Category Archives: AUS in SL-2016

ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකාවෝ දෙවැනි තරගයත් දිනති

ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් පිලේ මුල්පෙළ පිතිකාරිනියන් පිට පිට දෙවැනි වතාවටත් නොසැළකිලිමත් අන්දමෙන් පිත්ත හසුරුවා දැවීයාම නිසා රංගිරි දඹුල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ දී අද (20 වැනිදා) පැවැති තරගයේදීත්  ඕස්ටේ‍්‍රලියානු කාන්තා කි‍්‍රකට් පිල හමුවේ ලකුණු 78 ක පරාජයකට උරුමකම් කීමට ශී‍්‍ර ලංකා පිලට සිදුවිය.

මේ ජයග‍්‍රහණයත් සමග ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකාවෝ ලෝක කි‍්‍රකට් ශූරතාවලියට අයිති පළමු තරග 3 න් දෙකක්ම ජයගෙනත තරග 4 කින් සමන්විත සමස්ත තරගාවලියයේ 2-0 ක් ලෙසින් පෙරමුණත් ගත්හ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියාව නියමිත  ඕවර 50 අවසානයේ දී කඩුලූ 8ක් දැවී රැස් කළ ලකුණු 254 ට පිළිතුරු ලෙස ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන්ට ලබාගත හැකිවූයේ කඩුලූ 9 කට ලකුණු 176 ක් පමණි.

පළමු තරගයේදී මෙන්ම  අද තරගයේදීත් ඉතා අපරික්ෂාකාරී ලෙස පිත්ත හැසිරවූ ආරම්භක පිතිකාරිනියන් යුගලය වූ නායිකා චමරී අතපත්තු සහ උපනායිකා ප‍්‍රසාදිනී වීරක්කොඩි දෙදෙනාම ලකුණු නොලබා දැවී ගියහ. ජ්‍යෙෂ්ඨ පිතිකාරිනි ඩිලානී මනෝදරාත් ඒ ගොඩටම වැටුණාය.

ජ්‍යෙෂ්ඨ පිතිකාරිනියන් එකා පිට එකා දැවීයද්දී ඉන් තුෂ්නිම්භූත වූ සිය දෙවැනි තරගයට කී‍්‍රඩා කරන ඉමල්කා මෙන්ඩිස් ලකුණු 4 කට දැවී ගිය අතර සිය පළමු තරගයට කී‍්‍රඩා කළ හර්සිතා මාධවීටත් ලකුණකට වඩා ලබාගත නොහැකි විය.

කෙසේවෙතත් පළමු කඩුල්ල බිඳ වැටුණාට පසුව පිටියට ආ ජ්‍යෙෂ්ඨතම පිතිකාරිනියක වූ චමරී පොල්ගම්පොළ එක් අන්තයකින් සිය කඩුල්ල රැක ගැනීමට සමත්වූ අතර ලකුණු 35කට පිතිකාරිනියන් පස්දෙනකුම නරඹන්නන් බවට පත් කළ  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නියන් හමුවේ සෑහෙන සටනක් කරමින් එෂානී ලොකුසූරිය සමග එක්වී ශී‍්‍ර ලංකා ඉනිම ගොඩ දමන්නට කළ උත්සාහය කැපී පෙනුණි.

ලොකුසූරියගේ දැවීයාමෙන් පසුව අගපෙළ පිතිකාරිනියන්ගෙන් ඇයට තරමක සහයක් ලැබුණත් ශී‍්‍ර ලංකා පිලේ බලාපොරොත්තු සඵල කිරීමට ඇයට හැකිවූයේ නැත. අද ශී‍්‍ර ලංකා පිල ලැබූ ලකුණු 176  න් ලකුණු 50 ක්ම අතිරේක ලකුණු වශයෙන් වාර්තා වීම කැපී පෙනුණු අතර ඉන් 41 ක්ම වයිඞ් පන්දු වීම ඊටත් වඩා කැපී පෙනුණි.

දඹුලූ තණතීරුවේ සිත් සේ පන්දු යැවූ  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකාවෝ තරගය පුරා සිය ආධිපත්‍ය පැතිරවූහ.

ශී‍්‍ර ලංකා පිලේ පන්දු යවන්නියන්ට මෙන්ම පන්දු රකින්නියන්ට ද රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේ දැඩි අව් රශ්මියේ පීඩාව දැනෙන්නට සැලැස්වූයේ පළමු කඩුල්ලට ලකුණු 85  ක අනගි සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි. ආරම්භක පිතිකාරිනියන් වන නිකොල් බෝල්ටන් සහ එලිස් විලානී එක්ව පෙන්නුම් කළ මේ දස්කම නිසා සෙසු පිතිකාරිනියන්ගේ පීඩනය බොහෝසෙයින් අඩුවී ගියේය.

බෝල්ටන්ගේ අර්ධ ශතකයට පසුව කදිම පිතිහරඹයක් පෙන්නුම් කළ මැදපෙළ පිතිකාරිනී ඇලෙක්ස් බ්ලැක්වේල්  ඕස්ටේ‍්‍රලියානු ඉනිම 250 සීමාවට ඇදගෙන ගියේ නොදැවී අර්ධ ශතකයකට හිමිකම් කියමිනි.

ඕස්ටේ‍්‍රලියාව – ඕවර 50කදී කඩුලූ 8ක් දැවී 254
(නිකොල් බෝල්ටන් 64, එලිස් විලානී 45, මෙග් ලැනින් 29, අලෙක්ස් බ්ලැක්වෙල් නොදැවී 56, එෂානී ලොකුසූරිය 21/1, සුගන්ධිකා කුමාරි 54/2, ඉනෝකා රණවීර 48/1, ඉනෝෂී ප‍්‍රනාන්දු 39/1, චමරී අතපත්තු 31/3)

ශී‍්‍ර ලංකා කාන්තා පිල – ඕවර 50කදී කඩුලූ 9ක් දැවී 176
(චමරී පොල්ගම්පොල නොදැවී 68, ඉෂානී ලොකුසුරිය 20, අතිරේක 50, හොලී ෆර්ලිං 38/2, කි‍්‍රස්ටීන් බීම්ස් 15/4, එලිස් පෙරී 28/2)

 

මැක්ස්වෙල්ගේ මැජික් පිත්ත ඕස්ට්‍රේලියාව දිනවයි

ශ්‍රී ලංකා පන්දු යවන්නන් දුටු තැන පහර දීම පුරුද්දක් කරගෙන සිටින ග්ලෙන් මැක්ස්වෙල් නැවත වරක් අනුකම්පා විරහිත පිතිහරඹයක යෙදෙමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සයි:20 තරගයේදීත් කඩුලු 4 ක  ජයක් කරා ගිය ඕස්ට්‍රේලියානු පිලට ජය මාවත විවර කර දුන්නේය. මෙම ජයත් සමගින් තරග 2-0 ක් ලෙසින් විස්සයි:20 තරගාවලියත් ජයගත් ඕස්ට්‍රේලියානුවෝ මාස දෙක හමාරකට ආසන්න ශ්‍රී ලංකා සංචාරය ජයග්‍රාහී ලෙසින් අවසන් කළහ.
 
ලකුණු 129 ක පහසු ඉලක්කයක් කරා ගිය ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් කදිම ආරම්භයක් ලබාගත් ග්ලෙන් මැක්ස්වෙල් (66) සිය නායකයා වූ ඬේවිඞ් වෝනර් සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය.

ශ්‍රී ලංකාව 
කුසල් පෙරේරා – ඇ. වෝනර් ප. ෆොක්නර්    22
තිලකරත්න ඩිල්ෂාන් – ඇ. වෝනර් ප. හාස්ටිංග්ස්  1
ධනංජය ද සිල්වා – ඇ. ෆෝක්නර් ප. ස්ටාක්   62
දිනේෂ් චන්දිමාල් – ඇ. සහ ප. ෆෝක්නර්  4
කුසල් මෙන්ඩිස් – ක.මු.කළා ප. සම්පා   5
චාමර කපුගෙදර – ඇ. වෝනර් ප. සම්පා    7
තිසර පෙරේරා – ඇ. හෙඩ් ප. සම්පා   0
සචිත් පතිරණ – ඇ. සහ ප. හාස්ටිංග්ස්   6
සීකුගේ ප්‍රසන්න – ඇ. කවාජා ප. ෆෝක්නර්   7
සචිත්‍ර සේනානායක – නොදැවී  7
සුරංග ලක්මාල් – නොදැවී  0
අතිරේක (නි-1, ව-5, පා-1) 7
එකතුව ඕවර 20 කදී කඩුලු 9ක් දැවී    128
කඩුලු වැටීම 
1-9 (ඩිල්ෂාන්), 2-44 (කුසල්), 3-51 (චන්දිමාල්), 4-58 (මෙන්ඩිස්), 5-76 (කපුගෙදර), 6-76 (තිසර), 7-86 (පතිරණ), 8-114 (ප්‍රසන්න), 9-125 (ධනංජය)
පන්දු යැවීම
මිචෙල් ස්ටාක් 4-0-32-1 ව-3
ජෝන් හාස්ටිංග්ස් 4-0-23-2 නි-1, ව-1
ග්ලෙන් මැක්ස්වෙල්  1-0-16-0  
ජේම්ස් ෆෝක්නර්  4-0-19-3  
ඇඩම් සම්පා  4-0-16-3  
මොයිසස් හෙන්රික්ස්  3-0-21-0 ව-1
ඕස්ට්‍රේලියාව
ඩේවිඞ් වෝනර් – ප. තිසර ප. පතිරණ   25
ග්ලෙන් මැක්ස්වෙල් – ප. ප්‍රසන්න   66
මොයිසස් හෙන්රික්ස් – ස්ට. කුසල් ප.පතිරණ  1
ජේම්ස් ෆෝක්නර් – දුවද්දී දැවී ගියා   1
මැතිව් වේඩ් – ඇ. චන්දිමාල් ප. ඩිල්ෂාන්   14
උස්මක් කවාජා – ක.මු.කළා ප. ඩිල්ෂාන්   6
ට්‍රැවිස් හෙඩ් – නොදැවී  9
පීටර් නෙවිල් – නොදැවී  3
අතිරේක (ව-4, පා-1) 5
එකතුව ඕවර 17.5 කදී කඩුලු 6ක්  දැවී     130
කඩුලු වැටීම 
1-93 (මැක්ස්වෙල්), 2-97 (හෙන්රික්ස්), 3-98 (වෝනර්), 4-99 (ෆෝක්නර් ), 5-113 (කවාජා), 6-120 (වේඩ්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ
මිචෙල් ස්ටාක්, ඇඩම් සම්පා, ජෝන් හාස්ටිංග්ස් 
පන්දු යැවීම
සුරංග ලක්මාල්  2-0-15-0 ව-1
සචිත්‍ර සේනානායක  4-0-36-0  
සචිත් පතිරණ  2.5-0-23-2  
තිසර පෙරේරා  1-0-19-0  
සීකුගේ ප්‍රසන්න  4-1-16-1 ව-2
ධනංජය ද සිල්වා  2-0-12-0  
තිලකරත්න ඩිල්ෂාන්  2-0-8-2  

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවූ අවසන් ඉනිම තුනේදී පන්දු පන්දු 147 කින් ලකුණු 313 ක් ලබාගැනීමට මැක්ස්වෙල් සමත් වී තිබේ. ඒ 2015 ලෝක කුසලාන තරගාවලියේදී (සිඞ්නි නුවරදී) පන්දු 53 කින් ලකුණු 102 ක්, පල්ලෙකැළේදී පන්දු 65 කින් ලකුණු 145 ක් සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පන්දු 29 කින් ලකුණු 66 ක් වශයෙනි. මෙම ඉනිම තුනේදී හතරේ පහර 31 කින්  සහ හයේ පහර 15 කින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සංග්‍රහ කිරීමටද මැක්ස්වෙල් අමතක නොකළේය.

