Category Archives: AUS SA

ඕස්ටේ‍්‍රලියාව සටනට බසියි

ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ඇඩිලේඞ්  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වූ අද (26 වැනිදා) තරගය නතර කරන විය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දකුණු අපි‍්‍රකානු කණ්ඩායම කඩුලූ 6 ක් දැවී ලකුණු 194 ක් ලබා  ඕස්ටේ‍්‍රලියාවට වඩා ලකුණු 70 ක් ඉදිරියෙන් සිටියේය.

ඕස්ටේ‍්‍රලියාවට වඩා ලකුණු 124 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අපි‍්‍රකාවට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ඉඩ නොදුන් මිචෙල් ස්ටාර්ක් පළමු  ඕවරයේදීම ආරම්භක පිතිකරු ඞීන් එල්ගර් ලකුණු ලබාගැනීමට පෙරාතුවම ආපසු කී‍්‍රඩාගාරය වෙත හරවා යැවීය.

කෙසේ වුවත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ස්ටීවන් කුක් (නොදැවී 81) සහ හෂීම් අම්ලා (45) දකුණු අපි‍්‍රකානු කණ්ඩායම යම් ස්ථාවර මට්ටමකට රැගෙන ගියහ.

කලකට පසුව නැවතත් ලකුණු අතරට පැමිණි හෂීම් අම්ලා හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු රැස්කළ අතර අර්ධ ශතකය පෙනි පෙනි තිබියදී ජොෂ් හෙසල්වුඞ්ගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කි‍්‍රඩක මැතිව් වේඞ් අතට උඩ පන්දුවක් දෙමින් ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී එක් අන්තයක් රැුකගෙන ඉතා සංයමයකින් යුතුව පන්දුවට පහරදුන් ස්ටීවන් කුක්, හතරේ පහර 7 ක් සමගින් ලකුණු 81 ක් ලබා දිනය නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

එතැන් සිට මුලූ ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 49 ක් එක්වන විට හතරේ පහර 4 ක් සමගින් ලකුණු 26 ක් ලබා සිටි ජේ. පී. ඩුමිනි දකුණු අපි‍්‍රකානු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ නේතන් ලයන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි.

පළමු ඉනිමේදී අගනා ශතකයක් ලබාගත් නායක ෆෆ් ඩුප්ලෙසිස්ට දෙවැනි ඉනිමේදී සාර්ථක වීමට ඉඩක් නොලැබුණ අතර මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ පීටර් හෑන්ස්කොම්බ් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඩුප්ලෙසිස් ලබා සිටියේ ලකුණු 12 ක් පමණි.

ටෙම්බා බවුමා ලකුණු 21 කට පිටියෙන් ඉවත් කළ නේතන් ලයන්, කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිම්න් කයිල් ඇබට් ලකුණු ලබාගැනීමට පෙර ආපසු කි‍්‍රඩාගාරය වෙත හරවා යැවූයේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ඉතා අසීරු තත්ත්වයට ඇද දමමිනි.  

ඊයේ (25 වැනිදා) දිනය නිමාවන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 307 ක් ලබා සිටි  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට අදි දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 76 ක් එක්කරගත්තේය.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 145 ක් ලබා සිටි උස්මන් කවාජා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමින් පිටියෙන් ඉවත් කිරීමට වර්නන් පිලැන්ඩර් සමත් විය.

සිය 7 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් මිචෙල් ස්ටාක් (53)  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා මනා දායකත්වයක් සැපයීය. කගීෂෝ රබාඩාගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ස්ටාක්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වී තිබිණ.

දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම – කඩුලූ 9 ක් දැවී 259
(ස්ටීවන් කුක් 40, ෆෆ් ඩුප්ලෙසිස් නොදැවී 118, ක්වින්ටින් ඩි කොක් 24, කයිල් ඇබට් 17, තබ්රිස් ශම්සි නොදැවී 18, මිචෙල් ස්ටාක් 78/2, ජොස් හේසල්වුඞ් 68/4, ජැක්සන් බර්ඞ් 57/2, නේතන් ලයන් 45/1)

ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම –  කඩුලූ 6 ක් දැවී 307
(උස්මන් කවාජා 145, ස්ටීවන් ස්මිත් 59, පීටර් හෑන්ස්කොම්බ් 54, මිචෙල් ස්ටාර්ක් 54, කයිල් ඇබට් 49/3, කගීෂෝ රබාඩා 84/3, වර්නන් පිලැන්ඩර් 100/2)

දකුණු අප‍්‍රිකාව දෙවැනි ඉනිම – කඩුලූ 6 ක් දැවී 194
(ස්ටීවන් කුක් නොදැවී 81, හෂීම් අම්ලා 45, ජේ. පී. ඩුමිනි 26, ටෙම්බා බවුමා 21, නේතන් ලයන් 48/3, මිචෙල් ස්ටාක් 71/2)

-036

 

ස්ටාක් ඕස්ට්‍රේලියාවේ නම රැකගනී

කටමැත දෙඩීමට මෙන්ම වැඩටත් දක්‍ෂයකු වන මිචෙල් ස්ටාක්ගේ සටන්කාමී පන්දු යැවීම නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව හොබාර්ට්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී යන්තම් හිස් ඔසවාගැනීමට ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ. තරගයේ පළමුවැනි දිනය වන අද (12 වැනිදා) තේ පානයට පසුව පන්දු 10 ක් ඇතුළතදී කඩුලු 3 ක් බිම දැමූ මිචෙල් ස්ටාක්ගේ පන්දු යැවීම නිසා සංචාරකයන්ගේ මුල් කඩුලු තුනම ලකුණු 46 කට ඇද වැටුණද දිනය අවසන් වන විට දකුණු අප්‍රිකානු පිලේ ලකුණු සංඛ්‍යාව කඩුලු 5 ක් දැවී 171 ක් දක්වා ඉහළ දැමීමට ටෙම්බා බවුමා සහ ක්වින්ටින් ඩි කොක් සමත් වූහ.

බවුමා ලකුණු 38 ක් ලබා නොදැවී සිටි අතර ක්වින්ටින් ඩි කොක් නොදැවී ලකුණු 28 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම තෝරාගත් දකුණු අප්‍රිකානුවන් විසින් සත්කාරක ඕස්ට්‍රේලියානුවන්ගේ පළමු ඉනිම ලකුණු 85 කට සීමාකර තිබූ හෙයින් දිනය අවසන් වන විට සංචාරකයෝ ලකුණු 86 ක වාසියක් ලබා සිටියහ.

සත්කාරකයන්ගේ ඉනිම ඕවර 32.5 කදී අවසන් වූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව මවුබිමෙදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා පොතට එක්කරමිනි. තස්මේනියාවේ පැවැති මන්දාරම් අහස යට අද දිනය තුළදී ලකුණු 256 කට කඩුලු 15 ක් බිඳ වැටිණ.

ආරම්භයේ සිටම දකුණු අප්‍රිකානුවන්ට තරගයේ වාසිය අත්කර දුන් වර්නන් පිලැන්ඩර්  ලකුණු 21 කට කඩුලු 5 ක් දවාගනිද්දී ඔහුට කදිම සහයෝගයක් දුන් කයිල් ඇබට් ලකුණු 41 කට කඩුලු 3 ක් දවාගත්තේ ඕස්ට්‍රේලියානු පිලේ 8 වැනි කඩුල්ලත් ලකුණු 66 දී බිම දමමිනි. කවදත් ධෛර්වන්තයකු වන ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් පසුපෙළ පිතිකරුවන් සමග ඉදිරියට යමින් නොදැවී ලකුණු 48 ක් ලබාගත් නමුත් ඔහුට අර්ධ ශතකය කරා යාමට තරම් පිතිකරුවෝ ඉතිරි වී නොසිටියහ.

