Category Archives: sl vs uk 2016

පරාජය ලොකු ප්‍රශ්නයක් නොවෙයි – මැතිව්ස්

ශ්‍රී ලංකා පිල එංගලන්ත සංචාරයෙන් පරාජයට පත්වුවත් ලොකු ප්‍රශ්නයක් නොමැති බවත් කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය 2019 ලෝක කුසලාන තරගාවලිය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (07) පැවසීය.


ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එංගලන්ත සංචාරය අවසන් කර අද නැවත පැමිණි අතර සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවට නායක ඇන්ජලෝ මැතිව්ස් සහභාගි විය.


එම මාධ්‍ය හමුවේදී මැතිව්ස් සංචාරය පිළිබඳව වැඩි දුරටත් මෙසේ ද පැවසීය.


“මෙම සංචාරය අනිවාර්යෙන්ම අපිට දැඩි අභියෝගයක් වුණා. පළමු ටෙස්ට් තරග දෙකේ ලැබූ දැවැන්ත පරාජය එහිදී විශේෂයි. තනි තනි දස්කම් ගත්තොත් කුසල් මෙන්ඩිස්, චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක හොඳින් ලකුණු රැස් කළා. නමුත් අවාසනාවකට ඒවා ජයග්‍රහණයට ප්‍රමාණවත් වුණේ නෑ”


“කුසල් ඇතුළු වැඩි සංඛ්‍යාවක් එංගලන්තයේ තරගාවලියකට සහභාගි වුණේ පළමු වතාවටයි. එහිදී කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න එංගලන්තයේ ශීත සහ පන්දුව දෝලනවන පරිසරය තුළ ජෙම්ස් ඇන්ඩසන්ට සහ ස්ටුවට් බ්‍රෝඞ්ට හොඳින් ක්‍රීඩා කළා”


“මම දැනට නායකයා හැටියට සෑහීමකට පත්වෙන්නේ නෑ. අපි සියලුම අංශවලින් දියුණු විය යුතුයි. අපේ ක්‍රීඩකයෝ පුහුණුවීම් ඉතාමත් හොඳින් කරනවා. නමුත් අවාසනාවකට වගේ ආබාධයන්ට ලක්වෙනවා” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.


එක්දින තරගාවලියට ලබාදුන් කණ්ඩායම පිළිබඳව සෑහීමට පත්වෙනවාද යන ප්‍රශ්නයට මැතිව්ස් මෙසේ පිළිතුරු සැපයීය.


“ලසිත් මාලිංග, ජෙෆ්රි වැන්ඩසේ, ධම්මික ප්‍රසාද්, දුෂ්මන්ත චමීර, ඒ වගේම අවාසනාවකට ශමින්ද එරංග අහිමිවීම තුළ තරගාවලිය පුරාම අපේ පන්දු යවන්නන්ගේ යම්කිසි පසු බෑමක් තිබුණා. මම හිතන්නේ ඒ අපිට තෝරන්න පුළුවන් උපරිම කන්ඩායම තමයි”


“අපේ ප්‍රධාන පන්දු යවන්නන් පස් දෙනාගෙන් සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් දෙදෙනා හැර අනෙක් සියලුම ක්‍රීඩකයන් නවකයෝ. ඒ නිසා ඒ දෙපළට ටෙස්ට් සහ එක්දින තරගාවලිවලදී සෑහෙන්න වැඩ කොටසක් කරන්න වුණා”


ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් ආදේශ කිරීමේදී නම් නොදැරූ ක්‍රීඩකයන් ආදේශ කිරීම පිළිබඳව කළ විමසුමේදී ශ්‍රී ලංකා තේරිම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා මෙසේ පිළිතුරු සැපයීය.


“අපි සංචිතය නම් කළත් අතිරේක ක්‍රීඩකයන් නම් කර තිබුණේ නෑ. ඒ නිසා ඕනෑම කෙනෙක් තෝරන්න අවස්ථාව තිබුණා. සියලු දෙනාම කථා කරලා ඔහුව තෝරා ගත්තේ. එම ක්‍රීඩකයා අපේ වේග පන්දු පුහුණුකරු සමඟත් කටයුතු කර තිබුණා”


“විස්සයි20 තරගයට රමිත් තෝරා ගැනීමට විනය ප්‍රශ්නයක් තිබුණේ නෑ. එහිදී ඒ කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන්ගෙන් මැඳ පෙළ පිතිකරුවකු ලෙස වේගයෙන් ලකුණු රැස්කළ හැකි සහ පන්දු යැවිය හැකි ක්‍රීඩකයකු ලෙස ඔහුව තෝරාගත්තා. ඔහු විස්සයි20 තරගවලට ක්‍රීඩා කර තිබුණු නිසා අත්දැකීම් ද තිබුණා. එක තරගයකින් ක්‍රීඩකයකු මනින්න බෑ”


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්‍ෂතා වර්ධනය කිරීමේ පුහුණුකරු පවසා ඇති සංචිතයක් තෝරා ගැනීමට පෙර ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව බැලිය යුතුයි යන ප්‍රකාශය පිළිබඳව කළ විමසුමේදී සනත් ජයසූරිය මහතා මෙසේ පැවසීය.


“තේරීම් කමිටුවේ වගකීම හොඳම සංචිතය තේරීමයි. සයිමන් විලිස්ගේ අදහස එක පැත්තකින් හරි. නමුත් මගේ අදහස නම් මේක ගොඩක් කල්සිට පවතින තත්ත්වයක්. මේකට හේතුව මොකක්ද කියලා සභාපති, ලේකම්, උප සභාපති සමඟ සාකාච්ඡා කරලා තියෙනවා”


“අපිට මේ සඳහා අවශ්‍ය වෙලා තියෙනවා ක්‍රීඩකයන්ගේ කැපවීමත්, අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ.

ක්‍රීඩකයන්ට ඕනෑ තරම් ක්‍රිකට් තියෙනවා. ක්‍රීඩකයන් කැපවීමක් කළ යුතුයි. අපි, ශ්‍රී ලංකා ක්‍රිකට් හෝ සයිමන් කොපමණ කැපවීවත් කළත් ක්‍රීඩකයන්ගේ කැපවීම නැත්නම් ඒක කරන්න බෑ” යැයි ජයසූරිය මහතා පැවසීය.


මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස, ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමණාකරු චරිත් සේනානායක යන මහත්වරු ද සහභාගි වූහ.    

 

 

අවසන් බලාපොරොත්තුවත් සුන්වෙති

ශ්‍රී ලංකා පිලේ අවසන් බලාපොරොත්තුවත් සුන්කරමින් සදම්ටන්හිදී පැවැති එකම විස්සයි20 තරගය කඩුලු 8 කින් ජයගැනීමට එංගලන්ත පිල ඊයේ (05 වැනිදා) සමත්විය.


ලකුණු 140 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිතිකරුවෝ ඕවර 17.3 කදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකිරීමට සමත්වූහ.

ශ්‍රී ලංකාව 
කුසල් පෙරේරා – ඇ. මිල්ස් ප. ප්ලන්කට්  13
ධනුෂ්ක ගුණතිලක – ඇ. ජෝර්ඩ්න් ප. ඩෝසන්  26
කුසල් මෙන්ඩිස් – ඇ. සහ ප. ඩෝසන්  21
ඇන්ජලෝ මැතිව්ස් – ප. ඩෝසන්  11
දිනේෂ් චන්දිමාල් – ඇ. මෝගන් ප. ජෝර්ඩ්න්  23
දසුන් ශානක – දුවද්දී දැවී ගියා  1
රමිත් රඹුක්වැල්ල – දුවද්දී දැවී ගියා  19
සීකුගේ ප්‍රසන්න – ඇ. බට්ලර් ප. ප්ලන්කට්  1
ෆර්විස් මහරුෆ් – ඇ. විලී ප. ජෝර්ඩ්න් 10
චමින්ද බණ්ඩාර – නොදැවී  2
නුවන් ප්‍රදීප් – ප. ජෝර්ඩ්න් 0
අතිරේක (අ-1, පා-9, ව-3) 13
එකතුව ඕවර 20 කදී සියලු දෙනා දැවී  140
කඩුලු වැටීම 
1-17 (පෙරේරා), 2-58 (ගුණතිලක), 3-74 (මෙන්ඩිස්), 4-81 (මැතිව්ස්), 5-82 (ශානක), 6-106 (රඹුක්වැල්ල), 7-122 (ප්‍රසන්න), 8-129 (චන්දිමාල්), 9-140 (මහරුෆ්), 10-140 (ප්‍රදීප්)
පන්දු යැවීම
ක්‍රිස් ජෝර්ඩ්න් 4-0-29-3 ව-2
ටයිමල් මිල්ස් 4-0-22-0 ව-1
ලයාම් ප්ලන්කට් 4-0-27-2  
ලයාම් ඩෝසන් 4-0-27-3  
අදීල් රෂීඞ්  4-1-25-0  
එංගලන්තය 
ජේසන් රෝයි – ප. මැතිව්ස්  0
ජොස් බට්ලර් – නොදැවී  73
ජේම්ස් වින්ස් – ස්ට. චන්දිමාල් ප. මැතිව්ස් 16
ඔයින් මෝගන් – නොදැවී  47
අතිරේක (ව-7, අ-1) 8
එකතුව ඕවර 17.3කදී  කඩුලු 2ක් දැවී 144
කඩුලු වැටීම 
1-0 (රෝයි), 2-30 (වින්ස්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ
ජොනී බෙයාර්ස්ටෝ, සැම් බිලිංග්ස්, ලයාම් ඩෝසන්, ලයාම් ප්ලන්කට්, අදිල් රෂිඩ්, ක්‍රිස් ජෝර්ඩ්න්, ටයිමල් මිල්ස්
පන්දු යැවීම
ඇන්ජලෝ මැතිව්ස්  4-0-27-2  
රමිත් රඹුක්වැල්ල  2.3-0-27-0  
ෆර්විස් මහරුෆ්  3-0-26-0 ව-1
සීකුගේ ප්‍රසන්න  4-0-31-0 ව-1
ධනුෂ්ක ගුණතිලක 1-0-9-0  
නුවන් ප්‍රදීප්  2-0-12-0 ව-1
චමින්ද බණ්ඩාර 1-0-11-0  

එක්දින තරගාවලියේදී ලකුණු අතර සිටි ආරම්භක පිතිකරු ජේසන් රෝයි ප්‍රථම ඕවරයේදී ලකුණු ලබානොදීම ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්වූයේය.


යළි ක්‍රියාත්මකවූ ඇන්ජලෝ මැත්ව්ස් යවනලද පස්වැනි ඕවරයේදී දිනේෂ් චන්දිමාල් විසින් ස්ටම්ප්ස් කිරීමකට හසුකර ගනිමින් ජේම්ස් වින්ස් දවාගැනීමට සමත්වුවද එතැන් සිට තරගය අවසන්වන තෙක් තරගයේ ආධිපත්‍ය පැතිරවීමට ජොස් බට්ලර් සහ ඔයින් මෝගන් සමත්වූහ.


