු 3 යැවීමට ෂර්මාට පැය භාගයකට වඩා බලා සිටිමට සිදුවිය. අනතුරුව දිවා ආහාරයට පැයකට පෙර නැවත වතාවක් වැසිපොද වැටෙන්නට පටන් ගත්තේය. එබැවින් දිවා ආහාර විවේකය පැය භාගයකින් කල් දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය.

වඩාත්ම කණගාටුදායක සිදුවීම වූයේ සිය රටෙහි ටෙස්ට් තරගයක කිසිදාක ශතකයක් ලබා නොමැති ෂෝන් මාෂ්  ලකුණු 99 ක් ලබා සිටියදී දුවද්දී දැවීයාමට හසුවීමය.

ඕස්ටේ‍්‍රලියා ඉනිමේ අවසන්  ඕවරයට පෙර උමේෂ් යාදෙව් යැවූ  ඕවරයේ පළමු පන්දු 5 ටම ලකුණක් ලබාගත නොහැකිවූ මාෂ් අවසන් පන්දුවට කෙටි ලකුණක් ලබා තම ශතකය ලබාගැනීමට සූදානම් විය. එහෙත් ඔහු මිඞ් විකට් කලාපයට තල්ලූ කළ පන්දුව අහුළාගත් විරාට් කෝලි එය කෙළින්ම පන්දු යවන්නාගේ සීමාවේ කඩුල්ලට දමා ගැසූ අතර වේගයෙන් දිව ගියත් පන්දුව කඩුල්ලේ වැදීමට පෙර සීමාවට පැන ගැනීමට මාෂ් අසමත්විය.

31 හැවිරිදි මාෂ්  ඊට පෙර ලකුණු 86 දී පන්දු යැවූ රවිචන්ද්‍රන් අශ්වින්ට පෙරළා උඩපන්දුවක් දුන් නමුත් එය රැුක ගැනීමට අශ්වින්ට නොහැකිවිය. දිවා ආහාරයට පෙර ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කොට තම ශතකය වාර්තා කිරීමට බලා සිටි මාෂ් එම  ඕවරයේ දීම අශ්වින්ට හයේ පහරකින් හා හතරේ පහරකින් සංග‍්‍රහ කළ නමුත් අවසන් උත්සාහය අසාර්ථක විය.

ඕස්ටේ‍්‍රලියානු නායක ස්ටීවන් ස්මිත් ඉනිම අත්හිටුවීමට තීරණය කළේ මාෂ්ගේ දැවීයාමෙන් පසුවය.

ඕස්ටේ‍්‍රලියාව – පළමු ඉනිම – 530

ඉන්දියාව – පළමු ඉනිම – 465

ඕස්ට්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම – කඩුලූ 9 ට 318

ඉන්දියාව – දෙවැනි ඉනිම – 104/3

ඉන්දියාව – දෙවැනි ඉනිම – 171/6
(විරාට් කෝලී 54, අජින්ක්‍යා රහානේ 48, රයන් හැරිස් 30/2, මිචෙල් ජොන්සන් 38/2, ජොස් හේස්ල්වුඞ් 40/2)

ඇන්ජලෝ මැතිව්ස්

”සමහරවේලාවට කොච්චර අමාරු උනත් අපිට ඉවසගෙන ඉන්න වෙනවා. එක දඟ පන්දු යවන්නෙක් සමඟ කී‍්‍රඩා කරද්දි, අපිට ආක‍්‍රමණය කළ හැකි කෙනෙක් අවශ්‍යයි. ඔහු තරමක් වෙනස් කී‍්‍රඩකයෙක්”…