සීකුගේ ප්‍රසන්න පන්දුව අතට ගැනීමත් සමගම පන්දු 13 ක් තුළදී කඩුලු 4 ක් බිඳ වැටුණ අතර ඒ අතරවාරයේදී ඕස්ට්‍රේලියානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 6 ක් පමණි. පිතිකරු අනුපිළිවෙල වෙනස් කිරීම නිසා කඩුලු දැවී යාමෙන් අන්ද මන්ද වූ ඕස්ට්‍රේලියානුවන් මඟ හසර සොයාගැනීමට වෙහෙසුණහ. මේ අතරවාරයේදී සිය අවසන් අන්තර්ජාතික තරගයේදීත් කණ්ඩායම ජයග්‍රහණය කරා යාමට බලවත් උත්සාහයක යෙදුණු තිලකරත්න ඩිල්ෂාන් විසින් මැතිව් වේඞ් සහ උස්මන් කවාජා දෙදෙනාත් දවාගන්නා ලද නමුත් පීටර් නෙවිල් සහ ට්‍රැවිස් හෙඞ් එක්ව ඕස්ට්‍රේලියානු පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.

තරගයෙන් අනතුරුව ප්‍රේක්‍ෂකයන්ගේ ආචාරය පිළිගනිමින් ක්‍රීඩාංගණය වටා ගිය ඩිල්ෂාන් පෙරළා ඔවුන්ට ස්තුති කිරීමටත් අමතක නොකළේ ලෝකයේ විශිෂ්ට ක්‍රීඩකයන්ගේ සමුගැනීමේ සමාචාරය අනුගමනය කරමිනි.
 
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් ශ්‍රී ලංකා පිල අමාරුවේ දැමූ ජේම්ස් ෆෝක්නර් (19/3) සහ ඇඩම් සම්පා (16/3) ඕවර 20 ක් නිමාවේදී ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 128 කට සීමා කළහ.

එක් අන්තයකින් පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දීත් තමන්ගේ කඩුල්ල ආරක්‍ෂා කරගත් ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා පිල වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වෙමින් පන්දු 50 කදී ලබාගත් ලකුණු 62 නොවන්නට ශ්‍රී ලංකා ඉනිම ඉතාමත් ඛේදජනක තත්ත්වයකට ඇද වැටෙන්නට තිබිණ.

ධනංජය තනිවම ලකුණු 62 ක් ලබාගනිද්දී සෙසු පිතිකරුවන් 9 දෙනාටම ලබාගත හැකිවූයේ ලකුණු 63 ක් පමණි. ධනංජය නොසිටියානම් කුමක් වන්නට විය හැකිද යන්න සිතාගත හැක්කේ  වි:20 අන්තර්ජතික තරගයදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබා ඇති අඩුම ලකුණු සංඛ්‍යාව දෙස හැරී බැලීමෙනි. එය මේ වසරේදී පැවැති ලෝක වි:20 ලෝක කුසලාන තරගාවලියේදී විශාකාපට්නම්හිදී පැවැති තරගයකදී ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 82 යි.
 
පන්දු 50 කට  මුහුණ දෙමින් හතරේ පහර 5 ක් ද සහිතව ලකුණු 62 ක් ලබාගත් ධනංජය පිටියෙන් ඉවත්ව යන විට ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 125 ක් වී තිබිණ.

සිය පළමු ඕවර දෙකේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 5 කට සීමාකරගත් ඕස්ට්‍රේලියානු ෆෝක්නර් වි:20 තරග දෙකේදීම කඩුලු 4 ක් දවාගත්තේය. ෆෝක්නර් පන්දුව අතට ගන්නා සෑම අවස්ථාවකදීම කඩුල්ලක් දැවී යාම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබිණ. තමන්ගේ ඕවර හතරම එක දිගට යැවූ සම්පා ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගත්තේ පා දඟ පන්දු යවන්නකුට වුවද විස්සයි:20 තරග වලදී රඟන්නට භූමිකාවක් ඇති බව මොනවට පැහැදිළි කරමිනි.

තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් අන්තර්ජාතික ඉනිම එක ලකුණකට සීමා වුවත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 35 ක් එක්කළ ධනංජය ද සිල්වා (20) සහ කුසල් පෙරේරා (15) පන්දු 26 කදී ලකුණු 35 ක් එක්කරමින් ශ්‍රී ලංකා පිතිහරඹයට ජීවය එන්නත් කළහ. පළමු ඕවර 5 දී ලකුණු 43 ක් ගලා ආවද තමන්ගේ පළමු ඕවරයම (ඉනිමේ 6 වැනි ඕවරය) ලකුණු 3 කට සීමා කරගත් ෆෝක්නර් කුසල් ජනිත් පිටියෙන් ඉවත් කරගත්තේය.

සිය දෙවැනි ඕවරයේදි දිනේෂ් චන්දිමාල්ගේ උඩපන්දුව රැකගත් ෆෝක්නර් ශ්‍රී ලංකා කණ්ඩායමේ චිත්ත ධෛර්යය බිමටම ඇද දැමීය. ශ්‍රී ලංකා ඉනිමේ ඕවර 10 ක් නිමා වෙද්දී ලකුණු 64 ක් පුවරුවේ තිබුණ නමුත් කඩුලු 4 ක් බිඳවැටී තිබිණ. එතැනින් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම නැවත පිළිසකර කළ කිරීමට ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකා පිලේ පසුපෙළ පිතිකරුවන්ට ඉඩ නොතැබූහ.

ඩිල්ෂාන්ගේ අවසන් අන්තර්ජාතික ඉනිම කඳුළින් සෝදා හැරීමට ස්ලිප්හි සිටිමින් උඩපන්දුව රැකගත් ඕස්ට්‍රේලියානු නායක ඬේවිඞ් වෝනර් මිඞ් ඕන් හි සිට ඩීප් මිඞ් ඕෆ් වෙත දිවයමින් කළ අති විශිෂ්ට උඩපන්දු රැකීම නිසා කුසල් පෙරේරාගේ ඉනිම ලකුණු 22 කින් නිමා විය.

 

 

ඕස්ට්‍රේලියාවට කඩුලු 4 ක ජයක්

ඕස්ට්‍රේලියානුවෝ 2-0 ක් ලෙස විස්සයි20 තරගාවලිය ජය ගනිති.

 

 

ඕස්ට්‍රේලියාවට කඩුලු 4 ක ජයක් 

 

ඕවර 17.5 කදී 130/6 (ට්‍රේවිස් හෙඩ් 09, පීටර් නෙවිල් 03, සචිත් පතිරණ 2.5-0-23-2) 

 

                      

 

18 වැනි ඕවරය යැවීම සඳහා‍ සචිත් පතිරණ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ට්‍රේවිස් හෙඩ් සූදානම්. 

 

ඕවර 17 කදී 120/6 (ට්‍රේවිස් හෙඩ් 02, පීටර් නෙවිල් 00, තිලකරත්න ඩිල්ෂාන් 2-0-08-2) 

 

                      

 

තිලකරත්න ඩිල්ෂාන්ගේ පන්දුවක් හමුවේ දිනේෂ් චන්දිමාල් අතට උඩ පන්දුවක් දෙමින් මැතිව් වේඩ් ලකුණු 14 කට දැවී යයි. 

 

17 වැනි ඕවරය යැවීම සඳහා‍ තිලකරත්න ඩිල්ෂාන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා උස්මාන් කවාජා සූදානම්. 

 

ඕවර 16 කදී 116/5 (මැතිව් වේඩ් 11, ට්‍රේවිස් හෙඩ් 01, සචිත්‍ර සේනානායක 4-0-36-0) 

 

                                           

 

16 වැනි ඕවරය යැවීම සඳහා‍ සචිත්‍ර සේනානායක කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මැතිව් වේඩ් සූදානම්. 

 

ඕවර 15 කදී 113/5 (මැතිව් වේඩ් 09, ට්‍රේවිස් හෙඩ් 00, තිලකරත්න ඩිල්ෂාන් 1-0-04-1) 

 

                                          

 

තිලකරත්න ඩිල්ෂාන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් උස්මාන් කවාජා ලකුණු 6 කට දැවී යයි. 

 

15 වැනි ඕවරය යැවීම සඳහා‍ දකුණතින් පිට දඟ පන්දුයවන ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා උස්මාන් කවාජා සූදානම්. 

 

ඕවර 14 කදී 109/4 (මැතිව් වේඩ් 07, උස්කමාන් කවාජා 04, ධනංජය ද සිල්වා 2-0-12-0) 

 

                                          

 

14 වැනි ඕවරය යැවීම සඳහා‍ සීක්කුගේ ප්‍රසන්න කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා උස්මාන් කවාජා සූදානම්. 

 

ඕවර 13 කදී 105/4 (මැතිව් වේඩ් 05, උස්කමාන් කවාජා 02, සීක්කුගේ ප්‍රසන්න 4-1-16-1)

 

                                          

 

13 වැනි ඕවරය යැවීම සඳහා‍ සීක්කුගේ ප්‍රසන්න කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා උස්මාන් කවාජා සූදානම්. 

 

ඕවර 12 කදී 103/4 (මැතිව් වේඩ් 04, උස්කමාන් කවාජා 01, සචිත්‍ර සේනානායක 3-0-33-0)

 

                                         

 

12 වැනි ඕවරය යැවීම සඳහා‍ සචිත්‍ර සේනානායක කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මැතිව් වේඩ් සූදානම්.

 

ඕවර 11 කදී 99/4 (මැතිව් වේඩ් 01, උස්කමාන් කවාජා 00, සීක්කුගේ ප්‍රසන්න 3-1-14-1)

 

                                          

 

ජේම්ස් ෆෝක්නර් ලකුණු 1 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුවෙමින් පිටියෙන් ඉවත් වෙයි. 

 

11 වැනි ඕවරය යැවීම සඳහා‍ සීක්කුගේ ප්‍රසන්න කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මැතිව් වේඩ් සූදානම්.

 

ඕවර 10 කදී 99/3 (මැතිව් වේඩ් 01, ජේම්ස් ෆෝක්නර් 01, සචිත් පතිරණ  2-0-13-2)

 

                                           

 

සචිත් පතිරණගේ පන්දුවක් හමුවේ තිසර පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් ඩේවිඩ් වෝනර් ලකුණු 25 කට දැවි යයි. 

 

සචිත් පතිරණගේ පන්දුවක් හමුවේ කුසල් පෙරේරාගේ ස්ටම්ප් කිරීමකට හසුවීම නිසා මොයිසස් හෙන්ර්ක්ස් ලකුණු 1 කට දැවි යයි. 

 

10 වැනි ඕවරය යැවීම සඳහා‍ සචිත් පතිරණ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මොයිසස් හෙන්ර්ක්ස් සූදානම්.

 

ඕවර 9 කදී 97/1 (ඩේව්ඩ් වෝනර් 25, මොයිසස් හෙන්රික්ස් 01, සීක්කුගේ ප්‍රසන්න 2-0-14-1)

 

                                          

 

සීක්කුගේ ප්‍රසන්නගේ පන්දුවක් කඩුල්ලේ වැදිම නිසා ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 66 කට දැවි යයි. 

 

නමවැනි ඕවරය යැවීම සඳහා‍ සීක්කුගේ ප්‍රසන්න කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඩේවිඩ් වෝනර් සූදානම්.

 

ඕවර 8 කදී 92/0 (ඩේව්ඩ් වෝනර් 22, ග්ලේන් මැක්ස්වෙල‍් 66, ධනංජය ද සිල්වා 1-0-08-0)

 

                                     

 

අටවනි ඕවරය යැවීම සඳහා‍ දකුණතින් පිට දඟ පන්දුයවන ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ග්ලේන් මැක්ස්වෙල් සූදානම්.  

 

ඕවර 7 කදී 84/0 (ඩේව්ඩ් වෝනර් 20, ග්ලේන් මැක්ස්වෙල‍් 60, සීක්කුගේ ප්‍රසන්න 1-0-09-0)

 

                                     

 

හත්වැනි ඕවරය යැවීම සඳහා‍ දකුණතින් පා දඟ පන්දුයවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඩේවිඩ් වෝනර් සූදානම්.

 

ඕවර 6 කදී 75/0 (ඩේව්ඩ් වෝනර් 19, ග්ලේන් මැක්ස්වෙල‍් 54, තිසර පෙරේරා 1-0-19-0)

 

                               

 

ග්ලේන් මැක්ස්වෙල් පන්දු 18 කදි හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගින් අර්ධ ශතකය සම්පූර්ණ කරයි. 

 

හයවැනි ඕවරය යැවීම සඳහා‍ දකුණතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක තිසර පෙරේරා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඩේවිඩ් වෝනර් සූදානම්.

