Category Archives: BAN in SL 2017

බංග්ලාදේශය වි20 තරගාවලියත් සමකරයි

ලකුණු 177 ක ඉලක්කයක් කරා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ කඩුලු 5 ක් පන්දු 32 ක් ඇතුළතදී බිම දැමූ බංග්ලාදේශ පන්දු යවන්නෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ලකුණු 45 ක පහසු ජයක් වාර්තා කළහ.

බංග්ලාදේශය 
ඉම්රුල් කයිස් – දුවද්දී දැවී ගියා     36
සෞම්‍ය සර්කාර් – ඇ. සහ ප. ගුණරත්න  34
සබීර් රහමන් – ප. සංජය  19
සකීබ් අල් හසන් – ප. කුලසේකර  38
මොසදික් හොසේන් – තිසර පෙරේරා 17
මහමුදුල්ලා – නොදැවී  04
මුෂ්ෆිකුර් රහීම් – ප. මාලිංග  15
මෂ්රෆී මොර්ටාසා – ප. මාලිංග 00
මෙහෙදි හසන් – ක.මු.කළා ප. මාලිංග  00
මොහොමඩ් ශෆියුඩීන් – දුවද්දී දැවී ගියා  06
අතිරේක (පා-2, ව-5) 07
එකතුව ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී     176
කඩුලු වැටීම 
1-71 (සෞම්‍ය), 2-78 (ඉම්රුල්), 3-124 (සබීර්), 4-139 (සකීබ් අල් හසන් ), 5-152 (හොසේන්), 6-169 (මුෂ්ෆිකුර්), 7-169 (මොර්ටාසා), 8-169 (මෙහෙදි), 9-176 (ශෆියුඩීන්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා
මුස්තාෆිසූර් රෙහෙමාන් 
පන්දු යැවීම
ලසිත් මාලිංග  4-0-34-3 ව-1
නුවන් කුලසේකර  4-0-30-1  
ඩිල්ෂාන් මුණවීර  2-0-22-0 ව-3
සංජය බණ්ඩාර 3-0-32-1 ව-1
අසේල ගුණරත්න 2-0-15-1  
සීකුගේ ප්‍රසන්න 2-0-17-0  
තිසර පෙරේරා 3-0-24-1  
ශ්‍රී ලංකාව 
කුසල් ජනිත් – ප. සකිබ් අල් හසන්  04
ඩිල්ෂාන් මුණවීර – ඇ. මහමුදුල්ලා ප. සකිබ් අල් හසන්  04
උපුල් තරංග – ඇ. මෙහෙදි ප. මහමුදුල්ලා  23
චාමර කපුගෙදර – ඇ. මෙහෙදි ප. මුස්තාෆිසූර්  50
අසේල ගුණරත්න – ඇ. හොසේන් ප. මුස්තාෆිසූර් 00
මිලින්ද සිරිවර්ධන – ඇ. සෞම්‍ය ප. මුස්තාෆිසූර් 00
තිසර පෙරේරා – ඇ. මුෂ්ෆිකුර් ප. සකිබ් අල් හසන්  27
සීකුගේ ප්‍රසන්න – ප. මොර්ටාසා 11
නුවන් කුලසේකර – නොදැවී  02
ලසිත් මාලිංග – ප. මුස්තාෆිසූර් 00
සංජය බණ්ඩාර – ඇ. මහමුදුල්ලා ප. ශෆියුඩීන් 06
අතිරේක (පා-2, ව-2) 04
එකතුව ඕවර 18 කදී සියලුදෙනා දැවී     131
කඩුලු වැටීම 
1-4 (කුසල්), 2-19 (මුණවීර), 3-40 (තරංග), 4-40 (ගුණරත්න), 5-40 (සිරිවර්ධන), 6-98 (තිසර), 7-119 (සීකුගේ), 8-123 (කපුගෙදර), 9-124 (මාලිංග), 10-131 (සංජය බණ්ඩාර)
පන්දු යැවීම
සකීබ් අල් හසන් 4-0-24-3 ව-1
මෂ්රෆී මොර්ටාසා 4-0-30-1  
මෙහෙදි හසන්  2-0-15-0  
මහමුදුල්ලා 2-0-15-1  
මුස්තාෆිසූර් රෙහෙමාන්  3-0-21-4 ව-1
මොහොමඩ් ශෆියුඩීන් 3-0-24-1  

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 131 කට සීමා කරමින් ලබාගත් මෙම ජයත් සමගින් තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලියද 1-1 ක් ලෙසින් සමකළ බංග්ලාදේශය, මෙවර ශ්‍රී ලංකා සංචාරය ඉතාමත් සාර්ථකව අවසන් කළේ එකම තරගාවලියක් හෝ පරාජය නොවීමෙනි.

ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය ජයගනිමින් 1-1 ක් ලෙසින් තරගාවලිය සමකළ බංග්ලාදේශ කණ්ඩායම එක්දින තරගාවලියේ පළමු තරගය ජයගත් හෙයින් එම තරගාවලියද 1-1 ක් ලෙසින් සමකරගැනීමට සමත් වූයේය.

ආරම්භයේදීම වැටුණු අගාධයෙන් ශ්‍රී ලංකා පිලට ගොඩඒමක් නොවීය. චාමර කපුගෙදර සටන්කාමී අර්ධ ශතකයක් ලබාගත් නමුත් එය හුදෙකළා සටනක් විය.

0-1 ක් ලෙසින් පසුපසින් සිටියද අද තරගයේදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ඉම්රුල් කේයිස් (36) සහ සෞම්‍ය සාර්කර් (34) දෙදෙනා එක්ව පන්දු 39 කින් ලබාගත් ලකුණු 71 පදනම මත සිට බංග්ලාදේශ පිතිකරුවෝ ඉනිම ගොඩනැංවූහ. පන්දු 31 ක දී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 38 ක් ලබාගත් සකිබ් අල්හසන් බංග්ලාදේශ ඉනිමේ නැංගුරම විය.

තරගයේ 18 වැනි ඕවරය අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 166 ක් ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායම ඉතාමත් ප්‍රබල ස්ථානයක සිටියද ඔවුන් නැග සිටි පීඨිකාවෙන් බැස්සවූ ලසිත් මාලිංග පිට පිට පන්දු තුනකදී මුෂ්ෆිකුර් රහීම් (15), මෂ්රාෆි මෝර්ටසා(0) සහ මෙහෙදි හසන් (0) දවාලමින් ලබාගත් කඩුලු ත්‍රිත්වය හේතුවෙන් අවසන් ඕවර දෙකේදී බංග්ලාදේශ පිතිකරුවන්ගේ ලකුණු රැස්කිරීම ලකුණු 10 කට සීමා කෙරිණ.

විස්සයි:20 අන්තර්ජාතික තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ලෝකයේ පස්වැනි ක්‍රීඩකයාද වූ ලසිත් මාලිංග විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ සිටී. මේ වන විට තරග 67 කදී කඩුලු 89 ක් දවාගෙන සිටින ලසිත් මාලිංගට ඉදිරියෙන් පසුවන්නේ තරග 98 කදී කඩුලු 97 ක් දවාගත් පාකිස්තානයේ සහීඞ් අෆ්රීඩි පමණි.

බ්‍රෙට් ලී (ඕස්ට්‍රේලියාව), ජේකබ් ඕරම් (නවසීලන්තය), ටිම් සවුති (නවසීලන්තය) සහ තිසර පෙරේරා (ශ්‍රී ලංකාව) මීට පෙර විස්සයි-20 තරග වලදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පන්දු යවන්නෝ වෙති.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් 11 දෙනාම මෙම තරගයටත් යොදවා තිබිණ.

 

 

 

 

 

 

 

(ඡායාරූප – ප්‍රසාද් ආමේන්ද්‍ර)

බංග්ලාදේශයට ලකුණු 45 ක ජයක්

තරගයේ වීරයා සම්මානය සකීබ් අල් හසන් හිමිකරගත් අතර තරගාවලියේ වීරයා සම්මානය ලසිත් මාලිංගට හිමිවිය.

 

බංග්ලාදේශයට ලකුණු 45 ක ජයක්. තරගාවලිය 1-1 ක් ලෙස සමවෙයි

 

ඕවර 18 කදී 131 (නුවන් කුලසේකර 2,  මොහොමඩ් ශෆියුඩීන් 3-0-24-1)

 

                 

 

හමුදුල්ලා අතට උඩපන්දුවක් දෙමින් විකුස් සංජය ලකුණු 6 කට දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා නුවන් කුලසේකර සූදානම්. 18 වැනි ඕවරය යැවීම සඳහා මොහොමඩ් ශෆියුඩීන් පැමිණෙයි.

 

ඕවර 17 කදී 124/9 (නුවන් කුලසේකර 1,  මිස්ටෆිසූර් රෙහෙමාන් 3-0-21-4)

 

              

 

පන්දුවට පහරදීම සදහා විකුම් සංජය පැමිණෙයි.

 

මිස්ටෆිසූර් රෙහෙමාන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලසිත් මාලිංග ලකුණු නොළඹාම දැවී යයි

 

පන්දුවට පහරදීම සදහා ලසිත් මාලිංග පැමිණෙයි.

 

මෙහෙදි හසන් අතට උඩපන්දුවක් දෙමින් චාමර කපුගෙදර ලකුණු 50 කට දැවී යයි. (හතරේ පහර 5 ක් සහ හයේ පහරක් එල්ල කරයි)

 

පන්දුවට පහරදීම සඳහා චාමර කපුගෙදර සූදානම්. 17 වැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි.

 

ඕවර 16 කදී 119/7 (නුවන් කුලසේකර 0,  චාමර කපුගෙදර 46, මෂ්රෆී මෝටසා 4-0-30-1)

 

                 

 

පන්දුවට පහරදීම සදහා නුවන් කුලසේකර පැමි‍ණෙයි.

 

මෂ්රෆී මෝටසාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් සීකුගේ ප්‍රසන්න ලකුණු 11 කට දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා සීකුගේ ප්‍රසන්න සූදානම්. 16 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මෝටසා පැමිණෙයි.

 

ඕවර 15 කදී 111/6 (සීකුගේ ප්‍රසන්න 8,  චාමර කපුගෙදර 41, සකීබ් අල් හසන් 4-0-24-3)

 

              

 

පන්දුවට පහරදීම සඳහා සීකුගේ ප්‍රසන්න සූදානම්. 15 වැනි ඕවරය යැවීම සඳහා සකීබ් අල් හසන් පැමිණෙයි.

 

ඕවර 14 කදී 106/6 (සීකුගේ ප්‍රසන්න 5,  චාමර කපුගෙදර 40, මෂ්රෆී මෝටසා 3-0-22-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා සීකුගේ ප්‍රසන්න සූදානම්. 14 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මෝටසා පැමිණෙයි.

 

ඕවර 13 කදී 99/6 (සීකුගේ ප්‍රසන්න 1,  චාමර කපුගෙදර 37, සකීබ් අල් හසන් 3-0-20-3)

 

              

 

පන්දුවට පහරදීම සදහා සීකුගෛ් ප්‍රසන්න පැමිණෙයි.

 

තිසර පෙරේරා ස්ටම්ප්ස් කිරීමකට හසුව ලකුණු 27 කට දැවී යයි (හතරේ පහර 3 ක් ලබාගනී)

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා සූදානම්. 13 වැනි ඕවරය යැවීම සඳහා සකීබ් අල් හසන් පැමිණෙයි.

 

ඕවර 12 කදී 94/5 (තිසර පෙරේරා 25,  චාමර කපුගෙදර 35, මොහොමඩ් ශෆියුඩීන් 2-0-17-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා සූදානම්. 12 වැනි ඕවරය යැවීම සඳහා මොහොමඩ් ශෆියුඩීන් පැමිණෙයි.

 

ඕවර 11 කදී 81/5 (තිසර පෙරේරා 19,  චාමර කපුගෙදර 28, මිස්ටෆිසූර් රෙහෙමාන් 2-0-16-2)

 

              

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා සූදානම්. 11 වැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි.

 

ඕවර 10 කදී 72/5 (තිසර පෙරේරා 17,  චාමර කපුගෙදර 21, මොහොමඩ් ශෆියුඩීන් 1-0-1-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා චාමර කපුගෙදර සූදානම්. 10 වැනි ඕවරය යැවීම සඳහා මොහොමඩ් ශෆියුඩීන් පැමිණෙයි.

 

ඕවර 9 කදී 68/5 (තිසර පෙරේරා 15,  චාමර කපුගෙදර 19, මහමුදුල්ලා 2-0-15-1)

 

              

 

පන්දුවට පහරදීම සඳහා චාමර කපුගෙදර සූදානම්. නවවැනි ඕවරය යැවීම සඳහා මහමුදුල්ලා පැමිණෙයි.

 

ඕවර 8 කදී 59/5 (තිසර පෙරේරා 14,  චාමර කපුගෙදර 11, මෙහෙදි හසන් 2-0-15-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා චාමර කපුගෙදර සූදානම්. අටවැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි.

 

ඕවර 7 කදී 54/5 (තිසර පෙරේරා 11,  චාමර කපුගෙදර 9, මෂ්රෆී මෝටසා 2-0-15-0)

 

              

 

පන්දුවට පහරදීම සඳහා චාමර කපුගෙදර සූදානම්. හත්වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මෝටසා පැමිණෙයි.

 

ඕවර 6 කදී 47/5 (තිසර පෙරේරා 6,  චාමර කපුගෙදර 7, මිස්ටෆිසූර් රෙහෙමාන් 1-0-7-2)

 

                 

 

පන්දුවට පහරදීම සදහා තිසර පෙරේරා පැමිණෙයි.

 

සෞම්‍ය සර්කාර් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු ලබාගැනීමට ප්‍රථම මිලින්ද සිරිවර්ධන පළමු පන්දුවෙන් දැවී යයි.

 

පන්දුවට පහරදිම සදහා මිලින්ද සිරිවර්ධන පැමිණෙයි.

 

මොසෙඩෙක් හුසේන් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු ලබාගැනීමට ප්‍රථම අසේල ගුණරත්න පළමු පන්දුවෙන් දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්. හයවැනි ඕවරය යැවීම සඳහා වමතින් වේගපන්දු යවන මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි.

 

ඕවර 5 කදී 23/2 (අසේල ගුණරත්න 0,  චාමර කපුගෙදර 7, මහමුදුල්ලා 1-0-6-1)

 

              

 

පන්දුවට පහරදිම සදහා අසේල ගුණරත්න පැමිණෙයි.

 

මෙහෙදි හසන් අතට උඩපන්දුවක් දෙමින් උපුල් තරංග ලකුණු 23 කට දැවී යයි (හතරේ පහර තුනක් ලබාගනී)

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. පස්වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන මහමුදුල්ලා පැමිණෙයි.