”ඔහුට ආවේණික ශෛලයක් තියෙනවා. ඔහු සාම්ප‍්‍රදායික පිට දඟ පන්දු යවන්නෙක් නෙමෙයි. ඔහුට දුස්රා පන්දු යැවීමේ හැකියාවත් තිබෙනවා. මම හිතනවා ඒ සියල්ල සමඟ ඔහු ඉදිරියේදී හොඳින් පන්දු යවාවි කියලා. මෙය ඔහුගේ පළමු තරගය. හැම කෙනෙකුම තමන්ගේ පළමු තරගයේදී කලබලයි. ඔහු දෙවැනි ඉනිමේදී හොඳින් පන්දු යැව්වා”

තරිඳු කෞෂාල් ටෙස්ට් තරගයට යොදාගැනීම සම්බන්ධයෙන්

කොදෙව් පිල අසීරු අඩියක

 

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර පෝර්ට් එළිසබෙත්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය (29 වැනිදා) සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලූ 9 ක් දැවී ලකුණු 275 ක් රැස්කරගෙන සිටියේය.

 

ඒ අනුව ඔවුහු දකුණු අප‍්‍රිකානු පිලට වඩා තවත් ලකුණු 142 ක් පසුපසින් සිටිති.

 

වර්ෂාව හේතුවෙන් අද දිනයේ දිවා අහාරයට පෙර තරගය පැවැත්වීමට නොහැකි තත්ත්වයක පැවැතිණ. තේ පානයෙන් අනතුරුවද වරින්වර වර්ෂාව ඇදහැළීම නිසා ඉන් පසුවද යැවිය හැකිවූයේ ඕවර 10 ක් පමණි.

 

අද දිනයේදී තරගය ආරම්භ කරන විට ක්‍රෙග් බ‍්‍රැත්වයිට් නොදැවී ලකුණු 65 ක් සහ මාලන් සැමුවෙල්ස් නොදැවී ලකුණු 60 ක් බැගින් ලබා සිටි අතර ඔවුන් දෙදෙනාම ශතක ලබාගැනීමෙන් අනතුරුව තම ඉනිම් නිමා කළහ.  

 

එහිදී තම පස්වැනි ටෙස්ට් ශතකය (101) ලබාගත් මාලන් සැමුවෙල්ස් ඊට හයේ පහරක් සහ හතරේ පහර 14 ක් අන්තර්ගත කළ අතර තම දෙවැනි ටෙස්ට් ශතකය (106) ලබාගත් ක්‍රෙග් බ‍්‍රැත්වයිට් ඊට හතරේ පහර 12 ක් අන්තර්ගත කළේය.

 

ඔවුන් දෙදෙනා එක්ව කොදෙව් පිලේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 176 ක සම්බන්ධතාවක් ගෙඩනැගූ අතර එම සම්බන්ධතාව බිඳ දමමින් දිනයේ පළමු කඩුල්ල ලෙස මාලන් සැමුවෙල්ස් කී‍්‍රඩා පිටියෙන් ඉවත් කිරීමට වර්නන් පිලෙන්ඩර් සමත්විය.

 

ලකුණු 44 ක් තුළ කොදෙව් පිලේ කඩුලූ 7 ක් බිඳවැටුණ අතර මෝනි මොර්කල් (69/4) සමග එක්වූ ඉම්රාන් තාහිර් (108/3) කොදෙව් පිතිකරුවන් එකා පිට එකා ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවූහ.

 


දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම –  ඕවර 122 කදී කඩුලූ 8 ට 417
(ඞීන් එල්ගර් 121, ඇල්විරෝ පීටර්සන් 17, ෆෆ් ඩූප්ලෙසී 103, හෂීම් අම්ලා 33, ස්ටේන් වැන්සිල් 29, වර්නන් පිලෙන්ඩර් නොදැවී 13, ඬේල් ස්ටේන් 58, ජෙරමි ටේලර් 114/2, ෂෙනොන් ගේබ්රියල් 80/2, කෙන්රොයි පීටර්ස් 69/2)

 