 

ඕවර 5 කදී 56/0 (ඩේව්ඩ් වෝනර් 18, ග්ලේන් මැක්ස්වෙල‍් 36, සචිත්‍ර සේනානායක 2-0-29-0)

 

                               

 

පස්වැනි ඕවරය යැවීම සඳහා‍ සචිත්‍ර සේනානායක කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ග්ලේන් මැක්ස්වෙල් සූදානම්.

 

ඕවර 4 කදී 36/0 (ඩේව්ඩ් වෝනර් 17, ග්ලේන් මැක්ස්වෙල‍් 17, සචිත් පතිරණ 1-0-11-0)

 

                              

 

සිවුවැනි ඕවරය යැවීම සඳහා‍ වමතින් දඟ පන්දුයවන ක්‍රීඩක සචිත් පතිරණ කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ග්ලේන් මැක්ස්වෙල් සූදානම්.

 

ඕවර 3 කදී 25/0 (ඩේව්ඩ් වෝනර් 17, ග්ලේන් මැක්ස්වෙල‍් 06, සුරංග ලක්මාල් 2-0-15-0)

 

                              

 

තෙවැනි ඕවරය යැවීම සඳහා‍ සුරංග ලක්මාල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඩේවිඩ් වෝනර් සූදානම්.

 

ඕවර 2 කදී 12/0 (ඩේව්ඩ් වෝනර් 06, ග්ලේන් මැක්ස්වෙල‍් 05, සචිත්‍ර සේනානායක 1-0-09-0)

 

                       

 

දෙවැනි ඕවරය යැවීම සඳහා‍ දකුණතින් පිට දඟ පන්දුයවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ග්ලේන් මැක්ස්වෙල් සූදානම්.

 

ඕවර 1 කදී 2/0 (ඩේව්ඩ් වෝනර් 02, ග්ලේන් මැක්ස්වෙල‍් 00, සුරංග ලක්මාල් 1-0-02-0)

 

                       

 

පළමු ඕවරය යැවීම සඳහා‍ දකුණතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක සුරංග ලක්මාල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඩේවිඩ් වෝනර් සූදානම්.

 

ඕස්ට්‍රෙිලියානු ඉනිම ඇරඹීම සඳහා ඩේවිඩ් වෝනර් සමගින් ග්ලේන් මැක්ස්වෙල් පිටියට පිවිසෙති.

 

ඕස්ට්‍රේලියාවට ලකුණු 129 ක ඉලක්කයක්…

 

ඕවර 20 කදී 128/9 (සචිත්‍ර සේනානායක 07, සුරංග ලක්මාල් 00, මි‍චෙල් ස්ටාක් 4-0-32-1)

 

                       

 

මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ ජෙම්ස් ෆෝක්නර් අතට උඩ පන්දුවක් දෙමින් ධනංජය ද සිල්වා ලකුණු 62 කට දැවී යයි. (4×5) 

 

20 වැනි ඕවරය යැවීම සඳහා‍ මිචෙල් ස්ටාක් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සචිත්‍ර සේනානායක සූදානම්.

 

ඕවර 19 කදී 123/8 (ධනංජය ද සිල්වා 62, සචිත්‍ර සේනානායක 03, ජෝන් හේස්ටින් 4-0-23-2)

 

                       

 

19 වැනි ඕවරය යැවීම සඳහා‍ ජෝන් හෙස්ටින් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සචිත්‍ර සේනානායක සූදානම්.

 

ඕවර 18 කදී 114/8 (ධනංජය ද සිල්වා 58, සචිත්‍ර සේනානායක 00, ජේම්ස් ෆෝක්නර් 4-0-19-3)

 

                        

 

ජේම්ස් ෆෝක්නර්ගේ පන්දුවක් හමුවේ උස්මාන් කවාජා අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 7 ක් ලබා සිටි සීක්කුගේ ප්‍රසන්න දැවී යයි. 

 

18 වැනි ඕවරය යැවීම සඳහා‍ ජේම්ස් ෆෝක්නර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සීක්කුගේ ප්‍රසන්න සූදානම්. 

 

ඕවර 17 කදී 106/7 (ධනංජය ද සිල්වා 52, සීක්කුගේ ප්‍රසන්න 05, මිචෙල්ර් ස්ටාක් 3-0-27-0)

 

                        

 

17 වැනි ඕවරය යැවීම සඳහා‍ මිචෙල් ස්ටාක් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

 

ඕවර 16 කදී 99/7 (ධනංජය ද සිල්වා 48, සීක්කුගේ ප්‍රසන්න 03, ජේම්ස් ෆෝක්නර් 3-0-11-2)

 

                       

 

16 වැනි ඕවරය යැවීම සඳහා‍ ජේම්ස් ෆෝක්නර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සීක්කුගේ ප්‍රසන්න සූදානම්.

 

ඕවර 15 කදී 93/7 (ධනංජය ද සිල්වා 43, සීක්කුගේ ප්‍රසන්න 02, ජෝන් හේස්ටින් 3-0-14-2)

 

                       

 

ජෝන් හේස්ට්න්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් සචිත් පතිරණ ලකුණු 6 කට දැවී යයි. 

 

15 වැනි ඕවරය යැවීම සඳහා‍ ජෝන් හේස්ට්න් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සචිත් පතිරණ සූදානම්.

   

ඕවර 14 කදී 86/6 (ධනංජය ද සිල්වා 38, සචිත් පතිරණ 06, මොයිසස් හෙන්රික්ස් 3-0-21-0)

 

                       

 

14 වැනි ඕවරය යැවීම සඳහා‍ මොයිසස් හෙන්රික්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්. 

 

ඕවර 13 කදී 77/6 (ධනංජය ද සිල්වා 36, සචිත් පතිරණ 00, ඇඩම් සම්පා 4-0-16-3)

 

                  

 

ඇඩම් සම්පාගේ පන්දුවක් හමුවේ ට්‍රේවිස් හෙඩ් අතට උඩ පන්දුවක් දෙමින් තිසර පෙරේරා ලකුණු නොළබා දැවී යයි. 

 

ඇඩම් සම්පාගේ පන්දුවක් හමුවේ ඩේවිඩ් වෝනර් අතට උඩ පන්දුවක් දෙමින් චාමර කපුගෙදර ලකුණු 7 කට දැවී යයි. 

 

13 වැනි ඕවරය යැවීම සඳහා‍ ඇඩම් සම්පා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.      

   

ඕවර 12 කදී 75/4 (ධනංජය ද සිල්වා 34, චාමර කපුගෙදර 07, මොයිසස් හෙන්රික්ස් 2-0-12-0)

 

                   

 

12 වැනි ඕවරය යැවීම සඳහා‍ මොයිසස් හෙන්රික්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්. 

 

ඕවර 11 කදී 68/4 (ධනංජය ද සිල්වා 28, චාමර කපුගෙදර 06, ඇඩම් සම්පා 3-0-14-1)

 

                  

 

11 වැනි ඕවරය යැවීම සඳහා‍ ඇඩම් සම්පා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා චාමර කපුගෙදර සූදානම්. 

 

ඕවර 10 කදී 64/4 (ධනංජය ද සිල්වා 26, චාමර කපුගෙදර 04, මොයිසස් හෙන්රික්ස් 1-0-05-0)

 

                   

 

10 වැනි ඕවරය යැවීම සඳහා‍ දකුණතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක මොයිසස් හෙන්රික්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්. 

     

ඕවර 9 කදී 58/4 (ධනංජය ද සිල්වා 25, චාමර කපුගෙදර 00, ඇඩම් සම්පා 2-0-10-1)

 

                  

 

ඇඩම් සම්පාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමන් කුසල් මෙන්ඩිස් ලකුණු 5 කට දැවී යයි. 

 

නමවැනි ඕවරය යැවීම සඳහා‍ ඇඩම් සම්පා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්. 

 

ඕවර 8 කදී 53/3 (ධනංජය ද සිල්වා 24, කුසල් මෙන්ඩිස් 01, ජේම්ස් ෆෝක්නර් 2-0-05-2)

 

                  

 

ජේම්ස් ෆෝක්නර්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩපන්දුවක් දෙමින් දිනේෂ් චන්දිමාල් ලකුණු 4 කට දැවී යයි. 

 

අටවැනි ඕවරය යැවීම සඳහා‍ ජේම්ස් ෆෝක්නර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්. 

 

ඕවර 7 කදී 51/2 (ධනංජය ද සිල්වා 23, දිනේෂ් චන්දිමාල් 04, ඇඩම් සම්පා 1-0-05-0)

 

                  

 

හත්වැනි ඕවරය යැවීම සඳහා‍ වමතින් දකුණතින් පා දග පන්දුයවන ක්‍රීඩක ඇඩම් සම්පා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්. 

    

ඕවර 6 කදී 46/2 (ධනංජය ද සිල්වා 21, දිනේෂ් චන්දිමාල් 01, ජේම්ස් ෆෝක්නර් 1-0-03-1)

 

                  

 

ජේම්ස් ෆෝක්නර්ගේ පන්දුවක් හමුවේ ඩේවිඩ් වෝනර් අතට උඩපන්දුවක් දෙමින් කුසල් පෙරේරා ලකුණු 22 කට දැවී යයි. 

 

හයවැනි ඕවරය යැවීම සඳහා‍ වමතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක ජේම්ස් ෆෝක්නර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්. 

   

ඕවර 5 කදී 43/1 (කුසල් පෙරේරා 22, ධනංජය ද සිල්වා 19, ග්ලේන් මැක්ස්වෙල් 1-0-16-0)

 

                  

 

පස්වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පිට දඟ පන්දුයවන ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්. 

 

ඕවර 4 කදී 27/1 (කුසල් පෙරේරා 13, ධනංජය ද සිල්වා 12, ජෝන් ‍හේස්ටින් 2-0-07-1)

 

                  

 

සිවුවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක ජෝන් හේස්ටින් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්. 

 

ඕවර 3 කදී 21/1 (කුසල් පෙරේරා 11, තිලකරත්න ඩිල්ෂාන් 08, මිචෙල් ස්ටාක් 2-0-20-0)

 

                  

 

තෙවැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් පැමිණෙයි.  පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා  සූදානම්. 

 

ඕවර 2 කදී 10/1 (කුසල් පෙරේරා 07, ධනංජය ද සිල්වා 01, ජෝන් ‍හේස්ටින් 1-0-01-1)

 

                  

 

ජෝන් හේස්ටින්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා තිලකරත්න ඩිල්ෂාන් එක ලකුණකට දැවී යයි. 

 

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක ජෝන් හේස්ටින් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා තිලකරත්න ඩිල්ෂාන් සූදානම්. 

 

ඕවර 1 කදී 9/0 (කුසල් පෙරේරා 07, තිලකරත්න ඩිල්ෂාන් 01, මිචෙල් ස්ටාක් 1-0-09-0)

 

                  

 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පන්දුයවන්නා වමතින් වේග පන්දුයවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්. 

 

කුසල් පෙරේරා සමගින් තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ඉනිම ඇරඹීහ සඳහා පිටියට පිවිසෙති.

 

අද දිනයේදී සීක්කුගේ ප්‍රසන්න ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති අතර මැතිව් වේඩ් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවා සිටියි. 

 

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි. 

 

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගය ආර්ම්භ විම සඳහා සියල්ල සූදානම්.  

ඕවර 9 කදී 97/1 (ඩේව්ඩ් වෝනර් 25, මොයිසස් හෙන්රික්ස් 01, සීක්කුගේ ප්‍රසන්න 2-0-14-1)

 

                                          

 

සීක්කුගේ ප්‍රසන්නගේ පන්දුවක් කඩුල්ලේ වැදිම නිසා ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 66 කට දැවි යයි. 

 

නමවැනි ඕවරය යැවීම සඳහා‍ සීක්කුගේ ප්‍රසන්න කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඩේවිඩ් වෝනර් සූදානම්.

ඕවර 13 කදී 105 (මැතිව් වේඩ් 05, උස්කමාන් කවාජා 02, සීක්කුගේ ප්‍රසන්න 4-1-16-1)

 

                                          

 

13 වැනි ඕවරය යැවීම සඳහා‍ සීක්කුගේ ප්‍රසන්න කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා උස්මාන් කවාජා සූදානම්. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි වාර්තා වේ. තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහාභාගි වන අවසන් ජාත්‍යන්තර තරගයද මෙයයි.


මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් මහතා කියා සිටියේ මෙම තරගය සඳහා කණ්ඩායමේ සංයුතිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ තීරණයක් ගැනීමට සූදානමින් සිටි බවයි.