මෑත කාලයේදී ඕස්ටේ්‍රලියානු පිතිකරුවන් අසාර්ථක වූයේ වරක් දෙවරක් නොවේ. ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසින් පරාජය වූ ඕස්ට්‍රේලියානුවෝ 2011 දී කේප් ටවුන්හිදී පැවැති තරගයකදී 47 කට දැවී ගිය අතර පසුගිය වසරේදී අළු බඳුන තරගාවලියේ ටේ‍රන්ට්බි්‍රජ්හිදී පැවැති තරගයකදී ලකුණු 60 කට දැවී ගියහ. දකුණු අප්‍රිකානුවන් සමග පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය පර්ත් නුවරදී පැවැති අතර එහිදීත් ඕස්ට්‍රේලියානුවන්ට හිමිවූයේ ලකුණු 177 ක දැවැන්ත පරාජයකි.


ඕස්ට්‍රේලියාව- පළමු ඉනිම 85 යි
(ස්ටීවන් ස්මිත් නොදැවී 48 යි, ජෝ මෙනී 10, වර්නන් පිලැන්ඩර් 21/5, කයිල් ඇබට් 41/3)

දකුණු අප්‍රිකාව – කඩුලු 5 ට 171 යි
(ස්ටීවන් කුක් 23, ඩීන් එල්ගා 17, හසිම් අම්ලා 47, ටෙම්බා බවුමා නොදැවී 38, ක්වින්ටින් ඩි කොක් නොදැවී 28)

 

දකුණු අප්‍රිකානුවෝ පළමු තරගය ජයගනිති

කගීසෝ රබාඩාගේ දක්ෂ පන්දුයැවීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව පර්ත්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 177 ක ජයක් අත්කරගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (7 වැනිදා) සමත් විය.

මින් පෙර පැවැති එක්දින තරගාවලියේදී ලද 5-0 ක පරාජයත් සමගින් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සිය රටේදී දකුණු අප්‍රිකාවන් හමුවේ පිට පිටම පරාජයට පත්වූ 6 වැනි අවස්ථාව මෙයයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 539 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 361 කට සීමා කිරීමට රබාඩා ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දුයවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ කගීසෝ රබාඩා ලකුණු 92 කට කඩුලු 5 ක් දවාගනිමින් ඕස්ටේ්‍රලියානු පිතිකරුවන් අසරණ කළේය.

තරගයේ අවසන් දිනය වූ අද තරගය ආරම්භ කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 169 ක් ලබා දකුණු අප්‍රිකාවට වඩා තවත් ලකුණු 370 ක් පසුපසින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 5 වැනි කඩුල්ල ලකුණු 196 දී බිඳවැටිණ. එහිදී ලකුණු 26 ක් ලබා සිටි ෂෝන් මාෂ් දැවීගියේ රබාඩාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙනි.

ඕස්ට්‍රේලියානු ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට උස්මාන් කවාජා (97) සහ පීටර් නෙවිල් (නොදැවී 60) සමත් වූ අතර මුලු ලකුණු සංඛ්‍යාව 246 ක් වන විට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගනිමින් උස්මාන් කවාජා පිටියෙන් ඉවත් කිරීමට ජේ. පී. ඩුමිනි සමත් විය.

ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවීයන විට කවාජාගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් වී තිබිණ. පීටර් නෙවිල්ගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් අන්තර්ගත විය.

එතැන් සිට මුලු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 16 ක් එක්වන විට රබාඩාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙන් මිචෙල් ස්ටාක්ද ලකුණු 13 කට දැවී ගියේය.

ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ 9 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි පීටර් සිඞ්ල්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට වර්නන් ෆිලැන්ඩර් ඉඩ නොදුන් අතර ලකුණු 13 ක් ලබා සිටියදී ඔහුද කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙන් ආපසු ක්‍රීඩාගාරය බලා ගියේය.

ඉන් පසුව පීටර් නෙවිල් සමග එක්වූ ජොස් හෙසල්වුඞ්, 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර ඩීන් එල්ගර් අතට උඩ පන්දුවක් දෙමින් ටෙම්බා බවුමාගේ පළමු ටෙස්ට් කඩුල්ල ලෙස දැවීයන විට හෙසල්වුඞ් ලකුණු 29 ක් ලබා සිටියේය.

