Category Archives: PAK IN AUS 2016

ඕස්ට්‍රේලියාව ලකුණු 86 කින් පකිස්තානය පරදවයි

සංචාරක පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඊයේ (22 වැනිදා) පැවැති සිව්වැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 86 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 3-1 ක් ලෙස ජයගැනීමටද ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 354 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම ඕවර 43.5 ක් අවසානයේ ලකුණු 267 කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූ අතර ජොෂ් හෙසල්වුඞ් සහ ඇඩම් සම්පා කඩුලු 3 බැගින් දවාගනිමින් පාකිස්තාන ඉනිම අඩපණ කළහ.

වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු සර්ජීල් ඛාන්, පන්දු 47 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 74 ක් රැස්කරමින් පාකිස්තානයට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. බාබර් අසාම් (31) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 72 කදී ලකුණු 73 ක සම්බන්ධයක් ගොඩනැගීමට සර්ජීල් ඛාන් සමත් වුවද, පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් (130) සමත් විය. පන්දු 119 කදී වාර්තා වූ වෝනර්ගේ 12 වැනි එක්දින ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් අන්තර්ගත විය.

පළමු කඩුල්ල වෙනුවෙන් උස්මාන් කවාජා (30) සමග එක්ව පන්දු 104 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගූ වෝනර්, ඉන් නොනැවතී නායක ස්ටීවන් ස්මිත් (49) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 120 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

අවසන් ඕවර කිහිපයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ග්ලේන් මැක්ස්වෙල් (78) සහ ට්‍රැවීස් හෙඞ් (51) සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 64 කදී ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ටේ්‍රලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 350 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. පන්දු 44 කදී වාර්තා වූ මැක්ස්වෙල්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් වූ අතර පන්දු පන්දු 36 කදී වාර්තා වූ හෙඞ්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

ඕස්ට්‍රේලියානු ඉනිමේ බිඳ වැටුණ කඩුලු 6 න් 5 කටම හිමිකම් කීමට දක්ෂ පන්දු යැවීමක නිරත වූ හසන් අලී සමත් විය.


ඕස්ට්‍රේලියාව – ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 353
(උස්මාන් කවාජා 30, ඬේවිඞ් වෝනර් 130, ස්ටීවන් ස්මිත් 49, ට්‍රැවිස් හෙඞ් 51, ග්ලේන් මැක්ස්වෙල් 78, හසන් අලී 52/5)

පාකිස්තානය – ඕවර 43.5 කදී සියලු දෙනා දැවී 267
(සර්ජීල් ඛාන් 74, බාබර් අසාම් 31, මොහොමඞ් හෆීස් 40, ෂොයිබ් මලික් 47, ඉම්ඩාඞ් වසීම් 25, ජොස් හෙසල්වුඞ් 54/3, ඇඩම් සම්පා 55/3)


- 036

 

ස්මිත් – හැන්ඩ්ස්කොම්බ් ඕස්ටේ‍්‍රලියාව දිනවති

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත්හිදී අද (19 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලූ 7 ක් ජයක් අත්කර ගැනීමට  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 5 කින් සමන්විත තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට  ඕස්ටේ‍්‍රලියාවට හැකි විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 264 ක ඉලක්කයක් හඹාගිය  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයෝ  ඕවර 45 ක් අවසානයේ කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 108 ක් රැස්කරමින්  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 104 කදී වාර්තා වූ ස්මිත්ගේ 9 වැනි එක්දින ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 11 කින් සමන්විත විය.

මුලූ ලකුණු සංඛ්‍යාව 45 ක් වන විට  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එතැන් සිට පීටර් හැන්ඞ්ස්කොම්බ් (82) සමග එක්ව පන්දු 177 කදී ලකුණු 183 ක සම්බන්ධතාවක් පැවැත් වූ ස්මිත්,  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමේ ජයග‍්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.  

අද දිනයේදී සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක‍්‍රීඩා කළ හැන්ඞ්ස්කොම්බ්, එහිදී සිය මංගල අර්ධ ශතකය ලබාගැනීමට සමත් වූ අතර පන්දු 84 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් අන්තර්ගත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 263 ක් රැුස්කළ අතර පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ බාබර් අසාම් පන්දු 100 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 84 ක් රැස්කළේය.