“ඕස්ටේ්‍රලියානු කණ්ඩායමත් එක්ක බලනකොට අපේ කණ්ඩායම අත්දැකීම් අතින් හුගක් පසුපසින් ඉන්නේ…ඒගොල්ලො ලෝකෙ වටමේ තියන විස්සයි20 තරගාවලි වලට සහභාගි වෙනවා. අයි. පී. එල්., සී. පී. එල්., බිග් බෑෂ් වගේ ඒවට. ඒත් අපේ ගොඩක් ක්‍රීඩකයන්ට ඒ අත්දැකීම් නෑ”


“අඩුම තරමේ මීට වසර කිහිපයකට කළින් ශ්‍රී ලංකාවෙ තිබුණ විස්සයි20 තරගාවලියවත් (එස්. එල්. පී. එල්.) අපිට දිගටම පවත්වාගෙන යන්න බැරිවෙලා තියෙනවා. ඒක අපේ ක්‍රීඩකයන්ට ලොකු පාඩුවක්. ඒ නිසා අසීරු අවස්ථාවන් වලදී පීඩනය මැඩපවත්වාගෙන ක්‍රීඩා කරන්න අපේ ක්‍රීඩකයන් තරමක පසුබෑමක් පෙන්වනවා.” යැයිද ෆෝඞ් මහතා පැවසීය.


පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා වේග පන්දුයවන්නන් ඉතා දරුණු ලෙස පහරකෑමකට ලක් වූ අතර එහිදී තිසර පෙරේරාගේ ඕවර 4 දී ලකුණු 58 ක්ද, සුරංග ලක්මාල්ගේ ඕවර 4 දී ලකුණු 51 ක්ද, කසුන් රාජිතගේ ඕවර 3 දී ලකුණු 46 ක්ද රැස්කිරීමට ඕස්ටේ්‍රලියානු පිතිකරුවෝ සමත් වූහ.


මේ සම්බන්ධයෙන් ග්‍රැහැම් ෆෝඞ් මහතා කියා සිටියේ ඒ වගේ තණතීරුවකදී ගුටි නොකා බේරී සිටීමේ ක්‍රමෝපායයන්වත් නොදැන සිටීම පිළිබඳව තමන් පුදුම වන බවයි.


පළමු විස්සයි:20 තරගයේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් අතරට පැමිණීමට තිසර පෙරේරා අපොහොසත් වූ නිසා මෙම තරගයේදී ඔහුගේ ස්ථානයද අවදානමකට ලක්වී තිබේ.


ශ්‍රී ලංකා කණ්ඩායම එක් වේග පන්දුයවන්නකු සමග අද තරගයට සහභාගි වන්නේ නම් පළමු තරගයට ක්‍රීඩා නොකළ පා දඟ පන්දුයවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න කණ්ඩායමට එක්වීමට වැඩි ඉඩක් තිබේ. යම් හෙයකින් තිසර පෙරේරාටද කණ්ඩායමේ ස්ථානය අහිමි වන්නේ නම් එම ස්ථානය සඳහා දසුන් ශානක කැඳවීමට ඉඩ තිබේ.


සීක්කුගේ ප්‍රසන්න මේ වන විට විස්සයි20 ජාත්‍යන්තර තරග 7 කට සහභාගි වී කඩුලු 3 ක් දවාගෙන ඇති අතර දසුන් ශානක තරග 11 කට සහභාගි වී කඩුලු 4 ක් දවාගෙන තිබේ. මෙවුන් දෙදෙනාටම විස්සයි20 තරග රටාවට උචිත අයුරින් වැරෙන් පන්දුවට පහරදීමේ හැකියාව ඇති බැවින් ඔවුන් කණ්ඩායමට එක්වන්නේ නම් කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවද තවත් ශක්තිමත් වනු ඇත.


හෙට තරගයේදීද ආරම්භක පිතිකරුවන්ගේ සාර්ථකත්වය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ  පිතිකරු ලැයිස්තුව පෙළගැස්වෙනු ඇත. පළමු තරගයේදී මුලු ලකුණු සංඛ්‍යාව 9 ක් වන විට තිලකරත්න ඩිල්ෂාන් දැවී ගිය පසු අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් වෙනුවට අවසන් එක්දින තරග දෙකේදී ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ ධනංජය ද සිල්වා පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබා පන්දුවට පහරදීමට පැමිණියේය.


පළමු විස්සයි20 තරගයට ක්‍රීඩා කළ ජෝජ් බේලි පෞද්ගලික හේතුවක් නිසා ආපසු ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව ගොස් ඇති බැවින් හෙට තරගයේදී ඔහුගේ ස්ථානය මැතිව් වේඞ්ට හිමිවී තිබේ. ආබාධ වලට ලක්ව සිටින ඒරන් ෆින්ච් හෝ ක්‍රිස් ලයන් තවමත් සම්පූර්ණ සුවය ලබා නැති බැවින් එම වෙනස්කම හැරුණුකොට ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ අන් කිසිදු වෙනස්කමක් සිදුනොවන බවට වාර්තා වේ.

ආරම්භක පිතිකරුවන්ගේ ‘ස්ටාක්’ භීතිකාව

ඕස්ටේ්‍රලියාව සමග පැවැති එක්දින තරගාවලිය 4-1 ක් ලෙස පරාජයට පත්වනවාත් සමගින් එක්දින පිටියේ පතාකයෙකුගේ එක්දින ක්‍රිකට් දිවියද අවසන්විය. තිලකරත්න ඩිල්ශාන්ගේ සමුගැනීම තරගාවලිය අතර මැද සිදුනොවුයේ නම් තරගාවලියේ අවසානය මීට වඩා වෙනස්වීමට ඉඩකඩ තිබුණි.


කාලයක පටන් ආරම්භක පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය මෙවර තරගාවලියේදීද දැකගත හැකිවූ අතර තරගාවලිය අතරතුර පිතිකරුවන් හතර දෙනෙකු වරින්වර යොදාගැනීමට නායකත්වයට සිදුවිය. අවසන් එක්දින තරගයේදී හැර සෙසු තරගවලදී ස්ටාර්ක් භීතිකාවට ලක්වෙමින් පළමු ඕවරයේදීම කඩුල්ලක් පූජාකිරීමට ආරම්භක පිතිකරුවන්ට සිදුවිය. අවසන් තරගයේ ආරම්භක පිතිකරුවන්වූ ධනංජය ද සිල්වා සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ල සදහා ලකුණු 73 ක සම්බන්ධතාවයක් පවත්වමින් ස්ටාර්ක් භීතිකාවෙන් මීදීමට සමත්වූ නමුත් ඒ වන විට තරගාවලිය පරාජය වී අවසානය.


සිව්වන තරගයේදී පළමු වරට ආරම්භක පිතිකරු භූමිකාවට පණපොවමින් ලකුණු 76 ක් ලබාගත් ධනංජය ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට ආරම්භක පිතිකරුවකු වශයෙන් කටයුතු කරමින් ලකුණු 74 ක් ලබාගනිමින් සමන් ජයන්ත තබා තිබු වාර්ථාව අලුත් කිරීමට සමත්විය.


ධනංජය ද සිල්වා ආරම්භක පිතිකරුවකු වශයෙන් කටයුතු කළ තරග දෙකෙහිදි (76, 34) සාර්ථකත්වයක් පෙන්නුවද එය කොතරම් කාලයක් රදවාගනු ඇතිද යන්න අපට බලාසිටීමට සිදුවනු ඇත.


මෑත කාළයේදී ශ්‍රි ලංකා පිලේ අංක තුන සහ හතර පිතිකරුවන් වන කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් තරගයක වැඩිබරක් දරමින් ලකුණු සොයා යන අතර මෙවර තරගාවලියේදීද එම කාර්යය මනාව ඉටුකළහ.


තරග පහකදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 236 ක් රැස්කළ දිනේෂ් චන්දිමාල්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 59.00 වූ අතර තරග පහකදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 174 ක් රැස්කළ කුසල් මෙන්ඩිස්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 34.80කි.


ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් අර්ධ ශතකය බැගින් ලබාගත්තද මැදපෙළ පිතිකරුවන්ගෙන් අවශ්‍ය සහයෝගය කණ්ඩායමට නොලැබුණු අතර තරගාවලියේ පරාජයට එයද එක් කරුණකි.


වේගපන්දු යවන්නන්ගේ අහේනියත් සිටින වේගපන්දු යවන්නන් නිසිපරිදි යොදා නොගැනීමත් යන හේතූන් තරගාවලි පරාජයට බලපෑ අතර ස්විප් පහර සහ රිවර්ස්විප් පහර මනාව යොදා ගනිමින් දගපන්දු යවන්නන් මෙල්ලකර ගැනීමට ඕස්ටේ්‍රලියානු පිතිකරුවෝ සමත්වූහ.


පළමු තරග හතර තුළදී ප්‍රධාන වේගපන්දු යවන්නකු ක්‍රීඩා නොකළ අතර නිතරම පන්දු නොවන නමුත් තුන්ඉරියව් ක්‍රිඩකයින් වශයෙන් කටයුතු කරන ඇන්ජලෝ මැතිව්ස්ට සහ තිසර පෙරේරාට දවාගැනීමට හැකිවූයේ කඩුලු හතර බැගිනි. තිසර පෙරේරා තරග හතරකදී ඕවර 15 ක් යවා ලකුණු 100 ක් ලබාදී ඇති අතර ඕවරයකට ලකුණු ලබාදීමේ සාමාන්‍යය 6.66 කි. පිටදඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරා තරග පහකදී කඩුලු නවයක් සහ අමිල අපෝන්සු කඩුලු හතක් දවාගැනීමට සමත් වූහ.


එක්දින තරගාවලියේ ජය ඕස්ටේ්‍රලියාවට ලබාදෙමින් තරගාවලියේ වීරයා බවට පත්වූ ජෝර්ජ් බේලී තරග පහකදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 270 ක් රැස්කළ අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 67.50 කි.


ඕස්ටේ්‍රලියා පිතිකරුවන් සියලුදෙනා ලකුණු අතරට පිවිසි අතර ටෙස්ට් තරගාවලියේදී මෙන්ම එක්දින තරගාවලියේදීද ලකුණු අහේනියකින් පෙළුණු ඬේවිඞ් වෝනර් අවසන් තරගයේදී ශතකයක් රැස්කරමින් ලකුණු අතරට පිවිසීමට සමත්වූයේය.


තරගාවලිය පුරාම දස්කම් පෙන්වීමට ඕස්ටේ්‍රලියානූ වේගපන්දු යවන්නෝ සමත්වූ අතර මිචෙල් ස්ටාර්ක් කඩුලු 12 ක්ද ජේම්ස් ෆෝක්නර් කඩුලු 10 ක් සහ ජෝන් හේස්ටින්ග් කඩුලු 9 ක් දවාගත් අතර පාදඟ පන්දුවෙන් දස්කම් දක්වමින් ඇඩම් සම්පා කඩුලු 9 ක් දවාගැනීමට සමත්විය.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ සාමාන්‍යය

 

ක්‍රීඩකයා තරග ඉනිම නො ලකුණු වැ.ල සාමාන්‍යය 100 50 0
දිනේෂ් චන්දිමාල් 5 5 1 236 102 59.00 1 1 0
කුසල් මෙන්ඩිස් 5 5 0 174 69 34.80 0 2 0
ධනංජය ද සිල්වා 5 5 0 131 76 26.20 0 1 0
ඇන්ජලෝ මැතිව්ස් 4 4 0 99 57 24.75 0 1 1
කුසල් ජනිත් 5 5 0 86 54 17.20 0 1 0
තිලකරත්න ඩිල්ෂාන් 3 3 0 74 42 24.66 0 0 0
සචිත් පතිරණ 2 2 0 56 32 28.00 0 0 0
තිසර පෙරේරා 4 4 0 55 21 13.75 0 0 0
ඩිල්රුවන් පෙරේරා 5 5 0 55 18 11.00 0 0 0
ධනුෂ්ක ගුණතිලක 3 3 0 46 39 15.33 0 0 0
මිලින්ද සිරිවර්ධන 1 1 0 19 19 19.00 0 0 0
උපුල් තරංග 1 1 0 15 15 15.00 0 0 0
දසුන් ශානක 1 1 0 13 13 13.00 0 0 0
ඇන්ජලෝ පෙරේරා 1 1 0 7 7 7.00 0 0 0
අමිල අපෝන්සු 5 5 4 6 2* 6.00 0 0 0
සීක්කුගේ ප්‍රසන්න 2 2 1 5 3 5.00 0 0 0
අවිශ්ක ප්‍රනාන්දු 1 1 0 0 0 0.00 0 0 1
සුරංග ලක්මාල් 1 1 0 0 0 0.00 0 0 1
ලක්ෂාන් සදකැන් 1 - - - - - - - -
කෙටි යෙදුම්
ත – තරග, ඉ – ඉනිම, නො – නොදැවීම්, වැ.ල. – වැඩිම ලකුණු