 

ඕවර 4 කදී 34/2 (උපුල් තරංග 17,  චාමර කපුගෙදර 7, මෙහෙදි හසන් 1-0-10-0)

 

              

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. සියුවැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන මෙහෙදි හසන් පැමිණෙයි.

 

ඕවර 3 කදී 23/2 (උපුල් තරංග 12,  චාමර කපුගෙදර 2, සකීබ් අල් හසන් 2-0-15-2)

 

                

 

පන්දුවට පහරදීම සදහා චාමර කපුගෙදර පැමිණෙයි

 

මහමුදුල්ල අතට උඩපන්දුවක් දෙමින් ඩිල්ශාන් මුණවීර ලකුණු 4 කට දැවී යයි

 

පන්දුවට පහරදීම සඳහා ඩිල්ශාන් මුණවීර සූදානම්. තෙවැනි ඕවරය යැවීම සඳහා සකීබ් අල් හසන් පැමිණෙයි.

 

ඕවර 2 කදී 15/1 (උපුල් තරංග 11,  ඩිල්ෂාන් මුණවීර 0, මෂ්රෆී මෝටසා 1-0-8-0)

 

              

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන මෂ්රෆී මෝටසා පැමිණෙයි.

 

ඕවර 1 කදී 7/1 (උපුල් තරංග 3,  ඩිල්ෂාන් මුණවීර 0, සකීබ් අල් හසන් 1-0-7-1)

 

              

 

පන්දුවට පහරදීම සදහා උපුල් තරංග පැමිණෙයි

 

සකීබ් අල් හසන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් කුසල් පෙරේරා ලකුණු 4 කට දැවී යයි

 

පන්දුවට පහරදීම සඳහා කුසල් පෙරේරා සූදානම්. පළමු ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන සකීබ් අල් හසන් පැමිණෙයි.

 

කුසල් පෙරේරා සහ ඩිල්ෂාන් මුණවීර පන්දුවට පහරදිමට පැමිණෙය්.

——————————————————————————————————————————————

ශ්‍රී ලංකාවට ලකුණු 177 ක ඉලක්කයක්

 

ඕවර 20 කදී 176/9 (මහමුදුල්ලා 2, නුවන් කුලසේනර 4-0-30-1)

 

              

 

දුවද්දී දැවී යාමකට හසුව මොහොමඩ් ශෆියුඩීන් ලකුණු 6 කට දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා මොහොමඩ් ශෆියුඩීන් සූදානම්. 20 වැනි ඕවරය යැවීම සඳහා නුවන් කුලසේකර පැමිණෙයි. 

 

ඕවර 19 කදී 1570/8 (මහමුදුල්ලා 3, මොහොමඩ් ශෆියුඩීන් 1, ලසිත් මාලිංග 4-0-34-3)

 

              

 

ලසිත් මාලිංග විස්සයි20 පළමු කඩුලු ත්‍රිත්වය ලබාගත් අතර කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ලෝකයේ පස්වැනි පන්දු යවන්නා විය (බ්‍රෙට් ලී, ජේකොබ් ඕරම්, ටිම් සවුති, තිසර පෙරේරා මීට පෙර කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පන්දු යවන්නෝ වූහ)

 

ලසිත් මාලිංගගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව  මෙහෙදී හසන් ලකුණු නොලබාම දැවී යයි

 

පන්දුවට පහරදීම සදහා මෙහෙදි හසන් පැමිණෙයි.

 

ලසිත් මාලිංගගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් මෂ්රෆී මොටාසා ලකුණු නොලබාම දැවී යයි

 

පන්දුවට පහරදීම සදහා මෂ්රෆී මොටාසා පැමිණෙයි.

 

ලසිත් මාලිංගගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් මුෂිෆිකුර් රහීම් ලකුණු 15 කට දැවී යයි (හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරයි)

 

පන්දුවට පහරදීම සඳහා මහමුදුල්ලා සූදානම්. 19 වැනි ඕවරය යැවීම සදහා ලසිත් මාලිංග පැමිණෙයි. 

 

ඕවර 18 කදී 166/5 (මුෂිෆිකුර් රහීම් 13, මහමුදුල්ලා 2, තිසර පෙරේරා 3-0-24-1)

 

              

 

පන්දුවට පහරදීම සදහා මුෂිෆිකුර් රහීම් පැමිණෙයි.

 

තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ මොසැඩික් හුසේන් ලකුණු 17කට දැවී යයි. (හතරේ පහරක් සහ හයේ පහරක්)

 

පන්දුවට පහරදීම සඳහා මොසැඩික් හුසේන් සූදානම්. 18 වැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා පැමිණෙයි. 

 

ඕවර 17 කදී 152/4 (මහමුදුල්ලා 1, මොසැඩික් හුසේන් 17, ලසිත් මාලිංග 3-0-30-0)

 

              

 

පන්දුවට පහරදීම සඳහා මොසැඩික් හුසේන් සූදානම්. 17 වැනි ඕවරය යැවීම සදහා ලසිත් මාලිංග පැමිණෙයි. 

 

ඕවර 16 කදී 139/4 (මොසැඩික් හුසේන් 5, නුවන් කුලසේකර 3-0-24-1)

 

              

 

පන්දුවට පහරදීම සදහා මහමුදුල්ලා පැමිණෙයි.

 

නුවන් කුලසේකරගේ පන්දුවක් හමුවේ සකීබ් අල් හසන් ලකුණු 38 කට දැවී යයි. (හතරේ පහර හතරයි)

 

පන්දුවට පහරදීම සඳහා මොසැඩික් හුසේන් සූදානම්. 16 වැනි ඕවරය යැවීම සඳහා නුවන් කුලසේකර පැමිණෙයි. 

 

ඕවර 15 කදී 136/3 (සකීබ් අල් හසන් 37, මොසැඩික් හුසේන් 3, තිසර පෙරේරා 2-0-10-0)

 

              

 

පන්දුවට පහරදීම සඳහා සකීබ් අල් හසන් සූදානම්. 15 වැනි ඕවරය යැවීම සදහා තිසර පෙරේරා පැමිණෙයි. 

 

ඕවර 14 කදී 132/3 (සකීබ් අල් හසන් 35, මොසැඩික් හුසේන් 1, විකුම් සංජය 3-0-32-1)

 

              

 

පන්දුවට පහරදීම සදහා මොසැඩික් හුසේන් පැමිණෙයි.

 

විකුස් සංජයගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් සබීර් රහ්මන් ලකුණු 19 කට දැවී යයි. (හයේ පහරක් එල්ල කරයි)

 

පන්දුවට පහරදීම සඳහා සබීර් රහමන් සූදානම්. 14 වැනි ඕවරය යැවීම සඳහා විකුම් සංජය පැමිණෙයි. 

 

ඕවර 13 කදී 124/2 (සකීබ් අල් හසන් 28, සබීර් රහමන් 19, තිසර පෙරේරා 1-0-6-0)

 

              

 

පන්දුවට පහරදීම සඳහා සකීබ් අල් හසන් සූදානම්. 13 වැනි ඕවරය යැවීම සදහා දකුණතින් වේගපන්දු යවන තිසර පෙරේරා පැමිණෙයි. 

 

ඕවර 12 කදී 118/2 (සකීබ් අල් හසන් 25, සබීර් රහමන් 16, නුවන් කුලසේකර 2-0-21-0)

 

              

 

පන්දුවට පහරදීම සඳහා සකීබ් අල් හසන් සූදානම්. 12 වැනි ඕවරය යැවීම සඳහා නුවන් කුලසේකර පැමිණෙයි. 

 

ඕවර 11 කදී 107/2 (සකීබ් අල් හසන් 15, සබීර් රහමන් 15, විකුම් සංජය 2-0-24-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා සකීබ් අල් හසන් සූදානම්. 11 වැනි ඕවරය යැවීම සදහා විකුම් සංජය පැමිණෙයි. 

 

ඕවර 10 කදී 101/2 (සකීබ් අල් හසන් 13, සබීර් රහමන් 12, සීකුගේ ප්‍රසන්න 2-0-17-0)

 

              

 

පන්දුවට පහරදීම සඳහා සබීර් රහ්මන් සූදානම්. 10 වැනි ඕවරය යැවීම සඳහා සීකුගේ ප්‍රසන්න පැමිණෙයි. 

 

ඕවර 9 කදී 89/2 (සකීබ් අල් හසන් 3, සබීර් රහමන් 10, අසේල ගුණරත්න 2-0-15-1)

 

              

 

පන්දුවට පහරදීම සඳහා සකීබ් අල් හසන් සූදානම්. නවවැනි ඕවරය යැවීම අසේල ගුණරත්න පැමිණෙයි. 

 

ඕවර 8 කදී 79/2 (සකීබ් අල් හසන් 1, සබීර් රහමන් 3, සීකුගේ ප්‍රසන්න 1-0-5-0)

 

              

 

පන්දුවට පහරදීම සදහා සකීබ් අල් හසන් පැමිණෙයි.

 

අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුව ඉම්රුල් කයිස්  ලකුණු 36 කට දැවී යයි. (හතරේ පහර හතරක් සහ හයේ පහර එකක්)

 

පන්දුවට පහරදීම සඳහා සබීර් රහ්මන් සූදානම්. අටවැනි ඕවරය යැවීම සඳහා පිට දගපන්දු යවන සීකුගේ ප්‍රසන්න පැමිණෙයි. 

 

ඕවර 7 කදී 56/1 (ඉම්රුල් කයිස් 33, සබීර් රහමන් 02, අසේල ගුණරත්න 1-0-6-0)

 

              

 

පන්දුවට පහරදීම සදහා සබීර් අහමඩ් පැමිණෙයි.

 

පන්දු යැවූ අසේල ගුණරත්න අතටම උඩපන්දුවක් ලබාදෙමින් සෞම්‍ය සර්කාර්  ලකුණු 34 කට දැවී යයි. (හතරේ පහර 4 ක් සහ හයේ පහර දෙකක්)

 

පන්දුවට පහරදීම සඳහා ඉම්රුල් කයිස් සූදානම්. හත්වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේගපන්දු යවන අසේල ගුණරත්න පැමිණෙයි. 

 

ඕවර 6 කදී 68/0 (ඉම්රුල් කයිස් 29, සෞම්‍ය සර්කාර් 34, ලසිත් මාලිංග 2-0-17-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. හයවැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි. 

 

ඕවර 5 කදී 56/0 (ඉම්රුල් කයිස් 28, සෞම්‍ය සර්කාර් 24, ඩිල්ශාන් මුණවීර 2-0-22-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා ඉම්රුල් කයිස් සූදානම්. පස්වැනි ඕවරය යැවීම සඳහා ඩිල්ශාන් මුණවීර පැමිණෙයි. 

 

ඕවර 4 කදී 42/0 (ඉම්රුල් කයිස් 22, සෞම්‍ය සර්කාර් 17, විකුම් සංජය 1-0-18-0)

 

              

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. සිව්වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක විකුම් සංජය පැමිණෙයි. 

 

ඕවර 3 කදී 24/0 (ඉම්රුල් කයිස් 15, සෞම්‍ය සර්කාර් 06, ඩිල්ශාන් මුණවීර 1-0-8-0)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා ඉම්රුල් කයිස් සූදානම්. තෙවැනි ඕවරය යැවීම සඳහා පිටදඟ පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මුණවීර පැමිණෙයි. 

 

ඕවර 2 කදී 15/0 (ඉම්රුල් කයිස් 10, සෞම්‍ය සර්කාර් 05, නුවන් කුලසේකර 1-0-10-0)

 

              

 

පන්දුවට පහරදීම සඳහා ඉම්රුල් කයිස් සූදානම්. දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර පැමිණෙයි. 

 

ඕවර 1 කදී 5/0 (ඉම්රුල් කයිස් 01, සෞම්‍ය සර්කාර් 04, ලසිත් මාලිංග 1-0-5-0)

 

              

 

පන්දුවට පහරදීම සඳහා ඉම්රුල් කයිස් සූදානම්. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පැමිණෙයි. 

 

……………………………………………………………………………………………………………….

 

 

බංග්ලාදේශ කණ්ඩා‍යමේ නායක මෂ්රෆී මෝටසාගේ අවසන් ජාත්‍යන්තර විස්සයි20 තරගය.

 

……………………………………………………………………………………………………………….

 

ශ්‍රී ලංකා කණ්ඩායම

උපුල් තරංග (නායක), කුසල් ජනිත්, ඩිල්ෂාන් මුණවීර, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, සංජය බණ්ඩාර, ලසිත් මාලිංග, නුවන් කුලසේකර

 

……………………………………………………………………………………………………………….

 

බංග්ලාදේශ කණ්ඩායම

මෂ්රෆී මෝටසා (නායක), ඉම්රුල් කයිස්, සෞම්‍ය සර්කාර්, සබීර් රහ්මන්, මුෂිෆිකුර් රහීම්, සකීබ් අල් හසන්, මොසද්දික් හුසේන්, මහමුදුල්ලා, මොහොමඩ් ශෆියුඩීන්, මෙහෙදි හසන් සහ මිස්ටෆිසූර් රෙහෙමාන්

 

……………………………………………………………………………………………………………….

 

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක මෂ්රෆී මොටාසා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලේය.

 

……………………………………………………………………………………………………………….

 

කුසල් පිත්තේ සවිය පෙන්වයි

කුසල් ජනිත්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (04 වැනිදා) පැවැති පළමු විස්සයි20 තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු හයක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.


තරගය අවසන් වීමට සුළු මොහොතක් තිබියදී ටස්කින් අහමඞ්ගේ පන්දුවක් හමුවේ කුසල් ජනිත් දැවීයන විටදී පන්දු 53 කට මුහුණදී හයේ පහරක් සහ හතරේ පහර නවයකින් ඉනිම අලංකාර කිරීමට ඔහු සමත්ව සිටියේය.