ප්‍රථම වරට ආරම්භක පිතිකරුවකු වශයෙන් පිටියට පිවිසි ජොස් බට්ලර් විස්සයි20 දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරමින් පන්දු 49 කදී හතරේ පහර තුනක් සහ හයේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 73 ක් ලබාගනිමින් වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ඔයින් මෝගන් පන්දු 39 කදී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 47 ක් රැස්කිරීමට සමත්විය.

 

තෙවැනි කඩුල්ල සදහා පන්දු 76 කදී නොබිදුණු ලකුණු 114 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ජොස් බට්ලර් සහ ඔයින් මෝගන් සමත්වූහ.

 

පන්දු යවන්නනට වැඩි සාර්ථකත්වයක් පෙන්වීමට නොහැකිවුවද ඇන්ජලෝ මැතිව්ස් ඕවර හතර තුළදී ලකුණු 27 කට කඩුලු දෙකක් දවාගැනීමට සමත්වූයේය.

 

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට ඕවර 20 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 140 ක් පමණි.


අයර්ලන්ත තරගාවලියේ දෙවන තරගයේදී ශතකයක් රැස්කළ කුසල් ජනිත්ට එංගලන්තය සමග පැවැති එක්දින තරගාවලියේදී ලකුණු අතරට පැමිණිය නොහැකිවූ අතර ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු සුන්කරමින් විස්සයි20 තරගයේදීද ශ්‍රී ලාංකා පිලට හොද ආරම්භයක් ලබාදීමට ඔහුට නොහැකිවිය.


ඕවර 10 ක් අවසානයේදී කඩුලු තුනක් දැවී ලකුණු 79 ක් රැස්කරසිටි ශ්‍රී ලාංකා පිල නායක ඇන්ජලෝ මැතිස්ගේ දැවීයාමත් සමගින් කඩාවැටීමකට ලක්වුයේය. 


ශ්‍රී ලාංකා පිලේ අවසන් ඕවර 10 තුළදී ලකුණු 61 කට කඩුලු හතක් දවාගනිමින් තරගයේ වැඩිවාසි තම පිලට අත්කර දීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.


දක්ෂ පන්දුයැවීමක නිරතවූ ක්‍රිස් ජොර්දාන් (29/3) සහ ලයාම් ඩෝසන් (27/3) කඩුලු තුන බැගින් දවාගැනීමට සමත්වූහ.


ශ්‍රී ලාංකා ‘ඒ’ පිල සමග එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින රමිත් රඔුක්වැල්ල විස්සයි20 තරගයට කැඳවා තිබූ අතර ඔහුටද ශ්‍රී ලාංකා පිල වෙනුවෙන් වැඩියමක් කිරීමට අවස්ථාවක් හිමිනොවීය.


2008 ඔක්තෝබර් මාසයෙන් පසුව විස්සයි20 තරගයකට ක්‍රීඩා නොකළ ෆර්වීස් මහරූෆ් වසර අටකට පසුව ඊයේ පැවැති විස්සයි20 තරගයට එක්වූයේය.


ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස්, චමින්ද බණ්ඩාර සහ නුවන් ප්‍රදීප් ඊයේ දිනයේදී විස්සයි20 වරම් දිනාගත් අතර ලයාම් ඩෝසන් සහ ටයිමල් මිල්ස් එංගලන්ත පිල වෙනුවෙන් විස්සයි20 වරම් දිනාගැනීමට  සමත්වූහ.

 

නායකත්වය අතහැරලා දුවන්න බෑ – මැතිව්ස්


එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය මෙන්ම එක්දින තරගාවලියද පරාජය වූ නමුත් නායකත්වයෙන් ඉවත් වීමේ අදහසක් තමන්ට නැතැයි ඇන්ජලෝ මැතිව්ස් කියයි. එංගලන්තයට එරෙහිව ඉකුත් සෙනසුරාදා කාඩීෆ්හිදී පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගය පරාජය වීමෙන් පසුව මැතිව්ස්ගෙන් කළ විමසීමකදී මැතිව්ස් එසේ කියා සිටියේය.

කාඩීෆ්හිදී පැවැති පස්වැනි එක්දින තරගයේදී ලකුණු 122 ක ඛේදජනක පරාජයක් උරුමකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3-0 ක් ලෙසින් එක්දින තරගාවලිය පරාජය විය. ටෙස්ට් තරගාවලියේදි ශ්‍රී ලංකා පිලට උරුම වූයේ 2-0 ක තරගාවලි පරාජයකි.

මෙවර එක්සත් රාජධානියේ කළ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද එකම සාර්ථකත්වය වූයේ අයර්ලන්තයේදී පැවැති එක්දින තරග දෙකකින් ජය ලබාගැනීමයි.

“ඕනෑම කෙනෙකුට හොඳ කාලයක් වගේම නරක කාලයකුත් තියෙනවා”

“මේක නායකයෙක් වශයෙන් මටත් කණ්ඩායමටත් අසීරු කාලයක්…ඒත් එහෙම වුණා කියලා මට දාලා දුවන්න බෑ” යයි ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

තම කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම අංශ වලින් දියුණු විය යුතු බව මැතිව්ස් පිළිගනී. විශේෂයෙන්ම සීමිත ඕවර ක්‍රීඩාවේදී තමන්ගේ කණ්ඩායම විසින් පෙන්නුම් කරන ලද දියුණුව පිළිබඳ මැතිව්ස් සතුට පළකරයි.

“මට හොඳ විශ්වාසයක් තියෙනවා අපි දිනෙන් දින දියුණු වෙමින් ගියොත් මේ අගාධයෙන් ගොඩ එන්න පුළුවන් කියලා…..,

“පසුගිය මාස දෙකේම අපට ඒ ප්‍රශ්නය තිබුණා. පන්දුවට පහරදීම, පන්දු යැවීම නැත්නම් පන්දු රැකීමේදී වුණත් සෑම තරගයකදීම අපේ බලාපොරොත්තු කඩවුණා” යයි පැවසූ මැතිව්ස්….

“එංගලන්තයට එරෙහිව තරගයක් දිනන්න නම් සෑම සියලු දේම හරියට සිද්ධවෙන දවසක් තියෙන්න ඕන. ඒත් ඒ දවස අපට උදාවුණේ නෑ. ඒ නිසා අපට පරාජය පිළිගන්න සිදුවුණා” යයිද පැවසීය.

ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකේදීම එංගලන්ත ක්‍රීඩකයන් දැක්වූ දස්කම් අගය කරමින් කතාකළ මැතිව්ස් තරගාවලි දෙකේදීම එංගලන්ත ක්‍රීඩකයන් හමුවේ තමන් පීඩනයට පත්වූ බවද පිළිගත්තේය.

වසර 2014 දී පැවැති එංගලන්ත සංචාරයේදී විස්සයි:20 තරගයත්, ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකත් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසර මුලදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදීත් එංගලන්තය පරදවා ජයගත්තේය. එහෙත් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල විය.

“අවුරුදු කිහිපයක් ආපස්සට හැරිලා බැලුවොත් එංගලන්තය හිටියෙත් අපි අද ඉන්න තත්ත්වයේම තමා. ඒ ඔවුන් කණ්ඩායම ගොඩනැංවූ අවදියයි. ඒත් ඒ ගොල්ලන් එයාලගේ සැලසුම් වලම රැඳ හිටියා”

“ඒ විතරක් නෙමේ…ඒගොල්ලන් තෝරාගත් ක්‍රීඩකයන් එක්කම හිටියා. දැන් ඒවායේ ප්‍රතිඵල බලාගන්න පුළුවන්..ඔවුන් දැන් ඉතාමත් විශිෂ්ට ක්‍රීඩාවක යෙදෙනවා විතරක් නෙමේ එංගලන්තයේදී වගේම එංගලන්තයෙන් පිටතදීත් හොඳ දස්කම් පෙන්වනවා” යයිද මැතිව්ස් පැවසීය.

මෙම සංචාරයේදී තම ගෞරවය රැකගැනීමට ශ්‍රී ලංකා පිලට ඉතිරිවී ඇති එකම අවස්ථාව වන්නේ අද (5 වැනිදා) සදම්ටන්හිදී පැවැත්වෙන විස්සයි:20 තරගයයි.

 

එංගලන්තයට ලකුණු 122 ක දැවැන්ත ජයක්

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර කාර්ඩිෆ්හිදී පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී ලකුණු 122 ක දැවැන්ත ජයත් සමගින් තරගාවලිය 3-0 ලෙස ජය ගැනීමට එංගලන්ත පිල අද (02 වැනිදා) සමත්විය.


තරගාවලියපුරා පිත්තෙන් දස්නම් දැක්වූ දිනේෂ් චන්දිමාල් මෙම තරගාවලියේදී එංගලන්ත පිලට එරෙහිව සිව්වන අර්ධ ශතකයත් වාර්තා කිරීමට අද සමත්වූ අතර අවසන් තරග අට තුළදී (නොදැවී 53, 63, 62, 52, 37, 3, නොදැවී 100, 50) අර්ධ ශතක පහක් සහ ශතකයක් ලබාගනිමින් දක්ෂතා දැක්වීමට චන්දිමාල් සමත් වූයේය.