ෂොයිබ් මලික් (39) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අසාම්, ඉන් නොනැවතී උමාර් අක්මාල් (39) සමග එක්ව පන්දු 70 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායමේ ලකුණ සංඛ්‍යාව ඉහළ දැමීය. පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් සර්ජිල් ඛාන් හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 50 ක් රැුස්කළේ පන්දු 47 කිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජොෂ් හෙසල්වුඞ් ලකුණු 32 කට කඩුලූ 3 ක් දවාගත් අතර ට‍්‍රැවීස් හෙඞ් ලකුණු 65 කට කඩුලූ 2 ක් දවාගත්තේය.

 

පාකිස්තානය –  ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 263
(සර්ජීල් ඛාන් 50, බාබර් අසාම් 84, ෂොයිබ් මලික් 39, උමාර් අක්මාල් 39, ජොස් හෙසල්වුඞ් 32/3, ට‍්‍රැවීස් හෙඞ් 65/2)

ඕස්ටේ‍්‍රලියාව –  ඕවර 45 කදී කඩුලූ 3 ක් දැවී 265  
(ඬේවිඞ් වෝනර් 35, ස්ටීවන් ස්මිත් නොදැවී 108, පීටර් හැන්ඞ්ස්කොම්බ් 82, ට‍්‍රැවීස් හෙඞ් නොදැවී 23)

 

- 036

 

වේඩ්ගේ මංගල ශතකය ඕස්ට්‍රේලියාවට ජයගෙනේ

මැතිව් වේඞ්ගේ ශතකය සහ ජේම්ස් ෆෝක්නර්ගේ දක්ෂ පන්දු යැවීම නිසා සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී ඊයේ (13 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 92 ක පහසු ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 269 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානු කණ්ඩායම ඕවර 42.4 ක් අවසානයේ ලකුණු 176 කට සීමා කිරීමට ජේම්ස් ෆෝක්නර් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ෆෝක්නර්, ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගනිමින් පාකිස්තාන කණ්ඩායමේ මුල් පෙළ සුනුවිසුණු කර දැමීය. පැට් කමින්ස් ලකුණු 33 කට කඩුලු 3 ක්ද, මිචෙල් ස්ටාර්ක් ලකුණු 34 කට කඩුලු 2 ක්ද දවාගනිමින් පාකිස්තාන කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ෆෝක්නර්ට අනගි සහයක් දුන්හ.

පාකිස්තානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ බාබර් අසාම් පන්දු 46 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 33 ක් රැස්කළ අතර ඉම්ඩාඞ් වසීම් පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 29 ක් රැස්කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම වෙනුවෙන් කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඞ් (නොදැවී 100) සිය මංගල එක්දින ශතකය ලබා ගත්තේය. පන්දු 100 කට මුහුණ දෙමින් ලබාගත් එම ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් අලංකාර කිරීමටද වේඞ් සමත් විය.

තම එක්දින ක්‍රිකට් දිවියේදී අර්ධ ශතක 10 ක් ලබා සිටින වේඞ්ට ශතකයක් ලබාගැනීම සඳහා තරග 83 කට ක්‍රීඩා කිරීමට සිදුවීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ලකුණු 78 කට කඩුලු 5 දැවී ගොස් තිබූ අවස්ථාවේ ග්ලේන් මැක්ස්වෙල් (60) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 88 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඔස්ටේ්‍රලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද වේඞ් සමත් විය. පන්දු 60 කදී වාර්තා වූ මැක්ස්වෙල්ගේ 14 වැනි එක්දින අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් විය.


ඕස්ට්‍රේලියාව – ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 268
(ට්‍රේවිස් හෙඞ් 39, ක්‍රිස් ලයන් 16, ග්ලේන් මැක්ස්වෙල් 60, මැතිව් වේඞ් නොදැවී 100, පැට් කමින්ස් 15, හසන් අලී 65/3, ඉම්ඩාඞ් වසීම් 35/2, මොහොමඞ් අමීර් 54/2)

පාකිස්තානය – ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 176
(අසාර් අලී 24, සර්ජීල් ඛාන් 18, බාබර් අසාම් 33, උමාර් අක්මාල් 17, මොහොමඞ් රිස්වාන් 21, ඉම්ඩාඞ් වසීම් 29, ජේම්ස් ෆෝක්නර් 32/4, පැට් කමින්ස් 33/3, මිචෙල් ස්ටාර්ක් 34/2)


- 036

 

ඕස්ට්‍රේලියානුවෝ විස්මිත ජයක් ලබති

මෑත කාලීන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඇදහිය නොහැකි දිනුමක් ක්‍රිකට් වාර්තා පොතට එක්කළ ස්ටීවන් ස්මිත් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවෝ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පාකිස්තානය පරදවා ඉනිමක සහ ලකුණු 18 ක අති විශිෂ්ට ජයක් ලබාගත්හ. පළමු ඉනිමේදී ලකුණු 443 ක් ලබාගත් පාකිස්තානු පිල දෙවැනි ඉනිමේදී ලකුණු 163 කට සීමා කළ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගවලියේදී 2-0 ක තරගාවලි ජයක් කරා තම පිල කල්වෙලා ඇතිවම කැඳවාගෙන ගියහ.

තරගයේ සිවුවැනි දිනය නිමා වන විටත් දෙපිලේම පළමු ඉනිම දෙක අවසන් වී නොතිබිණ. එහෙත් පස්වැනි දිනයේදී අධිවේගී ලකුණු රැස්කිරීමක නිරත වූ ඕස්ට්‍රේලියානුවෝ ඕවර 53.2 කදී පාකිස්තානු ඉනිම අහවර කළහ.

සිවුවැනි දිනයේ පස්වරුවේදී වර්ෂාව නිසා ක්‍රීඩාව නතර කරන විට කඩුලු 6 කට ලකුණු 465 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු පිල පාකිස්තානුවන්ට වඩා ඉදිරියෙන් සිටියේ ලකුණු 22 කින් පමණි. එහෙත් අද පෙරවරුවේ ඕවර 28 කින් ලකුණු 159 ක් උදුරාගත් ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ දිවා ආහාරටත් පෙර ඉනිම නතර කළේ හැකිනම් දිනයේ ඉතිරි කොටස් දෙක තුළදී (ඕවර 70 ක් ඇතුළත) කඩුලු රැකගනිමින් තරගය බේරා ගන්නා ලෙස පාකිස්තානුවන්ට අභියෝග කරමිනි. එහෙත් දිවා ආහාරය සඳහා තරගය නතර කරන විටත් පාකිස්තානු පිලේ කඩුල්ලක් ලකුණු 06 කට බිඳ වැටී තිබිණ.

නොදැවී ලකුණු 165 ක් ලබාගත් ස්ටීවන් ස්මිත් තරගයේ වීරයා සම්මානය දිනාගත් නමුත් පස්වැනි දිනයේදී පාකිස්තානු පිල විනාශ කළේ මිචෙල් ස්ටාක් සහ නේදන් ලයන් දෙදෙනාය. මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් ඉනිමකදී පිතිකරුවකු වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකරගත් මිචෙල් ස්ටාක්ගේ හයේ පහර 7 න් 5 ක් යසීර් ෂා එල්ලයේ විය. පන්දු 91 කින් ලකුණු 84 ක් ලබාගත් ස්ටාක්ගේ ඉනිමට හතරේ පහර 3 ක්ද ඇතුළත් විය.

නායක ස්ටීවන් ස්මිත් සහ මිචෙල් ස්ටාක් අතර 7 වැනි කඩුල්ල සඳහා සම්බන්ධතාව ලකුණු 154 කි. ස්මිත්ගේ ලකුණු 165 ට හතරෙ පහර 13 ක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබුණ අතර ඔහු 2016 වසර නිමා කළේ ටෙස්ට් ලකුණු 1079 ක හිමිකරුවා වෙමිනි.

පාකිස්තානු දෙවැනි ඉනිමේ 20 වැනි ඕවරයේදී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 2 කට 63 ක් ලෙසිනි. ඉතිරි ඕවර 50 තුළදී පාකිස්තානු පිලට කඩුලු 8 ක් ආරක්‍ෂා කරගත හැකිවූයේ නම් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත හැකිව තිබිණ. තත්ත්වය මෙසේ තිබියදී පන්දුව අතට ගත් නේදන් ලයන් ඕවර 5 ක් ඇතුළතදී යුනිස් ඛාන්, මිස්බා උල් හක් සහ අසාඞ් ශෆීක් තිදෙනාම පිටියෙන් ඉවත් කළ හෙයින් ලකුණු සංඛ්‍යාව 89 දී පස්වැනි කඩුල්ලත් බිඳ වැටිණ.

ඕවර 40 ක් තුළදී කඩුලු 5 ක් ආරක්‍ෂා කරගැනීමේ අභියෝගයට මුහුණ දුන් පාකිස්තානු පිල අසරණ කර දැමූ මිචෙල් ස්ටාක් විසින් බාබර් අසාම්, සර්ෆ්‍රාස් අහමඞ්, වහබ් රියාස් සහ යසීර් ෂා පිටියෙන් ඉවත් කරන ලද්දේ ලකුණු 36 කට කඩුලු 4 ක් දවාගනිමිනි.

පළමු ඉනිමේදී කඩුල්ලක් පමණක් දවාගත් මිචෙල් ස්ටාක් දෙවැනි ඉනිම දෙකේදී පාකිස්තානුවන් උස්සා පොළොවේ ගැසීය.

“මම මේ තරගය ආරම්භ කළාට වඩා හොඳින් ඉවර කළා. තරගයේ මේ තීරණය ලබාගත්ත එක නම් ඉතාමත් හොඳයි…විශ්වාසය අපේ සිත් තුළ තිබුණා. ඒත් තරගය ඉවර කෙරුණ විදිහ නම් අලංකාරයි” යයි මිචෙල් ස්ටාක් පැවසීය.

මෙම පරාජය පාකිස්තානුවන් ඕස්ට්‍රේලියාවේදී එක දිගට ලැබූ 11 වැනි පරාජයයි. ඕස්ටේ්‍රලියාවේදී පාකිස්තානුවන්ගේ අවසන් ටෙස්ට් ජය වාර්තා වන්නේ 1995 සිඞ්නි හිදීය.

පාකිස්තානය – පළමු ඉනිම කඩුලු 9 ට 443
ඕස්ට්‍රේලියාව- පළමු ඉනිම කඩුලු 8 ට 624
පාකිස්තානය දෙවැනි ඉනිම – 163

(අසාර් අලි 43, යුනිස් ඛාන් 24, අසාඞ් ශෆීක් 16, සර්ෆ්‍රාස් අහමඞ් 43, මොහොමඞ් අමීර් 11, සොහේල් ඛාන් 10, මිචෙල් ස්ටාක් 36/4, ජොස් හේසල්වුඞ් 39/2, ජැක්සන් බර්ඞ් 46/1, නේතන් ලයන් 33/3)

 

ස්මිත් ඕස්ට්‍රේලියාව ඉදිරියට ගෙනයයි

පාකිස්තානයට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය පිළිබඳ ඕස්ට්‍රේලියානුවන් බලාපොරොත්තු සහගතව සිටියේ නම් ඒ සියල්ලම සැඩ සුළඟේ යැවූ කුණාටුව හමා ඒමට පෙර ඉතාමත් තැන්පත් ලීලාවෙන් ශතකයක් ලබාගත් ඕස්ට්‍රේලියානු නායකයා පාකිස්තානු කණ්ඩායමට වඩා ලකුණු 22 ක් ඉදිරියට තම පිල කැඳවාගෙන ගියේය. තරගයේ සිවුවැනි දිනය වන අද (29 වැනිදා) තේ පානයට ස්වල්ප වේලාවකට පෙර වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕස්ට්‍රේලියානු පිල සය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 කට ලකුණු 465 ක් ලබා සිටියේය.


මෙය ස්ටීවන් ස්මිත්ගේ 17 වැනි ටෙස්ට් ශතකය වන අතර ඒ වෙනුවෙන් පන්දු 168 කට මුහුණ දුන් ඕස්ට්‍රේලියානු නායකයා හතරේ පහර 9 කින් එය සැරසීය.


පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු පිල වෙනුවෙන් අසාර් අලි (නොදැවී 205) ලබාගත් ද්විත්ව ශතකය හේතුවෙන් සංචාරකයෝ සිය මුල් ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 443 ක් ලබාගත්හ. ඊයේ සහ අද පෙරවරුවේදී හිරු රැසින් නැහැවෙමින් තිබුණු මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය අද පස්වරුවේදී ඇද හැළුණු වර්ෂාවෙන් පසුව තෙතබරි වී තිබිණ.


තරගයේ අවසන් දිනය වන හෙට (සිකුරාදා) දීප්තිමත් කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ අනාවැකි වලින් කියැවෙන නමුත් පාකිස්තානුවන් පීඩනයට පත්කළ හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යාමට ඕස්ටේ්‍රලියාවට කාලය මඳ වී තිබේ. මේ වන විටත් පළමු ටෙස්ට් තරගය ජයගෙන සිටින ඕස්ට්‍රේලියානුවන්ගේ අපේක්‍ෂාව වන්නේ තරග 3 කින් සමන්විත තරගාවලියේ කල්වේලා ඇතිවම 2-0 ක ජයක් ලබාගැනීමයි.


“මේ වැස්ස නම් අපිට කිසිම ආකාරයකින් උදව් කළේ  නෑ. දැන් තියෙන්නේ හෙට උදේ තත්ත්වය බලලා එන විදිහට සෙල්ලම් කරන්නයි”


“තණතීරුවේ වුණත් එහෙමට කියන්න කැඩීමක් පෙනෙන්න නෑ. ඒකේ තවමත් ලකුණු තියෙනවා. ඒ නිසා මේ තරගයේ තීරණයක් ලබාගැනීම ලේසි පාසු දෙයක් නෙමේ” යයි ඕස්ට්‍රේලියානු නායකයා පැවසීය.


ස්ටීවන් ස්මිත් අද දිනයේදී මෙම වසරට ලබාගත් 1000 වැනි ටෙස්ට් ලකුණද සිය ලකුණු මල්ලට එකතු කරගත්තේය.


ඕස්ට්‍රේලියානුවන් කඩුලු 5 කට ලකුණු 447 ක් ලබා සිටියදී තරගය පාකිස්තානුවන්ගෙන් ලෙස්සා යමින් තිබිණ. එම අවස්ථාවේදී යසීර් ෂා හමුවේ මැතිව් වේඞ් ගැසූ දැඩි පහරකින් නික්ම ගිය පන්දුව ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටි අසාර් අලිගේ හිස් ආවරණයේ වැදිණ. දැඩි වේදනාව නිසා එසැණින් බිම ඇද වැටුණු අසාර් අලි මඳ වේලාවකට පසුව ක්‍රීඩාගාරයට ගියද හෙට දිනයේදී පන්දු රැකීමට පිටියට පිවිසෙන බව පාකිස්තානු කණ්ඩායම් ආරංචි මාර්ග වලින් කියැවේ.


පාකිස්තානය – පළමු ඉනිම කඩුලු 9 ට 443
(අසාර් අලි නොදැවී 205, බාබර් අසාම් 23, යුනිස් ඛාන් 21, මිස්බා උල් හක් 11, අසාඞ් ශෆීක් 50, සර්ෆ්‍රාස් අහමඞ් 10, මොහොමඞ් අමීර් 29, සොහේල් ඛාන් 65, ජොස් හේසල්වුඞ් 50/3, ජැක්සන් බර්ඞ් 113/3)


ඕස්ට්‍රේරලියාව – පළමු ඉනිම කඩුලු 6 ට 465
(මැතිව් රැන්ෂෝ 10, ඬේවිඞ් වෝනර් 144, උස්මන් කවාජා 97, ස්ටීවන් ස්මිත් නොදැවී 100, පීටර් හැන්ස්කොම්බ් 54, නික් මැඩින්සන් 22, සොහේල් ඛාන් 86/2, යසීර් ෂා 150/2, වහාබ් රියාස් 135/2)

 

ඕස්ට්‍රේලියාව නූලෙන් බේරෙයි

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව බ්‍රිස්බේන්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දැවැන්ත ජයග්‍රහණයක් බලාපොරොත්තු වුවද, පාකිස්තානු ක්‍රීඩකයන්ගේ වාර්තාගත හඹායාම හමුවේ ලකුණු 39 ක ජයකින් සෑහීමකට පත්වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සිදු විය.

තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (18 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 382 ලබා සිටි පාකිස්තාන කණ්ඩායමට අවසන් දිනය වූ අද (19 වැනිදා) ජයග්‍රහණ සඳහා තවත් ලකුණු 108 ක් රැස්කිරීමට සිදු විය. කෙසේ වුවත් ඉතිරි කඩුලු 2 ලකුණු 68 ක් තුළ දවාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය සඳහා තබා තිබූ බලාපොරොත්තු සුනුවිසුණු කර දැමූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 490 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාව 220 ක් වන විට 6 වැනි කඩුල්ලත් බිඳ වැටුණ අතර ඒ වන විට පිතිකරුවකු වශයෙන් බලාපොරොත්තු තැබිය හැකි අයෙකු ලෙස කඩුල්ලේ රැදී සිටියේ අසාද් ෂෆීක් පමණි.

ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූ අසාද් ෂෆීක් (137), හත්වැනි කඩුල්ල සඳහා මොහොමඞ් අමීර් (48) සමග එක්ව ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට ගෙන ගියද ලකුණු සංඛ්‍යාව 312 ක් වන විට ජැක්සන් බර්ඞ්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඞ් අතට උඩ පන්දුවක් දෙමින් මොහොමඞ් අමීර් දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටිණ.

සිය මංගල අර්ධ ශතකය ලබාගැනීමට ලකුණු 2 ක් මෙපිටින් සිටියදී පාකිස්තාන කණ්ඩායමේ 7 වැනි කඩුල්ල ලෙස දැවීයන විට අමීර්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් වී තිබිණ. මේ වන විට ටෙස්ට් තරග 23 කට සහභාගි වී ඇති 24 හැවිරිදි අමීර්ගේ ඉහළම ටෙස්ට් ඉනිම ලෙසද එය සටහන් විය.

අමීර්ගේ දැවීයාමෙන් අනතුරුව වහබ් රියාස් (30) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක්ද, යසීර් ෂා (33) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක්ද වශයෙන් සම්බන්ධතා ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට අසාද් ෂෆීක් මහත් උත්සහායක් දැරීය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධානම පන්දුයවන්නා වන මිචෙල් ස්ටාක්ගේ ගොදුරක් බවට පත්වෙමින් අසාද් ෂෆීක් ලකුණු 137 කට දැවීයාමත් සමග එම උත්සාහය ව්‍යර්ථ වී ගියේය. ස්ටාක් විසින් යවන ලද බවුන්සර් පන්දුවක් නිදැල්ලේ යැවීමට තැත් කිරීමේදී, එය අත් ආවරණයේ සහ පිත්තේ ඉහළ දාරයේ වැදී ගලී කළාපයේ පන්දු රකිමින් සිටි ඬේවිඞ් වෝනර්ගේ දෑත් අතර සිරවීම නිසා අසාද් ෂෆීක්ට පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

අසාද් ෂෆීක් පිටියෙන් ඉවත් වීමත් ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයත් අතර පරතරය පන්දු 4 ක් පමණි. ෂෆීක් දැවී යාමෙන් පන්දු 4 කට පසුව ස්ටීවන් ස්මිත් පන්දුව කඩුල්ලට දමාගැසීම නිසා යසීර් ෂා ලකුණු 33 කට දැවී ගියේ පරාජයේ භීතියෙන් වෙළී සිටි ඕස්ට්‍රේලියානුවන්ට සැනසුම ගෙන දෙමිනි.

පාකිස්තාන කණ්ඩායමට ලකුණු අවශ්‍යම අවස්ථාවකදී සාර්ථක වෙමින් අසාද් ෂෆීක් ලබාගත් මෙම ශතකය ඔහුගේ 10 වැනි ටෙස්ට් ශතකය වූ අතර එය හයේ පහරකින් සහ හතරේ පහර 13 කින් අලංකාර විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායන ස්ටීවන් ස්මිත් මෙම තරගායේදී ශතකයක් (130) සහ අර්ධ ශතකයක් (63) සමග ලකුණු 193 ක් රැස්කරමින් දස්කම් දැක්වුද, ෂෆීක්ගේ ධෛර්යවන්ත පිතිහරඹයක නිසා ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.

මෙම තරගයේදී පාකිස්තාන කණ්ඩායම හඹාගිය ලකුණු 490 ක ඉලක්කය, ටෙස්ට් තරගයකදී කණ්ඩායමක් හඹාගිය ඉහළම ලකුණු සංඛ්‍යාවන් අතර සිව්වැනි ස්ථානයට පත්විය.

මින් පෙර එංගලන්තය (1939 වසරේදී) ලකුණු 696 ක්ද, නවසීලන්තය (2002 වසරේදී) ලකුණු 550 ක්ද, දකුණු අප්‍රිකාව (2013 වසරේදී) ලකුණු 458 ක්ද හඹාගියද ඒ සෑම අවස්ථාවකදීම ඉලක්කය හඹා ගිය කණ්ඩායම පරාජයට පත්වී ඇත. එම තරග වලදී එංගලන්තයට, නවසීලන්තයට සහ දකුණු අප්‍රිකාවට පිළිවෙළින් ලබාගත හැකිව ඇත්තේ ලකුණු 654 ක්, 451 ක් සහ 450 ක් පමණි.