 

බංග්ලාදේශ ඉනිම 
ටමීම් ඉක්බාල් – ප. මාලිංග 0
සෞම්‍යා සාර්කර් – ඇ. තිසර පෙරේරා ප. සංජය 29
සබීර් රහ්මන් – දුවද්දී දැවී ගියා 16
මුෂ්ෆිකුර් රහීම් – ප. ගුණරත්න 8
සකිබ් අල් හසන් – ඇ. ගුණරත්න ප. ප්‍රසන්න 11
මොසද්දික් හුසේන් – නොදැවී 34
මහමුදුල්ලා – ප. මාලිංග 31
මෂ්රෆී මොටාසා – නොදැවී 9
අතිරේක (පා.ල.-06,  ව.ප.-10, නි.ප.-1) 17
එකතුව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී     155
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ
මොහොමඞ් සයිෆූඩීන්, මුස්ටෆිසුර් රෙහෙමාන්, ටස්කින් අහමඞ්
කඩුලු වැටීම 
1-0 (ටමීම් ඉක්බාල්), 2-57 (සබීර් රහ්මන්), 3-57 සෞම්‍යා සාර්කර්), 4-70 මුෂ්ෆිකුර් රහීම්), 5-82 (සකිබ් අල් හසන්), 6-139 (මහමුදුල්ලා)
පන්දු යැවීම 
ලසිත් මාලිංග 4-0-38-2 ව.ප.-5, නි.ප.-1
නුවන් කුලසේකර 4-0-44-0 ව.ප.-3
විකුම් සංජය 4-1-24-1 ව.ප.-2
අසේල ගුණරත්න 4-0-24-1  
සීකුගේ ප්‍රසන්න 4-0-19-1  
ශ්‍රී ලංකා ඉනිම 
කුසල් ජනිත් – ඇ. සෞම්‍යා සාර්කර් ප. ටස්කින් අහමඞ් 77
උපුල් තරංග – ඇ. මුස්ටෆිසුර් රෙහෙමාන් ප. මෂ්රෆී මොටාසා 24
ඩිල්ෂාන් මුණවීර – ඇ. සහ ප. මෂ්රෆී මොටාසා 8
අසේල ගුණරත්න – දුවද්දී දැවී ගියා 17
සීකුගේ ප්‍රසන්න – නොදැවී 22
තිසර පෙරේරා – නොදැවී 4
අතිරේක (පා.ල- 4, ව-2) 6
එකතුව ඕවර 18.5 කදී කඩුලු 4 ක්දැවී     158
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ
මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, නුවන් කුලසේකර, විකුම් සංජය, ලසිත් මාලිංග.
කඩුලු වැටීම 
1-65 (තරංග), 2-79 (මුණවීර), 3-120 (ගුණරත්න), 4-147 (කුසල් ජනිත්)
පන්දු යැවීම
මහමුදුල්ලා 2-0-6-0  
ටස්කින් අහමඞ් 2.5-0-33-1 ව-2
මෂ්රෆී මොටාසා 4-0-32-2  
මුස්ටෆිසුර් රෙහෙමාන් 3-0-24-0  
සකිබ් අල් හසන් 3-0-29-0  
මොහොමඞ් සයිෆූඩීන් 3-0-23-0  
මොසද්දික් හුසේන් 1-0-7-0  

කුසල් ජනිත්ගේ හයවැනි විස්සයි20 අර්ධ ශතකය පන්දු 31 කදී වාර්තාවූ අතර වසර තුනකට පසුව ලබාගත් පළමු අර්ධ ශතකය වන්නේය. කුසල් අවසන් වරට විස්සයි-20 තරගයකට සහභාගි වූයේ මාස හතකට පෙරදීය.


උපුල් තරංග සමගින් එක්ව පළමු කඩුල්ල සදහා පන්දු 41 කදී ලකුණු 65 ක සම්බන්ධතාවයක් පැවැත්වූ කුසල් ජනිත් තෙවැනි කඩුල්ල සදහා අසේල ගුණරත්න සමගින්ද පන්දු 41 කදී ලකුණු 41 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වූයේය.


අවසන් විස්සයි20 තරගාවලියට ක්‍රීඩාකරන නායක මෂ්රාෆී මෝර්ටසා හොදින් පන්දු යවමින් උපුල් තරංග (24) සහ ඩිල්ෂාන් මුණවීර (8) දවාගැනීමට සමත්වූ අතර දුවද්දී දැවීයාමකට හසුව අසේල ගුණරත්න ලකුණු 17 කට දැවී ගියේය.


බංග්ලාදේශය ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් රැස්කිරීමට සමත්විය. සකිබ් අල් හසන්ට පිත්තෙන් වැඩි යමක් කිරීමට නොහැකිවූ අතර හිටපු නායක මුෂ්ෆිකුර් රහීම්ද ලකුණු 8 කට දවාගැනීමට අසේල ගුණරත්න සමත්විය.


පස්වැනි කඩුල්ල සදහා පන්දු 42 කදී ලකුණු 57 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට මහමදුල්ලා සහ මොසද්දික් හුසේන් සමත්වූහ. ලසිත් මාලිංගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 31 ක් ලබාසිටි මහමදුල්ලා දැවී ගිය අතර ඉනිම අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටි මොසද්දික් හුසේන් පන්දු 30 කට මුහුණදී හතරේ පහර තුනක් සමගින් ලකුණු 34 ක් රැස්කිරීමට සමත්විය.


සෞම්‍යා සාර්කර් දැවී යාමෙන් පසුව බංග්ලාදේශ පිතිකරුවන්ට දැඩිපීඩනයක් එල්ල කළ දඟ පන්දු යවන්නෝ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල කිරීමට සමත්වූහ. ඕවර 5 ක් අවසානයේදී 11.40 ක් ලෙස පැවැති ලකුණු ලබාගැනීමේ වේගය ඕවර 10 ක් අවසාන වන විටදී 7.60 ක් දක්වා පහත වැටුණි.


හයවැනි ඕවරයේ පළමු පන්දුවේදී සබීර් රහ්මන් දැවී යාමෙන් පසුව පන්දුවට පහරදීම සදහා පැමිණි සකීබ් අල් හසන් සමගින් එක්වූ සෞම්‍යා සාර්කර්ට වැඩිවේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාවක් නොදුන් විකුම් සංජය එම ඕවරයේ පස්වැනි පන්දුවේදී ඔහු දවාගැනීමට සමත්විය. තිසර පෙරේරා අතට උඩපන්දුවක් දෙමින් සෞම්‍යා සාර්කර් දැවීයන විටදී පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 29 ක් රැස්කිරීමට සමත් ව සිටියේය.


වේගවත් පිතිහරඹයක නිරතවූ සෞම්‍යා සාර්කර් සහ සබීර් රහමන් දෙවැනි කඩුල්ල සදහා පන්දු 29 කදී ලකුණු 57 ක් සම්බන්ධතාවයක් ගොඩනැඟූ අතර සබීර් රහමන් අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුවී දැවීයාමත් සමගින් එම සම්බන්ධතාවය බිඳ වැටුණි.


පළමු ඕවරයේ දෙවැනි පන්දුවෙන්ම ලකුණු ලබාගැනීමට ප්‍රථම ටමීම් ඉක්බාල් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ලසිත් මාලිංග සමත්වූවද එම ඕවරයේ අවසන් පන්දුවේදී සෞම්‍යා සාර්කර් ලබාදුන් උඩපන්දුව ඔහු අතින් ගිලිහි ගියේය.


බංග්ලාදේශ නායක මෂ්රෆී මෝර්ටසා ජාත්‍යන්තර විස්සයි20 තරග වලින් සමුගැනීමට තීරණය කළ බව අද ප්‍රකාශ කළ අතර මෙම තරගාවලිය ඔහුගේ අවසන් තරගාවලිය වන්නේය.


බංග්ලාදේශය වෙනුවෙන් විස්සයි20 වරම් හිමිකර ගැනීමට මොහොමඞ් සයිෆූඩීන් අද සමත්විය.


අවසන් වරට ඕස්ටේ්‍රලියාවත් සමග පැවැති විස්සයි20 තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමෙන් කුසල් මෙන්ඩිස් සහ දසුන් ශානක ඉවත් කර කුසල් ජනිත් සහ තිසර පෙරේරා කණ්ඩායමට කැඳවා ඇත.


කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක මෂ්රාෆී මෝර්ටසා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ජාතික ගීය අවසන් වනවාත් සමගින් වර්ෂාව ඇඳ හැලුණු අතර තරගය මිනිත්තු 45 ක පමණ කාළයක් පමාවිය. වර්ෂාව හේතුවෙන් තරගය ප්‍රමාද වුවද ඕවර අඩුවීමක් සිදු නොවීය.

 

ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

 

ඕවර 18.5 කදී 158/4 (සීක්කු‍ගේ ප්‍රසන්න 22, තිසර පෙරේරා 04, ටස්කින් අහමඩ් 2.5-0-33-1)

 

                  

 

පිටියට පිවිසි නව පිතිකරුවා තිසර පෙරේරා.

 

ටස්කින් අහමඩ්ගේ පන්දුවක් හමුවේ සෞම්‍ය සර්කාර් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් පෙරේරා ලකුණු 77 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 9 යි) 

 

පන්දුවට පහරදීම සඳහා කුසල් පෙරේරා සූදානම්. 19 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි. 

 

ඕවර 18 කදී 147/3 (කුසල් පෙරේරා 77, සීක්කු‍ගේ ප්‍රසන්න 15, මුස්තෆිසුර් රෙහෙමාන් 3-0-24-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා සීක්කුගේ ප්‍රසන්න සූදානම්. 18 වැනි ඕවරය යැවීම සඳහා මුස්තෆිසුර් රෙහෙමාන් පැමිණෙයි. 

 

ඕවර 17 කදී 139/3 (කුසල් පෙරේරා 76, සීක්කු‍ගේ ප්‍රසන්න 8, මෂ්රෆී මොටාසා 4-0-32-2)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා කුසල් පෙරේරා සූදානම්. 17 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා  පැමිණෙයි. 

 

ඕවර 16 කදී 127/3 (කුසල් පෙරේරා 70, සීක්කු‍ගේ ප්‍රසන්න 2, මොහොමඩ් ශෆියුඩීන් 3-0-23-0)

 

                  

 

පිටියට පිවිසි නව පිතිකරුවා සීක්කු‍ගේ ප්‍රසන්න.

 

ලකුණු 17 ක් ලබා සිටි අසේල ගුණරත්න දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට සබීර් රෙහෙමාන් සමත් වෙයි.

 

පන්දුවට පහරදීම සඳහා කුසල් පෙරේරා සූදානම්. 16 වැනි ඕවරය යැවීම සඳහා මොහොමඩ් ශෆියුඩීන් පැමිණෙයි. 

 

ඕවර 15 කදී 119/2 (කුසල් පෙරේරා 64, අසේල ගුණරත්න 17, සකීබ් අල් හසන් 3-0-29-0)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා කුසල් පෙරේරා සූදානම්. 15 වැනි ඕවරය යැවීම සඳහා සකීබ් අල් හසන් පැමිණෙයි. 

 

ඕවර 14 කදී 110/2 (කුසල් පෙරේරා 60, අසේල ගුණරත්න 12, මොහොමඩ් ශෆියුඩීන් 2-0-15-0)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා කුසල් පෙරේරා සූදානම්. 14 වැනි ඕවරය යැවීම සඳහා මොහොමඩ් ශෆියුඩීන් පැමිණෙයි. 

 

ඕවර 13 කදී 105/2 (කුසල් පෙරේරා 57, අසේල ගුණරත්න 10, සකීබ් අල් හසන් 2-0-20-0)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්. 13 වැනි ඕවරය යැවීම සඳහා සකීබ් අල් හසන් පැමිණෙයි. 

 

ඕවර 12 කදී 101/2 (කුසල් පෙරේරා 55, අසේල ගුණරත්න 08, ටස්කින් අහමඩ් 2-0-22-0)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්. 12 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි. 

 

ඕවර 11 කදී 92/2 (කුසල් පෙරේරා 50, අසේල ගුණරත්න 05, මොසද්දික් හුසේන් 1-0-7-0)

 

                 

 

පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් කුසල් පෙරේරා සිය 6 වැනි විස්සයි20 අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්. 11 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක මොසද්දික් හුසේන් පැමිණෙයි. 

 

ඕවර 10 කදී 85/2 (කුසල් පෙරේරා 45, අසේල ගුණරත්න 03, මහමදුල්ලා 2-0-6-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා කුසල් පෙරේරා සූදානම්. 10 වැනි ඕවරය යැවීම සඳහා මහමදුල්ලා පැමිණෙයි. 

 

ඕවර 9 කදී 81/2 (කුසල් පෙරේරා 43, අසේල ගුණරත්න 01, මෂ්රෆී ‍මොටාසා 3-0-20-2)

 

                 

 

පිටියට පිවිසි නව පිතිකරුවා අසේල ගුණරත්න.

 

මෂ්රෆී ‍මොටාසා‍ෙගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් ඩිල්ෂාන් මුණවීර ලකුණු 8 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

 

පන්දුවට පහරදීම සඳහා කුසල් පෙරේරා සූදානම්. නමවැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී ‍මොටාසා පැමිණෙයි. 

 

ඕවර 8 කදී 76/1 (කුසල් පෙරේරා 40, ඩිල්ෂාන් මුණවීර 07, මොහොමඩ් ශෆියුඩීන් 1-0-10-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා ඩිල්ෂාන් මුණවීර සූදානම්. අටවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශෆියුඩීන් පැමිණෙයි. 

 

ඕවර 7 කදී 66/1 (කුසල් පෙරේරා 36, ඩිල්ෂාන් මුණවීර 01, මෂ්රෆී ‍මොටාසා 2-0-15-1)

 

                 

 

පිටියට පිවිසි නව පිතිකරුවා ඩිල්ෂාන් මුණවීර.

 

මෂ්රෆී ‍මොටාසා‍ෙගේ පන්දුවක් හමුවේ මුස්තෆිසුර් රෙහෙමාන් අතට උඩ පන්දුවක් දෙමින් උපුල් තරංග ලකුණු 24 කට දැවී යයි. (හතරේ පහර 4 යි)

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. හත්වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී ‍මොටාසා පැමිණෙයි. 

 

ඕවර 6 කදී 57/0 (උපුල් තරංග 23, කුසල් පෙරේරා 29, මුස්තෆිසුර් රෙහෙමාන් 2-0-16-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. හයවැනි ඕවරය යැවීම සඳහා මුස්තෆිසුර් රෙහෙමාන් පැමිණෙයි. 

 

ඕවර 5 කදී 46/0 (උපුල් තරංග 20, කුසල් පෙරේරා 21, සකීබ් අල් හසන් 1-0-16-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා කුසල් පෙරේරා සූදානම්. පස්වැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක සකීබ් අල් හසන් පැමිණෙයි. 

 

ඕවර 4 කදී 30/0 (උපුල් තරංග 20, කුසල් පෙරේරා 05, මුස්තෆිසුර් රෙහෙමාන් 1-0-5-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. සිවුවැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක මුස්තෆිසුර් රෙහෙමාන් පැමිණෙයි. 

 

ඕවර 3 කදී 24/0 (උපුල් තරංග 18, කුසල් පෙරේරා 02, මෂ්රෆී ‍මොටාසා 1-0-6-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. තෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මෂ්රෆී ‍මොටාසා පැමිණෙයි. 