එංගලන්තය 
ජේසන් රෝයි – ඇ. පෙරේරා ප. ලක්මාල්  34
ජේම්ස් වින්ස් – ස්ට. චන්දිමාල් ප. ගුණතිලක  51
ජෝ රූට් –  ප. ප්‍රදීප්  93
ඔයින් මෝගන් – ඇ. මෙන්ඩිස් ප. ගුණතිලක  20
ජොනී බෙයාර්ස්ටෝ – ඇ. ශානක ප. ගුණතිලක  22
ජොස් බට්ලර් – ප. බණ්ඩාර  70
ක්‍රිස් වෝක්ස් – නොදැවී  17
ලයාම් ප්ලන්කට් – දුවද්දී දැවී ගියා  9
අතිරේක (පා-4, ව-4) 8
එකතුව ඕවර 50 කදී කඩුලු 7 ක්  දැවී  324
කඩුලු වැටීම 
1-67 (රෝයි), 2-108 (වින්ස්), 3-137 (මෝගන්), 4-182 (බෙයාර්ස්ටෝ), 5-291 (බට්ලර්), 6-314 (රූට්), 7-324 (ප්ලන්කට්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ක්‍රීස් ජෝර්ඩ්න්, ඬේවිඞ් විලී, අදීල් රෂීඞ් 
පන්දු යැවීම
සුරංග ලක්මාල් 10-0-65-1 ව-1
චමින්ද බණ්ඩාර 10-0-83-1 ව-1
නුවන් ප්‍රදීප් 8-0-59-1  
ධනුෂ්ක ගුණතිලක 10-0-48-3 ව-1
සීකුගේ ප්‍රසන්න 10-0-52-0 ව-1
කුසල් මෙන්ඩිස් 2-0-13-0  
ශ්‍රී ලංකාව 
කුසල් පෙරේරා – ක.මු.කළා ප. විලී  6
ධනුෂ්ක ගුණතිලක – ක.මු.කළා ප. ප්ලන්කට්  48
කුසල් මෙන්ඩිස් – දුවද්දී දැවී ගියා  22
දිනේෂ් චන්දිමාල් – ප. විලී   53
ඇන්ජලෝ මැතිව්ස් – ප. ප්ලන්කට්  13
උපුල් තරංග – ප. රෂීඞ් 0
දසුන් ශානක – ස්ට. බට්ලර් ප. රෂීඞ් 22
සීකුගේ ප්‍රසන්න – ඇ. විලි ප. ප්ලන්කට්  5
සුරංග ලක්මාල් – ඇ. මෝගන් ප. විලී    10
නුවන් ප්‍රදීප් – ඇ. වෝක්ස් ප. විලී    7
චමින්ද බණ්ඩාර – නොදැවී  1
අතිරේක (ව-8, පා-7) 15
එකතුව ඕවර 42.4 කදී  සියලුදෙනා දැවී 202
කඩුලු වැටීම 
1-9 (පෙරේරා), 2-66 (මෙන්ඩිස්), 3-83 (ගුණතිලක), 4-105 (මැතිව්ස්), 5-106 (තරංග), 6-140 (ශානක), 7-170 (ප්‍රසන්න), 8-194 (ලක්මාල්), 9-195 (චන්දිමාල්), 10-202 (ප්‍රදීප්)
පන්දු යැවීම
ක්‍රිස් වෝක්ස්  9-0-36-0 ව-2
ඬේවිඞ් විලී 8.4-0-34-4  
ක්‍රීස් ජෝර්ඩ්න් 7-0-40-0 ව-5
ලයාම් ප්ලන්කට් 8-0-44-3  
අදීල් රෂීඞ්  10-0-41-2 ව-1

පසුගිය තරගවලදී පසුපෙළ පිතිකරුවකු වශයෙන් ලකුණු අතර සිටි උපුල් තරංග අද තරගයේදී මුහුණදුන් අදීල් රෂීඞ්ගේ පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේය.

දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් අතර මෙම වසර තුළදී පිට පිට තරග හයකදී ලකුණු 50 ට වැඩියෙන් පැවැති ලකුණු සම්බන්ධතා වාර්තාව ඇන්ජලෝ මැත්ව්ස්ගේ දැවීයාමත් සමගින් අවසන්වූ අතර අද තරගයේදී සම්බන්ධතාවය ලකුණු 22 කට සීමාවිය.

පන්දුවට හොදින් පහර දෙමින් සිටි ධනුෂ්ක ගුණතිලක අර්ධ ශතකය පෙනි පෙනී ලකුණු 48 කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ලයාම් ප්ලන්කට් සමත් වූයේය.

දෙවන කඩුල්ල සදහා ලකුණු 57 ක සම්බන්ධතාවයක් පවත්වමින් සිටියදී පසුගිය තරගවලදී ලකුණු අතර සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 22 කට දුවද්දී දෑවීයාමකට හසුකර ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත්වූහ.

යළිත් අසාර්ථකවූ කුසල් ජනිත් ලකුණු 6 කට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට ඬේවිඞ් විලී සමත් වූයේය.

ජෝ රූට් සහ ජොස් බට්ලර්ගේ විශිෂ්ට පිතිහරඹයෙන් එංගලන්ත පිලට ලකුණු 300 සීමාව පසුකිරීමට හැකියාවක් ලැබුණි.

නුවන් ප්‍රදීප් වේගය අඩාල කරමින් එවන ලද පන්දුවක් කඩුල්ලේ දැවටීමේන් ලකුණු 93 කට ජෝ රූට් දැවීගිය අතර පන්දු 106 කට මුහුණදී හතරේ පහර හයක් ලබාගෙන තිබුණි.

ජොස් බට්ලර් දැවීගිය ඕවරයේදීම පහසු උඩ පන්දුවකින් ජෝ රූට් දවාගැනීමට තිබු අවස්ථාව සුරංග ලක්මාල්ගේ අතින් ගිලිහි ගිය අතර චමින්ද බණ්ඩාරගේ දෙවන කඩුල්ල එමගින් මගහැරී ගියේය.

ජොනී බෙයාර්ස්ටෝගේ දැවීයාමත් සමගින් පිටියට පිවිසි ජොස් බට්ලර් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 45 කදී හතරේ පහර හතක් සහ හයේ පහරක් සමගින් ලකුණු 70 ක් රැස්කළ අතර පස්වන කඩුල්ල සදහා ජෝ රූට් සමග එක්ව ලකුණු 109 ක සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට සමත්වූයේය. එම ලකුණු 109 ක සම්බන්ධතාවය ශ්‍රී ලංකාට එරෙහිව එංගලන්ත පිල විසින් පස්වන කඩුල්ල සදහා පවත්වන ලද ඉහළම සම්බන්ධතාවය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

පන්දු 61 කදී අර්ධ ශතකය වාර්තා කරගැනීමට ජෝ රූට් සමත්වූ අතර ජොනී බෙයාර්ස්ටෝ සමග එක්ව සිව්වන කඩුල්ල සදහා ලකුණු 45 ක සම්බන්ධතාවයක් පැවැත්වීමටද සමත්විය.

පිටදඟ පන්දු යවන ධනුෂ්ක ගුණතිලක පන්දුවෙන් දස්කම් දක්වමින් ඔහුගේ තෙවන කඩුල්ල ලෙස ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 22 කට දවාගැනීමට සමත්වූයේය.

තරගාවලියපුරා අසාර්ථකවූ ඔයින් මෝගන් මෙම තරගයේදීද යළි අසාර්ථකවූ අතර ධනුෂ්ක ගුණතිලකගේ පන්දුවකට කුසල් මෙන්ඩිස් විසින් රැකගත් විශිෂ්ට උඩපන්දුව හමුවේ ලකුණු 20 කට ක්‍රීඩාගාරයට යෑමට සිදුවිය.

ජේම්ස් වින්ස් මංගල අර්ධ ශතකය රැස්කරමින් එංගලන්ත පිලට හොද ආරම්භයක් ලබාදුන් අතර ධනුෂ්ක ගුණතිලකගේ පන්දුවකට දිනේෂ් චන්දිමාල් විසින් ස්ටම්ප්ස් කිරීමකට හසුකර ගැනීමෙන් ඔහුව ලකුණ 51 කට දවාගැනීමට හැකිවිය.

පළමු කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 67 ක සම්බන්ධතාවය කුසල් ජනිත්ගේ විශිෂ්ට උඩපන්දු රැකීම හමුවේ බිදීගිය අතර ප්‍රවේගකාරී පිතිකරුවකුවූ ජේසන් රෝයී දැවීයන විට ලබාගත හැක්වූයේ ලකුණු 34 ක් පමණි.
එංගලන්ත පිල ඕවර 5 ක් අවසානයේ ලකුණු 28 ක රැස්කර සිටියදී වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් සුළු වේළාවකට තරගය නතර කිරීමට සිදුවිය.

ශ්‍රී ලංකා පිලේ එක් වෙනස්කමක් කරමින් දකුණතින් මදවේග පන්දු යවන ෆර්වීස් මහරූෆ් වෙනුවට එක්දින වරම් දිනාගනිමින් මංගල තරගයට ක්‍රීඩා කිරීම සදහා වමතින් වේග පන්දු යවන චමින්ද බණ්ඩාර කණ්ඩායමට කැදවා ඇත.

එංගලන්ත පිලේ වෙනස්කම් දෙකක් සිදුකරමින් ඇලෙක්ස් හේල්ස් වෙනුවට ජේම්ස් වින්ස් සහ මොයින් අලී වෙනුවට ක්‍රීස් ජෝර්දාන් කණ්ඩායමට කැදවා ඇත.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායන ඇන්ජලෝ මැත්ව්ස් පන්දුවට පහරදීම සදහා එංගලන්ත පිලට ආරාධනා කළේය.

ජේසන් එංගලන්තයේ ජය මාවත සකසයි

පිතිකරුවන්ගේ පරාදීසයක් වූ තණතීරුවක ජේසන් රෝයි කළ අති විශිෂ්ට පිතිහරඹය නිසා කිසිදු අපහසුතාවකින් තොරව ලකුණු 308 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත  පිතිකරුවෝ ලන්ඩන් ඕවල් පිටියේදී අද (29 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයේදී කඩුලු 6 ක ජයක් අත්කරගත්හ.

ශ්‍රී ලංකාව 
කුසල් පෙරේරා –  දුවද්දී දැවී ගියා  1
ධනුෂ්ක ගුණතිලක – ඇ. අලි ප. රෂිඩ්  62
කුසල් මෙන්ඩිස් – ඇ. ප්ලන්කට් ප. රෂිඩ්  77
දිනේෂ් චන්දිමාල් – ප. විලි 63
ඇන්ජලෝ මැතිව්ස් – නොදැවී  67
සීකුගේ ප්‍රසන්න – ප. විලි  9
දසුන් ශානක – නොදැවී 19
අතිරේක (පා-2, ව-5) 7
එකතුව ඕවර 42 කදී කඩුලු 5 ක්  දැවී  305
කඩුලු වැටීම 
1-8 (පෙරේරා), 2-136 (මෙන්ඩිස්), 3-158 (ගුණතිලක), 4-245 (චන්දිමාල්), 5-259 (ප්‍රසන්න)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
උපුල් තරංග, ෆර්වීස් මහරුෆ්,  නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල්
පන්දු යැවීම
ඩේවිඩ් විලී  8-0-58-2 ව-1
ක්‍රිස් වෝක්ස් 9-0-65-0 ව-2
ලයාම් ප්ලන්කට් 8-0-65-0 ව-2
අදීල් රෂීඞ්  9-0-57-2  
මුයින් අලී 8-0-58-0  
එංගලන්තය 
ජේසන් රෝයි – ප. ප්‍රදීප්   162
මුයින් අලී – ඇ. චන්දිමාල් ප. ප්‍රදීප්  2
ජෝ රූට් – ඇ. ප්‍රදීප් ප. ගුණතිලක  65
ඔයින් මෝගන් – ඇ. ගුණතිලක ප. ලක්මාල්  22
ජොනී බෙයාර්ස්ටෝ – නොදැවී  29
ජොස් බට්ලර්  – නොදැවී  17
අතිරේක (පා-5, ව-7) 12
එකතුව ඕවර 40.1 කදී  කඩුලු 4 ක් දැවී 309
කඩුලු වැටීම 
1-18 (අලි), 2-167 (රූට්), 3-221 (මෝගන්), 4- 281 (රෝයි)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ඇලෙක්ස් හේල්ස්, ක්‍රිස් වෝක්ස්, ඬේවිඞ් විලී, අදීල් රෂීඞ් සහ ලයාම් ප්ලන්කට්
පන්දු යැවීම
සුරංග ලක්මාල්  7-0-48-1  
නුවන් ප්‍රදීප්  9-0-78-2 ව-2
ඇන්ජලෝ මැතිව්ස්  3-0-17-0  
ෆර්වීස් මහරුෆ් 8-0-58-0 ව-1
දසුන් ශානක 1-0-12-0  
සීකුගේ ප්‍රසන්න 7.1-0-61-0 ව-4
ධනුෂ්ක ගුණතිලක  5-0-30-1  

ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ඕවර 42 කදී ලකුණු 308 ක් ලබාගත යුතුවූ එංගලන්ත පිල පන්දු 11 ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය සපුරා ගනිමින් දෙපිල අතර පැවැත්වෙන එක්දින තරගාවලියද ජයගත්තේය.

