Category Archives: PAK NZ

සවුතී – වැග්නර් පාකිස්තානය අසරණ කරති

ඕවර 5 කදී කඩුලූ 3 ක් බිඳ දැමූ ටිම් සවුතීගේ ප‍්‍රහාරාත්මක පන්දු යැවීම නිසා පාකිස්තානයට එරෙහිව හැමිල්ටන්හි සෙඩන් උද්‍යාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (26 වැනිදා) නවසීලන්ත කී‍්‍රඩකයෝ තරගයේ වාසිය තමන් සතු කරගත්හ. දෙවැනි දිනයේ කී‍්‍රඩාව නතර කරන විට පාකිස්තානු කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 76 ක් ලබා සිටියේය.

මුල් ඉනිමේදී ලකුණු 271 ක් ලබාගත් සත්කාරක නවසීලන්ත කී‍්‍රඩකයෝ පාකිස්තානයට වඩා ලකුණු 195 ක් ඉදිරියෙන් සිටිති.

අද දිනයේ ටිම් සවුති යැවූ 29 වැනි පන්දුවේදී යුනිස් ඛාන් දැවී යාමත් සමගම ලකුණු 12 ක් ව තිබියදී පාකිස්තානු ඉනිමේ තුන්වැනි කඩුල්ලත් බිඳ වැටිණ. බාබර් අසාම් (නොදැවී 34) සහ අසාඞ් ශෆීක් (23) එක්ව මුලූ ලකුණු සංඛ්‍යාව 51 දක්වා තල්ලූ කරගෙන යාමට සමත් වූ නමුත් වමතින් මඳ වේග පන්දු යවන නීල් වැග්නර් පිට පිට යැවූ පන්දු දෙකකදී තවත් පිතිකරුවෝ දෙදෙනෙක් ආපසු කී‍්‍රඩාගාරයට ගියේ ලකුණු 51 දීම පාකිස්තානයේ පස්වැනි කඩුල්ලත් බිමට ඇද දමමිනි.

කෙසේ වෙතත් දිනය අවසන් වන තුරු සිය කඩුලූ රැකගත් බාබර් අසාම් සහ සර්ෆ‍්‍රාස් අහමඞ් හෙට දිනයට බලාපොරොත්තු කිිහිපයක් ඉතිරි කරගත්හ.

වසර 31 ක් පුරා පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලියක ජයක් සොයමින් සිටින නවසීලන්තය මෙම තගයේදීත් මුලදී අමාරුවේ වැටුණේ ලකුණු 119 කට කඩුලූ 5 ක් අහිමි කරගැනීමෙනි. එහෙත් කඩුලූ රකින්නා වූ බී. ජේ. වොට්ලිංගේ ධෛර්යවන්ත ඉනිමට හොඳ සහයෝගයක් දැක්වූ පසුපෙළ පිතිකරුවෝ නවසීලන්ත පිලේ මුල් ඉනිම ලකුණු 271 ක් දක්වා ඉහළ දැමූහ.

තණකොළ ඉතා විශාල වශයෙන් රැුඳී තිබුණු හැමිල්ටන් තණතීරුවෙන් වේග පන්දු යවන්නන්ට ලැබුණේ විශාල සහයෝගයකි.

”තිබුණු තත්ත්වයේ හැටියට අපිව ලකුණු 200 කට නැත්නම් 210 කට ගැලවිලා යන්නත් තිබුණා”

”පසුපෙළ පිතිකරුවන් එක්ක පන්දුවට පහර දීම එක වෙලාවකට අභියෝගයක් තමයි. ඒත් මම ඒකට කැමතියි…..අවධානය දිගටම එක විදිහට රඳවාගන්නත්  ඕනෑ. එත් පුළුවන් හැම වෙලාවකදීම ලකුණු ලබාගන්නත්  ඕනෑ” යයි තරගයෙන් අනතුරුව වොට්ලිං පැවසීය.

පළමු දිනයේ පැවැති වර්ෂාව නිසා යැවිය හැකිවූයේ  ඕවර 21 ක් පමණි. එහිදී නවසීලන්ත පිල කඩුලූ 2 කට ලකුණු 77 ක් ලබා සිටියේය.

