Category Archives: Quotes

මුෂ්ෆිකුර් රහීම්

“මගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේදී මේ වගේ අවස්ථාවකට මීට පෙර කිසිදා මුහුණ දීලා තිබුණෙ නෑ. මේ වගේ තණතීරුවකදී, ටෙස්ට් තරගය පස්වැනි දිනයේ, ලකුණු හඹා යාම අපට අලුත් දෙයක්….අපට ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 50 ක විතර සම්බන්ධතාවක් ඕනෑ කර තිබුණා. ඒත් ටමීම් සහ ශබීර් දෙන්නාගේ ශතක සම්බන්ධතාව නිසා අපේ ගමන ගොඩාක් පහසු වුණා”

 

- ටෙස්ට් තරගය ජයගැනීමෙන් පසු

 

රංගන හේරත්

මා හිතුවා ඒ ලකුණු සංඛ්‍යාව ආරක්‍ෂා කරගන්න පුළුවන් කියලා. අපි ඉන්දියාව, පාකිස්තානය වගේ කණ්ඩායම් එක්කත් මීට වඩා අඩු ලකුණු සංඛ්‍යාවන් ආරක්‍ෂා කරගෙන තියෙනවා” කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් තිදෙනකු හිටපු නිසා අපට තරගය ජයගන්න පුළුවන් කියා ලොකු විශ්වාසයක් මට තිබුණා…. අපි වේලාසනින්ම කඩුලු දෙකක් දවාගත්තත් දිවා ආහාරයෙන් පස්සේ ඔවුන් ප්‍රහාරය පටන් ගත්තා. එයින් තරගය අපෙන් ගිළිහී ගියා..”

 

- ටෙස්ට් තරගයේ පරාජය සම්බන්ධයෙන්

 

රංගන හේරත්

“අපේ ප්‍රධාන අරමුණ අපේම අනන්‍යතාව සහිත ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමයි. ගාල්ල තරගයේදී සිදුවූයේ එයයි….එය දිගටම පවත්වාගෙන තරග ජයග්‍රහණය කිරීමට අපි උත්සාහ කරනවා”

 

- ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා රටාව සම්බන්ධයෙන්

 

තිලංග සුමතිපාල

“ක්‍රිකට් ආයතනය පසුගිය වසර කීපයකදී දැඩි ලෙස පාඩු ලබමින් සිටියා. නමුත් 2016 වසරේදී රුපියල් මිලියන 200 ක ලාභයක් ලබන්න සමත් වුණ……අතීතයට බැණ වදිනවාට වඩා අනාගතයේ අපේක්‍ෂිත ඉලක්ක සඳහා කටයුතු කිරීම මගේ ඉලක්කයයි. 2016 වසරේ මූල්‍ය තත්ත්වයේ අඩුපාඩු හා ප්‍රතිව්‍යුහගත කිරීම් නුස්කි මොහොමඞ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මූල්‍ය කමිටුව ගැටලුකාරී තත්ත්වයකින් තොරව සාර්ථකව අවසන් කළා”

 

- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 200 ක ලාභයක් ලැබීම සම්බන්ධයෙන්

 

රංගන හේරත්

“කඩුලු රකින්නේ කවුද, ආරම්භක පිතිකරුවාම කඩුලු රකින්නත් යොදවනාවාද, අංක 7 ස්ථානයේ පන්දුවට පහර දෙන්නේ කවුද වගේ තව බොහෝ දේවල් හිතන්න තිබෙනවා …කොහොම වුණත් අපට තව දවස් හයක් විතර තියෙනවානේ….හෙමිහිට සාකච්ඡා කරලා බලන්න ඕනේ”

 

- ආරම්භක පිතිකරු යුගලය සම්බන්ධයෙන්

මුෂ්ෆිකුර් රහීම්

“ඔවුන් ක්‍රීඩා කරන්න යන්නේ ඔවුන්ගේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් නැතිවයි. ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරගාවලියට නෑ…ඒත් සකිබ් අල් හසන්, මුස්ටෆිසුර් රහමන් වගේම මෙහෙදි හසන් වැනි ක්‍රීඩකයන් අපට ඉන්නවා. ඔවුන් තුන්දෙනාම එකට පන්දු යවන විට ඕනෑම කණ්ඩායමක් පීඩනයට පත්වෙනවා”

 

- ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන්

 

උපුල් තරංග

“මා කලින් කිවුවා වගේ මේ තරගාවලිය අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝ දෙනකුට යමක් ඉගෙන ගන්නයි අත්දැකීම් ලබාගන්නයි තියෙන තරගාවලියක්”


“අපි මේ තරගාවලියේ 5-0 සුද්දයකට මුහුණ දීලා ඉන්න බවක් පෙනෙනවා. ඒත් අවසන් වරට (කේප් ටවුන්හිදී) පැවැති තරගයේදී අපි ක්‍රීඩා කළ ආකාරය අනුව අපට කිසියම් ආත්ම විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. අපි පැරදුනත් අපි ඒ වෙනුවෙන් සටනක් දෙනවා”


- දකුණු අප්‍රිකවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ අවසන් තරගයට පෙර

 

ග්‍රැහැම් ෆෝඩ්

දකුණු අපි‍්‍රකාවේදී වේග පන්දු යවන්නන් කියන්නේ විශාල දෙයක් කරන පිරිසක්ග ඒත් අපේ රටේ (ශී‍්‍ර ලංකාවේදී) තරගාවලිවලදී සේරම කරන්නේ දග පන්දු යවන්නන්. ඒ නිසා මෙහාට ආවම තත්ත්වය එහෙම පිටින්ම වෙනස් වෙනවා. මේ තත්ත්වයට විසඳුමක් හොයාගන්න දේශීය තරගාවලියේ තරගකාරීත්වය තව වැඩිකරන්න පුළුවන් නම් මේ තත්ත්වයට පිළියමක් සොයාගත හැකියි.

ඒ එක්කම ශී‍්‍ර ලංකාවේ සිටින හොඳම කී‍්‍රඩකයන් එකිනෙකා හා තරග කරනවා නම්, දේශීය තරග තත්ත්වයන් වලදී වේග පන්දු යවන්නන්ට මීට වඩා අවස්ථාවක් ලැබෙනවා නම්, ඒකෙන් මේ තත්ත්වයට මුහුණ දෙන්න යම් තරමක උපකාරයක් ලැබේවි.

 

-ටෙස්ට් තරගාවලියේ පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමින්…

ඇන්ජලෝ මැතිව්ස්

“ඒක අනිත් ටෙස්ට් තරග දෙකම ක්‍රීඩා කළ තණතීරු වලට වඩා මෙම තරගය සඳහා තිබෙන තණතීරුව කොළ පාටයි. පැහැදිළිවම එහි පන්දුව දෝලනය වේවි විතරක් නෙමේ පන්දුව දෙපසට පැද්දෙමින් ඉහළ නඟින තත්ත්වයත් තියේවි.. දකුණු අප්‍රිකාවේ සංචාරය කරන හැම වතාවකදීම අපි බලාපොරොත්තු වන්නේ කොළ පැහැ තණතීරු තමයි. මොන විදිහේ තණතීරුවක් ලැබුණත් අපට ඒකේ ක්‍රීඩා කරන්න සිදුවෙනවා”

 

-  තුන්වැනි ටෙස්ට් තරගයට පෙර

 

රොෂාන් මහානාම

“මේකට අයි.සී.සී. හෝ ක්‍රිකට් ආයතනය හෝ සම්බන්ධතාවක් නෑ. අපි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සමඟ එකතු වෙලා වැඩ කරන්නේ. අපිට ගොඩක් දෙවල් ඉදිරියට කරන්න තියෙනවා”

 

 

 


- හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ත්‍යාගශීලී අරමුදල සම්බන්ධයෙන්