තරග 5 කින් සමන්විත තරගාවලියේ පළමු තරගයේදී දෙපිලම සම ලකුණු ලබාගත් නමුත් දෙවැනි තරගය ජයගත් එංගලන්ත පිල 1-0 ක් ලෙසින් පෙරමුණේ සිටියේය. තුන්වැනි තරගය වර්ෂාවට සේදී යාම හේතුවෙන් එක්දින තරගාවලිය ජයගැනීමට නම් එංගලන්තයට අද පැවැති තරගය ජයගැනීම ප්‍රමාණවත් විය.

තරගාවලියේ දෙවැනි ශතකයත් ලබාගත් ජේසන් රෝයි පන්දු 118 කට මුහුණ දීමෙන් පසුව අගනා වාර්තාවක් අත පොවන මානයේ තිබියදීම නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. තවත් ලකුණු 6 ක් ලබාගත්තේ නම් එක්දින අන්තර්ජාතික තරගයකදී එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත් රොබින් ස්මිත්ගේ (1993 දී ඕස්ටේ්‍රලියාවට එරෙහිව ලකුණු 163) වාර්තාව සතුකරගැනීමේ අවස්ථාව ජේසන් රෝයිට තිබිණ.

ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පැමිණි රෝයි ඕවර 37.5 කට පසුව දැවී යන විට ලකුණු 281 ක් පුවරුවට එක්ව තිබූ අතර රෝයිගේ ඉනිම හතරේ පහර 13 කින් සහ හයේ පහර 3 ක් ඇතුළත් වී තිබිණ.

මුල් කඩුල්ල ලකුණු 18 ක් ව තිබියදී බිඳ වැටුණ නමුත් ලකුණු වේගය ක්‍රම ක්‍රමයෙන් වැඩිකරගත් ජේසන් රෝයි සහ ජෝ රූට් (65) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 149 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ලකුණු වේගය අපේක්‍ෂිත මට්ටමට ඔසවා ගත්හ. එතැන් පටන් තමන්ගේ ග්‍රහණය ළිහිල් නොකළ එංගලන්ත පිතිකරුවෝ කිසිදු අපහසුවකින් තොරවම ජයග්‍රහණය කරා පියමං කළහ.

කාසියේ වාසිය අහිමි වුවද ධෛර්යවත් පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවෝ නියමිත ඕවර 42 අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 306 ක් දක්වා ශ්‍රී ලංකා පිල ඔසවා තැබූවද පන්දු යවන්නන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳ වැටිණ.

කිසිවකු අපේක්‍ෂා නොකළ පරිදි කුසල් ජනිත් පෙරේරා දුවද්දී දැවී ගියද කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 119 ක සම්බන්ධතාව නිසා හිස එසවූ ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාව නිසා තරගය නතර කිරීමට පෙර ඕවර 18.1 කදී කඩුල්ලක් දැවී ලකුණු 127 ක් ලබා සිටියේය.

වර්ෂාව නිසා පැය දෙකක පමණ කාලයක් අපතේ ගිය නමුත් වර්ෂාව නිසා තරගයට අහිමි වූයේ ඕවර 8 ක් පමණි. ඉනිම අතර විවේකය විනාඩි 10 කට කෙටිකළ තරග තීරක ඬේවිඞ් බූන් මහතා ඕවර 42 ක තරගයක් කරා යන්න’යි විනිසුරුවරුන්ට නියම කළේය.

වර්ෂාවෙන් අනතුරුව තරගය ආරම්භ වීමෙන් පසු පන්දු 17 ක් ඇතුළතදී කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක දෙදෙනාම දැවී ගිය නමුත් ලකුණු වේගය පහළ වැටීමෙන් වළක්වාගත් දිනේෂ් චන්දිමාල් සහ නායක ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා ලකුණු 300 සීමාවට කණ්ඩායම කැඳවාගෙන ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ළාබාළතම ක්‍රීඩකයා වන කුසල් මෙන්ඩිස්ගේ පිතිහරඹය නිසා තමන් වෙත එල්ලවන පීඩනය හමුවේ එංගලන්ත පන්දු යවන්නන් තව තවත් අසීරුතාවට පත්වූ බවක් දක්නට තිබිණ. මනස්කාන්ත ‘ඕන් ඩ්‍රයිව්’ පහර කිහිපයකින් සහ චිත්තාකර්ශනීය කවර් ඩ්‍රයිව් පහර වලින් මෙන්ම ‘කට්’ පහර වලින් එංගලන්ත පන්දු යවන්නන්ට සංග්‍රහ කළ කුසල් මෙන්ඩිස්ගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත් වී තිබිණ.

කුසල්ගේ කවර් ඩ්‍රයිව් පහරකින් ඉහළින් ඇදී ගිය පන්දුව වෙත පැන්න ලයාම් ප්ලන්කට් ඉතා විශිෂ්ට ගනයේ උඩපන්දුවක් රැකගත් හෙයින් පොඩි කුසල්ගේ ඉනිම ලකුණු 77 කට සීමා විය. එයින් පන්දු 22 කට පසුව ධනුෂ්ක ගුණතිලක පිටියෙන් ඉවත් වූවත් ඒ අතර කාලයේදී ලකුණු 22 ක් ශ්‍රී ලංකා පිලට එක්ව තිබිණ.

ඉනිම ආරම්භයේදී තරමක් ප්‍රවේසමෙන් ලකුණු ලබාගත් ධනුෂ්ක ගුණතිලක කුසල්ගේ පිතිහරඹයෙන් ධෛර්යය ලබා පසුව සිය ලකුණු වේගය වැඩිකරගනිමින් හතරේ පහර 7 ක් සිය ඉනිමට ඇතුළත් කළේය. මුයින් අලී රැකගත් උඩපන්දුවක් හමුවේ ගුණතිලක පිටියෙන් ඉවත් වන විට පන්දු 64 කින් ලකුණු 62 ක් ලබා සිටියේය.

 

 

තිරිමාන්නගේ තැන දික්වැල්ලට

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු ළහිරු තිරිමාන්න පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් නැවතත් මවුබිමට පැමිණ සිටී. තිරිමාන්නගේ ස්ථානය සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ සිටි නිරෝෂන් දික්වැල්ල කැඳවා තිබේ.

ටෙස්ට් තරගාවලියේ තරග තුනටම සහභාගි වූ තිරිමාන්නට ඉනිම 5 කදි ලබාගත හැකිවූයේ ලකුණු 87 ක් පමණි. ශ්‍රී ලංකා ටෙස්ට් පිල සමග එංගලන්තයට ගිය නිරෝෂන් දික්වැල්ලට ටෙස්ට් තරගයකට හෝ එක්දින තරගයකට සහභාගි විය නොහැකි වූ හෙයින් ඔහු ශ්‍රී ලංකා ‘ඒ’ පිලට කැඳවනු ලැබිණ.

 

තරගය වර්ෂාව නිසා අතහැර දමයි

නොනවාත්වාම පවතින වර්ෂාව හේතුවෙන් තරගය ප.ව 10.05 ට අතහැර දැමීමට විනිසුරුවරුන් විසින් තීරණය කරන ලදී.

 

වර්ෂාව හේතුවෙන් තරගය මදකට නතර කරයි…

 

ඕවර 4 කදී 16/1 –  ජේසන් රෝයි 5 (7), ජෝ රූට් 11 (16), ඇන්ජලෝ මැතිව්ස් 2-0-8-0

 

                 

 

සිව්වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දුයවන ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නැවතත්. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 3 කදී 11/1 –  ජේසන් රෝයි 3 (5), ජෝ රූට් 8 (12), සුරංග ලක්මාල් 2-0-8-1

 

                 

 

තෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දුයවන ක්‍රීඩක සුරංග ලක්මාල් නැවතත්. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 2 කදී 4/1 –  ජේසන් රෝයි 2 (4), ජෝ රූට් 2 (7), ඇන්ජලෝ මැතිව්ස් 1-0-3-0

 

                 

 

දෙවන ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දුයවන ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කැඳවයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

ඕවර 1 කදී 1/1 –  ජේසන් රෝයි 1 (2), ජෝ රූට් 0 (3), සුරංග ලක්මාල් 1-0-1-1

 

                 

 

පන්දුවට පහරදීම සදහා ජෝ රූට් පැමිණෙයි.

 

සුරංග ලක්මාල්ගේ පන්දුවකට කඩුලු රකින දිනේෂ් චන්දිමාල් අතට උඩපන්දුවක් ලබාදීමෙන් ලකුණු නොලබාම ඇලෙක්ස් හේල්ස් දැවී යයි.

 

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දුයවන ක්‍රීඩක සුරංග ලක්මාල් කැඳවයි. පන්දුව පිළිගැනීමට ජේසන් රෝයි සූදානම්.

 

එංගලන්ත ඉනිම ඇරඹිම සඳහා ඇලක්ස් හේල්ස් සහ ජේසන් රෝයි පිටියට පිවිසෙති.

 

තරගය නැවත ප.ව 8.10 ට ආරම්භ වීමට නියමිතව ඇති අතර ඕවර අඩුවීමක් සිදු නොවේ.

 

වර්ෂාව හේතුවෙන් එංගලන්ත ඉනිමේ ආරම්භය ප්‍රමාද වෙයි.

———————————————————————————————————————————————

ඕවර 50 කදී 248/9 –  නුවන් ප්‍රදීප් 2 (2), සුරංග ලක්මාල් 3 (4), ඬේවිඞ් විලී 10-0-55-1

 

              

 

පනස් වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේගපන්දු යවන ක්‍රීස් ජෝදාන් වෙනුවට වමතින් වේගපන්දු යවන ඬේවිඞ් විලී පන්දු යැවීමට නැවත කැදවයි. පන්දුව පිළිගැනීමට සුරංග ලක්මාල් සූදානම්.

 

ඕවර 49 කදී 242/9 –  සුරංග ලක්මාල් 0 (0), ක්‍රිස් වෝක්ස් 10-1-34-3

 

              

 

පන්දුවට පහරදීම සදහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.

 

ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 41 ක් ලබා සිටි උපුල් තරංග දැවී යයි. (4 පහර 2, 6 පහර 1)

 

පන්දුවට පහරදීම සදහා සුරංග ලක්මාල් පැමිණෙයි.

 

ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ ජොනී බෙයාර්ස්ටෝ අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 9 ක් ලබා සිටි ෆර්වීස් මහරූෆ් දැවී යයි.

 

හතලිස් නවවැනි ඕවරය යැවීම දකුණතින් වේගපන්දු යවන ක්‍රීස් වෝක්ස් නැවතත්. පන්දුව පිළිගැනීමට උපුල් තරංග සූදානම්.

 

ඕවර 48 කදී 237/7 –  උපුල් තරංග 37 (29), ෆර්වීස් මහරූෆ් 8 (9), ක්‍රීස් ජෝදාන් 10-0-49-1

 

              

 

හතලිස් අටවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේගපන්දු යවන ක්‍රීස් ජෝදාන් නැවතත්. පන්දුව පිළිගැනීමට උපුල් තරංග සූදානම්.

 

ඕවර 47 කදී 230/7 –  උපුල් තරංග 32 (25), ෆර්වීස් මහරූෆ් 6 (7), ක්‍රිස් වෝක්ස් 9-1-30-1

 

                 

 

හතලිස් හත්වැනි ඕවරය යැවීම සඳහා පා දග පන්දු යවන අදීල් රෂීඞ් වෙනුවට දකුණතින් වේගපන්දු යවන ක්‍රීස් වෝක්ස් නැවත කැදවයි. පන්දුව පිළිගැනීමට උපුල් තරංග සූදානම්.

 

ඕවර 46 කදී 224/7 –  උපුල් තරංග 30 (23), ෆර්වීස් මහරූෆ් 3 (3), ක්‍රීස් ජෝදාන් 9-0-42-1

 

              

 

හතලිස් හයවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේගපන්දු යවන ක්‍රීස් ජෝදාන් නැවතත්. පන්දුව පිළිගැනීමට උපුල් තරංග සූදානම්.

 

ඕවර 45 කදී 215/7 –  උපුල් තරංග 24 (20), අදීල් රෂීඞ් 10-0-60-0

 

                

 

පන්දුවට පහරදීම සදහා ෆර්වීස් මහරූෆ් පැමි‍ණෙයි.

 

ලකුණු 2 ක් ලබාසිටි දසුන් ශානක දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ජෝ රූට් සහ ජොස් බට්ලර් සමත්වූහ.

 

හතලිස් පස්වැනි ඕවරය යැවීම සඳහා පා දග පන්දු යවන අදීල් රෂීඞ් නැවතත්. පන්දුව පිළිගැනීමට දසුන් ශානක සූදානම්.

 

ඕවර 44 කදී 211/6 –  උපුල් තරංග 21 (18), දසුන් ශානක 1 (4), ක්‍රීස් ජෝදාන් 8-0-33-1

 

              

 

පන්දුවට පහරදීම සදහා දසුන් ශානක පැමිණෙයි.

 

ක්‍රීස් ජෝදාන්ගේ පන්දුවක් හමුවේ ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 56ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස් දැවී යයි. (4 පහර 3, 6 පහර 1)

 

හතලිස් හතරවැනි ඕවරය යැවීම සඳහා වමතින් වේගපන්දු යවන ඬේවිඞ් විලී වෙනුවට දකුණතින් වේගපන්දු යවන ක්‍රීස් ජෝදාන් නැවත කැදවයි. පන්දුව පිළිගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 43 කදී 209/5 –  උපුල් තරංග 20 (17), ඇන්ජලෝ මැතිව්ස් 56 (66), අදීල් රෂීඞ් 9-0-56-0

 

                

 

හතලිස් තුන්වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේගපන්දු යවන ලයාම් ප්ලන්කට් වෙනුවට පා දග පන්දු යවන අදීල් රෂීඞ් නැවතත් කැදවයි. පන්දුව පිළිගැනීමට උපුල් තරංග සූදානම්.

 

ඕවර 42 කදී 203/5 –  උපුල් තරංග 16 (13), ඇන්ජලෝ මැතිව්ස් 54 (64), ඬේවිඞ් විලී 9-0-50-1

 

             

 

හතලිස් දෙවැනි ඕවරය යැවීම සඳහා වමතින් වේගපන්දු යවන ඬේවිඞ් විලී නැවතත්. පන්දුව පිළිගැනීමට උපුල් තරංග සූදානම්.

 

ඕවර 41 කදී 191/5 –  උපුල් තරංග 8 (10), ඇන්ජලෝ මැතිව්ස් 50 (61), ලයාම් ප්ලන්කට් 10-0-46-3

 

                

 

ඇන්ජලෝ මැතිව්ස් තිස්වන එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය.

 

හතලිස් එක්වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේගපන්දු යවන ලයාම් ප්ලන්කට් නැවතත්. පන්දුව පිළිගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 40 කදී 186/5 –  උපුල් තරංග 7 (7), ඇන්ජලෝ මැතිව්ස් 46 (58), ඬේවිඞ් විලී 8-0-38-1

 

                

 

හතලිස් වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේගපන්දු යවන ක්‍රිස් වෝක්ස් වෙනුවට වමතින් වේගපන්දු යවන ඬේවිඞ් විලී නැවතත් කැදවයි. පන්දුව පිළිගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 39 කදී 172/5 –  උපුල් තරංග 2 (5), ඇන්ජලෝ මැතිව්ස් 44 (54), ලයාම් ප්ලන්කට් 9-0-41-3

 

                

 

තිස්නවවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේගපන්දු යවන ලයාම් ප්ලන්කට් නැවතත්. පන්දුව පිළිගැනීමට උපුල් තරංග සූදානම්.

 

ඕවර 38 කදී 175/5 –  උපුල් තරංග 1 (2), ඇන්ජලෝ මැතිව්ස් 42 (51), ක්‍රිස් වෝක්ස් 8-1-25-1

 

              

 

තිස්අට වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේගපන්දු යවන ක්‍රිස් වෝක්ස් නැවතත්. පන්දුව පිළිගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 37 කදී 172/5 –  උපුල් තරංග 0 (0), ඇන්ජලෝ මැතිව්ස් 40 (47), ලයාම් ප්ලන්කට් 8-0-37-3

 

                

 

පන්දුවට පහරදීම සදහා උපුල් තරංග පැමිණෙයි.

 

ලයාම් ප්ලන්කට් පන්දුවක් හමුවේ ජොනී බෙයාර්ස්ටෝ අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 2 ක් ලබා සිටි සීකුගේ ප්‍රසන්න දැවී යයි.

 

තිස්හත් වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේගපන්දු යවන ලයාම් ප්ලන්කට් නැවතත්. පන්දුව පිළිගැනීමට සීකුගේ ප්‍රසන්න සූදානම්.

 

ඕවර 36 කදී 168/4 –  සීකුගේ ප්‍රසන්න 0 (0), ඇන්ජලෝ මැතිව්ස් 39 (46), ක්‍රිස් වෝක්ස් 7-1-22-1

 

              

 

පන්දුවට පහරදීම සදහා සීකුගේ ප්‍රසන්න පැමිණෙයි.

ක්‍රිස් වෝක්ස් පන්දුවක් හමුවේ ක්‍රීස් ජෝදාන් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 62 ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල් දැවී යයි. (4 පහර 5) 

 

තිස්හය වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේගපන්දු යවන ක්‍රිස් වෝක්ස් නැවතත්. පන්දුව පිළිගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 35 කදී 165/3 –  දිනේෂ් චන්දිමාල් 61 (74), ඇන්ජලෝ මැතිව්ස් 37 (43), ලයාම් ප්ලන්කට් 7-0-33-2

 

                

 

තිස්පස් වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේගපන්දු යවන ක්‍රීස් ජෝදාන් වෙනුවට නැවතත් දකුණතින් වේගපන්දු යවන ලයාම් ප්ලන්කට් කැදවයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 34 කදී 157/3 –  දිනේෂ් චන්දිමාල් 54 (69), ඇන්ජලෝ මැතිව්ස් 36 (42), ක්‍රිස් වෝක්ස් 6-1-19-0

 

             

 

තිස්හතර වැනි ඕවරය යැවීම සඳහා වමතින් වේගපන්දු යවන ඬේවිඞ් විලී වෙනුවට දකුණතින් වේගපන්දු යවන ක්‍රිස් වෝක්ස් නැවතත් කැදවයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 33 කදී 154/3 –  දිනේෂ් චන්දිමාල් 51 (67), ඇන්ජලෝ මැතිව්ස් 36 (38), ක්‍රීස් ජෝදාන් 7-0-31-0

 

                

 

දහහත්වන එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්විය.

 

තිස්තුන් වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේගපන්දු යවන ක්‍රීස් ජෝදාන් නැවතත්. පන්දුව පිළිගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 32 කදී 148/3 –  දිනේෂ් චන්දිමාල් 49 (64), ඇන්ජලෝ මැතිව්ස් 32 (35), ඬේවිඞ් විලී 7-0-30-1

 

              

 

තිස්දෙවැනි ඕවරය යැවීම සඳහා වමතින් වේගපන්දු යවන ඬේවිඞ් විලී නැවතත්. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 31 කදී 146/3 –  දිනේෂ් චන්දිමාල් 48 (60), ඇන්ජලෝ මැතිව්ස් 31 (33), ක්‍රීස් ජෝදාන් 6-0-25-0

 

                 

 

තිස්එක් වැනි ඕවරය යැවීම සඳහා පා දග පන්දු යවන අදිල් රෂීඩ් වෙනුවට දකුණතින් වේගපන්දු යවන ක්‍රීස් ජෝදාන් නැවතත් කැදවයි. පන්දුව පිළිගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 30 කදී 143/3 –  දිනේෂ් චන්දිමාල් 47 (59), ඇන්ජලෝ මැතිව්ස් 30 (28), ඬේවිඞ් විලී 6-0-28-1

 

              

 

සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 50 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් සමත්වූහ.

 

තිස්වැනි ඕවරය යැවීම සඳහා වමතින් වේගපන්දු යවන ඬේවිඞ් විලී නැවතත්. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 29 කදී 135/3 –  දිනේෂ් චන්දිමාල් 41 (56), ඇන්ජලෝ මැතිව්ස් 28 (25), අදිල් රෂීඩ් 8-0-50-0

 

                 

 

විසිනවවැනි ඕවරය යැවීම සඳහා පා දග පන්දු යවන අදිල් රෂීඩ් නැවතත්. පන්දුව පිළිගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 28 කදී 125/3 –  දිනේෂ් චන්දිමාල් 36 (52), ඇන්ජලෝ මැතිව්ස් 23 (23), ඬේවිඞ් විලී 5-0-20-1

 

              

 

විසිඅටවැනි වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේගපන්දු යවන ලයාම් ප්ලන්කට් වෙනුවට නැවතත් වමතින් වේගපන්දු යවන ඬේවිඞ් විලී කැදවයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 27 කදී 121/3 –  දිනේෂ් චන්දිමාල් 35 (51), ඇන්ජලෝ මැතිව්ස් 20 (18), අදිල් රෂීඩ් 7-0-40-0

 

                 

 

විසිහත් වැනි ඕවරය යැවීම සඳහා පා දග පන්දු යවන අදිල් රෂීඩ් නැවතත්. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 26 කදී 114/3 –  දිනේෂ් චන්දිමාල් 28 (45), ඇන්ජලෝ මැතිව්ස් 20 (18), ලයාම් ප්ලන්කට් 6-0-25-2

 

              

 

විසිහයවැනි වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේගපන්දු යවන ලයාම් ප්ලන්කට් නැවතත්. පන්දුව පිළිගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 25 කදී 104/3 –  දිනේෂ් චන්දිමාල් 25 (43), ඇන්ජලෝ මැතිව්ස් 13 (14), අදිල් රෂීඩ් 6-0-33-0

 

                 

 

විසිපස්වැනි ඕවරය යැවීම සඳහා පා දග පන්දු යවන අදිල් රෂීඩ් නැවතත්. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 24 කදී 96/3 –  දිනේෂ් චන්දිමාල් 24 (41), ඇන්ජලෝ මැතිව්ස් 6 (10), ලයාම් ප්ලන්කට් 5-0-15-2

 

              

 

විසිහතරවැනි වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේගපන්දු යවන ලයාම් ප්ලන්කට් නැවතත්. පන්දුව පිළිගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම්.

 

ඕවර 23 කදී 90/2 –  දිනේෂ් චන්දිමාල් 24 (40), ඇන්ජලෝ මැතිව්ස් 1 (5), අදිල් රෂීඩ් 5-0-25-0

 

                 

 

විසිතුන්වැනි ඕවරය යැවීම සඳහා පා දග පන්දු යවන අදිල් රෂීඩ් නැවතත්. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 22 කදී 88/3 –  දිනේෂ් චන්දිමාල් 23 (35), ඇන්ජලෝ මැතිව්ස් 0 (4), ලයාම් ප්ලන්කට් 4-0-10-2

 

              

 

පන්දුවට පහරදීම සදහා ඇන්ජලෝ මැතිව්ස් පැමි‍ෙණයි.

ලියෑම් ප්ලන්කට්ගේ පන්දුවක් හමුවේ ඇලෙක්ස් හේල්ස් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 53 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දැවී යයි. (4 පහර 5, 6 පහර 1)

 

විසිදෙවැනි වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දුයවන ක්‍රීස් ජෝදාන් වෙනුවට දකුණතින් වේගපන්දු යවන ලයාම් ප්ලන්කට් නැවත කැදවයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 21 කදී 87/2 –  දිනේෂ් චන්දිමාල් 22 (34), කුසල් මෙන්ඩිස් 53 (65), අදිල් රෂීඩ් 4-0-23-0

 

                 

 

විසිඑක්වැනි ඕවරය යැවීම සඳහා පා දග පන්දු යවන අදිල් රෂීඩ් නැවතත්. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 20 කදී 82/2 –  දිනේෂ් චන්දිමාල් 19 (30), කුසල් මෙන්ඩිස් 51 (63), ක්‍රීස් ජෝදාන් 5-0-22-0

 

              

 

තෙවැනි කඩුල්ල සදහා ලකුණු 50 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් සමත්වූහ.

 

විසිවැනි වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දුයවන ක්‍රීස් ජෝදාන් නැවතත්. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 19 කදී 79/2 –  දිනේෂ් චන්දිමාල් 17 (26), කුසල් මෙන්ඩිස් 50 (61), අදිල් රෂීඩ් 3-0-18-0

 

                 

 

කුසල් මෙන්ඩිස් දෙවන එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය.

 

දහනව වැනි ඕවරය යැවීම සඳහා පා දග පන්දු යවන අදිල් රෂීඩ් නැවතත්. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 18 කදී 76/2 –  දිනේෂ් චන්දිමාල් 15 (23), කුසල් මෙන්ඩිස් 49 (58), ක්‍රීස් ජෝදාන් 4-0-19-0

 

              

 

දහඅට වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දුයවන ක්‍රීස් ජෝදාන් නැවතත්. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 17 කදී 65/2 –  දිනේෂ් චන්දිමාල් 14 (22), කුසල් මෙන්ඩිස් 39 (53), අදිල් රෂීඩ් 2-0-15-0

 

                 

 

දහහත් වැනි ඕවරය යැවීම සඳහා පා දග පන්දු යවන අදිල් රෂීඩ් නැවතත්. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 16 කදී 58/2 –  දිනේෂ් චන්දිමාල් 8 (18), කුසල් මෙන්ඩිස් 38 (51), ක්‍රීස් ජෝදාන් 3-0-8-0

 

              

 

දහසය වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දුයවන ක්‍රීස් ජෝදාන් නැවතත්. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 15 කදී 55/2 –  දිනේෂ් චන්දිමාල් 6 (14), කුසල් මෙන්ඩිස් 37 (49), අදිල් රෂීඩ් 1-0-8-0

 

                 

 

පහලොස් වැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ලයාම් ප්ලන්කට් වෙනුවට පා දග පන්දු යවන අදිල් රෂීඩ් කැදවයි. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 14 කදී 47/2 –  දිනේෂ් චන්දිමාල් 4 (11), කුසල් මෙන්ඩිස් 31 (46), ක්‍රීස් ජෝදාන් 2-0-5-0

 

                 

 

දහහතර වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දුයවන ක්‍රීස් ජෝදාන් නැවතත්. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 13 කදී 44/2 –  දිනේෂ් චන්දිමාල් 3 (7), කුසල් මෙන්ඩිස් 27 (40), ලයාම් ප්ලන්කට් 3-0-9-1

 

                 

 

දහතුන්වැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ලයාම් ප්ලන්කට් නැවතත්. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 12 කදී 40/2 –  දිනේෂ් චන්දිමාල් 2 (5), කුසල් මෙන්ඩිස් 27 (40), ක්‍රීස් ජෝදාන් 1-0-2-0

 

                 

 

දොලොස්වැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් වෙනුවට දකුණතින් වේග පන්දුයවන ක්‍රීස් ජෝදාන් කැදවයි. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 11 කදී 38/2 –  දිනේෂ් චන්දිමාල් 1 (2), කුසල් මෙන්ඩිස් 26 (37), ලයාම් ප්ලන්කට් 2-0-5-1

 

                 

 

එකලොස්වැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ලයාම් ප්ලන්කට් නැවතත්. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 10 කදී 34/2 –  දිනේෂ් චන්දිමාල් 1 (2), කුසල් මෙන්ඩිස් 22 (31), ක්‍රිස් වෝක්ස් 5-1-16-0

 

                 

 

දසවැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් නැවතත්. පන්දුව පිළිගැනීමට දිනේෂ් චන්දිමාල් සූදානම්.

 

ඕවර 9 කදී 32/2 –  දිනේෂ් චන්දිමාල් 0 (0), කුසල් මෙන්ඩිස් 21 (27), ලයාම් ප්ලන්කට් 1-0-1-1

 

                 

 

පන්දුවට පහරදීම සදහා දිනේෂ් චන්දිමාල් පැමිණෙයි.

 

ලියෑම් ප්ලන්කට්ගේ පන්දුවක් හමුවේ ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 9 ක් ලබා සිටි කුසල් පෙරේරා දැවී යයි.

 

නවවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දුයවන ක්‍රීඩක ලයාම් ප්ලන්කට් කැදවයි. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 8 කදී 31/1 –  කුසල් පෙරේරා 9 (24), කුසල් මෙන්ඩිස් 20 (22), ක්‍රිස් වෝක්ස් 4-1-14-0

 

                 

 

අටවැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් නැවතත්. පන්දුව පිළිගැනීමට කුසල් පෙරේරා සූදානම්.

 

ඕවර 7 කදී 29/1 –  කුසල් පෙරේරා 7 (18), කුසල් මෙන්ඩිස් 20 (22), ඩේව්ඩ් විලී 4-0-16-1

 

                 

 

හත්වැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ඩේවිඩ් විලී නැවතත්. පන්දුව පිළිගැනීමට කුසල් පෙරේරා සූදානම්.

 

ඕවර 6 කදී 20/1 –  කුසල් පෙරේරා 4 (15), කුසල් මෙන්ඩිස් 14 (19), ක්‍රිස් වෝක්ස් 3-1-12-0

 

                 

 

සයවැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් නැවතත්. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 5 කදී 16/1 –  කුසල් පෙරේරා 3 (14), කුසල් මෙන්ඩිස් 11 (14), ඩේව්ඩ් විලී 3-0-7-1

 

                 

 

පස්වැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ඩේවිඩ් විලී නැවතත්. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 4 කදී 15/1 –  කුසල් පෙරේරා 3 (14), කුසල් මෙන්ඩිස් 10 (8), ක්‍රිස් වෝක්ස් 2-1-8-0

 

                 

 

සිව්වැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් නැවතත්. පන්දුව පිළිගැනීමට කුසල් පෙරේරා සූදානම්.

 

ඕවර 3 කදී 15/1 –  කුසල් පෙරේරා 3 (8), කුසල් මෙන්ඩිස් 10 (8), ඩේව්ඩ් විලී 2-0-6-1

 

                 

 

තෙවැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ඩේවිඩ් විලී නැවතත්. පන්දුව පිළිගැනීමට කුසල් පෙරේරා සූදානම්.

 

ඕවර 2 කදී 12/1 –  කුසල් පෙරේරා 1 (3), කුසල් මෙන්ඩිස් 9 (7), ක්‍රිස් වෝක්ස් 1-0-8-0

 

                 

 

දෙවැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් කැඳවයි. පන්දුව පිළිගැනීමට කුසල් මෙන්ඩිස් සූදානම්.

 

ඕවර 1 කදී 4/1 –  කුසල් පෙරේරා 1 (3), කුසල් මෙන්ඩිස් 1 (1), ඩේව්ඩ් විලී 1-0-3-1

 

                 

 

පන්දුවට පහරදීම සදහා කුසල් මෙන්ඩිස් පැමිණෙයි.

ඩේවිඩ් විලීගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙන් ලකුණු 1 ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක දැවී යයි.

 

පළමු ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ඩේවිඩ් විලී කැඳවයි. පන්දුව පිළිගැනීමට කුසල් පෙරේරා සූදානම්.

 

ශ්‍රී ලංකා ඉනිම ඇරඹිම සඳහා කුසල් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක පිටියට පිවිසෙති.

 

කණ්ඩායම් දෙකෙහිම එක් වෙනස්කම බැගින් සිදු කර ඇති අතර ශ්‍රී ලංකා පිලෙහි සුරාජ් රන්දීව් වෙනුවට දසුන් ශානක නැවත කණ්ඩායමට එක්වී ඇති අතර එංගලන්ත පිලෙහි මොයින් අලී වෙනුවට ක්‍රීස් ජෝදාන් කණ්ඩායමට එක්වී ඇත.

 

ශ්‍රී ලංකා කණ්ඩායම

කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් (නායක), ෆර්වීස් මහරුෆ්, සීකුගේ ප්‍රසන්න, දසුන් ශානක, නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල්

එංගලන්ත කණ්ඩායම

ජේසන් රෝයි, ඇලෙක්ස් හේල්ස්, ජෝ රූට්, ඔයින් මෝගන් (නායක), ජොනී බෙයාර්ස්ටෝ, ජොස් බට්ලර්, ක්‍රීස් ජෝදාන්, ක්‍රිස් වෝක්ස්, ඬේවිඞ් විලී, අදීල් රෂීඞ් සහ ලයාම් ප්ලන්කට්

 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර බ්‍රිස්ටල්හිදී අද (26 වැනිදා) පැවැත්වෙන තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝගන් පළමුවෙන් පන්දුවට පහරදීම සදහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

පිතිකරුවන්ගේ අතපසුවීමට අස්වැසිල්ලක්

මැද පෙළ පිතිකරුවන් තිදෙනකුම අර්ධ ශතක ලබාගත් නමුත් දිගු ඉනිමක් කරා යාමට කිසිවකු අසමත් වීම හේතුවෙන් එංගලන්තයට එරෙහිව බි්‍රස්ටල්හිදී අද (26 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේ ඕවර 50 ක් නිමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 248 ක් පමණි. ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අතපසුවීම හානියක් වන්නට ඉඩ නොදුන් වර්ෂාවේ මැදිහත් වීම නිසා තරගය විසඳුමකින් තොරව අතහැර දැමීමට සිදුවිය.

ශ්‍රී ලංකාව 
කුසල් පෙරේරා –  ඇ. බට්ලර් ප. ප්ලන්කට්  9
ධනුෂ්ක ගුණතිලක – ප. විලී  1
කුසල් මෙන්ඩිස් – ඇ. හේල්ස් ප. ප්ලන්කට් 53
දිනේෂ් චන්දිමාල් – ඇ. ජෝර්ඩ්න් ප. වෝක්ස්  62
ඇන්ජලෝ මැතිව්ස් – ඇ. බට්ලර් ප. ජෝර්ඩ්න්   56
සීකුගේ ප්‍රසන්න – ඇ. බෙයාර්ස්ටෝ ප. ප්ලන්කට් 2
උපුල් තරංග – ප. වෝක්ස්  41
දසුන් ශානක – දුවද්දී දැවී ගියා   2
ෆර්වීස් මහරුෆ් – ඇ. බෙයාර්ස්ටෝ ප. වෝක්ස් 9
සුරංග ලක්මාල් – නොදැවී  3
නුවන් ප්‍රදීප් – නොදැවී 2
අතිරේක (පා-4, ව-5) 9
එකතුව ඕවර 50 කදී කඩුලු 9 ක්  දැවී  248
කඩුලු වැටීම 
1-3 (ගුණතිලක), 2-32 (පෙරේරා), 3-88 (මෙන්ඩිස්), 4-168 (චන්දිමාල්), 5- 171 (ප්‍රසන්න), 6-209 (මැතිව්ස්), 7-215 (ශානක), 8-242 (ෆර්වීස් මහරුෆ්), 9-242 (තරංග)
පන්දු යැවීම
ඩේවිඩ් විලී  10-0-55-1 ව-1
ක්‍රිස් වෝක්ස් 10-1-34-3 ව-1
ලයාම් ප්ලන්කට් 10-0-46-3 ව-1
ක්‍රිස් ජෝර්ඩ්න් 10-0-49-1 ව-2
අදීල් රෂීඞ්  10-0-60-0  
එංගලන්තය 
ජේසන් රෝයි – නොදැවී  5
ඇලෙක්ස් හේල්ස් –  ඇ. චන්දිමාල් ප. ලක්මාල්  0
ජෝ රූට් – නොදැවී 11
අතිරේක 0
එකතුව ඕවර 4 කදී  කඩුලු 1 ක් දැවී 16
කඩුලු වැටීම 
1-1 (හේල්ස්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ඔයින් මෝගන්, ජොනී බෙයාර්ස්ටෝ, ජොස් බට්ලර්, ක්‍රිස් වෝක්ස්, ඬේවිඞ් විලී, ලයාම් ප්ලන්කට්, ක්‍රිස් ජෝර්ඞ්න් සහ අදිල් රශීඞ්
පන්දු යැවීම
සුරංග ලක්මාල් 2-0-8-1  
ඇන්ජලෝ මැතිව්ස්  2-0-8-0  

එංගලන්ත ඉනිම ආරම්භ වීම වර්ෂාව නිසා ප්‍රමාද වූවත් පස්වරු 3.40 ට තරගය ආරම්භ කිරීමෙන් පසුව යැවිය හැකිවූයේ ඕවර 4 ක් පමණි.

පළමු ඕවරයේදීම සුරංග ලක්මාල් හමුවේ දිනේෂ් චන්දිමාල්ට උඩපන්දුවක් දෙමින් ඇලෙක්ස් හේල්ස් ලකුණු නොලබා දැවී ගියේය. ඕවර 4 කදී නැවතත් වර්ෂාව ඇතිවන විට එංගලන්ත පිල කඩුල්ලක් දැවී ලකුණු 16 ක් ලබා සිටි අතර නැවතත් තරගය ආරම්භ කළ නොහැකි විය.
 
දෙවැනි එක්දින තරගය ජයගත් එංගලන්තය මේ වන විටත් 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.
ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 32 ක් තුළදී ක්‍රීඩාගාරයට ආපසු ගොස් සිටි හෙයින් ශ්‍රී ලංකා පිලේ ආරම්භය බෙහෙවින් මන්දගාමී විය. එවන් තත්ත්වයක් තිබියදී කුසල් මෙන්ඩිස් (53) සහ දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව කළ ධෛර්යවත් පිතිහරඹයත් අංක 7 පිතිකරුවා වශයෙන් පැමිණි උපුල් තරංගගේ සටන්කාමී ලකුණු 40 ත් නිසා ශ්‍රී ලංකා පිල ලකුණු 250 සීමාව අසන්නට පැමිණියේ පන්දු යවන්නන්ට කිසියම් බලාපොරොත්තුවක් ඇතිකරමිනි.

කුසල් මෙන්ඩිස් (53), දිනේෂ් චන්දිමාල් (62) සහ ඇන්ජලෝ මැතිව්ස් (56) තිදෙනාම දැවී ගියේ 3, 4 සහ 6 වැනි කඩුලු අතර සම්බන්ධතා 55 ක්, 80 ක් සහ 38 ක් ව තිබියදීය. සම්බන්ධතාව ක්‍රමයෙන් දිගහැරෙන විටම පිතිකරුවකු දැවීයාම හේතුවෙන් පිටියට පිවිසෙන පිතිකරුවාට සියල්ලම අලුතෙන් ආරම්භ කිරීමට සිදුවිය.

සීකුගේ ප්‍රසන්න අංක 6 පිතිකරුවා ලෙසින් පැමිණියද බවුන්සර් පන්දු වලින් ඔහුට උගුල ඇටවීමට එංගලන්ත පන්දු යවන්නන් උපායශීලී වූ බැවින් සීකුගේ නැවතත් අසාර්ථක විය.

ජ්‍යෙෂ්ඨ පිතිකරුවන්ට සිය කඩුලු රැකගැනීමට ඉඩහරිමින් නිර්භයව ලකුණු සොයා ගිය 21 හැවිරිදි කුසල් මෙන්ඩිස් ප්‍රධාන පෙළේ කණ්ඩායමකට එරෙහිව සිය මංගල එක්දින අර්ධ ශතකය ලබාගත්තේය.

අයර්ලන්තයට එරෙහිව පැවැති සිය මංගල එක්දින තරගයේදීත් අර්ධ ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස් ටෙස්ට් මට්ටමේ පන්දු යවන්නන් පිරිසක් හමුවේ ලබාගත් පළමු වැනි එක්දින අර්ධ ශතකයට හතරේ පහර 5 ක් සහ හයේ පහරක් ඇතුළත් කළ අතර ලයාම් ප්ලන්කට්ගේ පන්දුවකට පුල් පහරක් ගැසීමට යාමේදී හතරේ සීමාව අසළ සිටි ඇලෙක්ස් හේල්ස්ට උඩපන්දුවක් ලැබීමෙන් දැවී ගියේය.

කුසල් පෙරේරා සිටියේ තමන්ට රිසි සේ ලකුණු ලබාගත නොහැකි වීමේ අසහනයෙනි. මුහුණ දුන් 22 වැනි පන්දුවට ගැසූ වේගවත් පහරකින් ඇදී ගිය උඩපන්දුවක් පන්දු යැවූ ක්‍රිස් වෝක්ස්ගේ දෑතින් ලෙස්සා යන විට ඔහු ලබා සිටියේ ලකුණු 9 ක් පමණි. ලද වාසනාවෙන් ප්‍රයෝජනයක් ගත නොහැකි වූ වමත් පිතිකරුවා ඊළඟ ඕවරයේදී ලයාම් ප්ලන්කට් හමුවේ ගැසූ පහරකින් පන්දුව එකතැන ඉහළ ගොස් පැමිණ ජොස් බට්ලර්ගේ අත් ආවරණ අතර සැඟවී ගියේය.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය. ඬේවිඞ් විලීගේ පන්දුවකට නිදැල්ලේ යාමට අවසර දුන් ධනුෂ්ක ගුණතිලකගේ කඩුල්ලට පන්දුව කඩාවැදීමෙන් ඔහුගේ ඉනිම ලකුණකට පමණක් සීමා විය.

 

රෝයි – හේල්ස් එංගලන්තය දිනවති

විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ජේසන් රෝයි (නොදැවී 112) සහ ඇලෙක්ස් හේල්ස් (නොදැවී 133) ආරම්භක පිතිකරු යුගලය, ශ්‍රී ලංකාවට එරෙහිව බර්මින්හැම්හිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් එංගලන්ත පිලට කඩුලු 10 ක විශිෂ්ට ජයක් අත්කර දීමට ඊයේ (24 වැනිදා) සමත් විය. ලකුණු 255 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 34.1 කදී කිසිවකු නොදැවී එම ඉලක්කය පසුකිරීමට සමත් වූහ. 