නවසීලන්තය – පළමු ඉනිම 271
(ජීත් රාවල් 55, කේන් විලියම්සන් 13, රොස් ටේලර් 37, හෙන්රි නිකොල්ස් 13, කොලින් ඩි ග‍්‍රැන්ඩෝම් 37, බී. ජේ. වොට්ලිං නොදැවඳ 49, මිචෙල් සෑන්ට්නර් 16, ටිම් සවුති 29, මැතිව් හෙන්රි 15, මොහොමඞ් අමීර් 59/2, සොහේල් ඛාන් 99/4, ඉම්රාන් ඛාන් 52/3, වහබ් රියාස් 57/1)

පාකිස්තානය – පළමු ඉනිම කඩුලූ 5 ක් දැවී 79
(බාබර් අසාම් නොදැවී 34, අසාඞ් ශෆීක් 23, ටිම් සවුතී 26/3, නීල් වැග්නර් 15/2)

 

පළමු දිනයට වැස්සෙන් බාධා

නවසීලන්තය සහ පකිස්තානය අතර හැමිල්ටන් හිදී ආරම්භවූ දෙවැනි තරගයේ පළමු දිනයවූ අද (25 වැනිදා) වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 77 ක් රැස්කිරීමට සමත්වීය.


ජීත් රාවල් සමගින් එක්ව රොස් ටේලර් තෙවැනි කඩුල්ල සදහා සම්බන්ධතාවයක් ගොඩනගමින් සිටිනවිට වර්ෂාවෙන් බාධා ඇතිවී තරගය පළමු දිනට නිමාකිරීමට සිදුවිය.


කේන් විලියම්සන්ගේ උඩපන්දුවක් අතහැරීම නිසා කඩුල්ලේ රැදී සිටීම වාසනාව හිමිවුවද එයින් නිසි ප්‍රයෝජන ගැනීමට අපොහොසත්වූ නවසීලන්ත නායකයා සොහෙල් ඛාන්ගේ පන්දුවකට කඩුලු රකින සර්ෆ්‍රාස් අහමඞ් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 13 කට දැවී ගියේය. තරගයේ යවන පද පස්වැනි ඕවරයේ අවසන් පන්දුවේදී පන්දුයැවූ මොහොමඞ් අමීර් අතටම කේන් විලියම්සන් දුන් උඩපන්දුව වමත් පන්දු යවන්නාට රැකගත නොහැකි විය.


මොහොමඞ් අමීර් යවනලද පළමු ඕවරයේදීම නවසීලන්ත පිතිකරුවන්ට පීඩනයක් එල්ල කළ අතර තෙවැනි පන්දුවේදී ජීත් රාවල් දුන් උඩපන්දුව පළමු ස්ලිප්හී පන්දු රකිමින් සිටි සාමී අස්ලම් විසින් අතහරින ලදී. නැවතත් එම ඕවරයේ අවසන් පන්දුවේදී පළමු ස්ලිප්හී පන්දු රකිමින් සිටි සාමී අස්ලම්ට දුන් උඩපන්දුව රැකගැනීමත් සමගින් නවසීලන්ත පිලේ පළමු කඩුල්ල ලකුණු පහකදී බිඳවැටුණේය.


පාකිස්තාන ටෙස්ට් පිලේ නායක මිස්බා උල් හක් සිය මාමණ්ඩියගේ අභාවය හේතුවෙන් මව්රට බලායෑම නිසා උපනායක අසාර් අලීට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිවිය. පාකිස්තාන පිලේ නායකත්වයට පත්වූ 31 වැනියා වශයෙන් අසාර් අලී වාර්තා පොත් අතරට එක්වූයේය.


අයහපත් කාලගුණ තත්වය හේතුවෙත් කාසියේ වාසිය උරගා බැලීමද ප්‍රමාදවූ නමුත් නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට විනිසුරුවරුන්ට හැකිවිණ. කාසියේ වාසිය දිනගත් පාකිස්තාන පිලේ නායක අසාර් අලී පළමුව පන්දුවට පහරදීම සදහා නවසීලන්ත පිලට ආරාධනා කළේය.

 

නවසීලන්තය – පළමු ඉනිම – ඕවර 21 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 77
(ජීත් රාවල් නොදැවී 35, රොස් ටේලර් නොදැවී 29)

 

නවසීලන්තයට කඩුලු 8 ක ජයක්

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කරගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම අද (20 වැනිදා) සමත් විය.  


තරගය නිමා වීමට තවත් දිනයක් ඉතිරිව තිබියදීම ඉන් ජය ලැබීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූ අතර හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් පන්දු 77 කදී ලකුණු 61 රැස්කළ කේන් විලියම්සන් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.


ජයග්‍රහණය සඳහා ලකුණු 105 ක ඉලක්කයක් හඹායෑමේ අරමුණින් දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 19 දී බිඳ වැටිණ. එහිදී මොහොමඞ් අමීර්ගේ පන්දුවක් හමුවේ සාමි අස්ලම් අතට උඩ පන්දුවක් දෙමින් ටොම් ලේතම් ලකුණු 9 කට දැවී ගියේය.


කෙසේ වුවත් ජීත් රාවල් (නොදැවී 36) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කේන් විලියම්සන් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.


ඊයේ (19 වැනිදා) දිනය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 129 ක් ලබා සිටි පාකිස්තාන කණ්ඩායමට අද දිනයේදී සිය ලකුණු පුවරුවට අලුතින් එක්කරගත හැකිවූයේ තවත් ලකුණු 42 ක් පමණි.


ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ කොලින් ඩී ග්‍රැන්ඩෝම් අතට උඩ පන්දුවක් දෙමින් දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 40 ක් ලබා සිටි සොහේල් ඛාන් දැවීගිය අතර ඒ වන විට ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වී තිබිණ.


ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ නීල් වෝග්නර් ලකුණු 17 ක් ලබා සිටි අසාද් සෆීක් පිටියෙන් ඉවත් කිරීමට සමත් වූ අතර ජීත් රාවල් අතට උඩ පන්දුවක් දෙමින් සෆීක් දැවී ගියේය.


පාකිස්තාන ඉනිමේ අවසන් පිතිකරුවා ලෙස පිටියට පිවිසි රාහට් අලීටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩ කඩ නොලැබුණ අතර ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ ටොම් ලේතම් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට ඔහු ලබා සිටියේ ලකුණු 2 ක් පමණි.


දක්ෂ පන්දුයැවීමක නිතර වූ නීල් වෝග්නර්, ටේ‍රන්ට් බෝල්ට් සහ ටිම් සවුති කඩුලු 3 බැගින් දවාගනිමින් පාකිස්තාන දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමූහ.


පාකිස්තාන පළමු ඉනිම – ඕවර 55.5 කදී සියලු දෙනා දැවී 133
(සාමි අස්ලම් 19, අසාර් අලී 15, මිස්බා උල් හක් 31, අසාද් සෆීක් 16, කොලින් ඩී ග්‍රැන්ඩෝම් 41/6, ටිම් සවුති 20/2, ටේ‍රන්ට් බෝල්ට් 39/2)


නවසීලන්ත පළමු ඉනිම – ඕවර 59.5 කදී සියලු දෙනා දැවී 200
(ජීත් රාවල් 55, හෙන්රි නිකොල්ස් 30, කොලින් ඩී ග්‍රැන්ඩෝම් 29, බී. ජේ. වෙට්ලින් 18, ටිම් සවුති 22, නීල් වෝග්නර් 21, රාහට් අලී 62/4, මොහොමඞ් අමීර් 43/3, සොහේල් ඛාන් 78/3)


පාකිස්තාන දෙවැනි ඉනිම – ඕවර 78.4 කදී සියලු දෙනා දැවී 171  
(අසාර් අලී 31, බාබර් අසාම් 29, සොහේල් ඛාන් 40, අසාද් සෆීක් 17, නීල් වෝග්නර් 34/3, ටේ‍රන්ට් බෝල්ට් 37/3, ටිම් සවුති 53/2)


නවසීලන්ත දෙවැනි ඉනිම – ඕවර 31.3 කදී කඩුලු 2 ක් දැවී 108      
(ජීත් රාවල් නොදැවී 36, කේන් විලියම්සන් 61)

 

-036

 

පන්දුයවන්නෝ අණසක පතුරවති

පාකිස්තානය සහ නවසීලන්තය අතර ක‍්‍රයිස්ට්චර්ච්දී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලූ 7 ක් දැවී ලකුණු 129 ක් ලබා සිටියේය.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම තවත් කඩුලූ 3 ක් ඇතැතිව නවසීලන්තයට වඩා ලකුණු 62 ක් ඉදිරියෙන් සිටියි. තරගය නතර කරන විට අසාද් සෆීක් ලකුණු 6 ක් සහ සොහේල් ඛාන් ලකුණු 22 ක් බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

නවසීලන්තයට වඩා ලකුණු 67 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල මුලූ ලකුණු සංඛ්‍යාව 21 ක් වන විට දැවී ගියේය. පළමු ඉනිමේදී කඩුලූ 6 ක් දවාගත් කොලින් ඞී ග‍්‍රැන්ඩෝම් එම කඩුල්ලට හිමිකම් කී අතර ඔහුගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කී‍්‍රඩක බී. ජේ. වෙට්ලින් අතට උඩ පන්දුවක් දෙමින් ආරම්භක පිතිකරු සාමි අස්ලම් ලකුණු 7 කට දැවීගියේය.

ලකුණු පුවරුවට තවත් ලකුණු 43 ක් එක්වන විට බාබර් අසාම් (29) සහ යුනිස් ඛාන් (01) පිටියෙන් ඉවත් කරමින් පාකිස්තාන කණ්ඩායම දැඩි පීඩනයකට පත් කිරීමට නීල් වෝග්නර් සමත් විය. ඔවුන් දෙදෙනාද දැවීගියේ බී. ජේ. වෙට්ලින් අතට උඩ පන්දු දෙමිනි.

පාකිස්තාන පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක මිස්බා උල් හක්ටද දෙවැනි ඉනිමේදී වැඩි වේලාවක් කඩුල්ලේ රැදීසිටීමට ඉඩ කඩ නොලැබුණ අතර ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ ටෙ‍්‍රන්ට් බෝල්ට් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු ලකුණු 13 කට දැවී ගියේය.

ඉන් පසුව කි‍්‍රයාත්මක වූ ටෙ‍්‍රන්ට් බෝල්ට් ඔහු විසින් පිට පිට යවන ලද  ඕවර 3 කදී (59, 61 සහ 63) පිළිවෙළින් අසාර් අලී ලකුණු 31 කටද, සෆ්රාස් අහමඞ් ලකුණු 2 කටද, මොහොමඞ් අමීර් ලකුණු 6 කටද දවාගනිමින් පාකිස්තාන කණ්ඩායම ඉතා අසීරු අඩියකට ඇද දැමුවේය. අසාර් අලී සහ සෆ්රාස් අහමඞ් දෙදෙනාම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීගිය අතර මොහොමඞ් අමීර් දැවීගියේ ටොඞ් ඇස්ලට් අතට උඩ පන්දුවක් දෙමිනි.

ඊයේ දිනයේදී තරගය නතර කරන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 104 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 200 ක් පමණි.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු ජීත් රාවල් හතරේ පහර 7 ක් සමගින් ලකුණු 55 ක් රැස්කළේය. හෙන්රි නිකොල්ස් (30) සමග එක්ව නවසීලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ජීත් රාවල් සමත් විය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ රාහට් අලී ලකුණු 62 කට කඩුලූ 4 ක් දවාගත් අතර නවසීලන්ත පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා ඔහුට අනගි සහයක් දුන් මොහොමඞ් අමීර් සහ සොහේල් ඛාන් කඩුලූ 3 බැගින් දවාගත්හ.

පකිස්තාන පළමු ඉනිම –  ඕවර 55.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 133
(සාමි අස්ලම් 19, අසාර් අලී 15, මිස්බා උල් හක් 31, අසාද් සෆීක් 16, කොලින් ඞී ග‍්‍රැන්ඩෝම් 41/6, ටිම් සවුති 20/2, ටෙ‍්‍රන්ට් බෝල්ට් 39/2)

නවසීලන්ත පළමු ඉනිම –  ඕවර 59.5 කදී සියලූ දැවී ලකුණු 200
(ජීත් රාවල් 55, හෙන්රි නිකොල්ස් 30, කොලින් ඞී ග‍්‍රැන්ඩෝම් 29, බී. ජේ. වෙට්ලින් 18, ටිම් සවුති 22, නීල් වෝග්නර් 21, රාහට් අලී 62/4, මොහොමඞ් අමීර් 43/3, සොහේල් ඛාන් 78/3)

පකිස්තාන දෙවැනි ඉනිම –  ඕවර 66 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 129
(අසාර් අලී 31, බාබර් අසාම් 29, සොහේල් ඛාන් නොදැවී 22, ටෙ‍්‍රන්ට් බෝල්ට් 18/3)

 

-036

 

නවසීලන්ත කෝඩුකාරයා පාකිස්තානය මවිත කරයි

කොදෙව් පිලට එරෙහිව පැවැති අවසන් ටෙස්ට් තරගය පරාජය වූ නමුත් සාර්ථක තරගාවලියක් නිමා කරමින් ඉහළ මානසික මට්ටමක සිටි පකිස්තාන් පිලේ ආත්ම විශ්වාසය බින්දුවටම ඇද දැමූ නවසීලන්තයේ කොලින් ඩී ග්‍රැන්ඩෝම් මංගල තරගයේදීම විශිෂ්ට පන්දු යැවීමක නිරතවෙමින් ක්‍රයිස්ට්චර්ච් හිදී පැවැත්වෙන පළමු තරගයේ දෙවැනි දිනයවූ අද (18 වැනිදා) පාකිස්තානු ඉනිම ලකුණු 133 කට සීමා කළේය. අද සවස තරගය නිමාවනවිට නවසීලන්ත පිල කඩුලු 3 ක් දැවී ලකුණු 104 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.

වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවිය.

නවසීලන්තය වෙනුවෙන් පන්දුයවන්නකු මංගල තරගයේදී යැවූ හොදම පන්දු යැවීම වාර්තා කිරීමට ලකුණු 41 කට කඩුලු 6 ක් දවාගත් කොලින් ඩී ග්‍රැන්ඩෝම් සමත්විය. මීට පෙර  1951 දී එංගලන්තයට එරෙහිව ලකුණු 155 කට කඩුලු 6 ක් දවගනිමින් ඇලෙක්ස් මොයීර් විසින් මංගල තරගයේදී හොදම පන්දු යැවීම වාර්තා කරතිබුණි.

ලකුණු 56 ක් වනවිටදී දැවීගිය මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙකුම දවාගනීමට කොලින් ඩී ග්‍රැන්ඩෝම් සමත්වූයේය. පස්වැනි කඩුල්ල සදහා ලකුණු 32 ක සම්බන්ධතාවයක් පවත්වමින් කඩා වැටුණු ඉනිම ගොඩනැගීම සදහා මිස්බා උල් හක් (31) සහ අසාද් ශාෆීක් (16) දැඩි උත්සහයක නිරතවුවද නැවතත් ක්‍රියාත්මකවූ කොලින් ඩී ග්‍රැන්ඩෝම් ලකුණු 16 ක් ලබාසිටි අසාද් ශාෆීක් දවාගැනීමට සමත්විය.

පාකිස්තානයේ අවසන් කඩුලු හය ලකුණු 55 ක් තුළදී දවාගත් නවසීලන්ත වේගපන්දු යවන්නෝ පකිස්තාන් පළමු ඉනිම ලකුණු 133 කට සීමා කළහ.

1985 න් පසුව නවසීලන්තය සහ පකිස්තානය අතර තරගාවලි 12 ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 7ක ජය පකිස්තානය හිමිකරගෙන තිබේ. තරගාවලි පහක් ජය පරාජයෙන් තොරව අවසන්වී ඇත.

50 වැනි ටෙස්ට් තරගයට නායකත්වය සපයන මිස්බා උල් හක් පකිස්තානය වෙනුවෙන් තරග 50කදී නායකත්වය දැරූ පළමු නායකයා මෙන්ම ලොව 16 වැනි නායකයා බවටද පත්විය. මිස්බා උල් හක්ගේ නායකත්වය යටතේ තරග 24 ක් ජයගෙන ඇති අතර තරග 14 ක් පරජයවී තරග 11 ක් ජයපරාජයෙන් තොරව අවසන්වී ඇත.

නවසීලන්ත පිලේත් පළමු කඩුලු 3 ලකුණු 40 ක් තුළදී බිඳවැටුණද හෙන්රි නිකල්ස් සමගින් එක්වූ ආරම්භක පිතිකරු ජීත් රාවල් සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 64 ක සම්බන්ධතාවයක් ගොඩනැංවීය. ජීත් රාවල්ද සිය මංගල තරගයට ක්‍රීඩාකරමින් අර්ධ ශතකයක් (නොදැවී 55) ලබාගනිමින් කඩුල්ලේ රැඳී සිටී.

ඊයේ දිනය පුරා පැවැති වර්ෂාව හේතුවෙන් පළමු දිනය වර්ෂාවට හේදී ගිය අතර අද දින කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පන්දුවට පහරදීම සදහා පකිස්තානයට ආරාධනා කළේය.


පකිස්තානය – පළමු ඉනිම – ඕවර 55.5 කදී සියලුදෙනා දැවී ලකුණු 133
(මිස්බා උල් හක් 31, කොලින් ඩී ග්‍රැන්ඩෝම් 41/6, ටිම් සෝතී 20/2, ටේ‍රන්ට් බෝල්ට් 39/2)

නවසීලන්තය – පළමු ඉනිම – ඕවර 36 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 104
(ජීත් රාවල් නොදැවී 55, හෙන්රි නිකොල්ස් නොදැවී 29)