ඕස්ට්‍රේලියා පළමු ඉනිම – සියලු දෙනා දැවී 429


පාකිස්තාන පළමු ඉනිම – සියලු දෙනා දැවී 142


ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිම – කඩුලු 5 ක් දැවී 202


පාකිස්තාන දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 450
(අසාර් අලී 71, යුනිස් ඛාන් 65, අසාද් ෂෆීක් 137, සෆ්රාස් අහමඞ් 24, මොහොමඞ් අමීර් 48, වහබ් රියාස් 30, යසීර් ෂා 33, මිචෙල් ස්ටාක් 119/4, ජැක්සන් බර්ඞ් 110/3, නේතන් ලයන් 108/2)

 

- 036

 

ඕස්ට්‍රේලියානුවෝ දැවැන්ත ජයක් සොයා යති

පාකිස්තානුවන්ට කිසිදු ආකාරයේ අනුකම්පාවක් නොපෙන්වූ ඕස්ට්‍රේලියානුවෝ බි්‍රස්බේන්හිදී පැවැත්වෙන පළමු වැනි (දිවා/රාත්‍රී) ටෙස්ට් තරගයේදී දැවැන්ත ජයග්‍රහණයක් කරා ඇදෙමින් සිටිති. තරගයේ තුන්වැනි දිනය වන අද (17 වැනිදා) රාත්‍රියේ ක්‍රීඩාව නතර කරන විට ලකුණු 490 ක ඉලක්කයක් කරා යමින් සිටි පාකිස්තානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 70 ක් ලබා සිටියේය.

තරගය ජයගැනීමට නම් පාකිස්තානු පිලට තවත් ලකුණු 420 ක් අවශ්‍ය වන නමුත් ඔවුන් සතුව ඇත්තේ කඩුලු 8 ක් පමණි. අසාර් අලි ඒ වන විට නොදැවී ලකුණු 41 ක් ලබා සිටි අතර ලකුණු අතරට ඒමට දැඩි උත්සාහයක නිරතව සිටින යුනිස් ඛාන් පන්දු 19 කට මුහුණ දුන්නද ඔහුට එකම ලකුණක් හෝ ලබාගත නොහැකි විය.

උස්මන් කවාජා

පාකිස්තානු මුල් ඉනිම ලකුණු 142 කට සීමා කළ ඕස්ට්‍රේලියානුවෝ සංචාරක කණ්ඩායමට වඩා ලකුණු 287 ක මුල් ඉනිමේ වාසියක් ලබාගත්හ. එහෙත් තණතීරුවෙන් වැඩි ප්‍රයෝජන ගැනීමේ අරමුණ ඇතිව නැවතත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් ලබාගත්තේ ලකුණු 490 ක ඉලක්කයක් පාකිස්තානුවන් වෙත වීසි කරමිනි.

කෙසේ වෙතත් අද දිනයේදී පාකිස්තානු දෙවැනි ඉනිමේදී දවාගත් කඩුලු සංඛ්‍යාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු නායකයා සතුටට පත්ව නැති සෙයකි.

“තවත් කඩුල්ලක් හෝ දෙකක් දවාගන්න තිබුණා නම් වඩාත් හොඳයි. ඒත් මා හිතන්නේ අද දවසේ අපි ගොඩාක් වෙහෙස වෙලා තරගයේ ඉස්සරහට ඇවිත් තියෙනවා”

“පාකිස්තානයත් තමන්ගේ අභියෝගයට හොඳින් මුහුණ දුන්නා. ඒ කොහොම වුණත් හෙට දවසේ මේ තණතීරුවෙන් ප්‍රයෝජන ගන්න අපි බලා ඉන්නවා” යයි ස්ටීවන් ස්මිත් පැවසීය.

ටෙස්ට් තරගයක සිවුවැනි ඉනිමේදී සාර්ථකව හඹා ගොස් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ වසර 2003 දී කොදෙව් පිල හමුවේ ඕස්ට්‍රේලියානුවන් ලබාගත් ලකුණු 418 යි. ඊට අමතරව සිවුවැනි ඉනිමේදී සාර්ථකව ලකුණු 400 හඹාගොස් ඇත්තේ තවත් තෙවතාවක් පමණි.