 

ඕවර 2 කදී 17/0 (උපුල් තරංග 13, කුසල් පෙරේරා 01, ටස්කින් අහමඩ් 1-0-14-0)

 

                        

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් පැමිණෙයි. 

 

ඕවර 1 කදී 2/0 (උපුල් තරංග 01, කුසල් පෙරේරා 01, මහමදුල්ලා 1-0-2-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා කුසල් පෙරේරා සූදානම්. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහමදුල්ලා පැමිණෙයි. 

 

……………………………………………………………………………………………………………….

 

ශ්‍රී ලංකා ඉනිම ඇරඹීම සඳහා උපුල් තරංග සහ කුසල් පෙරේරා පිටියට පිවිසෙති.

 

……………………………………………………………………………………………………………….

 

ශ්‍රී ලංකාවට ලකුණු 156 ක ඉලක්කයක්…

 

……………………………………………………………………………………………………………….

 

ඕවර 20 කදී 155/6 (මොසද්දික් ‍හුසේන් 34, මෂ්රෆී මොටාසා 09, නුවන් කුලසේකර 4-0-44-0)

 

                   

 

පන්දුවට පහරදීම සඳහා මොසද්දික් ‍හුසේන් සූදානම්. 20 වැනි ඕවරය යැවීම සඳහා නුවන් කුලසේකර පැමිණෙයි. 

 

ඕවර 19 කදී 146/6 (මොසද්දික් ‍හුසේන් 31, මෂ්රෆී මොටාසා 03, ලසිත් මාලිංග 4-0-38-2)

 

                   

 

පිටියට පිවිසි නව පිතිකරුවා මෂ්රෆී මොටාසා.

 

ලසිත් මාලිංගගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් මහමදුල්ලා ලකුණු 31 කට දැවි යයි. (හතරේ පහර 3 යි)

 

පන්දුවට පහරදීම සඳහා මහමදුල්ලා සූදානම්. 19 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි. 

 

ඕවර 18 කදී 139/5 (මොසද්දික් ‍හුසේන් 28, මහමදුල්ලා 31, විකුම් සංජය 4-1-24-1)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා මොසද්දික් ‍හුසේන් සූදානම්. 18 වැනි ඕවරය යැවීම සඳහා විකුම් සංජය පැමිණෙයි. 

 

ඕවර 17 කදී 131/5 (මොසද්දික් ‍හුසේන් 22, මහමදුල්ලා 29, ලසිත් මාලිංග 3-0-31-1)

 

                

 

පන්දුවට පහරදීම සඳහා මහමදුල්ලා සූදානම්. 17 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි. 

 

ඕවර 16 කදී 123/5 (මොසද්දික් ‍හුසේන් 20, මහමදුල්ලා 23, නුවන් කුලසේකර 3-0-35-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා මහමදුල්ලා සූදානම්. 16 වැනි ඕවරය යැවීම සඳහා නුවන් කුලසේකර පැමිණෙයි. 

 

ඕවර 15 කදී 112/5 (මොසද්දික් ‍හුසේන් 16, මහමදුල්ලා 16, විකුම් සංජය 3-1-16-1)

 

                    

 

පන්දුවට පහරදීම සඳහා මොසද්දික් ‍හුසේන් සූදානම්. 15 වැනි ඕවරය යැවීම සඳහා විකුම් සංජය පැමිණෙයි. 

 

ඕවර 14 කදී 102/5 (මොසද්දික් ‍හුසේන් 12, මහමදුල්ලා 12, සීක්කුගේ ප්‍රසන්න 4-0-19-1)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා මහමදුල්ලා සූදානම්. 14 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි. 

 

ඕවර 13 කදී 94/5 (මොසද්දික් ‍හුසේන් 10, මහමදුල්ලා 07, අසේල ගුණරත්න 4-0-24-1)

 

                

 

පන්දුවට පහරදීම සඳහා මහමදුල්ලා සූදානම්. 11 වැනි ඕවරය යැවීම සඳහා අසේල ගුණරත්න පැමිණෙයි. 

 

ඕවර 12 කදී 85/5 (මොසද්දික් ‍හුසේන් 05, මහමදුල්ලා 03, සීක්කුගේ ප්‍රසන්න 3-0-12-1)

 

                 

 

පිටියට පිවිසි නව පිතිකරුවා මහමදුල්ලා.

 

සීක්කු‍ගේ ප්‍රසන්නගේ පන්දුවක් හමුවේ අසේල ගුණරත්න අතට උඩ පන්දුවක් දෙමින් සකීබ් අල් හසන් ලකුණු 11 කට දැවි යයි.

 

පන්දුවට පහරදීම සඳහා සකීබ් අල් හසන් සූදානම්. 12 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි. 

 

ඕවර 11 කදී 82/4 (සකීබ් අල් හසන් 11, මොසද්දික් ‍හුසේන් 05, අසේල ගුණරත්න 3-0-15-1)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා මොසද්දික් ‍හුසේන් සූදානම්. 11 වැනි ඕවරය යැවීම සඳහා අසේල ගුණරත්න පැමිණෙයි. 

 

ඕවර 10 කදී 76/4 (සකීබ් අල් හසන් 07, මොසද්දික් ‍හුසේන් 03, සීක්කුගේ ප්‍රසන්න 2-0-9-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා මොසද්දික් ‍හුසේන් සූදානම්. 10 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි. 

 

ඕවර 9 කදී 71/4 (සකීබ් අල් හසන් 04, මොසද්දික් ‍හුසේන් 01, අසේල ගුණරත්න 2-0-9-1)

 

                 

 

පිටියට පිවිසි නව පිතිකරුවා මොසද්දික් ‍හුසේන්.

 

අසේල ගුණරත්නගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් මුෂ්ෆිකුර් රහීම් ලකුණු 8 කට දැවි යයි.

 

පන්දුවට පහරදීම සඳහා මුෂ්ෆිකුර් රහීම් සූදානම්. නමවැනි ඕවරය යැවීම සඳහා අසේල ගුණරත්න පැමිණෙයි. 

 

ඕවර 8 කදී 69/3 (මුෂ්ෆිකුර් රහීම් 08, සකීබ් අල් හසන් 03, සීක්කුගේ ප්‍රසන්න 1-0-4-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා මුෂ්ෆිකුර් රහීම් සූදානම්. අටවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පා දඟ පන්දු යවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි. 

 

ඕවර 7 කදී 65/3 (මුෂ්ෆිකුර් රහීම් 06, සකීබ් අල් හසන් 01, අසේල ගුණරත්න 1-0-7-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා මුෂ්ෆිකුර් රහීම් සූදානම්. හත්වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක අසේල ගුණරත්න පැමිණෙයි. 

 

ඕවර 6 කදී 58/3 (මුෂ්ෆිකුර් රහීම් 00, සකීබ් අල් හසන් 00, විකුම් සංජය 2-1-6-1)

 

                 

 

පිටියට පිවිසි නව පිතිකරුවා සකීබ් අල් හසන්.

 

විකුම් සංජ‍ය‍ගේ පන්දුවක් හමුවේ තිසර පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් සෞම්‍ය සර්කාර් ලකුණු 29 කට දැවි යයි.

 

පිටියට පිවිසි නව පිතිකරුවා මුෂ්ෆිකුර් රහීම්.

 

ලකුණු 16 ක් ලබා සිටි සබීර් රෙහෙමාන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට සීක්කුගේ ප්‍රසන්න සමත් වෙයි.

 

පන්දුවට පහරදීම සඳහා සබීර් රෙහෙමාන් සූදානම්. හයවැනි ඕවරය යැවීම සඳහා විකුම් සංජය පැමිණෙයි. 

 

ඕවර 5 කදී 57/1 (සෞම්‍ය සර්කාර් 29, සබීර් රෙහෙමාන් 16, ලසිත් මාලිංග 2-0-23-1)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. පස්වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි. 

 

ඕවර 4 කදී 40/1 (සෞම්‍ය සර්කාර් 18, සබීර් රෙහෙමාන් 11, නුවන් කුලසේකර 2-0-24-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. සිවුවැනි ඕවරය යැවීම සඳහා නුවන් කුලසේකර පැමිණෙයි. 

 

ඕවර 3 කදී 28/1 (සෞම්‍ය සර්කාර් 12, සබීර් රෙහෙමාන් 06, විකුම් සංජය 1-0-6-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා සබීර් රෙහෙමාන් සූදානම්. තෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක විකුම් සංජය පැමිණෙයි. 

 

ඕවර 2 කදී 18/1 (සෞම්‍ය සර්කාර් 07, සබීර් රෙහෙමාන් 05, නුවන් කුලසේකර 1-0-12-0)

 

                 

 

පන්දුවට පහරදීම සඳහා සබීර් රෙහෙමාන් සූදානම්. දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර පැමිණෙයි. 

 

ඕවර 1 කදී 6/1 (සෞම්‍ය සර්කාර් 00, සබීර් රෙහෙමාන් 01, ලසිත් මාලිංග 1-0-6-1)

 

                 

 

පිටියට පිවිසි නව පිතිකරුවා සබීර් රෙහෙමාන්.

 

ලසිත් මාලිංගගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ටමීම් ඉක්බාල් ලකුණු නොළබා දැවි යයි.

 

පන්දුවට පහරදීම සඳහා ටමීම් ඉක්බාල් සූදානම්. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පැමිණෙයි. 

 

……………………………………………………………………………………………………………….

 

බංග්ලාදේශ ඉනිම ඇරඹීම සඳහා ටමීම් ඉක්බාල් සහ සෞම්‍ය සර්කාර් පිටියට පිවිසෙති.

 

……………………………………………………………………………………………………………….

 

විනාඩි 45 කට පසුව එකදු ඕවරයක් හෝ අඩු නොකර තරගය අාරම්භ කරයි.

 

……………………………………………………………………………………………………………….

 

වර්ෂාව නිසා තරග ආරම්භය ප්‍රමාද වෙයි.

 

……………………………………………………………………………………………………………….

 

ජාතික ගීය ගයනා කිරීමෙන් අනතුරුව වර්ෂාව ඇද හැළීම නිසා ක්‍රීඩාංගණය අවරණය කරයි.

 

……………………………………………………………………………………………………………….

 

තමා සහභාගි වන අවසන් විස්සයි20 තරගාවලිය මෙය බව කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩා‍යමේ නායක මෂ්රෆී මෝටසා පැවසීය.

 

……………………………………………………………………………………………………………….

 

ශ්‍රී ලංකා කණ්ඩායම

උපුල් තරංග (නායක), කුසල් ජනිත්, ඩිල්ෂාන් මුණවීර, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, සංජය බණ්ඩාර, ලසිත් මාලිංග, නුවන් කුලසේකර

 

……………………………………………………………………………………………………………….

 

බංග්ලාදේශ කණ්ඩායම

මෂ්රෆී මෝටසා (නායක), ටමීම් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, සබීර් රහ්මන්, මුෂිෆිකුර් රහීම්, සකීබ් අල් හසන්, මොසද්දික් හුසේන්, මහමුදුල්ලා, මොහොමඩ් ශෆියුඩීන්, ටස්කින් අහමඞ් සහ මිස්ටෆිසූර් රෙහෙමාන්

 

……………………………………………………………………………………………………………….

 

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක මෂ්රෆී මොටාසා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලේය.

 

……………………………………………………………………………………………………………….

 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැත්වෙන පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්.

කුසල් පෙරේරා හෙට තරගයට සැරසෙයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (04) පැවැත්වෙන පළමු තරගයට ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පිලේ නායක උපුල් තරංග අද (03) පස්වරුවේ පැවසීය.

විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිල ඊයේ පස්වරුවේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අවසන් පුහුණු සැසියට සහභාගි වූ අතර නායක උපුල් තරංග මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මෙසේ ද පැවසීය.

“කුසල් හෙට තරගයට සූදානමින් ඉන්වා. ඔහු පුහුණුවීම්වලට සහභාගි වුණා. 100% ක් සුවය ලබා ඉන්නේ. මෙම පුහුණු සැසියෙන් පසුව තමයි අවසන් කණ්ඩායම තීරණය කරන්නේ”

“ආරම්භක පිතිකරුවන් හැටියට මම, ධනුෂ්ක, කුසල් සහ මුණවීර ඉන්නවා. කණ්ඩායමේ සමබරතාව රැකෙන පරිදි අවසන් කණ්ඩායම තෝරාගත යුතුයි”

“මෙම සංචිතයට ලසිත් මාලිංග ඇවිත් ඉන්නවා. ඒ වගේම කුලසේකර, කපුගෙදර වගේ පළපුරුදු ක්‍රීඩකයන් ඉන්නවා.

විස්සයි20 තරගාවලියේ බලාපොරොත්තුව පිළිබඳව තරංග මෙසේ අදහස් දැක්වීය.

“මෙම සංචාරයේ ටෙස්ට් සහ එක්දින යන තරගාවලි දෙකම සම තත්ත්වයෙන් අවසන් වුණා. ඒ නිසා මෙම තරගාවලිය ජය ලැබීමට අපි තරග දෙකම ජය ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා”

“දකුණු අප්‍රිකාවේදී සහ ඕස්ටේ්‍රලියාවේදී විස්සයි20 තරගවලදී අපිට එම රටවල් දෙක පරාජය කරන්න හැකි වුණා. ඔවුන්ව එම රටවල්වලදීම පරාජය කිරීම පහසු කාර්යයක් නොවෙයි. ඒ නිසා අපි හොඳ මානසික තත්ත්වයක තියෙනවා”

ශ්‍රී ලංකා සංචිතයේ එකම තරමක හෝ නමගිය පිට දඟ පන්දු යවන්නා වන ෂෙහාන් ජයසූරිය ඊයේ වන විටත් බංග්ලාදේශය රැදී සිටීම පිළිබඳව කළ විමසුමේදී තරංග මෙසේ පැවසීය.

“ෂෙහාන් ජයසූරිය එම තරගාවලිය අවසන් වී සංචිතයට එකතු වෙනවා. ෂෙහාන් සංචිතයේ ඉන්නේ පිතිකරුවක් හැටියටයි”

“මුණවීර තමයි පිට දඟ පන්දු යවන්නා හැටියට යොදා ගන්න හිතාගෙන ඉන්නේ. ඔහු බංග්ලාදේශ, බටහිර ඉන්දීය කොදෙව් ලීග් තරගාවලිවලට ද සහභාගි වෙලා පන්දු යවා තියෙන ක්‍රීඩකයෙක්”

“විශේෂඥා පන්දු යවන්නන් ඉන්න ඕන තමයි. නමුත් මාලිංග, කුලසේකර, ඉසුරු උදාන, සඳකැන්, සීකුගේ විස්සයි20 තරගවල පන්දු යවන්නන් තමයි. මම හිතන්නේ අවශ්‍යතාව අනුව ඕවරයක් හෝ යැවීම වැදගත්”
එක්දින තරගාවලියේ වීරයා වූ කුසල් මෙන්ඩිස් විස්සයි20 තරගාවලියෙන් ඉවත් කිරීම පිළිබඳව තරංග මෙසේ අදහස් දැක්වීය.