අවසන් පිතිකරුවා ලෙස පිටියට පිවිසි නේදන් ලයන්ගේ ඉනිම ලකුණු 8 කට සීමාකිරීමට කේෂව් මහරාජ් සමත් වූයේ ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි.


දකුණු අප්‍රිකාව පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 242
(ෆෆ් ඩුප්ලෙසීස් 37, ටෙම්බා බවුමා 51, ක්වින්ටින් ඩිකොක් 84, මිචෙල් ස්ටාක් 71/4, ජොෂ් හේසල්වුඞ් 70/3, නේතන් ලයන් 38/2)

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 244
(ඬේවිඞ් වෝනර් 97, ෂෝන් මාෂ් 63, ඇඩම් වෝගස් 27, පීටර් නෙවිල් 23, වර්නන් ෆිලැන්ඩර් 56/4, කේෂව් මහරාජ් 56/3, කගීසෝ රබාඩා 78/2)

දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම – සියලුදෙනා දැවී 540
(ඩීන් එල්ගර් 127, ජේ. පී. ඩුමිනි 141, ෆෆ් ඩුප්ලෙසීස් 32, ක්වින්ටින් ඩිකොක් 64, වර්නන් ෆිලැන්ඩර් 73, කේෂව් මහරාජ් නොදැවී 41, පීටර් සිඞ්ල් 62/2, මිචෙල් මාර්ෂ් 77/2, ජොෂ් හේසල්වුඞ් 107/2)

ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 361
(ඬේවිඞ් වෝනර් 35, උස්මාන් කවාජා 97, ස්ටීවන් ස්මිත් 34, ෂෝන් මාෂ් 26, පීටර් නෙවිල් නොදැවී 60, ජොෂ් හේසල්වුඞ් 29, කගීසෝ රබාඩා 92/5)


- 036

 

දකුණු අප්‍රිකාව ලකුණු 106 ක් ඉදිරියෙන්

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (4 වැනිදා) දිනය අවසන් වනවිට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 104 ක් රැස්කිරීමට දකුණු අප්‍රිකාව සමත්විය.

තරගයේ සම්පූර්ණ දින තුනක් ඉතිරිව තිබියදී සංචාරක දකුණු අප්‍රිකානු පිල ඕස්ට්‍රේලියානුවන්ට වඩා ලකුණු 106 ක් ඉදිරියෙන් සිටින්නේ කඩුලු 8 ක් අතැතිවය. ඩීන් එල්ගාර් නොදැවී ලකුණු 46 ක් සහ ජේ.පී. ඩුමිනි නොදැවී ලකුණු 34 ක් රැස්කරමින් කඩුල්ලේ රැදී සිටියද මෙය කිසි සේත්ම අනාවැනි කිවහැකි තත්ත්වයක් නොවේ. තරගය පැවැත්වෙන්නේ පර්ත්හි ‘වැකා’ (බටහිර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංගම්) ක්‍රීඩාංගණයේදී බැවින් ඕනෑම අවස්ථාවකදී ඕනෑම දෙයක් සිදුවිය හැකිය.

කෙසේ වෙතත් මෙහි වඩාත්ම  කණගාටුදායක සිදුවීම වන්නේ දකුණු අප්‍රිකානු පිලේ ඬේල් ස්ටේන් උරහිසේ ආබාධයක් හේතුවෙන් තරගය අතරමැදදී ඉවත් වීමයි. ඬේල් ස්ටේන්ගේ ආබාධය නිසා ඔහුට ටෙස්ට් තරගාවලියම අහිමි වන  බව වාර්තා වේ.

වසර 2006 න් පසුව හෂීම් අම්ලා විසින් ටෙස්ට් තරගයකදී රැස්කරන ලද අඩුම ලකුණු සංඛ්‍යාව මෙම තරගයේදී වාර්තාවිය. පළමු ඉනිමේදී ලකුණු නොලඹාම දැවීගිය අතර දෙවැනි ඉනිමේදී රැස්කිරීමට හැකිවූයේ එක් ලකුණක් පමණී.