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුකරන සාමාන්‍යය

 

ක්‍රීඩකයා තරග ඉනිම ඕවර ලකුණු කඩුලු හො.ප. සාමාන්‍යය ල.වේ.
ඩිල්රුවන් පෙරේරා 5 5 47.0 256 9 48/3 28.44 5.44
අමිල අපෝන්සු 5 5 43.2 181 7 18/4 25.85 4.17
ඇන්ජලෝ මැතිව්ස් 4 3 20.0 80 4 17/2 20.00 4.00
තිසර පෙරේරා 4 4 15.0 100 4 33/3 25.00 6.66
සචිත් පතිරණ 2 2 18.0 73 3 37/3 24.33 4.05
ධනංජය ද සිල්වා 5 4 19.0 97 3 35/2 32.33 5.10
සීක්කුගේ ප්‍රසන්න 2 2 17.0 87 2 39/1 43.50 5.11
ලක්ෂාන් සදකැන් 1 1 5.0 33 2 33/2 16.50 6.60
සුරංග ලක්මාල් 1 1 8.0 30 0 - - 3.75
දසුන් ශානක 1 1 2.0 10 0 - - 5.00
ඇන්ජලෝ පෙරේරා 1 1 1.0 5 0 - - 5.00
තිලකරත්න ඩිල්ෂාන් 3 3 12.5 72 0 - - 5.61
මිලින්ද සිරිවර්ධන 1 1 6.0 34 0 - - 5.66
කෙටි යෙදුම්
ත – තරග, ඉ – ඉනිම, ඕ – ඕවර, ල – ලකුණු, ක – කඩුලු, ඉ.හො.ප. – ඉනිමක හොදම පන්දු යැවීම
ල.වේ. – ලකුණු වේගය, ත.හො.ප. – තරගයක හොදම පන්දු යැවීම

 

 

ඉන්දියා කණ්ඩායමේ පිතිකරණ සාමාන්‍යය

 

ක්‍රීඩකයා තරග ඉනිම නො ලකුණු වැඩිම ලකුණු සාමාන්‍යය 100 50 0
ජෝර්ජ් බේලි 5 5 1 270 90* 67.50 0 2 0
ස්ටීව් ස්මිත් 2 2 0 88 58 44.00 0 1 0
මැතිව් වේඩ් 5 5 1 155 76 38.75 0 1 0
ඒරන් ෆින්ච් 5 4 0 145 56 36.25 0 2 0
ඬේවිඞ් වෝනර් 5 5 0 144 106 28.80 0 0 0
ට්‍රැවිස් හෙඩ් 5 5 0 130 40 26.00 0 0 0
ජේම්ස් ෆෝක්නර් 5 4 2 30 13 15.00 0 0 0
ඇඩම් සම්පා 5 2 1 10 5* 10.00 0 0 0
 මිචෙල් ස්ටාක් 5 3 1 17 12 8.50 0 0 1
මොයිසස් හෙන්රිකස් 2 2 0 10 6 5.00 0 0 0
උස්මාන් කවාජා 2 2 0 6 6 3.00 0 0 1
ෂෝන් මාෂ් 1 1 0 1 1 1.00 0 0 0
ජෝන් හේස්ටිංග්ස් 3 2 2 13 8* - 0 0 0
නේතන් ලයන් 1 1 1 4 4* - 0 0 0
ස්කොට් බෝලන්ඩ් 2 - - - - - - - -
 ජොස් හේසල්වුඞ් 2 - - - - - - - -
කෙටි යෙදුම්
ත – තරග, ඉ – ඉනිම, නො – නොදැවීම්, වැ.ල. – වැඩිම ලකුණු

 

 

ඉන්දියා කණ්ඩායමේ පන්දුකරන සාමාන්‍යය

 

ක්‍රීඩකයා තරග ඉනිම ඕවර ලකුණු කඩුලු හො.ප. සාමාන්‍යය ල.වේ.
ඒරන් ෆින්ච් 5 1 2.0 7 0 - - 3.50
ස්කොට් බෝලන්ඩ් 2 2 16.2 64 2 28/1 32.00 3.91
ජෝන් හේස්ටිංග්ස් 3 3 27.0 116 9 45/6 12.88 4.29
ජේම්ස් ෆෝක්නර් 5 5 45.2 196 10 38/4 19.60 4.32
 මිචෙල් ස්ටාක් 5 5 48.5 218 12 32/3 18.16 4.46
ඇඩම් සම්පා 5 5 41.0 187 9 38/3 20.77 4.56
 ජොස් හේසල්වුඞ් 2 2 20.0 107 1 51/1 107.00 5.35
නේතන් ලයන් 1 1 9.0 49 1 49/1 49.00 5.44
ට්‍රැවිස් හෙඩ් 5 4 15.0 86 3 22/2 28.66 5.73
මොයිසස් හෙන්රිකස් 2 2 14.0 88 1 48/1 88.00 6.28
කෙටි යෙදුම්
ත – තරග, ඉ – ඉනිම, ඕ – ඕවර, ල – ලකුණු, ක – කඩුලු, ඉ.හො.ප. – ඉනිමක හොදම පන්දු යැවීම
ල.වේ. – ලකුණු වේගය, ත.හො.ප. – තරගයක හොදම පන්දු යැවීම

 

මැක්ස්වෙල් පිත්තෙන් ජය මාවත සදයි

ග්ලේන් මැක්ස්වෙල්ගේ ප්‍රවේගකාරී පිතිහරඹයක නිසා ශ්‍රී ලංකාවට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 85 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.


ජයග්‍රහණය සඳහා ලකුණු 264 ක අසීරු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 178 ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත්වූ නායක දිනේෂ් චන්දිමාල් පන්දු 43 කදී ලකුණු 58 ක් ලබාගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියාව
ග්ලෙන් මැක්ස්වෙල් – නොදැවී 145
ඬේවිඞ් වෝනර් – ප. සේනානායක 28
උස්මාන් කවාජා – ඇ. තිසර පෙරේරා ප. පතිරණ 36
ට්‍රැවිස් හෙඩ් – ඇ. ද සිල්වා ප. තිසර පෙරේරා 45
අතිරේක (ව-2, පා-2, බ-4, නි-1) 9
එකතුව ඕවර 20 කදී කඩුලු 3ක්  දැවී     263
කඩුලු වැටීම 
1-57 (වෝනර්), 2-154 (කවාජා), 3-263 (හෙඩ්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා
ජෝර්ජ් බේලි, මොයිසස් හෙන්රිකස්, පීටර් නෙවිල්, ජේම්ස් ෆෝක්නර්, මිචෙල් ස්ටාක්, ඇඩම් සම්පා, ස්කොට් බෝලන්ඩ්
පන්දු යැවීම
සචිත්‍ර සේනානායක 4-0-49-1  
සුරංග ලක්මාල් 4-0-51-0 නි-1, ව-2
කසුන් රාජිත 3-0-46-0  
තිසර පෙරේරා 4-0-58-1  
ධනංජය ද සිල්වා  1-0-8-0  
සචිත් පතිරණ 4-0-45-1  
ශ්‍රී ලංකාව 
කුසල් පෙරේරා – ඇ. ස්ටාක් ප. බෝලන්ඩ් 4
තිලකරත්න ඩිල්ෂාන් – ප. ස්ටාක් 4
ධනංජය ද සිල්වා – ප. ෆෝක්නර් 12
දිනේෂ් චන්දිමාල් –  ඇ. හෙන්රිකස් ප. බෝලන්ඩ් 58
කුසල් මෙන්ඩිස් – ඇ. මැක්ස්වෙල් ප. හෙන්රිකස් 22
තිසර පෙරේරා –  ඇ. බෝලන්ඩ් ප. සම්පා 7
චාමර කපුගෙදර –  ඇ. බේලි ප. ස්ටාක් 43
සචිත් පතිරණ – ඇ. හෙඩ් ප. බෝලන්ඩ් 2
සචිත්‍ර සේනානායක – නොදැවී 6
සුරංග ලක්මාල් – ඇ. සහ ප. ස්ටාක් 1
කසුන් රාජිත – නොදැවී 0
අතිරේක (ව-3, පා-8, බ-8) 19
එකතුව ඕවර 20 කදී කඩුලු 9ක් දැවී    178
කඩුලු වැටීම 
1-9 (ඩිල්ෂාන්), 2-15 (කුසල් පෙරේරා), 3-45 (ද සිල්වා), 4-76 (මෙන්ඩිස්), 5-94 (තිසර පෙරේරා), 6-138 (චන්දිමාල්), 7-142 (පතිරණ), 8-174 (කපුගෙදර), 9-177 (ලක්මාල්)
පන්දු යැවීම
මිචෙල් ස්ටාක් 4-0-26-3  
ස්කොට් බෝලන්ඩ් 4-0-26-3 ව-2
ජේම්ස් ෆොක්නර්  4-0-38-1  
මොයිසස් හෙන්රිකස් 2-0-24-1  
ඇඩම් සම්පා 4-0-27-1 ව-1
ග්ලෙන් මැක්ස්වෙල් 2-0-21-0  

ස්කොට් බෝලන්ඞ්ගේ පන්දුවක් හමුවේ මෝසස් හෙන්රික්ස් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට චන්දිමාල්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වී තිබිණ.


මුල් පෙළ පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි චාමර කපුගෙදර (43) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට චන්දිමාල් සමත් වුවද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීම සඳහා එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය.


ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිකරඹයක නිරත වූ චාමර කපුගෙදරගේ ඉනිමට හයේ 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ ජෝජ් බේලි අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට කපුගෙදර පන්දු 25 කට මුහුණදී සිටියේය.


පැහැදිළි අනාගතයකට පෙරමං කියමින් අලංකාර හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 13 කදී ලකුණු 22 ක් රැස්කිරීමට කුසල් මෙන්ඩිස් සමත් විය. කෙසේ වුවත් වැඩි වේලාවක් කුසල්ට කඩුල්ලේ රැදීසිටීමට ඉඩ නොදුන් මෝසස් හෙන්රික්ස් මුලු ලකුණු සංඛ්‍යාව 76 ක් වන විට ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙස ඔහුව පිටියෙන් ඉවත් කළේය.


පිතිකරු ලැයිස්තුවේ උසස් වීමක් ලබා තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ධනංජය ද සිල්වා, අනිසි පහරකට යමින් ජේම්ස් ෆෝක්නර්ගේ පන්දුවක් හමුවේ නිරපරාදේ කඩුල්ල පූජා කිරීමත්, 6 වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදුන් තිසර පෙරේරා ලකුණු 7 ක් ලබා සිටියදී ඇඩම් සම්පාගේ පන්දුවක් හමුවේ ස්කොට් බෝලන්ඞ් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයෑමත් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් විය.  


ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු සම්බන්ධතාව ලකුණු 9 කට සීමා කරමින් තිලකරත්න ඩිල්ෂාන් ලකුණු සංඛ්‍යාව 4 කට පිටියෙන් ඉවත් කිරීමට මිචෙල් ස්ටාක් සමත් විය. ඩිල්ෂාන්ගේ දැවීයෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 6 ක් එක්වන විට ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ස්කොට් බෝලන්ඞ්ගේ පන්දුවක් හමුවේ මිචෙල් ස්ටාක් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 4 ක් ලබා සිටි කුසල් පෙරේරාද දැවී ගියේය.


දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් සහ ස්කොට් බෝලන්ඞ් ලකුණු 26 කට කඩුලු 3 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් වූහ.


කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පැමිණි ඕස්ටේ්‍රලියානු කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 263 ක් ලබාගත්තේය.


එය විස්සයි20 තරගයකදී කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිඳ දැමීමක් වන අතර මින් පෙර මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් කෙන්යාවට එරෙහිව ලකුණු 260 ක් ලබාගනිමින් එම වාර්තා තබා තිබිණ.


ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ග්ලේන් මැක්ස්වෙල්, අද දිනයේදී සිය හොඳම විස්සයි20 ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 65 කදී නොදැවී ලකුණු 145 ක් රැස්කළේය. පන්දු 27 කදී අර්ධ ශතකය සම්පූර්ණ කළ මැක්ස්වෙල්, ශතකය සම්පූර්ණ කළේ පන්දු 49 කිනි.


මැක්ස්වෙල්ගේ ප්‍රවේගකාරී ඉනිම දැවැන්ත හයේ පහර 9 කින් සහ හතරේ පහර 14 කින් සමන්විත විය. ඉන් හයේ පහර 3 ක් සචිත්‍ර සේනානායකගේ පන්දු හමුවේ පිට පිටම ලබාගත් අතර 2 ක් කසුන් රාජිතගේ පන්දු හමුවේ පිට පිටම ලබාගත් ඒවා විය.


මැක්ස්වෙල්ගේ ඉනිම විස්සයි20 තරගයකදී ක්‍රීඩකයෙක් වාර්තා කළ දෙවැනි හොඳම ඉනිම වන අතර ඒරන් ෆින්ච් ලකුණු 156 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවෙයි.


දෙවැනි කඩුල්ල සඳහා උස්මන් කවාජා (36) සමග එක්ව පන්දු 51 කදී ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මැක්ස්වෙල්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ටේ‍රැවිස් හෙඞ් (45) සමග එක්ව පන්දු 40 කදී ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව වේගයෙන් ඉහළ දැමුවේය.


තෙවැනි කඩුල්ල ලෙස ඉනිමේ අවසන් පන්දුවේදී දැවීයන විට පන්දු 18 කට මුහුණදී සිටි ටේ‍රැවිස් හෙඞ්, සිය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් අලංකාර කර තිබිණ. තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් දෙමින් ටේ්‍රවිස් හෙඞ් දැවී ගියේය.


පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 36 ක් ලබා සිටි උස්මන් කවාජගේ ඉනිම නිමා කිරීමට සචිත් පතිරණ සමත් වූ අතර ලෝන්ග් ඕෆ්හි පන්දු රකිමින් සිටි තිසර පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් ඔහු පිටියෙන් ඉවත් විය.


ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 57 කට සීමා කිරීමට සචිත්‍ර සේනානායක සමත්වූයේ නායක ඬේවිඞ් වෝනර් පිටියෙන් ඉවත් කරමිනි. සචිත්‍රගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී දැවීයන විට ඬේවිඞ් වෝනර් පන්දු 16 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 28 ක් ලබා සිටියේය. ඊට කසුන් රාජිතගේ පළමු ඕවරයේදී පිට පිටම ලබාගත් හතරේ පහර 4 ක්ද ඇතුළත් විය.


පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පන්දුයවන්නෝ දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර තිසර පෙරේරාගේ ඕවර 4 දී ලකුණු 58 ක් රැස්කිරීමට ඕස්ටේ්‍රලියානු පිතිකරුවෝ සමත් වූහ. සුරංග ලක්මාල්ගේ ඕවර 4 දී ලකුණු 51 ක්ද, චචිත්‍ර සේනානායකගේ ඕවර 4 දී ලකුණු 49 ක්ද, කසුන් රාජිතගේ ඕවර 3 දී ලකුණු 46 ක්ද ඕස්ටේ්‍රලියාවට හිමි විය.

 

- 036

ඕස්ට්‍රේලියාවට ලකුණු 85ක ජයක්

 

තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තරග 1-0 ලෙසින් ඕස්ට්‍රේලියාව පෙරමුණ ගනී.

 

ඕස්ට්‍රේලියාව ලකුණු 85ක ජයක්

 

ඕවර 20 කදී 178/9 (කසුන් රාජිත 00, සචිත්‍ර සේනානායක 06 ,ස්කොට් බෝලන්ඩ් 4-0-26-3)

  

 

 

               

 

පන්දුවට පහර දීමට කසුන් රාජිත පිටියට පැමිණෙයි.

 

20 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක ස්කොට් බෝලන්ඩ් කැඳවයි.  පන්දුව පිළිගැනීම සඳහා සචිත්‍ර සේනානයක සූදානම්.

 

 

ඕවර 19 කදී 177/9 (කසුන් රාජිත 00 ,  සචිත්‍ර සේනානායක 05, මිචෙල් ස්ටාක් 4-0-26-06)

 

 

                 

 

මිචෙල් ස්ටාර්ක් ලකුණු 26කට කඩුලු තුනක් දවා ගනී.

 

මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් සුරංග ලක්මාල් එක් ලකුණකට දැවී යයි.

 

සුරංග ලක්මාල් පන්දුවට පහර දීමට පැමිණෙයි.

 

චාමර කපුගෙදර මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවකට ජෝර්ජ් බෙයිලිගේ අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 43කට දැවී යයි.

  

19 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා චාමර කපුගෙදර සූදානම්.

 

 

ඕවර 18 කදී 174/7 (සචිත්‍ර සේනානායක 04, චාමර කපුගෙදර 43, ජේම්ස් ෆෝක්නර් 4-0-38-1)

 

 

                

 

 

18 වැනි ඕවරය යැවීම සඳහා ජේම්ස් ‍‍ෆොක්නර් පැමිණයෙි. පන්දුව පිළිගැනීම සඳහා චාමර කපුගෙදර සුදානමින්.

 

 

ඕවර 17 කදී 153/7 (චාමර කපුගෙදර 22, සචිත්‍ර සේනානායක 04, මිචෙල් ස්ටාක් 3-0-24-01)

 

 

                 

 

 

17 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා චාමර කපුගෙදර සූදානම්.

 

 

ඕවර 16 කදී 142/7 (චාමර කපුගෙදර 20, සචිත්‍ර සේනානායක 00,ස්කොට් බෝලන්ඩ් 3-0-25-3)

  

 

               

 

සචිත් පතිරණ දැවී යයි. එකම ඕවරයේ කඩුලු දෙකක් දැවී යයි.

 

පන්දුවට පහර දීමට සචිත් පතිරණ පැමිණෙයි.

 

දිනේෂ් චන්දිමාල් ලකුණූ 58කට ස්කොට් බෝලන්ඩ්ගේ පන්දුවකට මොරිසස් හෙන්රික්ස්ට උඩ පන්දුවක් දෙමින් දැවී යයි.

 

16 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක ස්කොට් බෝලන්ඩ් කැඳවයි.  පන්දුව පිළිගැනීම සඳහා චාමර කපුගෙදර සූදානම්.

 

 

 

ඕවර 15 කදී 137/5 (දිනේෂ් චන්දිමාල් 58, චාමර කපුගෙදර 19, ඇඩම් සම්පා 4-0-27-1)

 

 

               

 

 

15 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පා දග පන්දු යවන ඇඩම් සම්පා කැදවයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සුදානමින්.

 

 

ඕවර 14 කදී 129/5 (දිනේෂ් චන්දිමාල් 51, චාමර කපුගෙදර 18, ජේම්ස් ෆෝක්නර් 3-0-17-1)

 

 

                

 

14 වැනි ඕවරය යැවීම සඳහා ජේම්ස් ‍‍ෆොක්නර් පැමිණයෙි. පන්දුව පිළිගැනීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

 

ඕවර 13 කදී 120/5 (දිනේෂ් චන්දිමාල් 47, චාමර කපුගෙදර 17, ඇඩම් සම්පා 3-0-19-1)

 

 

               

 

 

13 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පා දග පන්දු යවන ඇඩම් සම්පා කැදවයි. පන්දුව පිළිගැනීමට චාමර කපුගෙදර සුදානමින්.

 

 

ඕවර 12 කදී 110/5 (දිනේෂ් චන්දිමාල් 45, චාමර කපුගෙදර 09 , ග්ලේන් මැක්ස්වෙල් 2-0-21-0)

 

 

              

 

 

12 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් දග පන්දු යවන ග්ලේන් මැක්ස්වෙල් කැදවයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සුදානම්.

 

 

ඕවර 11 කදී 96/5 (දිනේෂ් චන්දිමාල් 39, චාමර කපුගෙදර 01, ඇඩම් සම්පා 2-0-09-1)

 

 

               

 

පන්දුවට පහර දීමට චාමර කපුගෙදර පැමිණෙයි.

 

තිසර පෙරේරා ලකුණු 07කට දැවී යයි

 

11 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පා දග පන්දු යවන ඇඩම් සම්පා කැදවයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සුදානම්.

 

 

ඕවර 10 කදී 93/4 (දිනේෂ් චන්දිමාල් 37, තිසර පෙරේරා 07, ග්ලේන් මැක්ස්වෙල් 1-0-07-0)

 

 

              

 

 

10වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් දග පන්දු යවන ග්ලේන් මැක්ස්වෙල් කැදවයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සුදානම්.

 

ඕවර 09 කදී 86/4 (දිනේෂ් චන්දිමාල් 31, තිසර පෙරේරා 06, ඇඩම් සම්පා 1-0-06-0)

 

 

               

 

 

09 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පා දග පන්දු යවන ඇඩම් සම්පා කැදවයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සුදානම්.

 

ඕවර 8 කදී 80/4 (තිසර පෙරේරා 04, දිනේෂ් චන්දිමාල් 28, මොරිසස් හෙන්රිකස් 2-0-24-1)

 

 

                

 

පන්දුවට පහර දීමට තිසර පෙරේරා පිටියට පැමිණෙයි.

 

කුසල් මෙන්ඩිස් ලකුණු 22 ක් ලබා ගනිමින් මොරිසස් හෙන්රිකස්ගේ පන්දුවකට ග්ලේන් මැක්ස්වෙල්ට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යයි.

 

8 වැනි ඕවරය යැවීම සඳහා මොරිසස් හෙන්රිකස් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා දිනේෂ් චන්දිමාල් සුදානමින්.

 

   

ඕවර 7 කදී 67/3 (කුසල් මෙන්ඩිස් 16, දිනේෂ් චන්දිමාල් 25, ජේම්ස් ෆෝක්නර් 2-0-12-1)

 

 

               

 

අටවැනි ඕවරය යැවීම සඳහා වමතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක ජේම්ස් ‍‍ෆොක්නර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

 

ඕවර 6 කදී 56/3 (කුසල් මෙන්ඩිස් 09, දිනේෂ් චන්දිමාල් 21, මොරිසස් හෙන්රිකස් 1-0-11-0)

 

 

              

 

 

6 වැනි ඕවරය යැවීම සඳහා මොරිසස් හෙන්රිකස් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා දිනේෂ් චන්දිමාල් සුදානමින්.

 

 

ඕවර 5 කදී 45/3 (කුසල් මෙන්ඩිස් 00, දිනේෂ් චන්දිමාල් 19, ජේම්ස් ෆෝක්නර් 1-0-01-1)

 

 

               

 

කුසල් මෙන්ඩිස් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙයි.

 

ජේම්ස් ෆෝක්නර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ධනංජය සිල්වා ලකුණු 12කට දැවී යයි.

 

පස්වැනි ඕවරය යැවීම සඳහා වමතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක ජේම්ස් ‍‍ෆොක්නර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

 

ඕවර 4 කදී 44/2 (ධනංජය ද සිල්වා 12, දිනේෂ් චන්දිමාල් 18, ස්කොට් බෝලන්ඩ් 2-0-21-1)

  

 

               

 

04 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක ස්කොට් බෝලන්ඩ් කැඳවයි.  පන්දුව පිළිගැනීම සඳහා ධනංජය ද සිල්වා සූදානම්.

 

 

ඕවර 3 කදී 29/2 (ධනංජය ද සිල්වා 07, දිනේෂ් චන්දිමාල් 09, මිචෙල් ස්ටාක් 2-0-18-01)

 

 

               

 

03 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් පැමිණෙයි. පන්දුව පිළිගැනීම සඳහා දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

 

ඕවර 2 කදී 17/2 (ධනංජය ද සිල්වා 04, දිනේෂ් චන්දිමාල් 00, ස්කොට් බෝලන්ඩ් 1-0-06-1)

 

 

              

 

පන්දු තුනක් ඇතුලත කඩුලු දෙකක් දැවී යයි.

 

දිනේෂ් චන්දිමාල් පන්දුවට පහර දීමට පිටියට පැමිණේ.

 

ස්කොට් බෝලන්ඩ්ගේ පන්දුවකට මිචෙල් ස්ටාර්ක්ට උඩ පන්දුවක් දෙමින් කුසල් පෙරේරා ලකුණු 04කට දැවී යයි.