බටහිර ඉන්දීය කොදෙව් පිල –  ඕවර 79 කදී කඩුලූ 9 ට 275
(ක්‍රෙග් බ‍්‍රැත්වයිට් 106, ඩෙවොන් ස්මිත් 22, මාලන් සැමුවෙල්ස් 101, ඩිනේෂ් රැම්ඩින් 20, මෝනි මොර්කල් 69/4, ඉම්රාන් තාහිර් 108/3)

 


- 036

නවසීලන්තයට කඩුලූ 8 ක ජයක්

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ක‍්‍රයිස්චර්ච් නුවරදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගයේදී නවසීලන්ත පිල කඩුලූ 8 ක පහසු ජයක් අත්කරගත්තේය. තරගයේ සිවුවැනි දිනය වූ අද (29 වැනිදා) ජයග‍්‍රහණය වෙනුවෙන් ලකුණු 105 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණඩායම කඩුලූ 2 ක් දැවී ලකුණු 107 ලබාගත් අතර හිටපු නායක රොස් ටේලර් (නොදැවී 39) සහ කේන් විලියම්සන් (නොදැවී 31) දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියහ.

තුන්වැනි දිනය නිමා වන විට ශී‍්‍ර ලංකා පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 293 ක් ලබා සිටියේය.

ටිම් සවුතිගේ පන්දුවක් අද පෙරවරුවේදී හතරේ සීමාවට යැවූ නායක ඇන්ජලෝ මැතිව්ස් නවසීලන්ත පිල දෙවැනි ඉනිමටත් පිටියට කැඳවමින් ලකුණු 303 පසුකර ශී‍්‍ර ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව තල්ලූකර දැම්මේය. එහෙත් තව ලකුණු 4 ක් පුවරුවට එක්වීමත් සමගම කෙටි පන්දුවකින් තරිඳු කෞෂාල් පිටියෙන් ඉවත් කළ ටිම් සවුතී,  ඕවර 3 කදී කඩුලූ 3 ක් දවාගනිමින්, මුලූ ලකුණු සංඛ්‍යාව 325 ක් වෙද්දී ශී‍්‍ර ලංකා පිලේ 8 වැනි කඩුල්ලත් බිම දැම්මේය.

ලකුණු 348 දී ප‍්‍රසන්න ජයවර්ධනත් දැවී යාම නිසා ඉක්මනින්ම අවසන් කඩුල්ල දවාගත්තේ නම් නවසීලන්ත පිලේ ජයග‍්‍රාහී ඉලක්කය ලකුණු 50 ටත් අඩුවන්නට තිබිණ.

ශී‍්‍ර ලංකා පිලේ අවසන් කඩුල්ල දවාගැනීම සඳහා දිවා ආහාරය ගැනීම ප‍්‍රමාද කළ නමුත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ශමින්ද එරංග සහ සුරංග ලක්මාල් දෙදෙනා ශී‍්‍ර ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 400 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.

එරංග හතරේ පහර 7 ක් සිය ඉනිමට ඇතුළත් කළ අතර සුරංග ලක්මාල්ගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත වූයේය. මෙම පිතිහරඹය නිසා තරගයෙන් ජයගැනීමට නවසීලන්ත පිට ලකුණු 105 ක ඉලක්කයක් කරා යාමට සිදු විය.

තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය ජනවාරි මස 3 වැනිදා සිට 7 වැනිදා දක්වා වෙලින්ටන් නුවර බේසින් රිසර්ව් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ඕස්ටේ‍්‍රලියාව ලකුණු 326 ක් ඉදිරියෙන්

 

සංචාරක ඉන්දීය පිල හා  ඕස්ටේ‍්‍රලියාව අතර මෙල්බර්න්  ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේ තරගය නිමාවනවිට දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන ඕස්ටේ‍්‍රලියා පිලේ පිතිකරුවන් 7 ක්ම ලකුණු 261ක් තුල ආපසු ක‍්‍රීඩාගාරයට හරවා යැවීමට ඉන්දීය පිල සමත්විය. කෙසේවුවත් තවත් කඩුලූ 3ක් අතැතිව ඉන්දියාවට වඩා ලකුණු 326 ක් ඉදිරියෙන් සිටීමට ඔස්ටේ‍්‍රලියාවට හැකිවිය.