ඕස්ට්‍රේලියාව – පළමු ඉනිම 429 යි
පාකිස්තානය – පළමු ඉනිම 142 යි

(සමී අස්ලාම් 22 යි, බාබර් අසාම් 19, සෆ්රාස් අහමඞ් නොදැවී 59, මොහොමඞ් අමීර් 21, මිචෙල් ස්ටාක් 63/3, ජොස් හේසල්වුඞ් 22/3, ජැක්සන් බර්ඞ් 23/3)

ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම – කඩුලු 5 ක් දැවී 202
(ඬේවිඞ් වෝනර් 12, උස්මන් කවාජා 74, ස්ටීවන් ස්මිත් 63, පීටර් හැන්ස්කොම්බ් නොදැවී 35, රහත් අලි 40/2)

පාකිස්තානය – දෙවැනි ඉනිම කඩුලු 2 ක් දැවී 70
(සමී අස්ලාම් 15, අසාර් අලි නොදැවී 41, බාබර් අසාම් 14)

 

වේග පන්දු යවන්නෝ පාකිස්තානය වනසති

අති විශිෂ්ට පන්දු රැකීම් කිහිපයකින් දිරිමත් වූ වේග පන්දු යවන්නන් තිදෙනකුගේ ආකර්ශනීය පන්දු යැවීම හමුවේ අසරණ වූ පාකිස්තානුවෝ බි‍්‍රස්බේන්හි ගැබා කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී අලි අමාරුවක වැටී සිටිති. ඕස්ටේ‍්‍රලියානුවන් මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 429 ට පිළිතුරු සොයා ඇදෙන පාකිස්තානු පිල තරගයේ දෙවැනි දිනය වන අද (16 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට සිය පළමු ඉනිමේදී ලකුණු 97 කට කඩුලූ 8 ක් අහිමි කරගෙන සිටියේය.

දිවා/රාතී‍්‍ර ටෙස්ට් තරගයක් වන මෙම තරගයේදී ගැබා කී‍්‍රඩාංගණයේ විදුලි ආලෝකය මැද පාකිස්තානු පිතිකරුවන් අන්ත අසරණ කළ මිචෙල් ස්ටාක්, ජොස් හේසල්වුඞ් සහ ජැක්සන් බර්ඞ් තිෙ-දනා බිඳ වැටුණු කඩුලූ 8 ම බෙදා හදා ගත්හ. පාකිස්තානුවෝ තවමත් ලකුණු 332 ක් පසුපසින් සිටින අතර කඩුල්ලේ රැඳී සිටින පිතිකරුවන් අතර විශ්වාසය තැබිය හැකි එකම තැනැත්තා වන්නේ කඩුලූ රකින්නා වන සර්ෆ‍්‍රාස් අහමඞ් පමණි.

ඕස්ටේ‍්‍රලියානු පිල වෙනුවෙන් සිය දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වන පීටර් හැන්ස්කොම්බ් සිය නායකයා සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 172 ක් එක්කළේ මුලූ ලකුණු සංඛ්‍යාව කඩුලූ 4 කට ලකුණු 323 ක් ලෙස ඉදිරියට ගෙන යමිනි. සිය දෙවැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළද රෝස පැහැ පන්දුව පීටර්ට කරදරයක් වූයේ නැත.

කෙසේ වෙතත් පාකිස්තානුවන්ට නම් එයින් ගැලවීමක් නොලැබිණ. සිය පස්වැනි  ඕවරයේදී පන්දු දෙකකින් කඩුලූ දෙකක් බිම දැමූ ජොස් හේසල්වුඞ් ලබාගත් ආරම්භයත් සමගින් ස්ටීවන් ස්මිත්, මැතිව් වේඞ්, මැතිව් රැන්ෂෝ සහ උස්මන් කවාජා අලංකාර උඩපන්ද රැකීම් සංදර්ශනයකට සහභාගි වූහ.

ඕස්ටේ‍්‍රලියාව – පළමු ඉනිම 429
(මැතිව් රැන්ෂෝ 71, ඩේවිඩ් වෝනර් 32, ස්ටීවන් ස්මිත් 130, පීටර් හෑන්ස්කොම්බ් 105, මිචෙල් ස්ටාක් 10, නේතන් ලයන් 29, ජැක්සන් බර්ඞ් නොදැවී 19, මොහොමඞ් අමීර් 97/4, යසීර් ෂා 129/2, වහබ් රියාස් 89/4)

පාකිස්තානය – පළමු ඉනිම කඩුලූ 8 ට 97
(සාමි අස්ලාම් 22, බාබර් අසාම් 19, සර්ෆ‍්‍රාස් අහමඞ් නොදැවී 31, මිචෙල් ස්ටාක් 45/3, ජොස් හේසල්වුඞ් 19/3, ජැක්සන් බර්ඞ් 07/2)