ඊයේ දිනය නිමාවනවිට කිසිවකු නොදැවී ලකුණු 105 ක් රැස්කර සිටි ඕස්ටේ්‍රලියාවට අද දිනයේදී සියලුදෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 244 ක් පමණී. පළමු කඩුල්ල සදහා ලකුණු 158 ක සම්බන්ධතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ලකුණු 86 ක් තුළදී කඩුලු 10 ම දැවීයාම මෙහිදී කැපී පෙනුණී.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 96 ක් ලබාසිටි ඬේවිඞ් වෝනර් ඬේල් ස්ටේන්ගේ පන්දුවකට හෂීම් අම්ලා අතට උඩපන්දුවක් දෙමින් දැවී යනවිට පන්දු 100 කට මුහුණදී ඔහුගේ ඉනිමට හතරේ පහර 16 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

මුළු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 9 ක් එක්වනවිට දෙවැනි කඩුල්ල ලෙස උස්මාන් කවාජා ලකුණු 4 කට දවාගැනීමට කගීසෝ රබාඩා සමත්වූ අතර මංගල තරගයට ක්‍රීඩාකරන කේශව් මහරාජ් තමන්ගේ මංගල කඩුල්ල ලෙස ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ලකුණු ලබාගැනීමට පෙර ක්‍රීඩාගාරයට යැවීය.

ලකුණු 168 කට කඩුලු 3 ක් දැවී යනවිට සිව්වැනි කඩුල්ල සදහා එක්වූ ඇඩම් වෝග්ස් සමගින් ෂෝන් මාෂ්ට එක් කිරීමට හැකිවූයේ තවත් ලකුණු 13 ක් පමණී. ෂෝන් මාෂ් ලකුණු 63 ලබා සිටියදී වර්නන් ෆිලැන්ඩර්ගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවීයනවිට පන්දු 148 කට මුහුණදුන් ෂෝන් මාෂ් හතරේ පහර 7 ක් තම ඉනිමට එක්කර ගැනීමට සමත්වූයේය.

ෂෝන් මාෂ් දැවීයාමෙන් පසු පිටියට පිවිසි මිfචිල් මාෂ්වද කඩුල්ල මුවාකිරීමේ වරදට හසු කරගනිමින් ලකුණු ලබාගැනීමට පෙර ක්‍රීඩාගාරයට යැවීමට වර්නන් ෆිලැන්ඩර් සමත්විය. මිfචිල් මාෂ් දැවීයනවිට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 181 කට කඩුලු 5 ක් ලෙස දැක්විණි.

පසුපෙළ පිතිකරුවන් කඩාවැටුණු ඉනිම ගොඩනැගීමට උත්සහ කළද දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ඊට අවස්ථාවක් ලබානොදුන්හ.

දකුණතින් වේගපන්දු යවන වර්නන් ෆිලැන්ඩර් ලකුණු 56 කට කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත්වූ අතර වමතින් දගපන්දු යවමින් මංගල තරගයේදීම දස්කම් දක්වමින් ලකුණු 56 කට කඩුලු 3 ක් දවාගැනීමට කේශව් මහරාජ් සමත්විය.


දකුණු අප්‍රිකාව – පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 242
(ෆෆ් ඩූ ප්ලේසී 37, ටෙම්බා බවුමා 51, කුයින්ටන් ඩිකොක් 84, මිචෙල් ස්ටාර්ක් 71/4, ජොෂ් හේසල්වූඞ් 70/3, නේතන් ලයන් 38/2)

ඕස්ට්‍රේලියාව- පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 244
(ඬේවිඞ් වෝනර් 97, ෂෝන් මාෂ් 63, ඇඩම් වෝග්ස් 27, පීටර් නෙවිල් 23, වර්නන් ෆිලැන්ඩර් 56/4, කේශව් මහරාජ් 56/3, කගීසෝ රබාඩා 78/2)