“කුසල් මෙන්ඩිස් ටෙස්ට් සහ එක්දින හොඳින් ක්‍රීඩා කරනවා. නමුත් විස්සයි20 තරගවලදී ඔහු සාර්ථක වුණේ නෑ. මම හිතන්නේ තේරීම් කමිටුව ඔහුව එම දීර්ඝ අංශ දෙකේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව දී ප්‍රයෝජනය ගන්න සැළසුම් කරනවා ඇති”

බංග්ලාදේශ පිල ඊයේ රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ අවසන් පුහුණු සැසියට සහභාගි විය.

බංග්ලාදේශ විස්සයි20 සංචිතයට කෝඩුකාර 20 හැවිරිදි දකුණතින් වේග පන්දු යවන්න තුන් ඉරියව් ක්‍රීඩකයකු වන මොහොමඞ් සයිෆුඩීන් හෙට තරගයේදී විස්සයි20 අන්තර්ජාතික වරම් හිමිකර ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

වමත් පිතිකරුවකු වන මොහොමඞ් සයිෆුඩීන්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිලට එරෙහිව පුහුණු එක්දින තරගයට ද සහභාගි විය.

බංග්ලාදේශ විස්සයි20 සංචිතයට එක්දින තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයෝ 14 දෙනකු ඇතුළත්ව සිටීම කැපී පෙනේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි20 තරග 5 ක් පවත්වා තිබේ. එහිදී ශ්‍රී ලංකාව තරග 4 ක් ජය ලබා ඇති අතර බංග්ලාදේශය තරගයක් පමණක් ජය ලබා තිබේ.     


ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
උපුල් තරංග (නායක), ඩිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, ලසිත් මාලිංග, ඉසුරු උදාන, නුවන් කුලසේකර, දසුන් ශානක, සංජය බණ්ඩාර, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, සීකුගේ ප්‍රසන්න, චාමර කපුගෙදර, තිසර පෙරේරා, ලක්‍ෂාන් සඳකැන් සහ ෂෙහාන් ජයසූරිය

බංග්ලාදේශ විස්සයි20 සංචිතය:
මෂ්රාෆි මොර්ටාෂා (නායක), තමීම් ඉක්බාල්, සෞම්‍ය සාකර්, ඉම්රුල් කයිස්, මුෂ්ෆිකුර් රහීම්, ශකීබ් අල් හසන්, සබීර් රහමන්, මහුමුදුල්ලා, මොසඩෙක් හොසේන්, මුස්ටාෆිෂුර් රහමන්, මෙහිඩි හසන්, ටස්කින් අහමඞ්, සුබාෂිස් රෝයි, සුන්ෂමුල් ස්ලාම්, නුරුල් හසන් සහ මොහොමඞ් සයිෆුඩීන්

 

විස්සයි 20 තරගාවලියට ලසිත් මාලිංග එයි

බංග්ලාදේශ පිලට එරෙහිව 04 වැනිදා  ආරම්භ වන තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ප්‍රවීණ වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග කැඳවා  තිබේ. කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ද විස්සයි20 සංචිතයෙන් ඉවත්කර තිබේ.    

කෙසේවෙතත් ලසිත් මාලිංග මෙම සංචිතයට කැඳවා ඇත්තේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාව අපේක්ෂිත මට්ටමට පවතින්නේනම් පමණි. 

කුසල් ජනිත්ගේ ශාරීරික යෝග්‍යතාවය අපේක්ෂිත මට්ටමක නොමැති වේ නම් ඔහු වෙනුවට සඳුන් වීරක්කොඩි සංචිතයට එකතුවනු ඇත.

 

විස්සයි20 සංචිතය

උපුල් තරංග (නායක), දිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, ලසිත් මාලිංග, සඳුන් වීරක්කොඩි, ඉසුරු උදාන, නුවන් කුලසේකර, දසුන් චානක, විකුම් සංජය, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, සීකුගේ ප්‍රසන්න, චාමර කපුගෙදර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන් සහ ෂෙහාන් ජයසූරිය

 

ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි

එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී තමන් සතු වාසිය මේ යයි කදිමට තහවුරු කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයට එරෙහිව අද (1 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී ලකුණු 70 ක පහසු ජයක් වාර්තා කළහ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙසින් සමකිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.

ශ්‍රී ලංකාව
ධනුෂ්ක ගුණතිලක – ඇ.මහමදුල්ලා ප.මෙහෙදි හසන්    34
උපුල් තරංග – ප.ටස්කින් අහමඩ් 35
කුසල් මෙන්ඩිස් – ඇ.මුෂ්ෆිකුර් රහීම් ප.මුස්ටෆිසුර් 54
දිනේෂ් චන්දිමාල් – දුවද්දී දැවී ගියා  21
මිලින්ද සිරිවර්ධන – දුවද්දී දැවී ගියා 12
අසේල ගුණරත්න – ඇ.මහමදුල්ලා ප.මොර්ටසා 34
තිසර පෙරේරා – ඇ.ටස්කින් අහමඩ් ප.මොර්ටසා 52
සීකුගේ ප්‍රසන්න – ඇ.මහමදුල්ලා ප.මුස්ටෆිසුර් 01
ඩිල්රුවන් පෙරේරා – ඇ.ටමීම් ඉක්බාල් ප.මොර්ටසා  15
නුවන් කුලසේකර – නොදැවී  01
සුරංග ලක්මාල්  – නොදැවී  02
අතිරේක (ප.ල – 2, ව.ප. – 17) 19
එකතුව ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී  280
කඩුලු වැටීම 
1-76(ධනුෂ්ක), 2-87(තරංග), 3-136(චන්දිමාල්), 4-194(මෙන්ඩිස්), 5-194(මෙන්ඩිස්), 6-216(අසේල), 7-230(සීකුගේ), 8-275(ඩිල්රුවන්), 9-277(තිසර)
පන්දු යැවීම
මෂ්රාෆි මෝර්ටසා 10-0-65-3  
මුස්ටෆිසුර් රහමන් 10-0-55-0  
මොහෙදි හසන් 10-1-49-1  
ටස්කින් අහමඩ් 8-1-50-1  
මහමදුල්ලා  1-0-05-0  
සකිබ් අල් හසන්  8-1-41-0  
මොසඩක් හොසේන් 3-0-13-0  
බංග්ලාදේශය
ටමීම් ඉක්බාල් – ඇ.සහ ප.කුලසේකර 04
සෞම්‍ය සාර්කර් – ස්ට.චන්දිමාල් ප.ඩිල්රුවන් 38
ශබීර් රහමන් – ඇ.චන්දිමාල් ප.කුලසේකර 00
මුෂ්ෆිකුර් රහීම් – ක.මු.කළා. ප.ලක්මාල් 00
සකිබ් අල් හසන්  – ඇ.ගුණතිලක ප.ඩිල්රුවන් 54
මොසඩක් හොසේන් – ප.සීකුගේ ප්‍රසන්න 09
මහමදුල්ලා – ඇ.චන්දිමාල් ප.ලක්මාල් 07
මෙහෙදි හසන් – ඇ.තරංග ප.කුලසේකර 51
මෂ්රාෆි මෝර්ටසා – ඇ.සහ ප.සීකුගේ ප්‍රසන්න 16
ටස්කින් අහමඩ් – ඇ.ගුණරත්න ප.කුලසේකර 14
මිස්ටෆිසුර් රෙහෙමාන් – නොදැවී 01
අතිරේක (ප.ල – 2, ව.ප. – 14) 16
එකතුව ඕවර 44.3 කදී සියලු දෙනා දැවී  210
කඩුලු වැටීම
1-04(ටමීම් ඉක්බාල්), 2-10(ශබීර් රහමන්), 3-11(මුෂ්ෆිකුර් රහීම්), 4-88(සෞම්‍ය සාර්කර්), 5-111(මොසඩක් හොසේන්), 6-118(සකිබ් අල් හසන්), 7-127(මහමදුල්ලා), 8-155(මෂ්රාෆි මෝර්ටසා), 9-209(මෙහෙදි හසන්), 10-210(ටස්කින් අහමඩ්)
පන්දු යැවීම
නුවන් කුලසේකර 7.3-0-37-4  
සුරංග ලක්මාල්  8-0-38-2  
ඩිල්රුවන් පෙරේරා 10-1-47-2  
තිසර පෙරේරා 2-0-14-0  
අසේල ගුණරත්න  2-0-16-0  
සීකුගේ ප්‍රසන්න 10-1-33-2  
මිලින්ද සිරිවර්ධන 5-1-23-0  

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයෙන් බංග්ලාදේශය ජයගත් අතර දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතරමගදී අතහැර දමන ලදි. තුන්වැනි තරගයේදී ලකුණු 281 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ පිල ඕවර 44.3 කදී ලකුණු 210 කට සිරකර දැමීමට නුවන් කුලසේකර ප්‍රමුඛ පන්දු යවන්නෝ සමත් වූහ.

පළමු පිතිකරුවන් තිදෙනාම ලකුණු 11 ක් තුළදී දැවී ගියද සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ සෞම්‍ය සාර්කර් සහ සකිබ් අල් හසන් බංග්ලාදේශයේ බලාපොරොත්තු රඳවා ගත්හ. 9 වැනි ඕවරය අවසානයේදී ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ කඩුලු 3 කට 40 ක් ලෙසිනි. ඩිල්රුවන් පෙරේරාගේ පළමු ඕවරයේදී ලකුණු 20 ක් උදුරාගත් සාර්කර් සහ සකිබ් අල් හසන් දෙදෙනා 10 වැනි ඕවරය අවසන් වන විට ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු වේගය නැවතත් බංග්ලාදේශ පිලට ගෙන දුන්හ.

ඩිල්රුවන්ගේ සිවුවැනි ඕවරයේදී දිනේෂ් චන්දිමාල් විසින් සෞම්‍ය සාර්කර් ස්ටම්ප් කිරීමකට හසුකරගනු ලැබීමෙන් පසුව බංග්ලාදේශ පිතිකරුවන් මෙල්ල කරගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය.

ඕවර 15 ක් ඇතුළතදී, ලකුණු 67 ක් රැස්කෙරෙන අතරේ බංග්ලාදේශ පිතිකරුවන් පස්දෙනකු දැවී ගිය අතර ඔවුන්ගෙන් සිවුදෙනකුගේ කඩුලු ඩිල්රුවන් පෙරේරා සහ සීකුගේ ප්‍රසන්න බෙදා ගත්හ. ඔවුන් දෙදෙනාගේම ඕවර 20 න් බංග්ලාදේශ පිලට ලබාගත හැකිවූයේ ලකුණු 80 ක් පමණි. වමත් පිතිකරුවන්ගෙන් ගහණ කණ්ඩායමකට එරෙහිව ඩිල්රුවන් පෙරේරා වැනි ඉදිරිපෙළ පිට දඟ පන්දු යවන්නකු පළමු තරගයේ සිටම යොදාගත්තා නම් තරගාවලියේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට තිබිණ.

ලකුණු 155 කට කඩුල 8 ක් අහිමි කරගත් බංග්ලාදේශයේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට මෙහෙදි හසන් සහ ටස්කින් අහමඞ් සමත් වූ නමුත් එය ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය ප්‍රමාද කිරීමක් මස වෙන යමක් නොවීය.  

තරග තුනකදී පිට පිටම දෙවැනි වතාවටත් කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස්කිරීමේ වගකීමට කර උර දුන් තිසර පෙරේරා ලබාගත් අර්ධ ශතකයත් කුසල් මෙන්ඩිස්ගේ කල්පනාකාරී ඉනිමත් නිසා  නියමිත ඕවර 50 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලකුණු 280 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා විසින් දමා දුන් අඩිතාලම මත සිට ඉනිම ගොඩනැංවූයේ නම් ලකුණු 320 සීමාවෙන් ඔබ්බට යාමට ශ්‍රී ලංකා පිලට හොඳ අවස්ථාවක් තිබුණ නමුත් ලකුණු 25 ක් තුළදී දිනේෂ් චන්දිමාල් සහ මිලින්ද සිරිවර්ධන දුවද්දී යාම හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ ගමන අඩාළ විය. කෙසේ වෙතත් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ පෙරේරා යුගළය, (තිසර සහ ඩිල්රුවන්) ශ්‍රී ලංකා පිල සටනක් දිය හැකි සීමාවකට කැඳවාගෙන ආහ.

දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් පැවැත්වූ නමුත් ඒ වෙනුවෙන් පන්දු 73 ක් වැයවී තිබිණ. ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 11 ක් ඇතුළතදී දැවී ගිය හෙයින් තුන්වැනි කඩුල්ල ඉක්මනින්ම අහිමි කරගැනීමේ අවදානමට මුහුණ නොදුන් පිතිකරුවන් දෙදෙනා තරමක් කල්පනාවෙන් පන්දුවට පහර දුන්නේ කඩුලු රැකගැනීමෙන් පසුව ආක්‍රමණය දියත් කිරීමේ අරමුණ ඇතිවය.

සකිබ් අල් හසන්ගේ පන්දුවක් ස්වීපර් කවර් කලාපයට යැවූ චන්දිමාල් ලකුණු දෙකක් ලබාගත්තද දෙවැනි ලකුණු සම්පූර්ණ කළේ අළස ආකාරයෙනි. පන්දුව ආපසු කඩුල්ල කරා පැමිණෙන විට චන්දිමාල් සීමා ඉරෙන් ඇතුළත සිටි නමුත් ඔහුගේ පාදයෙන් හෝ පිත්තෙන් සීමා ඉරෙන් ඇතුළත පොළොව ස්පර්ශ නොවීම කඩුල්ල අහිමි වීමට කාරණාවක් විය. මිලින්ද සිරිවර්ධන ලකුණක් ලබාගැනීමට ගත් උත්සාහයේදී මුෂ්ෆිකුර් රහීම්ගේ අති විශිෂ්ට කඩුලු කඩා දැමීම හේතුවෙන් සිරිවර්ධන දැවී ගියේය.

මෙම දැවී යාම් දෙකම ශ්‍රී ලංකා පිලේ ලකුණු වේගය පහළ වැටීමට විශාල බලපෑමක් කළේය. පළමු ඕවර 10 නිමා වන විට ඕවරයක 7.6 ක් ව තිබූ ලකුණු වේගය සිරිවර්ධන දැවී යන විට 5.33 දක්වා පහළ වැටී තිබිණ.