 

දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට එක් කඩුල්ලක් දැවි ලකුණු 90ක් ලබා සිටි ඔස්ටේ‍්‍රලියාවට නැවත පිතිහරඹයට පිටියට පිවිසීම ප‍්‍රමාද කරමින් වර්ෂාව ඇද හැලූණු අතර ඒ හේතුවෙන් තරගයේ නියමිත කාලයෙන් පැය එකහමාරක් පමණ අපතේ ගියේය. වර්ෂාවෙන් බාධා ඇතිවූවද අද දිනයට නියමිත  ඕවර ප‍්‍රමාණයෙන් අහිමිවූයේ  ඕවර 4ක් පමණි.

 

ආරම්භක පිතිකරු ක‍්‍රිස් රොජර්ස්ගේ ප‍්‍රවේගකාරී පිතිහරඹය නිසා සවස තේ පානය වනවිට ඉන්දියාවට වඩා ලකුණු 239 ක් ඉදිරියෙන් සිටීමට  ඕස්ටේ‍්‍රලියානු පිලට හැකිවූවත් ඒ අතරතුර කාලයේ තවත් පිතිකරුවන් තිදෙනකු ක‍්‍රීඩාගාරයට හරවා යැවූ ඉන්දීය පන්දු යවන්නෝ තරගයේදී  ඕස්ටේ‍්‍රලියානුවන් බලාපොරොත්තු වූ තරම් වාසියක් අත්කරගැනීමට ඉඩ නොතැබූහ.

 

ඕස්ටේ‍්‍රලියානු පිලේ තාවකාලික ස්ටීවන් ස්මිත් මෙම ඉනිමේදී අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම විශේෂත්වයකි.  අනතුරුව උමේෂ් යාදව් හා ඉෂාන්ත් ෂර්මා මාරුවෙන් මාරුවට  ඕස්ටේ‍්‍රලියා පිලේ මැද පෙළ කඩුලූ එකින් එක බිඳ දැමීමට පටන් ගත්හ. පස්වරු 7.00 දක්වා ඇදී ගිය තරගය මොහොමඞ් සාමි යැවූ  ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිමේ 75 වැනි ඕවරයෙන් නතර කිරීමට තරග විනිසුරුවන් තීරණය කළහ. අද අතැර දැමුණු කාලය වෙනුවෙන් හෙට තරගය නියමිත වේලාවට වඩා මිනිත්තු 30 කට කලින් ආරම්භ කිරිමට තීරණය කෙරිණි.

 

තුන්වැනි දිනය වූ ඊයේ තරගය නතර කරනවිට සිය පළමු ඉනිම ක‍්‍රීඩා කරමින් සිටි ඉන්දීය පිල කඩුලූ 8ක් දැවී ලකුණු 462 ක් ලබා සිටි අතර අද උදෑසන තවත් ලකුණු 3 ක් එක්වෙද්දී ඉතිරි කඩුලූ දෙකම දවාලීමට මිචෙල් ජොන්සන් සමත්විය.  ඒ අනුව ඔස්ටේ‍්‍රලියාව සිය දෙවැනි ඉනිම ආරම්භ කළේ ලකුණු 65 ක වාසියක්ද සහිතවය.

 

කෝලිගේ හා රහනේගේ වාර්තාගත පිතිහරඹ සම්බන්ධතාව බිඳවැටීමත් සමග ඉන්දීය පිලේ අවසන් කඩුලූ හතම ලකුණු 56ක් තුල බිඳ වැටීම කැපී පෙනුණි.

 

ඔස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිම ආරම්භ කරමින් උමේෂ් යාදෙව් යැවූ පළමු පන්දුවම පොයින්ට් හරහා හතරේ සීමාවට යැවූ ඬේවිඞ් වෝනර් වේගවත් පිතිහරඹයක නිරතවිය. දිවා ආහාරයට පෙර රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරිමේ වරදට හසුවී ලකුණු 40 ට ඔහු  දැවී යනවිට පන්දු 6 ක් ම හතරේ සීමාවෙන් ඔබ්බට යැවීමට වෝනර් සමත්විය.

 


ඕස්ටේ‍්‍රලියාව – පළමු ඉනිම – 530
ඉන්දියාව – පළමු ඉනිම – 465
ඕස්ටේ‍්‍රලියාව – දෙවැනි ඉනිම – කඩුලූ 7 ට 261

(ඬේවිඞ් වෝනර් 40, ක‍්‍රිස් රොජර්ස් 69, ෂෝන් මාෂ් නොදැවී 62, ඉෂාන්ත් ෂර්මා 49/2, රවිචන්ද්‍රන් අශ්වින් 56/2, උමේෂ් යාදෙව් 73/2 යි)

 

සැමී එක්දින සංචිතයට එක්වෙයි

ලබන වසරේ ජනවාරි මස 16 වැනිදා ඩර්බන්හිදී ආරම්භ වන තරග 5 කින් සමන්විත දකුණු අපි‍්‍රකානු එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද බටහිර ඉන්දීය කොදෙව් නව සංචිතයට හිටපු නායක ඩැරන් සැමී ඇතුළත් කිරීමට කොදෙව් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

 

ඉකුත් ඉරිදා (21 වැනිදා) නම් කරන ලද බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට ඩැරන් සැමී ඇතුළත්ව නොසිටි අතර ඔහු සමගින් හිටපු නායක ඞ්වේන් බ‍්‍රාවෝ සහ කරන් පොලාඞ්ද සංචිතයෙන් ඉවත් කර තිබිණ. නොවැම්බර් මාසයේ ඉන්දියාව සමග පැවැති එක්දින තරගාවලිය, අතරමැද අත්හැර දමා නැවතත් සිය රටට පැමිණීමට කී‍්‍රඩකයන් පෙළඹවීම පිළිබඳව චෝදනා එල්ල වී තිබීම නිසා මෙම කී‍්‍රඩකයන් තිදෙනාම කණ්ඩායමෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා විය.

 

කෙසේ වුවත් ලෝක කුසලාන තරගාවලිය පෙනෙන මානයේ තිබියදී මෙම ප‍්‍රබල කී‍්‍රඩකයන් කණ්ඩායමෙන් ඉවත් කර යොවුන් කී‍්‍රඩකයන්ගෙන් යුත් කණ්ඩායමක් නම් කිරීම, මයිකල් හෝලඩිං සහ ටෝනි කෝසියර් වැනි කි‍්‍රකට් විස්තර විචාරකයින්ගේ දැඩි විවේචනයට ලක්විය.

 

මෙම විවේචන සැලකිල්ල ගෙන ඩැරන් සැමී නැවතත් කණ්ඩායමට එක්කර ගැනීමට ක්ලයිව් ලොයිඞ්ගේ ප‍්‍රධානත්වයෙන් යුතු කොදෙව් තේරීම් කමිටුව පියවර ගෙන ඇති අතර සැමී තවදුරටත් විස්සයි20 කණ්ඩායමේ නායකත්වයේ රැදවීමටද ඔවුන් තීරණය කර තිබේ.

 

මේ වන විට ඩැරන් සැමී, ඞ්වේන් බ‍්‍රාවෝ සහ කරන් පොලාඞ් යන කී‍්‍රඩකයන් තිදෙනාම  ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් විස්සයි20 කි‍්‍රකට් තරගාවලියට සහභාගී වෙමින් සිටිති.

 

 

බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය -
ජේසන් හොල්ඩර් (නායක), කාර්ලෝස් බ‍්‍රැත්වෙයිට්, ඩිනේෂ් රැුමිඩින්, ජොනතන් කාටර්, නර්සිං ඩියොනරින්, ලියොන් ජොන්සන්, සුලෙයිමන් බෙන්, ශෙල්ඩන් කොට්රෙල්, ඇන්ඩි‍්‍ර රසල්, මාලන් සැමුවෙල්ස්, ලෙන්ඞ්ල් සිමන්ස්, ඞ්වේන් ස්මිත්, ජෙරම් ටේලර්, ඩැරන් සැමී, කි‍්‍රස් ගේල් (ශාරීරික යෝග්‍යතාවය මත)

 

 

- 036

දකුණු අප‍්‍රිකාව ලකුණු 417 යි

 

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර තරග තුනකින් සමන්විත ‘ශ්‍රීමත් විවියන් රිචඞ්ස්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පෝර්ට් එළිසබෙත්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (28) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 147 ක් රැස්කර සිටියේය.

 

ආරම්භක පිතිකරු ක්‍රෙග් බ‍්‍රැත්වයිට් (නොදැවී 65) සහ මාලන් සැමුවෙල්ස් (නොදැවී 60) තෙවැනි කඩුල්ලට ලකුණු 92 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ.

 

මෙම අර්ධ ශතකය 22 හැවිරිදි ක්‍රෙග් බ‍්‍රැත්වයිට්ගේ හත්වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.  

 

පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 8 ක් දැවී ලකුණු 417 ක් ලබා සිටියදී තේ විවේකයට පෙර ඉනිම අත්හිටුවීය.  

 

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (27) වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවීම නිසා දිනයේ ක‍්‍රීඩාව  ඕවර 6 කට සීමා වීමෙන් දකුණු අප‍්‍රිකානු පළමු ඉනිම තෙවැනි දින දක්වා දිග හැරුණි.

 

තෙවැනි දිනයේ පළමු කඩුල්ල ලෙස නායක හෂීම් අම්ලා ලකුණු 33 ක් ලබා දැවී ගියේය.

 

ප‍්‍රවේගකාරී පිතිකරු ඒ. බී. ඩිවිලියස් පන්දු 25 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 10 ක් ලබා පස්වැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් දකුණු අප‍්‍රිකානු ලකුණු වේගය අඩාල විය.   

 

දෙවැනි දිනයට ක‍්‍රීඩාව අවසන් කරන විට දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 289 ක් රැස්කර සිටියේය.

 

ෆෆ් ඩූ ප්ලීසිස් දෙවැනි දිනයේ පළමු පන්දුවට ගැසූ හතරේ පහරින් ශතකය සම්පූර්ණ කළ අතර දෙවැනි පන්දුවේදී තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ෆෆ් ඩූ ප්ලීසිස් පන්දු 230 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 103 ක් රැස් කළ අතර එය ප්ලීසිස්ගේ සිවුවැනි ටෙස්ට් ශතකයයි.

 


දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම  ඕවර 122 කදී කඩුලූ 8 ට 417
(ඞීන් එල්ගර් 121, ඇල්විරෝ පීටර්සන් 17, ෆෆ් ඩූ ප්ලීසිස් 103, හෂීම් අම්ලා 33, ස්ටේන් වැන්සිල් 29, වර්නන් පිලෙන්ඩර් නොදැවී 13, ඩෙයින් ස්ටෙයින් 58, ජෙරමි ටේලර් 114/2, ෂැනොන් ගේබ්රියල් 80/2, කෙන්රොයි පීටර්ස් 69/2)

 

බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 44 කදී කඩුලූ 2 ට 147
(ක්‍රෙග් බ‍්‍රැත්වයිට් නොදැවී 65, ඩෙවොන් ස්මිත් 22, මාලන් සැමුවෙල්ස් නොදැවී 60, මොනේ මොර්කල් 24/2)

 

 

- 048

 

 

 


 

කෝලි, රහනේ ඕස්ටේ‍්‍රලියානුවන් සටනට කැඳවති

විරාට් කෝලි (169) සහ අජින්ක්‍යා රහනේ (147) ලබාගත් ශතක වලින් සවිමත් වූ ඉන්දීය පිල, මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (28 වැනිදා) සවස තරගය නතර කරන විට  ඕස්ටේ‍්‍රලියානු පිලට සිය මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 530 ට ලකුණු 68 කින් ආසන්න වී සිටියේය. දිනයේ කී‍්‍රඩාව නතර කරන විට ඉන්දීය කණ්ඩායම කඩුලූ 8 ක් දැවී ලකුණු 462 ක් ලබා සිටි නමුත් ඒ වන විට ඉන්දීය පිලේ පිළිගත් පිතිකරුවන් සියලූ දෙනාම පාහේ ආපසු කී‍්‍රඩාගාරයට ගොස් සිටියහ.

 

ඕස්ටේ‍්‍රලියානු නායක ස්ටීවන් ස්මිත් මෙන්ම මෙම තරගාවලියේදී ඉතාමත් හොඳින් ලකුණු අතර සිටින විරාට් කෝලි අද දිනයේ ලබාගත්තේ මෙවර ඕස්ටේ‍්‍රලියානු සංචාරයේ තුන්වැනි ශතකයයි. අජින්ක්‍යා රහනේ සිය ටෙස්ට් දිවියේ හොඳම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේය.

 

මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනකු අතර පැවැති හොඳම සම්බන්ධතාව ලකුණු 262 ක් ලෙසින් වාර්තා පොතට එක්කළ කෝලි සහ රහනේ දෙදෙනා, වසර දෙකකට ඉහතදී මයිකල් ක්ලාක් සහ ෂේන් වොට්සන් එක්ව ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 194 සම්බන්ධතාව වාර්තා පොතේ පහළට දැමූහ.

 

අද දිනයේ යැවුනු අවසන් ඕවරයේදී කෝලි දැවී ගියේ බ‍්‍රැඞ් හැඩින්ගේ අති විශිෂ්ට උඩපන්දුවකිනි. පැය 6 කුත් විනාඩි 20 ක් පිටියේ රැඳුනු කෝලි, පන්දු 272 කට මුහුණ දෙමින් ඒවායින් 18 ක් හතරේ සීමාවට යැවීය. නේතන් ලයන්ගේ පන්දුවක් පා ආවරණයෙන් මුවා කිරීමේ වරදට හසුවීමට පෙර, පැය හතරක පමණ කාලයක් පිටියේ සිටි අජින්ක්‍යා රහනේ, පන්දු 171 කට මුහුණ දෙමින් හතරේ පහර 21 කින් සිය ඉනිම සැරසීය.

 

මෙම පිතිකරුවෝ දෙදෙනාම මිචෙල් ජොන්සන්ව දැඩි ප‍්‍රහරයකට ලක් කළහ. මේ දක්වා ලකුණු 133 කට කඩුල්ලක් පමණක් දවාගත් ජොන්සන්ගේ එක ඕවරයකදී විරාට් කෝලි පිට පිටම හතරේ පහර 3 ක් ගැසූ අතර ඊළග  ඕවරයේදී අජින්ක්‍යා රහනේගෙන් එම සංග‍්‍රහයම ජොන්සන්ට ලැබිණ. ජොන්සන් මෙවැනි ප‍්‍රහාරකයට ලක්වූයේ වසර 4 කට පසුවය.

 

”අප අද දිනයේ කී‍්‍රඩා කළ ආකාරය සම්බන්ධයෙන් මා ඉතාමත් ආඩම්බර වෙනවා. දවස පුරාම අපි අප කෙරේ විශ්වාසවන්තව සිටියා. ඒ නිසා මා කිසිම ආකාරයකින් මගේ දැවී යාම ගැන කණගාටු වන්නේ නෑ” යයි දිනයේ අවසන් ඕවරයේදී දැවී යාම ගැන කළ විමසීමකදී කෝලි පැවසීය.

 

මේ අතර ඔස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන්නා වන රයාන් හැරිස් පවසන්නේ හෙට (සිවැවැනි දිනයේ) පෙරවරුවේදීම ලබාගන්නා කඩුලූ දෙක ඉතා වැදගත් වන බවයි.

 


”දැනටමත අපි කඩුලූ 8 ක් දවාගෙන ඉන්නේ. ඉතිරි කඩුලූ දෙක උදේම ගත්තොත් අපට නැවතත් පන්දුවට පහර දීල, ප‍්‍රමාණවත් වාසියක් අරගෙන ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන්” යයි රයාන් හැරිස් පැවසීය.

 

මීට පෙර අවස්ථාවකදී ඉන්දීය පිතිකරුවන් දෙදෙනකු ලකුණු 250 ඉක්මවූ සම්බන්ධතවක් ගෙඩනගා ඇත්තේ වසර 2004 දී සිඞ්නි ටෙස්ට් තරගයේදීය. ඒ සචින් තෙන්ඩුල්කාර් සහ වී. වී. එස්. ලක්‍ෂමන් දෙදෙනා විසිනි.

 

ඊයේ සවස ලකුණු 63 ක් ලබා සිටි මුරලි විජේ අද දිනය ආරම්භයේදීම මිචෙල් ජොන්සන්ගේ පන්දුවකින් ගැලවීමට උත්සාහ කිරීමේදී ඔහුගේ හිසේ පැත්තකට පන්දුව වැදිණ. එය දුටුවන් භීතියට පත්කරවූ දසුනක් වූ නමුත් දිගටම පන්දුවට පහර දුන් මුරලි විජේ එයින් ලකුණු 5 කට පසුව, පළමු ස්ලිප් හි සිටි ෂෝන් මාෂ්ට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

 

තවත් අවස්ථාවකදී ජොන්සන් දමාගැසූ පන්දුවක් කෝලිගේ පිටකොන්ද ප‍්‍රදේශයේ වැදීම නිසා ඉන්දීය පිතිකරුවා බිම ඇද වැටිණ. ජොන්සන් සැණෙකින් සමාව ඉල්ලා සිටි නමුත් දෙදෙනා අතර ඇතිවීමට ගිය උණුසුම් තත්ත්වය සමනය කිරීම සඳහා විනිසුරුවරුන් වූ කුමාර් ධර්මසේන සහ රිචඞ් කෙට්ල්බරර් යන මහත්වරුන්ට මැදිහත් වීමට සිදුවිය.

 

මෙම තරගයේ තීරකවරයා වන්නේ ශී‍්‍ර ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු වන රොෂාන් මහානාම මහතාය.

 

ඉන්දිය පිල වසර 33 කින් මෙපිට මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරගයක් ජයගෙන නැත.

 


ඕස්ටේ‍්‍රලියාව – පළමු ඉනිම 530
ඉන්දියාව – පළමු ඉනිම කඩුලූ 8 ට 462

(මුරලි විජේ 68, ෂිකාර් ධාවන් 28, චෙටේස්වාර් පුජාරා 25, විරාට් කෝලි 169, අජින්ක්‍යා රහනේ 147, මහේන්ද්‍ර සිං දෝනි 11, රයාන් හැරිස් 69/4, නේතන් ලයන් 108/2)

 

ටිම් සවුතී

”ඔහු ඉතාමත් දැඩි ලෙස සිය කඩුල්ලේ ඇලී සිටියා. විශේෂයෙන්ම දිනයේ අවසන් කොටස වෙද්දී ඔහු ඉතා හොඳින් කී‍්‍රඩා කරමින් සිටියා”

 

- කරුණාරත්නගේ ඉනිම සම්බන්ධයෙන්