දකුණු අප්‍රිකාව – දෙවැනි ඉනිම – කඩුලු 2 ක් දැවී 104
(ඩීන් එල්ගාර් නොදැවී 46, ජේ.පී. ඩුමිනි නොදැවී 34)

 

ඕස්ටේ‍්‍රලියාව සාර්ථක පිළිතුරකට සැරසෙයි

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ආරම්භක දිනය වූ අද (3 වැනිදා) දකුණු අපි‍්‍රකානු පිල ලකුණු 242 කට සීමා කිරීමට  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත් වූහ. අද සවස තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 105 ක් ලබා සිටියේය.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු දිනයේදීම කඩුලූ 10 ක් අතැතිව දකුණු අපි‍්‍රකාවට වඩා තවත් ලකුණු 137 ක් පසුපසින් සිටින අතර අද දිනයේදී තරගය නතර කරන විට ඬේවිඞ් වෝනර් නොදැවී ලකුණු 73 ක්ද, ෂෝන් මාෂ් නොදැවී ලකුණු 29 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

වේගවත් පිතිහරඹයක නිරත වූ ඬේවිඞ් වෝනර් පන්දු 39 කදී සිය අර්ධ ශතය සම්පූර්ණ කළ අතර දිනය නිමා වන විට ඔහු පන්දු 62 කට මුහුණදී සිටි ඔහුගේ ඉනිමට ඬේල් ස්ටේන්ගේ පන්දුවකට තර්ඞ් මෑන් කළාපයට ඉහලින් ගැසූ හයේ පහරක් සහ අලංකාර හතරේ පහර 13 ක් ඇතුළත් විය. 

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් මිචෙල් ස්ටාක් දකුණු අපි‍්‍රකානු ලකුණු පුවරුවට එකම ලකුණක් හෝ එක්වීමට පෙර ආරම්භක පිතිකරු ස්ටීවන් කුක් ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීය. ෂෝන් මාෂ් අතට උඩපන්දුවක් දෙමින් කුක් ලකුණු නොලබා දැවී ගියේය.

මුලූ ලකුණු සංඛ්‍යාව 5 ක් වන විට කණ්ඩයමේ ප‍්‍රබලම පිතිකරුවා වූ හෂීම් අම්ලාගේ කඩුල්ල දවාගැනීමට ජොෂ් හෙසල්වූඞ් සමත් වීමත් සමග දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අසීරු තත්ත්වයකට පත්විය. ස්ටීවන් ස්මිත් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට අම්ලා ලකුණු ලබා සිටියේ නැත.

මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ ඇඩම් වෝගස් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට නායක ෆෆ් ඩුප්ලෙසිස් හතරේ පහර 5 ක් සමගින් ලකුණු 37 ක් ලබා සිටියේය.

දකුණු අපි‍්‍රකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ක්වින්ටින් ඩි කොක් හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 84 කි. ටෙම්බා බවුමා (51) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ක්වින්ටින් ඩි කොක් සමත් විය. බවුමාගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් අන්තර්ගත විය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් ලකුණු 71 කට කඩුලූ 4 ක් දවාගත් අතර දකුණු අපි‍්‍රකානු ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහයක් ලබාදුන් ජොස් හෙසල්වුඞ් ලකුණු 70 කට කඩුලූ 3 ක් දවාගත්තේය.

දකුණු අපි‍්‍රකාව පළමු ඉනිම – සියලූ දෙනා දැවී 242
(ෆෆ් ඩුප්ලෙසිස් 37, ටෙම්බා බවුමා 51, ක්වින්ටින් ඩි කොක් 84, කේෂව් මහරාජ් 16, මිචෙල් ස්ටාක් 71/4, ජොස් හෙසල්වුඞ් 70/3, නේදන් ලයන් 38/2)

ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම – කිසිවකු නොදැවී 105
(ඬේවිඞ් වෝනර් නොදැවී 73, ෂෝන් මාෂ් නොදැවී 29)

-036