ඉනිම අවසන් වීමට ඕවර 5 ක් ඉතිරිව තිබියදී හත්වැනි කඩුල්ලත් බිඳ වැටුණ නමුත් තිසර පෙරේරා සහ ඩිල්රුවන් පෙරේරා 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 45 ක් එක්කළ හෙයින් ශ්‍රී ලංකා පිල ලකුණු 275 සීමාව පසුකර ගියේය.

තරග තුනකදී ශතකයක් සහ අර්ධ ශතකයක්ද සමගින් ලකුණු 160 ක් ලබාගත් කුසල් මෙන්ඩිස් තරගාවලියේ වීරයා සම්මානය දිනාගනිද්දී ඉතාම අවශ්‍ය මොහොතේදී පන්දු 40 කින් ලකුණු 52 ක් ලබාගත් තිසර පෙරේරා තරගයේ වීරයා සම්මානය හිමිකරගත්තේය.

 

 

ශ්‍රී ලංකාවට ලකුණු 70 ක ජයක් – තරගාවලිය සමවෙයි

ශ්‍රී ලංකාවට ලකුණු 70 ක ජයක්

 

තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙස සමවිය.

 

තරගයේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය තිසර පෙරේරා දිනාගත් අතර තරගාවලියේ වීරයාට හිමි සම්මානය කුසල් මෙන්ඩිස් විසින් දිනා ගන්නා ලදී.

———————————————————————————————-

 

ඕවර 44.3 කදී 210 (මිස්ටෆිසූර් රෙහෙමාන් 1, නුවන් කුලසේකර 7.3-0-37-4)

 

              

 

අසේල ගුණරත්න අතට උඩපන්දුවක් දෙමින් ටස්කින් අහ්මඩ් ලකුණු 14 කට දැවී යයි.

 

මිස්ටෆිසූර් රෙහෙමාන් පන්දුවට පහරදීම සදහා පැමිණෙයි.

 

උපුල් තරංග අතට උඩපන්දුවක් දෙමින් මෙහෙදි හසන් ලකුණු 51 කට දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 45 වැනි ඕවරය යැවීම සඳහා නුවන් කුලසේකර පැමිණෙයි.  

 

 

ඕවර 44 කදී 209/8 (ටස්කින් අහ්මඩ් 14, මෙහෙදී හසන් 51, අසේල ගුණරත්න 2-0-16-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 44 වැනි ඕවරය යැවීම සඳහා අසේල ගුණරත්න පැමිණෙයි. 

 

 

ඕවර 43 කදී 202/8 (ටස්කින් අහ්මඩ් 13මෙහෙදී හසන් 45සුරංග ලක්මාල් 8-0-38-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ටස්කින් අහ්මඩ් සූදානම්. 43 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.  

 

ඕවර 42 කදී 194/8 (ටස්කින් අහ්මඩ් 11, මෙහෙදී හසන් 39, ඩිල්රුවන් පෙරේරා 10-1-47-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 42 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

 

 

ඕවර 41 කදී 188/8 (ටස්කින් අහ්මඩ් 6මෙහෙදී හසන් 38සුරංග ලක්මාල් 7-0-30-2)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 41 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.  

 

ඕවර 40 කදී 182/8 (ටස්කින් අහ්මඩ් 06, මෙහෙදී හසන් 33, ඩිල්රුවන් පෙරේරා 9-1-41-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 40 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

 

 

ඕවර 39 කදී 179/8 (ටස්කින් අහ්මඩ් 6මෙහෙදී හසන් 31මිලින්ද සිරිවර්ධන 5-1-23-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ටස්කින් අහ්මඩ් සූදානම්. 39 වැනි ඕවරය යැවීම සඳහා මිලින්ද සිරිවර්ධන පැමිණෙයි.  

 

ඕවර 38 කදී 171/8 (ටස්කින් අහ්මඩ් 05, මෙහෙදී හසන් 24, සීක්කුගේ ප්‍රසන්න 10-1-33-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 38 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ පැමිණෙයි. 

 

 

ඕවර 37 කදී 169/8 (ටස්කින් අහ්මඩ් 4මෙහෙදී හසන් 23මිලින්ද සිරිවර්ධන 4-1-15-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 37 වැනි ඕවරය යැවීම සඳහා මිලින්ද සිරිවර්ධන පැමිණෙයි.  

 

 

ඕවර 36 කදී 162/8 (ටස්කින් අහ්මඩ් 03, මෙහෙදී හසන් 17, සීක්කුගේ ප්‍රසන්න 9-1-31-2)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා ටස්කින් අහ්මඩ් සූදානම්. 36 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ පැමිණෙයි. 

 

 

ඕවර 35 කදී 157/8 (ටස්කින් අහ්මඩ් 1මෙහෙදී හසන් 15මිලින්ද සිරිවර්ධන 3-1-8-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 35 වැනි ඕවරය යැවීම සඳහා මිලින්ද සිරිවර්ධන පැමිණෙයි.  

 

 

ඕවර 34 කදී 155/8 (ටස්කින් අහ්මඩ් 00, මෙහෙදී හසන් 14, සීක්කුගේ ප්‍රසන්න 8-1-26-2)

 

               

 

පන්දුවට පහරදීම සදහා ටස්කින් අහ්මඩ් පිටියට පැමිණෙයි.

 

පන්දු යැවූ සීක්කුගේ ප්‍රසන්න විසින් රැකගත් උඩපන්දුව හේතුවෙන් මේශාරෆ් මොර්ටාසා ලකුණු 16 කට දැවී ගියේය.

 

පන්දුවට පහරදීම සඳහා මේශාරෆ් මොර්ටාසා සූදානම්. 34 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි. 

ඕවර 33 කදී 155/7 (මෙශාරෆ් මොර්ටාසා 16මෙහෙදී හසන් 14මිලින්ද සිරිවර්ධන 2-1-6-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 33 වැනි ඕවරය යැවීම සඳහා මිලින්ද සිරිවර්ධන පැමිණෙයි.  

 

 

ඕවර 32 කදී 149/7 (මෙශාරෆ් මොර්ටාසා 15, මෙහෙදී හසන් 9, නුවන් කුලසේකර 7-0-36-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මේශාරෆ් මොර්ටාසා සූදානම්. 32 වැනි ඕවරය යැවීම සඳහා නුවන් කුලසේකර පැමිණෙයි. 

 

 

ඕවර 31 කදී 139/7 (මෙශාරෆ් මොර්ටාසා 06මෙහෙදී හසන් 8මිලින්ද සිරිවර්ධන 1-1-0-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 31 වැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟපන්දු යවන මිලින්ද සිරිවර්ධන කැඳවයි.  

 

 

ඕවර 30 කදී 139/7 (මෙශාරෆ් මොර්ටාසා 04, මෙහෙදී හසන් 5, නුවන් කුලසේකර 6-0-26-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 30 වැනි ඕවරය යැවීම සඳහා නුවන් කුලසේකර පැමිණෙයි. 

 

 

ඕවර 29 කදී 136/7 (මෙශාරෆ් මොර්ටාසා 05මෙහෙදී හසන් 6සීක්කුගේ ප්‍රසන්න 7-0-26-1)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා මේශාරෆ් මොර්ටාසා සූදානම්. 29 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.  

 

 

ඕවර 28 කදී 133/7 (මෙශාරෆ් මොර්ටාසා 04, මෙහෙදී හසන් 5, සුරංග ලක්මාල් 6-0-24-2)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා මේශාරෆ් මොර්ටාසා සූදානම්. 28 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි. 

 

ඕවර 27 කදී 131/7 (මෙශාරෆ් මොර්ටාසා 03මෙහෙදී හසන් 5සීක්කුගේ ප්‍රසන්න 6-0-23-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මේශාරෆ් මොර්ටාසා සූදානම්. 27 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.  

 

 

ඕවර 26 කදී 128/7 (මෙශාරෆ් මොර්ටාසා 01, මෙහෙදී හසන් 4, සුරංග ලක්මාල් 5-0-22-2)

 

                     

 

පන්දුවට පහරදීම සදහා මෙශාරෆ් මොර්ටාසා පැමිණෙයි.

 

දිනේෂ් චන්දිමාල් අතට උඩපන්දුවක් දෙමින් මහමුදුල්ලා ලකුණු 7 කට දැවී යයි

 

පන්දුවට පහරදීම සඳහා මහමුදුල්ලා සූදානම්. 26 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි. 

 

ඕවර 25 කදී 123/6 (මහමුදුල්ලා 6මෙහෙදී හසන් 3සීක්කුගේ ප්‍රසන්න 5-0-20-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මහුමුදුල්ලා සූදානම්. 25 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.  

 

 

ඕවර 24 කදී 120/6 (මහමුදුල්ලා 09, මෙහෙදී හසන් 4, ඩිල්රුවන් පෙරේරා 7-1-37-1)

 

               

 

පන්දුවට පහරදීම සදහා මෙහෙදි හසන් පැමිණෙයි.

 

ධනුෂ්ක ගුණතිලක අතට උඩපන්දුවක් දෙමින් ශකීබ් අල් හසන් ලකුණු 54 කට දැවී යයි

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. 24 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

 

ඕවර 23 කදී 118/5 (මහමුදුල්ලා 4ශකීබ් අල් හසන් 54සීක්කුගේ ප්‍රසන්න 4-0-17-1)

 

                  

 

පන්දුවට පහරදීම සදහා මහමුදුල්ලා පැමිණෙයි.

 

සීක්කුගේ ප්‍රසන්න යැවූ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් මොසැඩෙක් හුසේන් ලකුණු 9 කට දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා මොසැඩෙක් හුසේන් සූදානම්. 23 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.  

 

 

ඕවර 22 කදී 111/4 (මොසැඩෙක් හුසේන් 09, ශකීබ් අල් හසන් 53, ඩිල්රුවන් පෙරේරා 7-1-37-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. 22 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

 

 

ඕවර 21 කදී 107/4 (මොසැඩෙක් හුසේන් 08ශකීබ් අල් හසන් 50සීක්කුගේ ප්‍රසන්න 3-0-10-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. 21 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.  

 

ඕවර 20 කදී 104/4 (මොසැඩෙක් හුසේන් 06, ශකීබ් අල් හසන් 49, ඩිල්රුවන් පෙරේරා 6-1-33-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්.‍ෙ20 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

 

ඕවර 19 කදී 103/4 (මොසැඩෙක් හුසේන් 06ශකීබ් අල් හසන් 48සීක්කුගේ ප්‍රසන්න 2-0-7-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. 19 වැනි ඕවරය යැවීම සඳහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.  

 

 

ඕවර 18 කදී 98/4 (මොසැඩෙක් හුසේන් 02, ශකීබ් අල් හසන් 41, ඩිල්රුවන් පෙරේරා 5-1-32-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. 18 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

 

 

ඕවර 17 කදී 92/4 (මොසැඩෙක් හුසේන් 02ශකීබ් අල් හසන් 41සීක්කුගේ ප්‍රසන්න 1-0-2-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. 17 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟපන්දු යවන සීක්කුගේ ප්‍රසන්න කැඳවයි.  

 

 

ඕවර 16 කදී 79/3 (මොසැඩෙක් හුසේන් 01, ශකීබ් අල් හසන් 40, ඩිල්රුවන් පෙරේරා 4-1-26-1)

 

               

 

මොසැඩෙක් හුසේන් පන්දුවට පහරදීමට පැමිණෙයි

 

දිනේෂ් චන්දිමාල් විසින් ස්ටම්ප්ස් කිරීමකට හසුකර ගැනීම නිසා සෞම්‍ය සර්කාර්  ලකුණු 38 කට දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර්  සූදානම්. 16 වැනි ඕවරය යැවීම සඳහා පිට ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

 

 

ඕවර 15 කදී 88/3 (සෞම්‍ය සර්කාර්  38, ශකීබ් අල් හසන් 39, අසේල ගුණරත්න 1-0-9-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. 15 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳවේග පන්දුයවන අසේල ගුණරත්න කැඳවයි.  

 
ඕවර 14 කදී 79/3 (සෞම්‍ය සර්කාර්  35, ශකීබ් අල් හසන් 33, ඩිල්රුවන් පෙරේරා 3-1-24-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන්  සූදානම්. 14 වැනි ඕවරය යැවීම සඳහා පිට ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

 

 

ඕවර 13 කදී 79/3 (සෞම්‍ය සර්කාර්  35, ශකීබ් අල් හසන් 33, තිසර පෙරේරා 2-0-14-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. 13 වැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා පැමිණෙයි.  

 

 

ඕවර 12 කදී 71/3 (සෞම්‍ය සර්කාර්  35, ශකීබ් අල් හසන් 26, ඩිල්රුවන් පෙරේරා 2-0-24-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන්  සූදානම්. 12 වැනි ඕවරය යැවීම සඳහා පිට ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

 

 

ඕවර 11 කදී 67/3 (සෞම්‍ය සර්කාර්  33, ශකීබ් අල් හසන් 24, තිසර පෙරේරා 1-0-7-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. 11 වැනි ඕවරය යැවීම සඳහා  දකුණතින්පැ වේගපන්දු යවන තිසර පෙරේරා කැඳවයි.  

 

 

ඕවර 10 කදී 60/3 (සෞම්‍ය සර්කාර්  32, ශකීබ් අල් හසන් 18, ඩිල්රුවන් පෙරේරා 1-0-20-0)

 

                     

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. 10 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟපන්දු යවන ඩිල්රුවන් පෙරේරා කැඳවයි. 

 

ඕවර 9 කදී 40/3 (සෞම්‍ය සර්කාර්  18, ශකීබ් අල් හසන් 18නුවන් කුලසේකර 5-0-23-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. නවවැනි ඕවරය යැවීම සඳහා  නුවන් කුලසේකර පැමිණෙයි. 

 

 

ඕවර 8 කදී 30/3 (සෞම්‍ය සර්කාර්  17, ශකීබ් අල් හසන් 09, සුරංග ලක්මාල් 4-0-17-1)

 

               

 

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. අටවැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි. 

 

 

ඕවර 7 කදී 24/3 (සෞම්‍ය සර්කාර්  16, ශකීබ් අල් හසන් 04, නුවන් කුලසේකර 4-0-13-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. හත්වැනි ඕවරය යැවීම සඳහා  නුවන් කුලසේකර පැමිණෙයි. 

 

 

ඕවර 6 කදී 17/3 (සෞම්‍ය සර්කාර්  09, ශකීබ් අල් හසන් 04, සුරංග ලක්මාල් 3-0-11-1)

 

               

 

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. හයවැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි. 