ශ්‍රී ලංකාව 
කුසල් පෙරේරා – දුවද්දී දැවී ගියා   37
ධනුෂ්ක ගුණතිලක – ඇ. බට්ලර් ප. ප්ලන්කට්   22
කුසල් මෙන්ඩිස් – ක.මු.කළා ප. ප්ලන්කට්  0
දිනේෂ් චන්දිමාල් – දුවද්දී දැවී ගියා   52
ඇන්ජලෝ මැතිව්ස් – ඇ. ප්ලන්කට් ප. රෂිඩ්   44
සීකුගේ ප්‍රසන්න – ඇ. විලී ප. රෂිඩ්   2
උපුල් තරංග – නොදැවී  53
ෆර්වීස් මහරුෆ් – ප. විලී  2
සුරාජ් රංදීව් – නොදැවී  26
අතිරේක (පා-13, ව-2, අ-1) 16
එකතුව ඕවර 50 කදී කඩුලු 7ක්  දැවී  254
කඩුලු වැටීම 
1-39 (ගුණතිලක), 2-47 (මෙන්ඩිස්), 3-77 (පෙරේරා), 4-159 (මැතිව්ස්), 5-163 (ප්‍රසන්න), 6-188 (චන්දිමාල්), 7-191(මහරුෆ්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල්
පන්දු යැවීම
ඩේවිඩ් විලී  10-0-65-1  
ක්‍රිස් වෝක්ස් 8-0-36-0 ව-1
ලයාම් ප්ලන්කට් 10-0-49-2 ව-1
මුයින් අලී 9-0-41-0  
අදීල් රෂීඞ්  10-0-34-2  
ජෝ රූට්  3-0-15-0  
එංගලන්තය 
ජේසන් රෝයි – නොදැවී  112
ඇලෙක්ස් හේල්ස් – නොදැවී  133
අතිරේක (පා-3, ව-8) 11
එකතුව ඕවර 34.1 කදී කිසිවකු නොදැවී 256
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ජෝ රූට්, ඔයින් මෝගන්, ජොනී බෙයාර්ස්ටෝ, ජොස් බට්ලර්, මුයින් අලී, ක්‍රිස් වෝක්ස්, ඬේවිඞ් විලී, අදීල් රෂීඞ් සහ ලයාම් ප්ලන්කට්
පන්දු යැවීම
ෆර්වීස් මහරුෆ් 7-1-47-0 ව-4
සුරංග ලක්මාල් 5-0-21-0 ව-2
සුරාජ් රංදීව් 8-0-62-0  
නුවන් ප්‍රදීප් 4-0-31-0 ව-1
සීකුගේ ප්‍රසන්න  8.1-0-78-0 ව-1
ධනුෂ්ක ගුණතිලක 2-0-14-0  

කිසිවකු නොදැවී ඉලක්කයක් හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට එංගලන්ත පිල සමත් වූ අතර මින් පෙර සිම්බාබ්වේ පිලට එරෙහිව නවසීලන්තය පිල විසින් මෙම වාර්තාවට හිමිකම් කීය.

 එංගලන්තය වෙනුවෙන් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ලබාගත් වැඩිම ලකුණු සම්බන්ධතාව වාර්තා කිරීමටද ජේසන් රෝයි සහ ඇලෙක්ස් හේල්ස් අද සමත් වූහ.

පන්දු 92 කදී දෙවැනි එක්දින ශතකය වාර්තා කිරීමට ජේසන් රෝයි සමත් වූ අතර හතරේ පහර හයක් සහ හයේ පහර හතරකින් ඔහුගේ ඉනිම අලංකාර වූ අතර අර්ධ ශතකය පන්දු 55 කදී වාර්තා කිරීමට සමත් වූයේය.

31 වැනි ඕවරයේදී ෆර්වීස් මහරූෆ්ගේ පන්දුවකට ඇලෙක්ස් හේල්ස් විසින් පහසු උඩපන්දුවක් ලබාදුන් අතර අවසන් මොහොතේදී කඩුල්ලක් දවාගැනීමට තිබූ අවස්ථාව ධනුෂ්ක ගුණතිලක මගහැර ගත්තේය.

සීකුගේ ප්‍රසන්න යැවූ 29 වන ඕවරයේදී ලකුණු 27 ක් (1, 4, 4, 6, 6, 6) උදුරා ගැනීමට ඇලෙක්ස් හේල්ස් සහ ජේසන් රෝයි සමත්වූ අතර එම ඕවරයේදීම තුන්වන එක්දින ශතකය පන්දු 91 කදී වාර්තා කළ ඇලෙක්ස් හේල්ස්ගේ ඉනිම හතරේ පහර නවයකින් සහ හයේ පහර තුනකින් අලංකාර විය. අර්ධ ශතකය පන්දු 55 කදී වාර්තා කිරීමට ඔහු සමත් විය.

ලකුණු 191 කට කඩුලු 7 ක් දැවී ඉතා අසීරු අවස්ථාවක සිටි ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු ඉහළ නංවමින්  අටවැනි කඩුල්ල සදහා පන්දු 56 කදී ලකුණු 63 ක නොබිදුණු සම්බන්ධතාවයක් පැවැත්වූ උපුල් තරංග සහ සුරාජ් රන්දීව් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේදී කඩුලු 7 කට ලකුණු 254 ක් දක්වා රැගෙන යාමට සමත් වූහ.

ආරම්භ පිතිකරුවකු වශයෙන් මීට පෙර කටයුතු කළ උපුල් තරංග මෙම තරගාවලියේදී අංක හත පිතිකරු වශයෙන් පිටියට පැමිණි අතර අද ලබාගත් අර්ධ ශතකයත් සමගින් තමන්ට ඕනෑම ස්ථානයක ක්‍රීඩා කළ හැකි බව ඔප්පුකර පෙන්වීය. පන්දු 49 කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් තරංගගේ ඉනිම අලංකාර වූ අතර අර්ධ ශතකය පන්දු 46 කදී වාර්තා කිරීමට සමත්වූයේය.

ඉතා අවාසනාවන්ත අන්දමින් ලකුණු 52 ක් රැස්කර සිටි දිනේෂ් චන්දිමාල් දුවද්දී දැවීයාමකට හසුකරගැනීමට ජේසන් රෝයි සමත්විය. දිනේෂ් චන්දිමාල් පන්දු 80 කදී අර්ධ ශතකය වාර්තා කළ ඊට හතරේ පහර තුනක් ඇතුලත් විය.

පළමු එක්දින තරගයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සීක්කුගේ ප්‍රසන්නට එරෙහිව සැලසුම් සහගතව පිටියට පිවිසි එංගලන්ත පන්දුයවන්නෝ සාර්ථක ප්‍රතිඵල නෙලාගනිමින් සීක්කුගේ ප්‍රසන්නව යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත්වූහ. අදිල් රෂීඞ් යැවු පන්දුවකට ඬේවිඞ් විලි රැකගත් විශිෂ්ට උඩපන්දුව හේතුවෙන් සීක්කුගේ ප්‍රසන්නට ලබාගත හැකිවූයේ ලකුණු දෙකක් පමණි.

කුසල් ජනිත්ගේ දැවීයාමත් සමගින් දිනේෂ් චන්දිමාල් හා එක්වු නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයේ බර කරට ගනිමින් සිව්වන කඩුල්ල සදහා ලකුණු 82 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූ අතර පිට පිට තරග හතරකදී ලකුණු 50 ට වැඩියෙන් ලකුණු සම්බන්ධතා පැවැත්වීමට චන්දිමාල් සහ මැතිව්ස් සමත්වී ඇත. ඇන්ජලෝ මැතිව්ස් දැවීයන විට පන්දු 54 කදී හතරේ පහර තුනක් සමගින් ලකුණු 44 ක් ලබාසිටියේය.

දිනේෂ් චන්දිමාල් සමග එක්ව තරගයේ බර කරටගත් කුසල් ජනිත් අවාසනාවන්ත අන්දමින් දුවද්දී දැවීයාමකට හසුකර ගැනීමට ජේසන් රෝයි සමත්වූ අතර දැවී යනවිට කුසල් ජනිත් ලකුණු 37 ක් රැස්කර ගැනීමට සමත්විය.
නැවතත් ක්‍රීයාත්මකවූ ලයාම් ප්ලන්කට්ගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවූ කුසල් මෙන්ඩිස් පළමු වරට එක්දින තරගයකදී ලකුණු නොලබාම දැවී ගියේය.

ආරම්භක පිතිකරු යුගලය තරගය ආරම්භයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළද පසුගිය තරගයේදී ශ්‍රී ලංකා පිලේ ජය මාවත ඇහුරූ ලයාම් ප්ලන්කට්ගේ පන්දුවකට කඩුලු රකින ජොස් බට්ලර්ගේ අතට උඩපන්දුවක් ලබාදෙමින් ධනුෂ්ක ගුණතිලක ලකුණු 21 කට දැවී ගිය අතර පන්දු 21 කට මුහුණදී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් එල්ල කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා පිලේ එක් වෙනස්කමක් කරමින් තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක වෙනුවට පිට දඟ පන්දු යවන සුරාජ් රන්දීව් කණ්ඩායමට කැඳවා ඇති අතර 2014 නොවැම්බර් මාසයෙන් පසුව ජාත්‍යන්තර තරගයකට රන්දීව් සහභාගීවී වන පළමු අවස්ථාව වෙයි.

පළමු තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ වෙනස්කමක් නොකිරීමට එංගලන්ත පිල කටයුතු කර ඇත. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීම තෝරා ගත්තේය.

 

 

මැතිව්ස්ගේ සහභාගිත්වය තවමත් අවිනිශ්චිතයි

බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේදී ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව පරීක්‍ෂාකර බැලීමෙන් පසුව එහි අගය 70% ක් යයි ප්‍රකාශ වීම නිසා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම විපිළිසරව සිටී.

එජ්බැස්ටන්හිදී අද (24 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගය සඳහා මැතිව්ස් ක්‍රීඩා කරන්නේද නැද්ද යන්න පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක සිටී.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු එක්දින තරගයේදී මැතිව්ස් පාදයේ කලව පිටුපස ආබාධයකට ලක්විය. මෙම තරගයේදී අගනා පිතිහරඹයක නිරත වු මැතිව්ස් ලකුණු 73 ක් ලබාගත් නමුත් තරගයේ අවසන් පන්දුවට හයේ පහරක් ගැසූ ලයාම් ප්ලන්කට් තරගයේ ලකුණු සම කළේය.