 

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දුයවන ක්‍රීඩක ස්කොට් බෝලන්ඩ් කැඳවයි.  පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්.

 

 

ඕවර 1 කදී 4/0 (කුසල් පෙරේරා 00, ධනංජය ද සිල්වා 02, මිචෙල් ස්ටාක් 1-0-11-1)

 

 

               

 

ධනංජය සිල්වා පන්දුවට පහර දීමට පිටියට පැමිණෙයි.

 

තිලකරත්න දිල්ශාන් දැවී යයි. මෙය ඔහුගේ අවසන් විස්සයි විස්ස තරගයයි.

 

පළමු ඕවරය යැවීම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වමතින් වේග පන්දුයවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්.

 

 කුසල් පෙරේරා සමගින් තිලකරත්න දිල්ශාන් ශ්‍රි ලංකා ඉනිම අරඹති.

 

ශ්‍රී ලංකාවට ලකුණු 264ක ඉලක්කයක්

 

ඕවර 20 කදී 263/2 (ග්ලේන් මැක්ස්වෙල් 263, ට්‍රැවිස් හෙඩ් 45 , තිසර පෙරේරා 4-0-58-1)

 

 

               

 

ග්ලේන් මැක්ස්වෙල් පන්දු 65කදී ලකුණු 145ක් ලබා ගනී. හයේ පහර 9ක් සහ හතරේ පහරවල් 14ක් ඔහුගේ ඉනිමට ඇතුලත් වේ.

 

අවසන් පන්දුවේදී ට්‍රැවිස් හෙඩ් තිසර පෙරේරාගේ පන්දුවකට ධනංජය සිල්වාට උඩ පන්දුවක් දෙමින් දැවී යයි.

 


20 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මද වේග පන්දු යවන තිසර පෙරේරා කැඳවයි. පන්දුව පිළිගැනීමට ට්‍රැවිස් හෙඩ් සුදානමින්.

 

 

ඕවර 19 කදී 247/2 (ග්ලේන් මැක්ස්වෙල් 144, ට්‍රැවිස් හෙඩ් 30, සුරංග ලක්මාල් 4-0-51-0)

 

 

             

 


19 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මද වේග පන්දු යනව සුරංග ලක්මාල් කැඳවයි. පන්දුව පිළිගැනීමට ට්‍රැවිස් හෙඩ් සුදානමින්.

 

 

ඕවර 18 කදී 232/2 (ග්ලේන් මැක්ස්වෙල් 142, ට්‍රේවිස් හෙඩ් 17, කසුන් රාජිත 3-0-46-0)

 

 

               

 

 

18 ඕවරය යැවීම සඳහා වේග පන්දු යවන කසුන් රජිත කැඳවයි. පන්දුව පිළිගැනීමට මැක්ස්වෙල් සුදානමින් සුදානම්.

 

 

ඕවර 17 කදී 218/2 (ග්ලේන් මැක්ස්වෙල් 135, ට්‍රැවිස් හෙඩ් 1002, සචිත්‍ර සේනානායක 4-0-49-1)

 

 

               

 

ශ්‍රී ලංකා පන්දු යනවන්නට ග්ලේන් මැක්ස්වෙල් පහර පිට පහරවල් එල්ල කරයි.

 

17 වැනි ඕවරය යැවීම සඳහා පිට දගපන්දු යවන සචිත්‍ර සේනානායක කැඳවයි. පන්දුව පිළිගැනීමට මැක්ස්වෙල් සුදානම්.

 

 

ඕවර 16 කදී 195/2 (ග්ලේන් මැක්ස්වෙල් 112, ට්‍රැවිස් හෙඩ් 10, සුරංග ලක්මාල් 3-0-36-0)

 

 

              

 

ග්ලේන් මැක්වෙල් පළමු විස්සයි 20 ශතකය ලබා ගනී. එය ඕස්ට්‍රේලියානුවන් විස්සයි 20 තරගවලදී ලබා ගත් තුන්වැනි ශතකයි.


16 ඕවරය යැවීම සඳහා දකුණතින් මද වේග පන්දු යනව සුරංග ලක්මාල් කැඳවයි. පන්දුව පිළිගැනීමට ට්‍රැවිස් හෙඩ් සුදානමින්.

 

 

ඕවර 15 කදී 178/2 (ග්ලේන් මැක්ස්වෙල් 98, ට්‍රැවිස් හෙඩ් 08 , තිසර පෙරේරා 3-0-42-0)

 

 

               

 

 
15 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මද වේග පන්දු යවන තිසර පෙරේරා කැඳවයි. පන්දුව පිළිගැනීමට මැක්ස්වෙල් සුදානමින්.

 

 

ඕවර 14 කදී 166/2 (ග්ලේන් මැක්ස්වෙල් 87, ට්‍රැවිස් හෙඩ් 07, සචිත් පතිරණ 4-0-45-0)

 

 

               

 

පන්දුවට පහර දීමට ට්‍රැවිස් හෙඩ් පිටියට පැමිණෙයි.

 

සචිත් පතිරණගේ පන්දුවකට තිසර පෙරේරාට උඩ පන්දුවක්  දෙමින් උස්මාන් කවාජා දැවී යයි

 

14 වැනි ඕවරය යැවීම සඳහා වමත් දගපන්දු යවන සචිත් පතිරණ කැඳවයි. පන්දුව පිළිගැනීමට උස්මාන් කවාජා සුදානම්.

 

 

ඕවර 13 කදී 150/1 (ග්ලේන් මැක්ස්වෙල් 82, උස්මාන් කවාජා 32 , තිසර පෙරේරා 2-0-30-0)

 

 

               

 


13 ඕවරය යැවීම සඳහා දකුණතින් මද වේග පන්දු යවන තිසර පෙරේරා කැඳවයි. පන්දුව පිළිගැනීමට ග්ලේන් මැක්ස්වෙල් සුදානමින්.

 

 

ඕවර 12 කදී 134/1 (ග්ලේන් මැක්ස්වෙල් 74, උස්මාන් කවාජා 25, සචිත් පතිරණ 3-0-29-0)

 

 

               

 

 

දොලොස්වැනි ඕවරය යැවීම සඳහා වමත් දගපන්දු යවන සචිත් පතිරණ කැඳවයි. පන්දුව පිළිගැනීමට ග්ලේන් මැක්ස්වෙල් සුදානම්.

 

 

ඕවර 11 කදී 121/1 (ග්ලේන් මැක්ස්වෙල් 68, උස්මාන් කවාජා 18, සචිත්‍ර සේනානායක 3-0-26-1)

 

 

               

 

එකලොස් වැනි ඕවරය යැවීම සඳහා පිට දගපන්දු යවන සචිත්‍ර සේනානායක කැඳවයි. පන්දුව පිළිගැනීමට මැක්ස්වෙල් සුදානම්.

 

 

වර 10 කදී 110/1 (ග්ලේන් මැක්ස්වෙල් 59, උස්මාන් කවාජා 16, සචිත් පතිරණ 2-0-16-0)

 

 

               

 

එක් කඩුල්ලක් දැවී දසවැනි ඕවරයේදී ඕස්ට්‍රේලියාව ලකුණු 100 ලබා ගනී

 

දහවැනි ඕවරය යැවීම සඳහා වමත් දගපන්දු යවන සචිත් පතිරණ කැඳවයි. පන්දුව පිළිගැනීමට උස්මාන් කවාජා සුදානම්.

 

 

ඕවර 9 කදී 98/1 (ග්ලේන් මැක්ස්වෙල් 56, උස්මාන් කවාජා 07, කසුන් රාජිත 2-0-32-0)

 

 

               

 

ග්ලේන් මැක්ස්වේල් පන්දු පන්දු 27කින් වේගවත් ලකුණු 50ක් ලබා ගනී.

 

නවවැනි ඕවරය යැවීම සඳහා වේග පන්දු යවන කසුන් රජිත කැඳවයි. පන්දුව පිළිගැනීමට උස්මාන් කවාජා සුදානමින් සුදානම්.

 

 

ඕවර 8 කදී 85/1 (ග්ලේන් මැක්ස්වෙල් 44, උස්මාන් කවාජා 06, සචිත් පතිරණ 1-0-04-0)

 

 

               

 

අටවැනි ඕවරය යැවීම සඳහා වමත් දගපන්දු යවන සචිත් පතිරණ කැඳවයි. පන්දුව පිළිගැනීමට ග්ලේන් මැක්ස්වෙල් සුදානම්.

 

 

ඕවර 7 කදී 81/1 (ග්ලේන් මැක්ස්වෙල් 42, උස්මාන් කවාජා 04, ධනංජය ද සිල්වා 1-0-08-0)

 

               

 

හත්වැනි ඕවරය යැවීම සඳහා පිට දගපන්දු යවන ධනංජය ද සිල්වා කැඳවයි. පන්දුව පිළිගැනීමට උස්මාන් කවාජා සුදානම්.

 

 

 

ඕවර 6 කදී 73/1 (ග්ලේන් මැක්ස්වෙල් 36, උස්මාන් කවාජා 02 , තිසර පෙරේරා 1-0-15-0)

 

 

               

 


හයවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මද වේග පන්දු යවන තිසර පෙරේරා කැඳවයි. පන්දුව පිළිගැනීමට උස්මාන් කවාජා සුදානමින්.

 

 

ඕවර 5 කදී 58/1 (ග්ලේන් මැක්ස්වෙල් 22, උස්මාන් කවාජා 01, සචිත්‍ර සේනානායක 2-0-15-1)

 

               

 

පන්දුවට පහර දීමට උස්මාන් කවාජා පැමිණේ.

 

සචිත්‍ර සේනානායකගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඩේවිඩ් වෝනර්  දැවී යයි.

 

පස්වැනි ඕවරය යැවීම සඳහා පිට දගපන්දු යවන සචිත්‍ර සේනානායක කැඳවයි. පන්දුව පිළිගැනීමට මැක්ස්වේල් සුදානම්.

 

ඕවර 4 කදී 46/0 (ග්ලේන් මැක්ස්වෙවේල් 11, ඩේවිඩ් වෝනර් 28, සුරංග ලක්මාල් 2-0-19-0)

 

               


සිව්වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මද වේග පන්දු යවන සුරංග ලක්මාල් කැඳවයි. පන්දුව පිළිගැනීමට ඩේවිඩ් වෝනර් සුදානමින්.

 

ඕවර 3 කදී 33/0 (ග්ලේන් මැක්ස්වෙල් 06, ඩේවිඩ් වෝනර් 22, කසුන් රාජිත 1-0-19-0)

 

               

 

තුන්වැනි ඕවරය යැවීම සඳහා වේග පන්දු යවන කසුන් රජිත කැඳවයි. පන්දුව පිළිගැනීමට ඩේවිඩ වෝනර් සුදානමින් සුදානම්.

 

ඕවර 2 කදී 14/0 (ග්ලේන් මැක්ස්වෙල් 06, ඩේවිඩ් වෝනර් 03, සුරංග ලක්මාල් 1-0-07-0)

 

            


දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මද වේග පන්දු යනව සුරංග ලක්මාල් කැඳවයි. පන්දුව පිළිගැනීමට ග්ලේන් මැක්ස්වේල් සුදානමින්.

 

ඕවර 1 කදී 5/0 (ග්ලේන් මැක්ස්වෙල් 01, ඩේවිඩ් වෝනර් 02, සචිත්‍ර සේනානායක 1-0-03-0)

 

               

 

පළමු ඕවරය යැවීම සඳහා පිට දගපන්දු යවන සචිත්‍ර සේනානායක කැඳවයි. පන්දුව පිළිගැනීමට මැක්ස්වේල් සුදානම්.

 

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ‍ඩේවිඩ් වෝනර් සහ ග්ලේන් මැක්ස්වේල් පිටිය පැමිණෙති.

 

ඕස්ට්‍රේලියා කණ්ඩායම- ඩේවිඩ් වෝනර් (නායක), උස්මාන් කාවාජා, ට්‍රැවිස් හෙඩ්, ජෝර්ජ් බෙයිලි, ග්ලේන් මැක්වෙල්, මොරිසස් හෙන්රිකස්, පීටර් නෙවිල්, මිචෙල් ස්ටාර්ක, ඇඩම් සම්පා, මිචෙල් බෝලන්ඩ්

 

ශ්‍රී ලංකා කණ්ඩායම- දිනේෂ් චන්දිමාල් (නායක), කුසල් මෙන්ඩිස්, තිලකරත්න දිල්ශාන්, චාමර කපුගෙදර, කුසල් පෙරේරා, ධනංජය සිල්වා, සුරංග ලක්මාල්, සචිත් පතිරණ, තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක, කසුන් රජිත

 

කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවීම තොරා ගනියි.

 

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රි ලංකාව අතර මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිඩංගණයේදී පැවැත්වෙන පළමු විස්සයි 20 තරගය ආරම්භ කිරීමට සියල්ල සුදානම්.

ඩිල්ෂාන් පල්ලෙකැලෙන් හෙට සමුගනී

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව හෙට (6 වැනිදා) මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයේදී කුසල් පෙරේරා සමගින් තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ.

මෙම තරගය තිලකරත්න ඩිල්ෂාන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරන අවසන් විස්සයි20 ජාත්‍යන්තර තරගය වන අතර ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ සිය මංගල එක්දින තරගයට සහ ටෙස්ට් තරගයට සහභාගි වූ දිනේෂ් චන්දිමාල් මෙම තරගයේදී ඩිල්ෂාන්ගේ නායකයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් වි:20 තරගය වූ එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි20 තරගය සඳහා ඩිල්ෂාන් සහභාගී නොවූ අතර එහිදී කුසල් පෙරේරා සමගින් ඉනිම ඇරඹූ ධනුෂ්ක ගුණතිලකට මෙම තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයේ ස්ථානයක් අහිමි වී ඇත.

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ පළමු තරගයේදී ආරම්භක පිතිකරුවකු ලෙස අසාර්ථක වීම නිසා කුසල් පෙරේරාට ඉතිරි තරග හතරේදී මැද පෙළ පිතිකරුවකු ලෙස කටයුතු කිරීමට සිදුවූ අතර විස්සයි20 තරගාවලියේදී නැවතත් ඔහුව ආරම්භක පිතිකරුවකු ලෙස යොදාගැනීමට කණ්ඩායමේ කළමණාකාරීත්වය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අවසන් එක්දින තරග දෙකේදී ආරම්භක පිතිකරුවකු ලෙස සාර්ථක වෙමින් ලකුණු 76 ක් සහ 34 ක් රැස්කළ ධනංජය ද සිල්වාට මෙම තරගයේදී මැද පෙළ පිතිරුවකු ලෙස කටයුතු කිරීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 3 සහ 4 යන ස්ථාන වල ක්‍රීඩා කිරීම සඳහා කුසල් මෙන්ඩිස් සහ නායක දිනේෂ් චන්දිමාල් ස්ථාවර වී සිටින අතර ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස්ගේ ස්ථානයේ (අංක 5) ක්‍රීඩා කිරීම සඳහා චාමර කපුගෙදරට වැඩි ඉඩක් තිබේ.

කළකට පසු නැවතත් විස්සයි20 සංචියට ඇතුළත්ව සිටින පිට දඟ පන්දුයවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක හෙට තරගය සඳහා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙන අතර ඔහුගේ සහයක දඟ පන්දුයවන්නා ලෙස පා දඟ පන්දුයවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ.

මිලින්ද සිරිවර්ධන සහ සචිත් පතිරණ දෙදෙනාම වමතින් පා දඟ පන්දුයවන ක්‍රීඩකයන් වන බැවින් බොහෝ දුරට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් හෙට තරගයේදී කණ්ඩායමට ඇතුළත් වනු ඇති අතර අවසන් එක්දින තරග දෙකේදී දැක්වූ දස්කම් අනුව එම ස්ථානය සචිත් පතිරණට ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකිය.

තුන් ඉරියව් ක්‍රීඩකයන් වන තිසර පෙරේරා සහ දසුන් ශානක අතුරින්ද එක් අයෙක් පමණක් හෙට තරගයේදී කණ්ඩායමට ඇතුළත් වනු ඇති බවට වාර්තා වේ. තරග දිනවීමේ හැකියාව මෙන්ම අත්දැකීම් අතින්ද දසුන් ශානකට වඩා තිසර පෙරේරා ඉදිරියෙන් සිටින බැවින් එම අවස්ථාව තිසරට ලැබීමට වැඩි ඉඩක් තිබේ.

තිසර පෙරේරා හෝ දසුන් ශානක කණ්ඩායමට ඇතුළත් වන්නේ නම් තවත් එක් වේග පන්දු යවන්නෙකුට පමණක් කන්ඩායම් ස්ථානයක් වෙන්වන අතර එම ස්ථානය සඳහා සුරංග ලක්මාල් සහ කසුන් රාජිත අතර තරගයක් පවතී.

මෙම තරගයේදී කණ්ඩායම තෝරාගන්නා අකාරය ගැන අද (5 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී දිනේෂ් චන්දිමාල් මෙසේ පැවසීය.  

“14 දෙනකුගෙන් සමන්විත සංචිතයක් අපි තෝරාගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඩිල්ෂාන්, සචිත්‍ර වගේ අත්දැකීම්වලින් බහුල විස්සයි20 ක්‍රීඩකයන් සංචිතයට ඇතුළත්ව සිටීම ගැන ගොඩක් සතුටුයි. මොකද කළින් අපිට අත්දැකීම් අඩු බවක් දැණුනා. මේ තරග දෙකම ජයග්‍රහණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

“තවම අවසන් 11 දෙනා ගැන කිසිම දෙයක් කථා කරලා නැහැ. මුලින්ම අපිට තණතීරුව, ඒ වගේම හෙට දවසේ කාලගුණය ගැන බලන්න වෙනවා. අපි දන්නවා විශේෂයෙන් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පින්නෙන් බාධා ඇති වෙනවා. ඒ හැම දෙයක් ගැනම සළකලා බලලා තමයි පිතිරුවන් හය දෙනෙක් ක්‍රීඩා කරනවාද, නැත්නම් හත් දෙනෙක් ක්‍රීඩා කරනවද කියලා අවසන් තීරණයකට එන්නේ” යයිද චන්දිමාල් පැවසීය.

ආබාධ වලට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රිස් ලයන්ට සහ ඒරන් ෆින්ච්ට විස්සයි20 තරගාවලිය අහිමි වී ගියද, ග්ලේන් මැක්ස්වෙල් සහ කඩුලු රකින ක්‍රීඩක පීටර් නෙවිල් නැවත කණ්ඩායමට ඇතුළත් වීමෙන් ඔවුන්ගේ පිතිකරු ලැයිස්තුව තවත් ශක්තිමත් වී තිබේ.

අවසන් එක්දින තරග තුනේදී ඕස්ටේ්‍රලියානු කණ්ඩායම මෙහෙයවූ ඬේවිඞ් වෝනර්, විස්සයි20 තරගාවලියේදීද ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.


ශ්‍රී ලංකා සංචිතය -
දිනේෂ් චන්දිමාල් (නායක), කුසල් පෙරේරා, තිලකරත්න ඩිල්ෂාන්, ධනංජය ද සිල්වා, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, සචිත්‍ර සේනානායක, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, සචිත් පතිරණ, කසුන් රාජිත සහ දසුන් ශානක

ඕස්ට්‍රේලියානු සංචිතය -
ඬේවිඞ් වෝනර් (නායක), උස්මන් කවාජා, ජෝජ් බේලි, ට්‍රැවිස් හෙඞ්, මැතිව් වේඞ්, ජේම්ස් ෆෝක්නර්, ග්ලේන් මැක්ස්වෙල්, පීටර් නෙවිල්, මිචෙල් ස්ටාක්, ජෝන් හේස්ටිග්ස්, ස්කොට් බෝලන්ඞ්, ඇඩම් සම්පා සහ මෝසස් හෙන්රික්ස්

 

සචිත්‍ර සේනානායක යළි කැඳවයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට පිට දඟ පන්දුයවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
 
මේ වන විට විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 22 කට ක්‍රීඩා කර ඇති සචිත්‍ර සේනානායක දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 24 කි. ඔහුගේ හොඳම පන්දුයැවීම ලෙස වාර්තා වන්නේ 2015 වසරේ නොවැම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී ලකුණු 46 කට කඩුලු 4 ක් දවාගැනීමයි.

සචිත්‍ර අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විස්සයි20 ජාත්‍යන්තර තරගයක් සඳහා සහභාගි වී ඇත්තේ මේ වසරේ පෙබරවාරි මාසයේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගාවලියේදීය. එහිදී තරග 3 කට ක්‍රීඩා කළ ඔහු දවාගෙන ඇත්තේ කඩුලු සංඛ්‍යාව 2 ක් පමණි.

සචිත්‍රට අමතරව අවසන් වරට එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි20 තරගයට සහභාගි නොවූ තිලකරත්න ඩිල්ෂාන්, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, සචිත් පතිරණ සහ කසුන් රාජිත යන ක්‍රීඩකයන්ද මෙම තරගාවලිය සඳහා නම්කරන ලද සංචිතයට ඇතුළත් කර සිටිති.

එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි20 තරගය සඳහා නම්කර තිබූ  ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි නිරෝෂන් දික්වැල්ල, නුෂ්ක ගුණතිලක, ෆර්විස් මහරුෆ්, රමිත රඹුක්වැල්ල, ළහිරු තිරිමාන්න සහ නුවන් ප්‍රදීප්ට මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන අහිමි වී තිබේ.

එක්දින තරගාවලිය අතරතුරදී පාදයේ අබාධයකට ලක්වූ ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලිය සඳහා සහභාගි නොවන බැවින් නායකත්වයේ වගකීම උප නායක දිනේෂ් චන්දිමාල්ට පැවරී තිබේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගය හෙට (6 වැනිදා) මහනුවර පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි තරගය සිකුරාදා (9 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය -

දිනේෂ් චන්දිමාල් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, සචිත්‍ර සේනානායක, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, සචිත් පතිරණ, කසුන් රාජිත, දසුන් ශානක  

 

මැතිව්ස්ට මාසයක විවේකයක්


පාදයේ ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් තවත් මාසයක පමණ කාලයක් විවේක ගත යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති සිව්වැනි එක්දින තරගයේදී පාදයේ බත්කෙණ්ඩ මස්පිඬුවේ ආබාධයකට ලක්වූ මැතිව්ස් එම තරගයේදී සිය ඉනිම අතර මග නවතා ක්‍රීඩාගාරයට පැමිණියද 8 වැනි කඩුල්ල දැවී යාමෙන් පසුව නැවතත් පිටියට පිවිසියේය.

ඔහුට ලකුණු කරා දිව යාම ඉතාමත් අපහසු වූ හෙයින් කඩුල්ලේ එක් අන්තයක රැඳී සිටිමින් හතරේ පහර වලින් ලකුණු ලබාගැනීමට උත්සාහ කළද දෙවැනි වර පිටියට පිවිස ලබාගත හැකිවූයේ ලකුණු 10 ක් පමණි.

තරගයෙන් පසුව පළමු දිනය රෝද පුටුවක ගතකළ මැතිව්ස් තවත් දින දෙකක් කිහිළි කරු ආධාරයෙන් ගමන් කළේය. ශ්‍රී ලංකා නායකයා මේ වන විට කිහිළිකරු නොමැතිව ඇවිද යා හැකි තත්ත්වයට පැමිණ සිටී.

මෙ අතර ශ්‍රී ලංකා පිලේ හිටපු වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග නැවතත් පුහුණුවීම් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව පැවැත්වෙන විස්සයි:20 තරගාවලියට ලසිත් මාලිංග ඇතුළත් විය හැකිද යන්න පිළිබඳව කළ විමසීමකදී දැනගත හැකිවූයේ මාලිංග පුහුණුවීම් ආරම්භ කළ නමුත් තරග කිරීම සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා කණ්ඩායමේ භෞත චිකිත්සකවරයාගේ නිර්දේශය තවමත් ලබා නැති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගාවලිය වන සිම්බාබ්වේ සංචාරයේදී ඔහුට ක්‍රීඩා කළ හැකි බව දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ සංචාරය වන සිම්බාබ්වේ සංචාරය ටෙස්ට් තරග 2 කින් සහ තුන්කොන් තරගාවලියකින් සමන්විතය. සිම්බාබ්වේ සංචාරය ඔක්තෝබර් මස 25 වැනිදා ආරම්භ වීමට නියමිත අතර සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් තරගාවලිය පැවැත්වේ.