 

 

ඕවර 5 කදී 15/3 (සෞම්‍ය සර්කාර්  08, ශකීබ් අල් හසන් 03, නුවන් කුලසේකර 3-0-6-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ශකීබ් අල් හසන් සූදානම්. පස්වැනි ඕවරය යැවීම සඳහා  නුවන් කුලසේකර පැමිණෙයි. 

 

 

ඕවර 4 කදී 14/3 (සෞම්‍ය සර්කාර්  08, ශකීබ් අල් හසන් 02, සුරංග ලක්මාල් 2-0-9-1)

 

               

 

පන්දුවට පහරදීම සදහා ශකීබ් අල් හසන් පැමිණෙයි

 

සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පළමු පන්දුවෙන්ම මුෂිෆිකුර් රහීම් දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. සිවුවැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි. 

 

 

ඕවර 3 කදී 10/2 (සෞම්‍ය සර්කාර්  06, නුවන් කුලසේකර 2-0-5-2)

 

               

 

පන්දුවට පහරදීම සදහා මුෂිෆිකුර් රහීම් පැමිණෙයි.

 

නුවන් කුලසේකරගේ පන්දුවක් හමුවේ දිනේෂ් චන්දිමාල් අතට උඩපන්දුවක් දෙමින් සබීර් රහ්මන්  ලකුණු නොලබාම දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. තෙවැනි ඕවරය යැවීම සඳහා  නුවන් කුලසේකර පැමිණෙයි. 

 

ඕවර 2 කදී 9/1 (සෞම්‍ය සර්කාර්  05, සබීර් රහ්මන් 00, සුරංග ලක්මාල් 1-0-4-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා සෞම්‍ය සර්කාර් සූදානම්. දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පැමිණෙයි. 

 

ඕවර 1 කදී 4/1 (සෞම්‍ය සර්කාර්  04, නුවන් කුලසේකර 1-0-4-1)

 

               

 

පන්දුවට පහරදීම සදහා සබීර් රහ්මන් පැමිණෙයි.

 

පන්දු යැවූ නුවන් කුලසේකර අතටම උඩපන්දුවක් දෙමින් ටමීම් ඉක්බාල්  ලකුණු 4 කට දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා ටමීම් ඉක්බාල්  සූදානම්. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර පැමිණෙයි. 

 
 
ටමීම් ඉක්බාල් සහ සෞම්‍ය සර්කාර් පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසෙති
 

————————————————————————————————————-

බංග්ලාදේශට ලකුණු 281 ඉලක්කයක්

————————————————————————————————————-

ඕවර 50 කදී 280/9 (සුරංග ලක්මාල් 2 නුවන් කුලසේකර 1, මෂ්රාෆ් මොටාසා 10-0-65-3)

 

                  

 

පන්දුවට පහරදීම සදහා සුරංග ලක්මාල් පැමිණෙයි.

 

මෂ්රාෆ් මොටාසාගේ පන්දුවක් හමුවේ ටස්කින් අහ්මඩ් අතට උඩපන්දුවක් දෙමින් තිසර පෙරේරා ලකුණු 52 කට දැවී යයි.

 

පන්දුවට පහරදීම සදහා නුවන් කුලසේකර පැමිණෙය.

 

මෂ්රාෆ් මොටාසාගේ පන්දුවක් හමුවේ ටම්මී ඉක්බාල් අතට උඩපන්දුවක් දෙමින් ඩිල්රුවන් පෙරේරා ලකුණු 15 කට දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා ඩිල්රුවන් පෙරේරා සූදානම්.‍ 50 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රාෆ් මොටාසා පැමිණෙයි

 

ඕවර 49 කදී 271/7 (තිසර පෙරේරා 51, ඩිල්රුවන් පෙරේරා 11, මිස්ටෆිසූර් රෙහෙමාන්  10-0-55-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා  සුදානම්. 49 වැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි. 

 

ඕවර 48 කදී 265/7 (තිසර පෙරේරා 47 ඩිල්රුවන් පෙරේරා 09, මෂ්රාෆ් මොටාසා 9-0-56-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා සූදානම්.‍ 48 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රාෆ් මොටාසා පැමිණෙයි

 

 

ඕවර 47 කදී 256/7 (තිසර පෙරේරා 40, ඩිල්රුවන් පෙරේරා 07, ටස්කින් අහ්මඩ්  8-1-50-1)

 

                   

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා  සුදානම්. 47 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහ්මඩ් පැමිණෙයි. 

 

 

ඕවර 46 කදී 242/7 (තිසර පෙරේරා 29 ඩිල්රුවන් පෙරේරා 05, මෂ්රාෆ් මොටාසා 8-0-47-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා සූදානම්.‍ 46 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රාෆ් මොටාසා පැමිණෙයි

 

 
ඕවර 45 කදී 231/7 (තිසර පෙරේරා 23, ඩිල්රුවන් පෙරේරා 00, මිස්ටෆිසූර් රෙහෙමාන්  9-0-49-2)

 

               

 

පන්දුවට පහරදීම සදහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි.

 

මිස්ටෆිසූර් රෙහෙමාන්ගේ පන්දුවක් හමුවේ මහමුදුල්ලා අතට උඩපන්දුවක් දෙමින් සීක්කුගේ ප්‍රසන්න ලකුණකට දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා  සුදානම්. 45 වැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි. 

 

 

ඕවර 44 කදී 221/6 (තිසර පෙරේරා 13, සීක්කුගේ ප්‍රසන්න 01, මෂ්රාෆ් මොටාසා 7-0-36-1)

 

                  

 

පන්දුවට පහරදීම සදහා සීක්කුගේ ප්‍රසන්න පැමිණෙයි.

 

මෂ්රාෆ් මොටාසාගේ පන්දුවක් හමුවේ මහමුදුල්ලා අතට උඩපන්දුවක් දෙමින් අසේල ගුණරත්න ලකුණු 34 කට දැවී ගියේය.

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා සූදානම්.‍ 44 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රාෆ් මොටාසා පැමිණෙයි

 
 
ඕවර 43 කදී 216/5 (තිසර පෙරේරා 10, අසේල ගුණරත්න 34, මොසාඩික් හුසේන්  2-0-8-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සුදානම්. 43 වැනි ඕවරය යැවීම සඳහා මොසාඩික් හුසේන් පැමිණෙයි. 

 

 

ඕවර 42 කදී 211/5 (තිසර පෙරේරා 08අසේල ගුණරත්න 31, මෙහෙදි හසන් 10-1-49-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා සූදානම්.‍ 42 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි

 

 

ඕවර 41 කදී 207/5 (තිසර පෙරේරා 06, අසේල ගුණරත්න 29, මොසාඩික් හුසේන්  2-0-8-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සුදානම්. 41 වැනි ඕවරය යැවීම සඳහා මොසාඩික් හුසේන් පැමිණෙයි. 

 

 

ඕවර 40 කදී 203/5 (තිසර පෙරේරා 04අසේල ගුණරත්න 27, මෙහෙදි හසන් 9-1-45-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්.‍ 40 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි

 

ඕවර 39 කදී 200/5 (තිසර පෙරේරා 03, අසේල ගුණරත්න 25, මොසාඩික් හුසේන්  1-0-4-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා තිසර පෙරේරා සුදානම්. 39 වැනි ඕවරය යැවීම සඳහා මොසාඩික් හුසේන් පැමිණෙයි. 

 

ඕවර 38 කදී 196/5 (තිසර පෙරේරා 01අසේල ගුණරත්න 23, මෙහෙදි හසන් 8-1-42-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්.‍ 38 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි

 

 

ඕවර 37 කදී 194/5 (අසේල ගුණරත්න 22, මිස්ටෆිසූර් රෙහෙමාන්   8-0-39-1)

 

               

 

පන්දුවට පහරදීම සදහා තිසර පෙරේරා පැමිණෙයි.

 

මිස්ටෆිසූර් රෙහෙමාන්ගේ පන්දුවක් හමුවේ මුෂ්ෆීකූර් රහීම් අතට උඩපන්දුවක් දෙමින් කුසල් මෙන්ඩිස් ලකුණු 54 කට දැවී ගියේය.

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සුදානම්. 37 වැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි. 

 

 

ඕවර 36 කදී 192/4 (කුසල් මෙන්ඩිස් 53අසේල ගුණරත්න 21, ටස්කින් අහමඩ් 7-1-36-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්.‍ 36 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි

 

ඕවර 35 කදී 184/4 (කුසල් මෙන්ඩිස් 51, අසේල ගුණරත්න 15, මිස්ටෆිසූර් රෙහෙමාන්   7-0-37-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සුදානම්. 35 වැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි. 

 

ඕවර 34 කදී 178/4 (කුසල් මෙන්ඩිස් 50අසේල ගුණරත්න 10, ටස්කින් අහමඩ් 6-1-28-1)

 

               

 

කුසල් මෙන්ඩිස් සිය නවවැනි එක්දින අර්ධ ශතකය පන්දු 66 කදී වාර්තා කිරීමට සමත්වූ අතර ඊට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.‍ 34 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි

 

ඕවර 33 කදී 175/4 (කුසල් මෙන්ඩිස් 48, අසේල ගුණරත්න 09, මෙහෙදි හසන්  7-1-40-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සුදානම්. 33 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි. 

 

 

ඕවර 32 කදී 167/4 (කුසල් මෙන්ඩිස් 46අසේල ගුණරත්න 03, ශකීබ් අල් හසන් 8-0-41-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්.‍ 32 වැනි ඕවරය යැවීම සඳහා ශකීබ් අල් හසන් පැමිණෙයි

 

 

ඕවර 31 කදී 162/4 (කුසල් මෙන්ඩිස් 43, අසේල ගුණරත්න 01, මෙහෙදි හසන්  6-1-32-1)

 

               

 

පන්දුවට පහරදීම සදහා අසේල ගුණරත්න පිටියට පිවිසෙයි.

 

මිලින්ද සිරිවර්ධන දුවද්දී දැවීයාමකට හසුව ලකුණු 12 කට දැවී ගියේය.

 

පන්දුවට පහරදීම සඳහා මිලින්ද සිරිවර්ධන සුදානම්. 31 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි. 

 

 

ඕවර 30 කදී 159/3 (කුසල් මෙන්ඩිස් 42, මිලින්ද සිරිවර්ධන 11, ශකීබ් අල් හසන් 7-0-36-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මිලින්ද සිරිවර්ධන සූදානම්.‍ 30 වැනි ඕවරය යැවීම සඳහා ශකීබ් අල් හසන් පැමිණෙයි

 

ඕවර 29 කදී 150/3 (කුසල් මෙන්ඩිස් 40, මිලින්ද සිරිවර්ධන 04, මෙහෙදි හසන්  5-1-29-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සුදානම්. 29 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් පැමිණෙයි. 

 

 

ඕවර 28 කදී 142/3 (කුසල් මෙන්ඩිස් 34, මිලින්ද සිරිවර්ධන 02, ශකීබ් අල් හසන් 6-0-27-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මිලින්ද සිරිවර්ධන සූදානම්.‍ 28 වැනි ඕවරය යැවීම සඳහා ශකීබ් අල් හසන් පැමිණෙයි

 

 

ඕවර 27 කදී 140/3 (කුසල් මෙන්ඩිස් 33, මිලින්ද සිරිවර්ධන 01මෂ්රෆී මොටාසා  6-0-31-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සුදානම්. 27 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි. 

 

ඕවර 26 කදී 136/3 (කුසල් මෙන්ඩිස් 30, මිලින්ද සිරිවර්ධන 00, ශකීබ් අල් හසන් 5-0-25-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මිලින්ද සිරිවර්ධන පිටියට පිවිසෙයි.

 

අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුවූ දිනේෂ් චන්දිමාල් ලකුණු 21 කට දැවී ගියේය.

 

පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්.‍ 26 වැනි ඕවරය යැවීම සඳහා ශකීබ් අල් හසන් පැමිණෙයි

 

ඕවර 25 කදී 131/2 (කුසල් මෙන්ඩිස් 27, දිනේෂ් චන්දිමාල් 19, මෂ්රෆී මොටාසා  5-0-27-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සුදානම්. 25 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි. 

 

ඕවර 24 කදී 128/2 (කුසල් මෙන්ඩිස් 26, දිනේෂ් චන්දිමාල් 17, මිස්ටෆිසූර් රෙහෙමාන් 6-0-31-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්.‍ 24 වැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි

 

 
ඕවර 23 කදී 125/2 (කුසල් මෙන්ඩිස් 25, දිනේෂ් චන්දිමාල් 15, මෂ්රෆී මොටාසා  4-0-24-0)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සුදානම්. 23 වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි. 

 

 

ඕවර 22 කදී 120/2 (කුසල් මෙන්ඩිස් 23, දිනේෂ් චන්දිමාල් 13, මිස්ටෆිසූර් රෙහෙමාන් 5-0-28-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.‍ 23 වැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි

 
 
ඕවර 21 කදී 119/2 (කුසල් මෙන්ඩිස් 22, දිනේෂ් චන්දිමාල් 13, ශකීබ් අල් හසන් 4-0-20-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සුදානම්. 21 වැනි ඕවරය යැවීම සඳහා ශකීබ් අල් හසන් පැමිණෙයි. 

 
 
ඕවර 20 කදී 112/2 (කුසල් මෙන්ඩිස් 16, දිනේෂ් චන්දිමාල් 12, මිස්ටෆිසූර් රෙහෙමාන් 4-0-27-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්.‍ 20 වැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි

 
 
ඕවර 19 කදී 110/2 (කුසල් මෙන්ඩිස් 15, දිනේෂ් චන්දිමාල් 11, ශකීබ් අල් හසන් 3-0-13-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්. 19 වැනි ඕවරය යැවීම සඳහා ශකීබ් අල් හසන් පැමිණෙයි. 

 

 
ඕවර 18 කදී 101/2 (කුසල් මෙන්ඩිස් 07, දිනේෂ් චන්දිමාල් 10, ටස්කින් අහමඩ් 5-1-25-1)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්.‍ 18 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි

 
 
ඕවර 17 කදී 91/2 (කුසල් මෙන්ඩිස් 07, දිනේෂ් චන්දිමාල් 02, ශකීබ් අල් හසන් 2-0-4-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්. 17 වැනි ඕවරය යැවීම සඳහා ශකීබ් අල් හසන් පැමිණෙයි. 

 
 
ඕවර 16 කදී 88/2 (කුසල් මෙන්ඩිස් 06, දිනේෂ් චන්දිමාල් 00, ටස්කින් අහමඩ් 4-1-15-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස්  සූදානම්.‍ 16 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි

 

 

ඕවර 15 කදී 88/2 (කුසල් මෙන්ඩිස් 06, දිනේෂ් චන්දිමාල් 00, ශකීබ් අල් හසන් 1-0-1-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 15 වැනි ඕවරය යැවීම සඳහා වමතින්පැ දඟපන්දු යවන ශකීබ් අල් හසන් කැඳවයි. 

 

 
ඕවර 14 කදී 87/2 (කුසල් මෙන්ඩිස් 05, දිනේෂ් චන්දිමාල් 00, ටස්කින් අහමඩ් 3-0-15-1)

 

                  

 

දිනේෂ් චන්දිමාල් පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසෙයි.

 

ටස්කින් අහමඩ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 35 ක් ලබාසිටි උපුල් තරංග දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්.‍ 14 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් පැමිණෙයි

 
ඕවර 13 කදී 84/1 (කුසල් මෙන්ඩිස් 04, උපුල් තරංග 34, මෙහෙදි හසන්​ 4-1-51-1)

 

               

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්. 13 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදී හසන් පැමිණෙයි. 

 
 
ඕවර 12 කදී 79/1 (කුසල් මෙන්ඩිස් 1, උපුල් තරංග 32, ටස්කින් අහමඩ් 2-0-12-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්.‍ 12 වැනි ඕවරය යැවීම සඳහා ටස්කින් අහමඩ් නැවත කැඳවයි

 
 
ඕවර 11 කදී 76/1 (කුසල් මෙන්ඩිස් 00, උපුල් තරංග 30, මෙහෙදි හසන්​ 3-1-16-1)

 

               

 

පන්දුවට පහරදීම සදහා කුසල් මෙන්ඩිස් පිටියට පිවිසෙයි.

 

මෙහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ මහමුදුල්ල අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 34 ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක දැවී යයි.

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්. 11 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදී හසන් පැමිණෙයි. 

 
 
ඕවර 10 කදී 76/0 (ධනුෂ්ක ගුණතිලක 34, උපුල් තරංග 30, මහමුදුල්ලා1-0-9-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්.‍ 10 වැනි ඕවරය යැවීම සඳහා මහමුදුල්ලා කැඳවයි

 
 
ඕවර 9 කදී 71/0 (ධනුෂ්ක ගුණතිලක 31, උපුල් තරංග 28, මෙහෙදි හසන්​ 2-0-16-0)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්. නවවැනි ඕවරය යැවීම සඳහා මෙහෙදී හසන් පැමිණෙයි. 

 

 
ඕවර 8 කදී 61/0 (ධනුෂ්ක ගුණතිලක 22, උපුල් තරංග 28, ටස්කින් අහමඩ් 1-0-9-0)

 

                     

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්.‍ අටවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ටස්කින් අහමඩ් කැඳවයි

 
ඕවර 7 කදී 51/0 (ධනුෂ්ක ගුණතිලක 19, උපුල් තරංග 28, මෙහෙදි හසන්​ 1-0-6-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්. හත්වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන මෙහෙදී හසන් කැඳවයි. 

 
ඕවර 6 කදී 45/0 (ධනුෂ්ක ගුණතිලක 13, උපුල් තරංග 28, මිස්ටෆිසූර් රෙහෙමාන් 3-0-25-0)

 

                  

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්.‍ හයවැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි

 
ඕවර 5 කදී 31/0 (ධනුෂ්ක ගුණතිලක 12, උපුල් තරංග 16, මෂ්රෆී මොටාසා 3-0-19-0)

 

               

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්. පස්වැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි. 

 
ඕවර 4 කදී 22/0 (ධනුෂ්ක ගුණතිලක 10, උපුල් තරංග 09, මිස්ටෆිසූර් රෙහෙමාන් 2-0-11-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්.‍ සිවුවැනි ඕවරය යැවීම සඳහා මිස්ටෆිසූර් රෙහෙමාන් පැමිණෙයි

 

ඕවර 3 කදී 19/0 (ධනුෂ්ක ගුණතිලක 07, උපුල් තරංග 09, මෂ්රෆී මොටාසා 2-0-10-0)

 

               

 

දෙවැනි පන්දුවේදී ධනුෂ්ක ගුණතිලක ලබාදුන් උඩපන්දුව පන්දු යැවූ මෂ්රෆී මොටාසා අතින් ගිලිහෙයි.

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්. තෙවැනි ඕවරය යැවීම සඳහා මෂ්රෆී මොටාසා පැමිණෙයි. 

 
ඕවර 2 කදී 16/0 (ධනුෂ්ක ගුණතිලක 05, උපුල් තරංග 09, මිස්ටෆිසූර් රෙහෙමාන් 1-0-8-0)

 

                

 

පන්දුවට පහරදීම සඳහා උපුල් තරංග සූදානම්.‍ දෙවැනි ඕවරය යැවීම සඳහා වමති්න් වේගපන්දු යවන ක්‍රීඩක මිස්ටෆිසූර් රෙහෙමාන් කැඳවයි. 

 

ඕවර 1 කදී 8/0 (ධනුෂ්ක ගුණතිලක 01, උපුල් තරංග 04, මෂ්රෆී මොටාසා 1-0-8-0)

 

                     

 

පන්දුවට පහරදීම සඳහා ධනුෂ්ක ගුණතිලක සූදානම්. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මෂ්රෆී මොටාසා පැමිණෙයි. 

 

……………………………………………………………………………………………………………….

 

ශ්‍රී ලංකා ඉනිම ඇරඹීම සඳහා ආරම්භක පිතිකරු යුගළය ධනුෂ්ක ගුණතිලක සහ උපුල් තරංග පිටියට පිවිසෙති.

 

……………………………………………………………………………………………………………….

 

ශ්‍රී ලංකා කණ්ඩායම

උපුල් තරංග (නායක), ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, සීක්කුගේ ප්‍රසන්න.

……………………………………………………………………………………………………………….

 

බංග්ලාදේශ කණ්ඩායම

ටමීම් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, සබීර් රහ්මන්, මුෂිෆිකුර් රහීම්, ශකීබ් අල් හසන්, මොසැඩෙක් හුසේන්, මහමුදුල්ලා, මෙහෙදි හසන්, මෂ්රෆී මොටාසා (නායක), ටස්කින් අහමඞ්, මිස්ටෆිසූර් රෙහෙමාන්.

 

……………………………………………………………………………………………………………….

 

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක මෂ්රෆී මොටාසා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කලේය.

 

……………………………………………………………………………………………………………….

 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්.

ඕවර 40 කදී 182/8 (ටස්කින් අහ්මඩ් 06, මෙහෙදී හසන් 33, ඩිල්රුවන් පෙරේරා 9-1-41-2)

 

               

 

පන්දුවට පහරදීම සඳහා මෙහෙදි හසන් සූදානම්. 40 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා පැමිණෙයි. 

ශ්‍රී ලංකාව එස්. එස්. සී. පිටියේ වාසිය සොයයි

වසර හයකට පසුව එක්දින අන්තර්ජාතික තරග නැවතත් එස්. එස්. සී. ක්‍රීඩාංගණයට සම්ප්‍රාප්ත වී තිබේ. වසර හයක් පුරා නොලැබුණු එක්දින තරග, ශ්‍රී ලංකා භූමියේ පළමු එක්දින තරගය පැවැති ක්‍රීඩාංගණයට නැවතත් පැමිණීමට හේතු භූත වූ කරුණු කාරණා බොහොමයක් ඇතත් මේ වන විට බොහෝ දෙනාගේ කුකුසට බඳුන් වී ඇත්තේ එකම පැනයකි. එනම් ශ්‍රී ලංකා කණ්ඩායමට බෙහෙවින් වාසිදායක ක්‍රීඩාංගණයක් සේ සැලකෙන එස්. එස්. සී. පිටියේදී බංග්ලාදේශය පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවේද යන්නයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තරග දෙකක් නිමා වී ඇතත් ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් සිටිනුයේ පසුපසිනි. පළමු තරගය ජයගත් බංග්ලාදේශය 1-0 ක් ලෙසින් ඉදිරියෙන් පසුවෙයි.

හෙට තරගයේ ඉරණම කුමක් වූවත් බංග්ලාදේශය තරගාවලියෙන් පරාජය වන්නේ නැත. ඔවුන් පීඩනයෙන් මිදී සිටින්නේ එබැවිනි. අනෙක් අතට පිට පිටම එක්දින තරග 6 ක් පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා විශාල පීඩනයකට නතුව සිටී.

පසුගිය වසර මැදදී යෙදුණු ඕස්ටේ්‍රලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු තරග දෙකම ජයගෙන 2-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා පිල ඉතිරි තරග තුනම එක දිගට පරාජය වීම නිසා 3-2 කින් තරගාවලිය පරාජය විය. ඉන් අනතුරුව සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරගාවලිය ජයගත් නමුත් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලිය 5-0 ක් ලෙසින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දඹුල්ලේදී බංග්ලාදේශය හමුවේ අත්වූයේ ඛේදජනක ඉරණමකි.

මෙහි ඇති අනෙක් වැදගත් කාරණය වන්නේ ලබන ජූනි මාසයේදී එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසන් එක්දින තරගය මෙම තරගය වීමයි. මේ වන විට එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ 6 වැනි  ස්ථානය දක්වා ඇද වැටී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අභිබවා යාමට හෙට තරගයේදී බංග්ලාදේශය සමත් වුවහොත් තත්ත්වය ඉතා අසීරු වනු ඇත.

දකුණු අප්‍රිකාවේදී පාදයේ ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් සිටියේ මෙම තරගය සඳහා සූදානමිනි. එහෙත් මැතිව්ස්ට මෙම තරගයත් අහිමි වී තිබේ.

ශ්‍රී ලංකා පිලේ ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ මහතා පැවසූවේ හෙට තරගය සඳහා නම්කර ඇත්තේ ක්‍රීඩකයන් 12 දෙනකු පමණක් බවත් ඇන්ජලෝ මැතිව්ස් ඊට ඇතුළත්ව නැති බවත්ය.

“විස්සයි-20 (බංග්ලාදේශයට එරෙහිව) පැවැත්වෙන තරග දෙකේදී වුණත් එයා සෙල්ලම් කරයිද කියලා හරියටම කියන්න බෑ. අපේ බලාපොරොත්තුව දෙවැනි විස්සයි-20 තරගයට හෝ ඇන්ජලෝව ගන්නයි” යයිද අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ගුරුසිංහ මහතා පැවසීය.

 වැඩිදුරටත් කළ සොයාබැලීමකදී දැනගත හැකිවූයේ මැතිව්ස් පසුගිය සඳුදා නැවතත් පන්දු යැවීමේ පුහුණුවීම් ආරම්භ කළ නමුත් පාදයේ අහසුතාවක් ඇතිවීම නිසා පුහුණුවීම් අතර මග නතර කළ බවයි. මෙම ආබාධය හේතුවෙන් ඇතැම් විට අයි. පී. එල්. තරගාවලියේ පළමු තරග කිහිපයට සහභාගි වීමද සැක සහිත බව වාර්තා වේ.

දඹුල්ලේදී පන්දුවක් ඇඟිල්ලේ වද්දාගත් නිරෝෂන් දික්වැල්ලටද ෂති තුනක පමණ කාලයක් විවේක අවශ්‍ය බව ගුරුසිංහ මහතා කියයි.


ශ්‍රී ලංකා සංචිතය
උපුල් තරංග (නායක), ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විකුම් සංජය, තිසර පෙරේරා, සචිත් පතිරණ, සීකුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර සහ ඩිල්රුවන් පෙරේරා

බංග්ලාදේශ සංචිතය
මෂ්රාෆි මෝර්ටසා (නායක), ටමීම් ඉක්බාල්, සෞම්‍ය සාර්කර්, ඉම්රුල් කේයිස්, මුෂ්ෆිකුර් රහීම්, සකිබ් අල් හසන්, සබීර් රහමන්, මහමදුල්ලා රියාද්, මොසඩක් හොසේන්, මුස්ටෆිසුර් රහමන්, රුබෙල් හොසේන්, ටස්කින් අහමඞ්, සුබෂිස් රෝයි, සුන්සමුල් ඉස්ලාම්, ෂව්ගතා හොම්, නුරුල් හසන්, මෙහෙදි හසන්

 

මැතිව්ස්ට තුන්වැනි එක්දින තරගයත් අහිමි වෙයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව කී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට තුන්වැනි එක්දින තරගයත් අහිමි වී තිබේ. මෙම තරගය හෙට (1 වැනිදා) කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පිලේ ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ මහතා පැවසූවේ හෙට තරගය සඳහා නම්කර ඇත්තේ ක්‍රීඩකයන් 12 දෙනකු පමණක් බවත් ඇන්ජලෝ මැතිව්ස් ඊට ඇතුළත්ව නැති බවත්ය.

“විස්සයි-20 (බංග්ලාදේශයට එරෙහිව) පැවැත්වෙන තරග දෙකේදී වුණත් එයා සෙල්ලම් කරයිද කියලා හරියටම කියන්න බෑ. අපේ බලාපොරොත්තුව දෙවැනි විස්සයි-20 තරගයට හෝ ඇන්ජලෝව ගන්නයි” යයිද අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ගුරුසිංහ මහතා පැවසීය.

වැඩිදුරටත් කළ සොයාබැලීමකදී දැනගත හැකිවූයේ මැතිව්ස් පසුගිය සඳුදා නැවතත් පන්දු යැවීමේ පුහුණුවීම් ආරම්භ කළ නමුත් පාදයේ අහසුතාවක් ඇතිවීම නිසා පුහුණුවීම් අතර මග නතර කළ බවයි. මෙම ආබාධය හේතුවෙන් ඇතැම් විට අයි. පී. එල්. තරගාවලියේ පළමු තරග කිහිපයට සහභාගි වීමද සැක සහිත බව වාර්තා වේ.

අයි. පී. එල් තරගාවලියේදී ඇන්ජලෝ  මැතිව්ස් දිල්ලි ඩෙයාර්ඩෙවිල් පිල නියෝජනය කරයි.

පසුගිය ජනවාරි 22 වැනිදා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී පන්දුවට පහර දෙමින් සිටි මැතිව්ස්ගේ කලව පිටුපස මස්පිඬුව ඉරීයාම නිසා ඔහුට නැවතත් සියරට බලා පැමිණීමට සිදුවිය. එතැන් සිට දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදීත් ඉන් අනතුරුව ඕස්ටේ්‍රලියාවේදී පැවැති විස්සයි:20 තරගාවලියේදීත් මැතිව්ස් ක්‍රීඩා නොකළේය.

කලව පිටුපස ආබාධය නිසා බංග්ලාදේශ පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියටත් ක්‍රීඩා නොකළ මැතිව්ස් එක්දින තරගාලියේ තුන්වැනි තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියේය.